Bhadrajee Ayurveda Wellness and Treatment Home

Bhadrajee Ayurveda Wellness and Treatment Home Improve your lifestyle with Nature

13/08/2025

භද්‍රජී ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ නව ශාඛාව සඳහා තෙරපිවරියක් අවශ්‍යව ඇත.
ගම්පහ,යක්කල,නිට්ටඹුව,කඩවත අවටින් විශේෂයි.
0718070777

Thank you for sharing your positive experience with us. We're thrilled you enjoyed ayurveda wellness treatment and look ...
06/07/2025

Thank you for sharing your positive experience with us. We're thrilled you enjoyed ayurveda wellness treatment and look forward to serving you again soon

Karana Purana is the process in which warm oil or medicated liquid are poured into the ears. Bathing the ears in warm oi...
04/07/2025

Karana Purana is the process in which warm oil or medicated liquid are poured into the ears. Bathing the ears in warm oil is calming and protective to the nervous system.
Karnapoorana strengthens structures of ear specially external ear, tympanic membrane and middle ear.
The mind disturbs due to many stress and psychological trauma. Karnapoorana benefits in psychological disorders like sleeplessness, depression and stress induced migraine by calming down brain and mind .
If taken regularly prevents ear infections.
It is very useful in balance disorders characterized by dizziness, vertigo and nausea.

04/07/2025

Dhumapana, in Ayurveda, refers to the therapeutic practice of inhaling medicated smoke to address ailments, particularly those related to the head and neck (Urdhva Jatru). It is used for both preventative and curative purposes, especially for imbalances of Vata and Kapha doshas.
ආයුර්වේදයේ ධූමපාන යනු හිස සහ බෙල්ල ආශ්‍රිත රෝග (උර්ධව ජත්‍රු ගත රෝග ) සඳහා ඖෂධීය දුම ආශ්වාස කිරීමේ චිකිත්සක පිළිවෙතයි. එය රෝග සැදීමෙන් වලක්වා නිරෝගි බව ආරක්ෂා කිරීමට මෙන්ම සහ රෝග සුව කිරීමේ අරමුණු සඳහා, විශේෂයෙන් වාත සහ කඵ දෝෂවල අසමතුලිතතාවයන් ශමනය සඳහා භාවිතා කරයි.

Ayurveda's specialty lies in its holistic approach to health and well-being, focusing on the interconnectedness of body,...
04/07/2025

Ayurveda's specialty lies in its holistic approach to health and well-being, focusing on the interconnectedness of body, mind, and spirit, and its emphasis on preventative care and personalized treatments.

Ayurveda recognizes the strong link between mind and body, incorporating practices like yoga, meditation, and mindfulness to promote mental and emotional well-being.

ඉන්නන් ඉවත් කිරීම
30/05/2025

ඉන්නන් ඉවත් කිරීම

කරදරකාරී ඉන්නන් තවමත් ඔබට කරදරයිද?ඔබේ කරදරයට අපෙන් මට්ටුවක්...Call/whatsapp  - 0718070777
28/05/2025

කරදරකාරී ඉන්නන් තවමත් ඔබට කරදරයිද?
ඔබේ කරදරයට අපෙන් මට්ටුවක්...
Call/whatsapp - 0718070777

27/05/2025

තාත්තගෙ සෙක්ස් චැට්

(කතාවෙ සම්පූර්ණ අයිතිය කතෘ වන සුජාතා මැණිකේ ඉහළගෙදර මහත්මියට ලැබෙන්න ඕනි, මේක අති විශිෂ්ඨ කෙටි කතාවක්)

අපේ තාත්තා කෙල්ලෙක් එක්ක කරපු සෙක්ස් චැට් එකක ස්ක්‍රීන් ෂොට් වගයක් සෝෂල් මීඩියා කළඹන්න පටන් ගත්තෙ මගෙ වෙඩින් එකට දවස් විස්සක් තියලා.

මට ඒවා එව්වෙ විහඟ.විහඟ කියන්නෙ මගෙ ආදරවන්තයා. එතකොට මගෙ වෙඩින් එක ලෑස්ති වෙමින් තිබුණෙ සච්න්ත එක්ක. සචින්ත කියන්නෙ යෝජනාවක්. විහඟ කියන්නෙ මගෙ ආදරේ .

අපේ තාත්තා විහඟට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. විහඟ හිටියෙ රට හින්දා මට තාත්තට විරුද්ධ වෙලා විහඟ ළඟට යන්න පුළුවන්කමක් තිබුනෙත් නෑ. පුළුවන්කමක් තිබුණත් ඒ වගේ දෙයක් කරන්න දෙපාරක් හිතන තරමට මම මගේ තාත්තට ආදරේ කළා. අනිත් එක මගේ තාත්තා ගෞරවනීය මිනිහෙක්. එයා පෙන්ෂන් ඇවිල්ලා අවුරුද්දයි.දැන් එයා නිදහසේ ජීවත් වෙනවා.

ජොබ් එක කරපු කාලේ එයා වැඩ කරපු තැනක උනත් ගමේ උනත් නෑදෑයෝ ඉස්සරහ උනත් එයා ගෞරවනීය චරිතයක්. ඇත්තටම මිනිස්සු ඔයාට ගරු කළා. අම්මා නැති වෙලා දැන් අවුරුදු දහයක්. ඒ කියන්නේ අම්මා නැති වෙනකොට තාත්තට වයස පනස් එකක් පනස් දෙකක් වගේ ඇති. අම්ම මැරෙනකොට අක්කායි අයියයි බැඳලා හිටියෙත් නෑ. ඒ දෙන්නව බන්දලා දුන්නෙත් තාත්තා. ඊට පස්සේ මම ඉගෙනගෙන ඉවර වෙනකන් ඉඳලා දැන් මාව බන්දලා දෙන්නයි හදන්නේ. ඔය දේවල් නිසාත් ගමේ අය උනත් තාත්තව අගය කළා.එයාට ගරු කළා.එහෙව් ගෞරවනීය මිනිහෙක් වුණු තාත්තව දාලා මම පැනලා ගියොත් මිනිස්සු උනත් මට සාප කරාවි.

අපේ තාත්තට අනුව විහඟ කියලා කියන්නේ කලහකාරී මනුස්සයෙක්.එයාට පොඩ්ඩක් කේන්ති යනවා.පොඩ්ඩක් කේන්ති ගියාට විහඟ කියන්නේ නරක කෙනෙක් නෙමෙයි කියලා තාත්තට ඔප්පු කරන්න මම කොච්චර උත්සාහ කළත්, තාත්තා ඒක පිළිගත්තේ නෑ.

"කලබලකාරයොත් එක්ක පවුල් ජීවිතයක් ගෙවන්න අමාරුයි.ගෑණු කලබලකාරියෝ උනත් ඒක ලොකුවට බලපාන්නේ නෑ ඒත් පිරිමි කලබලකාරයෝ වුණහම ඒක ලොකුවට බලපානවා" තාත්තා කිව්වේ එහෙමයි.

හොඳ ඉවසීමක් තිබ්බ අපේ තාත්තා යසට කරගෙන තිබුණේ ඔය.
වැඩක් නෑ කියලා.

අපේ තාත්තා සෝෂල් මීඩියා වලට එනකොට මුලදිම මම ඒකට වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ.ඒත් තාත්තා සෝෂල් මීඩියා වලට ආවට පස්සේ, ඇත්තටම කිව්වොත් එයා මට වඩා හුඟාක් ඇඩ්වාන්ස් විදිහට ඒවා පාවිච්චි කරන්න පටන් ගත්තා . තාත්තට කලාව සාහිත්‍ය ගැන තිබුණු දැනුම මම දැක්කේ එයා සෝෂල් මීඩියා වල ලිව්ව දේවල් වලින්. ඉතින් වැඩි කල් නොගොහින් එයා ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා. සෝෂල් මීඩියා හින්දම හම්බවුණු හුඟාක් යාළු මිත්‍රයෝ එයාට හිටියා.
ඉතින් තාත්තා අනිත් හැම තැනම වගේ සෝෂල් මීඩියා ඇතුලෙත් ගෞරවනීය වැඩිහිටියෙක් බවට පත්වෙලා හිටියා. ඒ ගැන මම ආඩම්බර වුණේ නෑ කියන්න බෑ එයා මගේ තාත්තා කියලා මම කට පුරා කිව්වෙ ආඩම්බරයෙන් තමයි.

අවසානයට විහඟටයි මටයි සිද්ධ වුණා වෙඩින් එකට ඔහේ ලෑස්ති වෙන්න අරින්න. හැබැයි තව හරියටම දවස් හයකින් එයා ඇවිත් මාව එක් කරගෙන යනවා. තාත්තලා නැන්දලා ඔක්කොම වෙඩින් එකට ලෑස්ති වෙන අතරේ මම විහගත් එක්ක රට යන්න ලෑස්ති වෙමින් හිටියා. වෙඩින් එකේ වැඩ වලට කියලා එළියට බැහැලා රට යන එකේ හැම වැඩක්ම කරගන්නත් මට පුළුවන් වුණා.

සචින්ත කියන්නේ හොඳ කෙනෙක්, නරක කෙනෙක් නෙමෙයි. ඒක හින්දා මට ඕන උනා සචින්තව රවට්ටන්නේ නැතුව එයාට ඇත්ත කියන්න. ඔය කියන තාත්තගේ සෙක්ස් චැට් ලීක උන දවසෙ දවල් මම සචින්තව හම්බුණා. තවදුරටත් මේ වෙඩින් එකේ සූදානම් වලට වියදම් කරන්න එපා කියලා එයාට ,එදා කියන්න මම හිතාගෙන හිටියේ නැතත් ..ඒත්..එක සිදුවීමක් හින්දා මට එයාට ඒක කියන්න සිද්ධ වුණා.

"මෙලී...ඔයාට මැරේජ් එකක් ඇතුළෙ ඇත්තටම ඕන කරන දේවල් මගෙන් ලැබෙයි කියලා ඔයා විශ්වාස කරනවද?" එයා මගෙන් ඇහුවා.
"ඇයි එහෙම අහන්නේ?"
"එහෙම අහන්න ඕන. හරිනම් ඔයත් මගෙන් එහෙම අහන්න ඕන. යම්කිසි විදිහකින් අපි මැරේජ් එකක් ඇතුලේ බලාපොරොත්තු වෙන දේවල් ගැලපෙන්නෙ නැත්නම්..මේ තමයි අවසාන දවස් ටික අපිට ඒ ගැන තීරණයක් ගන්න තියෙන ඇත්තටම මට මං සම්බන්ධයෙන් ගත්තම ඔයා මට පර්ෆෙක්ට් කෙල්ල කියලා හිතෙනවා..ඒ වගේම ඔයාටත් මාව එහෙම දැනෙනවා නම් විතරයි අපි බඳින්න ඕනේ.ඔයාට මං කියන දේ තේරෙනවද?"

එයා අන්න එහෙම ඇහුවම තමයි මට එයාට බොරුවක් කරන්න බෑ කියලා හිතුනේ. මම විහඟ ගැන කිව්වහම සචින්ත මුකුත්ම කිව්වේ නෑ. එයා ඇස් දෙක පියාගෙන හිනා වෙලා හුස්මක් පහළට දාලා ඔලුව වැනුවා.

"අනේ මේක අපේ තාත්තට කියලා කලබලයක් නම් ඇති කරන්න එපා" මම එහෙම කිව්වා.
"පිස්සුද ළමයො.මොකුත්ම වෙන්නේ නෑ. ඔයා ඔයාගේ වැඩේට ලෑස්ති වෙන්න" එයා එහෙම කිව්වා.
"සචින්ත මාත් එක්ක තරහ නෑ නේද?"
"ම්හු...අපි හැමෝම අපිට වැඩියෙන්ම සැනසීම තියෙන්නේ කා ළඟද කියලා හොයාගන්න ඕන මෙලී....තමන්ට ඒ අයිතිය තියෙනවා වගේම අනිත් හැමෝටමත් තියෙන්න ඕන"

සචින්තගේ අම්මා හදිසියේ කෝල් කරපු හින්දා අපිට එතනින් එහාට කතා කරන්න වෙලාවක් තිබුණේ නෑ. මෙතනින් එහාට මොකක් වෙයිද, සචින්ත මොනවා කරයිද කියලා හිතන්නවත් මට වෙලාවක් ඉතුරු නොවී මං ආපහු ගෙදර එනකොට අර ස්ක්‍රීන් ෂොට් ටික මට ඇවිත් තිබ්බා. ඒවා මට එවලා තිබුණෙ කාලයක් ඉන්නවද මළාද කියලවත් හොයාගන්න නැතුව හිටපු ඉස්කෝලේ කාලෙ යාලුවෙක්.

