07/05/2026
නමෝ බුද්ධාය !
ප්‍රීතිමත් ජීවිතයකට මෛත්‍රී භාවනාව..
භාවනාව කියන්නේ මොකක්ද ?
භාවනා කරනවා කියන්නේ
හිත වඩනවාට ඒ කියන්නේ අපි එදිනෙදා කෑම බීම අරගෙන අපේ ශරීරය රැකබලා ගන්නවා වගේම භාවනාවෙන් කරන්නෙත් අපේ හිත නීරෝගිමත්ව සුවපත්ව තියාගන්න පුරුද්දක් විදියට කරන වැඩපිළිවෙලක්. ඒක අපි කෑම බීම ගන්නා වගේම දිනපතා පුරුද්දක් විදිහට කල යුතු කරන්න ඕන වැඩක්..
අපි භාවනා කරන්න ඕන ඇයි?
අපේ හිත හරිම වේගවත් විශේෂයෙන් උඩු හිත, අපේ උඩු හිත හරිම කලබලකාරී ඇයි හිත එච්චර කලබල ?ඇත්තටම අපේ හිතටත් අපේ ඇඟට අපි නින්දෙන් විවේකයක් දෙනවා වගේම හොඳ විවේකයක් ඕන ඒත් අපේ හිත නින්දෙදිවත් විවේකයෙන් ඉන්න දන්නේ නැහැ. හිත නිතරම එහෙම දුවනවා අපි භාවනාවෙන් කරන්නේ දඟ දරුවෙක් කීකරු දරුවකු කරන්න එයාට ලස්සන සෙල්ලමක් කියලා දෙනවා වගේ දෙයක්. සෙල්ලම් බඩු ටිකක් දීලා ඒ දරුවා හික්මවනවා වගේ අපේ හිතට හිතන්න ගැලපෙන භාවනා අරමුණු එහෙම නැත්නම් හිතන්න විශේෂ වැඩපිළිවෙළක් හදලා දෙනවා අන්න එතකොට ඒ වැඩපිළිවෙලට අපේ හිත එකමුතු වෙනකොට අපේ හිත ගොඩක් සන්සුන් වෙනවා. ප්‍රීතිමත් එකක් බවට පත්වෙනවා ලොකු සහනයක් හිතට දැනෙනවා.
ඒක නම් තවදුරටත් පැහැදිලි කළොත් ඍෂිවරු කියලා තියෙනවා අපි දවසකට සිතුවිලි පරම්පරාවල් 72 000 ක් හිතනවා අපේ ශරීරයේ තියෙනවා නාඩි පද්ධතියේ නාඩි හැත්ත දෙදාහක් විද්‍යානුකූලව නම් අපි හිතන හැම සිතිවිල්ලකටම අදාලව නියුරෝපෙප්ටයිඩ් කියල අපේ නියුරෝන ස්නායු ආශ්‍රිතව රසායනික නිපදවනවා. නිකමට හිතන්න අපි ගොඩ දෙනෙක් නිතරම ඉන්නේ කනස්සල්ලෙන් අසුභවාදී සිතුවිලි වලින් හිත පුරවගෙන. සිතිවිලි වලින් වැඩිම ප්‍රමාණයක් අසුභවාදී සිතිවිලි මොකද අපි නිතරම අතීතයේ වෙච්ච පහුගිය දේවල් ගැන හිත හිත දුක් වෙනවා. ඉදිරිය ගැන බයෙන් ඒ ගැන හිතනව ඒ නිසා දැන් මේ මොහොතේ අපි කරන වැඩ අපි අවුල් කරගන්නවා භාවනාවෙන් කරන්නේ සමථ භාවනා කියන ක්‍රමවේදයේදී කරන්නේ හිත එක අරමුණක එක්තැන් කරන්න පුරුදු කරනවා එහෙම නැත්නම් එකම විෂයක් ගැන හිත හිතන්න යොමු කරවල හිත වඩාත් සංවිධානාත්මක කරනවා විපස්සනා භාවනාදී වෙන්නේ ඊටත් වඩා ගැඹුරු දෙයක් ඒ ගැන ඉදිරි ලිපියකින් මං කියලා දෙන්නම්.
භාවනා කරන්න කැමති ඒ ගැන ආධුනික කෙනෙකුට කියලා දෙන්න පුළුවන් සරල ඒ වගේම හොඳම භාවනා ක්‍රමයක් තමයි මෛත්‍රී භාවනාව මෛත්‍රී භාවනාවේදී කරන්නේ අපි මුලින්ම තමන් ගැන හොඳ ආදරණීය බවක් මිත්‍රශීලීකමක් මානසිකව ගොඩනගා ගන්නව ඒ මිත්‍රශීලී සිතුවිලි අනිත් අයටත් අපි ඉලක්ක කරලා සිතෙන් සෙත් පතනවා
මෛත්‍රී භාවනාවෙන් ගොඩාක් ප්‍රතිඵල ලැබෙනවා බුදුරජාණන් වහන්සේ ඒ ගැන විශේෂිත ප්‍රතිඵල එකොළහක් කියලා දීලා තියෙනවා.
ඒ තමයි මෛත්‍රී භාවනාව කරන කෙනාට ම හොඳ හැටි නිදාගන්න පුළුවන්. ඒ අය නපුරු හීන දකින්නේ නැහැ නින්දෙන් අවදි වෙද්දි හරිම ප්‍රබෝධමත් බවක් දැනෙනවා. ඒත් එක්කම එයාගේ පෙනුම ගොඩක් ප්‍රසන්න වෙනවා ආකර්ශනීය වෙනවා. හැම මනුස්සයෙක්ම එයාලව ප්‍රිය කරනවා. මනුස්සයෝ විතරක් නෙවෙයි. අපිට පියවි ඇසට නොපෙනෙන අමනුෂ්‍යයෝ නරක භූතාත්ම පවා එයාලට ගරු කරනවා ආදරේ වෙනවා. මෛත්‍රී භාවනා කරන කෙනාට ස්වභාවික විපත් ආපදාවලින් ඉබේටම ආරක්ෂාව ලැබෙනවා ඒ වගේම ඒ අයට වස විස ගිනි ආයුධවලින් කිසිම විපතක් කරන්න කාටවත් බැරි වෙනවා දෙවියෝ ඒගොල්ලන්ව ආරක්ෂා කරනවා වගේම තමයි එයාලගේ හිත හරිම සැහැල්ලු ප්‍රභාශ්වර එකක් බවට පත්වෙනවා භාවනා හොඳට වඩා ගන්න පුළුවන්කම ලැබෙනවා. හිත සමාධිමත් වෙනවා ඒ අයට මේ ජීවිතයේදීම ඉහළ අධ්‍යාත්මිකත්වය නිවන ලබාගන්න බැරි උනොත් අනිවාර්යෙන්ම ඊළඟ උපත ගොඩක් හොඳ එකක් බවට පත්වෙන බව බුදුහාමුදුරුවෝ කියල දීල තියෙනව හිතන්න මේ ප්‍රතිඵල ඔක්කොගෙන්ම ඊගාව ජීවිතේට දාලා එකයි බුදු හාමුදුරුවෝ කියලා දෙන්නේ. ඒ කියන්නේ අපි මෛත්‍රී භාවනා පුරුදු වෙනවනම් මේ ජීවිතයේදීම ප්‍රධාන ප්‍රතිඵල දහයක් ලැබෙනවා ොඳයි මං ඊළඟ ලිපියෙන් විස්තරාත්මකව කියල දෙන්නම් ඔයාලට මෛත්‍රී භාවනාව හොඳටම කරන විදියක් ඒ සඳහා ගොඩක් ක්‍රම තියෙනවා. අපි ඉදිරි ලිපිය වලින් වරින්වර ඉගෙන ගනිමු හොඳම ක්‍රම ය හොඳයි ඔයාලා මේ වගේ ලිපි මාලාවකින් මා හමුවෙන්න කැමති නම් ඔයාලගේ ඉල්ලීම් මට කමෙන්ට් කරන්න. විශේෂයෙන් දැනට ඔයාලා මෛත්‍රී භාවනාව වඩන විදිය කෙටියෙන් කමෙන්ට් කරන්න : )
සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා/ සියලු සත්වයෝ සුඛී සුවපත් භාවයට පත්වේවා!
හැමෝටම තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
මා ඔබේ යෝගා , භාවනා උපදේශක
චානක රුක්ෂාන්
(Diploma in yoga India / Diploma in counselling srilanka / level one Kundalani teacher (international yoga Alience)
Usi & An Angel reiki Master
“Namo Buddhaya!”
Loving-Kindness Meditation for a Joyful Life
What is meditation?
Meditation means cultivating the mind. Just as we nourish and take care of our body every day with food and drink, meditation is a practice that helps keep our mind healthy, peaceful, and balanced. It is something we should practice daily, just like eating and drinking.
Why should we meditate?
Our mind is extremely fast, especially the conscious mind. It is often restless and unsettled. Why is the mind so disturbed? Just as our body needs rest through sleep, the mind also needs deep rest. However, even during sleep, the mind does not truly know how to rest — it keeps running continuously.
What meditation does is similar to guiding a playful, restless child into becoming calm and disciplined by giving them a beautiful game to focus on. In the same way, meditation gives the mind a wholesome object or a meaningful process to focus on. When the mind becomes united with that process, it gradually becomes calmer, more peaceful, and joyful. A deep sense of relief and comfort arises within.
To explain further, ancient sages said that we experience around 72,000 streams of thoughts each day. In our body there is a vast network of energy channels. Scientifically speaking, every thought we think produces chemicals connected to our neurons and nervous system, known as neuropeptides.
If we reflect honestly, many of us spend most of our lives filled with worry and negative thoughts. We suffer thinking about the past, and we fear the future. Because of this, we disturb the present moment and the work we are doing now.
In Samatha meditation (calming meditation), the practice is to train the mind to stay focused on one object or one subject, helping it become more organized and peaceful. Vipassana meditation is even deeper than this, and I will explain it in a future article.
Loving-Kindness Meditation (Metta Bhavana)
One of the simplest and most beautiful meditation methods for beginners is Loving-Kindness Meditation.
In this meditation, we first develop feelings of love, kindness, and friendliness toward ourselves. Then we mentally extend those loving and compassionate thoughts toward others, wishing them well-being and happiness.
The Buddha explained that Loving-Kindness Meditation brings many benefits, including eleven special blessings.
Benefits of Loving-Kindness Meditation
A person who practices Loving-Kindness Meditation:
Sleeps peacefully
Does not experience disturbing dreams
Wakes up feeling refreshed and energized
Develops a pleasant and attractive appearance
Becomes loved and appreciated by others
Gains respect even from unseen beings and negative energies
Receives natural protection from dangers and disasters
Becomes protected from harm caused by poison, fire, or weapons
Receives protection from divine energies
Develops a light, radiant, and peaceful mind
Finds it easier to enter deep states of meditation and concentration
The Buddha also taught that if such a person does not attain the highest spiritual liberation in this life, they will certainly be reborn into a fortunate and beautiful future existence.
Think about it — out of all these blessings, only one relates to the next life. That means the other ten benefits can be experienced in this very life if we sincerely practice Loving-Kindness Meditation.
In my next article, I will explain in detail how to properly practice Loving-Kindness Meditation. There are many methods, and we can gradually learn the best techniques together through future articles.
If you would like to continue reading this kind of article series, please leave your thoughts and requests in the comments. Also, feel free to briefly share how you currently practice Loving-Kindness Meditation. :)
“Sabbe Satta Bhavantu Sukhitatta”
May all beings be happy, peaceful, and well.
May the blessings of the Triple Gem be with everyone. May divine blessings protect you all.
Chanaka Rukshan
Your Yoga & Meditation Instructor,
Diploma in Yoga – India
Diploma in Counselling – Sri Lanka
Level One Kundalini Teacher – International Yoga Alliance
USUI & Angel Reiki Master