මානසික Manasika

මානසික Manasika Manasika is a professional psychology counseling service. A team of experienced psychology counselo

24/11/2025
16/11/2025
10/11/2025
https://youtu.be/iHzXLtUbHx0?si=yy48vzIpwXRZqLap
03/11/2025

https://youtu.be/iHzXLtUbHx0?si=yy48vzIpwXRZqLap

හැමෝම නොකියන, ධනවත් වීමේ රහස | Money Management That Changes Lives | Powerful Motivational Storyමුදල් කළමනාකරණය ගැන, ආයෝජනය ගැන වගේම ජීවිතය දෙස බලන දෘෂ්ටික....

දින 90 ක් අතුරුදහන් වී වසර 10 ක් ඉදිරියෙන් සිටින්න, 1. චර්යාවක් වර්ධනය කරන්න.  සෑම දිනකම රාත්‍රී එක් වෙලාවක නිදාගෙන උදෑස...
01/11/2025

දින 90 ක් අතුරුදහන් වී වසර 10 ක් ඉදිරියෙන් සිටින්න,

1. චර්යාවක් වර්ධනය කරන්න. සෑම දිනකම රාත්‍රී එක් වෙලාවක නිදාගෙන උදෑසනම අවදි වන්න.

2. ඔබ තේරුම් ගන්නා දේ කියවීමට, ලිවීමට සහ අභ්‍යන්තරකරණය කිරීමට ඔබේ දවසේ මිනිත්තු 60ක් වැය කරන්න.

3. ඔබට උපකාර නොකරන මිත්‍රත්වයන් අත්හැරීමට දෙවරක් නොසිතන්න. ඔබ පරාජිතයන් සමඟ ගැවසෙන්නේ නම්, ඔබ පරාජිතයෙකු බවට පත්වේ.

4. ස්වයං විනය පිළිබඳ කලාව ප්‍රගුණ කරන්න. වේලාසනින් නැඟිට, දිගු වේලාවක් වැඩ කරන්න, සහ ඔබේ ගැටලුවලට මුහුණ දෙන්න.

5. ඔබට මසකට ඉහළ ආදායම් ලබා ගත හැකි කුසලතාවක් ඉගෙන ගන්න.

6. ලාභ අරමුනු හඹා යෑම නවත්වන්න. සතුටට වඩා වැදගත් දේට මුල් තැන දෙන්න.

7. ශක්තිමත්ව සිටීමට දිනපතා ව්‍යායාමයෙහි නිරත වන්න.ඔබ මිනිසුන්ගෙන් 97% කට වඩා නිරෝගී වනු ඇත.

8. අන්තර්ජාලය ඔබේ ආදායම් මාර්ගයක් කරගන්න. මුදල් ඉපයීමට නිමක් නැති අවස්ථා තිබේ.

9. ඔබේ ජීවිතය සඳහා 100% වගකීම ගන්න, කිසිවිටෙක තත්වයන්ට හෝ කිසිවෙකුට දොස් නොකියන්න.

10. ඔබේ සෞඛ්‍යය ප්‍රශස්ත කිරීම සඳහා ඔබේ දෛනික ආහාර වේලට ප්‍රෝටීන්, නැවුම් පලතුරු සහ ජලය ලීටර් 3 ක් ඇතුළත් කරන්න.

11. යහපත් ජීවිතයක් ගත කිරීමට කැමති වන පුද්ගලයින් සමඟ ඇසුරු කරන්න. ඔබේ කවය ඕපාදූප, පැමිණිලි කිරීම හෝ එකිනෙකාට ඊර්ෂ්‍යා කිරීම නොකළ යුතුය.

12. හොඳ ඇඳුම් ආයිත්තම් කට්ටලයක්, හොඳ සුවඳක් සඳහා ආයෝජනය කරන්න, සහ කතා කරන ආකාරය ඉගෙන ගන්න. ඔබ ඔබේ සාර්ථකත්ව අනුපාතය 94% කින් ඉහළ නංවනු ඇත.

13. සොබාදහම සමඟ මිතුරු වන්න, ඔබේ මනස පිරිසිදු කිරීමට, ඔබේ මනෝභාවය වැඩි කිරීමට සහ නිර්මාණශීලී වීමට දිනකට පියවර කිහිපයක් ඇවිදින්න.

14. ඔබේ අවශ්‍යතාවලට වඩා ඔවුන්ගේ අවශ්‍යතා පමණක් ප්‍රමුඛත්වය දෙන පුද්ගලයින්ගෙන් දුරස්ථව තබා ගන්න. ඒවා තමයි ඔයාගේ ලොකුම පසුබෑම.

ජයවේවා මිත්‍රයවරුනි

Copied !

28/09/2025

🌹 තරුණ බිරිදක් නාන කාමරයේ ස්නානය කරමින් සිට එක වරම සැමියා අමතා මෙහෙම කියනවා...

අනේ මගේ ටවල් එක ගෙනල්ලා දෙන්නකෝ...

මේ වෙලාවේ නිවසේ සිටියේද සැමියා බිරිද පමණි..

මෙම වෙලාවේ යම් කටයුත්තක නිරත වෙමින් එයට අවදානය දීගෙන සිටි සැමියාට මෙය ඇසුණා නෑසුනා වගේය. ඇය නැවත උස් හඩින් සැමියා අමතා අනේ මගේ ටවල් එක ගෙනල්ලා දෙන්නකෝ යනුවෙන් පවසයි.

එවර නම් සැමියාට එය හොදින් ඇසුණේය. ඔහු මිදුලේ වැලක වනා තිබූ බිරිදගේ ටවල් එක සොයමින් මුවින් නොබැණ මෙසේ සිතයි.

මේ ගෑණුන්ට නාන්න යද්දි ෂැම්පුද සබන්ද පේස් වොෂ්ද අතන ගාන එකයි මෙතන ගාණ එකයි සේරම අරන් යන්න පුළුවන් මේ ටවල් එක විතරක් අරන් යන්න බැහැනේ.

ඉන් පසු ඔහු නාන කාමරයේ දොරට තට්ටු කර...

මෙන්න ගෙනාව ටවල් එක යනුවෙන් පවසා ඇය දොර අඩක් විවෘත කළ පසු නාන කාමරය පිහිටි දිශාවට ප්‍රතිවිරුද්ධ දෙස බලා ඇයට ටවල් එක ලබා දුන්නේ ඇය දෙසවත් නොබලාය. ඔහුගේ අවදානය තිබුණේ මෙහෙමය. මම බිරිදට මේක දෙන අස්සෙ වෙන ⁣කවුරු හරි ගෙදරට ආවොත් ඉවරයි මෙයාගේ සේරම දකිනවා. පසුව ඔහුට කල්පනා උනේ නිවසේ ගේට්ටුව හොදින් වසා ඇති බවයි කිසිවකුට නිවසට ඇතුළු විය නොහැකි බවයි.

එහෙම හිතනවාත් එක්කම බිරිද දඩාස් ගා මහ හඩින් නාන කාමරයේ දොර වසා ගත්තෙ සැමියා වෙතින් ටවල් එක ගනිමින් නොව උදුරා ගනිමින්ය. ඉන් පසු ඔහුට ඇසුණේ නාන කාමරය තුළ යම් යම් දේවල් බිම වැටෙන හඩයි. ටවල් එක ගත්ත පාරට ඇතුළේ තියන ඒවා බිම වැටෙන්න ඇති ඔහු සිතුවාය.

අනිත් දවසේ නාන්න යනකොට ටවල් එකත් අරන් යන්න එතකොට හරිනේ. යනුවෙන් ඔහු කිව්වා නොව ඔහුට කියවුණාය. එයට ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක් හිමි නොවුණි. එය ඔහු කිව්වේ වඩාත් හොදටය.

ඔහු තවදුරටත් සිතුවා මෙහෙම, අද මම ගෙදර හිටිය නිසා හොදයි. නැත්නම් ඉතින් මෙයාට වෙන්නෙ හෙලු වැල්ලෙන් මිදුලට ඇවිල්ල ටවල් එක අරන් යන්න. ඔව් ඉතින් මම නැති දවසට එහෙමත් වෙනවා ඇති.

මේ වෙලාවේ නාන කාමරයේ සිටි බිරිදරට හොදටම තරහා ගිහින්ය.

ඇය නාන කාමරයෙන් එළියට විත් දොර වේගයෙන් වසා දැමුවාය. ඒ ශබ්දයට සැමියා එදෙස බලන විට ඔහු දුටුවේ බිරිද වෙන ටවල් එකක් ඇද සිටි අතර ඔහු ගෙනගොස් දුන් ටවල් එක හිසේ කොණ්ඩ වැසෙන සේ ජටාවක් බැද තිබෙන අයුරුයි. මට කියලා ටවල් එකක් ගෙන්නගෙන තියෙන්නෙ මේ කොණ්ඩේ ජටාවක් බැද ගන්න, ඉතින් ඕක මට කියලා ගෙන්න ගත්තෙ ගෙනිච්ච එක ඇදගෙන එළියට ඇවිල්ලා ඒක කර ගන්න තිබුණා නේ.

ඇයට අද අද දින වැඩ රාජකාරි අඩු දවසක්ය. නිවසේද සැමියා සහ තමන් ඇරෙන්න වෙන කවුරුත් නැත. ඉතින් ඇයට හොදින් නා ගැනීමට අවශ්‍ය විය. ඇය නාන කාමරයට ගියේද එහි දොර ලොක් කර ගැනීමකින් තොරවය. ගෙදරට කවුරු ආවත් සැමියා සාලයේය. අනෙක එක පාර නිවසට කාටවත් ඇතුළු වෙන්නත් බැරිය ගේට්ටු වසා අගුලු දමලාය. ඇයට තම වටපිටාව ගැන විශාල සැහැල්ලුවක් ඇති විය. ඇය හොදින් නා ගත්තාය. ඇය නාන ගමන් දොරගුලු නොදැමූ දොරින් එලිය පෙනෙන තීරුවෙන් සැමියා දෙස විටින් විට බලයි. ඔහු බැරි වෙලාවත් නාන කාමරය දෙස බලනවාද යන්න ඇයට දැකීමට අවශ්‍ය විය. එදෙස බැරි වෙලාවත් ඔහු බලන්නෙ නැත. ඔහුගේ වැඩ කරගෙන යයි.

ඇය නාන කාමරයේ නාන අතර..
කන්නාඩියේ තම නිරුවත් සිරුර⁣ දෙස බලන විට ඇයට සිතෙයි මම දැන් ඉස්සරට වඩා ලස්සනයි ඇස්වල අමුතු කාමුක බවක් ඇත ඇස් නලියයි. නැවත සැමියා දෙස බැලෙයි. ඔහු ඔහුගේ වැඩ කරගෙන යයි.

🤨🤨
ඇය තම කාමරයට ගොස් ඇදුමක් ඇද ගෙන කාමරයට වී දොර තදින් වසාගෙන ඇදෙහි වැතිරෙයි.

සැමියාට එදා උදේ වරුවේ තේද දවල් කෑමද නැත.

සවස තේ එකද නැත. සැමියා යන්තම් මොනවා හරි ආහාරයට ගෙන තේද තමන්ම හදාගෙන පානය කර දවස ගෙවා දැමුවාය.

රාත්‍රිය උදා විය. එම නිවසේ විශාල රංඩුවක් ඇති විය. බිරිද විසින් සැමියාට තදින් දොස් පවරයි.

ඔහු කල්පනා කරන්නෙ දවසම මමත් එක්ක හොදට ඉදලා කිසිම සද්දයක් බද්දයක් නැතුව බිරිද මේ රෑ කිසිම අදාලත්වයක් නැති කරුණක් හේතුව කරගෙන මේ තරම් කෝපයෙන් තමා සමග රංඩු කරන්නේ ඇයි.

මෙය කියවන ඔබට හිතා ගන්න පුළුවන් ද ඇය ඒ තරම් කෝපයට පත් උනේ ඇයිද කියලා. පිරිමි අයට තේරුම් ගන්න අපහසු උනත් මෙය කියවන කාන්තාවන්ට එය හොදින් තේරුම් ගත හැකි බව මම විශ්වාස කරනවා. ඉතින් පිරිමි අයගේ දැන ගැනීම උදේසා ඔබේ අදහස පහළින් ලියන්න.

මම මෙහෙමත් ලියලා සටහන අවසන් කරන්නම්.

මනෝ විද්‍යාවට අනුව ගැහැනු තමන්ගේ අවශ්‍යතා ඕනෑ එපාකම් ගැන කියන්නේ වක්‍රවය.

ඔවුන්ට අවශ්‍ය තමන් වක්‍රව පවසන දේ තේරුම් ගන්න පිරිමිය ස්වාමිපුරුෂයින්ය.

කසුන් රාජපක්ෂ

ප්‍රවීණ මනෝ උපදේශක.

Kasun Rajapaksha





Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when මානසික Manasika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram