The Witchy - මායාකාරී

The Witchy - මායාකාරී 🌿💜️ යුරෝපීය මායාකර්ම ඉගෙනීමට, අත්හදා බැලීමට කැමති අයට සහ ෆැන්ටසි ප්‍රිය කරන්නන් ගේ පිටුවකි 💜️🌿

ආධ්‍යාත්මික ශක්තිය ඔබ සෑම තුළ ම පවතින්නකි. එය නිසි ලෙස භාවිතා කිරීමෙන් ඔබ සැමටම ඔබේ ඉලක්ක කරා පහසුවෙන් යා හැකිය.
සාමාන්‍ය මනුෂ්‍යයන් අතරේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ ජීවීන් කොට්ඨාශ ද ඇත.
ඔවුන් ව , Lightworkers , Healers , Predictors , Witch/Wizards ආදී ලෙස ඔවුන්ගේ විශේෂ කාර්යයන් අනුව වෙන් කෙරේ.

ඔවුන් මේ පෘථිවි ජීවිතයට පැමිණි විශේෂ ජීවීන් ය. සමහර අය තාරකා ලෝකවලින් පැමිණි තරුජීවීන් ය.
සමහර අය අතීතයේ

සිට ම තම ආධ්‍යාත්මික ශක්තිය සමග සොබාදහමෙ ශක්තිය මුසු කරමින් ගුප්ත කර්මයන් කළ මායාකාරියන් / මායාකාරයන් ය.

එවැනි දේ ගැන උනන්දු අයට දැනුම සහ එවැනි සේවාවන් අවශ්‍ය අයට සේවාවන් ද මෙම පිටුවෙන් සපයනු ලැබේ.

ලෞකික ජීවිතයේ ඉලක්ක ඉශ්ට කරගැනීමට වෙහෙසෙන ඔබ සැම , ආධ්‍යාත්මික දියුණුව කරාත් යම් උත්සහයක් දරන්න.

01/05/2026

🌿🍄 Herbology 🍄🌿🌳🍃 ශාක විද්‍යාව 🍃🌳 Apothecary වගේ ම තවත් ලස්සන විෂයයක් තමයි Herbology . මල් , කොළ , මුල් , පොතු , බීජ , ඇ...
01/05/2026

🌿🍄 Herbology 🍄🌿
🌳🍃 ශාක විද්‍යාව 🍃🌳

Apothecary වගේ ම තවත් ලස්සන විෂයයක් තමයි Herbology .

මල් , කොළ , මුල් , පොතු , බීජ , ඇතුළු සියලුම ශාක කොටස් වල තියෙන
🌵රසායනික ගති ලක්ශන
🌵ඖෂධීය ගුණ
🌵පෝශනීය ගුණ
🌵මායා ගුණ
ආදි සියලුම විස්තර මේ විශය යටතේ ඔයාට ඉගෙන පුළුවන් .

Green Witch කෙනෙක් ගේ ප්‍රියතම දෙයක් තමයි Herbology .

🍂කැලේට ගිහින් පැලෑටි වර්ග හොයන්න
🍂ඒවායෙ කොටස් කපලා අත්කාච වලින් බලන්න ( දැන් නම් අන්වීක්ශ වලින් පුළුවන් )
🍂විවිධ දේශගුණික තත්ත්වයන් මත පැලෑටි ක්‍රියාත්මක වෙන විදිය
🍂අනික් මූලද්‍රව්‍යයන් සමග මේවායෙ ක්‍රියාත්මක වීමේ ස්වභාවය ( ඖෂධ / විශ )

වගෙ තවත් ලස්සන ගොඩක් දේවල් මේ ප්‍රායෝගික විශය තුළ අන්තර්ගත වෙනවා .

ඔයා ඖෂධයක් හදන්න නම් , තෝරාගන්නා පැලෑටි වල තියෙන ගුණ , ගති ලක්ශන , අනික් පැලෑටි සමග දක්වන ප්‍රතිචාර වගේ දේවල් දැනගන්න ඕනි නේ.

ආදි මායාකාරියන් බොහොමයක් මේ යටතේ ආපු Herbalist ලා. ගෙදර ම , තමන් ම හදාගනිපු බෙහෙත් වර්ග වලින් ගොඩක් අයට සුවපත් වීම ලැබුනා. නමුත් අවාසනාවකට මෙන් ඔවුන්ට අත් වුනේ කුරිරු අවසානයක් .

ආයුර්වේදය , අත්බෙහෙත් වගේ දේවල් ඉගෙන ගන්න , පුහුණු වෙන ඔයාට ත් මේ herbology අත්හදා බලන්න අවස්ථාව ලැබෙනවා .

එහෙම නැති අය මොකද කරන්නෙ ?

ගෙදර නිකං ඉන්න වෙලාවට ඔයාගෙ වටපිටාවේ තියෙන ගස්වැල් , මල් , කොල , මුල් දිහා හොඳට බලන්න . කොහොමද ඒවායේ භාහිර ස්වරූපය ? මොනවා හරි හැඩ , රටා එහෙම පේනවද. අපි වෙනදා දැකපු නැති සියුම් ගති ලක්ශන ඔයාට දැකගන්න පුළුවන් වෙයි.

මායාකර්ම වලට යොදාගන්න හර්බ්ස් ගැන ඔයා දැනගන්න ඕනි ,
🥦ඒවායේ තියෙන මායා ගතිගුණ මොනවද ?
🥦ඒවා අයත් වෙන මූලධාතුව මොකක් ද ?
🥦එයට අධිපති ග්‍රහයන් ඉන්නවා ද ?
🥦එයට අධිපති දිව්‍ය ශක්තීන් ඉන්නවා ද ?
වගේ දේවල් .
එතකොට ඔයාට පුළුවන් නිවැරැදි මායාකර්මයට නිවැරැදි ශාක ශක්තිය ආකර්ෂණය කරගන්න .

ඔයාට ස්පෙල් වලදි හර්බ්ස් යොදාගන්න ඕනි නම් , මම Herbs ගැන දාපු පෝස්ට් එක හොයාගෙන කියවන්න.
( ඔයාගෙ search bar එකේ Herbs කියලා search කරන්න . එතකොට මගේ පෝස්ට් එක එයි. ඒ විදියට ඔයාට ඕනි keyword එකක් type කරලා පරන පෝස්ට් හොයාගන්න පුළුවන් )

එහෙනම් ආදරනීය මායාකරුවනි , මායාකාරියනි ,
මේ ලස්සන විශය ත් අපි ඉස්සරහ දි විස්තරාත්මක ව ඉගෙන ගනිමු .
එතකම් ඔයා වටපිටාවේ තියෙන ශාක ගැන හොඳින් අවධානයෙන් ඉන්න .

සමහර විට ඔයා පුරාන කාල වලදී අත් හදා බලපු ඔයාගෙ මායා වට්ටෝරු නැවත මතක් වෙන්න පුළුවන් .

𝒯𝒽ℯ_𝒲𝒾𝓉𝒸𝒽𝓎 ©

゚viralシ

🌿🍄 Apothecary 🍄🌿⚗️🧪මායා ඖෂධ විද්‍යාව🧪⚗️  මේක මායා වචනයක් නෙවෙයි සාමාන්‍ය ඉංග්‍රීසි භාශාවේ වචනයක් . ඖෂධ / වෛද්‍ය ප්‍රතිකා...
30/04/2026

🌿🍄 Apothecary 🍄🌿
⚗️🧪මායා ඖෂධ විද්‍යාව🧪⚗️

මේක මායා වචනයක් නෙවෙයි සාමාන්‍ය ඉංග්‍රීසි භාශාවේ වචනයක් . ඖෂධ / වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධ සියලු දේ සහ අය මේ ඇපෝතිකේරි කාණ්ඩයට අයත් වෙනවා.
( බෙහෙත් හදන අය , බෙහෙත් දෙන අය , සැත්කම් කරන අය , ඇතුළු හැමෝම )

ඉතින් මේ ඇපෝතිකේරි විද්‍යාව , එහෙමත් නැතිනම් ඖෂධ විද්‍යාව ආදි කාලයේ ඉඳලම මායාකර්ම තුලත් තිබුන දෙයක් . පුරාන මායාකාරියන් ගේ ප්‍රධාන කාර්‍යය උනේම සුව කිරීම නෙ. ඉතින් එයාලා තමන්ම ඖෂධ පැලෑටි හොයාගෙන ගෙදර ම තමයි මේ බෙහෙත් වර්ග හැදුවේ .

Witch Apothecary / Apothecary Witchcraft කියන්නෙ මායාකාරියන් හදන ඖෂධ වර්ග .


මේ ඇපෝතිකේරි යටතේ ,
🌵මායා ඖෂධ ( Potions )
🍁ඖෂධීය සබන්
🌳ඖෂධීය සුවඳ විලවුන්
🍂ලේපයන් ( Ointments )

වර්ග හැදුවා , සහ අදටත් ඒවා හදන නූතන මායාකාරියන් ඉන්නවා . ස්වභාවික අමුද්‍රව්‍ය එකතු කරගෙන හදන ඉහත වර්ගයේ සියලු ක්‍රියාකාරකම් Apothecary Recipes තමයි .

ග්‍රීන්විච් ලා ගේ වගේම හැම මායාකාරියක් මායාකාරයෙක් ආස දෙයක් තමයි මේ මායා ඖෂධ වට්ටෝරු අත් හදා බලන එක .

මේ යටතේ එන ප්‍රධාන මාතෘකාවක් තමයි Herbel Apothecary / Herbalism .
ඒ කියන්නෙ මේ ගන්න පැලෑටි සහ ශාක කොටස් වල තියෙන ඖෂධීය ගුණ , ක්‍රියා කරන ආකාරය වගේ දේවල් ඉගෙන ගැනීම . මේ යටතේ ( ඉංග්‍රීසි මාධ්‍ය ) ලස්සන පොත් ගොඩාක් තියෙනවා ඔයාලට ඔන්ලයින් මිලදී ගන්න පුළුවන් . හැබැයි ඒ ඖෂධ බොහොමයක් ලංකාවේ නෑ .

අපේ ආයුර්වේද විද්‍යාවත් මේ Herbal Apothecary වගේම තමයි .
ඖෂධ විද්‍යඥයෝ වගේ බෙහෙත් හදන්න දන්නෙ නැති උනාට , සරල ඖෂධීය ලේපයක් එහෙම හදාගන්න දන්න මායාකාරියෝ මායාකාරයෝ ගොඩක් මේ පේජ් එකේ ඉන්නවා නෙ .

සමහර වෙලාවට ඔයාට හිතෙන , දැනෙන මායා වට්ටෝරු , ඉඩක් ලැබුණම අත් හදා බලන්න . කවුද දන්නෙ ඒ ඔයාට මතක් වෙන්නෙ ආදී කාලේ ඔයාගෙ රහස් පොත් වල තිබුන ඒවා ද කියලා . ඖෂධීය පාන වර්ග , තේ වර්ග එහෙමත් මේ Apothecary දේවල් තමයි .

පාසල් විද්‍යාගාරයෙ එක එක පරික්ෂණ කරන්න අපි කොච්චර ආස වුනා ද, මේකත් ඒ වගේ මායා රසායන විද්‍යාවක් තමයි . හරි ලස්සන විශයක් .
හීලිං වලට , පෘථිවි මායාකර්ම වලටත් ( Earth Magick ) මේ මායා වට්ටෝරු ඔයාට යොදාගන්න පුළුවන් .

𝒯𝒽ℯ_𝒲𝒾𝓉𝒸𝒽𝓎 ©

゚viralシ

30/03/2026

🪻🌻🌼🌿🌹 Spring simmer pot 🪻🌻🌼🌿🌹

17/12/2025

05/12/2024
Happy halloween to all witches ✨️
31/10/2024

Happy halloween to all witches ✨️

Mabon blessings to all witches and lovelies 🍁🍁🍁🍁
22/09/2024

Mabon blessings to all witches and lovelies 🍁🍁🍁🍁

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when The Witchy - මායාකාරී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to The Witchy - මායාකාරී:

Share