City Pharmacy Matale

City Pharmacy Matale PHARMACEUTICAL AND GROCERY RETAIL SALE. QUALIFIED PHARMACIST SERVICE...

14/02/2026

Stay healthy. Eat healthy.

✔ Limit salt intake to less than 5 grams a day
✔ Cut down on sweets and sugary drinks
✔ Watch your fat intake
✔ Eat more fruits and vegetables

උපුටා ගැන්මකි,🤗බොන්න අරගෙන ආපු බෙහෙත් පෙති ඉතුරු වෙලා ඒව මාරු කරන්න කියලා ආපහු ෆාමසියට අරගෙන ගියානේද ?ආපහු ගත්තද? අරගෙන ...
14/02/2026

උපුටා ගැන්මකි,
🤗බොන්න අරගෙන ආපු බෙහෙත් පෙති ඉතුරු වෙලා ඒව මාරු කරන්න කියලා ආපහු ෆාමසියට අරගෙන ගියානේද ?

ආපහු ගත්තද? අරගෙන මාරු කරලා වෙන බෙහෙත් දුන්නද ? නැත්තං සල්ලි දුන්නද ?.

ෂුවර් එකටම ආපහු ගන්න බෑ කියන්න ඇති.

ඔයා ඉතින් තර්ක කරගෙන ගියා නේද ?
😡අපි මේ බෙහෙත් කාඩ් එක කැඩුවෙ වත් නැහැ.
😡 එක පෙත්තක්වත් අරගෙන නෑනේ.
😡ඩැමේජ් මොකුත් නැහැ.
😡බලන්න ගෙනිච්ච විදිහටම අරන් තියලා එහෙමම අරගෙන ආවා විතරයි.
🥸අපි හැමදාම බෙහෙත් ගන්නේ ඕගොල්ලන්ගෙන් .
🥸අපි වෙන පාමසි වලට යන්නෙත් නැහැ.
😡මේ පොඩි දේවත් කරලා දෙන්න බැරිද?
කිය කිය ඔයා තර්ක කලානේ.

ඉතින්ඔයා හිතන්නේ ඔයා හරි කියලද ?

මං කියන්නං ඇයි ඒක ආපහු ගත්තේ නැත්තෙෙ කියලා .
🤗මොකද ඔය හැම බෙහෙත් වර්ගයක්ම ගබඩා කළ යුතු ක්‍රමවේද තියෙනවා. ඒ්‍ ප්‍රශස්ත සාධක මත තිබෙන තුරු පමණයි ඖෂධයේ නියම ක්‍රියාකාරිත්වය රඳා පවතින්නේ.
🤗ඖෂධය තැබියය යුතු නියමිත උෂ්ණත්වය ආරක්ෂා විය යුතුයි.
🤗ඒවගේම හිරු එළියෙන්, වාතයෙන්, වෙනත් බෙහෙත් වලින්, සතුන්ගෙන් ආරක්ෂාකාරීව වෙන්කර ගබඩා කළ යුතුයි.

ඉතින් ඔයා මේ ෆාමසියෙන් අරගෙන ගිය බෙහෙත් ගෙදරදී කුමන තත්වයක් යටතේ ගබඩා කරලා තිබුණාද කියන්න කවුරුවත් දන්නෙ නැහැ.
☘️ඔයා දන්නෙත් නැතුව ඔය බෙහෙත් ටික බෑග් එකේ දාගෙන ගිනි අව්වේ ඔයා ටවුන් එක පුරාම රවුම් ගහලා ගෙදර අරගෙන යන්න ඇත්තේ.
☘️ ගෙදර ගිහිල්ලත් ඔය බෙහෙත් ටිකක් මේසේ උඩ හරි ප්‍රිජ් එක උඩ හරි තියල තියන්න ඇති.
☘️සමහරවිට ඉර එළිය වැටෙන්නත් ඇති. ප්‍රිජ් එක උඩ වගේ තිබුණා නං රත් වෙන්නත් ඇති.
එහෙනම් කොහොමද ඔයා ඖෂධ වල ක්‍රියාකාරීත්වය ගැන සහතික වෙන්නේ.

ෆාමසිය තුළ පාලනය කරන ලද උෂ්ණත්වයක් යටතේ හොඳින් අසුරා තබා ආරක්ෂා කළ බෙහෙත නෙමෙයි ඔයා දැන් ආපහු පාමසියට දෙන්න යන්නේ.

හිතන්න, ඔය වගේ බෙහෙත් එකක් ආපහු ගන්නෙ නැති ෆාමසිය කොච්චර හොඳයිද?
ඔය විදිහට කිහිප දෙනෙක් ආපහු බෙහෙත් ගෙනත් මාරු කර ගත්තොත් ආපහු ඔයාම බෙහෙත් ගන්න වෙලාවක ඔය බෙහෙත් එකම ඔයාටම ලැබෙන්න පුළුවන් නේද?
එතකොට ලෙඩේ හොඳ වුණේ නැති උනොත් ෆාමසියට බනිනවා මිසක් කවුරුවත් දන්නෙ නැහැ කොහොමද මේ දේ උනේ කියලා.

ඒ නිසා කරුණාකර ඔබ රැගෙන යන බෙහෙත් මාරු කර ගැනීමට ආපසු පාමසියට රැගෙන යන්න එපා..........💝

✍️උදයංගි විජේරත්න

ශ්‍රී ලංකා මාතාවට....නිදහස් මංගල්‍යයක් වේවා! 🇱🇰🇱🇰
04/02/2026

ශ්‍රී ලංකා මාතාවට....
නිදහස් මංගල්‍යයක් වේවා! 🇱🇰🇱🇰

City Pharmacy Matale  🎯 වසර 17ක විශ්වාසය… ✅සුවයට එක්වූ ගමනක් අපගේ වටිනා පාරිභෝගිකයින්ට හදවතින්ම ස්තුතියි!♥️💐🙏ඔබ අපව විශ්...
17/01/2026

City Pharmacy Matale

🎯 වසර 17ක විශ්වාසය…

✅සුවයට එක්වූ ගමනක්

අපගේ වටිනා පාරිභෝගිකයින්ට හදවතින්ම ස්තුතියි!♥️💐🙏

ඔබ අපව විශ්වාස කළ නිසා
වසර 17ක් පුරා ❤️💚💛
සුවය, ආදරය සහ සේවාව එක්කරගෙන
මෙම ගමන අඛණ්ඩව ගමන් කළ හැකි විය.

📌මෙම ගමනට අත්දිගු කළ සියලු දෙනාටත්
වෛද්‍යවරුන්, සැපයුම්කරුවන්, කාර්ය මණ්ඩලය
සහ අපට ශක්තිය වූ සියලු හිතවතුන්ට
අපගේ කෘතඥතාවය පුද කරමු!🙏💐

ඊයේ අද මෙන්ම, හෙටත්…
ඔබගේ සුවය වෙනුවෙන්
ඔබ සමඟම, ඔබට සමීපව
අපි ඉදිරියටත් එකටම සිටිමු!🤜🤛

𝘾𝙄𝙏𝙔 𝙋𝙃𝘼𝙍𝙈𝘼𝘾𝙔 𝙈𝘼𝙏𝘼𝙇𝙀

❤️වසර 17ක් විශ්වාසයේ සුවය ❤️

✍️Surangani Kumari Wijerathna

இனிய தைப்பொங்கல் வாழ்த்துக்கள்.....!!! 🙏🙏🕉️
14/01/2026

இனிய தைப்பொங்கல் வாழ்த்துக்கள்.....!!! 🙏🙏🕉️

01/01/2026

පලපුරුදු ඖෂධවේදී සහායකයින් සඳහා ඇබෑර්තු ඇත.
0772978715.

