Mindwell Counseling Center

Mindwell Counseling Center Empowering You for a Balanced Life. Contact us to begin your journey to well-being!

අම්මා කියන්නෙ ම සසරක්… 🤍🌸කොන්දේසී සීමා මායිම් වෙනස්වීම් නැතිව, අපි මේ ලෝකෙට එන්නත් කලින් අපි වෙනුවෙන් හීන දැක්කේ ඇය. අපි...
10/05/2026

අම්මා කියන්නෙ ම සසරක්… 🤍🌸

කොන්දේසී සීමා මායිම් වෙනස්වීම් නැතිව, අපි මේ ලෝකෙට එන්නත් කලින් අපි වෙනුවෙන් හීන දැක්කේ ඇය. අපි හිනැහෙන හැමවෙලාවකම ලෝකෙම ජයගත්තා වගේ සතුටු වුණේ ඇය. සතුටු වෙන්නෙ ඇය.

අම්මගේ ආදරේ කියන්නෙ නිහඬ කැපවීමක්. කොයි මොහොතක වුව ලෝකේ ආදරණීය ම වැළඳගැනීම ඇය. දරුවෙක්ගේ ලෝකයේ පළමු ගුරුවරිය, මිතුරිය, ආරක්ෂාව, ආදරේ මේ හැමදේම "අම්මා". වැටෙන හැම තැනකම “ඔයාට පුළුවන්” කියන වාරුව ඇය. සවිය ඇය.

අම්මා ළඟ ඉන්න අය - ඇයව තදින් වැළඳගන්න.

අම්මා ළඟ නැති අය - ඇයගේ ආදරේ තවමත් ඔබ එක්කම ජීවත් වෙනවා 🤍
මතකවලින්, පුරුදුවලින්, ඔබේ හිනාව ඇතුළෙන්.

අම්මා කියන්නෙ ඇත්තටම සසරක්…
ආදරයෙන්, කැපවීමෙන්, නිහඬ පරිත්‍යාගවලින් පිරුණු සසරක්.. කියවා නිමකරන්න බැරි පිරුවතක්…

ලෝකේ හැම අම්මා කෙනෙක්ටම ගෞරවයෙන්… 🌸
Happy Mother’s Day 🤍✨

10.05.2026
✍️ 𝓘𝓼𝓱𝓲𝓷𝓲 𝓗𝓪𝓷𝓼𝓲𝓴𝓪

🗻 Session Highlight | Building a Strong MindsetConducted a counseling session using the activity “The Mountain I Am Clim...
24/01/2026

🗻 Session Highlight | Building a Strong Mindset

Conducted a counseling session using the activity “The Mountain I Am Climbing.”
Participants reflected on where they started, the challenges they face & healing they are moving toward.

A simple visual exercise that gently builds resilience, hope, and perseverance - one step at a time.

🔜➡️ජීවිතේ වෙනස් වෙන්නේ circumstances වලින් (තත්වයන්ගෙන්) නෙවෙයි - mindset එකෙන්ජීවිතේ ඉස්සරහට යද්දි මිනිස්සු හිතනවා“මට ම...
06/01/2026

🔜➡️ජීවිතේ වෙනස් වෙන්නේ circumstances වලින් (තත්වයන්ගෙන්) නෙවෙයි - mindset එකෙන්

ජීවිතේ ඉස්සරහට යද්දි මිනිස්සු හිතනවා

“මට මේක හරියන්නෙ නෑ”
“අනිත් අය වගේ මම smart නෑ”
“මගේ limits මෙච්චරයි” කියලා.

මේක තමයි Fixed Mindset එක.

ඇත්තටම ගත්තොත්,
👉 Problem එක කියන්නෙ ඔයාගෙ ability එක නෙවෙයි.
👉 Problem එක කියන්නෙ ඔයාගෙ thinking pattern එක.

ඔයා thought එක වෙනස් කළාම,

❌ “මට බැරි”

✅ “මට තාම බැරි”

ඒ “තාම” කියන වචනය ඔයාගේ ජීවිතේ strategy එකක් කරගත්තම,

Failure එක lesson එකක් වෙනවා
Criticism එක guidance එකක් වෙනවා
Fear එක growth signal එකක් වෙනවා

ඔයා හැමතිස්සෙම perfect වෙන්න නෙවේ උත්සාහා කරන්න ඕනා Progress වෙන්න.

🌱 Growth Mindset කියන්නේ motivation quote එකක් නෙවෙයි.
👉 ඒක daily discipline එකක්.
👉 Strategic life decision එකක්.

ඔයා අද struggle වෙනවා නම් - Remember this:

"You are not failing.
You are learning.”

You’re not behind.
You’re becoming.

🌱 Not yet - but soon.

01/01/2026

💫සුබ නව වසරක් වේවා!!!✨
ඔන්න එහෙනම් බිත්තියේ කැලැන්ඩරේ අලුත් වුණා.
අපිත් අලුත් වෙමු......

🔛අලුතෙන් හිතමු.අලුතෙන් පටන්ගමු.

🔛ඔලුව උඩ තියන් ඉන්න කුණු සේරම Dustbin දාන්න. නිදහස් මනසකින් පියවර තියන්න.

🔛ණය බර වගේම කරන්න තියෙන වැඩ ගොඩයි නේද? හිතලම හති දාන්න එපා. එක කොනකින් පටන් ගමු.

🔛 පළවෙනිදත් වුණා. තාම ජොබ් එකක් හරිගියෙ නෑනෙ. උත්සහය අත්හරින්න එපා.

🔛මගෙ යාලුවා කිව්වා ඔයා මට කියපු කරපු දේවල් ඔක්කොම. අම්මා තාත්තා කිව්වත් ඇස් දෙකෙන් නොදකින වචන ළඟ විශ්වාසය තියන්න කලින් දෙපාරක් නෙවේ සියපාරක් හරි හිතන්න.

🔛මම හොඳ පාඩමක් උගන්නන්නම්කො. කේන්තියෙන් පාඩම් කියාදෙන්න මහන්සි ගන්න එපා. අපි එතනින් පාඩමක් ඉගෙනගමු.

🔛මේක නම් කරගන්න බැරිවෙයි කියන් නැතිව කොහොමහරි හොඳින් අවසන් කරනවා කියලා පටන් ගන්න.

🔛අනේ අදත් කරන්න හිතුවා විතරයි වෙලාවක් නෑනෙ. පැය ගණන් නැති වුණත් හැම ඔරලෝසුවක ම තප්පර කටුත් වැඩ කරනවා. වෙලාව තියෙනවා.

🔛කකුළෙන් අදින්න එපා. පුලුවන් හැමවෙලේම අත දෙන්න.

🔛වෘත්තිය මොකක් වුණත් උස්පහත්කම් නැති මනුස්සකම අංක 1️⃣ට තියාගන්න.

🔛 ළමයි නෑ නේද? අපෝ දික්කසාද වෙලානෙ. හෝව් හෝව්....Judge කරන්න කලබල වෙන්න එපා. හැමෝට ම තමන්ට ආවේණික කතාවක් තියෙනවා.

🔛එයා නැතිව කොහොම ඉන්නද? මම දන් නෑ ඒ මනුස්සයා කොහොම ඉන්නවද කියලා. එයා නැතුව මට බෑ. නෑ....... ඔයාට පුලුවන්. ඔයා මුලින් ඔයාට Value එක දෙන්න

🔛කෙනෙක් නිසා හරි දෙයක් නිසා හරි ඔයාගෙ සතුට නැතිවෙලාද? එක එක කතා අහන්න වෙලාද? ඒවා අහලම ඔලුව ගිනිගොඩක් වෙලාද? අත්හරින්න දෙපාරක් හිතන්න එපා.

සුබ වෙන්න පතන ගමන් සුබ කරගන්න වැඩ කරමු.........


2026.01.01

🎄Wishing you peace, joy, and healing this holiday season 🤍🎄
25/12/2025

🎄Wishing you peace, joy, and healing this holiday season 🤍🎄

02/11/2025

Safe, Confidential & Professional Counseling services. Begin your journey towards better mental health. ✨⌛️

🎨 When words fall short, art speaks.Children use colors, shapes, and imagination to express what’s hidden in their heart...
19/10/2025

🎨 When words fall short, art speaks.

Children use colors, shapes, and imagination to express what’s hidden in their hearts. 💛
Each drawing tells a story - of emotions released, healing begun, and confidence growing. 🌈

"තවත්නම් මට මේක දරාගන්න බෑ" කියන තැන, අපේ capacity එක zero ම වෙලා නම් ➡️➡️ BURNOUT ❗️මට හිතාගන්න බෑ මොනවා වෙලාද කියලා. ම...
19/09/2025

"තවත්නම් මට මේක දරාගන්න බෑ" කියන තැන, අපේ capacity එක zero ම වෙලා නම් ➡️➡️ BURNOUT

❗️මට හිතාගන්න බෑ මොනවා වෙලාද කියලා. මම කලින් දවස් දෙකේම හොඳට rest කලා. ඒත් ඇඟටවත් හිතටවත් කිසිම fit එකක් නෑ. හරිම මහන්සිනෙ. ඇයි ඒ කියලා මට තේරෙන් නෑ.

❗️මම මේ නිතර කරපු වැඩ සෙට් එක කරලා ඉවර කරන්නත් මේ ටිකේ ලොකූ effort එකක් දාන්න වෙලා. මට තේරෙන් නෑ ඇයි කියලා.

❗️මට මගේ හිස් ගතියක් දැනෙනවා. මට දැන් මම ඉන්නෙ කොහොම ෆීලින්ග් එකකද කියලත් හිතාගන්න බෑ වගේ.

❗️කෙනෙක් මොනාහරි දුකක් කිව්වත් මට ඒක ලොකු ගාණක් නෑ.

❗️අනේ මට කිසිම වැඩක් කරගන්න බෑනෙ.

Burnout වළක්වාගන්න පුලුවන් ද❓

✅ ඔව් පුලුවන්

▶️තමන්ගේ context එකට අනුව වැඩ plan කරගන්න.

▶️Boundaries හදාගන්න. තමන්ව අමතක කරලා දාලා අනුන් වෙනුවෙන් ම වැඩකරන්න එපා. ඔයා කොච්චර කොහොමදරාගෙන හිටියත් දවසක් එනවා ඔයාට මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා ඔයාටවත් හිතාගන්න බැරිවෙන. ඒ නිසා boundaries අවශ්‍ය දෙයක්.

▶️ඔයාගේ personal life එකයි work life එකයි පටලගන්න එපා. එහෙම වුනාම කොතන කොහොම අවුල්වෙලාද කියලා ඔයාට හිතාගන්න බෑ.

▶️තමන්ව relax වෙන්නෙ කොයිවිදියටද කියලා දැනගන්න පුලුවන් තමන්ටමයි. ඒක තියෙන්නෙ තමන් ඇතුලෙමයි. ඉතිං අපි එක එක්කෙනා relax වෙන methods වෙනස්. ඒක අඳුරගන්න try කරන්න.

අපි එක එක්කෙනා burnout වෙන හේතු වෙනස්. තමන්ට බලපාලා තියෙන හේතුව හොයාගෙන ඒකට තමා උත්තරේ හොයාගන්න ඕනා. ඊට පස්සේ අඩුවුන energy එක ආයෙත් වැඩි කරගන්න පුළුවන් අපිට.

Remember - your strength is greater than your struggle.💛



Mindwell Counseling Center

  - CHANGE THE NARRATIVE "සියදිවි නසාගැනීම් පිළිබඳ  ආඛ්‍යානය වෙනස් කිරීම" ලෝක සෞඛ්‍ය  සංවිධානය (WHO) සමඟ  එක්ව ජාත්‍යන්ත...
10/09/2025

- CHANGE THE NARRATIVE

"සියදිවි නසාගැනීම් පිළිබඳ ආඛ්‍යානය වෙනස් කිරීම" ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ එක්ව ජාත්‍යන්තර සියදිවි නසාගැනීම් වැළක්වීමේ සංගමය (IASP) විසින් 2025 වර්ෂයේ තේමාව ලෙස යොදා ගෙන තියෙනවා.

තත්පරයක පමාව අපගේ ආදරණීයෙකුගේ අවසාන නිමේෂය වෙන්න පුලුවන්. පළමු හුස්මේ පටන්ම අප සියල්ලෝම දිවයන්නේ නොනවතින ජීවන තරගයක මංතීරු මත. ජීවිතයේ එක් එක් අවධි තුළදී අපි වේදනාව, සතුට, ජයග්‍රහණ, කලකිරීම්, පසුතැවීම්, පරාජයන් ආදී අභියෝග රැසක් අත්විඳිනවා. මේ එක එකක් සිනාමුසුව පිළිගැනීමට අපි සූදානම් වෙන්න ඕනා. නමුත් මිනිස් නිර්මිතයේ එකිනෙකාගේ දරාගැනීම් මට්ටම් විවිධාකාරයි. මේ තත්වය මත ගැටලුකාරී තත්වයන් හමුවේදී පුද්ගලයන් ඊට මුහුණදෙන ආකාරය විවිධයි. සහකම්පනයෙන් යුතුව එකිනෙකා වෙනුවෙන් වැය කරන්නා වූ තත්පරයක් වුනත් අකාලයේ මිලින වන ජීවිතයක් බේරාගන්න දායක කරගන්න පුලුවන්.

‼️ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව සෑම තත්පර 40කට වරක් කෙනෙකු සිය දිවි නසා ගන්නවා. එය සෑම වසරකම ලොව පුරා පුද්ගලයින් 800,000 ක් පමණ වෙනවා.
‼️වයස අවුරුදු 15 ත් 29 ත් අතර පුද්ගලයින්ගේ මරණයට ප්‍රධානතම හේතුවක් බවට මෙය පත්වෙලා තියෙනවා.

සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් සමාජයේ පවතින මිත්‍යා මත පිළිබඳ දැනුවත් වීම හා ඒවා බැහර කිරීමට කටයුතු කිරීම ප්‍රධාන වශයෙන්ම සියදිවි නසාගැනීම් වළක්වා ගන්න උපකාරී වෙනවා.

🚫සියදිවි හානිකරගැනීමේ සිතිවිලි ඇති පුද්ගලයකු සමඟ කතා කරන්න හොඳ නැහැ. ඒ සිතුවිලි තවත් වැඩි වෙන්න පුළුවන්.
මෙය තනිකරම මිත්‍යාවෙන් අනූනයි.එම පුද්ගලයා සමග ඍජුවම මේ සම්බන්ධයෙන් කතා කළ යුතුයි. එසේ කතා කිරීමෙන් කිසිවිටෙකත් සියදිවි නසාගැනීමේ සිතුවිලි උග්‍ර වන්නේ නැහැ. එය ඒ තත්ත්වයෙන් මිදෙන්නට විශාල අත්වැලක් සපයනවා

🚫සියදිවි නසාගන්න පුද්ගලයෙක් කාටවත් මේ බව කියන්නේ නැහැ.
සියදිවි හානි කරගත් පුද්ගලයින්ගෙන් 2/3ක් පමණ අනිවාර්යෙන්ම ඉඟියක් හෝ සංඥාවක් දෙනවාමය. බොහෝ දෙනා කරන්නේ එය විහිළුවට හෝ හාස්‍යයට ලක් කිරීම.

🚫සිය දිවි හානි කරගන්නේ මානසික රෝගීන්-
මානසික රෝගයක් වැළඳුන විට සියදිවි හානිකරගැනීමේ සිතුවිලි ඇති වීමේ ප්‍රවණතාවක් ඇති නමුත් සෑම පුද්ගලයෙක්ම සිය දිවි හානි කරගන්නේ මානසික රෝගයක් නිසාම නොවේ.ඒ සඳහා විවිධාකාර වූ අවදානම් සාධක ගණනාවක් බලපාන්න පුලුවන්.

🚫 එක් වරක් සිය දිවි නසා ගැනීමට උත්සාහ කළාට පසු නැවත යොමු වෙන්නේ නැහැ. එයා මට්ටු වෙලා ඉන්නේ.
මෙම මතය සාවද්‍යයි. එක් වරක් සියදිවි නසාගන්නට ගොස් නැවතුණු පමණින් ඔවුන් සිය දිවි නසා ගැනීමේ ප්‍රවණතාවය නැති වන්නේ නැත. එවන් පුද්ගලයකුගේ නැඹුරුව අන් අයට වඩා වැඩි වෙන්න පුලුවන්.

🚫 මැරෙනවා මැරෙනවා කියන තරම් මිනිස්සු මැරෙන් නෑ. ඔයකියන තරමට මැරෙනවා නම් දැන් හත් අට පාරක් මැරිලා උන්දලා…

ඔබත්,

* මම මේ සමාජයට, පවුලට බරක්.........
* මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න මට වෙන කිසිම විකල්පයක් නෑ.........
* මම ඉන්නේ වෙන කිසිම කෙනෙකුට උදව් කරන්න පුලුවන් තත්ත්වයක නොවේ........
* අන් අයගේ වැරදිවලට මට මගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නයි වෙලා තියෙන්නේ........
* මම ජීවිතයෙන් හෙම්බත්වෙලා ඉන්නෙ, සදාකල්ම මගේ ජීවිතයම දුකක්.......

මෙහෙම ලතැවෙන කෙනෙක් නම්, මේ වගේ වචන ඔබේ සමීපතමයන්ගෙන් අහන කෙනෙක් නම් ඔබ වෙනුවෙන් පහත අංශ විවෘතයි.

✅ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය 1926 (Free Services)

✅ සුමිත්‍රයෝ 011 - 2682535 ( Free Services )

✅ CCC Line 1333. ( Free Services )

✅ රෝහල් හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල සිටින උපදේශක මහත්ම මහත්මීන්

💬StArT ThE CoNvErSaTiOn


Mindwell Counseling Center

The road may feel steep, The journey may feel heavy, But remember: The most breathtaking views are seen after the hardes...
07/09/2025

The road may feel steep,
The journey may feel heavy,
But remember:
The most breathtaking views are seen after the hardest climbs. 🧗‍♂️

Keep moving forward - your destination will be worth every step.🐾

Mindwell Counseling Center

Address

Https://maps. App. Goo. Gl/J5oSCAeRrShXWTPs9?g_st=ic
Marawila
61210

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Alerts

Be the first to know and let us send you an email when Mindwell Counseling Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share