Health Tea Natural Beauty

Health Tea Natural Beauty මේ ඩොක්ටර්ස්ලා තමයි Health Tea එකේ නිශ්පාදන කටයුතු, ගුණාත්මක භාවය, පිලිබඳව කටයුතු කරන්නේ ඒ වගේම ඒ පිළි

හිසකෙස් ගැලවීයාම වැලක්වා වර්ධනය කිරීම, පැහැපත් සමක් ලබාදීම, නියපොතු ශක්තිමත් කිරීම ඇතිකරවන; ග්‍රීන් ටී, කුරුඳු, ආමන්ඩ් ඇට සාරය, බ්ලැක් ටී, දෙහි සාරය සපිරුනු මෙම ස්වාභාවික තේ පානය ඔබව නීරෝගී-රුවැත්තියක් කරවයි.

වෙළඳපොලේ දැනටමත් ඇති ආනයනය කරන ලද අධික මිල ඇති කැප්සියුල්ස් වෙනුවට; ආයුර්වේදයේ සඳහන් ඖෂධ අඩංගු Health Tea Natural Beauty; ඔබගේ ශරීර අභ්‍යන්තරය පිරිසිඳු කර සැමදා පවතින රූමත් බවක් ලබාදේ.

ඔබගේ විශේෂ සෞඛ්‍ය උපදෙස් අවශ්‍යතා සඳහා වෛද්‍ය සී. රාජපක්ශ මහත්මිය “පාරිභෝගික සේවා වෛද්‍යවරිය” ලෙස කටයුතු කරනු ලැබේ. ඔබ අ...
19/05/2025

ඔබගේ විශේෂ සෞඛ්‍ය උපදෙස් අවශ්‍යතා සඳහා වෛද්‍ය සී. රාජපක්ශ මහත්මිය “පාරිභෝගික සේවා වෛද්‍යවරිය” ලෙස කටයුතු කරනු ලැබේ.

ඔබ අප ආයතයනයෙන් ලබාගත් ඖෂධ භාවිතා කරන අතරතුර, අතිරේක ප්‍රතිකාර උපදෙස් හෝ පුද්ගලීකෘත උපදේශන අවශ්‍ය වූ විට, ඔබට සෘජුවම වෛද්‍යතුමිය සම්බන්ධ කර ගත හැකි වේ.

ගුණාත්මක, විශ්වාසදායක සහ පාරිභෝගික-අවධානයෙන් යුත් සේවාවක් ඔබ වෙත ගෙන ඒම අපගේ මූලික අරමුණ වේ.

Dr. Ms. C. Rajapaksha
M. Sc. in Pharmaceutical Botany (UoP- SL)
BAMS (UoC- SL)
B. Sc. in Cosmetology (AUGP, USA- SL)
CCHRM (CIPM- SL)
Ad. Dip. in Psychotherapy (MHF- SL)
Dip. in Counseling Psychology (MHF- SL)

💁 ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට , ආදරය ❤ හා නීරෝගීකම පිරුණු සෞභාග්‍යමත් සුභම සුභ අලුත් අවු...
14/04/2023

💁 ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට , ආදරය ❤ හා නීරෝගීකම පිරුණු සෞභාග්‍යමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🥰

💁🏼‍♀️ඔබේ හිසකෙස් ආරක්ෂා කරගන්න.............💦ස්නානය කිරීමේදී ජලයේ උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න☀️ඔබේ හිස කෙස් සේදීමේදී උණ...
19/02/2023

💁🏼‍♀️ඔබේ හිසකෙස් ආරක්ෂා කරගන්න.............

💦ස්නානය කිරීමේදී ජලයේ උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න

☀️ඔබේ හිස කෙස් සේදීමේදී උණු ජලය භාවිතා නිරීමෙන් හැකි තරම් වලකින්න. සීතල ජලය හෝ ලා රස්නයක් ඇති ජලය නිතරම භාවිතා කරන්න. දැඩි රස්නය ඔබේ හිස කෙස් වලට හානි කරනවා. හිස් කබලේ ස්වභාවික මේදය නිපදවීම අඩාල කරනවා.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

මානසික ආතතිය නැතිකරන ආහාර 9ක් ගැන සිංහලෙන් දැනගනිමුමානසික ආතතිය සමඟ සටන්කිරීම ඉතා අපහසු වුනත් එය පාලනය කිරීම පහසු කරන ආහ...
12/02/2023

මානසික ආතතිය නැතිකරන ආහාර 9ක් ගැන සිංහලෙන් දැනගනිමු

මානසික ආතතිය සමඟ සටන්කිරීම ඉතා අපහසු වුනත් එය පාලනය කිරීම පහසු කරන ආහාර වර්ග තියෙනබව ඔබ දන්නවාද? මෙම විශේෂ පෝෂකයන් අන්තර්ගතවෙන ආහාර රටාවක් ඇතිකරගෙන මානසික ආතතිය හා තවත් තත්වයන් පාලනය කරගන්න පුළුවන්. විවිධාකාර අයුරින් අපට වාසි ගෙනදෙන මෙම ආහාරයන් මානසික ආතතියටද සැනසුම් ගෙනදෙනවා. මේ කාරණා පිළිබඳව ඇති අවබෝදය ඉතා වැදගත්.

1) දොඩම්
දොඩම් වල ඇති විටමින් C ශරීරයේ මනා ක්‍රියාකාරීත්වයට සහයෝගය දෙනවා. පරීක්ෂණ අනුව තහවරුවී ඇත්තේ විටමින් C, අප මානසික පිඩනයට පත්වී ඇති අවස්ථාවක ඇතිවෙන කෝර්ටිසෝල් ප්‍රමණය අඩු කර, මානසික ආතතිය හීනකරන බවයි. එමනිසා, ඔබට සහභාගී වීමට ඇති සම්මේලනයට පෙර දොඩම් ගෙඩියක් පරිබෝජනය කරන්න. එහි සුවඳද ඔබට සැනසීමක් ගෙනදෙනවා.ළුවන්

2) අඹ
අඹද විටමින් C බහුලව ඇති පළතුරකි. මෙමඟින් ඔබගේ මොළයේ හැකියාව වැඩිවී ඔබෙගේ දැක්ම වැඩි දියුණුකරයි. අඹ වල ඇති සෛල ප්‍රතිස්ථම්භන හැකියාව ඔබගේ සමට සහ හදවතට උපකාරී වේ. එමනිසා, ඔබගේ දෛනික ආහාර වේලට අඹ එකතු කරගැනීම ඔබ හදවත ආදිය පිළිබඳව මානසික පීඩනයෙන් සිටිනවා නම් සහනය ගෙනදෙනවා.විතාකර විවිධ වර්ගයේ කෑම සාදාගන්න පුළුවන්

3) මාළු
මාළු වල අන්තර්ගත වෙන අසන්තෘප්ත ඔමෙග-3 මේදය, (විශේෂයෙන්ම සැමන් සහ කෙලවල්ලන්) ඔබගේ ශරීරයේ ඇති සෙරෝටොනින් ප්‍රමාණය වැඩිකරනවා. මෙමඟින් විශාදය සහ කිරීට රෝග පාලනය කරයි. තව විදියකට කීවොත්, අවුල් සහිත බව අඩු කරයි.

4) තද චොකලේට්
ස්විස්සර්ලන්තයේ කරන ලද සොයාගැනීම් වලට අනුව, නිතරම තද චොකලේට් කන තැනැත්ත්න්ගේ රුධීරයේ ඇති කෝර්ටිසෝල් ප්‍රමණය අඩුයි. මෙය, මෙමඟින් ලැබෙන අමතර වාසියකි. තවද, ඔබට චොකලේට් කෑමට ආසාව ඇති වෙන විට එන්ඩොර්ෆින්ස්ද පිටවෙනවා.

5) පිශ්ටාචොයෝ නට්ස්
මෙහිද ඔමෙග-3 අසන්තෘප්ත මේදයන් අන්තර්ගතවෙනවා. මෙමඟින් කොලෙස්ටෙරෝල් ප්‍රමාණය අඩු කර, එමඟින් ධමනි වල ඇතිවෙන ගැටළු අඩු කරයි. අවුල් සහිත බවද මේ වාසි නිසා හීන වේ.

6) නිවුඩු සහිත ඇට වර්ග
ඕට් පිටි මේ සඳහා හොඳ තේරීමකි. ඔබගේ රුධීර පීඩනය පහල බස්සනවා මෙන්ම, දිරවීමට තරමක් කාලය ගත වෙන නිසා, ඔබට වැඩි වේලාවක් බඩගින්න දැනෙනේද නෑ. මෙවැනි සංකීර්ණ කාර්බෝහයිඩ්‍රේට සෙරොටොනින් ශරීරයට පිටකරයි. එයින් ඔබගේ මනසේ ස්භාවය සැහැල්ලු වේ.

7) අමු එලවළු
විටමින් සහ අමතර පෝෂකයන් මෙම එලවළු වල අන්තර්ගතවෙනවා. යහපත් පැවැත්මට මෙම පෝෂකයන් අපට උවමනාවෙනවා. මෙම එලවළු හැපීම කැලරි දහනය කරන අතර, හක්කේ මස්පිඩු චලනය මඟින් සිතේ මහත් කලබලයද අඩුවෙනවා.

8) නිවිති
නිවිති වල මැග්නීසියම් අන්තර්ගතයි. තෙහෙට්ටු ගති සහ මානසික ආතතිය නිසා මොලයෙහි සෑදෙන වේදනා වලට මැග්නීසියම් සහනයක් දෙනවා. අමතරව ඇති තන්තු ශරීරයට නැවත පණ ගෙනදෙනවා.

9) ඇස්පරගස්
මෙහි ඇති ෆෝලේට් මානසික ආතතියෙන් සිටින අවස්ථා වලදී එම ආතතිය සාර්ථකව හසරුවීමට උපකාරීවෙනවා. අනෙකුත් කොළ වර්ග මෙනුවට මෙයත් එකතුකරගන්න. වාෂපයෙන් තමබා ගත්විට ප්‍රණීතයි. ඇස්පරගස් භාවිතාකර විවිධ වර්ගයේ කෑම සාදාගන්න පුළුවන්

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

😍දත් මැලියම් ඉවත් කිරීමට අපූරු ටිප්ස්කිරි සුදු පැහැ දත් දෙපෙළක හිමිකරුවෙක් වෙන්න හැමෝම කැමතියි. නමුත් ඇත්තටම හැමකෙනාටම ස...
07/03/2022

😍දත් මැලියම් ඉවත් කිරීමට අපූරු ටිප්ස්

කිරි සුදු පැහැ දත් දෙපෙළක හිමිකරුවෙක් වෙන්න හැමෝම කැමතියි. නමුත් ඇත්තටම හැමකෙනාටම සුදුම සුදු දත් පිහිටන්නේ නැහැ. බොහෝ දුරට එයට හේතුව වන්නෙත් අප අනුගමනය කරන වැරදි පුරුදු කිහිපයක් වෙන්න පුළුවන්.

විශේෂයෙන් වැඩිපුර තේ,කෝපි පානය, දුම්පානය වගේ හේතු මේ සඳහා බලපානවා. ඇත්තෙන්ම මෙවැනි අහිතකර පුරුදු අපේ දත් අවපැහැ ගැන්වීමට වගේම දත් වල මැලියම් ඇති වීමට හේතු වෙනවා.

ඒ නිසාම නීරෝගි මුඛ සනීපාරක්ෂාව පවත්වා ගැනීම ඔබ සිතනවාට වඩා බෙහෙවින් වැදගත් වෙනවා. මන්දයත් ඔබේ මුඛ සෞඛ්‍යය, ඔබේ සමස්ත සෞඛ්‍යයටම බලපානු ලබනවා . එය ඔබගේ හෘද වාහිනී සෞඛ්‍යයට බලපෑ හැකි අතර දියවැඩියා තත්ත්වයට ද හේතු විය හැකියි. එපමණක් නොව එය පෙනහළු ආසාදන ද ඇති කරයි.

ඒ වගේම ඔබේ පෙනුමේ සුදරත්වය ද උදෙසා ද ඔබේ දත් වල සෞඛ්‍යමත් බව විශේෂයෙන් බලපානවා.

1.සක්‍රිය කළ අඟුරු.

සක්‍රිය කළ අඟුරු යනු ස්වභාවිකව ඔබේ දත් සුදු කිරීම සඳහා භාවිතා කළ හැකි පහසුම සහ වඩාත්ම ලාභදායී ක්‍රමයකි. ඉතින් මේ සඳහා,

• එක් අඟුරු පෙත්තක් කුඩු බවට පත් කරන්න.
• දැන් ඔබේ පිරිසිදු තෙත් දත් බුරුසුව අඟුරු කුඩු වල ගිල්වා ඔබ සාමාන්‍යයෙන් කරන ආකාරයටම දත් මදින්න.

2. කිරිපිටි සහ දන්තාලේප.

ඔබේ දත් වලට මුතු වැනි සුදු පැහැයක් ලබා ගැනීමට සහ ඒවා නිරෝගීව තබා ගැනීමට පිටිකිරි උපකාරී වේ. ඔබේ දත් බුරුසුව මත දන්තාලේප ස්වල්පයක් දමා එයට උඩින් පිටි කිරි ස්වල්පයක් දමා දත් මදින්න.

3. බේකිං සෝඩා සහ ලෙමන් යුෂ.

ඔබේ දත් වල මැලියම් ඉවත් කිරීම සඳහා ඔබේ දත් බුරුසුව මත බේකිං සෝඩා ස්වල්පයක් තබා එයට ලෙමන් යුෂ බින්දු කිහිපයක් එක් කරන්න. දැන් සුපුරුදු ආකාරයට එයින් දත් මදින්න.

මෙම සුදු කිරීමේ ක්‍රමය සතියකට වරක් භාවිතා කිරීම ප්‍රමාණවත් වේ. නිතර භාවිතා නොකිරීමට මතක තබා ගන්න.

4. ස්ට්‍රෝබෙරි ගෙඩියක්.

ඉදුණු ස්ට්‍රෝබෙරි ගෙඩියක් ගෙන එය හැන්දකින් පොඩි කරන්න. දැන් මෙම පේස්ට් එක භාවිතයෙන් ඔබේ දත් මදින්න. දත් වල මැලියම් ඉවත් කිරීම සඳහා මෙය කදිම ප්‍රතිකාරයකි.

අවවාදයයි: මෙම ක්‍රම සියල්ලම එකවර භාවිතා නොකරන්න.

ඉතින් සුදුම සුදු ලස්සන දත් දෙපළක් ලබා ගෙන සුන්දර සිනහවක හිමිකරුවෙක් වෙන්න ඔබත් අද සිට මේ පිළියම් අනුගමනය කරන්න.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

🟡අළුහම් දද කුෂ්ට සුව කරගන්න තෝරමේ මහ පොළොවේ මිනිසාට ආහාරයට හැකි පෝෂණීය ඖෂධීය පැලෑටි ඕනෑ තරම් .නමුත් ඒවා පිළිබඳව අප තුළ ඇ...
07/03/2022

🟡අළුහම් දද කුෂ්ට සුව කරගන්න තෝර

මේ මහ පොළොවේ මිනිසාට ආහාරයට හැකි පෝෂණීය ඖෂධීය පැලෑටි ඕනෑ තරම් .නමුත් ඒවා පිළිබඳව අප තුළ ඇති දැනුවත්භාවය ඉතාම අවම නිසාවෙන් සිරුරට ගුණදායක පැලෑටි අපේ ආහාර වේලෙන් ඈත්වෙලා ගිහින්. ඒ වෙනුවට වස විස නැහැවූ එළවලු පලතුරු වර්ග අපේ ආහාර වේලට එකතු වෙලා. ඒ නිසා දවසින් දවස විවිධ ලෙඩරෝගවලට ගොදුරු වන ප්‍රමාණය වැඩි වෙලා. ඒ නිසාම වර්තමානය වෙද්දි ස්වාභාවික පරිසරයේ වැවෙන මිනිසාට හිතකර ඖෂධීය ශාකයන්ට වැඩි ඉල්ලුමක් ගොඩනැගී තියෙනවා. ඉතින් බොහෝ අය තෝර ශාකය ගැන අහලා ඇති. විවිධ අවස්ථාවල ඖෂධයක් විදියට භාවිතයට අරගෙනත් ඇති. නමුත් තෝර ශාකය සතු විස්මිත ගුණ රාශිය පිළිබඳව ඔබ නොදන්නවා ඇති. ඉතින් මේ කතා කරන්නට යන්නේ ලංකාවේ විවිධ දේශගුණික කලාපයන්වල හොඳින් වැවෙන තෝර ශාකය පිළිබඳව.

🔸පෙති තෝර
පෙති තෝර සතු ඖෂධීය ගුණ

1. ආහාර ජීර්ණ පද්ධතියේ රෝග සියල්ල සුවපත් කරයි.

2. ස්වසන පද්ධතියේ අපහසුතාවලට ගුණදායකයි.

3. ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව ඇති කරයි. එබැවින් නොයෙකුත් බෝවන රෝග හා වෛරසවලින් ආරක්ෂාවීමට ඉතා කදිමයි.

4. පෙති තෝර කොළ තම්බා පානය කිරීමෙන් කල් පවතින කැස්ස හා සෙම නිසා හටගන්නා උණ සුවපත් කරයි.

5. කාය ශක්තිය වර්ධනය කරයි.

6. දියවැඩියා රෝගීන්ට ගුණදායකයි.

7. අක්මාව ආශ්‍රිත රෝග සුවපත් කරයි.විෂ වර්ග හේතුවෙන් අක්මාව දුර්වල වීම වළකනු ලබයි.

8. කිරි පණු රෝගයට බාල මහලු සැමටම ගුණදායකයි.

9. හෘද රෝග අවම කරමින් රුධිරය පිරිසිදු කරයි.

10. අර්ශස් රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.

11. මල බද්ධය නැති කරයි.

12. ඉක්කාවට පෙති තෝර යුෂ සුදුසුයි.

13. සම පැහැපත් කරමින් තරුණ පෙනුම රැක දෙයි.

14. සන්ධි රෝග සඳහා පෙති තෝර අඹරා ආලේප කර සුවයක් ලබා ගත හැකියි.

15. සිරුරේ අහිතකර මේදය දහනය කර තරබාරුව මට්ටු කරයි.

🔸පැණි තෝර
පැණි තෝර සතු පෝෂණීය ගුණ

1. රුධිරයේ හිමොග්ලොබින් ඌණතාවයට ඉතා ගුණදායකයි.

2. රුධිරය පිරිසිදු කරයි.

3. හදවත සුවපත් කරයි.

4. අධි රුධිර පීඩනයට හා දියවැඩියාවට ගුණදායකයි.

5. කිරි පණු වට පණු ආදී පණු රෝග සඳහා ගුණදායකයි.

6. කොළ අඹරා ගෑමෙන් කුරුලෑ දද කුෂ්ට වැනි සමේ රෝග සඳහා ගුණදායකයි. ඒ වගේම කුෂ්ඨ සෝදන්නට තෝර කොළ අමු කහ සමඟ තම්බා ඒ වතුර භාවිතා කරනවා.

7. අර්ශස් සහ මලබද්ධය දුරු කරයි.

8. කැස්ස, ඇදුම, විදුරුමස් දියවීම, දත් කැක්කුම ආදී රෝග සඳහා සුවය සලසයි. දත්මුල් දියවීම හා දත් කැක්කුමට කොළ හා මුල් තම්බා කට සේදීම ගුණදායකයි.

9. පැණි තෝර ඇට උතුරන වතුර කෝප්පයකට දමා විනාඩි 7 ක් පමණ වසා තබා පානයෙන් මානසික ආතතිය දුරලයි.

10. ගර්භාෂය පිරිසිදු කිරීමේ ගුණයෙන් යුක්තයි.

11. වියළි මල් හා මුල් තේ පානයක් ලෙස සකසා පානය උදරාබාධ සඳහා සුදුසුයි.

🔸ඇත් තෝර
1. අළුහම් සඳහා ඇත්තෝර කොළ දෙහි ඇඹුල් මිශ්‍රකර අඹරා අළුහම් ඇති ස්ථානවල ගා වේලෙන්නට හැර සෝදා හැරීමෙන් සුව කර ගත හැකියි.

2. චර්ම රෝග සුව කරගන්නට ඇත්තෝර තැම්බූ දියරෙන් මුළු සිරුරම සේදීම කළ යුතුයි.

3. කුෂ්ට සඳහා ඇත්තෝර කොළ අමු කහ සමඟ තම්බා ඒ වතුරෙන් සේදීම ගුණදායකයි.

සැලකිය යුතුයි.

ගැබිණි හා කිරිදෙන මවුවරුන්ට ඇත්තෝර භාවිතය හිතකර නොවෙයි.
නිදන්ගත රෝග ආදියෙන්

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.
— ජීවිත කාලෙම නීරෝගිව ලස්සනට ඉන්න දවසට තුන් වරක් හෙල්ත් ටී බොන්න. at Ceylon Ayurvedic Health Tea Pvt. Ltd.

☘️ගොටුකොළ දිවඔසුවලංකාවේ අපට ගොටුකොළ අමුතු දෙයක් නොවේ. ගොටුකොළ මැල්ලුම, ගොටුකොළ කැඳ අපේ ආහාර අතර ඉස්සර නම් මුල්තැන ගෙන ති...
06/03/2022

☘️ගොටුකොළ දිවඔසුව

ලංකාවේ අපට ගොටුකොළ අමුතු දෙයක් නොවේ. ගොටුකොළ මැල්ලුම, ගොටුකොළ කැඳ අපේ ආහාර අතර ඉස්සර නම් මුල්තැන ගෙන තිබූ දෙයක්. දැන් දැන් නැවතත් අපේ ආහාර සංස්කෘතියේ, ජීවන රටාවේ ඇති වෙමින් පවතින වෙනසත් එක්ක ගොටුකොළවලට හොඳ ඉල්ලුමක් උදාවෙලා තියෙනවා. මේ නිසා ගොටුකොළ වල ඇති ගුණය ගැන අපි පොඩ්ඩක් කතා කළොත් හොඳයි කියලා හිතුණා.

අපේ රටේ පැරැන්නන් ගොටුකොළ හැඳින්වූයේ දීර්ඝායුෂ ලබාදෙන මොළය මතකය, නුවණ වඩවන සොබාවික දිව්‍ය ඖෂධයක් හැටියටයි. නමුත් ගොටුකොළවල ඇති විස්මිත ගුණ සමුදාය එපමණක්ම නොවේ. දීර්ඝායුෂ ලබාදීම ගැන ගොටුකොළවලට ඇත්තේ ඉතා පැරැණි වාර්තාවක්. දිනපතා ආහාරයට තමන් ගොටුකොළ අනිවාර්යයෙන්ම එක්කර ගත් නිසා අවුරුදු 256ක් ජීවත්වීමට හැකිවූ බවට චීනයේ ශාඛ විද්‍යාඥයකු හා ආගමික ගුරුවරයකු වන ලී සින්ග් යූඒන් සටහන් කර තිබෙනවා.

මතක ශක්තිය වැඩි කිරීමටත්, මොළයේ සෛල නැවත වර්ධනයටත්, ස්නායුක හා රැධිර සංසරණ ක්‍රියාවලිය යහපත්ව පවත්වා ගැනීමටත්, ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමටත්, ශරීරයේ තුවාල සුවවීමේ වේගය ඉහළ දැමීමටත් ගොටුකොළ සමත් බව සොයාගෙන තිබෙනවා.

නුවණ වර්ධනය කරගන්නත්, මතකය වැඩිකර ගන්නත් කියාපු බේත ගොටුකොළ බව නවීන පර්ෙය්ෂණ මගිනුත් සනාථවෙලා තියෙනවා. කිසිම අතුරු ආබාධයක් රහිතව මොළේ වැඩෙන්න කියාපු බේත ගොටුකොළ බව සනාථ කළ එක පර්ෙය්ෂණයකදී දිනපතා පිටිකළ ගොටුකොළ ග්‍රෑම් භාගයක් භාවිතයට ගත් දරුවන්ගේ මතක ශක්තිය දැනුම අවධානය ඒකාග්‍රතාව මාස 06න් ඉහළ ගිය බව සනාථ වෙලා තියෙනවා. ගොටුකොළ තුළ අඩංගු රසායන මගින් මොළයේ අර්ධ දෙක අතර කටයුතු සක්‍රීය කරන බවයි වාර්තා වී ඇත්තේ.

ගොටුකොළ භාවිතාව මගින් ස්නායු අග්‍ර හොඳින් වර්ධනය වන බවත් ඒ නිසාම ශරීරයේ පූර්ණ ක්‍රියාකාරීත්වය ඉහළ යන බවත් සනාථ වී හමාරයි. ඒ වාගේම අවපීඩනය හෙවත් විශාදය, කාංසාව, නින්ද නොයාම වගේ අද සමාජයේ බහුල රෝග රැසකට හොඳම බේත ගොටුකොළයි.

හොඳ රුධිර සැපයුමක් සිරැර පුරා පවත්වා ගන්නටත්, රුධිරයට පෝෂණය සැපයීමටත් ගොටුකොළ සමත්. මේ නිසා හොඳ අඛණ්ඩ ඔක්සිජන් සාන්ද්‍රනයක් සහ අත්‍යවශ්‍ය පෝෂණ සැපැයුමක් ශරීරයට ලැබෙන නිසාම ශරීරයේ තරුණ බව රැකදීමට එයට හැකියි.

ගොටුකොළ ග්‍රෑම් 100ක් තුළ අඩංගු පෝෂණ ගුණය මෙන්න.

ශක්තිය කිලෝ කැලරි 3.7
ප්‍රෝටීන් ග්‍රෑම් 2.1
මේදය ග්‍රෑම් 0.5
පිෂ්ඨය ග්‍රෑම් 6.0
කැල්සියම් මිලිග්‍රෑම් 224
පොස්පරස් මිලිග්‍රෑම් 32
යකඩ මිලිග්‍රෑම් 68.8
විටමින් C මිලිග්‍රෑම් 6.8

ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නෑ කියන්නා වාගේ ගොටුකොළ වුණත් දිගට භාවිතාව හොඳ නෑ. සාමාන්‍යයෙන් සති හයකට වරක් සති දෙකක පරතයක් ඇතිව භාවිතා කළයුතු බවයි බටහිර වෛද්‍ය පර්ෙය්ෂකයන්ගේ මතය.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.
— ජීවිත කාලෙම නීරෝගිව ලස්සනට ඉන්න දවසට තුන් වරක් හෙල්ත් ටී බොන්න.

😌අද ලිපිය පුන්චි පුන්චි ගැටලු වලට බලන්නකෝ...ඔයාටත් මේ වගේ ප්‍රශ්ණ තියෙනවාද කියලා....🧐1️⃣උගුරෙ සෙම බැදුනහම අපිට කතා කරන්න...
05/03/2022

😌අද ලිපිය පුන්චි පුන්චි ගැටලු වලට බලන්නකෝ...ඔයාටත් මේ වගේ ප්‍රශ්ණ තියෙනවාද කියලා....🧐

1️⃣උගුරෙ සෙම බැදුනහම අපිට කතා කරන්නත් අමාරුයි නේද? ඉගුරු කෑල්ලක් තලලා සිනී චුට්ටක් එක්ක මිශ්‍ර කරලා කාලා බලන්නකෝ...ඔබට සුවයක් දැනේවි..😇

2️⃣ඔයාටත් හිතෙනවාද මුඛ දුර්ගන්ධයක් තියෙනවා කියලා එහෙනම් සමන් පිච්ච කොල තැම්බු වතුරෙන් කට සෝදලා බලන්න්කෝ...😉

3️⃣උදේ කාලයේ මුන් ඇට තැම්බු වතුර සමග මුදවපු කිරි මිශ්‍ර කරලා පානය කරන්නකෝ ගැස්ට්‍රයිටිස් අඩු කරගන්න පුලුවන් ....😇

4️⃣ඔයාගේ යටි පතුල් පැලිලනම් කතුරුමුරුංගා කොල යුෂ සමග බටර් ටිකක් මිශ්‍ර කරලා රාත්‍රියේ නින්දට පෙර ආලේප කරලා නිදාගන්න...මාසයක් කරලා බලන්නකෝ කකුල් දෙක ලස්සන වෙයි...

5️⃣අළු පුහුල් නිතරම ආහාරයට ගැනීමෙන් ඔබට මහත් වීමට පුලුවන් ...

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

🥰ලස්සන වෙන්න කෝමාරිකා භාවිතා කළ හැකි ක්‍රමකෝමාරිකා ජෙල් සම පුනර්ජීවනය කිරීමට කටයුතු කරන අතර එය ඔබේ සම නැවුම් පෙනුමක් ලබා...
05/03/2022

🥰ලස්සන වෙන්න කෝමාරිකා භාවිතා කළ හැකි ක්‍රම

කෝමාරිකා ජෙල් සම පුනර්ජීවනය කිරීමට කටයුතු කරන අතර එය ඔබේ සම නැවුම් පෙනුමක් ලබා දෙනවා. ඒ නිසාම කොමාරිකා විශිෂ්ට මොයිස්චරයිසර් එකක් විදියට හඳුන්වන්නට පුලුවන්.ඒ විතරක්ම නෙවෙයි, කුරුලෑ සහ කුරුලෑ කැළල් සුව කිරීමට මෙන්ම ඔබේ සම අවපැහැ ගැන්වීම අඩු කර ස්වභාවික දීප්තියක් ලබා දීමට කෝමාරිකා උපකාරී වෙනවා.එපමණක් නොව සම රැළි වැටීම් දුරු කර නොමේරු වයසට යාම වලක්වාලීමට කොමාරිකා වලට හැකියාව පවතිනවා.

🔸කෝමාරිකා සහ කහ.

අවශ්‍ය ද්‍රව්‍ය

• කහ ස්වල්පයක්.
• කෝමාරිකා ජෙල් තේ හැදි 1 ක්.
• මී පැණි තේ හැන්දක්.
• රෝස වතුර බිංදු කිහිපයක්.

ක්‍රමය

• ඉහත සියලුම අමුද්‍රව්‍ය මිශ්‍ර කර පේස්ට් එකක් සාදන්න.
• දැන් එම පේස්ට් එක මුහුණේ සහ බෙල්ලේ ඒකාකාරව ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හරින්න.
• අවසානයේ මද උණුසුම් ජලයෙන් සෝදා පිරිසිදු තුවායකින් වියලා ගන්න.
ඉතින් ඵලදායි ප්‍රතිඵල ලබා ගැනීමට නම් මෙම සත්කාරය සතියකට දෙවරක් කිරීම ප්‍රමාණවත් වෙනවා. මෙම සත්කාරයේ ඇති විශේෂත්වය වන්නේ කහ අඩංගු වීමයි. එබැවින් දිලුලන, පැහැපත් සමක් ලබා ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට මෙම සත්කාරය භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.

🔸කෝමාරිකා සහ පැපොල් .

( සාමාන්‍ය සම, මිශ්‍ර සම, තෙල් සහිත සම සහ පරිණත සමක් ඇති අය සඳහා මෙම සත්කාරය සුදුසු වේ.)

අවශ්‍ය ද්‍රව්‍ය

• ඉදුණු පැපොල් කෑලි 2-3ක්.
• කෝමාරිකා ජෙල් තේ හැඳි 2ක්.
• රෝස වතුර තේ හැඳි 2 ක්.

ක්‍රමය

• පැපොල් කෑලි පොඩි කර මෙයට කෝමාරිකා සහ රෝස වතුර එකතු කර සියල්ල මිශ්‍ර කරන්න.
• දැන් එම මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි 10-12 අතර කාලයක් තබා ගන්න.
• අවසානයේ සාමාන්‍ය හෝ සිසිල් ජලය භාවිතයෙන් එය සෝදා හරින්න.
මෙම සත්කාරය සතියකට වරක් හෝ දෙවරක් භාවිතා කිරිම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම පැපොල් එකතු කිරීම හේතුවෙන් මෙම සත්කාරය ස්වභාවික රසායනික පිටකිරීමේ කාරකයක් ලෙස ක්‍රියා කරනු ලබනවා. ඒ වගේම නැවුම්, දිදුලන සහ දීප්තිමත් සමක් ලබා ගැනීමට මේ සත්කාරය භාවිතයෙන් ඔබට පුලුවන්.

ඔබත් නීරෝගී, පැහැපත් ,දිදුලන සමක් ලබා ගැනීම සඳහා මේ ආකාරයට කෝමාරිකා භාවිතා කර බලන්න. ඔබට නිසැකවම ඵලදායි ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වනු ඇත.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.
— ජීවිත කාලේම නීරෝගිව ලස්සනට ඉන්න දවසට තුන් වරක් හෙල්ත් ටී බොන්න.

05/03/2022

දිනපතා වැඩි වේලාවක් ව්‍යායාම කිරීම තුලින් වැඩි ප්‍රතිපල ගන්න පුලුවන්ද?

Address

Pangiriwatta Mawatha
Mirihana
10250

Alerts

Be the first to know and let us send you an email when Health Tea Natural Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Health Tea Natural Beauty:

Share