01/01/2026
𝙒𝙄𝙎𝙃 𝙔𝙊𝙐 𝘼 𝙈𝙀𝙍𝙍𝙔 𝘾𝙍𝙄𝙎𝙏𝙈𝘼𝙎💐♥️
24/12/2025

𝙒𝙄𝙎𝙃 𝙔𝙊𝙐 𝘼 𝙈𝙀𝙍𝙍𝙔 𝘾𝙍𝙄𝙎𝙏𝙈𝘼𝙎💐♥️

Copied,⭕රූමටොයිඩ් ආතරයිටිස් වලට දිගටම කැක්කුම් පෙති (NSAIDs) බිබී හිටියොත් මොකද වෙන්නේ 🤔===========================⭕රූමට...
24/11/2025

Copied,

⭕රූමටොයිඩ් ආතරයිටිස් වලට දිගටම කැක්කුම් පෙති (NSAIDs) බිබී හිටියොත් මොකද වෙන්නේ 🤔
===========================

⭕රූමටොයිඩ් ආතරයිටිස් කොච්චර දුරදිග යන්න පුළුවන් රෝගයක්ද කියලා මගෙ ලිපි කියවන ඔබ දැනටම දන්නවා ඇති.

⭕අති බහුතරයක් රෝගීන්ට වසර ගණනාවක් පුරා එක දිගටම ප්‍රතිකාර ගන්න වෙනවා.

⭕මුලම අවස්ථාවේදී ප්‍රතිකාර ගන්න එන රෝගීන්ට ලෙඩේ හොඳ කරගන්න උනත් පුළුවන් කමක් තිබ්බට ලෙඩේ දුර දිග ගියාට පස්සේ ප්‍රතිකාර පටන් ගන්න රෝගීන්ට දශක ගණනාවක් පුරා වුණත් ප්‍රතිකාර ගන්න වෙනවා.

⭕ලංකාවේ රෝගීන් බහුතරයක් දෙනා නිසි ප්‍රතිකාර වලට යොමුවෙන්නේ ප්‍රමාද වෙලා.

⭕ඒකට එක හේතු ගොඩක් තියනවා.

✴️එකක් තමා සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයකට මුල කාලයේදී එන රෝග ලක්ෂණ සරල ප්‍රතිකාරවලින් තාවකාලිකව යට යන එක.

✴️අනෙක් කාරණාව කෙටිකාලීන සුවය ලබාදෙන වෙනත් ප්‍රතිකාර ක්‍රම වලට රෝගීන් යොමුවීම.

✴️තවත් සමහර රෝගීන් බෙහෙත් වලට ඇති අනවරත භය සහ ප්‍රතිකාර ගැන සමාජයේ ඇති දුර්මත නිසා නිසා ප්‍රතිකාරවලින් වැළකෙනවා.

✴️සමහරු බේත් එපාම කියල ඕන දෙයක් වුනාට කමක් නෑ කියල ඉන්නවා.

✴️සමහරු මුලින් නිසි ප්‍රතිකාර අරගෙන පස්සෙ අත ඇරල දානවා.

⭕අන්තිමට වන දේ තමා නිසි කලට නිසි ප්‍රතිකාර ලැබුණේ නැති නිසා රෝගය දුරදිග යන එක.

⭕රෝගය සුව වෙන්න හෝ පාලනය කරගන්න ලෙඩේ ඇඟේ ක්‍රියාත්මක වන විදිහ අඩපණ වෙන ආකාරයේ ප්‍රතිකාරවලට යොමුවෙන්න වෙනවා. ඕකට බටහිර වෛද්‍ය විද්‍යාවේ කියන්නේ Disesase modication කියලා. ඔය ප්‍රතිකාර වලට කියන්නේ Disesase Modifying Anti-Rheumatoid drugs (DMARDs) කියලා.

⭕පෙනහළු වලට බැක්ටීරියාවක් ගියොත් ඇන්ටිබයොටික් (antibiotics) වලට හැරෙන තැපෑලේ විෂබීජ මැරිලා ලෙඩේ හොඳ වෙනවා වගේ රූමටොයිඩ් ආතරයිටිස් හොඳ කරන්න පුළුවන් බෙහෙත් තාම ලෝකෙ හොයාගෙන නෑ. අකමැත්තෙන් වුණත් අපි හැමෝම ඒක තේරුම් ගන්න ඕනේ.

⭕රූමටොයිඩ් ආතරයිටිස් වලට ප්‍රතිකාර කළ විට වෙන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා.

✅Cure: රෝගය නැවත මතු නොවන ආකාරයටම සුව වීම.

✅Drug free remission: සැලකිය යුතු කාලයක් නිවැරදිව ප්‍රතිකාර කළ පසුව ලෙඩේ සම්පූර්ණයෙන් සුව නොවුණත් ලෙඩේ දැනට ඇගේ ක්‍රියාකාරී නොවන නිසා ප්‍රතිකාර නතර කිරීමට හැකි වීම. නැවත මතුවුනොත් ප්‍රතිකාර නැවත පටන් ගන්න වෙනවා.

✅On drug remission: බෙහෙත ගන්න ගමන් ලෙඩාට ලෙඩේ ඇඟේ නෑ වගේ දැනෙනවා. බෙහෙත් නිසා තමා රෝගය පාලනය වෙලා තියෙන්නේ. සමහර රෝගීන්ට ප්‍රතිකාර දිගටම ගන්න කොට drug free remission එකකට ලඟා වෙන්න පුළුවන්. අනෙක් රෝගීන්ට දිගටම බෙහෙත් ගන්න වෙනවා.

✅Active disease: ආතරයිටිස් රෝගය ක්‍රියාකාරී අවධියේ පවතින්නේ. රෝග තීව්‍රතාව low, moderate සහ high කියල DAS 28 වගේ රෝග තීව්‍රතාව මනින tool එකකින් වර්ගීකරණය කරන්න පුළුවන්.

⭕මුලින්ම ප්‍රතිගාර ගන්න එන රෝගයකු cure, drug free remission හෝ on drug remission තත්ත්වයට කොහොමහරි ගන්න උත්සාහ කරන්න ඕනේ.

⭕ඔය තත්ත්වයට යන්න අර මම කලින් කියපු DMARDs කියන කුලකයේ ප්‍රතිකාරයක් සෑම රෝගියෙකුටම වාගේ අවශ්‍ය වෙනවා. සමහරවිට එම කුලකයේ බෙහෙත් දෙකක් තුනක් පවා ඕනෑ වෙන්න පුළුවන්.

⭕DMARDs කියන ප්‍රතිකාර conventional, biologic, target synthetic කියලා නැවත වර්ග කර තිබෙනවා.

⭕Conventional DMARDs කුලකයේ තනි බෙහෙතක් මුලින් පටන් අරගෙන ක්‍රමානුකූලව ඒකෙ මාත්‍රාවෙන් ලෙඩේ control වෙනකන් වැඩි කරගෙන යන්න ඕනේ.

⭕ඒ බෙහෙතේ ප්‍රබලත්වය මදි නම් තවත් එම කුලකයේම බෙහෙතක් එකතු කරන්න පුළුවන්. එහෙමත් හරියන්නෙ නැත්නම් biologic හෝ target synthetic කුලකයේ බෙහෙතක් එකතු කරගන්න වෙනවා.

⭕මම ඕක වාක්‍යයෙන් දෙකෙන් ලියාගෙන ගියාට ඕක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. වරින් වර ලේ පරීක්ෂණ කරමින් රෝගියාට ඇඟට දරාගන්න පුළුවන් ප්‍රමාණයට සහ අවයවලට හානි නොවන ආකාරයට ප්‍රතිකාර නියම කරන්න ඕනේ.

⭕ඔය ක්‍රියාවලියට මාස ගාණක් හෝ අවුරුදු ගානක් පවා යන්න පුළුවන්.

⭕දැන් බලමු යම් කිසි රෝගියක් රූමටොයිඩ් ආතරයිටිස් එකට කැක්කුම් පෙති විතරක් පාවිච්චි කරලා ඉන්න බැලුවොත් මොකද වෙන්නේ කියලා.

⭕කැක්කුම් පෙතිවලට මම අර කලින් කියපු disease modifying හැකියාවක් නැ. ඒ කියන්නේ කැක්කුම් පෙත්තකින් වෙන්නේ කැක්කුම අඩු වෙන එක විතරයි ලෙඩේ යට යෑමක් වෙන්නේ නෑ.

⭕කැක්කුම් පෙති වලින් විතරක් ඉන්න තීරණය කළොත් මුලින්ම වෙන්නේ ලෙඩේ සදාකාලිකව හොඳ නොවන තත්ත්වයට යන එක තමා.

⭕ඒකට හේතුව තමා කැක්කුම් පෙති වලට disesase modification එකක් කරන්න හැකියාවක් නැති වීම.

⭕කැක්කුම් පෙත්ත බොනකොට එම පෙත්ත ඇගේ තියෙන පැය ගානට වේදනාව අඩු වෙනවා. නැවත වේදනාව වෙනකොට තව කැක්කුම් පෙත්තක් බොන්න වෙනවා.

⭕වේදනාව අඩු වුණාට ලෙඩේ අඩුවෙන්නේ නෑ. එතකොට හැමදාම කැක්කුම්පෙති බොන්න වෙනවා. බහුතරයක් රෝගීන්ට දවසට දෙපාරක් පමණ.

⭕රෝගය ඇඟ ඇතුළෙ තිබෙන නිසා හන්දි ඇදවීම අනිවාර්යයෙන් වෙනවා.

⭕අනික් වැදගත් කාරණාව තමා රෝගය ඇඟ ඇතුලේ ක්‍රියාකාරී වන නිසා රූමටොයිඩ් ආතරයිටිස් රෝගය නිසා වෙනත් අවයව වල එන සංකූලතා (extraarticular manifestations) කාලයක් යන කොට එනවා.

⭕වැඩිපුරම බලපෑමක් එන්න පුළුවන් පෙනහළු දියවීම (ILD) පපුවේ අමාරු (ischemic heart disease) සහ ඔස්ටියොපොරෝසිස් (වැටිල උකුල, කොන්ඳ කැඩෙන ලෙඩේ) රෝගය නිසා.

⭕අනෙක් කාරණාව තමා හන්දි ඇදවීම නිසා ජීවිතයේ ගුණාත්මක බව සැලකිය යුතු ලෙස අඩුවෙනවා.

⭕දිනපතා කැක්කුම් පෙති පාවිච්චි කිරීම කිසි විටෙක ආරක්ෂිත දෙයක් නෙමෙයි. ඒකට හේතුව තමා කැක්කුම් පෙති කෙටි කාලයකට පාවිච්චි කිරීම ආරක්ෂිත වුණාට දිගු කාලයක් එක දිගට ගන්නකොට සෞඛ්‍ය ගැටලු රැසක් එන්න පුළුවන් වීම.

⭕වකුගඩු දුර්වල වීම, බඩේ තුවාල ඒම, පපුව අමාරු අවදානම වැඩිවීම ආදී දේවල්. හැබැයි කෙටි කාලයකට පාවිච්චි කරනකොට ඔය අවදානම් නොසලකා ඉන්න පුළුවන් තරම්.

⭕තවත් නිරීක්ෂණය වෙන දෙයක් තමා කැක්කුම් පෙති කැක්කුම් පෙති එක දිගට පාවිච්චි කරපු රෝගීන්ට පසුව DMARDs බෙහෙතකට මාරු වෙන්න උවමනා වුනත් කැක්කුම් පෙත්ත නතර කරගැනීමට තියන අපහසුතාව.

⭕හිතන්නකෝ කැක්කුම් පෙති දිගටම ගන්න ගිහිල්ලා ඔබගේ වකුගඩු දුර්වලතාවයක් ආවා කියලා. එතකොට වෙන්නේ කැක්කුම් පෙති සදාකාලිකව නතර කරලා ආතරයිටිස් අඩුකරන බේත් (DMARDs) වලට මාරුවෙන එක. ඉතින් මුල ඉඳන්ම ඔය DMARDs බෙහෙතක් නිවැරදිව බිව්වනම් වකුගඩු නරක් වෙන්නේ නෑනේ.

⭕ඔබට එන්න පුළුවන් අනික් ගැටළුව තමා ඔය DMARDs කියන අතර ආතරයිටිස් බෙහෙත් වලටත් වකුගඩු නරක් වෙන්න පුළුවන්ද කියනඑක. එහෙම වෙන්නේ නෑ. වකුගඩු දුර්වල අයට සමහර බේත් වල මාත්‍රාවන් අඩුකරන්න වෙනවා.

⭕ඔබ රූමටොයිඩ් ආතරයිටිස් රෝගය තියන හන්දි විවිධ ආලේපන ගාලා වේදනාව අඩුකරගෙන ඉන්න ගියත් වෙන්නේ ඔය සෙතේම තමා. හන්ඳි ඇද වෙනවා. ලෙඩේ අනික් අවයව වලට යන්න තියෙන අවස්ථාව නිසි ප්‍රතිකාර නොගන්නා කෙනෙක් ගානමයි.

⭕සරලවම කියනවා නම් වේදනාව අඩුවෙනවා කියන්නේ ලෙඩේ හොඳවෙනවා කියන එක නෙවේ. හැබැයි ලෙඩේ හොඳ කරන්න පුලුවන් බෙහෙතකට පුලුවන් වේදනව අඩුකරන්න.

⭕ඔබට එන්න පුලුවන් සාධාරණ ප්‍රශ්නය තමා ඇයි එහෙනම් හන්දි රෝග විශේෂඥ වෛද්‍යවරු පවා රූමටොයිඩ් ආතරයිටිස් රෝගීන්ට ප්‍රතිකාර පටන් ගත්ත මුල් කාලෙදි සති කිහිපයකට කැක්කුම් පෙති දෙන්නේ ඇයි කියල. ඒකට හේතුව තමා ඔය මම ඉහත සඳහන් කරපු DMARDs කියන පෙති වර්ගය ඇගේ හොඳින් ක්‍රියාකාරී වෙන්න සති කිහිපයක් යන එක. ප්‍රෙඩ්නිසොලෝන් කුලකයේ බෙහෙතකුත් ටික කලක් අඩුමාත්‍රාවෙන් පාවිච්චි කරන්නේ ඉහත සඳහන් කළ හේතුව නිසාම තමා.

⭕ සරලව කියනවනම් නිසි ප්‍රතිකාර ගත්තොත් බෙහෙතෙනුයි ලෙඩෙනුයි දෙකෙන්ම ඇඟට හානියක් වෙන්න තියෙන අවස්ථා නොසලකා ඉන්න පුලුවන් තරම්.

⭕Dr Aruna Caldera
සන්ඳි සහ සන්ඳි ආශ්‍රිත රෝග සම්බන්ධ විශේෂඳ වෛද්‍ය
MBBS, MD, MRCP(UK), MRCP (Rheumatology)

කුඹුරට බහින්න කලින්...👍
17/11/2025

කුඹුරට බහින්න කලින්...👍

❤️💐🌹
01/11/2025

❤️💐🌹

Address

83C, KANDY Road
Matale
2204

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Telephone

+94772978715

Website

Alerts

Be the first to know and let us send you an email when City Pharmacy Matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to City Pharmacy Matale:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram