24/05/2020
~දියවැඩියාවට බැට දෙමු~
➡️ ලිපිමාලා අංක 01
දියවැඩියාව බෝ නොවන රෝගයකි. මෙහිදි රෝගියාගේ රුධිරගත සීනි මට්ටම සාමාන්‍යයෙන් පැවැතිය යුතු මට්ටමට වඩා ඉහළ අගයක් ගනී. අප පිෂ්ටමය ආහාර අනුභව කරන විට, ශරීරය එය ග්ලුකෝස් නම් සීනි බවට හරවා රුධිරයට යවයි. අගන්‍යාශය මගින් රුධිරයෙන් ග්ලුකෝස් සෛල තුළට ගෙනයාමට උපකාර වන ඉන්සියුලින් නම් හෝමෝනය නිකුත් කරයි. රුධිරයේ ග්ලුකෝස් වැඩිපුර රැදී ඇති විට දියවැඩියා තත්ත්වයක් වන අතර එය බරපතළ හෝ ජීවිතයට තර්ජනයක් විය හැකි සෞඛ්‍යය ගැටලු ඇති කරයි. දියවැඩියාව විවිධ ආකාර වලින් පැමිණේ.
▪️ පළමු වර්ගයේ දියවැඩියාව
(Type I Diabetes)
මෙය ඉන්සියුලින් මත යැපෙන දියවැඩියාව ලෙස ද හැදින්වේ. බොහෝ විට ළමා කාලයේ පටන් ආරම්භ වන්නකි. මෙහිදි අගන්‍යාශයේ ඉන්සියුලින් නිපදවීමක් සිදුනොවේ. ජානමය තත්ත්වයන් මෙයට හේතු විය හැකිය. මෙහිදි සමට යටින් ඇති මේද පටක වලට ඉන්සියුලින් එන්නත් කරනු ලබයි.
▪️ දෙවන වර්ගයේ දියවැඩියාව
(Type II Diabetes)
බහුලවම දක්නට ලැබෙන වර්ගයයි. ඉන්සියුලින් වලට සෛල දක්වන ප්‍රතිරෝධය හෝ නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම මෙයට හේතු වේ.
ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහළ මට්ටමක තිබෙන නමුත් දියවැඩියාව හඳුනා ගැනීමට ඔබේ වෛද්‍යවරයාට ප්‍රමාණවත් නොවන විට පූර්ව දියවැඩියාව ලෙස හදුන්වයි. දෙවන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින්ට සෑම විටම පාහේ පූර්ව දියවැඩියාව ඇති වේ. නමුත් එය සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ ඇති නොකරයි.මෙහිදි බොහෝ දෙනෙකු තමන් පූර්ව දියවැඩියාවෙන් පෙලෙන්නේ යයි නොදනී.
▪️ ගර්භණී සමයේ දියවැඩියාව
(Gastational Diabetes - GDM)
මෙය ගර්භණී සමයේදී අධි රුධිර ග්ලූකෝස් වලින් සමන්විත දියවැඩියාවකි. මෙයින් මවට සහ දරුවාට සංකූලතා ඇතිවීමේ අවධානමක් පවතී. එය සාමාන්‍යයෙන් ගර්භනීභාවයෙන් පසුව අතුරුදහන් වන නමුත් බලපෑමට ලක් වූ කාන්තාවන්ට සහ ඔවුන්ගේ දරුවන්ට දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවධානම වැඩි ය. OGTT (Oral Glucose Tolerance Test) පරීක්ෂණය මගින් ගර්භණී මවකට දියවැඩියාව ඇත්දැයි පරීක්ෂා කරගත හැක. නීරෝගී දරු උපතක් අපේක්ෂා කරන සෑම තරුණියක්ම තමන් දියවැඩියාවෙන් හෝ පූර්ව දියවැඩියාවෙන් පෙලෙන්නේදැයි පරීක්ෂා කර දැනුවත් වීම ඉතාමත් වැදගත් වේ.
අධික පිපාසය හා තොලකට වියළීම, අධික ආහාර රුචිය හා කුසගින්න, වෙහෙසකර බව අධිකව දැනීම, මූත්‍ර පිටකිරීමේ වාර ගණන වැඩිවීම හා රාත්‍රියේ අධිකව මූත්‍ර පිටවීම, ඇස් පෙනීම අඩුවීම, සුව නොවන තුවාල, ශරීරය කෙට්ටුවීම, බර අඩුවීම දියවැඩියා රෝගය හදුනාගත හැකි ලක්ෂණ වේ.
දිගුකාලීනව රුධිරගත සීනි මට්ටම ඉහළ අගයක පැවැතීම නිසා ඇස්, වකුගඩු, ස්නායු, හෘදය, දෙපා ආදී ඉන්ද්‍රියන්ට හානි සිදුවේ. කාලයත් සමඟ ඇසේ සුද ඇතිවීමේ අවධානම ඉහළ යයි. ඇසේ අභ්‍යන්තරයේ ඇති සියුම් රුධිර වාහිනී වලට හානි වීම (Diabetic retinopathy) නිසා ඇසේ පෙනීම නැතිවීයා හැක. සමේ ආසාදන, නිතර ඇතිවන කැසීම, සම වියළීම, සුදුමැලි වීමද ඇති විය හැක.
දියවැඩියා රෝගියෙකු සෑම දිනකම එකම වේලාවක ආහාර ලබාගැනීම වැදගත් වේ. ආහාර වේල් මගහැර ඖෂධ ලබාගැනීමෙන් අවධානම් ලෙස රුධිර සීනි මට්ටම පහළ යා හැක. ව්‍යායාම මගින් රුධිර සීනි මට්ටම ඉබේම පාලනය වේ. දිනකට සිදුකළ යුතු ව්‍යායාම කාල සීමාව, ආහාර ප්‍රමාණය හා ඖෂධ මාත්‍රාව පිළිබඳ වෛද්‍ය උපදෙස් ගැනීම අත්‍යාවශ්‍ය වේ.
රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම මගින් දියවැඩියාව පාලනය කළ හැකි අතර එමගින් ඇතිවන සංකූලතා මගහැර සැහැල්ලු ප්‍රීතිමත් දිවිපෙවෙතක් ගත කළ හැක. ඒ සදහා නිවැරැදි ප්‍රතිකාර, ආහාර පාලනය, යහපත් මානසික තත්ත්වය, ක්‍රමවත් ව්‍යායාම, යෝග අභ්‍යාස, ක්‍රමවත්ව සිදුකරන වෛද්‍ය පරීක්ෂණ ආදිය වැදගත් වේ.
මීට අමතරව දිගුකාලයක් පාලනය නොකළ දියවැඩියාව නිසා පසු කාලීනව ඇස් පාද ආශ්‍රිතව හටගන්නා සංකූලතා මනාව පාලනය කළ යුතුයි.
ඔබත් දියවැඩියාව හා ඒ ආශ්‍රිත සංකූලතා වලින් පීඩාවිදී නම් ඒ සදහා අවශ්‍ය,
✅ වෛද්‍ය ප්‍රතිකාර හා උපදේශනය
✅ ව්‍යායාම උපදේශනය
✅ ආහාර පාලනය සදහා සැලසුම් සකස්
කරදීම
✅ යෝග අභ්‍යාස
සදහා අපගේ මනා දැනුමකින් යුත් පළපුරුදු වෛද්‍ය කණ්ඩායමකින් යුතු දියවැඩියා පාලන ඒකකය වෙත යොමුවන්න.
බෝපිටිය හෙල්ත්,
නිල්පනාගොඩ,
මිනුවන්ගොඩ.
විමසීම් - 071 361 93 78 📞
Send a message to learn more