08/07/2025
🛑 #විලුඹේ_වේදනාවට_සහනයක්🌿🌿
විලුඹහි නිතර ඇතිවන වේදනාව නිට්ටාවටම සුව කරගන්නේ කෙසේද ? රෝගය ඇතිවීමේ හේතුව සහ ප්‍රතිකාර ක්‍රම ආයුර්වේද ක්‍රමානුකූලව අපි අද සොයා බලමු.
බොහෝ අය Heel spurs/වාත ඛන්ඨක සහ Plantar fasciitis/ප්ලාන්ටාර් ෆැසිටයිටිස් වල වේදනාව විස්තර කරන්නේ උදේ පාන්දරින්ම නැගිටින විට පිහියක් වැනි තියුණු තුඩක් පාද පතුලේ ඇනී ඇති බවය - වේදනාව පසුව දරුණු කැක්කුමක් බවට පත්වේ. ඔවුන් බොහෝ විට මැසිවිලි නඟන්නේ දිගු වේලාවක් වාඩි වී සිටීමෙන් පසු නැගිටිනවිට තියුණු වේදනාව නැවත පැමිණෙන බවයි. එබැවින් Plantar fasciitis හා Heel spurs රෝග දෙකම පිලිබඳ ඔබගේ දැනුවත් වීම ඉතා යෝග්‍යවේ.
1)යටි පතුල් වල වේදනාව /Plantar fasciitis)
🌱මෙම තත්වය ඇතිවන්නේ කෙසේද යන්න මදක් විමසා බලමු. පාදයේ ඇඟිලි සහ විළුඹේ අස්ථිය සම්බන්ධ කරමින් ඝණ පටකයක් ඇති අතර යටිපතුල වක්‍ර ස්වභාවයක් ගැනීමට එය හේතුවේ. මෙම පටකය (Plantar fascia) ලෙස හැඳින්වේ. මෙම පටකයේ ඇතිවන ප්‍රදාහය (Inflammation) පාදුක කවලිකා ප්‍රදාහය ලෙස නම් කර ඇත. මෙහිදී සිදුවන්නේ පාදුක කවලිකාව වැඩිපුර භාවිතා කිරීම හෝ වැඩිපුර ඇදීම නිසා දුර්වල වීම, වේදනාකාරී වීම, සහ ඉදිමීමකට ලක්වීමය.
✅Planta fasciitis හේතු සහ අවදානම් සාධක
🔹කෙටි කාලයකදී ශරීරයේ බර වැඩිවීම
🔹බාල තත්ත්වයේ පාවහන් පැළඳීම (පමණට වඩා මෘදු අඩියක් සහිත හෝ යටි පතුලේ වක්‍රයට ආධාරකයක් නොවන)
🔹යටි පතුලේ වක්‍රතාවය පමණට වඩා අඩුවීම (Flat foot) හෝ වැඩිවීම (High arch) වැනි යටි පතුලේ වක්‍රයෙහි පවතින ගැටළු
🔹දිගු වේලාවක් ඇවිදීම හෝ සිටගෙන සිටීම
🔹දුර දිවීම,බෑවුමක් දිගේ පහළට දිවීම හෝ සමතලා නොවන බිමක දිවීම
🔹තද ඇචිලිස් කණ්ඩරාව හෙවත් බල නහරය (Achilles tendon) හෝ තද බත් කෙණ්ඩයේ මාංශ පේශි පිහිටීම
🔹දුවන විට හෝ ඇවිදින විට නිතර පාදය ඇතුළු පැත්තට පෙරලීම (Excessive pronation)
🔹යටි පතුල් වල වේදනාව මැදි වයසේ පුද්ගලයන් අතර බහුලය.
✅Plantar fasciitis රෝග ලක්ෂණ
🔹විළුඹෙහි ඇතිවන තියුණු හෝ තියුණු නොවන වේදනාව
🔹යටි පතුලේ තද ස්වභාවය
🔹පියවර කිහිපයක් තැබීමෙන් පසු යටි පතුලේ වේදනාව සහ තද ස්වභාවය ක්‍රමයෙන් අඩුවීම
🛑පහත දේවල් මගින් වේදනාව වැඩිවේ,
ඉහළට නැගීම හෝ පඩිපෙළක ඉහළට යාම
ස්වල්ප වේලාවක් ඉඳගෙන සිටීම හෝ සිටගෙන සිටීම
වෙහෙසකර ශාරීරික ක්‍රියාකාරකමකට පසු
උදෑසන ඔබ තබන මුල් පියවර කිහිපය
✅රෝග විනිශ්චය කරන්නේ කෙසේද?
ඔබගේ වෛද්‍යවරයා යටි පතුල් වල වේදනාව හා සම්බන්ධ වන ලක්ෂණ සඳහා පරීක්ෂා කරනු ඇත.
යටි පතුල් වේදනාකාරී වීම
යටි පතුල රතු පැහැ වීම සහ ඉදිමීම
යටි පතුලේ වක්‍රතාවය අඩුවීම (Flat foot)
යටි පතුලේ වක්‍රතාවය වැඩිවීම (High arch)
යටි පතුලේ වක්‍රයෙහි ඇති තද ස්වභාවය
ඇතැම් විට, යටි පතුලේ වේදනාව ඇතිකරන වෙනත් හේතු හඳුනාගැනීම සඳහා ඔබගේ වෛද්‍යවරයා පාදයෙහි X-කිරණ පරික්ෂණ සිදුකිරීමට නිර්දේශ කරනු ඇත.
2)යටිපතුල් වේදනාව
(Heel spurs/වාත ඛන්ඨක )
විලුඹේ වේදනාව Plantar calcaneal spurs වල පොදු රෝග ලක්ෂණයකි. Heel spurs යනු heel bone(calcaneus)විලුඹ අස්ථියෙන් ගැටිති අස්ථියක් නිර්මාණය වීම වන අතර එම ප්‍රදේශයේ ඇති කැල්සියම් තැන්පතු හේතුවෙන් එය සෑදී ඇත.
👉රෝග ලක්ෂණ
☘️උදේ නැගිටින විට විලුඹේ පිහියකින් අනිනවා වැනි තියුණු වේදනාවක් තිබීම.
☘️ දවස පුරා විලුඹේ තද කැක්කුම.
☘️විලුඹේ ඉදිරිපස ඉදිමීම
☘️හානියට පත් ප්‍රදේශයෙන් පිටවන තාපය.
☘️විලුඹ යට කුඩාවට පෙනෙන අස්ථි වැනි නෙරා යාම.
✅Plantar fasciitis හා Heel spurs සඳහා ප්‍රතිකර්ම
මෙම රෝග අවස්ථා දෙකෙහිදිම සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් අප සතුයි.
Tel: 071 6574816
Email: ayudharaprroductions@gmail.com
Web :