
01/07/2022
මම ඊයේ පාස්පොර්ට් එක අලුත් කළා!
Online Appointment දාලා හැදුවේ.....
පාස්පෝට් හදන්න යන්න ඉන්න අයට....
කියන්න දේවල් තියෙයි... 🥰🥰
Online Appointment දාන්නෙ නැතුව යන්න එපා!!!
දවස් ගණන් පෝලිමේ ඉන්න මිනිස්සු හිටියා😥
ඒ නිසා හැමෝම Online Appointment දාලා යන්න! හදිසිම කෙනෙක් ඉන්නවනං....
Appointment දාන්නෙ නැතුව ගිහින්..
පෝලිමේ ඉඳල තමයි ගන්න වෙන්නේ!
ඊයේ සාමාන්‍ය විදිහට හා Online Appointment දාපු...
30,000ක් විතර ඉන්න ඇති!
සාමාන්‍ය විදිහට පෝලිමේ ඉන්න අයගෙන්....
දවසකට 450-500ක් අතර ගානක්....
විතරයි ඇතුලට ගන්නෙ!
ඉතුරු අයට තව දවසක් දෙනවා එන්න කියලා! ඔයාලට හොඳම විදිහ තමයි..
Online Appointment දාල යන්න...✅
දැනට ආරංචි විදිහට Online Appointments....
ලබනමාසෙ අන්තිම වෙනකල් Bookවෙලා!
තව ඉස්සරහට අමාරුවෙයි ගන්න!
Print කරන passport පොත් එහෙම අඩුයිලු.
පුළුවන් තරම් Oneday ම ගන්න!
Normal Service එක ගොඩක් පරක්කු වෙනවා.
ඉස්සර සති දෙකෙන් ආවට..
දැන් මාස දෙකකට වඩා වැඩි කාලයක් යයි....
Online දාල යන අය....
පුළුවන් තරම් උදෙන්ම යන්න.
මම නම් ගියේ උදේ 5.30ට විතර...
එතකොටත් 500 m විතර දිගයි පෝලිම.
උදේ 7ට විතර ඇතුලට ගන්නවා.
Appointment දැම්මාම...
එන PDF එක පෙන්නලා ඇතුලට යන්න ඕනි.
ඊට පස්සෙ Online Appointment Check කරනවා. එයාලගෙ ලිස්ට් එකෙන්.
බොරු කරල එහෙම යන්න බැහැ හොඳේ.😜
ඊටපස්සේ.. One Day අය 1 St Floor එකටත්...
Normal අය 2 Nd floorඑකටත්....
ගිහිං ටෝකන් අරගන්න ඕන...
ඊළඟට Documents check කරලා...
Finger Print අරගෙන සල්ලි ගෙවන්න තියෙන්නෙ.. ඇතුලට ගියාට පස්සෙ මේ වැඩ ටිකට....
පැය 1ක් 2ක් අතර වෙලාවක් යන්නෙ...
ඊට පස්සෙ 1 st floor එකේ D section එකෙන්.
Oneday අයට පාස්පොර්ට් එක ගන්න පුළුවන්.
හැබැයි දවල් 12න් පස්සෙ දෙන්න පටන් ගන්නේ!
ඔයාලගෙ Documents ටික හරියට හදාගෙන යන්න. නැත්නම්....
ඔයාලට ටිකක් අපහසුවෙයි වැඩේ කරගන්න!
මම ඊයේ Documents භාර දීලා සල්ලි ගෙව්වේ...
උදේ 8.17ට!
ඒත් මට පාස්පොර්ට් එක හම්බුනේ හවස 4.45ට උදේම ගියා කියලා....
පාස්පොර්ට් එක ඉක්මනින් ලැබෙන්නේ නෑ.
Oneday යන අය කෑමට මොනාහරි අරගෙන යන්න. වතුර බෝතලයක් අරං යන්න.
කුඩයක් විශේෂයෙන්(මේ දවස්වල වහිනවානේ)😊
හැමෝටම උදව්වක් වෙයි කියලා දැම්මේ... තෙරුවන් සරණයි හැමෝටම
ප.ලි. ලබන මාසෙ ඉඳන් oneday service එක 15000 සිට 22500ට යනවලු.
අවශ්‍ය ලියකියවිලි
---------------☆-----------
Original උප්පැන්න සහතිකයයි.
ID එකයි කොපියයි.
පරණ පාස්පෝට් තියෙයිනම්,ඒකයි කොපියයි.
Studio එකෙන් photo ගැහුවාම දෙන රිසිට් එකයි.
Application එකයි.
Application එක හරියට පුරවගෙන යන්න.
තව ඔයාගෙ උප්පැන්නනෙ නම සහ ID එකේ නම වෙනස් නම් දිවුරුම් සහතිකයක් ඕනි.
Online appointment එකේ PRINT එකක් හරි PDF එක හරි අරගෙන යන්න.
දැන්ම Online Appointment එකක් දාන්න!
Link එක මෙතැනින්👇
https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml
❤