Mental Health Unit - RDHS, Monaragala

Mental Health Unit - RDHS, Monaragala We are the Mental Health Unit of RDHS, Monaragala

ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී නිලධාරීන් සදහා මනෝවෛද්‍ය ප්‍රථමාධාර කුසලතා හා මනෝ උපදේශක කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත් වැඩමුළු...
20/03/2026

ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී නිලධාරීන් සදහා මනෝවෛද්‍ය ප්‍රථමාධාර කුසලතා හා මනෝ උපදේශක කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත් වැඩමුළුවක් තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගිය දිනෙක(19.03.2026 )පවත්වන ලදි.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විශේෂඥ මනෝවෛද්‍ය වරුන්ගේ සංගමය එක්ව මොනරාගල දිස්ත්‍රික්කයේ සංවිධානය කරන ලද මෙම වැඩ සටහන් මාලාවේ පස්වන වැඩ සටහන ලෙස මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා සංවර්ධන නිලධාරින් සහ තණමල්විල ,සෙවනගල හා කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඉලක්ක කරගනිමින් පැවැත්වූහ.

මෙම වැඩසටහන බිබිල රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය ඊ.ඩී.සම්පත් මහතා,මොනරාගල දිසා වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය සංජය මධුසංක මහතා,මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ මානසික වෛද්‍ය ඒකකයේ හෙද නිලධාරි ලලිත් දාබරෙ යන මහත්වරුන්ගේ සම්පත් දායකත්වය සමඟ ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි.

20/03/2026
ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී නිලධාරීන් සදහා මනෝවෛද්‍ය ප්‍රථමාධාර කුසලතා හා මනෝ උපදේශක කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත් වැඩ මුළ...
16/03/2026

ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී නිලධාරීන් සදහා මනෝවෛද්‍ය ප්‍රථමාධාර කුසලතා හා මනෝ උපදේශක කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත් වැඩ මුළුවක් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පසුගිය (12) දින පවත්වන ලදි.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විශේෂඥ මනෝවෛද්‍ය වරුන්ගේ සංගමය එක්ව මොනරාගල දිස්ත්‍රික්කයේ සංවිධානය කරන ලද මෙම වැඩ සටහන් මාලාවේ සිවුවැනි වැඩ සටහන ලෙස මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා සංවර්ධන නිලධාරින් සහ සියඹලාණ්ඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඉලක්ක කරගනිමින් පැවැත්වූහ.

මෙම වැඩසටහන බිබිල රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය ඊ.ඩී.සම්පත් මහතා,මොනරාගල දිසා වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය සංජය මධුසංක මහතා,මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ මානසික වෛද්‍ය ඒකකයේ හෙද නිලධාරි ලලිත් දාබරෙ යන මහත්වරුන්ගේ සම්පත් දායකත්වය සමඟ ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි.

හදිසි ආපදා තත්ව වලදී සාමාන්‍ය ජනතාව සමග ඍජුව ගනුදෙනු කරන නිලධාරීන්ගේ මනෝවෛද්‍ය විද්‍යා දැනුම හා කුසලතා වර්ධනය කිරීමේ අරම...
05/03/2026

හදිසි ආපදා තත්ව වලදී සාමාන්‍ය ජනතාව සමග ඍජුව ගනුදෙනු කරන නිලධාරීන්ගේ මනෝවෛද්‍ය විද්‍යා දැනුම හා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් ,
ශ්‍රීලංකා මනෝවෛද්‍ය වරුන්ගේ සංගමය මූලිකත්වයෙන් සංවිධානය කරන වැඩසටහන් මාලාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ තුන්වන වැඩසටහන අදදින පවත්වන ලදි.

ඒ සදහා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුබද්ධ ආර්තික සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීනුත්,
වැල්ලවාය හා මොණරාගල සෞක්‍ය වෛද්‍යනිලධාරී කාර්‍යාලවල ප්‍රජා සෞක්‍ය පරීක්ෂක වරුන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනුත් මේ වැඩසටහනට සහභාගි විය.

හදිසි ආපදා තත්ව වලදී සාමාන්‍ය ජනතාව සමග ඍජුව ගනුදෙනු කරන නිලධාරීන්ගේ මනෝවෛද්‍ය විද්‍යා දැනුම හා කුසලතා වර්ධනය කිරීමේ අරම...
20/02/2026

හදිසි ආපදා තත්ව වලදී සාමාන්‍ය ජනතාව සමග ඍජුව ගනුදෙනු කරන නිලධාරීන්ගේ මනෝවෛද්‍ය විද්‍යා දැනුම හා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් ,
ශ්‍රීලංකා මනෝවෛද්‍ය වරුන්ගේ සංගමය මූලිකත්වයෙන් සංවිධානය කරන වැඩසටහන් මාලාවේ මොනරගල දිස්ත්‍රික්කයේ දෙවන වැඩසටහන අදදින පවත්වන ලදි.

ඒ සදහා මැදගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුබද්ධ ආර්තික සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීනුත්,
බිබිල හා මැදගම සෞක්‍ය වෛද්‍යනිලධාරී කාර්‍යාලවල ප්‍රජා සෞක්‍ය පරීක්ෂක වරුන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනුත් මේ වැඩසටහනට සහභාගි විය.

හදිසි ආපදා තත්ව වලදී සාමාන්‍ය ජනතාව සමග ඍජුව ගනුදෙනු කරන නිලධාරීන්ගේ මනෝවෛද්‍ය විද්‍යා දැනුම හා කුසලතා වර්ධනය කිරීමේ අරම...
12/02/2026

හදිසි ආපදා තත්ව වලදී සාමාන්‍ය ජනතාව සමග ඍජුව ගනුදෙනු කරන නිලධාරීන්ගේ මනෝවෛද්‍ය විද්‍යා දැනුම හා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් ,
ශ්‍රීලංකා මනෝවෛද්‍ය වරුන්ගේ සංගමය මූලිකත්වයෙන් සංවිධානය කරන වැඩසටහන් මාලාවේ මොනරගල දිස්ත්‍රික්කයේ පලමු වැඩසටහන අදදින පවත්වන ලදි.

ඒ සදහා මොනරගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුබද්ධ ග්‍රාමනිලධාරී හා ආර්තික සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීනුත්,
මඩුල්ල,බුත්තල හා බඩල්කුඹුර සෞක්‍ය වෛද්‍යනිලධාරී කාර්‍යාලවල ප්‍රජා සෞක්‍ය පරීක්ෂක වරුන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනුත් මේ වැඩසටහනට සහභාගි විය.

12/02/2026

ආතතියෙන් තොරව විභාග ජයගනිමු

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් සඳහා විශේෂ සායනයක් සෑම මසකම තෙවන බ්‍රහස්පතින්දා දිනකම සෙවනගල ප්‍රාදේශීය රෝහලේදී, වැල්ලවාය විශ...
18/06/2025

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් සඳහා විශේෂ සායනයක් සෑම මසකම තෙවන බ්‍රහස්පතින්දා දිනකම සෙවනගල ප්‍රාදේශීය රෝහලේදී, වැල්ලවාය විශේෂඥ මනෝ වෛද්‍ය සුදර්ශනී පටබැඳිගේ මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

2025.06.12 දින මොනරාගල, බඩල්කුඹුර සහ මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පෙර පාසල් ගුරුවරුන් සඳහා පැවැත්වූ වැඩසටහන.මෙහ...
18/06/2025

2025.06.12 දින මොනරාගල, බඩල්කුඹුර සහ මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පෙර පාසල් ගුරුවරුන් සඳහා පැවැත්වූ වැඩසටහන.

මෙහිදී
ළමා මානසික සංවර්ධනය සහ මානසික ගැටලු.
සතිමත්බව
යන මාතෘකා සාකච්ඡා විය.

වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දුන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ, විශේෂඥ මනෝ වෛද්‍ය, වෛද්‍ය සමීර රුවන්ප්‍රිය මහතා හට මාගේ ගෞරවනීය ස්තූතිය පුද කරන අතර,

වැඩසටහන සංවිධානය කිරීම සඳහා සහයෝගය ලබා දුන, දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලයේ මුල් ළමා විය සංවර්ධන නිලදාරී සුධීර මහතා මූලික, මොනරාගල, බඩල්කුඹුර, මඩුල්ල මුල් ළමා විය නිලධාරීන් වන, කල්පනී මහත්මිය, චානක මහත්මා සහ මදුශිකා මහත්මියටත් ස්තූතිය පුද කර සිටිමි.

වෛද්‍ය තාරක ජයලත්,
අංශ භාර වෛද්‍ය නිලධාරී - මානසික සෞඛ්‍ය ඒකකය,
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය,
මොනරාගල.

සෑම බ්‍රහස්පතිනදා දිනකම ප.ව 2.00ට, වැල්ලවාය මූලික රෝහලේදී ළමා මානසික සෞඛ්‍ය සායනයක් පැවැත්වෙන අතර, එදිනට ළමුන් යොමු කල හ...
23/03/2025

සෑම බ්‍රහස්පතිනදා දිනකම ප.ව 2.00ට, වැල්ලවාය මූලික රෝහලේදී ළමා මානසික සෞඛ්‍ය සායනයක් පැවැත්වෙන අතර, එදිනට ළමුන් යොමු කල හැක.
ස්තූතියි.

Address

RDHS Office
Monaragala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94552276362

Alerts

Be the first to know and let us send you an email when Mental Health Unit - RDHS, Monaragala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mental Health Unit - RDHS, Monaragala:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram