NALAKA PHARMACY

NALAKA PHARMACY HEALTHY LIFE WITH LIFE STYLE FOLLOW BY NALAKA PHARMACY

සංඛ විරාජ් හෙට්ටිආරච්චි  මල්ලි  සහ Nalaka pharmacy marawila  අධිපති  Nalaka Dasun Liyanage  මල්ලිගේ  සැලසුම  නිසා ලැබුනු...
08/12/2025

සංඛ විරාජ් හෙට්ටිආරච්චි මල්ලි සහ Nalaka pharmacy marawila අධිපති Nalaka Dasun Liyanage මල්ලිගේ සැලසුම නිසා ලැබුනු පිං කාර අවස්තාවක්. ස්තූතී මල්ලී. සෞඛ්‍ය සේවාව පැත්තෙන් තියන ඕනම සමාජ සේවවකට අපි ඉන්නවා. Nalaka pharmacy .

06/12/2025

පාචනය (Diarrhea )

🔴පවතින ගංවතුර තත්වය හේතුවෙන් පාචනය වැනි රෝග ඔබ අතර පැතිර යා හැකියි .පාචනය යනු දිනකට 3 වරක් හෝ ඊට වැඩි වරක් දියරමය මල පහ විටින් විට පිට කීරීමයි.සාමාන්‍ය මල පහ පිට කීරීමකදී අපගේ අර්ඩව ජීරණය වූ ආහාරයේ ඇති(මල) ජලය මහාන්ත්‍රය මගින් අවශෝෂණය කර ගන්නා අතර මෙම රෝග තත්වයේදී ශරීරයේ ඇති ජලය හා අයන මහාන්ත්‍රය හරහා ගමන් කිරීමේ දී මල වලට අවශෝෂණය වීම සිදුවේ.

📍salmonella spp | shigella |Campylobactor | E.coli බැක්ටීරියා හා protozoa හා Entamoeba histolytica ආදී පරපොෂිතයන් මේ සදහා හේතු වේ.

🔴රෝග ලක්ෂණ

🔷දියරමය මල පහ විටින් විට පිට කීරීම

🔷උදරයේ වේදනාව,

🔷කරකැවිල්ල

🔷හිසදරය

🔷උණ

🔷වමනය හෝ ඔක්කාරය

🔷ශරීර ස්කන්ධය අඩු වීම

🔷ආහාර අරුචිය ආදී රෝග

⛔ නමුත් අර්ඩ ඝන මල පහ දිනකට කිහිප වරක් පිට කීරීම පාචනය රෝග තත්වයක් නොවේ.

⛔සැ.යු -ඉහත රෝග ලක්ෂණ සමග දියරමය මල සමග ලේ පිටවීමක් සිදු වන්නේ නම් එය අතීසාරය විය හැක.

⛔මෙම රෝගය බැක්ටීයා,වෛරස් හා පරපෝෂිත ජීවීන් හරහා බෝවීම සිදුවේ.මෙම රෝගයේදී දියරමය මල පහ වැඩි වශයෙන් පිට වීම නිසා දේහය විජලනය වීම සිදුවේ.මෙහිදී දේහයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය අයන වන සෝඩියම්,ක්ලෝරයිඩ් ,පොටෑසියම් ,බයිකාබනේට් වැනි අයන දේහයෙන් මල පහ,දාඩිය,වමනය,මුත්‍රා,ප්‍රාශ්වාස ක්‍රියාවලි හරහා පිට වීම සිදුවේ.මෙහිදී ප්‍රඩාන වශයෙන් දේහය විජලනය වීම සිදුවේ.මෙම රෝගයේදී කුඩා දරුවන් වැඩි වශයෙන් මිය යාම සිදු වන්නේ මන්ද පෝෂණය වැනි පෝෂණ ගැටලු උග්‍ර වීම හේතුවෙනි.

⛔විජලනයෙන් ශරීරය ආරක්ෂා කර ගැනීමට (ORS)ජීවනී හා සින්ක් පෝෂණ අතිරේකය වෛද්‍ය නිර්දේශ මත ලබා ගැනීම කල යුතුය.

🔴රෝගය බෝවන ක්‍රමය-

📌️ප්‍රඩාන වශයෙන් ආසාඩිත මල මගින් දූහනය වූ ආහාර හා ජලය මගින්

📌️ආසඩිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවීම සිදුවේ.(person to person )

රොගයෙන් ආරක්ෂා වීමට ඔබ පිළිපැදිය යුතු කරුණු

📌️මිනිස් අසූචි මගින් දූෂණය නොවූ ආරක්ෂිත ජලය හොදින් උණු කර (නටන උෂ්ණත්වයේ විනාඩි 5 ක් වත් අවම තබන්න.) පානය කීරීම

📌️වැසිකිළි යාමේන් පසු දෑත් සබන් යොදා හොදින් දෑත් සොදා ගැනීම.

📌️හොද සනීපාරක්ෂක පුරුදු අනුගමනය කීරීම කල යුතුයි.

📌️පිසීමට භාජනය නොකරන(උෂ්ණත්වට භාජනය නොකරන)ආහාර ගලා යන ජලයෙන් කිහිපවරක් සෝදා හොදින් පිරිසිදු කර ගැනීම.

🔴පාචනය රෝගය වැළදුන පුද්ගලයන් සදහා සුදුසු
ආහාර

🔷කෙසෙල්
🔷යෝගට්
🔷තම්බන ලද අර්තාපල් අල
🔷බිත්තර
🔷පොල්වතුර
🔷සුප් වර්ග

🔴රෝගී කාල වකවානුවේ නොගත යුතු ආහාර.

🔷තෙලින් බදින ලද ආහාර
🔷කෝපි හා කැෆේන් අන්තර්ගත පාන වර්ග
🔷බීම වර්ග
🔷ක්ෂණික ආහාර(ෂෝටිස් වැනි)
🔷අමු ආහාර
🔷අඩික මිරිස් අන්තර් ගත ආහාර
🔷අයිස් ක්‍රීම්

🔴අඩික ගංවතුර තත්වය හේතුවේන් ඔබටත් පාචනය රෝගී තත්වය වැලදීමේ සම්භාවිතාවක් ඇත.ඔබ රැකවරණ කදවුරක සීටී නම් ඔබ පොදු සනීපාරක්ෂක පහසුකම් භාවිතා කීරීමට සිදු වන අතර එවිට ආසාඩිත පුද්ගලයෙකුගෙන් ඔබට එම රෝගය බෝ විය හැක.එම නිසා නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න.

🔴Prevention is better than cure🫂

සැ.යු-හොදින් මතක තබා ගන්න මෙවනි අවස්තාවක ඔබ හොදින් ජලය/ජීවනී වැනි දියරමය පාන වර්ග පානය කීරීම කල යුතු අතර පොෂදායී ආහාර වට්ටෝරුවක් ගැනීමද කල යුතු වේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂක
හිගුරුකඩුව

https://www.facebook.com/share/1A73vFo7Bp/
06/12/2025

https://www.facebook.com/share/1A73vFo7Bp/

⛈️⛈️.අකුණු අකුණු ⛈️⛈️
=====================

තවමත් අකුණු හා අකුණු අනතුරු ගැන අපේ රටේ මිනිස්සුන්ට ලොකු අවබෝධයක් නැති නිසයි මේක ලියන්න හිතුවෙ.

සරලවම කිව්වොත් අකුණක් කියන්නෙ වළාකුළක තියෙන ආරෝපණ භූගත වීමක්. ඒත් වළාකුලකට කොහෙන්ද ආරෝපණ? මතකද පොඩි කාලෙ පෑනක් හිසකෙස් වල පිරිමැද්දම ඇතිවන ස්ථිති විද්‍යුත් ආරෝපණය? ඒ වගේම ස්ථිති විද්‍යුත් ආරෝපණ වලින් තමයි වළාකුලත් චාජ් වෙන්නෙ.

ඒක හුළඟින් ඇතිවන ඝර්ෂණය නිසා ඇතිවෙන්නත් පුළුවන් වළාකුළු 2ක් එකිනෙක ඇතිල්ලීගෙන යද්දි ඇතිවෙන ඝර්ෂණයෙන් වෙන්නත් පුළුවන්. තවත් හේතුවක් තියෙනවා. අහල ඇතිනෙ රත්වූ වාතය / ජලය එහෙම ඉහළ යනවා, සීතල දේවල් පහළට එනව කියල. ඔය තියරියම වළාකුල ඇතුලෙත් සිද්ධවෙනවා.

වළාකුලේ යට හරියෙ තියෙන්නෙ සාපේක්ෂව උණුසුම් ජල වාෂ්ප. වළාකුලේ උඩ හරියෙ තියෙන්නෙ ඉතාම සිසිල් ice crystals. ඉතින් කලින් කිව්වා වගේ ජල වාෂ්ප උඩට යනවා, අයිස් ස්ඵටික යටට එනවා. ඒ එන අතරමගදි මේ දෙගොල්ලො එකිනෙක ඇතිල්ලීගෙනයි එන්නෙ. ඉතින් ඒ ඇතිවෙන ඝර්ෂණය නිසාත් ස්ථිති විද්‍යුත් ආරෝපණ හටගන්නවා.

ආරෝපණ කිව්වම ධන (+) ආරෝපණ සහ ඍණ (-) ආරෝපණ 2ම වළාකුලේ විසිරිලා තියෙනවා. මේ විසිරුණු ආරෝපණ වලින් ධන අරෝපණ ටික වළාකුලේ ඉහළට ගිහින් ඍණ ආරෝපණ ටික පහළට ඇවිත් වළාකුල දෙකට බෙදනවා හරියට බැටරියක උඩ පැත්ත ධන හා යට පැත්ත ඍණ වගේ.

ඇයි වළාකුලේ පොළොවට ලඟ යට පැත්තම ඍණ වෙන්නෙ? මොකද පෘථිවි පෘෂ්ඨය වළාකුලට සාපේක්ෂව ධන ආරෝපිතයි. ධන කෙනා ලඟට ආකර්ෂණය වෙන්නෙ ඉතින් ඊට විරුද්ධ ඍණ කෙනානෙ. හැබැයි මේ ආරෝපණ බෙදීම නිශ්චිතවම වෙන හැටි ගැන තාමත් හොයාගෙන නෑ.

අකුණු වළාකුලක් කිට්ටු වෙද්දි පොළොවෙ තියන ධන ආරෝපණ ටිකත් යකා නටන්න ගන්නවා. මොකද එයත් කැමති සෘණ අයටනෙ. ඉතින් ඒ ධන ආරෝපණ ටිකත් ගස් උඩට, ඇන්ටනා වලට, වහලවල් උඩට, අකුණු සන්නායක උඩට වගේ වළාකුලට ලඟම තැන් වලට පුළුවන් තරම් එකතු වෙනවා. විශේෂයෙන් උල් හා දාර ඇති සන්නායක තුඩු වලට. ගිහින් අර වළාකුලේ තියෙන සෘණ ආරෝපණ තමන් ලඟට එනකල් ආසාවෙන් බලන් ඉන්නවා.

හැබැයි යන්නෙ "පොළොවට සම්බන්ධ" සන්නායක දිගේ.

උදාහරණ : යකඩ දිගේ, කඳු උඩට,

ගස් දිගේ (ගස් ඇතුලෙ වතුර තියෙනවනෙ. වතුර හොඳ සන්නායකයක්),

මිනිස්සු දිගේ (අපේ ශරීරයෙනුත් 70%ක් විතර ජලයනෙ).

අකුණු වළාකුලකට වෝල්ට් "මිලියන" 100කට වඩා වැඩි විභවයක් තියාගන්න පුළුවන්. ඒ වගේම කූලෝම් 5ක 15ක වගේ සෘණ ආරෝපණයකුත් තියෙනවා.

ඉතින් මේ සෘණ ආරෝපණත් අර ඇන්ටනා උඩට වෙලා තමන් එනතුරු බලන් ඉන්න ධන ආරෝපණ ටික දැක්ක ගමන් ඉක්මණට එයාල ලඟට පනිනවා (ප්‍රභල අකුණකට සැතපුම් කිහිපයක් දුරට පනින්න පුළුවන්).

ඕකට තමයි සරළව අකුණක් කියන්නෙ.

අකුණක් හටගන්නෙ එක්කො වළාකුළු 2ක් අතර (එක වළාකුලක සෘණ පැත්ත හා තව වළාකුලක ධන පැත්ත අතර පනින පුළිඟුවක් හෙවත් spark එකක් ලෙස). නැත්තං වළාකුලක් හා පොළොව අතර.

>දැන් ටිකක් කතාවෙ ගැඹුරට යමු.

අකුණු සැරයක උෂ්ණත්වය සෙල්සියස් 20000ට වැඩියි. ඒ උෂ්ණත්වය නිසා අකුණ ගහද්දි ඒ අවට වාතය ක්ෂණිකව ප්‍රසාරණය වෙනවා. ඒක තමයි අපිට අකුණක සද්දෙ විදියට ඇහෙන්නෙ.

ඇයි අකුණක් zigzag ආකාරයට ගමන් කරන්නෙ? මේකත් සිදුවන හැටි තාම හොයාගෙන නෑ. හැබැයි වෙන්නෙ මේකයි. අකුණ ඉතාම ප්‍රභල වුණාට මොලේ කළඳක් නෑ. අකුණ ටික දුරක් පහළට එනවා. ඇවිත් තත්පරයෙන් 1/20000ක පමණ කාලයක් ඔළුව කස කස වටපිට හොයල බලනව කොහෙද පොළොවට සම්බන්ධ ළඟම ධන ආරෝපණය (පොළොවට යන ලේසිම පාර) තියෙන්නෙ කියල. ඒ කාලයෙ තමයි zigzag එකේ තිරස් ඉර හැදෙන්නෙ. ගමනාන්තය හොයාගන්න බැරිවුණොත් ආපහු ටික දුරක් පහළට ඇවිත් ලැජ්ජ නැතුව තව තත්පරයකින් 1/20000ක කාලයක් කස කස හොයනව පොළොවට යන ලේසිම පාර කොහෙද කියල. ඔන්න දෙවනි zigzag එකත් හැදුනා. ඕක පාර හොයාගන්නකන්ම වෙනවා.

ඒ වගේම අකුණක් ගහක මුල් පද්ධතිය වගේ අතු බෙදෙනවා. බෙදිල ගිහින් හොයනව කොහෙද පොළොවට යන ලේසිම පාර කියල. ඒක නම් හැමෝම දැකල ඇතිනෙ.

තව ප්‍රශ්නයක්.. කලින් කිව්ව වගේ වළාකුලෙන් පොළොවට එන්නෙ සෘණ ආරෝපණ. ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන. ඒත් ධාරාව (current) ගමන් කරන්නෙ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවටනෙ. එහෙම නම් ඇත්තටම අකුණ වදින්නෙ අහසින් පොළොවටද? නැත්තං පොළොවෙන් අහසටද?

>Return Stroke

අතු බෙදිලා zigzag හදල ඔක්කොම වැඩ දාලා අකුණ කරන්නෙ පොළොවට තියෙන ළඟම පාර හොයාගන්න එකයි. කොහොමහරි කරල පාර හොයාගෙන ගමනාන්තයට ආවම පොළොවත් වළාකුලත් අතර සෘජු සම්බන්ධයක් හැදෙනවා. දැන් ඉතාම දීප්තිමත් අති ප්‍රභල විදුලි ධාරාවක් (ඇම්පියර් 30000 පමණ) පොළොවේ අකුණ වැදුණු තැන සිට වළාකුලට ඉතාම කෙටි කාලයක් තුල අතු නොබෙදී ගමන් කරනවා. ඉතින් ගෙවල් දොරවල් අළු නොවී තියෙයිද?

>Trip Switch

"අපේ ගෙදර trip switch එක නියමෙට වැඩ. පොඩි අකුණක් ගැහුවත් ඕෆ් වෙනවා" ඕක ඕන තරම් අය කියනවනෙ. කියන්න කණගාටුයි මිත්‍රවරුනි ට්‍රිප් ස්විච් එකේ රස්සාව කිසිසේත්ම අකුණු වලින් පරිපථ බේරාගැනීම කියන දේ නම් නෙමෙයි.

එයා කරන්නෙ මෙහෙම වැඩක්. හිතන්න ඔයාගෙ ගෙදර toilet එකක් නෑ 😛 . දැන් ඔයාගෙ ගෙදරට ටැප් ලයින් එකෙන් "එන වතුර ලීටර් ගානයි" නාලා රෙදි හෝදල කානුවෙන් "යන වතුර ලීටර් ගානයි" අතර වෙනස බැලුවොත් ඒ වෙනසින් එන්නෙ ඔයා බීපු වතුර ලීටර් ගාන නේද? ඔයා අධිකව වතුර බිව්වොත් ඔයාට මොකක්හරි ලෙඩක් හැදෙයි කියල බයට water board එකෙන් ඔයාගෙ ගෙදරට එන water supply එක කපනවා.

ඕකම තමයි ට්‍රිප් ස්විච් එකෙන් වෙන්නෙත්. ගෙදර ඇතුලට Live එකෙන් යම්කිසි ඇම්පියර් ගානක විදුලියක් ගිහින් ගෙදරින් එළියට Neutral එක දිගේ එන්නෙ ඊට අඩු ගානක් නම් ඒ කියන්නෙ කාගෙහරි ඇඟ හරහා විදුලිය භූගත වෙලා (කාටහරි කරන්ට් එක වැදිලා).

ඉතින් Live එකයි Neutral එකයි අතර වෙනස (කරන්ට් එක වැදුනු කෙනා හරහා යන ධාරාව) මිලිඇම්පියර් 30ක් වෙච්ච ගමන් මුළු ගෙදරටම දෙන විද්‍යුත් සැපයුම ක්ෂණිකව විසන්ධි කරනවා. ට්‍රිප් ස්විච් එකේ රස්සාව ඔය ගණන් හැදිල්ල කරල අනතුරකදි ඕෆ් වෙන එක මිසක් අකුණු වලින් බේරන එක නම් නෙමෙයි පුතී.

හත්ඉලව්වේ ඒ වුනාට අකුණු ගහද්දි ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවනෙ. ඔව් ඉතින් අකුණු ගහද්දි ලොකු විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් අවට පරිසරයේ පැතිරෙනවනෙ. ඒ ක්ෂේත්‍රය නිසා අපේ ගෘහස්ථ විදුලි පරිපථයෙ එක එක තැන් වල ධාරාවන් ප්‍රේරණය වෙන්න ගන්නවා. මේ ට්‍රිප් ස්විච් එක හරහා ගේ ඇතුලට ආපු CEB එකෙන් දීපු ධාරාවක් නෙමෙයිනෙ. දැන් ඉතින් කොහොමත් ගෙදරට ආපු ප්‍රමාණයයි පිටවෙන ප්‍රමාණයයි වෙනස් වෙනවනෙ. ඉතින් ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවා.

ඉතින් ට්‍රිප් ස්විච් එකට අදාල නැති රාජකාරියක් බාරදීලා අකුණු ගහන වෙලාවට TV, Computer දාගෙන ඉන්න අය දැන් වත් පරිස්සම් වුණොත් හොඳයි. CEB line එක දිගේ එන අකුණකින් බේරෙන්න ඕන නම් එක්කො අකුණු ගහද්දි ප්ලග් ටික ගලවල main switch එක/ circuit breakers off කරන්න. නැත්තං SPD (Surge Protection Device) එකක් ස්ථාපනය කරගන්න.

>Phone එකටත් අකුණු වදිනවද?

වයර් එකකින් connect වුණු ඒ කියන්නෙ Land phones වලට අකුණු වදිනවා. මොකද පාරෙ තියෙන telephone line එකට අකුණක් වැදුනොත් ඒක ශෝක් එකට වයර් දිගේ අපේ ගෙදර ෆෝන් එකටත් එනවනෙ. ඒ නිසා අකුණු ගහද්දි ඒව විසන්ධි කරන්න.

Mobile phone වලට අකුණු වදින්නෙ charger එකට ගහල තියෙන වෙලාවට ගෙදරට හෝ පාරෙ power line එකකට අකුණක් වැදුනොත් විතරයි. Charger එකෙන් ගලවගෙන හිටියට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද රේඩියෝ තරංග හරහා අකුණු එන්නෙ නෑ. එහෙම එන්න පුළුවන් නම් ගෙදරට current එක දෙන්න වයර් මොකටද? රේඩියෝ තරංග වලින්ම කරන්ට් එකත් දෙනවනෙ.

"ඔහොම කිව්වට අකුණු ගහද්දි අපේ සියගෙ පෝං එක ඩෝං ගාල පුපුරල ගියානෙ"

අකුණු ගහද්දි ඒ සංඛ්‍යාත වලට අනුනාද වෙලා ගෙදර ජනේල් එහෙම දෙදරන හැටි දැකල තියෙනව නේද? වායුගෝලයේ විද්‍යුත් චුම්භක අනුනාද සංඛ්‍යාතය 7.83 Hzක් වගේ. ඒකට 1.43Hz, 20.8Hz, 27.3Hz හා 33.8Hz වගේ harmonics තියෙනවා.

ඉතින් ෆෝන් එකත් බැරිවෙලාවත් ඔය සංඛ්‍යාත වලට දරුණු ලෙස අනුනාද වුනොත් බැටරිය පුපුරලා විනාශ වෙන්න පුළුවන්. ඒකට ඉතින් බාල ෆෝන් නොගෙන TRC approval තියෙන සෞඛ්‍යාරක්ෂිත ෆෝන් එකක් ගන්න.

>හරකුන්ට වැඩිපුර අකුණු වදින්නෙ ඇයි?

කොහෙහරි තැනකට අකුණක් වැදුනම එහි ප්‍රභලතාවය අඩුවෙමින් අවට භූමිය පුරාම වලල්ලක් වගේ පැතිරෙනවා. හරියට භූමි කම්පාවක් වගේ. භූමි කම්පාවෙ කේන්ද්‍රයට තමයි වැඩිම බලපෑම (අකුණ වැදුන තැන වගේ. අපි හිතමු එතන වෝල්ට් 100000 කියල).

කේන්ද්‍රයේ ඉඳල ටිකක් දුරින් පිහිටි ලක්ෂ්‍යයකට භූමිකම්පාව දැනෙන්නෙ කේන්ද්‍රයට වඩා ටිකක් අඩු ප්‍රභලතාවයකින් (අකුණත් එහෙමයි. වැදුණු තැන ඉඳල මීටර් 10ක් දුරින් ලක්ෂ්‍යයක වෝල්ටීයතාවට වෝල්ට් 50000 වෙන්න පුළුවන්.)

අකුණ වැදුන තැනින් තවත් ටිකක් දුරට ගියොත් වෝල්ටීයතාවය තවත් අඩුයි. හරක් වගේ සත්තුන්ගෙ ඉස්සරහ කකුල් 2යි පිටිපස්සෙ කකුල් 2යි අතර සැලකිය යුතු දුරක් තියෙනවනෙ. ඉතින් ඉස්සරහ කකුල් 2 තියෙන්නෙ එක වෝල්ටීයතා කලාපයක, පිටිපස්සෙ කකුල් 2 තියෙන්නෙ තවත් වෝල්ටීයතා කලාපයක.

සරලවම කිව්වොත් හරකගෙ කකුල් අතරෙ විභව අන්තරයක් (Voltage Difference) ඇතිවෙලා. සන්නායකයක් හරහා විභව අන්තරයක් ඇතිවුණාම ඒ හරහා ධාරාවක් ගමන් කරනවනෙ. ඉතින් හරකගෙ ඇඟ හරහා කරන්ට් එකක් ගමන් කරලා ඌව පිළිස්සිලා මැරෙනවා.

කකුල් ලං කරගෙන තියාගන්න පුළුවන් සතෙක්ට මේ ප්‍රශ්නෙ නෑ.

සංවෘත වාහනයක හිටියොත්

වාහනයක් කියන්නෙ Faraday Cage එකක්. ඒ කියන්නෙ සන්නායකයකින් සංවෘත වූ ප්‍රදේශයක්. ෆැරඩේ කුටීරයක ඇතුලෙ තියෙන ආරෝපණ ඔක්කොම මතුපිට පෘෂ්ඨයට යනවා. ඒ නිසා ඇතුලෙ ඉන්න අයට කිසිම බලපෑමක් නෑ.

ඒ නිසා අකුණු ගහද්දි පුළුවන් නම් ගෙදර විදුලි /දුරකථන සැපයුම් ඔක්කොම විසන්ධි කරල සංවෘත වාහනේකට වෙලා හිටියත් කමක් නෑ (බයික් එකේ නෙමෙයි)

උපුටනයකි..

16/11/2025
04/11/2025
02/11/2025
---🌊 සුනාමී අනතුරු ඇඟවීම ලැබුණු විට ක්‍රියාත්මක විය යුතු සම්පූර්ණ මාර්ගෝපදේශය---🕐 1. අනතුරු ඇඟවීම ලැබෙන විට(Before the w...
28/10/2025

---

🌊 සුනාමී අනතුරු ඇඟවීම ලැබුණු විට ක්‍රියාත්මක විය යුතු සම්පූර්ණ මාර්ගෝපදේශය

---

🕐 1. අනතුරු ඇඟවීම ලැබෙන විට

(Before the wave arrives)

1.1. පළමුව විශ්වාස කරන්න

රේඩියෝ, ටෙලිවිෂන්, දුරකථන අනතුරු ඇඟවීම්, හෝ ප්‍රාදේශීය පාලන මණ්ඩලය විසින් දෙන අනතුරු ඇඟවීම කල්පනා නොකරන්න — ඔන්නටම පලවෙනි අවස්ථාවේ ක්‍රියාත්මක වන්න.

1.2. වෙරළෙන් ඉක්මනට ඉවත්වන්න

පාලමක්, කන්දක්, උස තැනක් වෙතට යන්න.

ඉහළට මීටර් 30ක පමණ උසට හෝ වෙරළෙන් කිලෝමීටර් 3කින් ඉවත් වීම ආරක්ෂිතය.

සුනාමියකට පළමු තරංගය පසු වෙනත් තරංග (සමහරවිට තවත් විශාල) එන්න පුළුවන්, ඒ නිසා ඉක්මනට නැවත මුහුදු වෙරළට යන්න එපා.

1.3. මුහුදෙන් පිටතට නොයන්න

“මුහුද පස්සට යනවා” වගේ දසුනක් පෙනුනත් (බොහෝ විට සුනාමියේ පළමු ලකුණක්), කියුරුන් අරගෙන දැක්කා කියලා පසුතැවෙන්න එපා.

1.4. අනිත් අයවද ඇඟවන්න

විශේෂයෙන් වැඩිහිටියන්, දරුවන්, අසහයෝ, පසුවූ අය — ඔවුන්ට උදව් කරන්න.

ඔබේ පවුලේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න. (Tsunami Family Plan)

---

🏃‍♂️ 2. සුනාමිය පැමිණෙන විට

2.1. ජලය දිහා බලන්න එපා — පලා යන්න.

තරංගය දැකීම ගැන නොසිතා, සෘජුවම උස තැනකට යන්න.

සුනාමියක් මිනිත්තු කිහිපයකින් ගමන් කරන නිසා තත්පර ගණනාවකට පමණක් අවස්ථාවක් තියෙනවා.

2.2. ගුවන් පථ හෝ උස ගොඩනැගිලි යොදා ගන්න

බහු මහලක් ඇත්නම් ඉහළ මහලකට යන්න (කොහේ වායු පීඩන ලිහිල් තත්ත්වයක් නැත්ද බලන්න).

උස ගොඩනැගිලි නැත්නම් කඳු, ගල් තට්ටු යොදා ගන්න.

2.3. යන්ත්‍ර සහ වාහන පාවිච්චි නොකරන්න

ගොඩනැගිලි අතරේ වාහන වලට ජලය නාස්ති කරන නිසා, පයින් පලා යාම වඩාත් ආරක්ෂිතය.

---

🏚️ 3. සුනාමියෙන් පසු

3.1. ආපසු යන්න එපා, නියමිත ඉදිරිපත් කිරීමක් දක්නට පෙර.

ආරක්ෂක අංශ / රෙඩ් ක්‍රොස් / ගුවන් හමුදා / නාවික හමුදා නිලධාරීන්ගේ උපදෙස් නැතිව වෙරළට ආපසු යන්න එපා.

දෙවෙනි, තුන්වෙනි තරංග එන්න පුළුවන්.

3.2. විදුලිය සහ ජලය පිළිබඳ අවධානයෙන් සිටින්න

විදුලි තරංග / වයර් / නාන ඉන්ධන / බිඳුණු වාහන ආශ්‍රය නොකරන්න.

ප්‍රමාදව ආපසු ගොස්, නියමිත ආරක්ෂාව තහවුරු කර ගන්න.

3.3. තුවාල සහ රෝග සඳහා ප්‍රථම ශුශ්‍රූෂාව දෙන්න

පෙරමුණේ සිටින අයට සහය දෙන්න

රෝගියෙකු (සේවාලාභියෙකු) බරපතල තුවාලයක් ඇත්නම් නිලධාරියෙකු හෝ ප්‍රථමික හෙල්ප් කන්ටීන්ටර් එකකට යොමු කරන්න.

3.4. ඔබේ පවුල හා මිතුරන්ගේ තත්ත්වය පරික්ෂා කරන්න

සියලුම අය ආරක්ෂිතද යන්න තහවුරු කරන්න.

ජලය පිරිසිදුද කියා බලා පසුම පානීයව භාවිත කරන්න.

---

🧭 4. සුනාමී සඳහා පූර්ව සැලැස්මක් (Preparedness Plan)

✔️ නිවසේ සුනාමී සැලැස්මක් තබා ගන්න:

පවුලේ හැමෝම දන්නා ඉහළට යන මාර්ගයක් හඳුනා ගන්න.

පරිසර සිතියමක් (Evacuation Map) සකස් කර තබා ගන්න.

අත්‍යවශ්‍ය දේවල් අරන් යා හැකි Emergency Bag එකක් තබා ගන්න (උදා: ඖෂධ, බෑගයක්, ජල බෝතල්, ආහාර, පැනීම සඳහා කඩදාසි).

✔️ කාලගුණ අනතුරු ඇඟවීම් නිරන්තරව අසා ගන්න:

රූපවාහිනී, රේඩියෝ, දුරකථන ඇප් (උදා: Disaster Early Warning App Sri Lanka) භාවිත කරන්න.

✔️ ප්‍රදේශීය නිලධාරීන් හා සම්බන්ධ වන්න:

ග්‍රාම නිලධාරී, පොලිසිය, සහ විදුලි සේවකයින්ගේ දුරකථන අංක තබා ගන්න.

---

💬 5. සිහි තබා ගත යුතු කීපය

සුනාමියක් එන විට සමහරවිට මුහුද පස්සට ගමන් කරනවා වගේ පෙනෙයි. එය අනතුරු ලකුණකි!

“පළමු තරංගය ගියම ඉවරයි” කියලා නොසිතන්න. තවත් තරංග එන්න පුළුවන්.

අන් අයව බේරීමට උත්සාහ කරනකොට, ඔබේ ආරක්ෂාව අත්හරින එපා.

උස තැනකින් පසුතැවීමක් එපා — ආරක්ෂිතයි කියන තුරු බලා සිටින්න.

30/08/2025

Address

NEGOMBO Road, MARAWILA
Marawila

Telephone

0322250888

Website

Alerts

Be the first to know and let us send you an email when NALAKA PHARMACY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to NALAKA PHARMACY:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram