27/01/2026
ගෑස්ට්‍රයිටීස් මට්ටු කරන ඖෂධීය දිය බත් 💚
--------------------------------------------------------------------------------------
සුභ උදෑසනක් හැමෝටම 😇
මේ තියෙන්නේ මං අද උදේට කන්න හදාගත්තු දියබත් එක.
මේ දියබත් එක ඖෂධීය ගුණයෙන් වැඩී වගේම හරිම රසවත්.
⭕බඩේ දැවිල්ල
⭕හුස්ම ගැනීමේ අපහසුතාවය
⭕වමනය /ඔක්කාරය
⭕බඩේ ඇතිවන වේදනාව
මේ සියල්ලටම ගෙදර ඉදන් හදාගන්න පුලුවන් බෙහෙත තමයි මේ.
ගෑස්ට්‍රයිටීස් කියන රෝගය අද බහුලව ගොඩක් අයට තියනවා. ආයුර්වේදයේ අපි කියන්නේ අම්ල පිත්ත රෝගය කියලා.
හැමදාම රෝහල් වලයි ,ක්ලීනික් වලයි බඩ ගගා බෙහෙත් පෙති මාස ගණන් බීලා වකුගඩු ,පෙණහලු සවුත්තු කරගන්නෙ නැතුව
ගෙදර තියන දේවලින්ම මේ බෙහෙත හදාගන්න.
දිය බත අද කාලේ අය දන්නෙවත් නැතුව ඇති.
ඒත් ඉස්සර කාලේ පැරැන්නන් උදේට කෑවේ මේක තමයි.
මේ සඳහා අවශ්‍ය මූලිකම දේ බත්.
ඉස්සර නම් මේ බත් වලට යොදාගත්තේ
සුවඳැල් වගේ හාල් වර්ග. ✔️
එම හාල් තමයි අපගේ පාරම්පරික සහල්. අදවන විට ලංකාවේ අපටම ගන්න වෙලා තියෙන්නෙ ටිකක් මිල අධිකව තමයි.
මේ දියබත නිවැරදිව සාදාගන්නේ කොහොමද?
දියබතට අවශ්‍ය වන්නේ පෙරදා රාත්‍රියේදි ඉතිරි වූ බත්.
මං මේක හදාගත්තෙත් එහෙම.
ඒවට තමයි අපි හීල් බත් කියන්නේ.
හීල් කියන්නෙ සිසිල් කියන එක.
කතාවට කියනවනෙ " උණුවෙන් උයල තියන බත් එක හීල් වෙන්න කලින් කන්න" කියලා.
ඒ කියන්නේ සීතල වෙන්න කලින් කන්න කියලනෙ.
රාත්‍රීයේ ඉතිරිවන බත් උදෑසනම සීතලට තමයි තියෙන්නේ. මේ සීතල නිසා අපේ ශරීරයේ ඇති දැවිල්ල නැති කරන්න මේ බත් එකට පුලුවන්.
හරි දැන් එහෙනම් දියබත් එක හදමු.
මුලින්ම මං කිව්ව හීල් බත් ස්වල්පයක් ගන්න.
ඒකට රතු ලූණු ගෙඩි කිහිපයක් ගන්න.
සෝදා පිරිසිදු කරගත් කරපිංචා ,අමුමිරිස් කරලක් හෝ දෙකක් ,ලුණු ස්වල්පයක් ,රස අනුව සීනි ටිකක්.
මේක සීනි නැතුව උනත් කන්න පුලුවන් .
රස වැඩිවෙන්න සීනී දැම්මට කමක් නෑ. මමනම් සීනි චුට්ටක් දැම්මා.
දැං වංගෙඩියක් ඕන.
නැත්තම් බ්ලෙන්ඩර් එකක් හරි කමක් නෑ.
තව මේකට පොල් කිරිත් ඕන.
හීල් බත් ටිකකට පොල් කිරි ස්වල්පයක් දමා හොඳින් මිශ්‍ර කරගන්න.
ඒකටම රතු ලූණු ,කරපිංචා ,අමුමිරිස් සිහින්ව කපාගෙන මිශ්‍ර කරගන්න.
රස අනුව ලුණු දාන්න. සීනි අවශ්‍යනම් දාගන්න.
දැන් මිශ්‍ර කර භාජනයකට දාගෙන හැන්දක් ආධාරයෙන් හොඳින් රස බලන්න.
උදේට උයන ඔයාට මේක හදාගන්න ඕන අමුද්‍රව්‍ය ටික කලින්ම සූදානම් කරගන්න පුලුවන් .
බත් ටිකක් කලින් දවසෙ රෑ අරන් තියාගන්න.
උදේට උයන පොල්කිරි ටිකකුත් වෙන් කරගන්න.
ලූණු,කරපිංචා ,අමුමිරිස් ටිකත් වෙන් කරගන්න.
හිස් බඩ උදෑසනම මෙය ආහාරයට ගන්න.
ලොකු කුඩා ඕනෑම කෙනෙකුට මේක කන්න පුලුවන් . දැන් ඉන්න පරම්පරාවේ පොඩි අය මේක කාල නැතුවත් ඇති. ඒත් එහෙම හදල දෙනවනම් ඒ අම්මලට මං මුලින්ම රෙස්පෙක්ට් කරනවා. මොකද අනවශ්‍ය රසකාරක නැති ඖෂධීය කෑම වේලක්. රෝග සුවපත් කරන බෙහෙතක්. මෙය හුරු කිරීම ඉතාම වැදගත්. චූටි බබලාට කෑම කවනකොට මේ වගෙ දියබත් චුට්ටක් ඉඳල හිටල කවන්න.
ඒ වගෙම වැඩිහිටි ඔබට ගෑස්ට්‍රයිටීස් ඇත්නම් මෙම දියබත් ආහාරය සති 3 ක් නොකඩවා උදෑසන හිස්බඩ ආහාරයට ගන්න. ව්‍යායාම කරන කෙනෙක්ට වුණත් මේ දියබත් කාල ව්‍යායාම කරන්න පුලුවන් .
ඔබේ රෝග ඔබ විසින්ම ඇතිකරගන්නා ඒවා බව මතක තබාගන්නා. එයට විසඳුමත් ඔබ සතුව ඇති බව සිහිපත් කරගන්න.
කාලය, මුදල් නාස්ති නොකර මේ ඖෂධීය දියබත හදාගෙන බලන්න.
සුව වුණ පසු කියන්න. ස්තූතියි .
ආරෝග්‍යා පරමාලාභා- නිරෝගිකම පරම සැපතයි. 🌿
මං ආයුර්වේද වෛද්‍ය: සදීෂා පීරිස් ✍️ ❤️
Sri Rawana Hela Osu Pvt Ltd
නිරෝගිකමේ හෙළ රහස
Secret of Health 💚