05/08/2021
=================
මොහිණීගේ අඩවිය 09
=================
කතන්තරකාරයා විසින්ම ලියන මෝණීගේ අඩවිය කතා මාලාවේ ඉතිරි කොටස සෑහෙන කාළෙකට පස්සේ ඔයාලට ලබා දෙන්න හදන්නේ. මේ කතා මාලාව මම ලියන්න පටන් ගත්තේ අපේ කතන්තරකාරයා පිටුව පටන්ගත්තු මුල් කාලේ. ඉතින් ඒ කාලෙ වැඩි ප්‍රතිචාර තිබුණේ නැති නිසාත්, එම කතා මාලාව තරමක් වැඩිහිටි යාලුවන්ට සුදුසු ලෙස (එහෙම කිවුවට නරක විදියට නෙමෙයි හොදේ) තිබුණ නිසා ගොඩක් යාළුවෝ ශෙයාර් කරල කොමෙන්ට් කරල අදහස් පල නොකරපු නිසාත් ඒ කතාව ලියන එකට එච්චර උනන්දු වුනේ නෑ. නමුත් අපේ පිටුවේ සාමාජිකයන් ගණන වැඩිවෙනකොට ඒ කතාව බලපු යාළුවො කීපදෙනෙක් මගෙන් නැවත ඒ කතාව අවසාන වනතුරු ලියන ලෙස ඉල්ලුවා. කොමෙන්ට් වලින් වගේම පෞද්ගලිකව මැසේජ් කරලත් තිබුණා. ඉතින් ඒ යාලුවො වෙනුවෙන් මෝහිණීගේ අඩවිය ආයෙත් ලිව්වා. දැන් දෙන්න තියෙන්නේ ඔයාලට 10 වෙනි කොටස.
මුල් කොටස් මතක් කරගන්නත් එක්ක අද 09 කොටස කියවන්න. හෙට 10 කොටස කියවන්න සලස්වන්නම්. 01,02,03, ......, 09 දක්වා කියවන්න අවශ්‍ය මිතුරන් අපේ පේජ් එකේ යටට ගිහින් බලන්න. එහෙමත් නැතිනම් මේ පහතින් දාල තියෙන අපේ බ්ලොග් එකට එන්න, ඒකෙන් ඔයාලට එකින් එකට කරදරයකින් තොරව කියවන්න පුලුවන්.
http://nomakenaadaraya.blogspot.com/2016/06/09.html
එහෙමනම් 09 කොටස කියවන්නකෝ.........
පසුගිය කොටසින්.....
===============
කාළයාගේ ඇවෑමෙන් ගැමියන් නැවතත් තම ජීවිත හොදින් ගතකරන්නට වෙලා තියෙනව. අර මන්ත්‍රාචාර්ය්‍යතුමාත් පැවදිවෙලා තියෙනව. තමන් දන්න සියලු දැනුම පුස්කොළ පොත්වල ලියූ ස්වාමීන්වහන්සේ, අමනුශ්‍ය ලෝකයට දොරටුව විවර කරන මන්ත්‍ර පවා ලියල තියෙනව. රහතුන් වහන්සේ දේශනා කළ ආකාරයට ගැමියන් කුසල් කරමින් ජීවත් වෙලා තියෙනව.
යාලුවා මට ඔය කතාව කියල ඉවර වෙනකොට තමයි ඔරලෝසුව දිහා බැලුනේ... දැන් වෙලාව 5.30, සිතට බයක් දැනෙන්න ගත්තා.....
එතැන් සිට....
===========
"මචං මම එහෙනම් ගිහින් එන්නම්" යාළුවා කියනකොට තමයි මම පියවි සිහියට ආවේ. තනිවම ඉන්න බය ගතියක් තිබුණත් යාළුවාට නවතින්න කියන්න හිතුනේ නෑ... එහෙම උනොත් උන් විහිලු කරන්න ගන්නවනේ බය වෙලා කියලා. ඒ නිසා හිටපු තැනින් නැගිටල හරි බන් පරිස්සමට ගිහින් වරෙන්. හෙට අනිත් එවුනුත් එක්ක වරෙන් කියලා යාලුවට කියපු මම ඔහුට පිටවී යාමට සමු දුන්නා. මිතුරා කාමරයේ දොර අසලට යද්දීම මට මතක් වුණා යමක්. "ඒ මචං, හදිසියේ මට මොකක් හරි සීන් එකක් වුනොත් අර මම එදා උඹලට මැසේජ් කරපු ප්‍රොෆෙසර් කාරයට කෝල් එකක් දීපන්. මට හිතෙනව මිනිහා වැඩ්ඩෙක් කියලා" මම යාලුවට කිව්වා. යාළුවත් එකෙන්ම බන්, අනිව කියන්නම් කියල පිටත් වෙලා ගියා.(කතාව මුල ඉදල බලපු කට්ටිය දන්නව ඇති ඒ ප්‍රෙෆෙසර් ගැන, මතක නැත්නම් මුල් කොටස් ටික කියවල බලන්න හොදේ...) ටික වේලාවකින් අම්මා බුදුන් වදින්න මල් පීරිසියක් සකස් කරගෙන ඇවිත් මට දුන්නා. වෙනදාටත් අම්මා මේ ආකාරයටම මල් පීරිසිය ගෙනත් පුතේ මල් එක තියල පහන පත්තු කරන්න කියල කියනව, ඒ අම්මට පහන පත්තු කරන්න තියෙන කම්මැලිකමට නොමෙයි, අම්මට ඔනේ මට කියල පහන පත්තු කරවන්න, වෙනදට මට වැඩ තියෙනව හරි, මොකක් හරි කටට එන දෙයක් කියල එම ක්‍රියාව මගහරින නමුත්, අද අම්ම නොකියාම මම විසින් අම්මා දුන් මල් බුදුන්ට පූජා කළා.
පාඩම් කරන්නත් හිතට හරිමදි නිසා ටීවී එකවත් බලනව කියල හිතල වාඩි වුණා ටීවී එක ළගින්.මේ කාලේ තමයි සිරස සුපර්ස්ටාස් පටන් ගත්තේ, ශිහාන් මිහිරංග එහෙම තරග කළේ. ගෙදර කට්ටියමත් ටීවී එක ළගට එකතු වෙලා වැඩසටහන බැලුවා.. එදා තමයි ශිහානය "ඇස්දෙක පියාන නිදාගන්න මට බෑ...." සිංදුව කිව්වේ. කොහොමින් කොහොම හරි වෙලාව යනව දැනුනෙත් නෑ. ගෙදර හැමෝම තම තමන්ගේ රාත්‍රී කෑම පිගානත් අතේ තියාගන තමයි අවසාන හරිය බැලුවේ. රෑ 9 විතර වෙනකොට තදින් අකුණු ගසන්නත් ගොරවන්නත් පටන්ගත්ත නිසා රෑපවාහිණිය ක්‍රියා විරහිත කර, ඇන්ටෙනා ජැක් එකත් ගලවා දැමූ තාත්තා හැමෝටම දැන් නිදාගන්න කියලා තාත්තත් ඇදට ගියා. ඒත් එක්කම විදුලියත් විසන්ධිවීමක් සිදුවුණ නිසා, ඉටිපන්දමක් දල්වාගත් මමත් කාමරයෙ තුලට ගියා.
පෙර දිනයේ සිදුවූ සිදුවීම් මාලාව එකිනෙක මැවී පෙනෙන්නට වුණේ හරියට චිත්‍රපටි ශාලාවක දර්ශන මැවිල පේනව වගේ. අදත් හරි තමයි කියල හිත බයෙන් පිරිල ගිහින්. විටින් විට පුපුරන අකුණ වල එළියට ජනේලයෙන් එපිට ආලෝකමත් වෙනව. කාමරයේ බාගෙට වසා තිබුණු ජනේලයක් එක්වරම හමා ආව සුළගකින් මහා හඩක් නගමින් විවෘත වුණා. නමුත් එය වසා දැමීමට ජනේලය වෙත කිට්ටු වීමට තරම් ධෛර්ය්‍යක් ඒ වෙලාවේ මට තිබුණේ නෑ. තවත් අකුණු පහරක් පුපුරන ශබ්ධයක් සමගම ඇතිවූ ආලෝකයට වත්තේ එක් කෙළවරක ඇගේ රෑපය දිස් වුණා. ක්ෂණයෙන් අකුණු ආලෝකය නැති වෙත්ම ඇය නොපෙනී ගියා. දැන් නම් හොදටම බය වෙලා ඉන්නේ. ඊළග පිපිරීමත් සමගම ඇය තවත් ආසන්නයට පැමිණි ඇති බව දැකගන්නට ලැබුණේ. ක්‍රමයෙන් පෙනෙන දුරට පැමිණි ඇය ආදරණීය බැල්මක් හෙලමින් ඇය වෙතට එන්නැයි ආයාචනාත්මක දෙනෙතින් මදෙස බලා සිටියා.(වෙන වෙලාවක නම් යනව ඉතින්, දැන් සීන් එක දන්න නිසා මම ගියේ නෑ, අපරාදෙ කියලත් හිතෙනව වෙලාවකට :P )
සීයා විසින් මා ආරක්ෂා කර ඇති බව දන්නා නිසා බිය නොමැතිව කාමරය තුළ සිටියහැකි විශ්වාසය මගේ සිතේ තිබුණා. එම නිසා කාමරයේ සිට නොබියව පිටත සිදුවන දේ බලා සිටියා. පෙර දිනයේ සිදුවූ පරිදිම බලා සිටිද්දීම පරිසරය අලංකාර උද්‍යානයක් බවට පත් වුණා. අළංකාර ඇදුමින් සැරසී සිටි ඇය ඇගේ පිරිවර සමග උද්‍යනයේ සෙල්ලම් කරමින් සිටියා. මද වේලාවක් ඒ ආකාරයෙන් ගතවුණු අතර එම ස්ථානයෙන් නැගී සිටි ඇය මා සිටි දෙසට ඒමට සූදානම් වුණා. ඇගේ සහයිකාවන්ට නතරවන ලෙස අතින් සඥා කළ ඇය මා සිටිනා දෙසට ඇදී එන්නට වුණා. හැද සිටි දුහුල් ඇදුමෙන් ඇගේ සිරුරේ හැඩය මනා ලෙස මතුවී පෙනුණා. ඇයට වයස වසර සිය ගණනක් යැයි සිතාගන්නවත් බෑ. පුදුමාකාර ලස්සනක්. ඉදිරියට පැමිණි ඇය දෑත් දිගුකර ඇගේ තුරැලට එන්නැයි කතා කළා. මම හිස වනමින් ඒමට නොහැකි බව ප්‍රකාශ කළා. ඇය තවත් මා අසලට පැමිණ ජනේලය අසලටම පැමිණියා. ඇය ජනේල් කූරැ වලින් අල්ලාගන දුක්මුසු බැල්මක් හෙලමින් එන්න යන්න මාත් එක්ක කියා ඇය සමග යාමට එන ලෙස පැවසුවා. මම හිස සලමින් යාමට නොහැකි බව ඇයට පැවසුවා. මද වේලාවක් මා දෙස බලා හිදි ඇය ආදසු හැරී ඇගේ සහයිකාවන් සිටි දෙසට යාමට පටන්ගත්තා.
ඒ යන අතරතුර ඇය ඇගේ දුහල් සළුව සෙමින් බිම පතිත වීමට සැලැස්වූ අතර ඇගේ සහයක කාන්තාවන්ද ඒසේ කරන්නට පටන්ගත්තා. කාමිණී නිරුවත් දේහයෙන් ඇවිද යන ආකාරය දුටුවිට සිතේ කාමුක හැගීම් උත්සන්න වී ජනේලය කඩාගන පිටතට යාමට සිතුනත් සීයාගේ ඔවදන මතකයට නැගුණු නිසා එම හැගීම් යටපත්කර ගැනීමට හැකිවුණා. ඇය ඇවිද යන අතරතුර පෙර දිනයේ පරිදිම ගස්වල එති ඇති වැල් ආදියට පණ ලැබී කාමරය දෙසට ඒමට පටන්ගත්තා. නමුත් කාමරයට ඇතුලුවන සියලුම දේ ඇතුලුවීමත් සමගම දැවී අළුවී ගියා. කිසි දේකට මා සිටි තැනට ළං වීමට හෝ නොහැකි වුණා. සීයා විසින් මා හොදින් ආරක්ෂාකර ඇති බව මට තව තවත් තහවුරැ වුණා. දැන් සිතේ කිසිම බයක් නෑ. චිත්‍රපටියක් බලනවා යන හැගීමෙන් කාමරයෙන් පිටත සිදුවනදේ දෙසට නෙත් යොමුකර බලන් සිටියා.
කාමිණී යන අතරතුර ඇගේ සහයිකාවන්ද නිරුවත් වූ අතර ඔවුන් එකිනෙකා වෙලෙමින් එකිනෙක් ස්පර්ෂ කරමින් රංගනයක නිරතවුණා. කාමිණීද එම ස්ථානයට ළංවූ අතර එම ගැහුණුන් ඇය අසලට පැමිණියා. බලු පැටවුන් රැලක් මවගෙන් කිරිබෙන්නාක් වගේ සියලු දෙනා කාමිණීගේ දෙපසින් එකතු වී ඇගේ පියයුරැ යුගලයන් උරාබොන්නට වුණා. ඉන් යම් තෘප්තියකට පත්වුණ ඇය ඇගේ දෑත් වලින් ඇගේ හිසකෙස් අවුල් කරගනිමින් දගලන්නට වුණා. තවත් පිරිසක් ඇගේ ළග දන ගසාගන ඇගේ පාද සිඹිමින් ක්‍රමයෙන් යම් ක්‍රියාවකට සූදානම් වුණා. ඒ අතරතුර ඇය මා දෙස බලමින් ඈ අසලට එන්න යැයි වරින් වර කීවා. මද වේලාවක් එසේ එකතුවී සිටි පිරිස තැන් තැන් වලට ගොස් දෙදෙනා, තුන් දෙනා බැගින් කණ්ඩායම් සැදී ලිංගික ක්‍රියාවන් වල යෙදෙන්නට වුණා. ඒ ආකාරයෙන් සිටිම මගින් ඇය උත්සාහ කලේ මාව ඇයවෙත ගෙන්වාගන්නයි. (කතන්තරකාරයාම හින්දා හොදයි, වෙන එකෙක් එහෙමනම් මෙලහට ගිහින් වටේටම නෙලල, මම ඉතින් ඒ වෙලාවේ බුද්ධියට ඉඩදුන්නා, he heee)
ඔවුන් එකිනෙකා ක්මරමයෙන් තම තමන්ගේ ආශාවන්ගේ උපරිමයන්ට පැමිණි ස්වභාවයක් පෙනුනු අතර, එකිනෙකා ක්‍රමයෙන් නිසල වන්නට විය. වෑයම සාර්ථක නොවනබව වැටහුන කාමිණී ඇතුළු පිරිස දුමාරයක් බවට පත්වී එතනින් අතුරැදහන් වූ අතර, පරිසරය යලි පෙර පරිදි දිස්වන්නට වුණා.සියල්ල අවසානයැයි සිතූ මම ඔරලෝසුව දිහා බැලුවේ එළිය වැටී ඇත්දැයි දැනගැනීමට. නමුත් ඒ වෙනකොට වෙලාව රාත්‍රී 12 වුණා විතරයි.මුලු පරිසරයම නිශ්ෂබ්දයි. කාමිණී ඇතුලු පිරිවර අනුත්‍රස්දාන වූ නිසා සිතට සහනයක් දැනුනද, එක්වරම පරිසරයේ ඇතිවූ නිහැඩියාව සිතට බියක් ගෙනදුන්නා, යම් කිසි ලොකු සිදුවීමක් පටන්ගන්නදෝ යන්නේ හැගීමක් සිතතුල ජනිත වුණා. එක්වරම බලලුන් දෙදෙනකු කෑමොර දෙමින් එකිනෙකා සපා ගනිමින් ඒ මේ අත දිවගියා. ඒත් සමගම යම්කිසි දෙයක් වහලය මතට කඩාවැටුණා වගේ ශබ්ධයක් ඇසුනා. එය කුමක්දැයි බැලීමට ජනේලය අසලට ගිහින් විපරම් කර බැලුව, දක්නට ලැබුනේ වෙල අයිනට වන්නට ඇති අප නිවසේ උණ පදුරෙන් එක් උණ ගසක් ඇලවී මම සිටින කාමරයේ වහලය මතට පාත්වී ඇති බවයි.
මට දෙවියන් බුදුන් සිහිවුණේ ඒ වෙලාවේ. සීයා මන්ත්‍ර බලයෙන් ආරක්ශාවන් සිදුකළේ කාමරයේ පොළවටත් බිත්ති වලටත් පමණතක් බව කල්පණාවට ආවේ මේ වෙලාවේ. සීයාට වහලය අමතක වෙලා. උණ ගස එක්වරම සෙලවෙන්නට පටන්ගත්තේ හරියට ඒක දිගේ කවුරැන් හෝ ඇවිද එනවාක් මෙන්. මද වෙලාවකින් උණ ගසේ සෙලවීම නතරවුණු අතර වහලය මතට යමක් පතිතවන ශබ්ධයක් ඇසුණා. එක්වරම සිවිලිම විනිවිද පෙනෙන ස්වභාවයකට පත්වූ අතර ඒ හරහා තාරුකා වලින් පිරීගිය රාත්‍රී අකාශය දැකගතහැකි වුණා. ඒත් සමගම එක්වරම වැහැරීගිය පෙනුම ඇති කාන්තාවක් එක්වරම එබී බැලුවා. ඇගේ ශරීරයේ සම ඇටකටුවලට ඇලී තිබුණා. සතකු මෙන් කකුල් දෙකත්, අත් දෙකත් උපයෝගීකරගන ගමන් කරන්නට වූ එය වහලයෙන් පහළට එල්ලී මා දෙසට අත දිගු කළා.
මතුසම්බන්ධයි............
https://www.facebook.com/kathantharakaraya/ මෙතනින් ඇවිත් අපේ පිටුවට ලයික් එකක් දාල එකතු වෙන්න යාලුවනේ.