Deegayu Herbal

Deegayu Herbal දීඝායූ හර්බල්ස් ආයුර්වේද වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය

🔱 මහා  ශිව රාත්‍රිය යනු? මහා භාරතීය සංස්කෘතිය ප්‍රධාන කොට ගත් හින්දු ආගම තුළ ත්‍රිමූර්ති තුනකි.■ බ්‍රහ්මා – නිර්මාණය■ වි...
15/02/2026

🔱 මහා ශිව රාත්‍රිය යනු?
මහා භාරතීය සංස්කෘතිය ප්‍රධාන කොට ගත් හින්දු ආගම තුළ ත්‍රිමූර්ති තුනකි.
■ බ්‍රහ්මා – නිර්මාණය
■ විෂ්ණු – රැකවරණය
■ ශිව – සංහාරය/පරිවර්තනය

ශිව දෙවියන් “මහදේව”, “නටරාජ”, “ශංකර”, “රුද්‍ර”යන නාම වලින්ද හැඳින්වේ.
🔹 සංහාරකයා ලෙස පෙන්වුවත්, එය විනාශය නොව නව ආරම්භයක් සඳහා පරිවර්තනය ලෙස අර්ථ දැක්වේ.
🔹 ගංගා නදිය ඔහුගේ ජටාවෙන් ගලා එන බව විශ්වාසයයි.
🔹 තුන්වැනි ඇස (ජ්ඤාන නේත්‍රය) ප්‍රඥාව හා ආධ්‍යාත්මික බලය නිරූපණය කරයි.
🔹 ඔහුගේ වාසස්ථානය ලෙස හඳුන්වන්නේ Mount Kailash ය.

❤️ ශිව හා පාර්වතී අතර සම්බන්ධය

පාර්වතී දේවිය යනු ශිව දෙවියන්ගේ භාර්යාව ලෙස සැලකේ. ඇය ශක්ති (බලශක්තිය) නිරූපණය කරයි.

🔹 ශිව = චේතනාව (Consciousness)
🔹 පාර්වතී = ශක්තිය (Energy)

මෙය එක්වූ විට අර්ධනාරිශ්වර (Ardhanarishvara) සංකල්පය ඇතිවේ එනම් පුරුෂ හා ස්ත්‍රී ශක්ති එකතුව.
මෙය සමබරතාවය හා පරිපූර්ණත්වය නිරූපණය කරයි.

ඔවුන්ගේ පුත්‍රයන් ලෙස
🔸 Ganesha
🔸 Kartikeya
හඳුන්වයි.

🌿 ශිව දෙවියන් හා ආයුර්වේදය අතර සම්බන්ධය
ආයුර්වේදයේ මුල් ගුරුවරයා ලෙස “ආදියෝගී” ශිව දෙවියන් සැලකේ.
🔹 යෝග ශාස්ත්‍රය හා ධ්‍යාන විද්‍යාව ශිව දෙවියන්ගෙන් ආරම්භ වුණ බව හින්දු සම්ප්‍රදාය කියයි.
🔹 ශිව දෙවියන් “වෛද්‍යනාථ” ලෙසද (රෝග නාශකයා) හැඳින්වේ.
🔹 ආයුර්වේදයේ ප්‍රධාන ග්‍රන්ථයන් ලෙස
Charaka Samhita
Sushruta Samhita
සැලකේ.

ශිව දෙවියන් විසින් යෝග හා ඖෂධ ශාස්ත්‍රය මනුෂ්‍ය ලෝකයට දායක කළ බව විශ්වාසය පවතී.

🔴 පාර්වතී දේවියගේ ආර්ථව රුධිරයෙන් “රසදිය” හැදුණ බව
සම්ප්‍රදායික රසායනික (Rasa Shastra) කතා අනුව, පාර්වතී දේවියගේ ශක්තිය හා ආර්ථව රුධිරය තුළින් “රස” ශක්තිය උපත ලැබුණ බව පුරාණ කථා ඇත.
🔹 “රසදිය” (Mercury / Parada) ශිව ශක්තිය නිරූපණය කරන පදයකි.
🔹 රසා ශාස්ත්‍රයේදී රසදිය පවිත‍්‍ර කර ඖෂධ නිර්මාණයට භාවිතා කරන ලදී.
⚠️ මෙය පුරාණ ආගමික හා රසායනික සංකල්පයක් වන අතර විද්‍යාත්මක වශයෙන් සෘජු සාක්ෂි නොමැත.

🌙 මහා ශිව රාත්‍රිය දිනය
Maha Shivaratri යනු ශිව දෙවියන්ට කැප වූ විශේෂ පූජා දිනයකි.
🔹 ෆාල්ගුණ මස (February–March) අමාවක පූර්ව රාත්‍රියේ සමරයි.
🔹 මෙම දිනය ශිව–පාර්වතී විවාහය සිදු වූ දිනය ලෙසද විශ්වාස කරයි.
🔹 භක්තිකයින්
උපවාසය පවත්වයි
රාත්‍රිය පුරා භජන හා ධ්‍යානය කරයි
බෙල් පත්‍ර, දූප, පානීය ජලය සමඟ ශිව ලිංගයට පූජා කරයි
මෙය අඳුරුකමෙන් ආලෝකයට යන ආධ්‍යාත්මික ගමන නිරූපණය කරයි.
ඔබටත් සුබ මහා ශිව රාත්‍රියක් වේවා !

🌿 දීඝායූ හබල්ස් 🌿

🤕 මිග්‍රේන් (Migraine) නිසා ඔබත් පීඩාවෙන්ද?නිතර නිතර ඇතිවන🔹 හිසේ පැත්තක හිසරදය තිබේද?🔹 ආලෝකයට / ශබ්දයට නිරාවරණය වීම අපහස...
09/02/2026

🤕 මිග්‍රේන් (Migraine) නිසා ඔබත් පීඩාවෙන්ද?
නිතර නිතර ඇතිවන
🔹 හිසේ පැත්තක හිසරදය තිබේද?
🔹 ආලෝකයට / ශබ්දයට නිරාවරණය වීම අපහසු ද?
🔹 වමනය ඔක්කාරය තිබේද?
🔹 ඇස් වල පෙනීම අඳුරු වේද?
මෙවා මිග්‍රේන් රෝගයේ සාමාන්‍ය ලක්ෂණයි.
🌿 ආයුර්වේදයට අනුව
මිග්‍රේන් රෝගය ඇතිවෙන්නේ
➡️ වාත – පිත්ත දෝෂ අසමතුලිතතාවය.
➡️ මානසික ආතතිය.
➡️ නින්ද අඩු වීම.
➡️ අසමතුලිත ආහාර රටාව.
➡️ සෙම

🌿 ආයුර්වේද සහ දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රම මගින්
✔️ රෝගයට මුල හඳුනාගෙන
✔️ ස්වභාවික ආයුර්වේද ප්‍රතිකාර
✔️ දිගුකාලීන සහන ලබා ගැනීම
සදහා අප සමග සම්බන්ධ වන්න.

🌿 දීඝායූ හබල්ස් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය 🌿
📍 කුරුප්පු හංදිය, පොළොන්නරුව
📞 අමතන්න:
071 037 3005
071 037 3006
🕒 ප්‍රථිකාර වේලාවන්
▫️ සතියේ දින – සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්වා
▫️ ඉරිදා – උදෑසන 9.00 සිට දහවල් 1.00 දක්වා

✨ හිසරදයට සදාකාලික විසඳුමක් සොයන්නේ නම් – අදම අප වෙත පැමිණෙන්න ✨

ඔබගේත් අතේ මැණික්කුව නවන්න දිගහරින්න අපහසුයිද? නිතර මැණිකටුව සංධිය වේදනා දෙනවාද ? එසේ නම් බොහෝ විට  එය Carpal Tunnel Syn...
07/02/2026

ඔබගේත් අතේ මැණික්කුව නවන්න දිගහරින්න අපහසුයිද? නිතර මැණිකටුව සංධිය වේදනා දෙනවාද ? එසේ නම් බොහෝ විට එය Carpal Tunnel Syndrome විය හැකිය.

🔹 Carpal Tunnel Syndrome කියන්නේ මොකක්ද?

අතේ මැණික්කුව (wrist) අසල තියෙන Carpal Tunnel කියන ඉතාම සියුම් නාලිකාවක් ඇතුළෙන් Median Nerve ස්නායුව යනවා. මේ නාලිකාව ඇතුළේ ඉදිමීමක්, පීඩනයක් ඇති වුනොත් ඒ ස්නායුවට බලපෑමක් වෙලා
Carpal Tunnel Syndrome ඇති වෙනවා.

🔹 රෝග ලක්ෂණ (Symptoms)

👍 අත් ඇඟිලි (විශේෂයෙන් බොත්තම් ඇඟිල්ල, මැද ඇඟිල්ල, අත් තලය)
හිරිවැටීම
කුකුළුවා ගහන වගේ දැනීම
ඇගිලි තුඩු දක්වා හිරි වැටීම
😣 අතේ වේදනාව (විශේෂයෙන් රෑට වැඩිවෙයි)
💪 අතට බලය අඩු වීම
🖐️ පොඩි දේවල් අල්ලාගෙන ඉන්න අපහසු වීම
🤲 අතෙන් දේවල් වැටෙන එක

🔹 හේතු (Causes)
දිගු කාලයක්
■ රෙදි සේදීම / අධිකව ගෘහ ආශ්‍රිත වැඩ කිරීම
■ Mobile / Computer භාවිතය
■ Sewing, Driving, Machine වැඩ
🔁 එකම චලනය නැවත නැවත කිරීම
🤰 ගර්භණී කාලය
🍬 දියවැඩියාව
⚖️ අධික බර
🦴 Wrist fracture / අස්ථි ගැටලු
🧬 හෝමෝන වෙනස්වීම්

🔹 කවුද වැඩි අවදානමට ලක්වෙන්නේ ?
■ Computer / Mobile වැඩ වැඩි අය
■ ගෘහණියන්
■ කාර්මික සේවකයන්
■ දියවැඩියාව ඇති අය
■ ගර්භණී මව්වරු
ඔබට මෙම රෝගය ශල්‍යකර්මයක් නැතිව 100% 🌿 ආයුර්වේද ප්‍රතිකාර සුව විය හැකි
බව දන්නවාද?
එසේ නම් අප වෙත පැමිණෙන්න .
🌿 දීඝායූ හබල්ස් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය 🌿
📍 කුරුප්පු හංදිය, පොළොන්නරුව
📞 අමතන්න:
071 037 3005
071 037 3006
🕒 ප්‍රථිකාර වේලාවන්
▫️ සතියේ දින – සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්වා
▫️ ඉරිදා – උදෑසන 9.00 සිට දහවල් 1.00 දක්වා
🌱 තව දුරටත් පමා නොවන්න!
ස්වභාවික ආයුර්වේද ප්‍රථිකාර මඟින් සුවය ලබා ගන්න. 🌿

🌿 ආයුර්වේද සුවතා ප්‍රතිකාර 🌿✨ සම්පූර්ණ ශරීර තෛල සම්භාහනය සහ වාෂ්ප ප්‍රතිකාර දැන් ඔබට පොළොන්නරුවේ දී ලබා ගත හැකිය. ✨මෙම ප...
07/02/2026

🌿 ආයුර්වේද සුවතා ප්‍රතිකාර 🌿

✨ සම්පූර්ණ ශරීර තෛල සම්භාහනය සහ වාෂ්ප ප්‍රතිකාර දැන් ඔබට පොළොන්නරුවේ දී ලබා ගත හැකිය. ✨
මෙම ප්‍රථිකාර -
✔️ ශරීරය නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ.
✔️ සම පෝෂණය කරමින්, විෂ ද්‍රව්‍ය ඉවත් කර සම ලස්සන කරයි.
✔️ මානසික ආතතිය හා ශාරීරික පීඩනය අඩු කරයි.
✔️ ශරීරයට සුවය හා විවේකය ලබා දෙයි.

ඔබ අපව තෝරා ගත යුත්තේ ඇයි?
👉 අපගේ ප්‍රථිකාර පූර්ණ පළපුරුදු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදු කරනු ලැබේ.
👉 පළපුරුදු දක්ශ තෙරපි වරුන් ප්‍රතිකාර කරනු ඇත.
👉ඔබට , සාපේක්ෂව ඉතා සාධාරණ දැරිය හැකි මුදලකට ප්‍රථිකාර ලබා ගත හැකිය.

🏥 දීඝායූ හර්බල්ස් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
📍 කුරුප්පු හංදිය, පොළොන්නරුව
📞 දුරකථන හෝ වට්සැප් මගින් -
071 037 3005

📌️සැලකිය යුතුයි 👉
1).කලින් වේලාවක් වෙන් කර ගත යුතුවේ.

2).මෙහිදී පිරිමි / ගැහැනු වෙන වෙනම තෙරපි වරුන් සහ වරියන් යොදාගනිමින් ප්‍රතිකාර කරනු ලැබේ.

🌿 Ayurvedic Wellness Treatments 🌿

✨ Full Body Oil Massage with Herbal Steam Therapy ✨
✔️ Helps to keep your body healthy
✔️ Nourishes, detoxifies & beautifies your skin
✔️ Reduces stress and fatigue
✔️ Improves relaxation and overall wellness

🏥 Deegayu Herbal Medical Center
📍 Kuruppu Junction, Polonnaruwa
📞 Call for Appointments - 071 037 3005

🌅 බ්‍රහ්ම මුහූර්තයෙන් අවදි වීම – නිරෝගී ජීවිතයක රහස 🌿ආයුර්වේදයට අනුව බ්‍රහ්ම මුහූර්තය යනු සූර්යෝදයට පෙර ඇති උදෑසන 3.30 –...
31/01/2026

🌅 බ්‍රහ්ම මුහූර්තයෙන් අවදි වීම – නිරෝගී ජීවිතයක රහස 🌿

ආයුර්වේදයට අනුව බ්‍රහ්ම මුහූර්තය යනු සූර්යෝදයට පෙර ඇති උදෑසන 3.30 – 5.30 අතර කාලයයි.(දේශගුණය හා සූර්යෝද වේලාව අනුව සුළු වෙනස්කම් තිබිය හැක).

මෙම කාලය ශරීරයත් මනසත් ස්වභාවිකව සක්‍රීය වන, අතිශය ශක්තිමත් වේලාවක් ලෙස සැලකේ.

බ්‍රහ්ම මුහූර්තයේදී,
📌️වාතය පිරිසිදුයි
📌️ශබ්ද දූෂණය අඩුයි
📌️පරිසරයේ ස්වභාවික සාමයක් පවතී

🌿 ආයුර්වේදයේදී මෙම කාලය විශේෂ වන්නේ ඇයි?
🔹 1. වාත දෝෂය ප්‍රබල වන කාලය
ආයුර්වේදයට අනුව,
උදෑසන 2.00 – 6.00 අතර කාලය වාත දෝෂය ප්‍රබල වන වේලාවකි.
වාත දෝෂය මනස, ස්නායු පද්ධතිය, චින්තනය සහ සෘජු චලනයට වගකිව යුතුය.

👉 එම නිසා මෙම කාලය,
📌️බුද්ධිය පැහැදිලිව පවත්වා ගැනීමට
📌️මනස සැහැල්ලු කිරීමට
📌️අලුත් දේවල් ඉගෙන ගැනීමට
ඉතාමත් සුදුසු වේ.

👉 එය ශරීරයටත් මනසටත් ධනාත්මක බලපෑමක් සිදු කරයි.

✨බ්‍රහ්ම මුහූර්තයේ අවදි වීමෙන්,
✔️ මනස සන්සුන් වේ.
✔️ ඒකාග්‍රතාවය වැඩි වේ.
✔️ දවස ප්‍රබෝධයෙන් ආරම්භ කළ හැක
✔️ නින්දේ ගුණාත්මකභාවය වැඩි වේ.
✔️ජීර්ණ ක්‍රියාවලිය සක්‍රීය වේ.
✔️දිනචර්යාව ක්‍රමවත් වේ.
✔️රෝග ප්‍රතිරෝධ ශක්තිය වර්ධනය වේ

🌿 පාන්දරින් පිබිදීමෙන් ලැබෙන ප්‍රධාන වාසි
1️⃣ මානසික ඒකාග්‍රතාවය හා අභ්‍යන්තර සාමය
පාන්දර කාලය නිශ්ශබ්ද හා සන්සුන් බැවින් මනස ඉතා ඉක්මනින් ඒකාග්‍ර කර ගත හැක.
මෙය,
භාවනා කිරීමට
යෝගා අභ්‍යාස සඳහා
පොතක් කියවීමට
හෝ දවසේ වැඩ සැලසුම් කිරීමට
අතිශය සුදුසු කාලයකි.

2️⃣ දවස හොඳින් සැලසුම් කිරීමට අවස්ථාව
අන් අයට පෙර අවදි වීමෙන් දවසේ වැඩකටයුතු සඳහා අමතර කාලයක් ලැබේ.
මෙය දවස අවසානයේ ඇති වන කලබලය, ආතතිය සහ කලකිරීම අවම කරගැනීමට උපකාරී වේ.

3️⃣ ව්‍යායාම සඳහා නිශ්චිත කාලයක්
දවසේ වැඩබහුලතාවය නිසා ව්‍යායාම අතහැර දමන බොහෝ දෙනාට, පාන්දර කාලය හොඳම විසඳුමයි.
පාන්දර ව්‍යායාම කිරීමෙන්,
ශරීරය ප්‍රබෝධමත් වේ
රුධිර සංසරණය යහපත් වේ
දවස පුරා උත්සාහශීලී බව රඳා පවතී

4️⃣ සුවදායක සහ ක්‍රමවත් නින්ද
පාන්දරින් අවදි වීමට හුරු වූ විට ශරීරයේ Sleep Cycle ක්‍රමවත් වේ.
එමගින්,
රාත්‍රියේ ඉක්මනින් නින්දට යාමට හැකි වීම
ගැඹුරු, සුවදායක නින්දක් ලැබීම
සහ නින්දෙන් අවදි වීමේදී ශරීරය හොඳින් විවේක ගත් බවක් දැනීම සිදුවේ.

5️⃣ පෝෂ්‍යදායී උදේ ආහාරයට කාලය
ප්‍රමාදව අවදි වන විට බොහෝ දෙනා උදේ ආහාරය මඟ හරියි.
නමුත් වේලාසනින් අවදි වීමෙන්,
සන්සුන්ව
පෝෂ්‍යදායී
සෞඛ්‍යයට හිතකර
උදේ ආහාරයක් භුක්ති විඳීමට කාලය ලැබේ.

✅ සාර්ථකව පාන්දරින් අවදි වීමට උපදෙස්
ඔබට පාන්දරින් අවදි වීම අපහසු නම්, මෙම ක්‍රම අනුගමනය කර බලන්න:
🔹 ප්‍රමාණවත් නින්ද – දිනකට පැය 7–8 ක නින්දක් අත්‍යවශ්‍ය බැවින් හැකි නම් රාත්‍රී 10.00 ට පෙර නින්දට යන්න.
🔹 දුරකථන භාවිතය අඩු කරන්න – නින්දට යාමට අවම වශයෙන් පැයකට පෙර ජංගම දුරකථනය සහ පරිගණක භාවිතයෙන් වැළකී සිටින්න.
🔹 ක්‍රමයෙන් පුරුදු වන්න – එකවරම වේලාසනින් අවදි වීමට උත්සාහ නොකර, දිනකට විනාඩි 10–15 බැගින් අවදි වීමේ වේලාව වෙනස් කරමින් සිරුර හුරු කරන්න.

🧘‍♀️ භාවනා, යෝගා, ව්‍යායාම සහ දවස සැලසුම් කිරීමට මෙය හොඳම කාලයයි.

🌿 “වේලාසනින් නිදාගෙන වේලාසනින් අවදි වීම මිනිසා නිරෝගී, බුද්ධිමත් සහ සාර්ථක පුද්ගලයෙකු බවට පත් කරයි.”

Deegayu Herbal Medical Center
🌱 ආයුර්වේදයෙන් නිරෝගී ජීවිතයකට

🌿 මලබද්ධය (Constipation) යනු කුමක්ද? 🌿■ නිතර මලපහ නොවීම, ( ඇතැම් විට දින කිහිපයක්ම )■ මලපහ කිරීමේදී දැඩි අපහසුතාව,■ මලපහ...
27/01/2026

🌿 මලබද්ධය (Constipation) යනු කුමක්ද? 🌿

■ නිතර මලපහ නොවීම, ( ඇතැම් විට දින කිහිපයක්ම )
■ මලපහ කිරීමේදී දැඩි අපහසුතාව,
■ මලපහ කිරීමට අවශ්‍ය තාවය ඇති උවද මලපහ පිට නොවීම,
■ බහුලව අධෝ වාතය පිටවීම.

මෙම රෝග ලක්ෂණ ඔබටත් තියෙනවාද?

👉 මලබද්ධය රෝගය සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමට
විශ්වාසදායී ස්වාභාවික ආයුර්වේද ප්‍රථිකාර දැන් ලබා ගන්න!
✨ දීඝායූ හබල්ස් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය ✨
📍 කුරුප්පු හංදිය, පොළොන්නරුව
📞 අමතන්න:
071 037 3005
071 037 3006
🕒 ප්‍රථිකාර වේලාවන්
▫️ සතියේ දින – සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්වා
▫️ ඉරිදා – උදෑසන 9.00 සිට දහවල් 1.00 දක්වා
🌱 තව දුරටත් පමා නොවන්න!
ස්වභාවික ආයුර්වේද ප්‍රථිකාර මඟින් සුවය ලබා ගන්න 🌿

🌿 ඔබ අර්ශස් (Hemorrhoids) රෝගයෙන් පීඩා විඳිනවාද? 🌿🔸 අර්ශස් ගෙඩි ගුද මාර්ගයෙන් පිටතට පැමිණෙනවාද?🔸ඇතැම්විට මලපහ සමඟ රුධිර ...
27/01/2026

🌿 ඔබ අර්ශස් (Hemorrhoids) රෝගයෙන් පීඩා විඳිනවාද? 🌿
🔸 අර්ශස් ගෙඩි ගුද මාර්ගයෙන් පිටතට පැමිණෙනවාද?
🔸ඇතැම්විට මලපහ සමඟ රුධිර වහනයක් සිදු වෙනවාද?
🔸 ප්‍රතිකාර ගත්තත් නිට්ටාවටම සුව නොවී තවමත් වේදනාවෙන්ද?
❌ තව දුරටත් බලා ඉන්න එපා!
✅ ස්ථිර සහ විශ්වාසනීය ආයුර්වේද ප්‍රතිකාර සඳහා අදම අප වෙත පැමිණෙන්න.
🌿 ඔබගේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් සුව කර ගැනීමට
පළපුරුදු ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු ලැබේ.
🏥 දීඝායූ හබල්ස්
ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
📍 කුරුප්පු හන්දිය, පොළොන්නරුව
📞 අමතන්න:
071 037 3005
071 037 3006
⏰ ප්‍රතිකාර වේලාවන්:
▫️ සතියේ දින – සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්වා
▫️ ඉරිදා – උදෑසන 9.00 සිට දහවල් 1.00 දක්වා
🌱 ස්වභාවික ආයුර්වේද ප්‍රතිකාර – විශ්වාසය සහ සුවය එකම ස්ථානයකින් 🌱

🌿 සුව වීමට පමා වූ (කල් ගතවූ) තුවාල සඳහා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර🌿ඔබත් දිගු කාලයක් සුව නොවන තුවාල වලින් පීඩා විඳිනවාද?එස...
25/01/2026

🌿 සුව වීමට පමා වූ (කල් ගතවූ) තුවාල සඳහා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර🌿

ඔබත් දිගු කාලයක් සුව නොවන තුවාල වලින් පීඩා විඳිනවාද?

එසේ නම් ස්වභාවික හා විශ්වාසදායක ආයුර්වේද ප්‍රතිකාර මගින්
සුවය ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න ✨

🏥 දීඝායූ හබල්ස් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
📍 කුරුප්පු හන්දිය, පොළොන්නරුව
📞 දුරකථන:
071 037 3005 | 071 037 3006
🕒 ප්‍රතිකාර වේලාවන්:
▪️ සතියේ දිනවල – සවස 04:00 සිට රාත්‍රී 08:00 දක්වා
▪️ ඉරිදා දින – උදෑසන 09:00 සිට දහවල් 01:00 දක්වා
🌱 ස්වභාවික ප්‍රතිකාර – සුවය වෙත විශ්වාසයෙන්

24/01/2026

භගන්දර / Fistula (fistula-in-ano)

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මහා රෝගයක් ලෙසින් හඳුන්වන මෙය ගුදය ආශ්‍රිතව හටගන්නා රෝගයකි. මෙම රෝගය මුලින්ම හඳුනාගැනීමට හැකිවන්නේ ගුදය ආශ්‍රිතව හටගන්නා කුඩා සැරව බිබිලක් වැනි අවස්ථාවකිනි. මෙම සැරව ගෙඩිය ගුද මාර්ගය දක්වා ගමන් කිරීමෙන් පසුව එය බගන්දරා තත්ත්වයට පත්විය හැක.

බොහෝ විට මෙවැනි රෝගීහු මේ පිළිබඳව තම පවුලේ කෙනකුට පමණක් නොව වෛද්‍යවරයකුට පවා පැවසීමට මැලිවී රහසේ හංඟා ගැනීමට උත්සාහ කරති. නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව අර්ශස් රෝග සඳහා මෙන්ම බගන්දරා රෝගය සඳහා ද ඉතා සාර්ථක ප්‍රතිකාර පවතී.

ආයුර්වේදයට අනුව ඈත අතීතයේදී මෙම රෝගයට වැඩිපුරම ගොදුරු වූයේ අශ්වයන් ඇතුන් ආදී සතුන්ගේ පිට මත ගමන් ගත් පුද්ගලයන්ටය. නමුත් වර්තමානයේදී මේ රෝගය වැඩිවශයෙන් වැළඳෙන්නේ රියදුරන්ටය. එමෙන්ම වැටීම්, පහර වැදීම් ආදියේදී ඇති වූ තැල්මකින් ද පසුකාලීනව මෙම ආබාධයට ගොදුරු විය හැක.

එපමණක් නොව. ආහාරමය හේතූන් ද මේ සඳහා බලපායි. විශේෂයෙන් අබ, අච්චාරු, විනාකිරි වැනි උෂ්ණාධික ආහාරවලින් මෙය ඇතිවිය හැක. මේ රෝග ඇති රෝගීන් මේ ආහාර පාන දිගින් දිගටම ගැනීමෙන් රෝගය සුව කරගැනීමට නොහැකි අවස්ථාවක් ඉක්මනින් උදාවිය හැක.

වාත, පිත, කඵ දෝෂ තත්ත්ව අනුව භගන්දර රෝගයේ ප්‍රබේද කිහිපයක් පවතින අතර ‘ශතපෝනක භගන්දර’ ප්‍රබේදය ඉතා සංකීර්ණ මෙන්ම වේදනාකාරී ප්‍රබේදය වේ. මෙහිදී සිදුරු විශාල සංඛ්‍යාවක් ගුද මාර්ගය අවට දක්නට ලැබේ.

බටහිර වෛද්‍ය විද්‍යාත්මකව fistula-in-ano ලෙස හඳුන්වන මෙම රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාරයේදී ප්‍රතිජීවක ඖෂධ වර්ග ලබා දීම පලමුව සිදු කෙරේ.

මීට අමතරව ශල්‍ය කර්ම මගින් කැපීම හා විස්‍රාවණය සිදුකිරීම, seton placement ( surgical thread application), Advanced Flap procedure, Fibrin glue injection, Laser surgery මගින් fistula වසා දැමීම හෝ අභ්‍යන්තරයට විවෘත වීම ආවරණය කිරීම තුලින් ප්‍රතිකාර සිදු කරනු ලැබේ.

බොහෝ රෝගීන් මෙම රෝගය සඳහා ශල්‍ය කර්ම වලට යොමුවන අතර මෙහිදී තට්ටම් ප්‍රදේශයේ නාඩිය සහිත කොටස කපා ඉවත් කිරීම මගින් රෝගයට ප්‍රතිකාර සිදුකෙරේ.

රෝගී පරීක්ෂාවේදී USS පරීක්ෂණ මඟින් පහසුවෙන් භගන්දර නාඩිය හඳුනා ගත හැකි වන අතර එමගින් ප්‍රතිකාරය වඩා පහසුවෙන් සිදුකිරීමේ හැකියාව පවතී.

වර්තමානයේ ශල්‍ය ප්‍රතිකාර සිදු කලද රෝගියාගේ ආහාර-පාන, ඇවතුම්-පැවතුම් හේතුවෙන් රෝගය නැවත ඇතිවී රෝගී බවින් රෝගියා නැවත නැවත පීඩා විඳින අවස්ථාවන් භගන්දර රෝගීන් අතර බහුල වශයෙන් වාර්තා වේ.

මෙය රෝගියාට දැඩි අපහසුතාවයක් ඇති කරන රෝගයක් වන අතර රෝගය සඟවා තබා ගැනීමෙන් රෝගය තවදුරටත් උත්සන්න විය හැක. මේ නිසා රෝගය සුවපත් කරගැනීමට රෝගියාගේ කැපවීම ඉතා වැදගත් වේ. රෝගය මූලික අවස්ථාවේදීම හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පහසුවෙන් සුවකර ගත හැකි වුවත් ප්‍රතිකාර නොගෙන කල්ගත වුවහොත් සුවපත් කරගැනීමට එතරම් පහසු නොවේ.

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව රෝගියකුට ප්‍රතිකාර සිදුකරනු ලබන්නේ ශල්‍යකර්මයක් මඟින් ගුද මාර්ගය ආශ්‍රිතව යම් කොටසක් කපා ඉවත් කිරීමෙනි. එසේත් නොමැතිනම් එම කොටස කැපුමක් හරහා මතුකොට එම කොටස පිරිසිදු කොට නැවත මැහුම් දැමීමය.

නමුත් මේ ක්‍රමය මඟින් රෝගියාට ඒ කාල සීමාව තුළ යම් සහනයක් ලැබුණ ද පසුකාලීනව නැවත මෙම රෝගය ඇතිවීමේ අවදානමක් පවතී.

ආයුර්වේදයට අනුව ක්ෂර සූත්‍ර ප්‍රතිකාරය බගන්දරා රෝගය සඳහාම සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයක් වන අතර එම ක්‍රමය භාවිත කිරීමෙන් වාසි ගණනාවක්ම අත්විය හැක.
මෙහිදී විශේෂිත වූ නූලක් මඟින් මෙම ප්‍රතිකාරය සිදුකරන අතර පළමු අවස්ථාවේදී රෝගියාට යම් වේදනාවක් දැනුණ ද පසුව එම වේදනාව ඉතා ඉක්මනින් සමනය වේ.

ක්ෂාර සූත්‍ර ක්‍රමයේදී කිසිදු ආකාරයක කැපීමක් සිදු නොකරන අතර මෙහිදී රෝගය නැවත මතුවන්නේ ඉතාමත්ම කලාතුරකිනි. එය ප්‍රතිශතයක් ලෙස ගත්කළ සියයට හතරකි.

ක්ෂාර සූත්‍ර ක්‍රමයේදී නේවාසිකව සිට ප්‍රතිකාර ගැනීමක් අවශ්‍ය නොවන අතර මෙහිදී ක්ෂාර සූත්‍ර (බෙහෙත් කාවැද්දූ නූලක්) මාරු කිරීමක් සිදුවන්නේ සතියකට එක් වතාවකි. එම නිසා එම නූල දැමීමේ මූලික ප්‍රතිකාර සිදු කිරීමෙන් පසුව බාහිරව සිට ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ඇත. රෝගය සුවපත් වීමට යම් කාලයක් ගතවුවද එය නිට්ටාවටම සුව කරගැනීමේ හැකියාව රෝගියාට පවතී.

මෙම ප්‍රතිකාරයේදී කිසිදු කැපීමක් සිදු නොවන අතර එයින් ගුද මාර්ගය අවට ඇති අනෙකුත් අවයවයන්වලට හානි සිදුවීමක් සිදු නොවේ. එමෙන්ම එවැනි ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට එදිනෙදා දින චර්යාව සාමාන්‍ය පරිදි ගතකිරීමේ හැකියාව පවතී. රැකියාවට යන අතරතුරේදී වුවද මෙම ප්‍රතිකාරය සිදුකළ හැක.

පළමුව ගුද මාර්ගය ආශ්‍රිතව තුවාල හරහා සාමාන්‍ය නූලක් ගෙන ගොස් පසුව විශේෂිත වූ ඖෂධ භාවිතා කිරීමෙන් සකස් කරගත් ක්ෂාර සූත්‍රය ඇතුළු කර ගැට ගැසීමක් සිදු කරයි.

ක්ෂාර සූත්‍ර සෑදීමේදී විවිධ ඖෂධ වර්ග භාවිතා කරන අතර විවිධ ශාකවල කිරි වර්ග ද මේ සඳහා භාවිතා කෙරේ.
මෙම ක්ෂාර නූල ආලේපිත ඖෂධයන්හි ඡේදනය හා රෝපණය යන ඖෂධීය ගුණ අන්තර්ගත වේ. එනම් ඡේදනය නොහොත් කැපීම මගින් නරක් වූ පටක හා රෝගී පටක ඉවත් කිරීමත්, රෝපණය මඟින් අලුත් නීරෝගී පටක නැවත වර්ධනය උත්තේජනයත් සිදු වේ.
මෙහිදී ක්ෂාර වර්ග ලෙස අපාමාර්ග ( Achyranthus aspera) නොහොත් ගස් කරල්හැබ ක්ෂාර, දලුක් කිරි ( Euphorbia antiquorum ) සහ කහ චූර්ණය දින 21 ක් පුරාවට විශේෂ ක්‍රමවේදයකට, නිසි ප්‍රමිතියට අනුව, සුවිශේෂී තාක්ෂණික ක්‍රම අනුගමනය කරමින්, ඖෂධ වර්ග ආලේප කොට සකසාගත් නූලක් භාවිතා කර ප්‍රතිකාර කරනු ලැබේ.

භගන්දර නලය/ මාර්ගය දිගේ මෙම ඖෂධීය නූල/ සූත්‍ර (thread) ඇතුල් කොට යම් නිශ්චිත කාලයක් රඳවා තැබීම සහ නැවත ප්‍රතිකාරයේදී ක්ෂාර සූත්‍ර මාරු කරමින් ප්‍රතිකාරය අඛණ්ඩව සිදුකරනු ලැබේ.

ක්ෂාර වස්ති, ක්ෂාර සූත්‍ර, අවගාහ චිකිත්සා ක්‍රමවේද තුලින් රෝගයට ස්ථිර සුවයක් ලබා ගැනීමේ හැකියාවක් පවතින අතර රෝග පරීක්ෂාව නිවැරැදිව සිදුකොට රෝග හේතූන් හඳුනා ගැනීමත්, අදාල චිකිත්සාව මූලධර්මානුකූලව ප්‍රතිකාර පද්ධතිය අවසන් වන තෙක් අනුගමනය කිරීමත් තුලින් රෝගය සුව කර ගතහැකි වේ.
මෙම විශේෂ ඖෂධීය ගුණ හේතුවෙන් භගන්දර මාර්ගය තුල තුවාලය සුව වෙමින්, අලුත් පටක ඇතිවීම සිදුවෙමින් භගන්දරය සම්පූර්ණයෙන් සුව වීම සිදුවේ.

තවද ත්‍රිඵලා, ගස්කරල් හැබ යන ඖෂධ තම්බා පානය කිරීමත්, නුග, බෝ, අට්ටික්කා, ගංසූරිය පොතු තැම්බූ ඖෂධීය ජලයේ අවගාහණය ( sit-bath), මානසික සුවතාවය සඳහා යෝග අභ්‍යාස හා භාවනා ක්‍රම අනුගමනයත් ඉතා සුදුසු ය.

බගන්දරා රෝගීන්ට යතුරුපැදි, පාපැදි වැනි ඝනකමින් යුත් ආසනවල නිතර වාඩි වී සිටීම නුසුදුසු වන අතර වැඩි වේලාවක් වාඩි වී සිටීමෙන් ගුදය ආශ්‍රිත සෛලවලට රැධිරය සැපයීම අඩුවීම නිසා රෝගය උත්සන්න විය හැක. එමෙන්ම මෙවැනි රෝගීන්ට ව්‍යායාම ද ඉතා අවශ්‍යය. එකතැන දිගු වේලාවක් වාඩි වී නොසිටි ශරීරයට හිතකර ව්‍යයාම අභ්‍යසවල දිනපතා නිරත වන්න. මෙවැනි රෝගීන් වැඩිපුර ජලය පානය කිරීම අවශ්‍යය. විශේෂයෙන් වැටකොළු, පතෝල, තෙබු, කෙහෙල් බඩ, දඹ, ගොටුකොළ, කොහිල අල, බෙලි වැඩිපුර ආහාරයට ගත යුතුය. මළබද්ධය වැනි රෝගවලින් පීඩා විඳින රෝගීන් උදෑසනම කැඳ වීදුරුවක් පානය කළ යුතුය. මළබද්ධය බගන්දරා රෝගය සඳහා බලපාන බැවින් බළබද්ධය ඇති රෝගීන් එයින් මිදීමට වගබලා ගැනීම අවශ්‍යය.

ප්‍රතිකාර සදහා සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසීම ඉතා වැදගත් වේ.

වෛද්‍ය නෙරංජිත් ලක්මල්
BAMS ( University of Kelaniya sri lanka )
neranjithlakmal@gmail.com
0710373006

🌿 Opportunity for Ayurveda Medical Students from Polonnaruwa aria 🌿An opportunity is available for Ayurveda /Sidda / Una...
24/01/2026

🌿 Opportunity for Ayurveda Medical Students from Polonnaruwa aria 🌿
An opportunity is available for Ayurveda /Sidda / Unani pre medical students who are interested in gaining practical clinical training / internship experience at an Ayurveda Medical Center.
🏥 Deegayu Herbals
Ayurveda Medical Center
📍 Kuruppu Junction, Polonnaruwa
📞 Call / WhatsApp:
071 037 3005
071 037 3006

🌿 පොළොන්නරුව ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය / ශිෂ්‍යාවන්ට විශේෂ අවස්ථාවක් 🌿
ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක
ප්‍රායෝගික පුහුණුව (Training / Internship) ලබාගැනීමට කැමති සීමාවාසික පුහුණුව ලැබීමට බලාපොරොත්තු වෙන් පසුවන ආයුර්වේද / සිද්ධ / යුනානි වෛද්‍ය ශිෂ්‍ය , ශිෂ්‍යාවන් සඳහා අවස්ථාවක් ඇත.
🏥 දීඝායූ හර්බල්ස්
ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
📍 කුරුප්පු හංදිය, පොළොන්නරුව
📞 Call / WhatsApp
071 037 3005
071 037 3006

📍Deegayu Polonnaruwa
24/01/2026

📍Deegayu Polonnaruwa

දීඝායූ - පොළොන්නරුව ශාඛාව.📌️ කුරුප්පු හංදිය , පොළොන්නරුව .
19/01/2026

දීඝායූ - පොළොන්නරුව ශාඛාව.
📌️ කුරුප්පු හංදිය , පොළොන්නරුව .

Address

No 23/14, Kalidasa Road
Matara
81000

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 13:00

Telephone

+94710373005

Website

Alerts

Be the first to know and let us send you an email when Deegayu Herbal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Deegayu Herbal:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram