20/05/2026
ඔහු දිගින් දිගටම මගේ පස්සේ පන්නන්න ගත්තා, මම ඔහුව මග හැර සිටීමට බොහෝ උත්සාහ කරා, නමුත් ඔහුගේ සූක්ෂ්ම හඹා ඒම මාව කොටු කිරීම වලක්වා ගන්න මට නොහැකි උනා.
එක් රාත්‍රියක සිද්ධ වෙච්ච අනපේක්ෂිත සිදුවීමක් මගේ ජීවිතයේ මෙතරම් මාව අසරණ කරන තැනකට තල්ලු කරයි කියලා මම හිතුවේ නැහැ.
ඒ රාත්‍රිය යනු මම මගේ පාලනය මගේ ආශාවන් වසර විස්සකට පසුව සැමියාගෙන් තොරව වෙනත් අයකු සමඟ හුවමාරු කරගත් රැයක්, වින්ද සුවය අතිමහත්. නමුත් පසුවදාම මම තරයේ තීරණය කරනු ලැබුවේ නැහැ මම තවත් කවදාවත් ඒ තත්ත්වයට පත් වෙන්නේ නැහැ කියලා.
සියල්ල අවසන් සියල්ල මෙතනින් අවසන් වනු ඇතැයි මම සිතුවත් එය එසේ නොවන බව ඒ රාත්‍රිය ගත වී දින කිහිපයකට පසු මට තේරුම් ගියේ, මා මගේ විෂය පිළිබඳව දේශනයක් පවත්වමින් සිටියදී දේශන ශාලාවේ ඈත කොනක සිට මා දෙස එක එල්ලෙ බලා සිටි තරුණයා දැකීමෙන්.
තප්පර කිහිපයක් මට මගේ ඇස් අදහා ගන්න නොහැකි උනා. ඔහුගෙන් ඇස් ඉවතට ගන්න නොහැකි උනා, මගේ වචන උච්චාරණ බිදී ගියා.
ඔහුගේ මුහුණේ තිබුණේ ජයග්‍රාහී සිනහවක්.
එහෙම නම් මේක තමයි වැඩේ, අර කිව්ව රැය වෙනකම් මම ඔහුව දැනන් හිටියේ නැහැ, නමුත් ඒ රැයට කලින් ඉදලා ඔහු මාව දැනන් ඉදලා තියනවා, මගේ පස්සෙ ඇවිත් තියනවා, ඒ රැය යනු අහම්බයක් නොවේ, ඔහුගේ ලුහුබැදීමේ ජයග්‍රාහී අවස්ථාව.
මම වැනි බලවත් තනතුරක් දරණ කෙනෙක් පසුපස මට වඩා වසර විස්සක් විතර බාල මගේ යටතේ අධ්‍යයන කටයුතු කරන කෙනෙක් ලුහුබැඳීම.
මම නඩත්තු කරන සමාජ තත්ත්වය මම යන එන තැන් මම ඇසුරු කරන අය පිළිබඳ වගේම කොටින්ම මම ලෝකයට සඟවන මගේ දුර්වලතා මට ඇති ප්‍රශ්න ගැන පවා ඔහු හොදින් දැන සිටින බව මට ඔහු හැසිරෙන විදියෙන් තේරුම් ගන්න පුළුවන්.
මම විවාහකයි, මට ලොකු දුවෙකුත් ඉන්නවා, මේ දේවල් මම වගේ කෙනෙකුට කිසිසේත්ම ගැලපෙන දේවල් නෙවෙයි, මටත් මාව පාලනය කර ගන්න බැරි උනා තමයි නමුත් එහෙමයි කියලා මට හැමදාම ඒ වරද කරන්න බැහැ මාව තේරුම් ගන්න. අනික මම ඔයාට වඩා ගොඩාක් වැඩිමල්. ඔයාට ගැලපෙන්නෙ මම වගේ වයසක ගැහැණු කෙනෙක් නෙවෙයි. ඔයාට ගැලපෙන හරියන ඔයාගේ වයසෙම ගැහැණු ළමයි මෙතන ඕන තරම් ඉන්නවා.
මම මගේ තර්ක උපරිම ඉදිරිපත් කළෙමි..
මම මගේ වෙව්ලන හඩ පාලනය කර ගනිමින් කිව්වෙමි.
මට මගේ පාඩුවේ ඉන්න දීලා ඔයා යන්න...
තවත් මට කරදර කරොත් මම ඉහළට දැනුම් දෙනවා.
ඒ සියල්ලටම ඔහුගේ පිළිතුරු උනේ හිනාවක් පමණයි..
මට ඔයාව අමතක කරන්න බැහැ, මම ඔයාට ගොඩාක් ආදරෙයි. අන්තිමට ඔහු හැඟීම්බරව කියලා දානවා..
විකාර කියවන්න එපා. අනික බලන්න ඔයයි මමයි කවුද කියලා, ඔයා ඉගෙන ගන්න දේවල් මම උගන්වන දේවල් සහ අපි කරන මේ දේවල් අහසයි පොළවයි වගේ. ලෝකයා මේවා දැන ගත්තොත් අප්ට පාරක බැහැලා යන්න පුළුවන්ද..?
මට නම් පුළුවන්, ඔයාට බැරිනම් මම ඔයාවත් එක්ක පාරේ බැහැලා යන්නම්..
ඔහුගේ ඒ වදන් හමුවේ මගේ ගැහැණු ආත්මය මොහොතකට ගොළු විය. එහි රිදුම් පීඩාවන්, කාලයක සිට විවාහ ජීවිතය තුළ විඳි අවමන් සහගත පීඩාවන් නිසා තුවාල වුණු මගේ සිත මෙවැනි ආකර්ෂණීය තරුණයකු පවසන වදන් හමුවේ අමුතුම සුවයක් ලැබුවේය. කවුරුන් හෝ තමන්ට මෙතරම් දැඩිව ආශා කරනවා යන හැඟීම කාන්තාවකට දෙන උත්තේජනය සුළුපටු නොවේ. නමුත්, ඒ සමඟම එහි ඇති තාවකාලික බවත්, දැඩි අනතුරුදායක අවදානම් බව නිසාත් ඇති වන බිය මගේ යටිසිත වෙළා ගත්තේය. ඒ බිය මා තුළ මොහොතකට ඇති වන අභිමානය, සුවය සහ ආත්ම විශ්වාසය සැණෙකින් අතුරුදන් කර දමයි.
වෙනත් අය ඉදිරිපිට මට මගේ තනතුර කියා ගෞරවයෙන් කතා කරන ඔහු කවුරුත් නැතිව අපි තනිවුණ විට කෙලින්ම මගේ නමින් මට කතා කරයි.
ඔහු මගේ නම උච්චාරණය කරන්නේ මගේ මුළු වෘත්තීය පෞරුෂයම දිය කර හරිමිනි.
එවිට මම බිදවැටී ඔහු ඉදිරියේ බැගෑපත්වන අසරණ කෙනෙක්ගේ තත්වයට පත් වේ. ඔහු මාව මෙල්ල කරන්නේ එසේය..
මගේම කාර්යාලය තුළ මම ඔහුගේ ගොදුරක් බවට පත්වෙමින් සිටියෙමි.
ඔහු මාව හමුවට එන්න පටන් ගෙන ටික දවසක් ගිය පසු මට තේරුම් ගියා ඔහු පස්සෙන් එන එක මට නතර කරන්න බැරි බව.
ඉතින් මමත් තේරුම් ගත්තා වාද විවාද වලට නොයා ටිකක් හොදින් කතා කරලා ඉන්න.
මම නොදැනුවත්වම මම ගැන මගේ පවුලේ දේවල් කුඩා කල දේවල් මම ඉගෙන ගත්ත හැටි ඒ වෙනුවෙන් කරපු කැපකිරීම් මහන්සිය ඔහුට පැවැසුවා. අඩුම තරමේ මෙයා ඒවා අහලවත් මොනවා හරි තේරුම් ගනී ඉගෙන ගනී කියලා.
ඔහු ඒ කතා ඉතාමත් හොදින් අහන් ඉන්නවා, ඒ අහන් ඉන්න හැටි අහන් ඉන්න තියන උනන්දුව දැක්කම ඔහු සමඟ කාලය ගත වෙනවා මට දැනුනේ නැහැ.
මගේ තුවාල වූ හුදෙකලා සිත ඒ මොහොතවල් ඇතුළේ අමුතුම සැනසීමක් සෙව්වේය.
මගේ ජීවිතයේ කිසිම මිනිසෙකු මා වසර විස්සක් එකට විසූ සැමියා පවා මා දෙස මේ තරම් අවධානයකින් බලා සිට නැත.
ඔයා හරිම ශක්තිමත් ගැහැණු කෙනෙක්, මගේ අම්මත් ඔයා වගේම තමයි කියලා ඔහු දිනක් ඔහුගේ අම්මා ගැන මට කියන්න පටන් ගත්තා.
ඒ දේවල් ඇසීමෙන් මට ඔහු ගැන දරුවකු ගැන වන හැඟීමක් ඇති උනා වගේම හිතට ලොකු බරක් ඇති කරා..
එය යටපත් වෙලා ගියේ ඔහු මගේ අතින් අල්ල ගත්ත නිසා.
ඒ ස්පර්ශයෙන් මම ගැස්සී ගියෙමි. ඔහු මා සතු කරගන්නේ මගේ දුර්වලකම්වලින් නොව, මා ඔහුට පැවසූ මගේම අතීත මතකයන් ආයුධයක් කරගෙන බව මට සිහිවුණේ එවිටය.
ඔහු මා ගැන හැමදේම දැනගනිමින් සිටී. මම වාදයෙන් මිදී ඔහුට සමීප වීමට උත්සාහ කළත්, ඇත්තටම මම කර ඇත්තේ ඔහු විසින් අටවන ලද මනෝවිද්‍යාත්මක දැල ඇතුළේ තව තවත් පැටලීම පමණි.
මගේම අතීතය, මගේම රහස් දැන් මට එරෙහිව ලියැවෙමින් පවතී. ඔහු මගේ කතාවලට ආදරය කරන්නේද, නැතහොත් මාව සම්පූර්ණයෙන්ම වටලන්නට දත්ත එකතු කරන්නේදැයි සිතාගත නොහැකිව මගේ සිත නැවතත් භීතියෙන් සසල වන්නට විය. දොර වසා තිබුණත්, මගේම නිදහස මගෙන් ගිලිහී ගොස් ඇති බව මට වැටහුණි.
ඔහු නිතරම මගේ අත අල්ලගෙන එයාගේ කකුල උඩින් තියා ගන්න උත්සාහ කරා මම ඒක වළක්වන්න එයාගේ අත අල්ලා පැත්තකින් තියන්න ගියාම උනේ මට දිගටම එයාගේ අත තදින් අල්ලා ඉවත් කරන්න. ඉවත් කරන්න කරන්න ඔහු අල්ලා ගන්නවා.
අන්තිමට මට සිදු උනා ඒ අත තදින් අල්ලගෙන ඉන්න.
අන්තිමට උනේ මම එයාගේ අත තදින් අල්ලගෙන එයාගේ පැත්තට හැරෙන එක. ටිකක් වෙලා යද්දී මගේ අතේ තද ගතිය නැති වෙලා අපි පහසුවෙන් අත් අල්ලගෙන ඉන්න තත්ත්වයට පත් උනා එක. කාලයක් යද්දී ඒක මහා ලොකු සුවයක් ආරක්ෂිත බවක් මා තුළ ඇති කරා...
හරිම අපූරුයි මා වළකින්න වළක්වා ගන්න උත්සාහ කරන හැම විටම මමත් නොදැනුවත්ම ඔහු වෙතට තව තවත් ආකර්ෂණය වෙමින් පැවතුණා...
මේ කතාව පිළිබඳ මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීම පළමු comment එක තුළ ඇත...
Psy: Counselor
Kasun Rajapaksha
fans