MOH Devinuwara

MOH Devinuwara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MOH Devinuwara, Health & Wellness Website, Matara.

පාසල් සෞඛ්‍යය වැඩසටහන යටතේ සිසුන්ට HPV හා aTd එන්නත් ලබාදීම. සහය දුන් සැමට ස්තූතියි.
02/10/2021

පාසල් සෞඛ්‍යය වැඩසටහන යටතේ සිසුන්ට HPV හා aTd එන්නත් ලබාදීම.

සහය දුන් සැමට ස්තූතියි.

02/10/2021
පාසල් සෞඛ්‍ය වැඩසටහන යටතේ 6 ශ්‍රේණියේ ගැහැණු දරුවන්ට HPV එන්නත හා aTd එන්නත ලබා නොගත් දරුවන් සදහා එන්නත් කරනය පහත පරිදි ...
24/09/2021

පාසල් සෞඛ්‍ය වැඩසටහන යටතේ 6 ශ්‍රේණියේ ගැහැණු දරුවන්ට HPV එන්නත හා aTd එන්නත ලබා නොගත් දරුවන් සදහා එන්නත් කරනය පහත පරිදි සිදු කෙරේ .

වැඩි විස්තර සදහා පන්තිභාර ගුරු භවතා හෝ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ශකවරයාගෙන් විමසන්න.

19/09/2021

කොවිඩ් - එන්නත්කරණය හා ආසන පටි

වාහනයක ගමන් කරන විට අප ඕනෑම කෙනෙක් ආසන පටි පළඳිනවා. එසේ, ආසන පටි පැළඳීමෙන් අනිවාර්යෙන්ම ආරක්ෂාවක් ලැබෙන බවක් හැම කෙනෙක්ම දන්නවා. ප්‍රවේශමෙන් රිය පැදවීම වගේම වාහනයේ ඇති අනෙකුත් ආරක්ෂක උපාංගත් ඔබට ආරක්ෂාවක් ලබා දුන්නත්, ආරක්ෂක පටි පැළඳීම අතපසු කිරීමට ඒ කිසිම දෙයක් නිදහසට කරුණු නොවෙන බවත් අපි හැම දෙනෙක්ම දන්නවා.

“මම වාහන එලවන්නේ පරිස්සමෙන්. මාර්ග නීති අකුරටම පිළිපදිනවා. ඒ නිසා ආසන පටි අවශ්‍ය නැහැ" කියා කිසිම කෙනෙක් කියන්නේ නැහැ. ඒ කෙතරම් ප්‍රවේශමෙන් රිය පැදවුවත්, කුමන හේතුවක් නිසා කුමන වෙලාවක අනතුරකට ලක්වේ දැයි අපට කිව නොහැකි බව දන්නා නිසයි.

කොවිඩ් -19 රෝගයට ලබාදෙන එන්නතත් මේ ආසන පටියක් වගේ. ආසන පටිය, රිය අනතුරකට ලක්වුනොත් ඔබට වෙන හානිය අවම කරමින් ජීවිතය රැකගන්න උදව් වෙනව වගේ, නව කොරෝනා වෛරසයට ඔබ නිරාවරණය වුවහොත්, කොවිඩ් -19 රෝගයේ දරුණු සංකූලතා හා මරණය ඇති විය හැකි සම්භාවිතාව, එන්නත මගින් විශාල වශයෙන් අඩු කරනවා. ඔබට ලැබී ඇති එන්නත කුමක් වුවත් මේ කාර්යය ඒ සෑම එන්නතකින් ම ඉතාමත්ම සාර්ථකව සිදුවන බවට, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ මිනිසුන් දස දහස් ගණනක විශාල නියැදි වලින්, ලොව වටා සිදුකළ පර්යේෂණ ගණනාවකින් පැහැදිලිවම හෙළි වෙනවා. ඩෙල්ටා වැනි වේගයෙන් බෝවෙන නව ප්‍රබේධ පැමිණියත්, පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයට ඒ ආරක්ෂාවේ සහතිකය තවමත් වලංගුයි.

එන්නත ආසන පටියකින් වෙනස් වෙන තැනක් තියෙනවා. ආසන පටිය පැළඳීමෙන් ආරක්ෂාව ලැබෙන ආකාරය ඇස් පනාපිට ම පැහැදිලිව පේනවා. ඒ නිසා මාරාන්තික රිය අනතුරකින් කෙනෙක් මිය ගියහොත්, ඒ පුද්ගලයා මියගියේ ආසන පටි පැළඳ සිටි අතර දී ය, ඒ නිසා ආසන පටි වලින් ලැබෙන ආරක්ෂාවක් නැති ය, වැනි නොමග යන සුළු ප්‍රකාශ දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම සුළු අනතුරකට ලක්වෙන කෙනෙක්, තමා ආසන පටි පැළඳ සිටියේ නැති මුත් දරුණු ආබාධයකට ලක්වූයේ නැති නිසා, ආසන පැළඳීම තේරුමක් නැති කටයුත්තක් බව කියන්නේ ද නැහැ.

ප්‍රතිශක්තිකරණ එන්නතක් ආරක්ෂාව ලබා දෙන්නේ කොයි ආකාරයට දැයි ඇතමෙක් නොදන්නවා විය හැකියි. භාවිතයට අනුමැතිය ලැබීමට පෙර, ප්‍රතිශක්තිකරණ එන්නතක ආරක්ෂාකාරී බව වගේම කාර්යක්ෂමතාවය ගැන පිළිබඳව, පියවර ගණනාවකින් දහ දහස් ගණනක් මිනිසුන් සහභාගි කරගනිමින් සිදුවන පරීක්ෂණ ඔස්සේ පමණක් තීරණ ලබාගන්නා බව ඇතැම් කෙනෙක් නොදන්නවා විය හැකියි. ඇතිවිය හැකි ඉතාමත් දුර්ලභ හෝ අතුරු ආබාධ හඳුනා ගැනීම සඳහා ලොව පුරා එන්නත් ලබා ගත් ගැබිණි මව්වරුන්, වයෝවෘද්ධ පුද්ගලයින්, විවිධ අසනීප වලින් පෙළෙන පුද්ගලයින් ඇතුළු මිලියන ගණනක් දෙනා, පසු ආවේක්ෂණයකට ලක් වන බව කෙනෙක් නොදන්නවා විය හැකියි. ඇතැම් පුද්ගලයින් තුළ ඇති සැකය හෝ නොදැනුවත්භාවය යොදා ගනිමින් මේ පිළිබඳ දුර්මත පැතිරවීමට ඇතැම් දෙනා යොමුවී සිටීම ඛේදවාචකයක්.

පෝලියෝ රෝගය, එන්නත්කරණය තුලින් ලොව සියලු රටවලින් පාහේ තුරන් කර තිබියදීත්, එන්නත්කරණය සාර්ථකව කරගැනීමට නොහැකි වූ ඇතැම් රටක එම රෝගය තවමත් දක්නට ලැබෙනවා. ඒ රටවල ක්‍රියාත්මක වන ඇතැම් අන්තගාමී සංවිධාන පෝලියෝ එන්නත තුළින් දරු ඵල අහිමි වන බවට කළ ප්‍රචාරයක් මෙයට එක් හේතුවක් වූ බවට කියවෙනවා. ලෝකය පුරා අන් සියළු රටවල එම එන්නත ලබා දෙන බවත්, එහි ආරක්ෂාකාරී බවට සාධක ඒ රටවල දත්ත තුළින් ඉතා පැහැදිලිව පෙන්වන බවත් එම රටෙහි කොටසක් දෙනා නොදැනිම මෙයට හේතුවක් විය හැකියි. ලෝකයක් ත්‍රස්ත කළ වෛරසයක්, අති සාර්ථක එන්නතක් තිබිය දී පවා, දුර්මතයක පිහිටෙන් තවදුරටත් ලොව තුළ පවතින්නේ එලෙසයි.

කොවිඩ් එන්නත ක්‍රියා කිරීමේ දී සිදුවන්නේ වෛරසයෙන් කොටසක්/ වෛරස් ප්‍රෝටීනයක් හෝ මරණ ලද වෛරසයක් ශරීරයට හඳුන්වාදීමක්. මෙම වෛරස් කැබලි හෝ මැරුණ වෛරස වලට අපේ ශරීර තුළ බෝ වෙන්න බැහැ. බොහෝ කාලයක් ශරීරය තුළ පවතින්නේ ද නැහැ. ශරීරය තුළ පවතින්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, එම දකින වෛරස කැබැල්ල පිළිබඳ තබාගන්නා මතකය සහ නිපදවාගත් ආරක්ෂක ප්‍රතිදේහ පමණයි. සක්‍රීය වෛරසයක් ඇතුලු වූ කාලයක ඉක්මනින් එය හඳුනාගෙන පහර දීමට මෙම මතකය සහ ආරක්ෂක ප්‍රතිදේහ උපකාරී වෙනවා. මෙම පෙර සූදානම නිසා වෛරසයට එරෙහි සටනේ දී ප්‍රතිශක්තිකරණ පද්ධතියට විශේෂ වාසියක් හිමිවෙනවා. එන්නත්කරනය කරන ලද පුද්ගලයින් කොවිඩ් ආසාදනයෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වීමට ඇති අවස්ථාව අවම වන්නේ මේ නිසයි. නිදිවැරීම, මානසික ආතතිය, ඇතැම් පාලනය නොවූ රෝගාබාධ හා සමහර පෝෂක කොටස් ආහාරයෙන් නිසි පරිදි නොලැබීම වැනි කරුණු නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල විය හැකි බව ඇත්ත. මෙවැනි කරුණු තිබේ නම් ඒවා නිවැරදි කිරීම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ උපරිම ක්‍රියාකාරිත්වයට උපකාර වෙනවා ඇති. ඒ වුණත් මේ කිසිවක් තුළින් ප්‍රතිශක්තිකරණ පද්ධතියකට වෛරසය කලින් හඳුන්වාදීම මගින් ප්‍රතිදේහ සාදා තැබීමක් තිබීමක් සිදු වන්නේ නැහැ. එනම් කොවිඩ් එන්නතකින් සිදුවන කාර්යය සිදු වන්නේ නැහැ.

ආසන පටි පැළඳ සිටියා ය කියා මාර්ග නීති නොතකා හරින්න බැහැ. මාර්ග නීති අකුරටම පිළිපැද්දත් අනතුරක් වීමේ හැකියාව ශූණ්‍ය වෙන්නෙත් නැහැ. අනතුරකදී ජීවිතය ගලවා ගැනීමට ඉතාමත් ම වැදගත් වන ආසන පටිය වුවත්, සෑම අනතුරක දී ම සෑම ජීවිතයක් ම බේරා දෙන්න සමත් වෙන්නේ නැහැ.

එන්නතත් මේ වගේ. අපිට කොවිඩ් වලට විරුද්ධ සටනේ ඇති ප්‍රබලම ආයුධය වුවත් එන්නතක් ගෙන සිටි පමණින් අනෙක් සියලු ආරක්ෂණ ක්‍රම අමතක කර දමන්න බැහැ. මොකද එන්නතෙන් පවා කොවිඩ් ආසාදනයේ ජීවිත තර්ජනය සෑම කෙනකුටම ශූන්‍ය කරන්න බැහැ. අතිමහත් බහුතරයක් ගළවා ගත්තත් කෙනෙක් ගලවා ගැනීමට නොහැකි අවස්ථා තියෙන්නත් පුළුවන්. එන්නත ලබා ගත්තත් අනෙකුත් ආරක්ෂක විධිවිධාන පිළිපැදීමත් අත්‍යවශ්‍ය වන්නේ මේ නිසයි.

අපගේ පිටුව සමග නිතර රැඳී සිටි ඔබ මෙවැනි කරුණු මේ වෙන විටත් හොඳින්ම දන්නා බව අපට විශ්වාසයි. එන්නත්කරණයේ වැදගත්කම මෙන්ම එන්නත්කරණයෙන් පසුවද ආරක්ෂාකාරී වීමේ වැදගත්කමක් ඔබ දැනටමත් දන්නවා ඇති. වෙන විදිහකට කියනවා නම් “ආසන පටියක් පැළඳ වුවත් මාර්ග නීති ඒ ආකාරයටම පිළිපැදීමේ” වටිනාකම ඔබ දන්නවා.

අප මේ සටහන තබන්නේ පාඨක ඔබගේ උපකාරයක් බලාපොරොත්තුවෙන්. රටේ අතිමහත් බහුතරයක් ඉතාමත් උනන්දුවෙන් එන්නත්කරණයට යොමු වී ඇති ආකාරය අපිට රටෙහි එන්නත්කරණ දත්ත මගින් සුපැහැදිලි ව පෙනී යනවා. අවාසනාවකට වාගේ එන්නත්කරණයට යොමු වීමට චකිතයකින් පසුවන ඉතාමත් සුළු දෙනෙක් සිටිනවා විය හැකියි. එන්නත් සම්පූර්ණ කළ නමුත් ප්‍රතිශක්තිය දුබල ඇතැම් කණ්ඩායම් තුළ සිදුවන මරණ මෙයට බාධාවක් බව පෙනෙන්නට තිබෙනවා.

මේ වනවිටත් සමස්ත ජනගහණයෙන් අඩකට ආසන්නයෙන් පූර්ණ එන්නත්කරණයට ලක් වී සිටින අපට , ලෝකයේ වේගවත්ම එන්නත්කරණ ව්‍යාපෘතිය හරහා නොබෝ දිනකින්ම යම් දුරකට ආරක්ෂිත වටපිටාවක් ඇතිකරගැනීමේ සුබ සිහින දකින්නට පුලුවන්.

එම නිසා ඔබේ හිතවතුන් අතරින් එක් අයෙකු හෝ වැරදි විශ්වාසයක එල්බ ගෙන සිටීමේ හැකියාවක් ඇති නිසාත්, එන්නත්කරණය ද සම්පූර්ණ කරගත් ඇතැම් අය පවා අන් ජනතාව නොමඟ හරිමින් වැරදි ප්‍රචාර කිරීමට ඇති හැකියාවත් නිසා, එන්නත් පිළිබඳ නිවැරදි තොරතුරු ඒ ජනතාව අතරට ගෙනයාමට තතු දත් ඔබගේ උපකාරය, අපට අත්‍යවශ්‍ය වෙනවා.ඉහත කී පිරිස ඉතාමත් සුළු පිරිසක් වුවත් එක ජීවිතයක් පවා වැරදි විශ්වාස නිසා ගිලිහී යාමට ඉඩ තැබීම අපගේ වගකීම පැහැර හැරීමක් වනවා.

නිවැරදි තොරතුරු නිතර සමාජගත කරවීම තුළින් දුර්මත දුරැලීමට අප සමග අත්වැල් බැඳ සිටින ඔබට අපගේ හෘදයාංගම ස්තුතිය.

15/12/2020

🔴 නත්තල් උත්සව කාල සීමාවේ මහජන අවධානයට ලක්විය යුතු විශේෂ කරුණු කිහිපයක්

⚠️️මෙවර නත්තල් සමයේ උත්සව සමයේ සාප්පු සවාරි සීමා කරන්න.

⚠️️අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට යන විට ඔබේ පවුලෙන් එක් අයෙකු පමණක් යන්න. (වෙනදාමෙන් පවුලේ සියලු සාමාජිකයන් කැටුව නොයන්න)

⚠️️හැකි සෑම විටම ඔබට අවශ්‍ය භාණ්ඩ ඔබේ නිවෙස අසලම ඇති වෙලඳසැලෙන් පිරිස අඩුවෙන් ගැවසෙන වෙලාවක ගොස් මිලදී ගන්න.

⚠️️පිරිස ඒකරාශි වන ප්‍රියසම්භාෂණ වෙනදා මෙන් මේ උත්සව සමයේ සංවිධානය කිරීමෙන් වලකින්න. ඔබේ නිවසේ සාමාජිකයන් අතර පමණක් මෙවර නත්තලේ සතුට බෙදාගන්න.

⚠️️නත්තලේ සතුට සැමරීම සඳහා එකිනෙකා මුණ ගැසී සුබ පැතීමේ දී සිප වැළඳ ගැනීමෙන් වලකින්න. නිසි පුද්ගල දුරස්ථ භාවය පවත්වා ගනිමින් සුබ පතන්න.

⚠️️බෝ නොවන රෝග, නිදන්ගත දිගු කල් පවතින රෝග ඇති හා වයස්ගත පුද්ගලයන්ට මෙම වෛරසයේ සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇත ඒ නිසා වැඩිහිටියන් වෛරසයට නිරාවරණය වීම අවම කරන්න. ඒ සඳහා ඔවුන්ව පිරිස ගැවසෙන ස්ථානවලට කැඳවා ගෙන යාමෙන් වළකින්නන. අමුත්තන් නිවසට කැඳවීම සීමා කරන්න.

⚠️️භාණ්ඩ මිලදී ගැනීමට පෝලිම් වල සිටින විට නිසි පරතරය පවත්වා ගන්න. නිසි පරතරයෙන් නොසිටින කෙනෙකු වේ නම් ඔහුට හෝ ඇයට ඔබ සමග නිසි පරතරයෙන් සිටින ලෙස දන්වන්න. ඒ සඳහා අයිතියක් ඇත. එසේම එය ඔබේ සමාජ වගකීමකි.

⚠️️"ඔන්ලයින්" පහසුකම් ඇති අවස්ථාවකදී භාණ්ඩ මිලදී ගැනීම සඳහා එම සේවාව භාවිතා කරන්න.

⚠️️විනෝද චාරිකා හා නෑගම් යාමෙන් වලකින්න/ සීමා කරන්න.

⚠️️මීට අමතරව ඔබ නිවසින් පිටතට යන විට නිසි පරිදි මුඛ ආවරණය පැළඳීම, පුද්ගලයන් අතර නිසි පරතරය පවත්වා ගැනීම, දෑත් සේදීම වැනි සුපුරුදු සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න.

15/12/2020

වැලිමැස්සා දෂ්ඨ කිරීම නිසා හටගන්නා #ලීෂ්මනයසිස් රෝගය

ලීශ්මනයිසිස් කියල කියන්නෙ ගොඩක් අය තාම දන්නේ නැති අලුත් ලෙඩක්. අලුත් කිව්වට අලුත්ම නෑ. ප‍්‍රථමයෙන්ම ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වූ ලීෂ්මානියා රෝගීන් රැකියා හෝ වෙනත් හේතු සඳහා විදේශගතවී සිට නැවත මෙරටට පැමිණි පුද්ගලයන් ය. ශ‍්‍රී ලංකාවේදීම ප‍්‍රථම වරට ලීෂ්මානියා රෝග වැළඳුණු අයෙක් වාර්තා වූයේ 1992 වසරේදීය.යුධ සමයේ සෙබලුන් අතර මෙම රෝගය තිබී ඇත. ශ‍්‍රී ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයකින්ම පාහේ ලීෂ්මනයසිස් රෝගය වාර්තාවී ඇති අතර දැනට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ උතුරු මැද හා දකුණු පළාත් වලිනි.

ලීෂ්මානියා රෝගය බහුල රටවල්

ලෝකයේ මහාද්වීප පහකට අයත් රටවල් 98කට වැඩි ප‍්‍රදේශයක ලීෂ්මානියාව දැනට ආවේනික රෝග තත්ත්වයක් ලෙස පවතී. නැගෙනහිර අර්ධගෝලයේ ආසියාව, මැදපෙරදිග, අප‍්‍රිකාව මෙන්ම බටහිර අර්ධගෝලයේ මධ්‍යම හා දකුණු ඇමෙරිකානු ප‍්‍රදේශද මෙයට අයත්ය.

ලීෂ්මානියා

Leishmania Donovani කියන ඒකසෛලික පරපෝෂිත ජීවියෙක් ඇති කරන රෝගයක්. මේ ලෙඩේ මිනිස්සුන්ට බෝ කරන්නේ වැලි මැස්සා (Sand fly) කියල හඳුන්වන මදුරුවාට වඩා කුඩා කෘමියෙක්.

වැලි මැස්සා 2-3 mm ප්‍රමාණයේ දිගක් තියෙන ශබ්ද නැතිව පියාසර කරන කෘමියෙක්. වියලි අඳුරු පරිසරයේ තමයි ජීවත් වෙන්නේ. විශේෂයෙන් මැටි බිත්ති වල තියෙන සිදුරු වගේ තැන් වල බිත්තර දාන්න කැමතී. උදෑසන වගේම සවස් කාලයේත් කඩිසර ක්‍රියාශීලී කෘමියෙක්. ගැහැනු සතුන්ගේ බිත්තර මෝරන්න අවශ්‍යතා සපුර ගන්න සත්ව ලේ උරා බොනවා. මේ වැලි මැස්සා බල්ලන්, පූසන්, ගවයින්, මීයන් වගේ සත්තුන්ටත් මේ රෝගය බෝ කරන නිසා එවැනි සතුන් ඇති කරද්දි වඩාත් විමසිලිමත් වෙන්න ඕනේ.

රෝගය ගෙන එන සතා, එනම් වාහකයා වැලි මැස්සා (sand fly) ලෙස හඳුන්වා දීම නිසා බොහෝ අය මෙම රෝග වාහකයා සාමාන්‍ය ගෙමැස්සෙක් වැනි හෝ ඊටත් වඩා විශාල සතෙකු ලෙස වරදවා වටහා ගෙන සිටිනවා. ඇතැම් අය පළතුරු මැස්සා දෂ්ඨ කිරීමෙන් මෙය ඇතිවන බවත්, ඔවුන් සම විද බිත්තර දැමීම නිසා පණුවන් ඇතිවන බවත් විශ්වාස කරනවා. තවත් සමහරු අතර මෙය 'වැලි මැක්කා' මඟින් සෑදෙන බවට වැරදි මතයකුත් තියනවා. මැක්කන් මගින් සෑදෙන වෙනත් රෝගයක් ඇති අතර එය මීට වඩා හාත්පසින්ම වෙනස් උණ රෝග තත්වයක්.

මෙම වාහක කෘමියා ප්‍රාදේශීය වශයෙන් විවිධ නම් වලින් හඳුන්වනු ලබනවා. වාහකයාගේ ස්වරූපය බොහෝ අය විශාල සතෙකු ලෙසින් වරදවා වටහාගෙන සිටින බව පෙනී යනවා.

රෝග ලක්ශණ...

වැලි මැස්සා දෂ්ට කරල සතියකට විතර පස්සේ හමෙන් ඉස්සුනු රතු ගැටිත්තක් දකින්න පුලුවන්. මුල් අවදියේ මේක බොහෝ විට කුරුලෑවක් වගේ කුඩා බිබිලක්. වේදනාවක්, කැක්කුමක් හෝ කැසීමක් නැති කුඩා බිබිලක් ආකාරයෙන් මතු වන මෙය ටිකින් ටික විශාල වෙනවා.

මේ විදියට දෂ්ට කරන්නේ ශරීරයේ ඇඳුම් වලින් ආවරණය නොවෙන තැන් උදා : අත්, මුහුණ, කකුල්, කන් වැනි. ඒ නිසා ඒ වගේ තැන් වල තමයි මේ බිබිල හට ගන්නේ. මේක දිග කාලයක් සුව වෙන්නේ නැතුව ගැටිත්තක් වගේ එකක් හැදෙනවා. කල් ගත වෙද්දී මේවා සමේ පාට හෝ රතු පාටට හුරු වේදනාවක් හෝ කැසීමක් නැති ගැටිත්තක් වෙනවා. ගැටිති මතුපිට පොතු ගැලවීමක් හෝ කලු පාට කබොලක් ඇති වෙන්න පුලුවන්. ඊට පස්සේ ගැටිත්ත මතුපිට වේදනාවෙන් තොර තුවාලයක් හට ගන්න පුලුවන්. මේක කල් පවතින සුව නොවෙන තුවාලයක් විදියට තමයි බොහෝ රෝගීන් රෝහලට එන්නේ.

මෙම කුඩා කෘමියා දෂ්ඨ කිරීමෙන් පසු ඇතැම් අයගේ පලු දැමීමක් ඇතිවිය හැකි වුවද එය තාවකාලික තත්ත්වයක් පමණයි. පරපෝෂිතයා සම තුළ වර්ධනය වී බිබිලක් මතු වීමට කලක් ගතවෙනවා. වේදනාවක් නැති නිසා බොහෝ දෙනා ප්රතිකාර සඳහා යොමු වන්නේ නෑ. යොමු වුණත් ඒ ගොඩක් ප්රමාද වෙලා. මුල් කාලෙදි මේක තුවාලයක් විදියට නෙමෙයි පේන්නේ. රෝගී තත්ත්වය හඳුනා ගැනීම පමා වෙන්නට ඒකත් එක හේතුවක්.

කෙනෙකුට හිතෙන්න පුලුවන් ඉබේ සුව වෙනකන් ටිකක් ඉඳල බලනවා කියල. නමුත් මේක භයානක වැඩක්. මොකද මේ රෝගය ඇති කරන පරපෝෂිතයාට ශරීරය අභ්‍යන්තර අවයව වලටත් හානි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ තත්ත්වයට ගියොත් රෝගය මාරාන්තික වෙන්න පුලුවන්. ඉතින් මේක වළක්වා ගන්න සමේ තියෙන අසාමාන්‍ය තුවාල වලට ප්‍රතිකාර කළ යුතුමයි.

අනිත් කරුණ තමයි රෝගය වැළඳී සිටින කෙනෙක්ට වැලි මැස්සා දෂ්ට කරල, එම වැලි මැස්සා නීරෝගී කෙනෙක් දෂ්ට කරොත් තමයි මේ රෝගය බෝ වෙන්නේ. ඒ නිසා මේ රෝගය තවත් පැතිරිලා යන එක වළක්වා ගන්න අනිවාර්යයෙන්ම දැනට රෝගී වෙලා ඉන්න අය සුව කරන්නම ඕනේ.

දැනට ලංකාවේ වාර්තා වන්නේ cutaneus හෙවත් චර්මීය හෙවත් සමෙහි මතුවන රෝග තත්ත්වය පමණයි. ඉන්දියාව වැනි අපට ඉතා ආසන්න රටවල් වල අභ්යන්තර අවයව වලට ඉතා හානිකර විය හැකි රෝග ආකාරයන් (visceral, muco cutaneous) වාර්තා වෙනවා.

ලීෂ්මානියා රෝගය හඳුනා ගැනීම

බොහෝවිට ඔබ ජීවත්වන ප‍්‍රදේශය හා ගමන් ඉතිහාසය (travel history) මේ සඳහා උපකාරීවේ. සමෙහි ඇති ගැටිත්තෙන් හෝ තුවාලයෙන් ලබාගන්නා පටක හෝ තරල භාවිතයෙන් සිදුකරනු ලබන රසායනාගාර පරීක්ෂණ මගින් රෝග විනිශ්චයට එළඹිය හැකිය.

රෝගයට ඇති ප්‍රතිකාර

ප්‍රතිකාර ලබාදීමත් සමගම ඇතිවූ තුවාලය ක්‍රම ක්‍රමයෙන් වේලී යනවා. ප්‍රතිකාරය වශයෙන් ලංකාවේ දැනට භාවිතා කරන්නේ Sodium Stibogluconate නමැති ඖෂධයයි. එම ඖෂධය සිරින්ජරයක් මගින් බිබිල ඇති ස්ථානයේ සම තුළට ඇතුල් කිරීමෙන් පරපෝෂිතයා මර්ධනය කෙරෙනවා. බිබිලේ විශාලත්වය අනුව ප්‍රතිකාර කළ යුතු කාල සීමාව රඳා පවතිනවා. ඒක නිසා රෝගය ඇති වෙන්න පෙර වළක්වා ගැනීමත් වටිනවා.
සතියකට වරක් හෝ සති දෙකකට වරක් ප්‍රධාන පෙලේ රජයේ රෝහල් වල සමේ රෝග සායන වලදී ප්‍රතිකාර ලබා දීම සිදු කෙරෙනවා.

මේ ආකාරයේ බිබිලක් ඔබේ ශරීරයේ හෝ පවුලේ අයෙකුගේ, අසල්වැසියකුගේ, ඥාතියෙකුගේ ශරීරයේ දුටුවහොත් අනිවාර්යයෙන්ම ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ රෝහලේ සමේ රෝග සායනයට යොමු වෙන්න. මේ තැන් වලින් නොමිලේ ප්‍රතිකාර හා උපදෙස් ලබා ගන්න පුලුවන්.
⁣ක්‍රීම් වර්ග ආලේපයෙන් හෝ වෙනත් ක්‍රම වලින් මෙය සුව කළ නොහැකියි. එවන් ක්‍රම වලින් තාවකාලිකව යටපත් වුවද කෙටි කළකින්ම නැවත මතු වෙනවා.

රෝගය වැළඳීම වළක්වා ගැනීම

මේ සඳහා විශේෂ ඖෂධ හෝ එන්නතක් නොමැත. වඩාත්ම වැදගත් වන්නේ වැලිමැස්සා දෂ්ඨ කිරීම වැළැක්වීමට පියවර ගැනීමය. සාමාන්‍යයෙන් අප මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්වීමට ගන්නා ක‍්‍රමවේද මේ සඳහා උපයෝගි වේ. වැලිමැස්සන් වැඩිපුරම දෂ්ඨ කරන්නේ හිමිදිරි පාන්දර සහ සන්ධ්‍යා කාලයේදීය. වැලිමැස්සා මදුරුවකුට වඩා ඉතා කුඩා නිසා මදුරු දැල් භාවිතා කරන්නේ නම් කෘමිනාශක ගල්වන ලද මදුරු දැල් භාවිතා කළ යුතුය.
කැළෑබද ප්‍රදේශ වල ජීවත් වෙන අය සිරුර හොඳින් ආවරණය වන ඇඳුම් ඇඳීම, එළිමහනේ නිදා ගැනීමෙන් වැළකීම, වැලි මැස්සන් පලවා හරින ආලේප සිරුරේ ගැල්වීම, රෝගීන් හඳුනා ගෙන ඉක්මනින් ප්‍රතිකාර කිරීම යන කරුණු රෝගය වළක්වා ගැනීමට කළ හැකී. ළඟපාත නිවෙස් වල අයට මේ රෝගය වැළඳිල තියෙනව නම් ඔබ වඩාත් විමසිලිමත්ව සිටීම සුදුසුයි.

15/12/2020

Doramadalawa 14-12-2020 Part 1

06/04/2020

ඔහු තම රටේම ජීවත් වන අයට නීරෝගී හෙට දිනක් පතා තම රාජකාරී වේලාවෙන් අනතුරුවත් පැය ගාණනකට පසුව රඹුක්කන ප්‍රදේශයේ නිවසකට ගියේ සැක කටයුතු අයෙකු නිරෝධායනය කර අනෙක් අය ආරක්ශා කර ගැනීමටයි..

ඔහු ඔහුගේ ආරක්ශාව දෙවැනි තැනට දමා ගන්නා ලදී...

නරුමයෙකු විසින් ඔහුට පිහි ප්‍රහාරයක් එල්ල කලේ නොසිතූ මොහොතකයි..

සර් ජෝන් කොතලාවලට පිස්තෝලය පත්තු නොවීම මෙන්ම සිදුවීමක් අදද සිදුවිය..

අවංක රාජ්‍ය නිලධාරියෙකුගේ ජීවිතය අදද රැකුණි..

පිහි ප්‍රහාරය කකුලට යොමු විය..

ඔහු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ගනිමින් සිටී..

ඔහුට ඉක්මන් සුවය පතමු..

ඔහු මිනිසුන් දහස් ගණනකගේ සෞඛ්‍ය රකින්නට සිටිනා අයෙකි.. අද ඔහු රෝහලේය..

ඔහුගේ අධීක්ෂණය යටතේ සිටි දහස් ගණනක් වූ ජනතාවට කාගේ පිළිසරණක් ද ?

පොලිස් පරීක්ෂණය සිදු වෙමින් පවති...

නිවැරදිව මුඛ ආවරණ පලදිමු
27/03/2020

නිවැරදිව මුඛ ආවරණ පලදිමු

මුඛ ආවරණයක් පලඳින නිවරදි ක්‍රමය

මුඛ ආවරණයක් පැලදීමට ප්‍රථම සබන් යොදා හෝ විෂබීජ නාශක දියරයක් භාවිතයෙන් තමාගේ දෑත් පිරිසිදු කරගත යුතුයි.

ඉන්පසු මුඛ ආවරණය යකඩ පටිය සහිත කොටස ඉහලට සිටින ආකාරයට සහ තද පැහැති පාට පිටතට සිටින ආකාරයට තමාගේ මුහුණ ඉදිරියෙන් ස්ථානගත කොට මුඛ ආවරණයේ දෙපසින් පමණක් අල්ලා තමාගේ නාසය සහ මුඛය වැසෙන ආකාරයෙන් එය පැළඳිය යුතුය.

ඉන්පසු තමාගේ නාසය මතින් ඇති යකඩ පටිය සහිත කොටස නාසය මතට හිර වන ආකාරයට තද කර ගත යුතුය.

ඉන්පසු මුඛ ආවරණය පහත මායිමෙන් අල්ලා පහළට ඇද තමාගේ නිකට යටින් පිහිටන පරිදි ස්ථානගත කර යුතුය.

මුඛ ආවරණ පැළඳ සිටින මුළු කාල පරාසය පුරාම මුඛ ආවරණයේ පිටත කොටස ඇල්ලීමෙන් වැළකී සිටිය යුතුය.

මෙය වරින් වර වෙනස්කිරීම හෝ පහළට ඇද නාසය විවෘත කිරීම, කතාකරන විට මුඛ ආවරණය බෙල්ල මතට යොමු කිරීම හෝ නළල මතට යොමු කිරීම කිසි විටෙකත් නොකළ යුතු වනවා.

මීට අමතරව මුඛ ආවරණය ඉවත් කර තමාගේ සාක්කුව තුල දමා සිට නැවත පැළඳීමත් ගලවා මේසයක් මත හෝ වෙනත් පෘෂ්ඨයක් මත තබා යළිත් වරක් පැළඳීමත් කිසිවිටෙකත් නොකළ යුතු වනවා.

මුඛ ආවරණ ඉවත් කිරීමේදී ද මුඛ ආවරණය තුළ රැඳී ඇති විෂබීජ ශරීරගත වීමෙන් වැළකීමට ක්‍රමානුකූල ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු වනවා.

මුඛ ආවරණයේ මැද කොටසින් අල්ලන්නේ නැතිව කොන් දෙකෙන් පමණක් අල්ලා මොක ආවරණය ඉවත් කරගන්න
ඉන්පසු නියමාකාරව පියන සහිත කසල බඳුනකට මෙය ඉවත් කරන්න.

ඉන්පසු මතක ඇතුව තමාගේ දෑත් යළිත් වරක් සබන් සහ ජලය යොදා පිරිසිදු කරගැනීම හෝ විසබීජ නාශක දියරයක් මගින් පිරිසිදු කරගත යුතුය.

මුඛ ආවරණයක් වෙනුවට ලේන්සුවක්, රෙදි කඩක් හෝ තමාගේ දෑත් භාවිතයෙන් මුඛය සහ නාසය ආවරණය කරගැනීම මගින් කිසිදු ආරක්ෂාවක් නොලැබෙනු ඇත. සත්‍ය වශයෙන්ම එමඟින් රෝග සම්ප්‍රේෂණය වඩාත් ඉක්මන් වන අතර තමාට corona රෝගය වැළඳීම සඳහා වැඩි අවදානමකට ලක්වනවා.

මෙම මුඛ ආවරණ මගින් පැළඳ සිටින පුද්ගලයාට ආරක්ෂාවක් ලැබීමට වඩා පැළඳ සිටින පුද්ගලයා ගෙන් පරිබාහිර අයට රෝගය පැතිරීම වැළැක්වීම සඳහා මෙම මුඛ ආවරණ වැදගත් වනවා. එම නිසා තමා උණ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන අයකු හෝ රෝගය වැළඳීමට දැඩි අවදානම් සහිත තත්වයකට ළක් වූ අයකු නම් මෙවැනි මුඛ ආවරණයක් පැළඳීම යෝග්‍ය වනවා.

මුඛ ආවරණ පැළඳීම වඩා ඵලදායි වන්නෙ ඔබ නිතරම අත් සෝදනවා නම් පමණි..

එමනිසා ඔබ මුඛ ආවරණයක් පළඳින විට එය නියමාකාරයෙන් සිදු කරන ක්‍රමවේද වලට අනුව සිදු කිරීම ඉතාමත් වැදගත් වනවා.

Address

Matara

Telephone

+94412226763

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Devinuwara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to MOH Devinuwara:

Share


Other Health & Wellness Websites in Matara

Show All