
03/10/2024
අද වන විට පිළිකා රෝගය අප සමාජයේ ඇති ඉතාමත්ම දරුණු ආකාරයේ රෝගයක් බව නොරහසකි. පිළිකාව යන නම ඇසුනු විටදී පවා ඉතාමත්ම බියක් දැනෙන තත්ත්වයක් අද වන විට උදා වී ඇත. නමුත් මෙම රෝගයට මහ ජනයා කොතරම් බියක් දැක්වුවද ඊට හේතු වන හේතුකාරක ගැන නොදැනුවත්කම නිසා හෝ අවධානයක් නොමැතිකමින් සෙවීමක් කරන්නේ නැත. මෙම රෝගයට හේතුකාරක අතර ප්‍රධාන වශයෙන් පහත දැක්වෙන හේතු සාධක වේ
🔺 රසකාරක, වර්ණක, කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු ආහාර ගැනීම
🔺 අධික ලෙස කෘෂි රසායන හා රසායනික පොහොර යෙදූ ආහාර ගැනීම
🔺 එළවළු තෙල් අධික භාවිතය
🔺 විවිධ රසායනික ද්‍රව්‍ය ආඝ්‍රාණය හෝ ශරීරගත වීම
🔺 මත්මැන් / දුම්වැටි / බුලත්විට ආදී මත්ද්‍රව්‍ය භාවිතය
🔺 පොලිතින් ප්ලාස්ටික් ඇසුරුම් හා බඳුන් වල යෙදූ අධික ශීත හා උණුසුම් ආහාර ගැනීම
🔺 පොලිතින් ප්ලාස්ටික් පිලිස්සූ දුම් හා විවිධ අහිතකර දුම් වර්ග ආඝ්‍රාණය වීම
මෙවාට අමතරව ඔබ නොහිතන හේතු සාධක ලෙස
🔹 අධික මානසික ආතතිය
🔹 විවිධ බටහිර පරීක්ෂණ වලට නිරන්තරයෙන් ලක් වීමේදී නොයෙක් අහිතකර කිරණ හා රසායන ශරීරගත වීම
🔹 ශරීරය වෙහෙසවන ක්‍රියා හෝ ව්‍යායාම නොමැති වීම
🔹 විවිධ අහිතකර සුවඳකාරක ආඝ්‍රාණය
ආදිය දැක්විය හැකියි.
🟢 අප විසින් ඔබහට ප්‍රතිකාර ලබාදීමේදි ඔබගේ රැකියාව හා සාමාන්‍ය දෛනික වැඩ පිළිවෙල ගැන විශේෂ අවධානයක් සිදුකරමින් රෝගය උත්සන්න වීමට හෝ ක්‍රමිකව අඩු නොවීමට බලපෑම් සිදුකල හැකි අවස්ථාවන් සියල්ල අහුරා දමයි.
🟢 එවිට අප ලබාදෙන ඖෂධ වර්ග භාවිතා කිරීමේදී ඒවා ඉතාමත්ම වේගයෙන් ක්‍රියාත්මක වෙමින් රෝගය සුව කිරීමට හේතු වනු ඇත.