City Dental Clinic And Dental Hospital Matale

City Dental Clinic And Dental Hospital Matale Dental care

🔶මීට දින කිහිපයකට කලින් හදිසි අනතුරකට ලක්ව ඉදිරිපස දත් දෙකක් කැඩී ගිය දරුවෙකුගේ එම කැඩී ගිය දත් කොටස් නැවත සාර්ථකව සවි ක...
18/12/2024

🔶මීට දින කිහිපයකට කලින් හදිසි අනතුරකට ලක්ව ඉදිරිපස දත් දෙකක් කැඩී ගිය දරුවෙකුගේ එම කැඩී ගිය දත් කොටස් නැවත සාර්ථකව සවි කරන ලදි.

🔶මෙවැනි අවස්ථකට මුහුණදීමට සිදුවුහහොත් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවීමෙන් සාර්ථක ප්‍රථිපල ළගා කරගත හැක.
◾දන්ත වෛද්‍ය කෝලිත චන්ද්‍රසේකර.

🔵ප්‍රතිකාර ලබාගැනීමට වෙලාවක් වෙන්කර ගැනීමට හා වැඩිදුර තොරතුරු සදහා අමතන්න.
☎️776495708
🏢 ලිපිනය - නො105G,රජ වීදිය,මාතලේ.

📍Google Location - https://maps.app.goo.gl/YmJZ1UYABipFgeBBA




🔶🔶🔶හනු අස්ථිය ඇතුලේ හිරවුණු රදනක දතක් සදහා කළ හැකි ප්‍රතිකාර.🔷සමහර පුද්ගලයන්ගේ රදනක හරි ආකාරයට මෝදු නොවී අස්ථිය ඇතුලේ හි...
17/12/2024

🔶🔶🔶හනු අස්ථිය ඇතුලේ හිරවුණු රදනක දතක් සදහා කළ හැකි ප්‍රතිකාර.

🔷සමහර පුද්ගලයන්ගේ රදනක හරි ආකාරයට මෝදු නොවී අස්ථිය ඇතුලේ හිරවෙන අවස්ථා දක්නට ලැබේ.

🔷මේ සදහා හේතු කිහිපයක් බලපායි.
◾ දන්ත ආරුක්කුවේ ඉඩ නොමැතිකම

◾ යාබද දත් පිහිටීම හරිආකාරාව සිදුනොවීම.

◾ජානමය සාධක (පවුල් ඉතිහාසය)

◾ දීර්ඝ කාලයක් කිරිදත් නොවැටී තිබීම හෝ කිරි දත් ඉක්මනින් අහිමි වීම

◾ අසාමාන්‍ය දත් වර්ධනය හෝ ඇන්කිලෝසිස් ankylosis( අස්ථි අසාමාන්‍ය ලෙස ඝනවීමfusion with the bone)

🔷මෙහිදී ,
රදනක දත නිසිකාලයේදී මෝදු නොවීම.
විදුරුමසෙහි තද බව හා වේදනාවක් දැනීම
දත ඇති ස්ථානයේ විදුරුමස ඉදිමී තිබීම
අනෙකුත් දත් අපිළිවෙලට අක්‍රමවත්ව සැකසී තිබීම
සමහර අවස්ථා වලදී ආහාර ගැනීමට හැපීමට නොහැකි වීම
සිදු විය හැක.

🔷සාමාන්‍ය දන්ත පරීක්ෂාවකදී හා x-ray කිරණ ජායාරූපයක් මගින් මෙම තත්ත්වය හදුනාගත හැක .

🔶මේ තත්ත්වය නිවැරැදි කිරීම සදහා ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ඇත.

1. නිරීක්ෂණය: කාලයත් සමඟ ස්වභාවිකව දත් මෝදුවේදැයි බැලීම.

2. විකලාංග ප්‍රතිකාරය: braces මගින් මෝදු නොවූ රදනක දත සඳහා ඉඩක් නිර්මාණය කළ හැකි අතර, එය නිවැරැදි පිහිටීමට ගෙන ඒම සඳහා එම දතට bracket එකක් අලවා දත නිවැරැදි පිහිටීමට ගත හැක.

3. ශල්‍ය නිරාවරණය සහ විකලාංග ප්‍රතිකාරය:
විදුරුමස තුල සිරවී ඇති දත ශල්‍යකර්මයෙන් නිරාවරණය කර, එය නිවැරැදි පිහිටීමට ගෙන ඒම සඳහා එම දතට bracket එකක් අලවා දත නිවැරැදි පිහිටීමට ගත හැක.

4. දත ශල්‍යකර්යකින් ඉවත් කිරීම : ඉහත කවර ආකාරයකින් හෝ දත නිවැරැදි පිහිටීමට ගැනීමට නොහැකනම් හෝ දතට වැඩි බලපෑමක් ඇති වුවහොත් හෝ ගැටළු ඇති වුවහොත්, එය ඉවත් කර implant මගින් හෝ bridge මගින් නැවත දත ප්‍රතිස්ථාපනය කිරීමට හැකිය.

ශල්‍යකර්යකින් දත ඉවත් කළ පසුවද විකලාංග ප්‍රතිකාර orthodontic treatment මගින් දත් වල ඇති විකෘතිතා නිවැරැදි කල හැක.

🔷ඔබටත් මෙවැනි ගැටලුවක් ඇත්නම් අපගේ දන්ත වෛද්‍යවරුන් හමුවී ඔබට සුදුසුම ප්‍රතිකාර ක්‍රමය තෝරාගන්න.

🔵ප්‍රතිකාර ලබාගැනීමට වෙලාවක් වෙන්කර ගැනීමට හා වැඩිදුර තොරතුරු සදහා අමතන්න.
☎️776495708
🏢 ලිපිනය - නො105G,රජ වීදිය,මාතලේ.

📍Google Location - https://maps.app.goo.gl/YmJZ1UYABipFgeBBA




16/12/2024

Experience a safety and comfortable dentistry.
Your confidence smile is our priority 😀

We are professional and highly experienced team of Doctors.We provide you to personalized care with safety , comfortable and painless.We use latest technology, equipment as well as updated knowledge.you can get unparalleled care and cost effective service.

Our Services ;
🦷Consultation
🦷Orthodontic treatment
🦷Root canal treatment
🦷Prosthodontic treatment
Crowns
Bridges
Dentures
🦷Fluoride treatment
🦷Teeth whitening
🦷Tooth fillings
🦷Extractions
🦷Scaling
🦷Oral minor surgery
🦷Review

BOOK YOUR APPOINTMENT NOW..

☎️ Mobile - 077 6495708

🏢 Address - No 105G, Kings Street, Matale

🌐 Visit our website - www.citydentalhospital.lk

📍Google Location - https://maps.app.goo.gl/YmJZ1UYABipFgeBBA





🔷දත් අතර ඇති හිඩැස් නිසා ඔබත් කනගාටුවෙන්ද්?සිනහවීමට අකමැතිද?ඒ සදහා සාර්ථක විසඳුම් කිහිපයක් අප ලග ඇත.Orthodontics Treatme...
11/12/2024

🔷දත් අතර ඇති හිඩැස් නිසා ඔබත් කනගාටුවෙන්ද්?
සිනහවීමට අකමැතිද?
ඒ සදහා සාර්ථක විසඳුම් කිහිපයක් අප ලග ඇත.
Orthodontics Treatment,Crown,E-max crown,Bridge,composite gap filling treatment ඒ අතරින් කිහිපයකි.
🔶🔶🔶 මෙම ප්‍රතිකාර ක්‍රම අතරින් අඩුම කාලයක් සහ පිරිවැයකින් කරගත හැක්කෙ කොම්පොසිට් පිරවුම්( composite filling)ප්‍රතිකාර ක්‍රමයයි.

🔴Composite දත් පිරවුම් ප්‍රතිකාරය මගින් දත් අතර හිඩැස පිරවීම.

🔶මෙමගින් ඔබගේ දත් අතර ඇති හිඩැස් දතේ වර්ණයෙන්ම සෑදු පිරවුමකින් පුරවනු ලබයි .
🔶මෙය දත්වල හැඩය ආරක්ෂා වන ලෙස සිදු කරුණු ලබන අතර එමගින් ඔබේ සිනහව වැඩිදියුණු කරගන්න.

🔵ප්‍රතිකාර ලබාගැනීමට වෙලාවක් වෙන්කර ගැනීමට හා වැඩිදුර තොරතුරු සදහා අමතන්න.
☎️776495708
🏢 ලිපිනය - නො105G,රජ වීදිය,මාතලේ.

📍Google Location - https://maps.app.goo.gl/YmJZ1UYABipFgeBBA




🔸🔸🔸දත් කුහර ඇතිවීමට පෙර හා දැනටමත දිරායාමින් පවතින දත් ආරක්ෂා කර ගැනීමට  ප්‍රතිකාර ක්‍රමයක් ඇති බව ඔබ දන්නවාද?      *ෆ්ල...
10/12/2024

🔸🔸🔸දත් කුහර ඇතිවීමට පෙර හා දැනටමත දිරායාමින් පවතින දත් ආරක්ෂා කර ගැනීමට ප්‍රතිකාර ක්‍රමයක් ඇති බව ඔබ දන්නවාද?

*ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය*

🔹ෆ්ලෝරයිඩ් යනු ස්වාභාවික ඛනිජයක් වන අතර එය දත්, එනමලය ශක්තිමත් කිරීම සහ දිරාපත්වීමට විරුද්ධව ක්‍රියා කරයි.

🔹ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය මගින් ,ෆ්ලෝරයිඩ් ස්ථරයක් දත් මත ආලේපන කර දන්ත එනමලය ශක්තිමත් කරයි.
එයින්,
🔸① දත මත සක්‍රීය ලෙස කැල්සියම් ලවණ තැන්පත් වීමේ වේගය වැඩි කිරීමෙන් හා දත මතුපිටින් කැල්සියම් ලවණ ඉවත්වීමේ වේගය අඩු කිරීමෙන් දත් දිරා යෑම වැළැක්වීම.

🔸② ෆ්ලෝරයිඩ් මඟින් දතේ එනමලය ශක්තිමත් කිරීමට හේතුවන ෆ්ලෝරෝඇපටයිට් සංයෝගය සාදා ආම්ලික භාවය වැඩිවීමෙන් දතට සිදුවන හානි වලක්වා ගනී.

🔸③ මීට අමතරව ෆ්ලෝරයිඩ් වලට දත් වලට හානි කරන බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාවක් ඇත.


⚫ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරයෙ ප්‍රතිලාභ ,

🔴කුහර වැලැක්වීම: ෆ්ලෝරයිඩ් දුර්වල වූ එනමලය නැවත හටගැනීමට උපකාරී වේ, කුහර ඇතිවීමේ අවදානම ඵලදායී ලෙස අඩු කරයි.

🔴සංවේදීතාව අඩු කිරීම: එනමලය ශක්තිමත් කිරීමෙන් සහ නිරාවරණය වූ ප්‍රදේශ ආරක්ෂා කිරීමෙන් දත් සංවේදීතාව සමනය කළ හැකිය.

⚫මෙම ප්‍රතිකාරය ඕනෑම වයස් කාණ්ඩයක් සදහා සුදුසු වේ.

🔴සක්‍රීය ලෙස දත් දිරායාම සිදුවන වැඩිහිටි පුද්ගලයන් හා කුඩා දරුවන් සදහා විශේෂයි.
🔴🔴කිරි දත් නරක් වී ඇති කුඩා දරැවන්ගේ එම දත් ආරක්ෂා කර ගැනීමට ඇති සාර්ථක ප්‍රතිකාරයකි.

🔵ප්‍රතිකාර ලබාගැනීමට වෙලාවක් වෙන්කර ගැනීමට හා වැඩිදුර තොරතුරු සදහා අමතන්න.
☎️776495708
🏢 ලිපිනය - නො105G,රජ වීදිය,මාතලේ.

📍Google Location - https://maps.app.goo.gl/YmJZ1UYABipFgeBBA


#

🔴දත් වලට කම්බි(Braces) දැමීමේදි දැනගත  යුතු කරුණු.🔹Braces නැතිනම් Fixed orthodontic appliances කියන්නේ දත් වල පිහිටීම වෙ...
05/12/2024

🔴දත් වලට කම්බි(Braces) දැමීමේදි දැනගත යුතු කරුණු.

🔹Braces නැතිනම් Fixed orthodontic appliances කියන්නේ දත් වල පිහිටීම වෙනස් කරලා දත් වල විකෘතිතා නිවැරැදි කරලා ඔබේ සිනහව, පෙනුම, දත්වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්න යොදාගන්නා ප්‍රතිකාර ක්‍රමයක්.

🔹Braces පළඳින ඔබ සැලකිලිමත් විය යුතු දේවල් ගැන විමසා බලමු.

🔸ආහාර ගැනීමේදී ,

▪️ඉදිරිපස දත් වලින් ආහාර ඉරීම හෝ තදින් සැපීම නොකළ යුතුයි.

▪️පලතුරු (ඇපල්, පේර වැනි), නොපිසූ එළවළු (කැරට් වැනි), පාන්,මස් වර්ග ,මුරුක්කු,බැදපු කඩල ආදිය ආහාරයට ගන්නේ නම් කුඩා කැබලි වලට කැපීමෙන්/ කැඩීමෙන් අනතුරුව පිටුපස දත් වලින් සෙමින් සෑපීමයි සුදුසු වන්නේ.

▪️ආම්ලික බවින් වැඩි ආහාර,වර්ණකාරක යෙදූ ආහාර,දත් වල කහට බැදෙන ආහාර නොගත යුතුයි.

▪️අධික ලෙස සීනි අඩංගු ආහාර, කාබණිකෘත පැණි බීම හා අලෙනසුලු ආහාර ගැනීම දත් දීරායාමට ඇති අවදානම වැඩි කරන බැවින් එවැනි ආහාර ගැනීමේන් වළකින්න.

▪️ Chewing gum, ටොෆී වර්ග වැනි ඇලෙන සුළු ආහාර හා ගැනීමෙන් වළකින්න.

🔸නියපොතු හැපීම, පෑන් පැන්සල් හැපීම, දත් වලින් කවර ඉරීම හා බෝතල් මුඩි ඇරීම වගේ දේවල් කිසිසේත් සිදු නොකරන්න.
එවැනි නොසැලකිලිමත් දේ නිසා brackets, කම්බි ගැලවී යාමත් bands බුරුල් වීමත් නිසා ප්‍රතිකාරය නිසි පරිදි සිදු නොවේ. ප්‍රතිකාරයට ගතවන කාලය දික්වේ.

🔹Braces පැළඳීමෙන් පසු දත් සහ විදුරුමස් වල පිරිසිදු බව ගැන වැඩි අවදනයක් යොමු කළ යුතු වෙනවා.
ඒ කට තුළ ආහාර කැබලි රැදෙන ස්ථාන වැඩි නිසා මැලියම් ඇති වීමත් ඒවා මත බැක්ටීරියා වැඩි වශයෙන් වර්ධනය වීමත් සිදුවන නිසයි. ඒ තත්ත්ව යටතේ දත් දිරායාමේ අවදානම වගේම විදුරුමස් රෝග ඇති වීමට ඇති ඉඩකඩත් ඉතාමත් ඉහළයි. කට තුළ පිරිසිදු බව පවත්වා ගැනීමට අපොහොසත් උනොත් දත් දිරායාම, කටේ දුගඳ ඇති වීම, විදුරුමස් රෝග ඇති වීම, braces ඉවත් කළ පසු දත් මත පැල්ලම් (decalcification) ඉතිරි වීම වැනි අයහපත් ප්‍රතිඵල ඇති විය හැකියි.

🔸දන්ත සෞඛ්‍ය පවත්වා ගැනීමට,

▪️දිනකට දෙවරක් දත් මැදීමට අමතරව සෑම ආහාර ගැනීමකට පසුවද දත් මැදීම කළ යුතුයි .
▪️ ඒ සදහා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් භාවිත කරන්න.
▪️දත් මැදීමේදි දත් අතර මෙන්ම,කම්බි(braces) අතර ඇති කෑම කැබලි සියල්ලම ඉවත් කිරීමට වග බලා ගන්න.
▪️ එක් පැත්තක සිට අනෙක් පැත්තට කම්බි වලට ඉහලින් ,කම්බි වලට පහලින් මෙන්ම කම්බි ඔස්සේ මැදීම කළ යුතුයි. Interproximal brush එකක් භාවිතයෙන් කම්බි වලට යටින් දත හා කම්බිය අතර ඇති ප්‍රදේශ හා brackets වටා ඇති ප්‍රදේශ පිරිසිදු කරන්න.
▪️ෆ්ලෝරයිඩ් අඩංගු කට සෝදන දියර (fluoride mouth wash) භාවිත කිරීමත්, දිනපතා Floss කිරීමත් වැදගත් වේ.

🔹Brackets හෝ කම්බි මගින් තොල්, විදුරුමස් , කම්මුල් හෝ දිව තුවාල වන්නේ නම් orthodontic wax කැබැල්ලක් මගින් එම තියුණු කොටස් අවරණය කරන්න. ඒ වෙනුවට තෙත් කරන ලද කුඩා ටිෂූ කැබැල්ලක් වුවත් යොදා ගත හැකියි.

🔹අධික වේදනාවක් පවතින්නෙ නම් හෝ brackets හෝ කම්බි ගැලවී, බුරුල් වී ඇත්නම් මීළග සායන දිනය දක්වා නොසිට සායනය වෙත පැමිණ වෛද්‍යවරයා හමුවීමට කටයුතු කරන්න.

🔹ඔබ ක්‍රීඩාවල (contact sports)නිරත වන්නේ නම් mouth guard එකක් භාවිත කිරීමෙන් අනතුරකදී සිදුවන හානිය වළක්වාගත හැකියි.

🔶🔹නොකඩවා නියමිත සායනය දිනයන්හිදී පැමිණ ප්‍රතිකාරය ලබාගැනීමට වගබලා ගන්න .
එමගින් අපේක්ෂිත කාලයේදී හෝ ඊට ප්‍රථම සාර්ථක ලෙස ප්‍රතිකාරය අවසන් කර braces ඉවත් කලහැකිවේ.
🔶🔶🔶දත් වලට කම්බි(braces) දැමීමේ ප්‍රතිකාරයෙ ඵලදායී සාර්ථක ප්‍රතිඵල ,,,
▪️නිවැරැදි වෛද්‍ය උපදෙස් පිළිපැදීම
▪️ මුඛ සෞඛ්‍ය යහපත් ලෙස පවත්වා ගැනීම
▪️නියමිත දිනයන්හිදී සායනය වෙත පැමිණිම
මගින් ලබා ගත හැක.

🔵ප්‍රතිකාර ලබාගැනීමට වෙලාවක් වෙන්කර ගැනීමට හා වැඩිදුර තොරතුරු සදහා අමතන්න.
☎️776495708
🏢 ලිපිනය - නො105G,රජ වීදිය,මාතලේ.

📍Google Location - https://maps.app.goo.gl/YmJZ1UYABipFgeBBA




🔶ඔබගේ සිනහව නැවත ලබා දෙන Dental Crown(දන්ත කොපු) ප්‍රතිකාරය පිලිබද ඔබ දැනුවත්ද?🔷Dental Crown(දන්ත කොපු) යනු,කැඩී ගිය,හාන...
04/12/2024

🔶ඔබගේ සිනහව නැවත ලබා දෙන Dental Crown(දන්ත කොපු) ප්‍රතිකාරය පිලිබද ඔබ දැනුවත්ද?

🔷Dental Crown(දන්ත කොපු) යනු,
කැඩී ගිය,හානි වූ හෝ ස්වාභාවික වර්ණය අහිමි වූ දතකට එම දතේ පෙර තිබූ ස්වාභාවික හැඩයට පෙනුමට වර්ණයට සමාන දතක් ප්‍රතිස්ථාපනය කිරීමයි.
මෙහිදී එම හානි වූ සම්පූර්ණ දත ආවණය වන පරිදි සේවාදායකයා වෙනුවෙන්ම සැකසූ දන්ත සැකැස්මක් යොදාගනු ලැබේ .

🔷ඔබගේ කැඩී ගිය හෝ දිරායාමින් පවතින දතකට crown පැළදීමෙ වාසි,

◾කැඩි ගිය හෝ දිරා ගිය දත වෙනුවට වඩාත් හොඳ පෙනුමෙන් යුතු කැඩී යාමට පෙර පැවති ඔබගේ ස්වාභාවික දත හා සමානම පාටින් හැඩයෙන් දතක් ලබා දී ඔබේ සිනහව ආරක්ෂා කිරීම.
◾දත තවදුරටත් දිරායාමෙන් ආරක්ෂා වේ.
◾එමගින් එම දත ගැලවීමට හෝ නැවත නැවත පිරවීමට අවශ්‍ය නොවේ.
◾දත දිගුකාලීනව සුරක්ෂිත බැවින් නැවත නැවත දත ප්‍රතිසංස්කරණයට යන කාලය හා මුදල් ඉතිරි වේ.
◾ස්ථීරවම දත් සවි කිරීමෙ ක්‍රමයක් බැවින් පැළද සිටීමේදී හෝ භාවිතා කිරීමෙ ගැටලු ඇති නොවේ.
◾ස්නායු පිරවූ දතක ශක්තිමත් බව වැඩි කරයි.

🔷නිමවා ඇති අමුද්‍රව්‍ය මත Crown වර්ග කීපයක් ඇත.

◾Metal crown -ලෝහමය ද්‍රව්‍යන් වන රන්
හෝ ප්ලැටිනම් හෝ නිකල් ,ක්‍රෝමියම් වැනි මූලික ලෝහ ලෝහ මිශ්‍ර කර සාදනු ලබන ලෝහයකින් සාදනු ලබයි
මුඛයේ පසුපස ඇති දත් සදහා වැඩිපුරම භාවිතා කරයි.
▫️️වාසි:
ඉතා කල් පවතින හා ඝර්ෂණයට ඔරොත්තු දෙයි.
අවම දත් ව්‍යුහයක් ඉවත් කිරීම අවශ්‍ය වේ.
▫️️අවාසි:
ලෝහයේ පැහැය පෙනෙන බැවින් ඉදිරිපස දත් සදහා අවම වශයෙන් භාවිතා කරයි.

◾Porcelain-Fused-to-Metal (PFM) Crowns-පෝසිලේන් ආවරණයක් සහිතව ලෝහ පදනමක් යොදා සාදා ඇත
ඉදිරිපස සහ පසුපස දත් දෙකටම ගැලපේ.
▫️️වාසි:
ශක්තිමත් වේ ස්වභාවික දතේ පැහැයට සාමානවම සෑදිය හැක
▫️️අවාසි:
කාලයත් සමඟ විදුරුමස් රේඛාවේ ලෝහ රේඛාවක් පෙන්විය හැක.
දැඩි ආතතියක් දත මත යෙදුවහොත් කැඩී යා හැක.

◾ All-Ceramic or All-Porcelain Crowns
සෙරමික් හෝ පෝසිලේන් අමුද්‍රව්‍යයෙන් සාදා ඇත
ඉදිරිපස දත් හෝ අඩු පීඩන ප්රදේශ සඳහා හොඳම වේ.
▫️️වාසි:
ස්වභාවික දත් වර්ණයට හා සමානම වන ලෙස සෑදිය හැක.
ලෝහ සදහා අසාත්මිකතා ඇති රෝගීන් සඳහා සුදුසු වේ
▫️️අවාසි:
ලෝහ හෝ PFM ඔටුනු වලට වඩා ශක්තිමත් බවින් මදක් අඩුවේ.

◾Zirconia Crowns
සර්කෝනියම් ඩයොක්සයිඩ්, යන ශක්තිමත් සෙරමික් අමුද්‍රව්‍යයෙන් සාදා ඇත .
▫️️වාසි:
ඉතා කල් පවතින හා ශක්තිමත් බැවින් හානිවීම් අවම වේ.
ස්වභාවික දතෙහි හැඩයට වර්ණයට සමානම දතක් නිර්මාණය කල හැක.

◾E-max Crowns (Lithium Disilicate)
වීදුරු-සෙරමික් අමුද්‍රව්‍ය යොදාගෙන සාදා ඇත.
ඉදිරිපස දත් හෝ මධ්‍යස්ථ පීඩන ප්‍රදේශ සඳහා වඩාත් සුදුසුය.
▫️️වාසි:
සාම්ප්‍රදායික පෝසිලේන් වලට වඩා ශක්තිමත්බාවයෙන් වැඩි.

◾Resin Crowns
සංයුක්ත රෙසින් අමුද්‍රව්‍යයෙන් සාදනු ලබයි.
▫️️වාසි:
අනෙකුත් crown වර්ග වලට වඩා මිලෙන් අඩුයි .
ස්ථිර crown එකක් සෑදිමට ගත වන කාලයේදී තාවකාලික විසඳුමක් ලෙස බාවිතා කල හැක.
▫️️අවාසි:
කල්පවත්නා කාලය අඩු වේ.
ඉක්මනින් කැඩී යා හැක.

◾Stainless Steel Crowns
පෙර සැකසූ මල නොබැඳෙන වානේ වලින් නිමවා ඇත .
▫️️වාසි සාමාන්යයෙන් තාවකාලික crown ලෙස හෝ දරුවන්ගේ ප්රාථමික දත් සඳහා භාවිතා වේ. අනෙකුත් crown වලට වඩා මිලෙන් අඩුවේ.

🔷 ඔබට සුදුසු crown වර්ගය තෝරාගැනීමේදී සළකා බැලිය යුතු කරුණු,
▫️️crown පැළදීමෙ අවශ්‍යතාව.
▫️️Crown පැළදීමට බලාපොරොත්තු වන දතෙහි ස්වාභාවය,පිහිටීම,සිදුවඇති හානියේ ප්‍රමාණය.
▫️️මුඛ සෞඛ්‍ය තත්ත්වය.
▫️දැරියහැකි පිරිවැය.

🔷අපගේ දන්ත වෛද්‍යවරුන් හමුවී ඔවුන් සමග සාකච්ඡාකර ඔබට සුදුසුම crown වර්ගය තෝරාගන්න.
තවදුරටත් ඔබගේ සිනහව ශක්තිමත් කරගෙන පෙනුම වැඩිදියුණු කරගන්න.

🔵ප්‍රතිකාර ලබාගැනීමට වෙලාවක් වෙන්කර ගැනීමට හා වැඩිදුර තොරතුරු සදහා අමතන්න.
☎️776495708
🏢 ලිපිනය - නො105G,රජ වීදිය,මාතලේ.

📍Google Location - https://maps.app.goo.gl/YmJZ1UYABipFgeBBA



crown treatment

19/07/2024

🏥🏥මීට සතියකට ඉහත දී අප වෙත ආ අවුරුදු 9 ක දැරියක ට ප්‍රතිකාර කල අයුරු සහ ඒම ප්‍රතිකාරය පිලිබද දැනුවත් කිරීමක්.🏥🏥

හදිසි අනතුරකින් ඔබේ මුඛයේ ඇති දතක් ගැලවී යන්න පුළවන්

පුද්ගලයෙකුගේ දතක් හදිසි අනතුරකින් අහිමි වුණොත් .... එහෙම අවස්තාවකදී ගැලවුණු දත ද්‍රාවණයක තබා ගෙන එන්න පුළුවන්. පහතින් සදහන් කරන ඔිනෑම ද්‍රාවණයක ඒ් වෙනුවෙන් සුදුසුයි.

📌️ඔබට සාමාන්‍ය සේලයින් සොයා ගත හැකි නම් වඩාත්ම සුදුසුයි.
එසේ නැත්නම්
📌️ඔබේම කෙළ ද්‍රාවණයක්
📌️දියර කිරි
📌️ පහසුවෙන් සොයා ගත හැකි තැඹිලි හෝ කුරුම්බා වතුර වඩාත් සුදුසුයි
📌️මව්කිරි
ඉක්මනින්ම දන්ත වයිද්‍ය වරයෙක් හමුවන්න

ප්‍රතිකාරවල සාර්තකත්වයට කාලය සෘජු ලෙසින්ම බලපානවා. දත ගැලවුණ වේලාවේ සිට පැය 24 තුල ප්‍රතිකාර වෙත යොමු වුනොත් ඉතා සාර්තක ප්‍රතිඵල ලබා ගන්න හැකියාව තිබෙනවා.


පහත දැක්වෙන ඡායාරූප පරිදි ගැලවී ගිය දත එම ස්ථානයටම නැවත සවිකර ආධාරක කම්බියකින් රඳවා ප්‍රතිකාරය ඉදිරියට පවත්වාගෙන යා හැක

14/05/2024

Filling gaps....👇🏥✔️

Address

Matale
21000

Telephone

+94776495708

Website

Alerts

Be the first to know and let us send you an email when City Dental Clinic And Dental Hospital Matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to City Dental Clinic And Dental Hospital Matale:

Share