31/12/2025
🎗️🍁🍀සෞභාග්‍යය රැස් කිරීම සඳහා අවුරුදු චාරිත්‍රය .🧹🧹🧹🧹
අද හිරු බැස යෑමෙන් ආරම්භ වේ, ඉදිරි දින කිහිපය තුළ ඕනෑම වේලාවක මෙම චාරිත්රය සිදු කරන්න.
ඔබට අවශ්ය වන්නෙ ,
🧹කොස්සක් හෝ බෙසම් ඒ කියන්නෙ මූස්නයක්
දුවිලි පිස්නයක් තරමට සකසා ගත් එකක් .
ඒක සාම්ප්‍රදායික බෙසොම් එකක් නොවේ කියා කලබල වෙන්න එපා.
සැමවිටම වැදගත් වන්නෙ චේතනාව වන බැවින් ඕනෑම පොඩි ප්‍රමාණයේ හෝ ලොකු ප්‍රමාණයේ කොස්සක් ඔයාට මේ සඳහා උදව් කරනු ඇත.
besom/broom යනු නිවසක ප්‍රබල සංකේතයකි. එය එහි හිමිකරුගේ සලකුණ සහ අනන්‍යතාවය තදින්ම පිළිඹිබු කරනු ඇති බැවින් එය එදිනෙදා සරල මායාකර්ම සඳහා ප්‍රයෝජනවත් සම්ප්‍රදායික මායා මෙවලමකි.
අතුගා දැමීම ස්වභාවිකවම එක්රැස් කිරීම නිරූපණය කරයි ,හොඳ වේවා නරක වෙවා චේතනාව වැදගත්.
🎗️රිබන්
කොළ පාට පීත්ත පටියක් (බහුලත්වය සඳහා), රන්වන් පීත්ත පටියක් (සෞභාග්‍යය සහ රැස්වීම සඳහා)
ආදේශක නොමැත රිබන් කෑලි දෙකක් නම් හොයාගන්නම වෙනවා හැබැයි .
🍁🍀මින්ට් අතු/ කුරුඳු අතු හෝ පොතු
ක්‍රමය;-
ඔබේ කොස්ස ගෙන ඔබේ පීත්ත පටිය ඉහළට තබා බැඳ තබන්න.
ඔබේ මින්ට් අතු හෝ කුරුඳුද එහි බැඳගන්න.
ඔබේ කොස්ස දැන් නිවස ඉදිරි දොරටුව ලඟට ගොස් අතට ගෙන, අත් දෙකම මිට මත මත තබා ඔබේ අභිප්‍රාය කෙරෙහි අවධානය යොමු කරන්න - ශීත ඍතුව සඳහා ඔබේ අස්වැන්න රැස් කරන්න. දක්ෂිණාවර්තව තුන් වරක් සෙමින් හැරී ඉන්පසු දොර දෙසට අතුගාන්න පටන් ගන්න:
( මතක තියාගන්න වට තුනක් කැරකෙන්න ඕන මට දැන් මැවිලා පේනවා ලොකු කොස්සවල් තියන් පොලවට ඔයාල වට තුනක් කැරකෙනවා )
යැදුම;-
"එකෙන්, දෙකෙන්, තුනෙන් සහ හතරෙන්, ලැම්මාස් තෑගි මගේ දොරට ලැබෙන්න සියලුම නපුර එලියට අතුගාන්න. ශීත ඍතුවේ අවසානය දක්වා බහුලත්වය නිරන්තර මිතුරෙකු වේවා."
මෙය තුන් වතාවක් නැවත නැවත කරන්න සහ කියන්න.
ඉන්පසු ඔබේ බෙසම්/කොස්ස ඔබේ නිවසේ සුපුරුදු ස්ථානයේ තබන්න.බොහෝදුරට පුජාසනය අසල මීට සුදුසුයි,පුජාසනයක් නොමැති අය ප්‍රවේසම් සහිත තැනක තියන්න.
ඔබට අවශ්‍ය තාක් කල්, චන්ද්‍ර මාසයක් ඒ කියන්නෙ ලබන නව සඳ වන තෙක් හෝ ශීත කාලය අවසන් වන තුරු පීත්ත පටිය ගැටගසා තැබිය හැකිය.
මින්ට් හෝ කුරුඳු වියලි ගියහොත් ඒවාට ස්තුති කර වලලා දමන්න.
ඔබට පිටතට අතුගෑමට ඉඩක් නොමැති නම්, ඔබට එම චාරිත්‍රය භාවිතා කර ඔබේ ඉදිරිපස දොරේ සිට ඇතුළත ඔබේ මුළුතැන්ගෙය හෝ උදුන දක්වා අතුගා දැමිය හැකිය.
🧹🍀🧹🍀🧹🍀🧹🍀🧹??🧹🍀??🍀??🍀??🍀??🍀🧹🍀🧹??
©️yakdessi