AYU Medical Laboratory

AYU Medical Laboratory Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AYU Medical Laboratory, Medical and health, Minuwangoda.

ලැබ් එකේ නමින් ම ෆිල්ම් එකක් ගහල තියනව දැක්කම.😍🙈🙈🙈🙈🙈
03/11/2025

ලැබ් එකේ නමින් ම ෆිල්ම් එකක් ගහල තියනව දැක්කම.😍

🙈🙈🙈🙈🙈

07/09/2025
☝️🛑අද මම කියන්න යන්නේ ෆුල් බොඩි check-up එකක් කරනකොට කරගන්න ඕන ටෙස්ට්. රීරි මාංශ හුරන් කන්න, රුපියල් පනස් දහයේ හැටදහේ පැ...
22/08/2025

☝️🛑අද මම කියන්න යන්නේ ෆුල් බොඩි check-up එකක් කරනකොට කරගන්න ඕන ටෙස්ට්.

රීරි මාංශ හුරන් කන්න, රුපියල් පනස් දහයේ හැටදහේ පැකේජස් විවිධ පෞද්ගලික රෝහල්වලින් හඳුන්වා දීලා තියෙනවා.
මම කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් කරගන්න අවශ්‍යම ඒවා ටික විතරයි.

✅ Complete Blood Count (FBC) : රුපියල් 400
✅ Blood Glucose (FBS) : රුපියල් 220
✅ Lipid Profile (total cholesterol, LDL, HDL, and triglycerides) : 1200
✅ Kidney Function Tests ( S. Cr ) රුපියල් 650
✅ Thyroid Function Test ( TSH only) : රුපියල් 1590
✅ Urinalysis ( UFR ) රුපියල් 380
✅ Chest X-Ray PA රුපියල් 1500
✅ Electrocardiogram (ECG) : රුපියල් 500
✅ ESR රුපියල් 360
✅ Blood pressure measurement (BP)

කවදාක්වත් මුකුත්ම කරල නැති කට්ටිය මූලික වශයෙන් ඔය ටික කරගත්තහම ඇති. රුපියල් 6800 යි .
දැන් මේක කරන්න යනකොට ලෑස්තිවෙලා යන්න ඕනේ කොහොමද?

✅ ඊට ඉස්සෙල්ලා දවසේ හොඳට නිදියගන්න ඕනේ පැය හයකට වඩා
✅ පැය දහයක් නොකා ඉන්න ඕනේ, රෑට ඉක්මනට කාලා, උදේට තේ එකක් වත් නොබී යන්න ඕනා, වතුර බිව්වට කමක් නෑ.
❌ අරක්කු බොන්න බෑ, අඩුම තරමේ පැය 24 ක් වත් නොබී ඉන්න ඕනෙ.
✅ ප්‍රශර් එකට බේත් ගන්නවනං ඒවා ගන්න ඕනි.
❌ ඔබ කාන්තාවක් නම්, පීරියඩ් හැදෙන කාලෙට test කරන්න යන්න එපා.
මේ පරීක්ෂණවල ප්‍රශ්නයක් තිබුනොත් විතරක් ඊළඟ පරීක්ෂණ කරන්න පුළුවන්, අඩුම තරමේ මේ ටිකවත් කරගන්නවනම් හොඳයි.
මොකද මේ දවස් වල තරුණ ළමයින්ටත් හාට් ඇටෑක් හැදෙනවා, ඒ වගේම දියවැඩියාව බොහෝ අයට තියෙනවා, ප්‍රශර් එක බොහෝ දෙනෙකුට තියෙනවා.
මේ පරීක්ෂණ කරල අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත්තොත් බොහොමයක් සංකූලතා අවම කරගන්න පුළුවන්.

❤️🎂🎉 උපන්දිනයට, අලුත් අවුරුද්දට, නත්තලට , ඇඳුම් ගන්න gift voucher එකක් තෑගි දෙනවා වගේම, ටෙස්ට් කර ගන්න කියලා යාළුවෙකුට එකක් තෑගි දෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ගෙ රෝගයක් හොයාගන්න ඔයාට දායක වෙන්න ලැබුනොත් , යාළුවා සහ පවුලේ අය සදාකල්ම ඔයාට ස්තූති කරයි නේද?
අනිත් අයවත් දැනුවත් වෙන්න ශෙයා කරන්න,

ස්තූතිය Dr. Priya,
උපුටා පළ කිරීම සහේලි රත්නායක.

09/08/2025

මිනුවන්ගොඩ අවටින් පුහුණු රසායනාගාර සහායක/ සහායිකාවන් අවශ්‍යයි

විමසීම් 077 533 9986

01/06/2025
ඒ සිනී නෙවේ යකූ😾
30/04/2025

ඒ සිනී නෙවේ යකූ😾

ප්‍රෙෂර් බෙහෙත් හරියට නොබොන අය මෙය අනිවාර්යයෙන්ම කියවන්නබ්ලඞ් ප්‍රෙෂර් කිව්වම කෙනෙක් ඒක එතරම් ගණන් ගන්නෙ නෑ. බෙහෙතක් ගන්...
07/12/2024

ප්‍රෙෂර් බෙහෙත් හරියට නොබොන අය මෙය අනිවාර්යයෙන්ම කියවන්න

බ්ලඞ් ප්‍රෙෂර් කිව්වම කෙනෙක් ඒක එතරම් ගණන් ගන්නෙ නෑ. බෙහෙතක් ගන්නෙම නෑ. එහෙම නැත්නම් කාලයක් යන කොට බොන බෙහෙත් ටික අත්හරිනවා. ඒකෙ ඵලවිපාක ගැන ඔබ බොහෝ කතා අහල ඇති. ඒත් හෘද උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ගාමිනී රණසිංහ කියන මේ කතාව ඔබ අහල නැති වෙන්න පුළුවන්.

එඕටික් ඩිෂෙක්සන් එහෙම නැත්නම්, ඩිෂෙක්ටින් ඇනියුරිසම් කියන්නෙ මේ පාලනය නොකළ පෙෂර් රෝගීන්ට ඇතිවෙන හදිසි තත්ත්වයක්. මේ ඒ ගැන අප හෘද උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ගාමිනී රණසිංහ මහත්මා කියන කතාව.

“එඕටික් ඩිෂෙක්සන් නමැති හදිසි තත්ත්වය ඇති වෙන්න මූලික වන්නේ මහා ධමනියේ අභ්‍යන්තර ආස්තරණයේ ඇති දුර්වලතාවයක් හා පාලනය නොකල අධික රුධිර පීඩනය. මහා ධමනිය සහමුලින්ම තීරු වලට ඉරිල අධික අභ්‍යන්තර රුධිරවහනයකින් රෝගියා ජීවිතක්ෂයට පත් වෙනවා. එහෙම නැත්නම් මොළයට හා අනෙකුත් ශරීරයේ අභ්‍යන්තර අවයව වලට හා අත්පා වලට රුධිර සැපයුම අඩාල වීමෙනුත් රෝගියා මිය යන්න පුළුවන්.”

“මීට කලකට පෙර මේ රෝගී තත්ත්වය ඉතා කලාතුරකින් සිදුවුවත්, අද දවසේ මෙම රෝගීන් වැඩි වීමේ පැහැදිලි ප්‍රවණතාවක් තිබෙනවා. ඖෂධ මිල අධික නිසා රුධිර පීඩනය සඳහා භාවිතා කරන්න රෝගීන් මැලිකමක් දක්වනවාද? එහෙම නැත්නම් අධික ආතතිය නිසා රුධිර පීඩනය අධික වීමෙන් එසේ සිදුවනවාද යන්න ගැටලු‍වක්.”

“කෙසේ නමුත් ඉක්මණින් රෝගය හඳුනාගෙන වහ වහා ප්‍රතිකාර කළොත් රෝගීන් යම් ප්‍රතිශතයක් මරණයෙන් ගලවා ගත හැකි වනවා. ඒ සදහා අවශ්‍ය ශල්‍ය උපකරණ වල මිල ඉතා අධිකයි. ඒ නිසා මේ සඳහා රජයට මිලියන කීපයක අධික වියදමක් දැරීමට සිදුවේ.”

“එම නිසා තම තමන්ගෙ රුධිර පීඩනය නියමාකාරයෙන් කෙසේ හෝ පාලනය කරගත යුතු අතර, ආතතිය හා ක්ෂණිකව කෝප වීම පාලනය කර ගැනීම ඉතා වැදගත්ය.”

මේ නිසා පසුසටහන විදිහට සිහිපත් කරන්නම් ප්‍රෙෂර් එක තියෙද්දි ඒකට බෙහෙත් නොබී ඉන්නව කියන්නෙ ජීවිතය පරදුවට තැබීමක්. ජීවිතයත් එක්ක සූදු කෙළියක යෙදීමක්. ඔය හදිසි කෝපය, ඉවසීමක් නැතිකමත් මේ විදිහේ ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙන ඇබැද්දි වලට හේතු වෙන්න පුළුවන්.

ප්‍රෙෂර් එක තියෙනවා නම් ඊට නියමිත බෙහෙත් නොවරදවා බොන්න. සංයමයෙන්, ශික්ෂණයෙන් යුතු ජීවිතයක් ගත කරන්න. හෘද උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ගාමිනී රණසිංහ මහත්මා අත්දැකීමෙන් දෙන අවවාදය එයයි.
ලිව්වේ ✍️ Bharata Gunathilaka

ඔබත් රුධිර සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන කෙනෙක් හෝ රුධිර සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ස...
21/11/2024

ඔබත් රුධිර සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන කෙනෙක් හෝ රුධිර සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සිතමින් සිටින කෙනෙක් ද?

එසේනම් ඔබත් අදම වඩාත් කාර්යක්‍ෂම සහ විශ්වාසදායී සේවාවක් ලබාදීම වෙනුවෙන් අපගේ මිනුවන්ගොඩ පිහිටි රසායනාගාර සේවා ජාලයේ බලයලත් නියෝජිතයෙකු ලෙස අදම ලියාපදිංචි වෙන්න​.

ඔබ අප හා එක් විය යුත්තේ ඇයි?

✅නවීන තාක්ෂණයෙන් යුත් යුරෝපීය පරීක්ෂණ යන්ත්‍ර
✅ විශ්වාසනීය සුහදශීලී සේවාව
✅ පළපුරුදු සුදුසුකම් සහිත කාර්‍ය මණ්ඩලය
✅ ඔබගේ පහසුව පරිදි තාක්‍ෂණික රසායන වාර්ථා බෙදාහැරීමේ ක්‍රම
✅ ඉහළ පාරිභෝගික විශ්වාසය
✅ දිගු පරාසයක විහිදුණු පරීක්‍ෂණ රැසක් සිදු කිරීම

විශ්වාසයනීය සහ කඩිනම් සේවාවක් ලබාදෙන ආයතනයක් ලෙස ඔබගේ පාරිභෝගිකයන්ගේ පැසසුම් ලබන ආයතනයක් වෙන්න​ අදම අප හා එක්වන්න​.

වැඩි විස්තර දැන ගැනීම සඳහා අදම අප අමතන්න​.

☎️ 077 533 9986
☎️ 076 790 4202

Address

Minuwangoda

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when AYU Medical Laboratory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram