අඹතලේ ඉඳුරුවන් Ambathale Induruwan

අඹතලේ ඉඳුරුවන් Ambathale  Induruwan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අඹතලේ ඉඳුරුවන් Ambathale Induruwan, Royal Temple Mihintale, Mihintale.

The purpose of this page is to provide a meaningful path to a fresh mind to live as a free man through art, education, religion, society, health, exploration and positive thinking.

13/04/2023

🎶🎶🎶

අබිසරු ළඳුන්...👇අද තමයි රූපරාමු පටිගත කිරීමේ දවස...👇ළඟදීම ඔබේ ආලින්දයට...👇channel එක subscribe කරලා තියාගන්න.👇https://yo...
24/08/2022

අබිසරු ළඳුන්...👇
අද තමයි රූපරාමු පටිගත කිරීමේ දවස...👇
ළඟදීම ඔබේ ආලින්දයට...👇
channel එක subscribe කරලා තියාගන්න.👇
https://youtube.com/channel/UCm25lt7bkaBHFlulDAGgMqg

❤️❤️❤️🎶🎶🎶❤️❤️❤️

අනීවාර්‍යයෙන්ම කියවා අදහසක් ඉදිරිපත් කරන්න.පුරුෂාධිපත්‍යයට නතුව ලෝකය පාලනය වන අතීතයේ සිට මේ දක්වාම කාන්තාවට සමාජයේ හිමිව...
21/07/2022

අනීවාර්‍යයෙන්ම කියවා අදහසක් ඉදිරිපත් කරන්න.

පුරුෂාධිපත්‍යයට නතුව ලෝකය පාලනය වන අතීතයේ සිට මේ දක්වාම කාන්තාවට සමාජයේ හිමිවන්නේ හිමි නොවිය යුතු හිමිකමකි. දස මස කුස සිට මෙලොව ජාතක දරුවකුගේ ආදරණීයම වචනය " අම්මා " යැයි පැවසුවහොත් එය නිවැරදි යැයි මට හැඟේ. එවැනි උත්තරීතර වූ ආදරණීය මව් පදවිය සමාජ තාඩන පීඩන හමුවේ පමණක් නොව දාරක ප්‍රේමයන් ඉදිරිපිටද අසරණ වන අවස්ථා එමටය. ඇතැම් විටකදී සල්ලාල දෙනෙත් වලින්ම පමණක් අපයෝජනය වන ගොදුරක් බවට කාන්තාව පත්වන්නේ මිනිසත්කම තුලම ජාතක වූ නොමිනිසුන් නිසාමය.
පිරිමියෙක් නිසාම පිරිමින්ට අයිති වන සමහරක් කාන්තාවන් අතිනත යන්නට පෙළඹෙන්නේ නොසිතූ පැතිකඩකට ජීවිතේ තල්ලු කරමින්‍ ය. නමුත් හැම කාන්තාවම එසේ නොවන්නේ තමා තුල පවතින දරාගැනීමේ හැකියාව මත උපන් විභව ශක්තීන් මත විය හැකිය.

මගේ පන්හිදෙන් නිර්මාණය වූ අලුත්ම නිර්මාණය වනාහී සමාජයේ අලුත්ම පැතිකඩක් පිළිබඳ කියැවෙන කතාවකි. බොහෝ දෙනෙක් දන්නා නමුත් නොදන්නා ලෙස හැසිරෙන මාතෘකාවකි.
.............................................
රොන් උරන මත් බඹරු ඇවිදින්
ආදරෙන් නිදි සුව සොයා...
පෙති සිඳුණු මල් කවුද සිම්ඹේ
හෙට දිනේ එක් වනු සිතා...

පිරිමියෙකු හා කාන්තාවක සමග ඇරඹෙන ප්‍රේම කතාවක් කුටුම්බයකින් අවසන් නොවන අවසානය හුදෙක් කාන්තාවගේ ජීවිත පරිවර්ථනය පිණිස සංක්‍රාන්තික යුගයක් වන්නේය. එය තීරණය වන්නේ මා මුලින් සඳහන් කල පරිදි පෞද්ගලික වශයෙන් දරාගැනීමේ ශක්තීන් අනුවය. එම පරිවර්ථනීය අවධියේ එක් පැතිකඩක් මෙම ගීතයෙන් නිරූපණය කරනු ලබයි.
සල්ලාල පිරිමියෙකු කාන්තාවකගේ ශරීර පහසට සමීප වන්නේ ආදරය නම් පවිත්‍ර වූ සාංසාරික බැඳීම ඉදිරිපත් කර ගෙනය. නමුත් බඹරාගේ ස්වභාවය මල් වලට පියඹා රොන් උරාබීමය. බඹරාට එක මලක් ප්‍රමාණවත් නොවන්නේ ය. ඌ විවිධ මල් කරා ගොස් තමන්ගේ කුස පැණියෙන් පුරවා ගන්නේය. කාම ගින්නෙන් දැවී මත් වූ සල්ලාල පිරිමියාද කාන්තාවක් වෙතට සමීප වන්නේ ආදරය යන මානුෂීය හැගීමෙන් කාන්තාව යටපත් කරගෙනය. නමුත් ඒ සල්ලාල හිත සොයන්නේ නිදි සුවයමය. එසේ ආදරය නම් පවිත්‍ර චේතනාව වංචනිකව ඉදිරිපත් කරගෙන කාන්තාවට ළං වන සල්ලාල හැසිරීම් ඇති පිරිමියා තම අභිලාෂයන් මුදුන්පත් වූ තැන, බඹරා මලින් මලට රොන් ගන්නා සේ තවත් මලක සුවඳ විඳ රොන් ගැනීමට පෙළඹෙයි.
ඔහු විසින්ම ආදරය නම් රන් ඔටුන්න පැළඳවා රාජාභිෂේක කළ කාන්තාවගේ හිසට වෛශ්‍යාව ගේ කටු ඔටුන්න පැළඳ වීමට කටයුතු කරයි. එය කාමයෙන් මත් වූ සල්ලාලයකුගේ සාමාන්‍ය ස්වභාවයයි. ඒකපාර්ශ්විකව පිරිමි ප්‍රේමයක් තුළින් විවාහයක් නොලබන කාන්තාවට සමාජය ආමන්ත්‍රණය කරන වචනය ඔබ දන්නෙහිය. එම තත්ත්වය එම කාන්තාවට ලැබෙනුයේ එම ආදරණීය තත්ත්වය බොරුවට මවා පෑ පිරිමියාගෙන් ම ය.
එවැනි තත්ත්වයන් හමුවේ ජීවිතයේ විශාල පරිවර්තනයකට පෙරලෙන ඇතැම් කාන්තාවන් සමස්ත අකාරුණික සමාජයෙන්ම අහන ප්‍රශ්නයයි මේ...

පෙති සිඳුණු මල් කවුද සිඹ හෙට දිනේ එක්වනු සිතා...

වෙසඟනක් වෙතට ගමන් කරන සල්ලාල පිරිමියා එම සයනය මත වුවද එම කාන්තාව විවිධ බොළඳ මුසාබස් වලින් රවටන්නේය. පෙති සිඳුන මලක් හෙට දිනයේ එක්වීම පිණිස ළංකරගන්නේ කුමන පිරිමියාද ? සමස්ථ කාන්තා සමාජය වෙනුවෙන්ම එම ගොදුරක් වූ කාන්තාව විසින් මේ දූෂිත සමාජයෙන් අසන ගැඹුරු ප්‍රශ්නය එයයි.

උසුළු විසුලින් සියුම් ස්වරයෙන්
ළංවෙලා නුපුරුදු ලෙසින්
දුහුල් සළු පිළි ඇඟිලි තුඩගින්
උනා දැමුවේ ආදරෙන්...

විහිළු තහළු කරමින්, ඉතාම නුහුරු වචනයෙන් සියුම්ව කාන්තාවට ළංවෙන සල්ලාල පිරිමියා එම කාන්තාවගේ වස්ත්‍රයන් උනා දමන්නේ එම කාන්තාවට වත් නොදැනීමය. සිහින ලෝකයක සිරවී ආදරණීය ප්‍රේම හැඟුම් අතරේ හිරවෙන කාන්තාව සිය ලෝකය තුළ සිටින එකම ආරක්ෂකයා එම පිරිමියා බව සිතන්නට වැඩි වෙලාවක් නොගෙන එම සල්ලාල ඇඟිලි තුඩුවලට සිය ආත්මය ම භාර කරයි. මෙය වනාහී කාන්තාව පිරිමියෙකු වෙතින් ලබන කුළුඳුල් සංවාසයේ අවස්ථාවයි.

කුමරු සාලිය වී.....
දැණුනි මාලා ළඟින් උන් හැටි
ඉසුරුමුණි පෙම් යුවල සේ...

එම අවස්ථාවේ එම සල්ලාලයාගේ මුවින් පිටවෙන බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන වදන් හමුවේ හා ශරීරයට ලැබෙන කුළුඳුල් පිරිමි ස්පර්ශය හමුවේ කාන්තාව සිය අවංකත්වය හා ප්‍රේමණීයත්වයට බොහෝ සෙයින් ඇලුම් කරයි. එම අවස්ථාව හුදෙක් අතීතයේ නොසැලී පැවති සාලිය අශෝකමාලා පුවත මෙන් දැඩිය. ඉසුරුමුණි පෙම් යුවල සේ ඔවුන්ගේ ප්‍රේමය ඉතා සමීපව එම කාන්තාවට දැනෙන්නේ එබැවිනි.

සල්ලාල පිරිමි ප්‍රේමයට රැවටුණු කාන්තාව තම ගමන් මඟ වෙනස් වූ පසු එවැනිම සල්ලාල පිරිමි හමුවේ අතින් අත යන වෙසඟනක් බවට පත් වෙයි. ඇතැම් විට ඇයට එම ස්ථානය සමාජයෙන් හිමි කර දෙන්නේ ද එම පළමු ප්‍රේමයෙන් ලද අවාසනාවන්ත දායාදයක් වශයෙනි.
එම කාන්තාවගේ ස්පර්ශය ලැබීමට පැමිණෙන පිරිමින් හට ඇය ලබාදෙන සංවේදීම පණිවිඩය මෙයයි.

ජීවිතේ බර තනිව හිස මත
දරා සුපුරුදු තනිකමින්
ලබනු කෙලෙසද යශෝදරවත
අභිසාරි අඹපාලිගෙන්...

දහසකුත් බලාපොරොත්තු ජීවිතේ රඳවාගෙන පළමු සංවාසය හරහා ලැබුණු දායාදය ඇය සමීපයේ තවමත් ජීවමානය. එම අවස්ථාවේ එම කාන්තාව අතීතයේ සල්ලාල ප්‍රේමයෙන් ලද දායාදය ජීවත් කරවීම පිණිස කෙසේ හෝ ඇය ජීවත් විය යුතුය. ඇයට මව් පදවියට තිත තැබීමට තරම් ශක්තියක් එදා නොතිබුණි. දිනෙන් දින ඈ වෙත පැමිණෙන සල්ලාලයින්ගේ අවස්ථාව වෙනුවෙන් කියැවෙන සයනයේ සුවය පිණිස වූ චාටු මුසා බස් වලට ඈ දැන්ද ඇහුම්කම් දෙන නමුත් ඇයගේ ජීවිතය දැන් ආදරයෙන් මුලා කරගැනීමට තරම් සුදුසු තත්ත්වයක නොවන බව සැබෑ සත්‍යයයි. අම්බපාලියගෙන් යශෝධරාවගේ වත ලැබිය නොහැකිය. එසේ බලාපොරොත්තු විය ද නොහැකිය.
ඇය එම සල්ලාල පිරිමින් වෙත කරන ආයාචනය වන්නේ,

නොවී සාලිය මෙන්.....
යනු මැනවි සුවඳත් අරන්...
යනු මැනවි සුවඳත් අරන්.....

එවැනි දුක්බර ජීවිත ගතකරන වර්ථමාන අම්බපාලියන් වෙනුවෙන් මා මෙහි අන්තර්ගත කල ගැඹුරුම වූ සරලම අර්ථය වනාහි ...
" විදීමෙන් පසු අතහැරීමට පුරුදු වෙන ලෙස කාන්තාවක් සල්ලාලයන්ගෙන් කරන ඉල්ලීමයි "

සබුද්ධික රසවින්දනයක් වෙනුවෙන් සමාජයට බාරයි...🙏🙏🙏❤️❤️❤️😥😥😥


පබැඳුම හා අදහස් - අඹතලේ ඉඳුරුවන්

Raini Charuka Goonatillake 😊🙏
Navarathna Gamage 😊🙏

අභිසරු ළඳුන්...🎶🎶✒️✒️✒️❤️❤️❤️ගායනය - රයිනි චාරුකා ගුණතිලකපබැඳුම - අඹතලේ ඉඳුරුවන්සංගීතය - නවරත්න ගමගේ
16/07/2022

අභිසරු ළඳුන්...

🎶🎶✒️✒️✒️❤️❤️❤️

ගායනය - රයිනි චාරුකා ගුණතිලක
පබැඳුම - අඹතලේ ඉඳුරුවන්
සංගීතය - නවරත්න ගමගේ

01/07/2022

මල් දෙවැට පාරේ...
Recording....✒️✒️✒️🎶🎶🎶

ගායනය - විශාරද හර්ෂන දිසානායක
සංගීතය - ප්‍රියන්ත ගමගේ .....................................
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

නොදැන පියමං කළ මගෙහි හිඳ
නොතේරුණු සිත් අතරමං වූ දා...
ඉකිබිඳින සිත් දෑස් තෙත් කළ
අපේ ආදර කතාවේ...
පෑරුණේ සිත මගේ විතරද
කියන් සඳ මාගේ...
සදා මා හැඬවූ...
කඳුළු සඳ මාගේ...//

දෙනෝදාහක් අතරමං වූ
අපට හුරු පාරේ...
එදා මෙන් අද දෙනෙත් හමුවෙයි
පෙර පුරුදු වාගේ...
අපේ හිත් වාගේ...//

සදා නොමියෙන මතක පොදි බැඳි
මල් දෙවැට පාරේ...
ඔබ යනෙන මග බලා ඉන්නම්
දුකක් නෑ වාගේ...
අදත් මගෙ වාගේ...//

නොදැන පියමං කළ මගෙහි හිඳ නොතේරුණු සිත් අතරමං වූ දා...
ඉකිබිඳින සිත් දෑස් තෙත් කළ
අපේ ආදර කතාවේ...
පෑරුණේ සිත මගේ විතරද
කියන් සඳ මාගේ...
සදා මා හැඬවූ...
කඳුළු සඳ මාගේ...//

පබැඳුම - අඹතලේ ඉඳුරුවන්

30/06/2022

හිනාවක අග
කඳුළු වැටුනට
නුඹේ කඳුළත්
හිනාවක් මට...

යලි නොඑන ලෙස
ගියත් දුරකට
නුඹ නැතිව මම
හිඳිමි තනියම...

වරෙන් තනියට
කඳුළු ඉනුවම
දරාගනු බැරි
දුකක් දැනුනම...

ඉඩක් ලැබුනත්
තවත් හිතකට
මතුවටත් මම
හිඳිමි නුඹටම...

පවතිනා තුරු
මගේ දිවියම
ළඟ නොවුනමුත්
නුඹත් එක්කම...

- අඹතලේ ඉඳුරුවන්

21/06/2022

Coming soon...

18/05/2022

සඳකිඳුරු
ඇටමිදුළු
කකියනා
පපු සිදුරු...

ගත සිතම
නුරා ඇස්
පෙම් මියුරු
මතින් තෙත්...

රළු බොරලු
අතින් ගත්
නුඹ ඇහිරු
කොවුල් බස්...

අඳුර පරයන
පුර සඳක් වන්
හිතේ රැඟුමන්
දරාගමි මං...

දිරාගිය මුත්
හිත් නොවෙයි හිස්
සිරගෙයට ඈ සුලුමවක්
එදා අද මෙන් මතුවටත්...

2022/05/18
අඹතලේ ඉඳුරුවන්

18/05/2022

නොනිදාම,
වෙහෙසවන,
පරිස්සම් මේ හිතේ,
තනි නොකර,
මග නොහැර,
රැකි එකම,
සම්මතය,
හැඟීමක් සොයායන,
"ආදරේ" විතරමද...😥😥😥

2022/05/18
අඹතලේ ඉඳුරුවන්

Heena.... හීන ...Official video coming soon ....
15/03/2022

Heena.... හීන ...
Official video coming soon ....

අද සවස පහට...👇👇👇හිත හීලෑ නෑ ...
14/02/2022

අද සවස පහට...👇👇👇
හිත හීලෑ නෑ ...

Address

Royal Temple Mihintale
Mihintale
50300

Telephone

+94714601781

Website

Alerts

Be the first to know and let us send you an email when අඹතලේ ඉඳුරුවන් Ambathale Induruwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share