24/11/2025
Copied,
⭕රූමටොයිඩ් ආතරයිටිස් වලට දිගටම කැක්කුම් පෙති (NSAIDs) බිබී හිටියොත් මොකද වෙන්නේ 🤔
===========================
⭕රූමටොයිඩ් ආතරයිටිස් කොච්චර දුරදිග යන්න පුළුවන් රෝගයක්ද කියලා මගෙ ලිපි කියවන ඔබ දැනටම දන්නවා ඇති.
⭕අති බහුතරයක් රෝගීන්ට වසර ගණනාවක් පුරා එක දිගටම ප්‍රතිකාර ගන්න වෙනවා.
⭕මුලම අවස්ථාවේදී ප්‍රතිකාර ගන්න එන රෝගීන්ට ලෙඩේ හොඳ කරගන්න උනත් පුළුවන් කමක් තිබ්බට ලෙඩේ දුර දිග ගියාට පස්සේ ප්‍රතිකාර පටන් ගන්න රෝගීන්ට දශක ගණනාවක් පුරා වුණත් ප්‍රතිකාර ගන්න වෙනවා.
⭕ලංකාවේ රෝගීන් බහුතරයක් දෙනා නිසි ප්‍රතිකාර වලට යොමුවෙන්නේ ප්‍රමාද වෙලා.
⭕ඒකට එක හේතු ගොඩක් තියනවා.
✴️එකක් තමා සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයකට මුල කාලයේදී එන රෝග ලක්ෂණ සරල ප්‍රතිකාරවලින් තාවකාලිකව යට යන එක.
✴️අනෙක් කාරණාව කෙටිකාලීන සුවය ලබාදෙන වෙනත් ප්‍රතිකාර ක්‍රම වලට රෝගීන් යොමුවීම.
✴️තවත් සමහර රෝගීන් බෙහෙත් වලට ඇති අනවරත භය සහ ප්‍රතිකාර ගැන සමාජයේ ඇති දුර්මත නිසා නිසා ප්‍රතිකාරවලින් වැළකෙනවා.
✴️සමහරු බේත් එපාම කියල ඕන දෙයක් වුනාට කමක් නෑ කියල ඉන්නවා.
✴️සමහරු මුලින් නිසි ප්‍රතිකාර අරගෙන පස්සෙ අත ඇරල දානවා.
⭕අන්තිමට වන දේ තමා නිසි කලට නිසි ප්‍රතිකාර ලැබුණේ නැති නිසා රෝගය දුරදිග යන එක.
⭕රෝගය සුව වෙන්න හෝ පාලනය කරගන්න ලෙඩේ ඇඟේ ක්‍රියාත්මක වන විදිහ අඩපණ වෙන ආකාරයේ ප්‍රතිකාරවලට යොමුවෙන්න වෙනවා. ඕකට බටහිර වෛද්‍ය විද්‍යාවේ කියන්නේ Disesase modication කියලා. ඔය ප්‍රතිකාර වලට කියන්නේ Disesase Modifying Anti-Rheumatoid drugs (DMARDs) කියලා.
⭕පෙනහළු වලට බැක්ටීරියාවක් ගියොත් ඇන්ටිබයොටික් (antibiotics) වලට හැරෙන තැපෑලේ විෂබීජ මැරිලා ලෙඩේ හොඳ වෙනවා වගේ රූමටොයිඩ් ආතරයිටිස් හොඳ කරන්න පුළුවන් බෙහෙත් තාම ලෝකෙ හොයාගෙන නෑ. අකමැත්තෙන් වුණත් අපි හැමෝම ඒක තේරුම් ගන්න ඕනේ.
⭕රූමටොයිඩ් ආතරයිටිස් වලට ප්‍රතිකාර කළ විට වෙන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා.
✅Cure: රෝගය නැවත මතු නොවන ආකාරයටම සුව වීම.
✅Drug free remission: සැලකිය යුතු කාලයක් නිවැරදිව ප්‍රතිකාර කළ පසුව ලෙඩේ සම්පූර්ණයෙන් සුව නොවුණත් ලෙඩේ දැනට ඇගේ ක්‍රියාකාරී නොවන නිසා ප්‍රතිකාර නතර කිරීමට හැකි වීම. නැවත මතුවුනොත් ප්‍රතිකාර නැවත පටන් ගන්න වෙනවා.
✅On drug remission: බෙහෙත ගන්න ගමන් ලෙඩාට ලෙඩේ ඇඟේ නෑ වගේ දැනෙනවා. බෙහෙත් නිසා තමා රෝගය පාලනය වෙලා තියෙන්නේ. සමහර රෝගීන්ට ප්‍රතිකාර දිගටම ගන්න කොට drug free remission එකකට ලඟා වෙන්න පුළුවන්. අනෙක් රෝගීන්ට දිගටම බෙහෙත් ගන්න වෙනවා.
✅Active disease: ආතරයිටිස් රෝගය ක්‍රියාකාරී අවධියේ පවතින්නේ. රෝග තීව්‍රතාව low, moderate සහ high කියල DAS 28 වගේ රෝග තීව්‍රතාව මනින tool එකකින් වර්ගීකරණය කරන්න පුළුවන්.
⭕මුලින්ම ප්‍රතිගාර ගන්න එන රෝගයකු cure, drug free remission හෝ on drug remission තත්ත්වයට කොහොමහරි ගන්න උත්සාහ කරන්න ඕනේ.
⭕ඔය තත්ත්වයට යන්න අර මම කලින් කියපු DMARDs කියන කුලකයේ ප්‍රතිකාරයක් සෑම රෝගියෙකුටම වාගේ අවශ්‍ය වෙනවා. සමහරවිට එම කුලකයේ බෙහෙත් දෙකක් තුනක් පවා ඕනෑ වෙන්න පුළුවන්.
⭕DMARDs කියන ප්‍රතිකාර conventional, biologic, target synthetic කියලා නැවත වර්ග කර තිබෙනවා.
⭕Conventional DMARDs කුලකයේ තනි බෙහෙතක් මුලින් පටන් අරගෙන ක්‍රමානුකූලව ඒකෙ මාත්‍රාවෙන් ලෙඩේ control වෙනකන් වැඩි කරගෙන යන්න ඕනේ.
⭕ඒ බෙහෙතේ ප්‍රබලත්වය මදි නම් තවත් එම කුලකයේම බෙහෙතක් එකතු කරන්න පුළුවන්. එහෙමත් හරියන්නෙ නැත්නම් biologic හෝ target synthetic කුලකයේ බෙහෙතක් එකතු කරගන්න වෙනවා.
⭕මම ඕක වාක්‍යයෙන් දෙකෙන් ලියාගෙන ගියාට ඕක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. වරින් වර ලේ පරීක්ෂණ කරමින් රෝගියාට ඇඟට දරාගන්න පුළුවන් ප්‍රමාණයට සහ අවයවලට හානි නොවන ආකාරයට ප්‍රතිකාර නියම කරන්න ඕනේ.
⭕ඔය ක්‍රියාවලියට මාස ගාණක් හෝ අවුරුදු ගානක් පවා යන්න පුළුවන්.
⭕දැන් බලමු යම් කිසි රෝගියක් රූමටොයිඩ් ආතරයිටිස් එකට කැක්කුම් පෙති විතරක් පාවිච්චි කරලා ඉන්න බැලුවොත් මොකද වෙන්නේ කියලා.
⭕කැක්කුම් පෙතිවලට මම අර කලින් කියපු disease modifying හැකියාවක් නැ. ඒ කියන්නේ කැක්කුම් පෙත්තකින් වෙන්නේ කැක්කුම අඩු වෙන එක විතරයි ලෙඩේ යට යෑමක් වෙන්නේ නෑ.
⭕කැක්කුම් පෙති වලින් විතරක් ඉන්න තීරණය කළොත් මුලින්ම වෙන්නේ ලෙඩේ සදාකාලිකව හොඳ නොවන තත්ත්වයට යන එක තමා.
⭕ඒකට හේතුව තමා කැක්කුම් පෙති වලට disesase modification එකක් කරන්න හැකියාවක් නැති වීම.
⭕කැක්කුම් පෙත්ත බොනකොට එම පෙත්ත ඇගේ තියෙන පැය ගානට වේදනාව අඩු වෙනවා. නැවත වේදනාව වෙනකොට තව කැක්කුම් පෙත්තක් බොන්න වෙනවා.
⭕වේදනාව අඩු වුණාට ලෙඩේ අඩුවෙන්නේ නෑ. එතකොට හැමදාම කැක්කුම්පෙති බොන්න වෙනවා. බහුතරයක් රෝගීන්ට දවසට දෙපාරක් පමණ.
⭕රෝගය ඇඟ ඇතුළෙ තිබෙන නිසා හන්දි ඇදවීම අනිවාර්යයෙන් වෙනවා.
⭕අනික් වැදගත් කාරණාව තමා රෝගය ඇඟ ඇතුලේ ක්‍රියාකාරී වන නිසා රූමටොයිඩ් ආතරයිටිස් රෝගය නිසා වෙනත් අවයව වල එන සංකූලතා (extraarticular manifestations) කාලයක් යන කොට එනවා.
⭕වැඩිපුරම බලපෑමක් එන්න පුළුවන් පෙනහළු දියවීම (ILD) පපුවේ අමාරු (ischemic heart disease) සහ ඔස්ටියොපොරෝසිස් (වැටිල උකුල, කොන්ඳ කැඩෙන ලෙඩේ) රෝගය නිසා.
⭕අනෙක් කාරණාව තමා හන්දි ඇදවීම නිසා ජීවිතයේ ගුණාත්මක බව සැලකිය යුතු ලෙස අඩුවෙනවා.
⭕දිනපතා කැක්කුම් පෙති පාවිච්චි කිරීම කිසි විටෙක ආරක්ෂිත දෙයක් නෙමෙයි. ඒකට හේතුව තමා කැක්කුම් පෙති කෙටි කාලයකට පාවිච්චි කිරීම ආරක්ෂිත වුණාට දිගු කාලයක් එක දිගට ගන්නකොට සෞඛ්‍ය ගැටලු රැසක් එන්න පුළුවන් වීම.
⭕වකුගඩු දුර්වල වීම, බඩේ තුවාල ඒම, පපුව අමාරු අවදානම වැඩිවීම ආදී දේවල්. හැබැයි කෙටි කාලයකට පාවිච්චි කරනකොට ඔය අවදානම් නොසලකා ඉන්න පුළුවන් තරම්.
⭕තවත් නිරීක්ෂණය වෙන දෙයක් තමා කැක්කුම් පෙති කැක්කුම් පෙති එක දිගට පාවිච්චි කරපු රෝගීන්ට පසුව DMARDs බෙහෙතකට මාරු වෙන්න උවමනා වුනත් කැක්කුම් පෙත්ත නතර කරගැනීමට තියන අපහසුතාව.
⭕හිතන්නකෝ කැක්කුම් පෙති දිගටම ගන්න ගිහිල්ලා ඔබගේ වකුගඩු දුර්වලතාවයක් ආවා කියලා. එතකොට වෙන්නේ කැක්කුම් පෙති සදාකාලිකව නතර කරලා ආතරයිටිස් අඩුකරන බේත් (DMARDs) වලට මාරුවෙන එක. ඉතින් මුල ඉඳන්ම ඔය DMARDs බෙහෙතක් නිවැරදිව බිව්වනම් වකුගඩු නරක් වෙන්නේ නෑනේ.
⭕ඔබට එන්න පුළුවන් අනික් ගැටළුව තමා ඔය DMARDs කියන අතර ආතරයිටිස් බෙහෙත් වලටත් වකුගඩු නරක් වෙන්න පුළුවන්ද කියනඑක. එහෙම වෙන්නේ නෑ. වකුගඩු දුර්වල අයට සමහර බේත් වල මාත්‍රාවන් අඩුකරන්න වෙනවා.
⭕ඔබ රූමටොයිඩ් ආතරයිටිස් රෝගය තියන හන්දි විවිධ ආලේපන ගාලා වේදනාව අඩුකරගෙන ඉන්න ගියත් වෙන්නේ ඔය සෙතේම තමා. හන්ඳි ඇද වෙනවා. ලෙඩේ අනික් අවයව වලට යන්න තියෙන අවස්ථාව නිසි ප්‍රතිකාර නොගන්නා කෙනෙක් ගානමයි.
⭕සරලවම කියනවා නම් වේදනාව අඩුවෙනවා කියන්නේ ලෙඩේ හොඳවෙනවා කියන එක නෙවේ. හැබැයි ලෙඩේ හොඳ කරන්න පුලුවන් බෙහෙතකට පුලුවන් වේදනව අඩුකරන්න.
⭕ඔබට එන්න පුලුවන් සාධාරණ ප්‍රශ්නය තමා ඇයි එහෙනම් හන්දි රෝග විශේෂඥ වෛද්‍යවරු පවා රූමටොයිඩ් ආතරයිටිස් රෝගීන්ට ප්‍රතිකාර පටන් ගත්ත මුල් කාලෙදි සති කිහිපයකට කැක්කුම් පෙති දෙන්නේ ඇයි කියල. ඒකට හේතුව තමා ඔය මම ඉහත සඳහන් කරපු DMARDs කියන පෙති වර්ගය ඇගේ හොඳින් ක්‍රියාකාරී වෙන්න සති කිහිපයක් යන එක. ප්‍රෙඩ්නිසොලෝන් කුලකයේ බෙහෙතකුත් ටික කලක් අඩුමාත්‍රාවෙන් පාවිච්චි කරන්නේ ඉහත සඳහන් කළ හේතුව නිසාම තමා.
⭕ සරලව කියනවනම් නිසි ප්‍රතිකාර ගත්තොත් බෙහෙතෙනුයි ලෙඩෙනුයි දෙකෙන්ම ඇඟට හානියක් වෙන්න තියෙන අවස්ථා නොසලකා ඉන්න පුලුවන් තරම්.
⭕Dr Aruna Caldera
සන්ඳි සහ සන්ඳි ආශ්‍රිත රෝග සම්බන්ධ විශේෂඳ වෛද්‍ය
MBBS, MD, MRCP(UK), MRCP (Rheumatology)