"මේකට මොකක් හරි කරපං.නම්බුව නැති වෙන්නෙ උඹේ" එයා එහෙම එවල තිබුණා.

ඇත්ත. නම්බුවේ ආයෙ ඉතුරු වෙන්න දෙයක් තිබුණෙ නෑ.මම දකිනකොටත් හුඟක් පේජ් වලින් ඒ ස්ක්‍රීන් ෂොට් වලින් හදපු පෝස්ට් ,ඉමේජ් ශෙයා වෙලා ඉවරයි .අපේ තාත්තාගේ නමයි ෆොටෝ එකයි එක්කම.

"ගරු කටයුතු නීල් කාන්ත සීනි තාත්තා "

තාත්තගේ නම සර්ච් බාර් එකේ ගැහුවාම එයා පොපියුලර් නව් ...

එතකොට ඒවගෙ මොනවද තිබුණෙ? වැඩක් නෑ කියලා.දුවෙක් හැටියට මට ඒ ගැන කතා කරන්න ලැජ්ජා හිතෙන තැනට වැඩ සිද්ධ වෙලා තිබුණා.

එයා හුඟක් තරුණ ගෑනු කෙනෙක්.

තාත්තා ඒ ගෑනු කෙනත් එක්ක අම්මා ඉන්න කාලේ එයා ගත කරපු සෙක්ස් ලයිෆ් එක ගැන කියලා තිබුණා. ඒකෙදි සිද්ධ වුණු අඩුපාඩු කියලා තිබුණා. වර්තමානයේ සෙක්ස් වීඩියෝ එකක් බලනකොට එයාට ඇති වෙන හැඟීම් කියලා තිබුණා. හොඳ ලිංගික ජීවිතයක් තිබුණු මිනිහෙකුට ස්වයං වින්දනය කියලා කියන්නෙතලිංගික අවශ්‍යතා සපුරා ගන්න මොන විදිහකින්වත් හොඳ ක්‍රමයක් නෙවෙයි කියලා එයා කියලා තිබුණා.
නොකර බැරිකමට ඒකට යොමු වුණත් ඇත්තටම සෙක්ස් කරනකොට යන කාලයට වඩා දෙතුන් ගුණයක් වෙලාව යන බවත් එයා කියලා තිබුණා.

"ඇත්තටම මට ගෑනියෙක් ඉන්න තිබුණේ පෙන්ෂන් ගියාට පස්සේ මේ දැන් කියලා මට සමහර වෙලාවට හිතෙනවා"

"සෙක්ස් කියන දේ ගැන ඉස්සර නොතේරුනාට වඩා ගොඩාක් දේවල් දැන් තේරෙනවා.හැබැයි අවාසනාවකට දැන් මගේ ළඟ ගෑනියෙක් නෑ.අලුතින් ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්න දැන් අපිට වයසකුත් නෑ"

"ඔය මගේ වෝල් එකේ තියෙන්නේ මගේ ඇත්තම ෆොටෝ.ඒ තමයි මගේ උස මහත මගේ විදිය. ඇත්තටම කිව්වොත් මට ආයේ විවාහයක් කර ගන්න බෑ නේ.ඒත් මම උනත් සම්බන්ධයක් ඇතිකර ගන්න අවස්ථාවක් ඇති වුනොත් ඒක ඇතිකර ගන්නවා.කාටවත් කරදරයක් නෑනේ"

"ඔයා කැමති නම් මට කියන්න..අපි හම්බවෙලා කතා කරමු. ඔයා මගෙ වයසෙ අයට කැමති කියලා පෝස්ට් දාන නිසා මම ඔයාට මේක කිව්වෙ"

ඒ විතරක් නම් බැරියැ එක එක ලිංගික ඉරියව්වල තියෙන ෆොටෝ වගයක් තාත්තා යවලා තිබුණා.

"මේ මම කැමතිම දේවල්. කැමති ම දේවල් වලින් එකම එකක් වත් ඇත්තටම මගෙ වයිෆ් කැමති නැති නිසා කවදාකවත් කරලා නෑ.ඔයා කැමති දේවල් මට එවන්න .අපි අකමැති දේවල් දැනගන්න ඕන නෙ"

ඒ ස්ක්‍රීන්ෂොට් වල හැටියට තාත්තා මේ ගෑනු කෙනාව හම්බවෙන්න ගිහිල්ලා තියෙනවා.

"ඔයා මගෙ හීන වල තිබුණ දේවල් කොටසක් සම්පූර්ණ කරා ළමයෝ. තෑන්ක්‍ යූ" තාත්තා එහෙම යවලා..ඒ කියන්නෙ..

අවසානෙට තිබුණ ස්ක්‍රීන් ෂොට් එකේ තිබුණෙ ඒ ගෑනු කෙනා සල්ලි ඉල්ලන එකක්.
"ඔයා මට කිව්ව සල්ලි දෙනවා කියලා.මම ඒකයි මේකට කැමති වුනේ" ඒ ගෑනි.
"ඔය කියන තරම් සල්ලියක් ඔයාට වියදම් කරන්න පුළුවන් කියලා මම කවදාවත් කියලා නෑ"
"ඒ වුනාට මට මේ වෙලාවේ මේ මුදල ඕන"
"ඇත්තටම මට දෙන්න විදියක් නෑ.අපි කරපු දෙයක් අපි දෙන්නගෙම කැමැත්තෙන් කළා මිසක් මම ඔයාට බලෙන් කිසිම දෙයක් කරල නෑ"
තව තව දිගට තිබුණා. මම ආයේ බලන්න ගියේ නෑ.ඒ ස්ක්‍රීන්ෂොට් වලින් මගේ ඉන් බොක්ස් එක පිරිලා තිබුණා.

ඉස්සෙල්ලම කෝල් කලේ නෑනා.
"මොකක්ද චූටි නංගි මේ තාත්තගෙ නාඩගම? විලිලැජ්ජාවේ බෑ"

ඊට අස්සෙ අක්කා.
"තාත්තා අපිව මේ වගේ ලැජ්ජාවක දායි කියලා නම් ජීවිතේට හිතුන්නෑ ඕයි.බලනවා.මට අයියලගෙ එවුන්ගේ මූණ බලන්න වෙන්නෑ ආයෙ"

ඊට පස්සෙ මස්සිනා
"දැන් ඉතින් අපි කොහොමහරි ඔයාගෙ වෙඩින් එකට මේකෙන් හානියක් නොවෙන්න කරන්න පුළුවන් දෙයක් බලමු.ඔලුව උස්සන්න පුළුවන් වෙන්න විදිහට නං නෙවෙයි කෙලවගෙන තියෙන්නේ"

අයියා මොකුත්ම කිව්වෙ නෑ. නෑන කිව්වෙ අයියා ඉඳගෙන කල්පනා කර කර ඉන්නවා කියලා විතරයි.

විහඟ ගෙ කෝල් එක එනකොට රෑ එකොළහයි.
" මගේ සත්‍යගරුක නීතිගරුක යහපත් විනීට මාමණ්ඩිකාරයා ලෙසටම කෙලවගෙන තියෙන්නේ..බලන්න බබා මම හිතාගෙන හිටියේ කවදාහරි දවසක මේ මනුස්සයා අපි දෙන්නට කැමති වෙයි. එහෙම දවසකට මේ මනුස්සයාව මැරෙනකම් බලා ගන්නවා කියලා . ඇති වෙනකම් කෙළලා කෙළලා ළමයිනුත් වදලා ඔක්කොම ඉවර උනාට පස්සෙත් කුපාඩිකම ගිහිල්ලා නැති හැටි..යකෝ අපිවත් සෝෂල් මීඩියා වල කෑලි ටෝක් කරන්නෑ මූ බලහංකො නාකියා"

අවසාන කෝල් එක, ඒ කියන්නෙ එදා දවසෙ මම බලාපොරොත්තු උනේවත් නැති කෝල් එක ආවේ රෑ දොළහට. ඒ සචින්ත.
"මගෙන් මොනව හරි කෙරෙන්න ඕනද මෙලී?"
"ඒ කිව්වෙ?"
"තාත්තා ගෙදර ඉන්නවද?ඔයා එයත් එක්ක මේ ගැන මොකුත් කතා කරන්න ගියේ නෑනේ. ඔයා මේ ගැන දන්න බව වත් එයාට අඟවන්න යන්න එපා.කොහොමත් ඔයා දන්න බව එයාට මේ වෙනකොට තේරිලා ඇතිනේ"
"අඟවන්න එලියට එන්න එපැයි.කාමරෙන් එළියට ආවේ නෑ"
"දවල් ඉඳන්?"
"ඔව් .මදෑ තාත්තා ඉඳල ඉඳල කරපු විනාසේ"
" එයා ඔතන කරපු විනාශයක් නෑ මට නම් පේන විදිහට. ඔයා ඉස්සෙල්ලා ගිහින් බලන්න ඇත්තටම එයා කාමරේ නිරුපද්‍රිතව ඉන්නවද කියලා.එයා මේක කොහොම දරාගන්නවද කියලා අපි දන්නේ නෑනේ. කතා කරල තේ එකක්වත් දුන්නනම් නේද හොඳ"
"පිස්සුද . මම කොහොමද එයාට මූණ දෙන්නේ?
"මෙලී ..මට මේක කියන්න..ඔයත් දැන් හිතනවද තාත්තා වැරැද්දක් කරලා කියලා?"
සචින්තගේ ඔන්න ඔය ප්‍රශ්නේ මාව ටිකක් නිරුත්තර කරලා තිබ්බා.
"ඔයා කියන්නේ අපේ තාත්තා වැරැද්දක් කරලා නෑ කියලද ඒ ස්ක්‍රීන්ෂොට් බොරුද?"
" ඒ ස්ක්‍රීන්ෂොට් වල තියෙන ඔක්කොම ඇත්ත. හැබැයි ඕවා පටන් ගත්ත විදිහ ඕවගේ නෑ. ඒ සේරම පැත්තක දැම්මත් හැම ඇත්තකටම වඩා ලොකු ඇත්තක් තියෙනවා අපි අමතක කරන්න නරක"
" ඒ මොකද්ද?"
" මිනිස්සුන්ට පංචේන්ද්‍රියක් තියෙනවා.ඇස කන නාසය දිව ශරීරය කියලා. මිනිස්සු වෙන අපිට ඇහෙන් දකින්න කනෙන් අහලා නහයෙන් සුවඳ කරලා දිවෙන් රස බලන්න ඕන..ඒ වගේම ඔය ශරීරය කියලා හඳුන්වන හම.. තියෙන්නේ ඒකේ ස්පර්ශයත් අපිට ඕන. මෙලී ගෑනියෙකුයි මිනිහෙකුයි එකට ජීවත් වෙලා උන් දෙන්නගෙන් එකෙක් මැරිල ගියාට පස්සෙත් අනිත් එකාට කන්න ඕන .බොන්න ඕන...ඔය මූලික මිනිස් අවශ්‍යතා කියලා කියන ටික පාට්නර් මැරිල ගියා කියලා ඉවර වෙන්නෙ නෑ .එතකොට පාට්නර් මැරිල ගියාට පස්සෙත් අනිත් සියලූ මූලික අවශ්‍යතා ඒ මනුස්සයාට තියෙන බව පිළිගන්න අපි ඒ මනුස්සයට ඇස් දෙකෙන් බලන එකවත් කනින් අහන එකවත් දිවෙන් රහ බලන එකවත් තහනම් කරන්න යන්නේ නෑ.හැබැයි ස්පර්ශය..අම්මෝ ඒක තහනම්. පව් නැද්ද?..මං මේ කිව්ව එක මටවත් තේරෙන්නේ නෑ බං මට පොඩි තරහක් ආවා ඒකයි කිව්වේ.අවුලක් ගන්න එපා.
" නෑ නෑ"
"මට නං ඔය ස්ක්‍රීන්ෂොට් ටික දැක්කහම තාත්තා ගැන හරි අනුකම්පාවක් ඇති වුණා. ඒ මනුස්සයටත් අවශ්‍යතා තියෙනවා.ෆිට් එකේ ඉන්න ලෙඩක් නැති ඇඟ.ඉටිපන්දන් හඳුන්කූරු කාලා පොල් තෙල් බොනවා නෙමෙයිනේ හැඟීමක් දැනීමක් නැති වෙන්න. අපි ඉන්න සංස්කෘතික රාමුව ඇතුලේ දැන් එයාට සෙක්ස් කරන්න කෙනෙක්ව හොයාගන්නත් බෑ.තියෙන ආර්ථික සහ සංස්කෘතික අර ලබ්බවල් මේ ලබ්බවල් හින්දා තව කසාදෙකට යන්නත් බෑ. ඉතිං මනුස්සයා හොයාගෙන තියෙනවා ඒ මනුස්සයාගේ වයසට කැමතියි කියලා පෝස්ට් ශෙයා කරන තරුණ ගෑනියක්.ඒ ගෑණිත් එක්ක සම්බන්ධයක් පවත්ව ගන්න පුළුවන් තැනට චැට් එකක් ගිහින් තියෙනවා.සම්බන්ධයක් ඇති වෙලත් තියෙනවා. හැබැයි ඔයාගේ තාත්තා හිතන් හිටියා වගේ ඒ වයසට කැමති වෙලා නෙවෙයි ඒ ගෑනි ඇවිල්ල තියෙන්නෙ සල්ලි ටිකක් කඩාගන්න බලාගෙන.තාත්තා වියදම් කරන්නත් ඇති. මේ ඊයේ පෙරේදා ඔයාගේ වෙඩින් එකේ වැඩත් එක්ක එයාට ඔය ගෑනිට සල්ලි දෙන්න බැරි වෙන්න ඇති. ඒක තමා ඔතන ඇතිවෙලා තියෙන ප්‍රශ්ණෙ..ඔය මනුස්සයා අම්මා ඉන්න කාලේ ඔය වගේ වැඩක් කරානම් වැරදියි කියලා හිතන්න තිබ්බා..අනිත් අතට ගෑනි ඉඳිද්දි වුණත් මිනිහට අඩුපාඩු තියෙනවා මෙලී. දැන් අපේ තාත්තව ගන්න. අම්මා තාත්තව ගණන් ගන්නේම නෑ මම නං කියන්නේ අපේ තාත්තා වුණත් එහෙම සම්බන්ධයක් තියාගත්තට වරදක් නෑ.කාටවත් හානියක් නැතුව"
"ඕවා නිකං කතාවට කිව්වට ඇත්තටම ඔහොම දෙයක් වුණොත් ඔයා උනත් තාත්තත් එක්ක තරහ වෙනවා"
"පිස්සුද..මම ඇත්තටම එහෙම හිතන්නේ නෑ මෙලී. සංස්කෘතියක රාමුත් එක්ක ගත්තහම මං මේ කියන කතාව කුණුහරපයක් වෙන්න පුළුවන්. ආපෝ කියලා හිතෙන්න පුළුවන් ..ඒත්..අම්මලා තාත්තලා උන පලියට මිනිස්සුන්ගේ ලිංගික හැඟීම් නැත්තටම නැතිවෙලා යනවයි කියලා අමුතු එකක් හිතන්න මං කැමති නෑ.අපි උගත් මිනිස්සු නේද.. ලොකු දරුවො ඉන්න එවුන්ගේ පල්ලෙහා එක පණ නැති වෙන්න ඕනේ කියලද කියන්නෙ..දරුවො ලොකු වෙනකොට උන්ට ලිංගික අවශ්‍යතා තියෙනවා කියලා දෙමව්පියෝ තේරුම් ගන්නවා වගේම දෙමව්පියෝ උනාට වයස ටික ටික එහාට ගියාට ඒ මිනිස්සුන්ටත් ලිංගික අවශ්‍යතා තියෙනවා කියලා දරුවෝ වෙන අපිත් තේරුම් ගන්න ඕන නැද්ද? ඔයාගේ තාත්ත කරපු දේ හරිද වැරදිද කියලා හොයන එක නෙමෙයි දැන් තියෙන වැඩේ. දැන් අපි බලන්න ඕන මේ මනුස්සයාව මේ අවුලෙන් ගලවගන්න දැන් එයා සෑහෙන ලැජ්ජාවෙන් ඇත්තෙ"

මම සචින්ත කිව්වා වගේ තාත්තගෙ කාමරේ පැත්තට ගියා.තාත්තගේ කාමරේ දොරක් තිබුණෙ නැති නිසා එයා ඇඳේ හාන්සි වෙලා ඉන්නවා මම දැක්කා.මම ඒක සචින්තට කිව්වා.ඊට පස්සේ සචින්ත කිව්ව විදිහට වැඩ කළා.

සචින්ත කිව්ව දේවල් ඇත්ත කියලා මට තේරිලා මම මුළුමනින්ම හිත හදාගත්ත නෙමෙයි. හැබැයි ඒ වෙලාවේ තාත්තා ජීවිතේට මොනවා හරි කර ගනී කියලා මට බයක් තිබුණා. මොනව උනත් ඒ වගේ දෙයක් වෙනවට මම කැමති වුණේ නෑ.තාත්තගෙන් වැරැද්දක් වුනේ ජීවිතේ පළවෙනි වතාවට. ඇත්තටම සචින්ත කියන විදිහට ඒකත් වැරැද්දක්ම නෙමෙයි.

මොකක් හරි ක්‍රමයකට තමන්ගේ මූලික අවශ්‍යතාවයක් සම්පූර්ණ කරගන්න ගිහිල්ලා සිද්ධවුණු වැරදීමක්.

"ඔයා පවුලක් කියන එකේ ඇත්තම තේරුම දන්න කෙනෙක් නම් ඔයා මේ වෙලාවේ හිතන්න ඕන ඔය විදිහට නෙවෙයි මෙලී..තමන්ගේ පවුලේ සාමාජිකයින්ට තමන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් ඉෂ්ට කර ගන්න බැරුව පීඩනයකින් ඉන්නවා කියන එක හොඳ දෙයක් නෙමෙයිනේ.එයාලට පුළුවන් විදිහට ඒ ටික ඉෂ්ට කරගන්න සපෝට් කරන එක තමයි අපේ යුතුකම කියලා මම හිතනවා.මේක කුණුහරපයක් වගේ දැනෙන්න පුළුවන් වුනත් මේ වෙලාවේ මට කියන්න පුළුවන් මෙච්චරයි. ලොකු දරුවන් සිටින
දෙමාපියන් යනු #%& # ම අකැප ජීවියෝය..වයසට යෑම යනු #%& # ට වැටෙන තහංචියකි. ගෞරවනීය සමාජ තත්ව හිමි අය #%& # නුසුදුසුය වගේ හිතන උන්ට මම නම් කැමති නෑ"
සචින්ත එහෙම කිව්වා. සමහර වෙලාවට එයා පදෙන්ම කියනවා.ඒ එයාගෙ හැටි.
"එතකොට අපේ තාත්තා වැරැද්දක් කරලම නැද්ද?" මම ආපහු ඇහුවා.
"මෙලී. එයා වැරැද්දක් කරලා තියෙනවාම කියමුකෝ.දැන් එයා කවුද?අපේ තාත්තා?බාලපරාදයක් කරලාවත් කාටවත් බලෙන් බලහත්කාරකමක් කරලාවත් නෙමෙයිනේ.අපි පවුලක් උනහම ඒ පවුල ඇතුලෙ ඉන්න එවුන්ගේ නම්බුව හරි සමානව බෙදාගන්නවා වගේම උන්ට එන අගෞරවයත් හරි සමානව බෙදා ගන්න ඕනේ. හැම මනුස්සයෙක්ම එක මනුස්සයෙක් හැටියට ගත්තහම ඒ ඒ මනුස්සයාට දිනුමුත් තියෙනවා පැරදුනුත් තියෙනවා.උන් දිනන වෙලාවටයි පැරදෙන වෙලාවටයි දෙකටම එකම විදිහට සලකන්න කවුරු හරි ඉන්න ළඟින් ඉන්න ඕන හින්ද තමයි මිනිස්සු පවුලක් කියලා එකක් හදාගන්නේ.ඇත්තටම පවුල කියන එක හැදෙන්නේ ලිංගික අවශ්‍යතා සම්පූර්ණ කරගන්න කියලා හිතන එක ඇත්තටම ඇත්තම නෙවෙයි මෙලී.බඳින්නම ඕන නෑ #%& #. හැබැයි පවුලක් කියලා එකක් ඇතුලෙ අපිත් එක්කම නිදියන අපිත් එක්කම නැගිටින අපි ඉන්නවා කියන සැනසීමෙන් හොඳට නින්ද යන ,මොන සිටුවේෂන් එකක උනත් අතාරින්නෙ නැති එවුන් ටිකක් මට ඉන්නවා කියන සැනසීම දෙන එක තමා පවුල කියන්නේ.හරි වැරැද්ද හොයන්න ඉස්සරලා අපි අපේ එකාට දැනෙන්න දෙන්න ඕන උඹට අපි ඉන්නවා කියලා.වැරැද්දක් වෙලා තියෙනවා නම් ඒක තේරුම් කරලා දෙන්න ඕන දෙවනියට.ලෝකෙම අපට හිනාවෙන වෙලාවට අපෙමෙ පවුලෙ එවුනුත් ලෝකෙත් එක්ක එකතු වෙලා අපට හිනා වෙනවා නම් අපිට මොකටද බං පවුලක්"

විහඟගෙ කතාවෙ තිබුණෙත් ආවේගයක්.සචින්තගෙ කතාවෙත් තිබුණෙ ආවේගයක්.ඒත් ඒ ආවේග දෙක දෙකක්.

"ඔතනින් පිටත් වෙලා එනකම් මූණ බලන්න එපා ඔය නාකියාගේ"විහඟ කිව්වා.

"ඔයා හොඳට කිරි දාලා කෝපි එකක් හදන්න.තාත්තා එහෙම කැමතියි නේද? කෝප්ප දෙකම අරගෙන කාමරයට ගිහිල්ලා තාත්තේ මං කෝපි බොනවා ඔයාටත් හැදුවා කියලා කියන්න"
"එතකොට?"
"එතකොට එයා මොකුත් කිව්වත් නැතත් කමක් නෑ ඔයා කෝපි එක මේසේ උඩින් තියලා එළියට එන්න. ඒ හොඳටම ඇති.ඔයා එයත් එක්ක තරහ වෙලා නෑ කියලා එයාට තේරෙන්න. කවුරු නැතත් චූටි දුව ඉන්නවනේ කියලා තේරෙයි..ඒ ඇති"

මම සචින්ත කිව්ව විදිහට කළා. මං උදේ ඇහැරෙනකොට තාත්තා උයනවා. මම කුස්සියට ගියාම එයා උයන එක නවත්තලා කාමරේට ගියා.වෙනදට නං අපි දෙන්නම එකට උයනවා .එයාට මගේ මූණ බලන්න ලැජ්ජ ඇති. මට සචින්ත කිව්ව තව දෙයක් මතක් වුණා.

"උන්ගේ මුළු ජීවිත කාලෙම අපේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරන්න නැහෙන උන්ටත් ,මූලික අවශ්‍යතා තියෙන ටික ඒ විදිහටම තියෙනවා කියලා ඇයි බං අපිට හිතන්න බැරි? ලිංගික ආශාව කියලා කියන්නේ හෙන ගහන වැරැද්දක්ද? ඒක කාටවත් හානි කර නොවන ක්‍රමයකට ඉෂ්ට කරගන්න හිතීම වැරැද්දක්ද?"

එදා හොඳටම වැස්ස දවසක්.තාත්තා ඉස්සරහ මිදුලෙ වතුර බැස්ම හදන්න ගිහිල්ලා වැටුණා.මඬ වතුරෙ එයා වැටුණා දැකලා මට දුක හිතුණා. ඊටත් පස්සේ තාත්තා එළියෙ ශවර් එකෙන් නාලා සබන් පිටින්ම ගෙට ගොඩ වුණා.එයාට සබන් හෝදගන්න අමතක වෙලා තිබුණා.
"ඇයි මේ සබන් පිටින්" මම එහෙම අහපුවම තමයි ආපහු ගිහින් සබන් හෝදගත්තෙ..

මම ඒ විස්තරේ සචින්තට කිව්වා. එයා කිව්වා "මම තව ටිකකින් එනවා" කියලා.

එයා කිව්වා මම විහඟත් එක්ක යන්න යන ගමන නවත්තන්න එයාට කිසිම ඕනකමක් නැති බවත් එයා දැනටමත් එයාගේ තාත්තත් එක්ක ඒ ගැන කතා කරලා තියෙන බවත්.

"අපි ටික කාලයක් එක පවුලක් වෙන්න හිතාගෙන හිටපු මිනිස්සුනෙ මෙලී. මේ වෙලාවේ මං ඔයාගෙ තාත්තට උදව් කරන්න ඕන"
"ඒ මොනවටද?"
"මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න.අපේ තාත්තා කැප්ටන් කූල් දන්නවනේ..මම පොරත් එක්ක එන්නම් අපි ඇත්තටම එන්නේ බොන්න බලාගෙන..අපි ගෙදරට ආවම ඔයා ලෑස්ති වෙලා කොහේ හරි යන්න.එච්චරයි වෙන්න ඕන"

සචින්ත කිව්වා වගේම එයයි එයාලගේ තාත්තයි ආවම මම ලෑස්ති වෙලා ගෙදරින් ගියා. ඕන මල දානයක් කියන්න පුළුවන් මගේ යාළුවා නෙහාරලාගේ ගෙදර.නෙහාරගේ අම්මයි තාත්තයි කියන්නෙත් පුළුල් සමාජ අවබෝධයක් තියෙන හරිම හොඳ මිනිස්සු.

"අපේ අම්මලා ගැන දන්නවනෙ.උඹ මෙහේ වරෙං.අපෙ අම්මලා ඕව ගැන කතා කරන්නෙවත් නෑ.තාත්ත නං කිව්වේ උඹලගේ තාත්තා දැන් කරන්න ඕන සෝෂල් මීඩියා වලින් අයින් වෙලා ඉන්න එක නෙවෙයිලු. මේ වෙලාවේ මුකුත්ම උනේ නෑ වගේ වෙනදා වගේම ලියන දෙයක් ලියාගෙන හිටියනම් හරි කියලා අපේ තාත්තා කියනවා"

මම නෙහාරලාගේ ගෙදර දවසම හිටියා.හයට විතර තමයි සචින්ත මට කිව්වේ ගෙදර එන්න කියලා.

මම ගෙදර එනකොට තාත්තා හොඳටම නිදි.
එයාල බීපු තැන අපේ ගෙදර තිබුණු පරණ ෆොටෝ ඇල්බම් සේරම තිබුණා..
ඔව්..සේරම.......එයාලා මොනවා කතා කරන්නැද්ද...

පහුවදා උදේ තාත්තා පුරුදු විදිහටම සිංදුවක් ගැන විචාරයක් ලියල තිබුණා.

"තාත්තා දාන පෝස්ට් වල කමෙන්ට් කියවන්න යන්න එපා" සචින්ත මට මැසේජ් එකක් එවලා තිබුණා.

එදා රෑ සචින්තයි තාත්තයි ආපහු අපේ ගෙදර ආවා..රෑ කෑමට. එයාලම කෑමත් අරගෙනයි ආවේ. කෑම කන ගමන් සචින්ත මට කිව්වා තාත්තයි මමයි ඉන්න සෙල්ෆි එකක් ගහලා ඒක තාත්තව ටැග් කරලා දාන්න කියලා.

"එහෙම දකිද්දී ඔය කියවන අයගෙ කටවල් බාගයක් වැහෙනවා. ඒක නෙමෙයි තාත්තට හොඳටම දැනෙනවා මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක්ම නෙමෙයි කියලා"

මම හැමෝම අහුවෙන්න සෙල්ෆි එක ගත්තට සචින්ත කිව්වා "ඔයා ඕක දාන්න එපා එපා විහගට ප්‍රශ්නයක් වෙනව නේද?" කියලා.

ඒත් මම තාත්තව ටැග් කරලා දාපු ෆොටෝ හතර ඇතුළත සචින්තයි එයාගේ තාත්තයි ඉන්න ෆොටෝ එකක් තිබුණා.

"ඔයාට අවුලක් නැත්නම් මට අවුලක් නෑ මෙලී.ඇත්තටම අපේ මැරේජ් එක වෙනවනම් එහෙම මම ඔය ෆොටෝ එකට දාන කැප්ෂන් එක මොකද්ද දන්නවද?"

එයා ඒක මට කිව්වා..ඇත්තටම ඒක එහෙම දාන්න තිබුණ නම් කොච්චර හොඳද කියල මට හිතුණා.

දවස් දෙක තුනකට පස්සේ මම කලින් හිටිය මෙලීට වඩා හුඟාක් වෙනස් නෙළී කෙනෙක් කියලා මට දැනෙන්න ගත්තා.

පවුලක් කියන්නේ මොන වගේ එකක්ද? ඇත්තටම පවුලක් ඕන කරන්නේ ඇයි?මම බලාපොරොත්තු වෙන පවුල මට හම්බවෙන්නේ විහඟව බැන්දොත්ද සචින්තව බැන්දොත්ද?ඔවු මම එහෙම හිතන්න පටන් ගත්තා.

මම සචින්තට කිව්වා මට එයාව හම්බවෙන්න ඕන කියලා.. අපි හිටියේ වැව රවුමේ බංකුවක ඉඳගෙන.

"මැරේජ් එකකින් මට ඕන මොනවද කියලා ඇහුවොත් ඒ හැමදේම තියෙන්නේ ඔයාලඟ කියලා මට හිතෙනවා. ඒක මට හරියටම තේරුනේ තාත්තගෙ ප්‍රශ්නෙ වෙලාවේ.මම විහගත් එක්ක පැනලා යන්න හිටපු කෙල්ලෙක්.ඒත් මගේ හිතේ විහඟ ගැන තිබ්බ ආදරයට වඩා ආදරයක් ඔයා ගැන දැනෙනවා..දැන් මම කැමති අපේ වෙඩින් එක එදාට එහෙමම වෙනවට. ඔයා කැමති නම්" මම කෙලින්ම කියල දැම්මා.

සචින්ත කිසිම දෙයක් කිව්වේ නෑ. එයාට මාව එපා වෙන්න ඇති හැබැයි මට මිස් උනේ මේ ලෝකෙ ඉන්න කසාද බඳින්න හොඳම වර්ගයේ මිනිහෙක්ව කියන එක හිතේ තියාගෙන මම ගෙදර ගියා.

සචින්තව මට න නැතිවුණත් මම විහඟව බඳින්නේ නෑ. ඒක ස්ථිරයි. ඒ මගේ තාත්තා සම්බන්ධයෙන් විහඟ හැසිරුණු විදිය නිසා ම නෙවෙයි. එයා ඇත්තටම මම බලාපොරොත්තු වෙන තරම් මානුශීය නැති නිසා.මානුෂීය නෑ කියනවටත් වඩා මානුෂීය වෙන්න තරම් එයා පරිණත නෑ කියලා මට හිතෙන නිසා. ඒක විහගෙ වැරැද්දක් නෙමෙයි ඒ තමයි විහඟ.

මම වැරදි ඇති. හැබැයි මම ඒ වැරැද්දෙදි මගේ හදවතට එකඟයි.ඉතින් ලෝකෙ මොනවා කිව්වත් මට කමක් නෑ.

එදා රෑ සචින්ත මාවයි අපේ තාත්තවයි අපේ මුළු පවුලෙම ඉන්න අයවයි ටැග් කරලා ෆොටෝ එකක් පෝස්ට් කරලා තිබුණා.

ඒ අර එයයි තාත්තයි අපේ ගෙදර රෑ කෑම ආව දා කෑම කාපු වෙලාවේ මම ගත්ත සෙල්ෆි වලින් එකක්. අපේ තාත්තයි සචින්තයි දෙන්නම එක වතුර වීදුරුවක් අල්ලගෙන ඉන්නවා. දෙන්නම එකම වතුර වීදුරුවට වැරදිලා අත තියපු අවස්ථාවක්.සචින්තගේ තාත්තා කට ඇරගෙන හිනාවෙනවා.

"අපේ මාමණ්ඩියා තාම කොල්ලා. පොරට තාම හැමදේම පුළුවන්. ආඩම්බරයි ලොක්කා"

ඒ ෆොටෝ එකයි ඒ කැප්ශන් එකයි තාත්තගෙ ජීවිතය ආපහු වෙනස් කළා.ඊට පස්සේ වෙඩින් එකේ වැඩ වලට සචින්ත එක්කම එලියට යන්න තාත්තා කැමති වුණා. තාත්තා ඕනම නැති තැන්වලට උනත් තාත්තා සචින්ත එක්ක ගියා. සමහර තැන්වලදී සචින්ට තාත්තත් එක්ක ගත්ත ෆොටෝ සෝෂල් මීඩියාවල දැම්මා.

හෙමින් හෙමින් නෑනත් අපෙ අක්කත් මස්සිනත් ඒවට ස්ටිකර් එකක් හරි කමෙන්ට් කළා.බෑනට අවුලක් නැත්තං අපිට මොකෝ මේ හැටි අවුල් කියලා හිතන්න ඇති.නැත්තං වෙන මොකක් හරි හිතෙන්න ඇති.එයාලට මොකක් හිතුනහම අපිට මොකද...

සෝෂල් මීඩියා නම් මොනවද..එයාලා කතා කරන්නේ එයාලට අලුත් මාතෘකාවක් එනකන් විතරයි.අනිත් එක අපි ගණන් නොගන්නා තාක් අපිව බුලි කරන්න කාටවත් බෑ.

ඉතිං මම එක හිතින්ම සචින්තව බඳිනවා.

"පවුල කියලා කියන්නේ සෙල්ලමක් නෙමෙයි .සරල දෙයක් නෙමෙයි.පවුල් වෙනවා කියලා කියන එක සරල දෙයක් නෙමෙයි. පවුල කියන්නෙ එකට ජීවත් වෙනවා විතරක් නෙමෙයි දවසක පොළොව යටට දාලා අවසාන පස් ටික දාලා තද කළාට පස්සෙත් අපි වෙනුවෙන් දාන මාන දෙන අපි හොඳ තැන්වල උපදින්න ඕන කියලා හිතන අය ඉන්න තැනට. මැරෙන්න ඉස්සරත් මැරුණට පස්සෙත් හොඳටම අපිව බලාගන්න අය ඉන්න තැනට. පවුල කියන්නෙ ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා කියන අටලෝ දහමෙදිම කම්පා නොවී ඉන්න පෘතග්ජන සාමාන්‍ය මිනිහෙකුට තනියම බැරි නිසා ඒ වෙලාවට සපෝට් එකට ඉන්න කොන්දේසි විරහිතව එකිනෙකාට සපෝට් කරන මිනිස්සු ඉන්න තැනට " සචින්තලාගේ තාත්තා එහෙම කියනවා.

ඒ වගේ පවුල් බිහිවෙන්නේ සචින්ත වගේ ,එයාගේ තාත්තා වගේ මිනිස්සු ගැන, මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ගැන ,ජීවිතය ගැන පරිණත විදිහට දකින පුළුල් හිත් තියෙන මිනිස්සුත් එක්ක.

"දෙමව්පියෝ වෙච්ච පලියට මිනිස්සුන්ගේ ලිංගික ආශාවල් නැති නොවන බවත් අපේ දෙමව්පියොත් ලිංගික අවයව සහිත ඒ අවශ්‍යතා තියෙන මිනිස්සු බවත් අමතක කරන්න එපා"
කියලා සචින්ත කිව්ව එක මතක තියාගෙන මම චාන්දනී නැන්දටත් වෙඩින් එක කිව්වා.

චාන්දනී කියන්නේ ඒ කාලේ අපේ තාත්තගෙ පස්සෙන් ආපු, අපි පොඩි කාලෙත් තාත්තගේ පස්සෙන් ඇවිල්ලා අපේ අම්මගෙන් ගුටිත් කාපු ගෑනියෙක්. එයත් ඉන්නෙ තනියමනෙ. ඔන්න ඔහේ සම්බන්ධයක් ඇතිවෙනවා නම් ඇතිවුණාවේ..මගේ මොකෝ. මාත් බැඳලා ගියාට පස්සේ තාත්තා හොඳටම තනි වෙනවනේ..
මිනිස්සු නම් ඉතින් එක එක කතා කියයි. මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද...
මේක කියවලා කවුරු ස්තුතියි මොන සදාචාරය ගැන මොන මොන බයිලා ගැහුවත් මට මොකද. මගේ තාත්තා සතුටින් ඉන්න ඕන මට වැදගත් එච්චරයි..
=====
සුජාතා මැණිකේ ඉහළගෙදර

The five elements – Earth, Water, Air, Fire, and Space – are believed to be fundamental components of the universe, incl...
25/05/2025

The five elements – Earth, Water, Air, Fire, and Space – are believed to be fundamental components of the universe, including humans and our environment.
These elements are seen as interconnected and interdependent, shaping the physical world and influencing all living beings.

Do you follow the  Ayurvedic clock?
25/05/2025

Do you follow the Ayurvedic clock?

How to Identify your dosha?Ayurvedic treatment is based on understanding and balancing the three doshas (vata, pitta, an...
25/05/2025

How to Identify your dosha?

Ayurvedic treatment is based on understanding and balancing the three doshas (vata, pitta, and kapha) within the body, mind, and spirit.

The aim of Ayurveda is “Swasthasya Swasthya rakshnam, aturasya vikara prashaman” .

Our daily routine based on our prakriti.

So, we have plan for your heathy life.

Call/ whatsapp 0718070777

Understand your dosha( body type) helps creating healthy daily routine.Join with us.We will guide you to a healthy life....
25/05/2025

Understand your dosha( body type) helps creating healthy daily routine.
Join with us.
We will guide you to a healthy life.
Call/ whatsapp - 0718070777

Address

Mirigama

Telephone

+94718070777

Website

Alerts

Be the first to know and let us send you an email when Bhadrajee Ayurveda Wellness and Treatment Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share