Bharana Ceylon

Bharana Ceylon ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය - කොට්ටාව මත්තෙගොඩ

👣 විලුඹේ ඇනෙන වේදනාව? ඒ “වාත කණ්ටක” විය හැකියි!උදේ ඇඳෙන් නැඟිටින ගමන් විලුඹේ කටුවක් ඇනුනා වගේ තියුණු වේදනාවක් දැනෙනවද?  ...
24/05/2026

👣 විලුඹේ ඇනෙන වේදනාව? ඒ “වාත කණ්ටක” විය හැකියි!

උදේ ඇඳෙන් නැඟිටින ගමන් විලුඹේ කටුවක් ඇනුනා වගේ තියුණු වේදනාවක් දැනෙනවද?

දිග වෙලා ඇවිද්දම වේදනාව තවත් වැඩි වෙනවද?
මේක Modern Medicine වලින් “Plantar Fasciitis” හෝ “Heel Spur” කියලා හඳුන්වනවා. Ayurveda වලින් මේක හඳුන්වන්නේ “වාත කණ්ටක” කියලා.

ඇයි මේක හැදෙන්නේ? – ආයුර්වේද හේතු:
🦵දිග වෙලා සිටගෙන සිටිම.වැරදි සපත්තු පැළඳීම, බර වැඩි වීම නිසා විලුඹේ වාත දෝෂය ප්‍රකෝප වීම
🦶🏻Fascia එකේ තෙතමනය නැති වී දැඩි වීම
👉ආහාර ජීරණය දුර්වල වීමෙන් ශරීරයේ විෂ එකතුවීම

Bharana Ceylon ප්‍රතිකාරය:
✅ Pada Abhyanga – උණුසුම් ඖෂධ තෙල් වලින් විලුඹ මෘදු කිරීම
✅ Patra Pinda Sweda – ඖෂධ කොළ වලින් වේදනාව සහ දැවිල්ල අඩු කිරීම
✅ Internal Herbal Medicine – වාතය සමනය කරන
අභ්‍යන්තර ඹෘෂධ ලබා දීම
✅ Personalized Diet & Lifestyle Advice – නැවත ඇති නොවෙන්න

බොහෝ රෝගීන්ට සති 2-4 ඇතුලත සැලකිය යුතු සහනයක් ලැබෙනවා.

📍 Bharana Ceylon Ayurvedic Medical & wellness center
Dr. Muditha Thennakoon – Ayurvedic Medical Practitioner
📞 076 24 11 032 | WhatsApp Available

Root Cause එක හඳුනාගෙන ප්‍රතිකාර කරන නිසා, වේදනාව නැවත නැවත එන්නේ නෑ.


Bharana Ceylon

✍️වෛද්‍ය සටහන: Frozen Shoulder හෙවත් අවබාහුක රෝගය සහ ආයුර්වේද කළමනාකරණයවෛද්‍ය: ආයුර්වේද වෛද්‍ය මුදිතා තෙන්නකෝන්Bharana C...
20/05/2026

✍️වෛද්‍ය සටහන: Frozen Shoulder හෙවත් අවබාහුක රෝගය සහ ආයුර්වේද කළමනාකරණය

වෛද්‍ය: ආයුර්වේද වෛද්‍ය මුදිතා තෙන්නකෝන්
Bharana Ceylon Ayurvedic Medical Center

Frozen Shoulder යනු කුමක්ද?
නූතන වෛද්‍ය විද්‍යාවට අනුව උරහිසේ සන්ධි කැප්සියුලයේ තද වීම සහ චලන සීමාව.
ආයුර්වේදයට අනුව මෙය “අවබාහුක රෝගය” – වාත දෝෂ ප්‍රකෝප වී, සන්ධියේ ස්වභාවික ලිහිසි බව ක්ෂය වී, චලනය අවහිර වීමකි.

