The Witchy - මායාකාරී

The Witchy - මායාකාරී 🌿💜️ යුරෝපීය මායාකර්ම ඉගෙනීමට, අත්හදා බැලීමට කැමති අයට සහ ෆැන්ටසි ප්‍රිය කරන්නන් ගේ පිටුවකි 💜️🌿

ආධ්‍යාත්මික ශක්තිය ඔබ සෑම තුළ ම පවතින්නකි. එය නිසි ලෙස භාවිතා කිරීමෙන් ඔබ සැමටම ඔබේ ඉලක්ක කරා පහසුවෙන් යා හැකිය.
සාමාන්‍ය මනුෂ්‍යයන් අතරේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ ජීවීන් කොට්ඨාශ ද ඇත.
ඔවුන් ව , Lightworkers , Healers , Predictors , Witch/Wizards ආදී ලෙස ඔවුන්ගේ විශේෂ කාර්යයන් අනුව වෙන් කෙරේ.

ඔවුන් මේ පෘථිවි ජීවිතයට පැමිණි විශේෂ ජීවීන් ය. සමහර අය තාරකා ලෝකවලින් පැමිණි තරුජීවීන් ය.
සමහර අය අතීතයේ

සිට ම තම ආධ්‍යාත්මික ශක්තිය සමග සොබාදහමෙ ශක්තිය මුසු කරමින් ගුප්ත කර්මයන් කළ මායාකාරියන් / මායාකාරයන් ය.

එවැනි දේ ගැන උනන්දු අයට දැනුම සහ එවැනි සේවාවන් අවශ්‍ය අයට සේවාවන් ද මෙම පිටුවෙන් සපයනු ලැබේ.

ලෞකික ජීවිතයේ ඉලක්ක ඉශ්ට කරගැනීමට වෙහෙසෙන ඔබ සැම , ආධ්‍යාත්මික දියුණුව කරාත් යම් උත්සහයක් දරන්න.

05/12/2024
Happy halloween to all witches ✨️
31/10/2024

Happy halloween to all witches ✨️

Mabon blessings to all witches and lovelies 🍁🍁🍁🍁
22/09/2024

Mabon blessings to all witches and lovelies 🍁🍁🍁🍁

02/09/2024

ඔයාගෙ ජීවිතෙ දේවල් මුකුත් ම වෙනස් වෙන්නෙ නැතිනම් ?
එහෙනම් දැන් ඔයා වෙනස් වෙලා බලමු ද ?

හැමදාම එකම දේවල් ටිකක් කරලා මුකුත් හරි යන්නේ නෑ කියලා ඔයා චෝදනා කරනවා නම් ඒක හරි අසාධාරණ යි. ඔයා අසාර්ථක වෙන්නෙ ඔයාට සුදුසු නැති , අදාල නැති දේවල් වලින්.

ප්‍රතික්ශේප වෙච්ච , අසාර්ථක වෙච්ච ප්‍රසිද්ධ චරිත කිහිපයක් අරගෙන ඔවුන්ගේ ජීවිත කතා දිහා බලන්න .

සම්මුඛ පරික්ශාවෙන් අසමත් වීම ජීවිතෙ අවසානය කියලා හිතුවා නම් ජැක්-මා කියලා කෙනෙක් ව , අලිබබා කියලා දෙයක් අද මේ ලෝකෙ මිනිස්සු දන්නෙ නෑ .

ඉහල අධ්‍යාපනයක් නැති වීම ජීවිතෙ අවසානය කියලා හිතුවා නම් , බිල්ගේට්ස් , මයික්‍රොසොෆ්ට් කියලා දෙයක් අද මේ ලෝකෙ මිනිස්සු දන්නෙ නෑ .

උත්සාහය කිහිප වරක් අසාර්ථක වීම ජීවිතෙ අවසානය කියලා හිතුවා නම් එලෝන් මස්ක් කියලා කෙනෙක් ව අද මේ ලෝකෙ මිනිස්සු දන්නෙ නෑ .

ශරීර අඩුපාඩු / දුර්වල සෞඛ්‍ය , ජීවිතෙ අවසානය කියලා හිතුවා නම් නික් වුජිසික් , මුනිබා බසාර් වගේ අය අද මේ ලෝකෙ මිනිස්සු දන්නෙ නෑ .

කෙටියෙන් ම කීවොත් අවසානය අවසානයක් විදියට නැතිව ආරම්භයක් විදියට හිතපු මිනිස්සු තමයි ඒ වගේ ලෝකයේ නමක් දිනපු මිනිස්සු වුනේ.

මතකද එඩිසන් ?
තෝමස් අල්වා එඩිසන් !
බල්බ් එකක් නිපදවන්න ගිහින් 999 වතාවක් අසාර්ථක වුනා. එහෙත් ඔහු සාර්ථකත්වයේ කතාවේ දී කියන්නෙ මම 999 වතාවක් අසාර්ථක වුනේ නෑ . මට අසාර්ථක වෙන්න පුළුවන් ක්‍රම 999ක් මම හොයාගත්තා කියලා .

ඉතින් ඔයා ජීවිතෙ 999 වතාවක් අසාර්ථක වෙච්ච කෙනෙක් නම් , අපි 1000 වෙනි වතාවටත් උත්සාහ කරමු.
ඔයා එතරම් වාර ගණනක් අසාර්ථක වෙච්ච කෙනෙක් නෙවෙයි නම් , එහෙනම් ඔයාට කොහොමටවත් අයිතියක් නෑ පරාද වෙන්න .

ඔයා තෝරගත්තෙ වැරදි දේ වෙන්න පුළුවන් .
ඔයාගෙ කාලය වැරදි වෙන්න පුළුවන් . ඔයාගෙ සැලැසුම් වැරදි වෙන්න පුළුවන් .
ඔයා හිතපු විදිය වැරදි වෙන්න පුළුවන් .

ඒත් ඒ අවසානය කියලා ඔයා නිගමනය කරන්නේ මොන හේතුවක් උඩද කියලා සාධාරණ හේතුවක් කියන්න පුළුවන් ද ?

ඔයා දන්නවා ද මේ ලෝකෙ කොච්චර ලොකු ද කියලා ? ඒ ලෝකය ඇතුලේ එතරම් ම ලොකු අවස්තාවන් තියෙනවා .

ඉතින් උවමනාවක් තියෙනවා නම් ඔයාට ගැලපෙන දෙයක් හොයාගන්න පුළුවන් වෙයි.

එහෙනම් ,
ඔයා තීරණයක් ගන්න .
පරාජිතයෙක් විදියට අයින් වෙනවද ?
වීරයෙක් විදියට දිනනවා ද ?
කියලා .

𝒯𝒽ℯ_𝒲𝒾𝓉𝒸𝒽𝓎 ©

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when The Witchy - මායාකාරී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to The Witchy - මායාකාරී:

Share