21/11/2022
සුද යාම හෙවත් ආයුර්වේයේ ශ්වේත ප්‍රදරය යනු ස්ත්‍රී රෝග කාන්ඩ යටතේ බහුලව විස්තර වන මෙන්ම වර්තමානයේ ගැහැනු දරුවන් මෙන්ම කාන්තාවන් පීඩා විදින රෝග තත්වයකි .
මෙය රෝගයක් ලෙස දක්වනවාට වඩා වෙනත් රෝගයක ලක්ශනයක් ලෙස දැක්වීම නිවැරදිය.
ගැහැනු දරුවෙකු වැඩි වියට පත් වීමත් සමග මේ තත්වය බොහෝ දුරට හටගන්නා අතර මෙය නොසලකා හැරීම ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝග බොහෝමයකට මූලාරම්භය විය හැක.
සුද යාම යනු ?????
කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් සුදු පැහැති ස්‍රාවයක් පිටවීම යි. සාමාන්‍යයෙන් ස්ත්‍රීයකගේ ඔසප් චක්‍රයේ ඩිමබ පිටවීමට ආසන්න කාලයේ දී මෙම ස්‍රාවය පිට වීම සාමාන්‍යය වේ. නමුත් සුද යාම නම් තත්වයේදී ම පිටවන ස්‍රාවය අධික සේම වර්ණය,ගන්ධය සහ අනෙකුත් ලක්ෂණ අතින්ද වෙනස් වේ.
සුද යාම ඇති වීමට හේතු
👉 උෂ්ණ අධික ආහාර වර්ග නිරන්තරයෙන් භාවිතය ,, උදාහරන වශයෙන් ඉස්සන් , දැල්ලන් , සැමන් , සෝස් වර්ග යෙදූ අහාර
අන්නාසි,බිලිං ,තක්කාලි , අච්චාරු මෙන්ම වර්තමානයේදී භාවිතා කරන සියළුම ක්ෂණික ආහාර වර්ග හා කෘතීම රසකාරක යෙදූ ආහාර වර්ග හැදින්විය හැකිය.
👉 පිරිසිදුකම අඩු වීම
එනම් යට ඇදුම් හොදින් නොසේදීම හා හොදින් හිරු එලියේ වේලා නොගැනීම ,, කපු යට ඇදුම් බාවිතා නොකිරීම ,, (නයිලෝන් යට ඇදුම් බොහෝ විට අසාත්මිකතා ගෙන දේ. ) මේ නිසා ද සුද යාම ඇති විය හැක. එසේම වැසිකලි යාමෙන් පසු හොදින් පිරිසිදු කර නොගැනීම හා පිරිසිදු කර ගැනීමෙන් අනතුරුව තෙතමනය රදා පැවතීම නිසා ආසාදනය වීම.
👉 ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව සිදුකරන ශල්‍ය කර්ම
👉 නිරන්තර මානසික ආතතියෙන් පෙලීම.
👉පොදු වැසිකිලි නිතරම භාවිතා කිරීම.
👉 ඇතැම් පනු රෝග තත්වයන්.
👉 අක්‍රමවත් උපත්පාලන ක්‍රම. එනම් ඇතැම්
කාන්තාවන් සදහා සමහර උපත්පාලන ක්‍රම විවිධ ආසාත්මිකතාවයන් පෙන්නුම් කරයි.
මීට අමතරව ඇතැම් රෝග වල රෝග ලක්ෂණ ලෙසද සුද යාම ඇති වේ. උදාහරන ලෙස
👉 ලිංගික සම්ප්‍රේශන රෝග
බොහෝ විට යම් කාන්තාවක් බහු පුරුෂ සේවනයේ යෙදේ නම් ඇය මෙම රෝගී තත්වය පිළිබඳව අවධානය යොමු කල යුතු වේ. මන්ද ශුක්‍රානු වලට දක්වන අසාත්මිකතා මෙන්ම පුද්ගලයාගෙන් පුද්ගලයාට අසාත්මිකතා ඇති වීම නිසා සුද යාම හට ගන්නා බැවිනි .
ගොනෝරියාව,හර්පීස් වැනි සමාජ රෝග වලදී මෙම වර්ණ වලින් නොවූවත් මීට සමාන සුද යාමක් සිදුවේ.
👉ගැබ් ගෙල පිලිකා , ගර්භාෂය ආශ්‍රිත වෙනත් පිලිකා සහ විවිධ අසාමාන්‍යතා වලදී මෙවැනි තත්වයක් ඇතිවේ .
👉 ඩිම්බ කෝෂ ආශ්‍රිත අසාමාන්‍ය තත්ව වලදී.
👉 මන්ද පෝෂණ අවස්ථා වලදී හා ශරීරය ගිලන් වු අවස්ථා වලදී .
ඔබට මෙම තත්වය ඇත්නම් එයා හදුනා ගන්නෙ කෙසේ ද ??? 🤔🤔🤔🤔🤔
සාමාන්‍යයෙන් නීරෝගී කාන්තාවකගේ යෝනියෙන් වැගිරෙන් ස්‍රාවය ගන්ධයක් රහිත වේ ...
නමුත් සුද යාමේ තත්වයේදී යෝනි මාර්ගය තුලින් අධික ලෙස තරමක් උකු ස්වාභාවයෙන් යුතු ස්‍රාවයක් බොහෝ වශයෙන් පිටවෙයි .මෙය සුදු පැහැය ,කහ පැහැය,රතට හුරු කහ පැහැය ලෙසට විවිධ පැහැයන්ගෙන් යුක්ත විය හැකිය.
සමහර කාන්තාවන්ගේ මෙය සුදු පැහැති කුඩා කැබලි / මුදවපු කිරි ස්වරෑපයෙන් යෝනි මාර්ගයෙන් පිට විය හැක. තව ද
එම වැගිරෙන ස්‍රාවය අප්‍රසන්න ගන්ධයකින් යුක්ත වේ.
යෝනි මාර්ගය ආශ්‍රිතව කැසීම , ඉකිලි ආශ්‍රිතව කැසීම ඇතිවීම හා ඒ ආශ්‍රිතව පලු දැමීම සිදු වීම ද මේ සමග ඇති විය හැක..
කලවා වල අදික වේදනාව හිසරදය,ඇඟපත වේදනාව සහ කොන්දේ හා යටි බඩෙහි වේදනාව
අලස බව ,, නිතරම නිදිමත ස්බාවය
ලිංගේන්ද්‍රය ආශ්‍රිතව රතුවීම හෝ ඉදිමීම.
ආහාර අරුචිය හා මලබද්ධය ඇතිවීම.
ශරීරයේ දැවිල්ලක් ඇතිවීම සහ අධික ලෙස දහඩිය දැමීම.
ශරීරය කෙට්ටු වීම හා බර අඩු වීම.
ඔබ මෙම ලක්ශන වලින් පීඩා විදින කාන්තාවක් නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුවී ප්‍රතිකාර ගත යුතුයි. මේ සදහා සාර්තක ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල ඇත. මෙවැනි තත්ව නොසලකා හැරීමේ අවසන් ප්‍රතිපලය වනුයේ දරුපල අහිමි වී යාමයි.
👉👉රෝගයෙන් වැලකීම ට
ප්‍රධානම කාරණය ඔබගේ සනීපාරක්ෂකාව ට මුල් තැනක් දීමයි. යට ඇදුම් හොදින් සෝදා තද අව්වෙ වේලා අදින්න..
වැසිකිලි යාමෙන් පසු ලිංගාශ්‍රිත ප්‍රදේශය හොදින් පිරිසිදු කරන්න. පිරිසිදු කිරීමෙන් පසුව
තෙතමනය රදා තිබියදී යට ඇදුම් ඇදීමෙන් වලකින්න.
ලිංගේන්ද්‍රය ආශ්‍රිතව පිරිසිදුව හා වියලිව තබාගන්න.පිරිසිදු කපු වලින් නිමවූ ඇදුම් පරිහරණය කරන්න .
වැඩිපුර ජලය පානය කරන්න.
මානසික ආතතිය අවම කර ගැනීමට කටයුතු කරන්න
ඔබ උපත් පාලන ක්‍රම භාවිතා කරන්නේ නම්
ආරක්ෂිත ක්‍රම භාවිතා කරන්න.
ලිංගේන්ද්‍රිය තුලට ආගන්තුක ද්‍රව්‍ය ඇතුල් කීරීමෙන් වලකින්න.
ඔබේ රුධිර ගත සීනි ප්‍රමානය නිරතුරුව පරීක්ෂා කර දියවැඩියාව වැනි රෝග තත්ව පවතී නම් ප්‍රතිකාර ගන්න....
නැවුම් එලවලු පලතුරු මෙන්ම පෝශ්‍යදයී ආහාර ඔබේ ආහාර වේලට එකතු කර ගන්න.
සුදුසු අහාර වර්ග
අලු කෙසෙල්
කරවිල
පතෝල
අට්ටික්ක
බෝංචි
දියලබු
ගොටුකොල
නෙලුම් දඩු
තැබිලි
බාර්ලි
සව්
කුඩා මාලු
මිදි
දෙලුම්
පොලොස්
රට ඉදි
කැද වර්ග ලෙස
හාතාවාරිය
කතුරුමුරුංග
මුකුනුවැන්න
නෙලුම් ඇට කැද
පොල්පලා
Dr. Nimesha hakmanage
BAMS (hons)
University of colombo
Swastha arana ayurvedic medical center