ප්‍රධාන ලක්ෂණ:
- උරහිසේ අඛණ්ඩ වේදනාව, විශේෂයෙන් රාත්‍රියේ වැඩිවීම
- අත උඩට ඔසවන්න, පිටුපස්සට ගෙන යන්න අපහසු වීම
- කාලයත් සමඟ සන්ධියේ චලනය ක්‍රමයෙන් අඩු වීම

ආයුර්වේද හේතු විද්‍යාව:
1. වාත ප්‍රකෝපය: අධික වෙහෙස, සීතලට නිරාවරණය, නුසුදුසු ආහාර, නිදිමැරීම
2. සන්ධි පෝෂණ ඌනතාවය: සන්ධියට අවශ්‍ය ස්නේහ ගුණය අඩු වීම
3. සම්බන්ධිත තත්ත්වයන්: මධුමේහය, Thyroid ආබාධ වැනි නිදන්ගත රෝග ඇති අයට මෙය ඉක්මනින් වැලදේ.

කළමනාකරණ ක්‍රම – බාහිර + අභ්‍යන්තර:

1. බාහිර ප්‍රතිකාර
- ස්නේහන චිකිත්සාව: සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත තෝරාගත් උණුසුම් ඖෂධ තෛල වලින් උරහිසට මෘදු සම්බාහනය
- ස්වේදන චිකිත්සාව: තෙල් සම්බාහනයෙන් පසු උණුසුම් වාෂ්ප යෙදීමෙන් සන්ධි තද ගතිය ලිහිල් කිරීම

2. අභ්‍යන්තර කළමනාකරණය
- වාත සමනය කරන, සන්ධි පෝෂණය කරන සාම්ප්‍රදායික ආයුර්වේද ඖෂධ
- වැදගත්: ඕනෑම අභ්‍යන්තර ඖෂධයක් ගැනීමට පෙර, ඔබේ සෞඛ්‍ය තත්ත්වය අනුව පුද්ගලීකරණය කළ උපදෙස් ලබා ගත යුතුය.

3. ව්‍යායාම චිකිත්සාව – අත්‍යවශ්‍යම අංගය
සන්ධිය චලනය නොකළොත් තත්ත්වය තවත් නරක අතට හැරේ. වේදනා සීමාව තුළ:
- Pendulum Exercise
- Wall Climbing Exercise
- Towel Stretch Exercise
මෙම අභ්‍යාස දිනකට 2-3 වරක් සිදු කිරීමෙන් සුවය වේගවත් වේ.

පථ්‍යාපථ්‍ය – ජීවන රටා නියාමනය:
වර්ජනීය: සීතල ආහාර-පාන, රාත්‍රී කාලයේ අධික බර ආහාර, අධික AC ගතිය
පථ්‍ය: උණුසුම්, මෘදු, පහසුවෙන් ජීර්ණය වන ආහාර, ඉඟුරු, සුදුළූණු, තල වැනි ස්වභාවික ආහාර ඇතුළත් කිරීම

අවසාන සටහන:
අවබාහුක රෝගය නිසි පිළිවෙතකින් කළමනාකරණය කළ හැකි තත්ත්වයකි. ස්නේහන, ස්වේදන, ව්‍යායාම සහ ආහාර නියාමනයේ එකතුවකින් මාසයක් ඇතුළත සැලකිය යුතු දියුණුවක් ලබා ගත හැක.

වෛද්‍ය ප්‍රතිකාර සහ වැඩි විස්තර සඳහා:
Bharana Ceylon Ayurvedic Medical Center
Dr. Muditha Thennakoon
📞 076 24 11 032

Page එක Follow කරන්න: Bharana Ceylon
#ආයුර්වේද #අවබාහුක

Migraine කියන්නේ සාමාන්‍ය හිස රිදීමක් නෙවෙයි 🧠⚡"එක පැත්තකට ඇහැ ඇරගන්න බෑ... එළිය දැක්කම ඔලුව තව රිදෙනවා... ඔක්කාරෙ එනවා....
19/05/2026

Migraine කියන්නේ සාමාන්‍ය හිස රිදීමක්
නෙවෙයි 🧠⚡

"එක පැත්තකට ඇහැ ඇරගන්න බෑ... එළිය දැක්කම ඔලුව තව රිදෙනවා... ඔක්කාරෙ එනවා..."
ඔයාටත් මේක පුරුදු නම්, මේක ආයුර්වේදයේ අර්ධාවභේදක කියලා හඳුන්වනේ Migraine.

ඒත් ඇයි මේක ආයෙත් ආයෙත් එන්නේ? 🤔

ආයුර්වේදයට අනුව අර්ධාවභේදක (Migraine) එන්නේ මේ නිසා 👇

1. වාත-පිත්ත දෝෂය කුපිත වීම
අධික ආතතිය, නින්ද අඩුවීම, බඩගින්නේ ඉන්න එක, කෝපි/චොකලට් වැඩිපුර ගැනීම නිසා

2. අග්නි දුර්වල වීම
කෑම හරියට ජීර්ණ නොවී ශරීරයේ විෂ ගොඩගැසෙනකොට. මේ විෂ තමයි මොළයේ නාඩි වලට බලපාලා වේදනාව ඇති කරන්නේ

3. රුධිර ගමනාගමනය අවුල් වීම
මොළයට යන රුධිර නාල හැකිලිලා ප්‍රසාරණය වෙනකොට තමයි ඔලුව පලාගෙන යනවා වගේ දැනෙන්නේ

Painkiller එකකින් වෙන්නේ වේදනාව ටික වෙලාවකට යටපත් කරන එක විතරයි. මුලික හේතුව තියෙන තාක් Migraine ආයෙත් එනවා.

ඔයාගේ Migraine එක මොන වර්ගේද?

🔹 වාතජ Migraine: තද ඇනෙන වේදනාව, වියළි ගතිය, නින්ද අඩුවීම. සීතලට, සුළඟට වැඩි වෙනවා
🔹 පෛත්තික Migraine: දැවෙන වේදනාව, ඔක්කාරය, එළියට බය. අව්වට, කුළුබඩුවලට වැඩි වෙනවා
🔹 කළුජ Migraine: ඔලුව බර ගතිය, නාසයෙන් දියර ගැලීම. සීතලට, බර ආහාර වලට වැඩි වෙනවා

සුවය කියන්නේ මොකක්ද?

සුවය කියන්නේ වේදනාව යටපත් කරන එක නෙවෙයි.
වේදනාව ඇති කරන හේතුව නැති කරන එකයි.

ඒකට ආයුර්වේදයේ තියෙන්නේ:
✅ නස්‍ය, ශිරෝධාරා වගේ ශෝධන ප්‍රතිකාර
✅ කෂාය,ගුලි,චුර්ණ ආදි දෝෂ සමනය කරන ඖෂධ
✅ ජීවන රටාව සහ ආහාර රටාව වෙනස් කිරීම

නිතර Migraine එනවා නම්, ඒක හුරු වෙන්න දෙන්න එපා.
හේතුව හොයාගෙන මුලින්ම සුව කරන්න.ආයුර්වේද වෛද්‍ය චිකිත්සාවෙන් ස්ථිරව සුව කිරිමට හැකියාව ඇත.

📞 වෛද්‍ය උපදෙස් සඳහා: 076 241 1032
📍 Bharana Ceylon - ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
මත්තේගොඩ, හෝමාගම

#ආයුර්වේදය #අර්ධාවභේදක

🧠 බෙල්ලේ වේදනාව, අත හිරිවැටීම - Cervical Spondylosis ද?බෙල්ලේ වේදනාව, තද ගතිය?අත දිගේ හිරිවැටීම, කරකැවිල්ල, ඔලුවේ වේදනාව...
18/05/2026

🧠 බෙල්ලේ වේදනාව, අත හිරිවැටීම - Cervical Spondylosis ද?

බෙල්ලේ වේදනාව, තද ගතිය?
අත දිගේ හිරිවැටීම, කරකැවිල්ල, ඔලුවේ වේදනාව? 💆‍♀️

මේක Cervical Spondylosis - ආයුර්වේදයේ ග්‍රීවා ගත වාතය කියන රෝගය.

ආයුර්වේදයට අනුව මේක හැදෙන්නේ:
ග්‍රීවා ප්‍රදේශයේ වාත දෝෂය වැඩි වීම නිසා. දිගටම පරිගණකයේ වැඩ කරන එක, වැරදි ඉරියව්වෙන් ඉන්න එක, බර වැඩි වීම, මානසික ආතතිය මේකට ප්‍රධාන හේතු.

ප්‍රධාන ලක්ෂණ:
✅ බෙල්ලේ වේදනාව, තද ගතිය
✅ හිස හරවනකොට වේදනාව වැඩි වීම
✅ උරහිස, අත, ඇඟිලි දිගේ හිරිවැටීම, වේදනාව
✅ කරකැවිල්ල, ඇස් පෙනීම බොඳ වීම
✅ ඔලුවේ වේදනාව, බර ගතිය

හොඳ ආරංචිය: ආයුර්වේදයෙන් වේදනාව අඩු කරලා, ග්‍රීවා ප්‍රදේශයේ නම්‍යතාවය යථා තත්ත්වයට ගේන්න පුළුවන්!

ආයුර්වේද ප්‍රතිකාර:
- ග්‍රීවා වස්ති: බෙල්ලට තෙල් රඳවලා දෙන විශේෂ ප්‍රතිකාරය
- නස්‍ය: නාසය හරහා ඖෂධ දීලා හිසේ සහ බෙල්ලේ දෝෂ සමනය කිරීම
- සේක, පත්තු: වේදනාව සහ දැවිල්ල අඩු කිරීමට
- තෛල අභ්‍යංග: මාංශ පේශි ලිහිල් කරලා රුධිර ගමනාගමනය වැඩි කරයි
- අභ්‍යන්තර ඖෂධ: කෂාය, ගුග්ගුලු වර්ග වාතය සමනයට

අදම කරන්න පුළුවන් දේවල්:
1️⃣ දිගටම එකම ඉරියව්වෙන් ඉන්න එපා. පැයකට සැරයක් බෙල්ල හොල්ලන්න
2️⃣ පරිගණකය ඇස් මට්ටමට තියාගන්න
3️⃣ බර වැඩි නම් අඩු කරගන්න
4️⃣ උණු වතුරෙන් නාන්න, උණු පොට්ටනි තවන්න
5️⃣ සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් හමුවෙන්න

⚠️ නොසලකා හැරියොත් අතේ බලය අඩු වෙලා, නිරන්තර කරකැවිල්ල එන්න පුළුවන්.

Bharana Ceylon - ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
📞 076 241 1032
📍 මත්තේගොඩ, හෝමාගම

#ග්‍රීවාගතවාතය #ආයුර්වේද #බෙල්ලේකැක්කුම

⚕️ කොන්දෙන් කකුල දිගේ යන තීව්‍ර වේදනාව - ගෘධ්‍රසී ද?ඉණෙන් පටන් අරන් තට්ටම, කලවාව දිගේ කෙන්ඩ දක්වා යන තදබල වේදනාවක් තියෙන...
17/05/2026

⚕️ කොන්දෙන් කකුල දිගේ යන තීව්‍ර වේදනාව - ගෘධ්‍රසී ද?

ඉණෙන් පටන් අරන් තට්ටම, කලවාව දිගේ කෙන්ඩ දක්වා යන තදබල වේදනාවක් තියෙනවද?
ඇවිදින්න, වාඩි වෙන්න, කිවිසුම් යන්නත් අමාරුද? 😣

ඒ ගෘධ්‍රසී වෙන්න පුළුවන්. නූතන වෛද්‍ය විද්‍යාවේ මේකට කියන්නේ Sciatica.

ආයුර්වේදයට අනුව ගෘධ්‍රසී කියන්නේ 👇
වාත රෝග විශේෂයක්. ගිජුලිහිඳෙකු ඇදගෙන යනවා වගේ රෝගියා ඇදයට ඇදෙන නිසා තමයි මේ නම ලැබිලා තියෙන්නේ.

ප්‍රධාන ලක්ෂණ මෙන්න:
✅ ඉණෙන් එක කකුලක් දිගේ පහළට යන තියුණු වේදනාව
✅ කකුල හිරිවැටීම, දැවිල්ල, ඉදිමීම
✅ ඇවිදීමේදී, වාඩිවීමේදී වේදනාව වැඩි වෙනවා
✅ කකුල පණ නැති ගතියක් දැනෙනවා

හොඳ ආරංචිය: ආයුර්වේදයෙන් ගෘධ්‍රසී වලට සාර්ථක ප්‍රතිකාර තියෙනවා! 🌿
තෛල අභ්‍යංග, කටි වස්ති, පත්තු, සේක වගේ විශේෂ ප්‍රතිකාර වලිනුත්, ගුග්ගුලු, කෂාය වගේ අභ්‍යන්තර ඖෂධ වලිනුත් නිට්ටාවටම සුව කරන්න පුළුවන්.

අදම කරන්න පුළුවන් දේවල්:
1️⃣ කොන්ද නමා බර වැඩ කරන්න එපා
2️⃣ තද මෙට්ට වෙනුවට මධ්‍යස්ථ මෙට්ට පාවිච්චි කරන්න
3️⃣ උණු වතුරෙන් නාන්න, පොට්ටනි සේදීම කරන්න
4️⃣ මලබද්ධය හදාගන්න එපා. තන්තු බහුල කෑම ගන්න
5️⃣ වැදගත්ම දේ: සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් හමුවෙන්න

⚠️ නොසලකා ඉන්න එපා! මුල් කාලෙම බෙහෙත් කළේ නැත්නම් කකුල දුර්වල වෙලා ජීවිත කාලෙටම ආබාධිත වෙන්න පුළුවන්.

Bharana Ceylon - ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
📞 076 241 1032
📍 මත්තේගොඩ, හෝමාගම

#ගෘධ්‍රසී #ආයුර්වේද #කොන්දේ_කැක්කුම #කාය_චිකිත්සාව

ගෘධ්‍රසී / Sciatica වලට ආයුර්වේදයේ සාර්ථක ප්‍රතිකාර!
කොන්දේ ඉඳන් කකුල දිගේ යන වේදනාවට නොසලකා ඉන්න එපා.
තෛල අභ්‍යංග, කටි වස්ති ඇතුළු විශේෂ ප්‍රතිකාර දැන් මත්තේගොඩ දී. 🌿

Bharana Ceylon
📞 076 241 1032
📍 මත්තේගොඩ, හෝමාගම

#ගෘධ්‍රසී #ආයුර්වේද

A journey of travel to find inner peace through nature and harmonious architecture reveals a sense of calm, drawing you ...
30/04/2026

A journey of travel to find inner peace through nature and harmonious architecture reveals a sense of calm, drawing you closer to beautiful people and the richness of diverse cultures. Join us .

02/04/2026

Find your inner peace with us . 🤍 Join our transformative Yoga & Wellness Development Programme, led by the expert team at Bharana Ceylon . DM For more information Bharana Ceylon.

26/02/2026

Bharana Ceylon operates personalized tour guiding experiences, taking travelers to uncommon natural locations designed to help them heal and reconnect with nature.

Bharana Ceylon operates personalized tour guiding experiences, taking travelers to uncommon natural locations designed t...
26/02/2026

Bharana Ceylon operates personalized tour guiding experiences, taking travelers to uncommon natural locations designed to help them heal and reconnect with nature.

Address

Kithulhena Mattegoda
Mattegoda
241/1

Website

Alerts

Be the first to know and let us send you an email when Bharana Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share