Mindwell Counseling Center

Mindwell Counseling Center Empowering You for a Balanced Life. Contact us to begin your journey to well-being!

  - CHANGE THE NARRATIVE "සියදිවි නසාගැනීම් පිළිබඳ  ආඛ්‍යානය වෙනස් කිරීම" ලෝක සෞඛ්‍ය  සංවිධානය (WHO) සමඟ  එක්ව ජාත්‍යන්ත...
10/09/2025

- CHANGE THE NARRATIVE

"සියදිවි නසාගැනීම් පිළිබඳ ආඛ්‍යානය වෙනස් කිරීම" ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ එක්ව ජාත්‍යන්තර සියදිවි නසාගැනීම් වැළක්වීමේ සංගමය (IASP) විසින් 2025 වර්ෂයේ තේමාව ලෙස යොදා ගෙන තියෙනවා.

තත්පරයක පමාව අපගේ ආදරණීයෙකුගේ අවසාන නිමේෂය වෙන්න පුලුවන්. පළමු හුස්මේ පටන්ම අප සියල්ලෝම දිවයන්නේ නොනවතින ජීවන තරගයක මංතීරු මත. ජීවිතයේ එක් එක් අවධි තුළදී අපි වේදනාව, සතුට, ජයග්‍රහණ, කලකිරීම්, පසුතැවීම්, පරාජයන් ආදී අභියෝග රැසක් අත්විඳිනවා. මේ එක එකක් සිනාමුසුව පිළිගැනීමට අපි සූදානම් වෙන්න ඕනා. නමුත් මිනිස් නිර්මිතයේ එකිනෙකාගේ දරාගැනීම් මට්ටම් විවිධාකාරයි. මේ තත්වය මත ගැටලුකාරී තත්වයන් හමුවේදී පුද්ගලයන් ඊට මුහුණදෙන ආකාරය විවිධයි. සහකම්පනයෙන් යුතුව එකිනෙකා වෙනුවෙන් වැය කරන්නා වූ තත්පරයක් වුනත් අකාලයේ මිලින වන ජීවිතයක් බේරාගන්න දායක කරගන්න පුලුවන්.

‼️ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව සෑම තත්පර 40කට වරක් කෙනෙකු සිය දිවි නසා ගන්නවා. එය සෑම වසරකම ලොව පුරා පුද්ගලයින් 800,000 ක් පමණ වෙනවා.
‼️වයස අවුරුදු 15 ත් 29 ත් අතර පුද්ගලයින්ගේ මරණයට ප්‍රධානතම හේතුවක් බවට මෙය පත්වෙලා තියෙනවා.

සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් සමාජයේ පවතින මිත්‍යා මත පිළිබඳ දැනුවත් වීම හා ඒවා බැහර කිරීමට කටයුතු කිරීම ප්‍රධාන වශයෙන්ම සියදිවි නසාගැනීම් වළක්වා ගන්න උපකාරී වෙනවා.

🚫සියදිවි හානිකරගැනීමේ සිතිවිලි ඇති පුද්ගලයකු සමඟ කතා කරන්න හොඳ නැහැ. ඒ සිතුවිලි තවත් වැඩි වෙන්න පුළුවන්.
මෙය තනිකරම මිත්‍යාවෙන් අනූනයි.එම පුද්ගලයා සමග ඍජුවම මේ සම්බන්ධයෙන් කතා කළ යුතුයි. එසේ කතා කිරීමෙන් කිසිවිටෙකත් සියදිවි නසාගැනීමේ සිතුවිලි උග්‍ර වන්නේ නැහැ. එය ඒ තත්ත්වයෙන් මිදෙන්නට විශාල අත්වැලක් සපයනවා

🚫සියදිවි නසාගන්න පුද්ගලයෙක් කාටවත් මේ බව කියන්නේ නැහැ.
සියදිවි හානි කරගත් පුද්ගලයින්ගෙන් 2/3ක් පමණ අනිවාර්යෙන්ම ඉඟියක් හෝ සංඥාවක් දෙනවාමය. බොහෝ දෙනා කරන්නේ එය විහිළුවට හෝ හාස්‍යයට ලක් කිරීම.

🚫සිය දිවි හානි කරගන්නේ මානසික රෝගීන්-
මානසික රෝගයක් වැළඳුන විට සියදිවි හානිකරගැනීමේ සිතුවිලි ඇති වීමේ ප්‍රවණතාවක් ඇති නමුත් සෑම පුද්ගලයෙක්ම සිය දිවි හානි කරගන්නේ මානසික රෝගයක් නිසාම නොවේ.ඒ සඳහා විවිධාකාර වූ අවදානම් සාධක ගණනාවක් බලපාන්න පුලුවන්.

🚫 එක් වරක් සිය දිවි නසා ගැනීමට උත්සාහ කළාට පසු නැවත යොමු වෙන්නේ නැහැ. එයා මට්ටු වෙලා ඉන්නේ.
මෙම මතය සාවද්‍යයි. එක් වරක් සියදිවි නසාගන්නට ගොස් නැවතුණු පමණින් ඔවුන් සිය දිවි නසා ගැනීමේ ප්‍රවණතාවය නැති වන්නේ නැත. එවන් පුද්ගලයකුගේ නැඹුරුව අන් අයට වඩා වැඩි වෙන්න පුලුවන්.

🚫 මැරෙනවා මැරෙනවා කියන තරම් මිනිස්සු මැරෙන් නෑ. ඔයකියන තරමට මැරෙනවා නම් දැන් හත් අට පාරක් මැරිලා උන්දලා…

ඔබත්,

* මම මේ සමාජයට, පවුලට බරක්.........
* මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න මට වෙන කිසිම විකල්පයක් නෑ.........
* මම ඉන්නේ වෙන කිසිම කෙනෙකුට උදව් කරන්න පුලුවන් තත්ත්වයක නොවේ........
* අන් අයගේ වැරදිවලට මට මගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නයි වෙලා තියෙන්නේ........
* මම ජීවිතයෙන් හෙම්බත්වෙලා ඉන්නෙ, සදාකල්ම මගේ ජීවිතයම දුකක්.......

මෙහෙම ලතැවෙන කෙනෙක් නම්, මේ වගේ වචන ඔබේ සමීපතමයන්ගෙන් අහන කෙනෙක් නම් ඔබ වෙනුවෙන් පහත අංශ විවෘතයි.

✅ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය 1926 (Free Services)

✅ සුමිත්‍රයෝ 011 - 2682535 ( Free Services )

✅ CCC Line 1333. ( Free Services )

✅ රෝහල් හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල සිටින උපදේශක මහත්ම මහත්මීන්

💬StArT ThE CoNvErSaTiOn


Mindwell Counseling Center

The road may feel steep, The journey may feel heavy, But remember: The most breathtaking views are seen after the hardes...
07/09/2025

The road may feel steep,
The journey may feel heavy,
But remember:
The most breathtaking views are seen after the hardest climbs. 🧗‍♂️

Keep moving forward - your destination will be worth every step.🐾

Mindwell Counseling Center

🌜Hope & Healing          Counseling Center
05/09/2025

🌜Hope & Healing


Counseling Center

02/09/2025

Safe, Confidential & Professional Counseling services - begin your journey towards better mental health. ✨⌛️

👉Book here
https://shorturl.at/6zjVa
Or
☎️ 011 266 3633 / 075 263 3633
0764977242

Queen Hospital - Ratmalana
Monday-Friday/Sunday
5p.m-9p.m

🗓️New Month. New Opportunities.➡️Each new month is a reminder that growth, healing & fresh beginnings are always possibl...
01/09/2025

🗓️New Month. New Opportunities.➡️

Each new month is a reminder that growth, healing & fresh beginnings are always possible.
🔔Remember: you are stronger than you think.🔥

Pause. Breathe. Reset. Prioritize your mental wellbeing - because your mind deserves the same care you give to others. 💚

Begin the new month with clarity, determination & purpose.🔜🔝

මොකක්ද මේ රාමුව කියන්නෙ??????හැම මනුස්සයෙක්ටම තියෙනවා තමන්ම හදාගත්තු රාමුවක්. පාට කන්නාඩියක්. මිනිස්සු කරන්නේ ඔන්න ඔය කන...
05/07/2025

මොකක්ද මේ රාමුව කියන්නෙ??????
හැම මනුස්සයෙක්ටම තියෙනවා තමන්ම හදාගත්තු රාමුවක්. පාට කන්නාඩියක්. මිනිස්සු කරන්නේ ඔන්න ඔය කන්නාඩිය දාගෙන ලෝකෙ දිහා බලනවා. ඔය රාමුව හැදෙන්නේ තමන් පිලිගන්න දේවල්, අදහන දේවල්, තමන්ගේ අත්දැකීම්, තමන් බොරුයි කියලා හිතන දේවල්, කරන්න බෑ, වෙන්න බෑ කියලා හිතන දේවල් එකතු වෙලා.

ඇත්තටම අහස මොන පාටද????? නිල්පාටයි කියලා ඔයා කියයි.. අහස නිල්පාටයි කියලා පිලිගන්නේ කවුරුහරි කිව්ව හින්දද? ඔයාම දැක්ක හින්දද? තව කෙනෙක් කිව්වොත් අහස නිල්පාට ම නෙමේ නේද පිලිගන්නවද? ආයෙම අහනවා රෑට අහස නිල්පාටයිද කියලා. දවසේ මෙන්න මේ වෙලාවේ ඉඳලා මේ වෙලාව වෙනකන් අහස නිල්පාටයි කියයි. ඒත් වලාකුලු තියෙද්දිත් අහස නිල්පාටද? හරි වලාකුළු නැති වෙලාවට අහස නිල්පාටයි කියයි. ඔය විදියට අපි අර දන්න අහපු දේ මත්තෙම උත්තර දෙනවා. අපිට නිල් පාටට පේන අහස තව සතෙක්ට පේන්නෙ වෙන පාටකින්. ඕනම දෙයක් අපි දකින රාමුවෙම සත්‍ය වෙන්නෙ නෑ.

ඔයා අම්මෙක් තාත්තෙක් නම් දරුවා ව සීමිත රාමුවකින් එහා දකින්න. ඉස්කෝලේ යවලා පන්ති යවලා කොහොමහරි අපිට බැරි වුනු තැනට දරුවො යවන්න ඕනී කියලා හැල්මෙ දුවන මානසිකත්වයෙන් එහාට හිතන්න. දරුවට එයා කැමති ක්‍රීඩාවක් කරන්න කැමති සබ්ජෙක්ට් ඒරියා එකක් තෝරගන්න අවස්ථාව දෙන්න. මොකද මේ ලෝකෙ හරි ලොකුයි. පොඩි තැනකට පටුවෙන්න එපා.

ඔයා රැකියාව කරන තැන බොස් කෙනෙක් නම් සාම්ප්‍රදායික ක්‍රමවේදවලට එදා ඉදන් අපි මෙහෙමනෙ කලේ ඒවා ඒ විදියටම වෙන්න ඕනි කියන තැනින් එහාට දකින්න. මගෙන් එහාට යන්න බෑ කියන තැනින් මිදිලා ඔයාගේ ස්ටාෆ් එකට අවස්ථාවන් ලබාදෙන්න. ඒගොල්ලන්ට Goals දෙන්න. ඒවා achieve කරන්න SMART Methods පෙන්වලා දෙන්න.

ඔයා worker කෙනෙක් නම් බොස් දෙන වැඩ ටිකම කරලා ඉන්නවා කියන තැනින් එහාට අලුත් විදියට දේවල් කරන්න උත්සාහා කරන්න. මොකද ලෝකේ මේ හැම තත්පරේම Update වෙනවා. ඒ Update වෙන ලෝකෙත් එක්ක් ඔයා update නොවුනොත් ඔයා පැලඳගෙන දකින කන්නාඩියෙන් පේන පාට වලට එහා පාට ඔයාට දකින්න ලැබෙන් නෑ.

ඔයා මොන කැටගරි එකක කෙනෙක් වුනත් Limited නොවී,
"OPEN YOUR MIND TO EVERY POSSIBILITY" කියන තැන ඉදන් දකින්න. එතකොට ඔයා නොදැකපු හරි ලස්සන පාට ඔයාට පේනවා. ඉතිං,

Don't be limited & see beyond the frame.

Mindwell Counseling Center


I can එක තමා දවසක අපිව Icon එකක් කරන්නෙ.ගොඩක් වෙලාවට අපි මට බෑ. I can't කියලා ගොඩක් දේවල් අත්හරින්න, සමහර වෙලාවට දේවල් ක...
29/06/2025

I can එක තමා දවසක අපිව Icon එකක් කරන්නෙ.

ගොඩක් වෙලාවට අපි මට බෑ. I can't කියලා ගොඩක් දේවල් අත්හරින්න, සමහර වෙලාවට දේවල් කරගන්න බෑනෙ කියලා ස්ට්‍රෙස් වෙලා ඉන්න, ජීවිතේ දැන් හිටියා ඇති වගේ අවසානෙකට එනවා. කවුරුත් මට උදව්වට නෑ කොහොමද මම මේවා කරන්නෙ කියලා හිතින් වැටෙනවා.

ජීවිතේ කියන්නෙ ඇත්තටම ඉදිරියට දියත්වෙමින් තියෙන යාත්‍රාවක්. ඒකෙ කැප්ටන් තමා අපි. මේ ගමනෙදි සැඩ සුළං මාරුත මැද්දෙ අපිට යාත්‍රාව දියත් කරන් යන්න වෙනවා.

අනේ මට ප්‍රශ්න ගොඩයි. කාටවත් ඒවා තේරෙන් නෑ. ඇත්‍තටම අපේ ප්‍රශ්නවලට විසඳුම් තියෙන්නෙ අපි ළඟ. මොකද අපි එකිනෙකාගේ කෝණයන් වෙනස් නිසා. ඉතිං තව කෙනෙක්ට ඔයාගෙ ප්‍රශ්න විසඳලා දෙන්න බෑ. යම් මගපෙන්වීමක් විතරයි කරන්න පුලුව්න්. ඉතිං I Can කියලා ඒවාට මූනදෙන්න ඕනි අපි.

අනික් දේ තමයි අපිට එක රැයකින් ගැටලුවලට විසඳුම් හොයන්න බෑ. අනේ මට බෑ කියලා ජීවිතේ අතහරින් නැතිව අපි අදියරෙන් අදියර ටිකෙන් ටික විසඳුම් ලබාගන්න ඕනා.

ගොඩක් අය ඇයි මට ම මෙහෙම කරන්නෙ මිනිස්සු. මම මොනවා කලාටද. අනේ මට තව නම් බෑ කියලා හිතෙන් වැටෙනවා. සමාජෙ මිනිස්සු ගොඩක් වෙලාවට අපෝ ඔයාට ඕක කරන්න පුලුවන්ද? ඔයා ලොක්කෙක්ද ඕවා කරන්න කියලා හිනාවෙන ඔයාව negative කරන වෙලාවල් එනවා. එතකොට මෙන්න මේ ටික මතක් කරගන්න
"පෙරුම් පුරනා බෝසතුන්ටත්
මාර සෙන් සිටියෝ
ඉතින් එහෙනම් අපිට නැති වෙද
රුදුරු බාධාවෝ"

අපිට නැති දේවල් ගැනම හිත හිතා අනේ මට බෑ කියලා නවතින් නැතිව,නැති දේවල් ඇතිකරගන්න I Can කියලා ඉදිරි steps ටික තියන්න හිත හිත ප්‍රමාද වෙන්න එපා.

දවසක ඔයා ICON එකක් වෙන්නෙ ඔයාගෙ I Can එකේ capacity එක මත. ඉතිං
Don't worry about a thing. you can do anything. One day, you'll be an ICON.

Mindwell Counseling Center

පිරිමි අඬන්න හොඳ නැද්ද? එයාලට open up වෙන්න හොඳ නැද්ද? ඒක නිකන් මදිපුංචිකමක් වගේද? සමාජෙ පිරිමියව දකින වැරදි කෝණ ටිකක් ත...
05/06/2025

පිරිමි අඬන්න හොඳ නැද්ද? එයාලට open up වෙන්න හොඳ නැද්ද? ඒක නිකන් මදිපුංචිකමක් වගේද?

සමාජෙ පිරිමියව දකින වැරදි කෝණ ටිකක් තියෙනවා

Don’t cry ❌
Man up ❌
Be strong ❌

ගැහැනුන්ට සාපේක්ෂව හැගීම් එළියට නොපෙන්නුවට ගොඩක් පිරිමි ඉන්නවා open up වෙලා තමන්ගෙ හැගීම්, තමන්ගෙ ගැටලු දුක කනස්සල්ල release කරගන්න බැරුව හිත් ඇතුලෙන් දුක කඳු ගහන. පවුල ගැන දරුවො ගැන හිතලා ජීවිතේ හැල්මෙ දුවන.

මහත්තුරුනි Man up ❌
Speak Up ✅

🤷‍♀️ මම ඔෆිස් ගිහින් තාම සතියයි. අනේ මම දැනුවත්ව නම් කිසිම වරදක් එයාට වුනේ නෑ. මට තේරෙන් නෑ ඇයි ඒ ගෑනු කෙනා මාත් එක්ක තර...
14/05/2025

🤷‍♀️ මම ඔෆිස් ගිහින් තාම සතියයි. අනේ මම දැනුවත්ව නම් කිසිම වරදක් එයාට වුනේ නෑ. මට තේරෙන් නෑ ඇයි ඒ ගෑනු කෙනා මාත් එක්ක තරහෙන් ඉන්නෙ කියලා

🤷‍♀️අම්මෙ මියුසික් ක්ලාස් එකේ සෙනූ මාත් එක්ක තරහෙන්මයි ඉන්නෙ. මට තේරෙන් නෑ ඇයි කියලා.

🤷‍♀️ඒ මිනිස්සු රවාගත්ත ගමන්නෙ ඉන්නෙ. මම වරදක් කරලත් නෑ

🤷‍♀️බලන්නකො මිස් lit මිස් මා එක්ක කතාබහක් නෑ. තරහෙන්මයි ඉන්නෙ

"මට ඒ මනුස්සයා පේන්න බෑ මොන හේතුවක්ද මන්දා. මට වරදක් කරලත් නෑ"
මෙන්න මෙහෙම කට්ටිය කියනවා කනට ඇහිලා ඇති. මේක ඔයාටත් මටත් කාටත් හරිම පොදු දෙයක්. මෙහෙම අවස්ථාවන්වලට ඔබ මුහුන දෙද්දි අනික් මිනිස්සුන්ගෙ මේ වචන, reactions, behaviors නිසා ඔයා ස්ට්‍රෙස් වෙලා

ඇයි එයාලා මට එහෙම කරන්නෙ?
අනේ මට එහෙම වැඩ කරන්න බෑ, එහෙම තැනක ඉන්න බෑ
❌ඇයි මට එහෙම සලකන්නෙ අහන්න යන්න එපා
❌ඒවට ප්‍රතිචාර දක්වන්න යන්න එපා

අහේතුක ප්‍රතිචාර ඉදිරියේ ඔයා සැලෙන්න එපා

👏ඔයාගෙ ගමන ඔයා යන්න

එහෙම යන තැන ඔයාගෙ දිනුම ඔයාගෙ අත ළඟ. සීමා අතික්‍රමණය කරන්න ඕනා ඔයාමයි. Go ahead

සියල් ලෝවාසීන් කායික, මානසික නිරෝගීභාවයෙන් සැනසෙන ශ්‍රී ශුභ වෛශාඛ මංගල්‍යයක් වේවා!!!
12/05/2025

සියල් ලෝවාසීන් කායික, මානසික නිරෝගීභාවයෙන් සැනසෙන ශ්‍රී ශුභ වෛශාඛ මංගල්‍යයක් වේවා!!!

අම්මලා......🤍මහත්තයො දැන් අපි දෙන්නගෙ ගෙදර පුංචි අමුත්තෙක් එන්න කාලෙ හරි🤍අනේ මගේ කුස ඇතුලේ මේ පිනුම් ගහන්නෙ මගෙ පණ ඩිංග🤍...
11/05/2025

අම්මලා......

🤍මහත්තයො දැන් අපි දෙන්නගෙ ගෙදර පුංචි අමුත්තෙක් එන්න කාලෙ හරි

🤍අනේ මගේ කුස ඇතුලේ මේ පිනුම් ගහන්නෙ මගෙ පණ ඩිංග

🤍දරුවා ගෙදර එන්න කලින් කෑම ටික හදලා තියන්න ඕනා

🤍තාත්තා නැති අඩුව දැනෙන්න දෙන්න බෑ. අම්මත් මම තාත්තත් මම

🤍අද රෑ වෙනකල් OT කරන්න බෑ සර්.දරුවො ගෙදර තනියම

🤍මම කොහොමහරි පුතාගෙ විශ්වවිද්‍යාල වියදම් ටික මාසෙ අන්තිම වෙද්දි අතටම දෙනවා පුතේ

🤍දරුවො ටික සනීපෙන් නේද මගේ දුවේ

ජීවිතෙ කොයි කොයි කාලෙ වුණත් අම්මගෙ ආදරෙ එක වගේ. ඒ රැකවරණය ඒ උණුසුම අසීමාන්තිකයි. ගොඩක් වෙලාවට දකින්න ලැබෙනවා දරුවො සමහර තැන්වල ආදරේ වචනකරනවා
අම්මා කියන්නෙම සසරක්
අම්මා වයසට නොගිහින් මම තරුණ නොවුනා නම්...
අම්මා මනුස්සයෙක්ගෙ ජීවිතේ ඇතුලෙ අවධි ගණනාවක භූමිකා ගණනාවක් ඇතුලේ රැදෙනවා. අපේ පාසල් කාලෙ, විශ්වවිද්‍යාල කාලෙ ජොබ් එකක් කරන කාලෙ,අපි විවාහා වුණාට පස්සෙ,අපි දරුවො හැදුවට පස්සෙ. මේ මොන කාලෙ වුණත් ඒ ඒ පරිච්ඡේද හරි ආදරෙන් ගෙවන්න අපි හැමෝටම පුලුවන්.

සීමා මායිම් නැති මව්වත්කම් කියන්නෙම අම්මෙක් වෙන්න පතන අම්මෙක්ගෙ ඉදන් දරුවන්ගෙ දරුවන්ට අම්මා වෙන තැන ඉදලා දරුවන්ගෙ ලෝකෙ ඇතුලෙ අමාවක දවස් හංගලා ආදරේ බෙදන හරි අපූරු බැදීමක්.

සෙනෙහසේ මුල් අකුරට සුබ මව්වරුන්ගේ දිනයක් වේවා!!

Address

Https://maps. App. Goo. Gl/J5oSCAeRrShXWTPs9?g_st=ic
Marawila
61210

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Alerts

Be the first to know and let us send you an email when Mindwell Counseling Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram