Chrishanthas Medical Center

Chrishanthas Medical Center "Caring for Life"

29/08/2024

"Caring for Life"

Looking for a new workplace? 🕵️‍♀️We got a few vacancies available for you. if you think you are a suitable candidate, C...
26/04/2023

Looking for a new workplace? 🕵️‍♀️
We got a few vacancies available for you.

if you think you are a suitable candidate, Contact us through
+94773838633

සතුට සහ සිනහව පිරි උතුම් නත්තලකට ක්‍රිශාන්තස් මෙඩිකල් වෙතින් සුබ පැතුම්. 🧡
24/12/2022

සතුට සහ සිනහව පිරි උතුම් නත්තලකට ක්‍රිශාන්තස් මෙඩිකල් වෙතින් සුබ පැතුම්. 🧡

Happy Independence to all Sri Lankans
04/02/2022

Happy Independence to all Sri Lankans

Meet over 25 consultant doctors at one place. ඔබට අවශ්‍ය සියලුම වෛද්‍යවරුන් දැන් ක්‍රිෂාන්තස් වෛද්‍ය මධ්‍යස්ථානයෙන් හමු ...
21/01/2022

Meet over 25 consultant doctors at one place.

ඔබට අවශ්‍ය සියලුම වෛද්‍යවරුන් දැන් ක්‍රිෂාන්තස් වෛද්‍ය මධ්‍යස්ථානයෙන් හමු විය හැක.

ආරක්ෂාවෙන් පිරිපුන් වාසනාවන්ත සුබ නව වසරක් වේවා!
31/12/2021

ආරක්ෂාවෙන් පිරිපුන් වාසනාවන්ත සුබ නව වසරක් වේවා!

Wishing you a Christmas full of happiness and peace. සතුටින් සහ ආරක්ෂාවෙන් පිරි සුබ නත්තලක් වේවා!
25/12/2021

Wishing you a Christmas full of happiness and peace.

සතුටින් සහ ආරක්ෂාවෙන් පිරි සුබ නත්තලක් වේවා!

05/05/2021

#කොවිඩ්_පොසිටිව්ද?

PCR හො RAT එකකින් ඔබ කොවිඩ් 19 ආසාදිත රෝගියෙක් කියලා දැන ගත්තාම කලයුත්තේ කුමක්ද ?

පරීක්ෂණය කළේ රජයේ මැදිහත් වීම මගින් නම් MOH ඒ හරහා දැනුවත් වනවා. පුද්ගලික අංශය නම් ඔබ ඔහුව දැනුවත් කරන්න .
(මහජන සෞඛ්‍ය මහජන පරීක්ෂක මහතා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුවත් කරන්න)

නිවසේ නිරෝධායනය විය හැකි හෝ නොහැකි බව MOH වෛද්‍යවරයා තීරණය කරනු ඇත.
නිවසේ නිරෝධායනය වන ඔබට යම් අසනීප තත්ත්වයක් හෝ අපහසුතාවයක් ඇත්නම් ,සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 කියන අංකයට කතා කරන්න. 1990 සුවසැරිය ගිලන්‍ රථ සේවයේ උපකාරය ගන්නත් පුළුවන් .

නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යන බව ඔබට කිව්වොත් ඒ සඳහා සූදානම් වන්න.
එතෙක් නිවසේ අන් අය සමඟ හැකිතාක් දුරස්ථ වන්න ⚡⚡⚡
නිවැසියන්ගේ PCR එකට දිනයක් ඉල්ලා ගන්න.

තවමත් සෞඛ්‍ය අංශ මගින් ඔබව හැකිතාක් දුරට රෝහලක වෛද්‍ය කණ්ඩායමක වගකීම යටතට ගන්නවා.
මෙතනදී ඔබ යොමු කරන රෝහල හෝ තාවකාලික රෝහල් පරිශ්‍රයේ ඇති අඩුපාඩු පමණක් මූලික කරගෙන ගැටුම් ඇති කරගන්නට එපා‼️
මොකද අප පවා රාජකාරි කරන්නේ ඉතා අවම පහසුකම් යටතේ.

#ගමන්_බෑගය හෙවත් " #කොරෝනා_මල්ල"

පහුගිය කොවිඩ් කාලයේ අපේ රෝහලේ හැම කෙනා ගාවම කොරෝනා මල්ලක් තිබුනා. සාමාන්‍යයෙන් නම් වෙනත් සංකූලතා ඇති නොවූවහොත්, PCR කල දිනයේ සිට දින 10 ක කාලයක් ඔබට නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදු වනවා ඇති .මොනවද ඔබ ගෙන යා යුත්තේ ?

⚡සැහැල්ලු ඇඳුම්

ඔබේ ඇඳුම් පුලුස්සා විනාශ නොකරන අතර ඔබ විසින් ඒවා පිරිසිදු කරගත යුතු වනවා. පහසුවෙන් සෝදා වේලා ගත හැකි සැහැල්ලු ඇඳුම් රැගෙන යන්න.

⚡කොට්ටයක් සහ බෙඩ්ශීට් දෙකක්

නිරෝධායනය සඳහා ඔබ ගෙන යාමට පැමිණෙන තෙක් ආසන්න ආහාර වේල ගෙන තවත් ආහාර වේලක් සූදානම්ව තබා ගන්න.
අමතර ආහාර (බිස්කට් පැකට් කීපයක් වැනි) බෑගයට දාගන්න.

⚡ඔබ සායනයකට සහභාගි වනවා නම් ඒ සායන පොත්, පරීක්ෂණ වාර්තා සහ ඔබේ දිනපතා ගන්නා බෙහෙත් සති දෙකක කාලසීමාවට ඇතිවන පරිදි ගෙන යන්න.

⚡හැඳුනුම්පත සහ හදිසි අවස්තාවක සම්බන්ධ කරගත හැකි දෙදෙනෙකුගේවත් ලිපිනයන් සහ දුරකතන අංක.

⚡මාස්ක් ,ෆේස් ශීල්ඩ් ,සැනිටයිසර්
වාට්ටුව හෝ නිරෝධායන මධ්‍යස්ථානය තුල ඔබේ පුද්ගලික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න.

⚡දුරකතනය සහ චාර්ජර් එක.

⚡සෙරෙප්පු කුට්ටමක්.

⚡පිඟාන, කෝප්පය සහ හැන්දක්

⚡දත් බුරුසුව සහ සබන්

⚡කියැවීමට පොත්, පත්තර කීපයක්.

⚡කාන්තාවක් හෝ මවක් නම්,
ඩයපර්, සනීපාරක්ෂක තුවා සහ ඔබේ පුද්ගලික අවශ්‍යතා ගැන කල්පනාකාරී වෙන්න. ඔබ දරුවෙක් සමඟ මධ්‍යස්ථානයට යනවා නම්,
දරුවා සමඟ සති දෙකකට ආසන්න කාලයක් රැඳීම සඳහා දරුවාගේ අවශ්‍යතා මෙන්ම දරුවා කාර්‍යබහුලව තබා ගැනිමට යම් උපක්‍රම රැගෙන යන්න.
උදාහරණයක් විදියට පැස්ටල් පෙට්ටියක්, ක්ලේ, පාට පැන්සල්, පොත් සහ දරුවාගේ ප්‍රීයතම සෙල්ලම් බඩු කීපයක්.

⚡ඔබේ වයස්ගත දෙමාපියෙක් සමඟ ඔහුගේ උපකාරයට යනවා නම්, ඔවුන් සඳහා වන අවශ්‍යතා සම්පූර්ණ කරගෙන යන්න. රෝගී තත්ත්වයක් ඇත්නම් ඒ ගැන අවබෝධයක් ඇතිව යන්න. වෛද්‍යවරයා ඔබෙන් ප්‍රශන කරන නිසා.

⚡මුදල්

ඔබේ මුදල් උපයෝගි කරගෙන කාර්‍යමණ්ඩලය හරහා කිසිවක් මිලදි ගත නොහැකිවන නිසා ඔන්ලයින් ක්‍රම භාවිතා කරන්න උත්සාහ කරන්න. එසේත් නැතිනම් ඔබේ හිතමිතුරන්ට ඒ බව දැනුම් දී ඔබේ අඩුපාඩු පියවා ගන්න.
වටිනා උපකරණ, මුදල්, ආභරණ රෝහල් පරිශ්‍රයට ගෙන එන්න එපා‼️

⚡⚡⚡(අවශ්‍ය නම් පමණක්)
උණුවතුර බෝතලයක්, හීටරයක් සහ තේ සෑදීමට අවශ්‍ය දේ.
ටෝච් එකක් / ඉටිපන්දමක් ගිනි පෙට්ටියක්.

මීට අමතරව ඔබ දැන ගත යුතු දේ...

1) #රෝහලේදී

ප්‍රතිකාර ක්‍රම මධ්‍යස්ථානය අනුව වෙනස් විය හැකි අතර ඔබේ සෞඛ්‍ය තත්ත්වය අනුව ප්‍රාථමික, ද්වීතික සහ තෘතික මධ්‍යස්ථානයකට යොමු කරනු ඇත. සාමාන්‍යයෙන් නම් දිනපතා දෙවරක් ඔබේ සෞඛ්‍ය තත්ත්වය වාට්ටුවට පැමිණෙන හෙදි සොයුරියක් මගින් හෝ පුහුණු කල පුද්ගලයකු මගින් කෙරෙන අතර ඒ සඳහා ඔබේ සහයෝගය ලබා දෙන්න. රුධිර පීඩනය ඇතුලු අත්‍යාවශ්‍ය දත්ත කීපයක් ඔබෙන් එසේ ලබා ගන්නවා ඇත.

2) #කොන්කර_නැත

මෙය භයානක රෝගයක්. ලංකාවේ සෞඛ්‍ය කාර්‍යමණ්ඩලය ඉතා අවම බව ඔබ දන්නා කරුණක්. එනිසා වාට්ටුවේ නිකරුනේ නොගැවසෙන බවත් අත්‍යාවශ්‍ය අවස්ථාවක ඔබ පරීක්ෂා කිරීමට සම්පූර්ණ ඇඳුම් කට්ටලයකින් සැරසී ඔබ අසලට ඒමට කිසිදු රෝහල් සේවකයකු අදිමදි නොකරන බවත් තරයේ සිහි තබා ගන්න.
එසේ සැරසි ඒමේ වැදගත්කම ඔබ අවබෝධ කරගත යුතුයි.

3) #දරුවන්_සහ_මව්වරුන්

අම්මා පොසිටිව් වී දරුවන් නෙගටිව් වූ අවස්ථාවන් හිදී පවා
(මව දැඩි සත්කාර ඒකකයේ / අසාධ්‍ය නොවේ නම්) මව සහ දරුවන් එකට රඳවනවා.

4) #ආහාර

වැඩිහිටියන් සඳහා අධිප්‍රෝටීන් ආහාර වේල් තුනක් සහ අමතර ආහාරපාන ලෙස කොත්තමල්ලි ,සුප් ලබා දෙනවා.
මෙම ආහාර, රජයේ සහතිකය යටතේ ලබා ගත් ආහාර සපයන්නන් විසින් සකසා දෙනවා.

5) #බෙරිබත ( අවුරුදු 3 ට අඩු ආහාර)

මෙතනදි මම අවුරුදු තුන සීමාව සඳහන් කලේ රෝහල් සැලසුම් අනුව වැඩිහිටි ආහාර යටතට දරුවන් ගැනෙන්නේ අවුරුදු තුනෙන් පසුව නිසා. ඔබේ කුඩා දරුවා ආහාරයට ගන්නේ බෙරි බත නම් කිසිදු ගැටලුවකින් තොරව එය සකසා දෙනවා. නමුත් ක්‍රියාකාරී වනතෙක් මුල් දිනය සඳහා ඔබ යම් සැලසුමක් සකසා තබා ගන්න.
පසුව දරුවා වෙනුවෙන් චොකලට් සහ කිරිපැකට් හෝ දරුවා ප්‍රිය කරන දේ පවා ලබා දෙන්නට විශේෂ ඩයට් එක හරහා හැකියි.

6) #ඩයපර්_සහ_ඉවතලන_දෑ.

ඔබට බාහිර රෝග ලක්ෂණ කිසිවක් නැති උනත් ඔබගේ ශරීරයේ වෛරස ක්‍රියාත්මක නිසා ඔබ කන ආහාර, ඔබ කට සෝදා දමන වතුර සියල්ල ආසාදිත ලෙස එසේත් නැත්නම් රෝග කාරක ලෙස ක්‍රියා කරන්න පුළුවන් . එනිසා නාන කාමරය පමණක් සෙම්සොටු කෙල දැමීමට පාවිච්චි කරනවා වගේම ඉවත ලන සියල්ල කුනු කූඩයට දමා පියන වසා තබන්න.
සෞඛ්‍ය කාර්‍යමණ්ඩලය විසින් සවස් කාලයේ එය පුච්චා දමනු ඇති.

7) #ඉවසීම

හැකිතාක් ඉවසීමෙන් කටයුතු කරන්න.
මේ ඔබත් මමත් අපි සැවොම අධි පීඩනයකින් ගත කරනා කාලයක්.
එනිසා ඉවසිමෙන් ඔබේ ආරක්ශාව සපයා ගන්නා ගමන් අන් අයගේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන්න.

8) #ටිකට් කැපූ පසු

හැකිනම් ඔබ පොදු ප්‍රවාහන මාධ්‍යක් භාවිතා නොකර පුද්ගලික ක්‍රමයක් යොදා ගන්න.මේ සමාජ යහපත පිණිසයි. ඔබේ කාලසීමාව ගත වු පසු ඔබට ඩයග්නෝසිස් කාඩ් පතක් ලැබෙන අතර අවශ්‍ය නම් පමණක් නිවසේදී ගැනීමට බෙහෙත් ලබා දෙනු ඇත. ඔබේ නිදන්ගත රෝග සඳහා වන බෙහෙත් වල යම් වෙනස් කම් සිදු කලා නම් ඒ ගැන වෛද්‍යවරයා ගෙන් විමසන්න. දින දහයෙන් ටිකට් කැපුවා නම්, ඔබ තවත් දින හතරක් නිවසේ නිරෝධායනය විය යුතුයි. ඒ දින හතරෙන් පසු ඔබේ සායන වෛද්‍යවරයා අවශ්‍යතාව මත හමුවෙන්න .

පෝස්ට් එක නිවැරැදි කිරීමට උපකාර කල
Dr. Upeka Mettananda බොහොම පින්..
Samadhi
Dr. Sanjeevani Pathirane

Regular health check-ups can help you to diagnose your illnesses early and take all precautions to keep yourself healthy...
20/04/2021

Regular health check-ups can help you to diagnose your illnesses early and take all precautions to keep yourself healthy.

Check our medical packages.

May Pongal fill your life with sweetness! I pray that this festival may be the start of your brighter days filled with h...
14/01/2021

May Pongal fill your life with sweetness! I pray that this festival may be the start of your brighter days filled with happiness, good luck, and prosperity.

ඔබ සැමට සෞභාග්‍යවත් තෛපොංගල් මංගල්‍යයක් වේවා!

ඔබ සැමට වාසනාවන්තව සුබ අලුත් අවුරුද්දක් වේවා!Wishing you all a new year filled with joy and happiness.
31/12/2020

ඔබ සැමට වාසනාවන්තව සුබ අලුත් අවුරුද්දක් වේවා!

Wishing you all a new year filled with joy and happiness.

Wishing you and your family health, happiness, peace and prosperity this Christmas and in the coming New Year.- From Chr...
24/12/2020

Wishing you and your family health, happiness, peace and prosperity this Christmas and in the coming New Year.

- From Chrishanthas Medical Center

Address

Godawala Junction
Marawila
61210

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 08:00 - 20:00

Telephone

+94322250899

Alerts

Be the first to know and let us send you an email when Chrishanthas Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Chrishanthas Medical Center:

Share