23/09/2025
📝 අනපේක්ෂිත සිදුවීම්
📝 ප්‍රබල දේශපාලනඥයන්ට අපල
📝 ආගමික නායකයකුගේ හෝ ප්‍රසිද්ධ පුද්ගලයකුගේ අභාවයක්
📝 ආරක්ෂක අංශයේ විනිවිදභාවය වැඩිවේ
📝 විදෙස් රටවල් සමඟ නව ගිවිසුම්
--------
2025 සැප්තැම්බර් 22 වැනිදා කන්‍යා රාශියේ සිදුවීමට නියමිත අර්ධ සූර්යග්‍රහණය, ලංකා කේන්ද්‍රය වන කුම්භ ලග්නයට අනුව අට වැනි භාවයේ සිදුවේ. ජ්‍යොතිෂ විද්‍යානුකූලව රටේ ඉදිරි කාල පරිච්ඡේදය සඳහා සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට මෙම සූර්‍ය් ග්‍රහණය බලපානු ඇත. අට වැනි භාවය අනපේක්ෂිත සිදුවීම්, රහස්, සහ හදිසි වෙනස්කම් නියෝජනය කරන බැවින්, මෙම ග්‍රහණය යම් අභියෝගාත්මක තත්ත්වයන් මෙන්ම, ධනාත්මක වෙනස්කම් ද ගෙන එනු ඇත.
අට වැනි භාවයේ සිදුවන මෙම ග්‍රහණය, දේශපාලන ක්ෂේත්‍රයේ යම් අස්ථාවරත්වයක් ඇති කළ හැකිය. ප්‍රබල දේශපාලනඥයන්ට අපල ගෙන දිය හැකි අතර, අනපේක්ෂිත දේශපාලන සිදුවීම් ඇති විය හැකිය. මහජනයා අතර යම් නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති විය හැකි අතර, දේශපාලන ක්‍රියාවලීන් පිළිබඳව ජනතාවගේ විශ්වාසය පලුදු වීමට ඉඩ ඇත.
මහජනයාගේ ශරීර සෞඛ්‍ය කෙරෙහි යම් දුර්වලතා ඇති කළ හැකිය. විශේෂයෙන්ම, කාන්තා පාර්ශ්වයට සහ කුඩා දරුවන්ට අපල ගෙන දිය හැකි බැවින් ඔවුන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ. යම් ආගමික නායකයකුගේ හෝ ප්‍රසිද්ධ පුද්ගලයකුගේ අභාවයක් පිළිබඳව වාර්තා වීමට ඉඩ ඇත.
අට වැනි භාවය රහස් සහ අභිරහස් නියෝජනය කරන බැවින්, ප්‍රසිද්ධ පුවත්පත් හෝ මුද්‍රණ ආයතනයකට අපහසු කාලයක් විය හැකිය. ඔවුන්ගේ කටයුතුවලට යම් බාධා ඇති විය හැකි අතර, විශ්වාසනීයත්වයට හානි විය හැකි සිදුවීම් ඇති විය හැකිය.
සූර්යග්‍රහණය සිදුවන්නේ බුධ ග්‍රහයාගේ කන්‍යා රාශියේ වන අතර, මෙම කාලයේදී බුධ ඉතා බලවත්ය. මෙමගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පුනර්ජීවයක් ඇති වේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ නීතිමය ක්‍රමවේදයන් හඳුන්වා දීමට ඉඩ ඇත. අධ්‍යාපනය, නීතිය සහ ආරක්ෂක අංශය තුළ පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට අවස්ථා උදා වේ.
අට වැනි භාවය රහස් හෙළිදරව් කිරීම නියෝජනය කරන බැවින්, නීතිමය ක්‍රියාවලීන් සහ ආරක්ෂක අංශයේ පවතින ගැටලු පිළිබඳව තොරතුරු අනාවරණය වීමට ඉඩ ඇත. එය අවසානයේදී රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට සහ ආරක්ෂක අංශයේ විනිවිදභාවය වැඩි කිරීමට හේතු වනු ඇත. දූෂණ සහ වංචා සම්බන්ධ රහස් හෙළිදරව් වීමෙන් රටේ පාලනය වඩාත් විනිවිදභාවයෙන් යුක්ත වනු ඇත.
අට වැන්න විදේශ සබඳතා සහ හවුල් ව්‍යාපාර සඳහා ද බලපෑම් ඇති කරයි. මෙම කාලය තුළ විදෙස් රටවල් සමඟ නව ගිවිසුම් ඇති කර ගැනීමට හෝ පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමට අවස්ථා උදා විය හැකිය.
සමස්තයක් ලෙස, මෙම සූර්යග්‍රහණය අභියෝග සහ අවස්ථා යන දෙකම ගෙන එනු ඇත. කෙසේ වෙතත්, බුධ ග්‍රහයාගේ බලවත් පිහිටීම නිසා, එම අභියෝග සාර්ථකව ජයගෙන රටේ දියුණුවට සහ ස්ථාවරත්වයට මාවත් විවෘත වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
අර්ධ සූර්යග්‍රහණය, එක් එක් ලග්නයට බලපාන ආකාරය විමසා බලමු. මෙම ග්‍රහණය යම් යම් අභියෝග මෙන්ම, ඒවා ජය ගැනීමට අවස්ථා ද ගෙන දෙනු ඇත.
📝 මේෂ
මේෂ ලග්නය හිමි ඔබේ කේන්දරයේ හය වැන්නේ සූර්යග්‍රහණය සිදුවේ. මෙම ග්‍රහණය ඔබේ සෞඛ්‍ය සහ රැකියා කටයුතු කෙරෙහි බලපායි. සෞඛ්‍ය ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. රැකියා ස්ථානයේ යම් යම් ගැටලු ඇති වුවත්, ඔබගේ උත්සාහය සහ දක්ෂතාව මත ඒවා සාර්ථකව ජය ගත හැකිය.
📝 වෘෂභ
වෘෂභ ලග්නය හිමි ඔබේ කේන්දරයේ පස් වැන්නේ සූර්යග්‍රහණය සිදුවේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. ප්‍රේම සබඳතා තුළ යම් යම් ගැටලු ඇති විය හැකිය. කෙසේ වෙතත්, ඔබේ නිර්මාණාත්මක හැකියාවන් සහ බුද්ධිය තුළින් මෙම අභියෝග සාර්ථකව ජය ගත හැකිය.
📝 මිථුන
මිථුන ලග්නය හිමි ඔබේ කේන්දරයේ හතර වැන්නේ සූර්යග්‍රහණය සිදුවේ. නිවාස, දේපළ සහ පවුල් ජීවිතය සම්බන්ධ කටයුතු වලට බලපෑම් ඇති වේ. පවුලේ සාමාජිකයන් සමඟ ඇති සබඳතා තුළ යම් අවබෝධතා ගැටලු ඇති විය හැකි අතර, ඒවා ඉවසීමෙන් විසඳා ගැනීම වැදගත්ය.
📝 කටක
කටක ලග්නය හිමි ඔබේ කේන්දරයේ තුන් වැන්නේ සූර්යග්‍රහණය සිදුවේ.
සන්නිවේදන කටයුතු සහ කෙටි ගමන් බිමන්වලට බාධා ඇති විය හැකිය. අදහස් ප්‍රකාශ කිරීමේදී ප්‍රවේශම් වන්න. සහෝදර සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙය අවස්ථාවක් කර ගත හැකිය.
📝 සිංහ
සිංහ ලග්නය හිමි ඔබේ කේන්දරයේ දෙවැන්නේ සූර්යග්‍රහණය සිදුවේ. මූල්‍යමය කටයුතුවලදී සැලකිලිමත් වන්න. ආදායම් මාර්ගවලට යම් යම් බාධා ඇති විය හැකිය. වියදම් පාලනය කර ගැනීම වැදගත් වේ. පවුලේ අයගේ සහයෝගය මත මෙම අභියෝග ජය ගත හැකිය.
📝 කන්‍යා
කන්‍යා ලග්නය හිමි ඔබේ කේන්දරයේ ලග්නභාවයේ සූර්යග්‍රහණය සිදුවේ. ඔබගේ පෞරුෂය, සෞඛ්‍ය සහ පොදු ජීවිතය කෙරෙහි බලපෑම් ඇති වේ. චිත්තවේග පාලනය කර ගැනීම වැදගත්ය. තීරණ ගැනීමේදී කල්පනාකාරී වීමෙන් අහිතකර ප්‍රතිඵල වළක්වා ගත හැකිය.
📝 තුලා
තුලා ලග්නය හිමි ඔබේ කේන්දරයේ දොළොස්වැන්නෙ සූර්යග්‍රහණය සිදුවේ. අනවශ්‍ය වියදම් පාලනය කර ගත යුතුය. මානසික සුවය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. ආධ්‍යාත්මික කටයුතුවල නිරත වීමෙන් සහනයක් ලබා ගත හැකිය.
📝 වෘශ්චික
වෘශ්චික ලග්නය හිමි ඔබේ කේන්දරයේ එකොළොස්වැන්නේ සූර්යග්‍රහණය සිදුවේ. ආදායම් මාර්ග සහ මිත්‍ර සබඳතා කෙරෙහි බලපෑම් ඇති වේ. මුදල් ගනුදෙනු කිරීමේදී සැලකිලිමත් වන්න. මිත්‍රයන් සමඟ ඇති අවබෝධතා ගැටලු නිරාකරණය කර ගැනීමට කටයුතු කරන්න.
📝 ධනු
ධනු ලග්නය හිමි ඔබේ කේන්දරයේ දස වැන්නේ සූර්යග්‍රහණය සිදුවේ. වෘත්තීය ජීවිතයේ යම් අභියෝග ඇති විය හැකිය. රැකියා ස්ථානයේ තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න. නායකත්වයේ සිටින අයට යම් යම් බරාධ ඇතිවිය හැකිය.
📝 මකර
මකර ලග්නය හිමි ඔබේ කේන්දරයේ නව වැන්නේ සූර්යග්‍රහණය සිදුවේ. උසස් අධ්‍යාපන කටයුතුවලට සහ දුර බැහැර ගමන්වලට බාධා ඇති විය හැකිය. පියා සමඟ ඇති සබඳතා කෙරෙහි අවධානය යොමු කරන්න. ආගමික සහ දාර්ශනික කටයුතුවල යෙදීමෙන් මානසික සහනයක් ලැබිය හැකිය.
📝 කුම්භ
කුම්භ ලග්නය හිමි ඔබේ කේන්දරයේ අට වැන්නේ සූර්යග්‍රහණය සිදුවේ. අනපේක්ෂිත සිදුවීම්වලට මුහුණ දීමට සිදු විය හැකිය. මූල්‍යමය ගනුදෙනු සහ රක්ෂණ කටයුතුවලදී ප්‍රවේශම් වීම වැදගත්ය. මෙම අභියෝගාත්මක තත්ත්වයන් ඔබේ ජීවිතයට නව අවබෝධයක් ගෙන දෙනු ඇත.
📝 මීන
මීන ලග්නය හිමි ඔබේ කේන්දරයේ හත්වැන්නේ සූර්යග්‍රහණය සිදුවේ. විවාහය, හවුල් ව්‍යාපාර සහ සමාජ සබඳතා කෙරෙහි බලපෑම් ඇති වේ. අන් අය සමඟ සබඳතා පවත්වා ගැනීමේදී ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්ය. ඔබේ සහකරු/සහකාරිය සමඟ ඇති සබඳතාව ශක්තිමත් කර ගැනීමට අවධානය යොමු කරන්න.
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදීනි
වාස්තු විශේෂඥ
මනෝවිද්‍යා උපදේශිකා
නයෝමී පබසරා මැණිකේ
0772279138