The witch-යක්දෙස්සි

The witch-යක්දෙස්සි you tube channel link-
https://www.youtube.com/channel/UC9kFgxklqHbNCZ-Zz7frzAA

instagram link

I'm on Instagram as .

දේශමාන්‍ය කීර්ති ශ්‍රී
ඒ.ඇල්.ඒ එස්.පෙරේරා
මානවිල කවිතිලක පාරම්පරික වෛද්‍ය
යුරෝපීය ගුප්ත වේදිනි,
මනෝවිද්‍යා හා ආධ්‍යාත්මික උපදේශිකා
Bsc.in psychology and councelling
BA.in occult study (ancient europe )
Master in tarot (Spells.08) Install the app to follow my photos and videos. https://www.instagram.com/invites/contact/?i=yy4gjpckisoz&utm_content=certkup

27/03/2026

මේ පෝස්ට් එක දකින ඔයාට අද දවස පුරාම හිත සතුටු වෙන දේවල් විතරක් සිද්ද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏

මිනිස්සු නිතරම  කියනවා තියන මිනිහටමයි ලැබෙන්නේ කියලා... 💐💐ඇයි එහෙම වෙන්නෙ?????සල්ලි තියෙන ගොඩක් අය සාමාන්‍යයෙන් ව්‍යාපාර...
26/03/2026

මිනිස්සු නිතරම කියනවා තියන මිනිහටමයි ලැබෙන්නේ කියලා... 💐💐
ඇයි එහෙම වෙන්නෙ?????

සල්ලි තියෙන ගොඩක් අය සාමාන්‍යයෙන් ව්‍යාපාර කරන අය නැතිනම් එක ආදායම් මාර්ගයකට වඩා උපයන අය ඒ හැමදෙනාම තමන් මහන්සියෙන් උපයන සල්ලි වලට ආදරෙයි... එයාලා බලන්නේ තව තව සල්ලි හම්බ කරන්න...

ඉතිං එයාලාට මුදල් ආකර්ශනය වෙනවා.. 🙏

එයාලා නිතරම සුබවාදීව එයාලට සල්ලි ලැබෙනවා කියන බලාපොරොත්තුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා... 👍

කිසිම කමකට නැති මිනිස්සු ඒ අයට හූල්ල හුල්ල බැන බැන, අනේ තියන එකාටමයි ලැබෙන්නේ අපිට තමයි නැත්තේ ගගා නැති වාදෙම කියව කියව මනසින් එයාලා දුප්පත් කියන තැනම ඉදන් ජීවත් වෙනවා...🥲

විශ්වය අපිට ආකර්ශනය කරන්නේ නිතරම අපි හිතන දේ.. 💐 අපි කියන දේ... 💐අපේ මනසේ තියන දේ.. 💐

ඉතිං මෙහෙම හිතනකොට විශ්වය ඒ අයට ලබාදෙන්නේම දුප්පත් කම.. 🥲🥲

මුදල් ඒ අයගෙන් විකර්ශනය වෙනවා නිකන්ම...🤪

ඔයා නිතරම දුකින් ඉන්නව නම්, තව කෙනෙක්ට සාප කරමින් ඉන්නවා නම්, තව කේනෙක් එක්ක වෛරයෙන් ඉන්නව නම් කතා දෙකක් නෑ ඔයාට විශ්වය ලබා දෙන්නේම ඒ දේවල්ම තමයි...🤔

ඔයා නිතරම සතුටින් ඉන්නවා නම් ඔයාට විශ්වය කොහොම හරි සතුට ආකර්ශනය කරනවා.. ඔයා නොහිතන දේවල් ඔයාට ලැබිලා ඔයා සතුටු වෙනවා...💗💗💗💗💗💗💗

ඉතිං නිතරම සුබවාදී වෙන්න.. 💗

සතුටින් ඉන්න.. 💐

මේ විශ්වය අපිට ලබා දෙන්නේ, අපිට ආකර්ශනය කරන්නේ අපේ යටිහිතේ තියන දේවල්..

නිතරම ඔයා දියුණුවට පත්වෙන විදිහ ගැන හිතන්න...

ඔයා සතුටු වෙන විදි ගැන හිතන්න..

තව කෙනෙක්ව සතුටට පත් කරන විදිහ ගැන හිතන්න...🤔🤔

ඔයා කරදර වල ඉන්න කෙනෙක් නම්, දුකට පත් වෙල ඉන්න කෙනෙක් නම්, මම කියනවාට ඒ හැමදෙයක්ම අමතක කරලා ඔයා කරදර වලින් මිදිලා සතුටින් ඉන්න විදිහ ගැන නිතරම හිතන්න.. 🤔

ඔයා නොහිතන විදිහට ඔයගේ ප්‍රශ්න විසදිලා සතුට ඔබට ආකර්ශනය වේවි...👍👍

විශ්වයේ ආශිර්වාදය මට මෙන්ම ඔබටත් ලැබේවා 🙏


💗💗💗💗

ලංකාව විතරක් නෙමෙයි පිටරටවල වුණත්, මේ ගත කරන සමය මේ සංක්‍රාන්ති සමයක් ගත කරන්නේ,එයාලා මේකට කියනවා කෝෂ අවධිය කියලා පිටරට ...
26/03/2026

ලංකාව විතරක් නෙමෙයි පිටරටවල වුණත්, මේ ගත කරන සමය මේ සංක්‍රාන්ති සමයක් ගත කරන්නේ,

එයාලා මේකට කියනවා කෝෂ අවධිය කියලා පිටරට පේජ් follow කරන පිටට මායාකාරයෝ follow කරන අයට මේ වගේ දේවල් දකින්න පුළුවන්
මේ කාලයේදී, එයාලා කතා කරනවා මේ ගැන ඒ කියන්නේ මේ පිටරට මායාකාරයෝ කතා කරනවා මේ ගැන,
අපිට ජීවිත වල පාඩම් උගන්වපු
පහුගිය කාලවකවානු අපේ ඒ ජීවිතවල පාඩම් ඉගෙන ගත්ත කාලේ,
දැන් මේ කෝෂ අවධියේදි යන්නේ ඒක සමාලෝචනයක්
අපි මොනවද කරන්න ඕනේ කියන ප්‍රශ්නෙ හැමෝගෙම ඔලුවල දුවන කාලයක්,
මං මොකක්ද මේ ප්‍රශ්නෙට කරන්නේ?
මං කොහොමද මේක විසඳගන්න?
මං කාවද විශ්වාස කරන්නේ ?
මං කාවද විශ්වාස කරන්න ඕන නැත්තේ?

මේ ඒ ප්‍රශ්නවලට උත්තර හොයන කාලයයි. උගත් පාඩම් වලින් ආශිර්වාද අරගෙන අත්දැකීම් අරගෙන හරි තීන්දු තීරණ ගන්න ඔයාලට ශක්තිය ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනාකරනවා.
වැදගත්ම දේ අතීතයේ වෙච්ච වැරදි පැත්තකින් තියලා අනාගතය ගැන හිතලා වර්තමානයේදී හරි තීරණ ගන්න එකයි,
අපිට සේවය නොකරන පරන මතක වෙන්න පුළුවන් ආදරයක් වෙන්න පුළුවන් ,
අපේම හැඟීම් වෙන්න පුළුවන් අපේ පුරුදු වෙන්න පුළුවන්.
දැන් පැත්තකින් තියලා අලුත් සමනලයෙක් වගේ පියාඹන්න ලෑස්ති වෙන්න

25/03/2026

කවුද කැමති switchwords ගැන ඉගෙනගන්න
දිග දිග affirmation නැතුව එක මායා වචනෙකින් හීන හැබෑකරගන්න
කැමති නම් yes කියල type කරන්න

වාසනාව ඇත්තේ ඔබ තුලය,            ඔබේම මනස තුලය, සොයාගන්න,, උදව්වක් ඕන වෙලාවක        විශ්වයට ආමන්ත්‍රණය කරන්න .
25/03/2026

වාසනාව ඇත්තේ ඔබ තුලය,
ඔබේම මනස තුලය,
සොයාගන්න,,
උදව්වක් ඕන වෙලාවක
විශ්වයට ආමන්ත්‍රණය කරන්න .

මේ රිසාල්ට් ඉතින් හරි ආසවෙන් කියන එවා එයා වගේ යාලුවෙක් හම්බෙන්න ඉතින් වාසනාවක් තියෙන්නත් ඕන, Bay leaf වලට ඕඩර්ස් දාන අය ...
25/03/2026

මේ රිසාල්ට් ඉතින් හරි ආසවෙන් කියන එවා
එයා වගේ යාලුවෙක් හම්බෙන්න ඉතින් වාසනාවක් තියෙන්නත් ඕන,

Bay leaf වලට ඕඩර්ස් දාන අය ඉක්මන් කරන්න අප්‍රෙල් මාසයේ ,
අවුරුදු නිවාඩුව වගේම තෙල් ප්‍රශ්න නිසා කුරියර් ඉතින් වැඩ කරන්නෙ හරි හෙමින් 🍀🍀

✨ ඔබ තෝරාගත් අංකයට අදාළ පලාඵලය පහතින් කියවන්න:අංක 01 තෝරාගත් ඔබට: "නව ජවයකින් ඉදිරියට"මෙම සතිය ඔබේ ජීවිතයට අලුත් බලාපොරො...
24/03/2026

✨ ඔබ තෝරාගත් අංකයට අදාළ පලාඵලය පහතින් කියවන්න:
අංක 01 තෝරාගත් ඔබට: "නව ජවයකින් ඉදිරියට"
මෙම සතිය ඔබේ ජීවිතයට අලුත් බලාපොරොත්තු රැගෙන එන කාලයකි. ඔබ මෙතෙක් කල් සැලසුම් කළ නමුත් ආරම්භ කිරීමට නොහැකි වූ වැඩකටයුතු ඇත්නම්, ඒ සඳහා හොඳම කාලය උදා වී ඇත. ඔබ සතු නිර්මාණශීලී හැකියාවන් ලෝකයට පෙන්වීමට පසුබට නොවන්න. විශ්වයේ ආශිර්වාදය ඔබ සමඟ පවතින බැවින් ආත්මවිශ්වාසයෙන් තීරණ ගන්න.
🪻විශේෂ උපදේශය: අතීතයේ පසුතැවීම් පසෙකලා අනාගතය දෙස බලන්න. අලුත් අවස්ථාවන් දොරකඩටම පැමිණෙනු ඇත.

අංක 02 තෝරාගත් ඔබට: "ඉවසීමෙන් ජයග්‍රහණය කරා"
මේ සතිය ඔබට පවසන්නේ "හදිසිය නොවී, ස්වභාවධර්මයට ඉඩ දෙන්න" යන්නයි. සමහර දේවල් සිදු වීමට නියමිත කාලයක් ඇත. ඔබ යම් මානසික පීඩනයක සිටියේ නම්, මේ සතියේදී ක්‍රමයෙන් සිතට සහනයක් සහ පැහැදිලිකමක් ලැබෙනු ඇත. පවුලේ අය සහ සහකරු සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙය කදිම කාලයකි.
🪻විශේෂ උපදේශය: ආධ්‍යාත්මික වතාවත්වලට හෝ භාවනාවට යොමු වන්න. ඔබේ සන්සුන් භාවය ඔබේ ලොකුම ශක්තිය වනු ඇත.

අංක 03 තෝරාගත් ඔබට: "වාසනාව සහ සතුට උදාවන සතියක්"
ඔබ කළ කැපවීම්වලට නියම ප්‍රතිඵල ලැබෙන සතියකි. දිගු කලක් බලාපොරොත්තුවෙන් සිටි සුබ ආරංචියක් හෝ මූල්‍යමය වාසියක් ඔබට හිමි වීමට නියමිතයි. ඔබේ ජීවිතයේ පැවති බාධාවන් ඉවත්වී හිරු පායන්නාක් මෙන් සාර්ථකත්වය ලඟා වේ. සමාජයේ කැපී පෙනෙන චරිතයක් ලෙස ඔබව ඇගයීමට ලක්වනු ඇත.
🪻විශේෂ උපදේශය: ඔබට ලැබෙන දේ ගැන නිහතමානීව සතුටු වන්න. අන් අයට උදව් කිරීමට ලැබෙන අවස්ථා මඟ නොහරින්න.

🌟 ඔබ තෝරාගත් අංකය සහ එහි ගැලපීම පහතින් Comment කරන්න. 🌟 ඔබේ හිතවතුන් සමඟත් මේ පණිවිඩය බෙදාගන්න.පෞද්ගලික අනාවැකි සඳහා වට්සප් පණිවිඩයක් යොමුකරන්න
~ The Witch Yakdessi ~
(Psycho-Spiritual Consultant)

24/03/2026

අව්වට පිච්චිලා ගිය ගසුත් දළු දාන කාලයක් එනවා

පොඩ්ඩක් ඉවසන්න
The witch-යක්දෙස්සි

23/03/2026

ඊයේ ලයිව් විඩියෝ එකෙ මුල්ම කොටසේ ඔයාගේ ධන වාසනාව Activate කරන secret code එකක් තියෙනවා ❤️

මාර්තු 24-31 වෙනකම් ඔයාගේ ජිවිතේට කොහොමද කියල බලාගන්න එක කාඩ් එකක් තෝරගෙන කමන්ට් කරන්න
23/03/2026

මාර්තු 24-31 වෙනකම් ඔයාගේ ජිවිතේට කොහොමද කියල බලාගන්න එක කාඩ් එකක් තෝරගෙන කමන්ට් කරන්න

Address

Galabadayawatte Road
Matugama

Alerts

Be the first to know and let us send you an email when The witch-යක්දෙස්සි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to The witch-යක්දෙස්සි:

Share