Dr.Madhuma Perera-Homoeopathic Consultant

Dr.Madhuma Perera-Homoeopathic Consultant By Dr.Madhuma Perera(B.H.M.S)

This page is for the ones who are really interested about the cure from Homoeopathic method of treatments and this is created as an aid for the suffering community who believes in Homoeopathy.

22/06/2025

🌿 Homeopathy Treatments for a Healthier Life! 🌿
Experience natural healing with no side effects and regain your well-being.

✅ Safe and effective natural treatments
✅ Experienced and trusted medical care

Book your appointment today for a healthy, comfortable lifestyle!
📍 Location – Moratuwa
📞 Call now: 077 230 5149

25/12/2024

Wishing you and your loved ones a Merry Christmas!

15/12/2024

අතුරු ආබාධ රහිත හෝමියෝපති ප්‍රතිකාර සදහා අදම යොමුවන්න.
👩‍⚕‍Dr.Madhuma Perera(B.H.M.S,NIH,Kolkata)
SLHMC-0311
☎️077 230 5149

27/02/2024

අතුරු ආබාධ රහිත හෝමියෝපති ප්‍රතිකාර සදහා අදම යොමුවන්න.

👩‍⚕‍Dr.Madhuma Perera(B.H.M.S,NIH,Kolkata)
SLHMC-0311
☎️0772305149 / 0755646141

ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි,නිරෝගී සම්පත්තියෙන් සපිරුනු,සියලු පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අව...
14/04/2023

ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි,නිරෝගී සම්පත්තියෙන් සපිරුනු,සියලු පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

The message that i got from one of my patients...This is the only happiness that a doctor can get from his or her patien...
16/01/2023

The message that i got from one of my patients...This is the only happiness that a doctor can get from his or her patients......saying that doctor "im perfectly ok with your medicine....."
Thank you Mr.Shantha for your true faith in homoeopathy.....

'piles සදහා හෝ: බාවිත කල දිනසිට මලබද්දය හෝ වියලීම කිසිදිනක මතු නොවීම විස්මයකි. ඉංලිස්ෂ් බෙහෙත් බාවිතයෙදි එම රෝගයන්ට දින 5ට පමනක් විරේක පෙති දුන්නත් නැවත අැතිවේ. අායුර්: බෙහෙත් වලදී උදේ සවස බීමට දෙන කල්කය කටුක තිත්ත හා කහට රසයෙන් යුත්ත බැව්න් හා ගැස්ට්රික් රෝගය වැඩිකරන නිසා සතියකට වඩා බාවිත කල නොහැක. මටනම් 100%ක්ම මෙම බෙහෙත් මිලකල නොහැකි දෙයකි. පාන්පිටි හා අනෙකුත් අහිතකර දේ කෑවත් හානිදායක බවක් අැති නොවීම පුදුමයක්. මට දැනෙන විදිහට piles සදහා ලොව තිබෙන හොදම ක්රමය හෝමියෝපති වේ.කල්ගත වුවද විස්වාසයෙන් අකන්ඩව බාවිත කල හැකිවීම මෙහි තවත් වාසියකි. හෝ නොතිබුනානම් ඉහත ජීරන පද්දති දෝෂයන් කිසිවිටක සුවකල නොහැක. කවුරු උනත් හෝමි: ගැන නොදැන සිටීම කර්මවිපාක වියහැක. අැත්තටම හෝ:මි. ඉගෙන ගත් අයට ප්රතිකාර කිරීම මගින් ලොකු පිනක්ද නියත වශයෙන්ම අත්වන බව මම තදින්ම විශ්වාස කරමි. මොකද අායුර්: තුල මහාරෝග පන්තියේ මුලටම තිබෙන බයානකම රෝගය ලෙස piles දක්වා අැත.නමුත් රෝගියාගෙන් රෝගියාට එකම රෝගය උනත් බලපාන අාකාරය එකිනෙකාට වෙනස් බව පෙන්වා දෙන්නේ හෝ: තුල පමනි. ප්රතිකාරද එ් අනුව වෙනස් නිසා රෝග සම්බන්දයෙන් එම නියමය ඉදිරිපත්කල විද්වතා ඉෂිවරයන්ට වඩා ප්රක්ඤාදික මිනිසකු යයි මමසිතමි. මෙම බෙහෙත් තරම් සෞව්ම්ය බෙහෙතක් ලොව කොහෙද කියලා නිතර හිතෙනවා. මෙම ශිල්පය ප්රගුන කරන්නෝ සැබවින්ම පින්වන්ත දෙවියන් වැනි මිනිසුන් කොටසකි. එ් වගේම දුර්ලබය. කවුරුන් හෝ මෙහි අගුන කියන්නෝ කිසිදු රෝගයක් නොසෑදුන අය වෙති. එවැනි අයට යහපතක් මෙමගින් කිසි දිනක නොලැබී යාමට වුවද හැක. එනම් මේ තුල අද්යාත්මික ලක්ෂන පවතින නිසා සිත දූෂිත අයට බෙහෙත් දීම අලකොලයක් මතට වතුර දැමුවා වගේ විය හැකි නිසා. all the best'

Happy new year 2023❤Wishes for a healthy and prosperous new year to you all and may this new year brings you the most pr...
01/01/2023

Happy new year 2023❤
Wishes for a healthy and prosperous new year to you all and may this new year brings you the most precious beautiful things as you expected...

සාමය,සතුට පිරි නීරෝගිමත් සුභ නව වසරක් වේවා...

❤🎅❤
25/12/2022

❤🎅❤

14/12/2022
🔴ගැස්ට්‍රයිටිස්(Gastritis)ගෑස්,බඩ දැවිල්ල වැනි විවිධ නම් වලින් හදුන්වන මෙම රෝගය අද සමාජයේ බෙහෙවින් ප්‍රචලිතව පවතින බැවින...
12/12/2022

🔴ගැස්ට්‍රයිටිස්(Gastritis)

ගෑස්,බඩ දැවිල්ල වැනි විවිධ නම් වලින් හදුන්වන මෙම රෝගය අද සමාජයේ බෙහෙවින් ප්‍රචලිතව පවතින බැවින් ඒ පිළිබඳව කරුණු කීපයක් මෙසේ දක්වමි.
කුඩා මහලු වයස් බේදයකින් තොරව ඇතිවන මෙම රෝගී තත්වය අපගේ ආමාශයේ ඇතුළු බිත්තියේ ඇති වන ප්‍රදාහයක් ලෙස සදහන් කීරීමට පුලුවන්.

⭕ගැස්ට්‍රයිටිස් වර්ග දෙකකි,

1.Acute Gastritis(කෙටිකාලීන)-දින 2-10ත් අතර කාලයක් පවති

2.Chronic Gastritis(දිගුකාලීන)-මාස ගණනාවක් සහ අවුරුදු ගණනාවක් දීර්ඝකාලීව පවති.

⭕හේතු සාධක

1.නිවැරදිව ආහාර වේල් නොගැනීම
2.අධික ලෙස තේ,කෝපි පානය කිරීම
3.දුම් පානය
4.මද්‍යසාර භාවිතය
5.වේදනා නාශක ඖෂධ භාවිතය
6.ආහාර ජීර්ණ පද්ධතිය තුල Helicobacter pylori නැමති බැක්ටීරියාව ආසාදනය වීම
7.ආසාත්මිකතා,දිලීර සහ වෛරස් ආසාදන
8.මානසික ආතතිය

⭕රෝග ලක්ෂණ

1.උදරයේ ඉහළ කොටසේ ඇතිවන කැක්කුම සහ දැවිල්ල
2.ඔක්කාරය සහ වමනය
3.බඩ පුරවා දැමීම
4.පපුව දැවිල්ල
5.කෑම අරුචිය
6.වාතය උගුරට පැමිණීම
7.ප්‍රධාන ආහාර වේල් අතරතුර බඩගිනි ඇති වීම
8.ලේ වමනය
9.කළු පාට මලපහ පිටවීම

මෙවැනි රෝග ලක්ෂණ සතියක් හෝ ඊට වැඩි දින ගණනක් පවති නම් අනිවාර්යයෙන්ම නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම තුලින් සංකුලතා අවම කරගත හැක.මෙම රෝග ලක්ෂණ නොසලකා හැරීම තුලින් අමාශය ආශ්‍රිතව තුවාල ඇතිවීමෙන් අධික ලෙස රුධිරය වහනය වීම සහ පිළිකා තත්වයන් වැනි බරපතල රෝගයන්ට පවා ගොදුරු විය හැකි බැවින් අප නිසැකවම අවධානය යොමු කල යුතුමයි.

මෙම රෝගී තත්වය හෝමියෝපති ඖෂධ භාවිතයෙන් සහ නිවැරදි ජීවන රටාවන් අනුගමනය කිරීම තුලින් නිට්ටාවටම සුව කර ගත හැක.
එබැවින් අතුරු ආබාධ රහිත හෝමියෝපති ප්‍රතිකාර සදහා අදම යොමුවන්න.

👩‍⚕‍Dr.Madhuma Perera(B.H.M.S,NIH,Kolkata)
SLHMC-0311
☎️0772305149

04/12/2022

පුද්ගලයෙක් කාලයක් තිස්සේ සහ දැඩි ලෙස ආතතියෙන් නම් ඉන්නේ, ඒ නිසා ගොඩක් අහිතකර බලපෑම් පුද්ගලයා තුළ ඇතිවෙනවා. අද ලිපියෙන් කතාකරන්නේ ඒ විදිහට කාලයක් තිස්සේ ආතතිය තිබීම නිසා, එහෙමත් නැත්නම් දැඩි ආතතිය නිසා ඇතිවන අහිතකර තත්ත්වයක් ගැන.
ඒ තමයි Emotional Exhaustion.

පෞද්ගලික ජීවිතයේ හෝ රැකියා ජීවිතයේ හෝ මේ දෙකෙහිම හෝ ඇතිවෙන්න පුලුවන් විවිධ ගැටලු හේතුවෙන් පවතින ආතතිය නිසා කාලයත් එක්ක ඇතිවන දෙයක් තමයි මේ Emotional Exhaustion. සරළ අදහසක් මේ ගැන දෙනවා නම්, මානසික වශයෙන් සහ කායික වශයෙන් ලොකු වෙහෙසකර බවක්, පවතින තත්ත්වයන් තමන්ට පාලනය කරන්න නොහැකි බවක් පුද්ගලයාට මෙහිදී දැනෙනවා.

බොහෝ වෙලාවට එදිනෙදා ජීවිතයේ තිබෙන මානසික පීඩනයන්ට නිසි විසඳුම් ලබාගන්න පුද්ගලයන් එතරම් යොමුවන්නේ නැහැ. ඇතැම් වෙලාවට වෙන දෙයක් වෙයි කියලා හෝ කරන්න තවත් බොහෝ වැඩකටයුතු තිබෙන නිසා මානසික ආතතියෙන්ම ඉන්නවා. අවසානයේ කාලයත් එක්ක මානසික වශයෙන් මෙන්න කායික වශයෙන්ද අහිතකර දේවල් ආතතිය නිසා ඇති වෙනවා.

Emotional exhaustion කියන්නේ මානසික රෝගී තත්ත්වයක් නොවෙයි. නමුත් මේ නිසා වෙනත් මානසික සහ ශාරීරික ගැටලුකාරී තත්ත්වයන් ඇතිවෙන්න පුලුවන්.
Depression, Anxiety, Insomnia, Burnout, වැනි තත්ත්වයන් මෙන්ම අධි රුධිර පීඩනය, නිතර නිතර අසනීප ඇතිවීම, බර වෙනස් වීම, වැනි තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.

මුලින්ම අපි බලමු මේ emotional exhaustion ඇතිවීමට බලපාන පුලුවන් හේතූන් මොනවාද කියලා.

⁃ පවුල් ආරවුල් සහ දික්කසාද වීම්
⁃ ආර්ථික ගැටලු
⁃ අකමැති රැකියාවක නියලීම
⁃ රැකියාවේ අධික කාර්‍ය්බහුලත්වය
⁃ වැඩ කරන රැකියා පරිසරයේ විවිධ ගැටලු
⁃ කුඩා දරුවෙක් සිටීම
⁃ හුදකලා බව සහ අන් අයගේ සහයෝගයක් නොමැති වීම
⁃ නිසි නිවසක් හෝ වාසස්ථානයක් නොමැති වීම
⁃ අධ්‍යාපන වැඩකටයුතු සමඟ කාර්‍ය්බහුලත්වය
⁃ විවිධ ශාරීරික රෝගාබාධ නිසා පීඩා විදීම
⁃ සබඳතා වල නිතර ගැටලු ඇතිවීම සහ පීඩා විදීම

එම තත්ත්වයන් ඔස්සේ පීඩනය ඇතිවන විට පුද්ගලයාට හිතෙනවා, තමන්ට කිසිම දෙයක් පාලනය කරගන්න බැරි තත්ත්වයක ඉන්නේ කියලා. වෙන කරන්න දෙයක් නැහැ, තමන්ගෙ ජීවිතය යමකට කොටුවී/ සිරවී කටයුතු කරනවා වගේ හිතෙනවා. ඒ ඔස්සේ ලොකු ආතතියකට පත් වෙනවා.

දැන් අපි බලමු එම කාරණා නිසා ඇතිවිය හැකි emotional exhaustion තත්ත්වයේදී පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද කියලා.

⁃ අභිප්‍රේරණයක් නොමැති බව
⁃ නුරුස්නා බව
⁃ උදාසීන බව
⁃ තෙහෙට්ටුව
⁃ එතරම් සතුටක් නොමැති වීම
⁃ නොසැලකිලිමත් බව
⁃ මතකය සම්බන්ධ ගැටලු
⁃ අවධානය යොමුකිරීමේ ගැටලු
⁃ ඍණාත්මක සිතුවිලි
⁃ අතාර්කික කෝපය
⁃ යම් බියක් වැනි හැඟීම්
⁃ හිසරදය
⁃ නින්ද ආශ්‍රිත ගැටලු
⁃ ආහාර රටාව වෙනස් වීම

එම තත්ත්වයන් නිසා,
⁃ එදිනෙදා කාර්‍යය සාධනය පහත වැටීම
⁃ රැකියාට යාමට අකමැති වීම
⁃ රැකියාවේ විටින් විට නිවාඩු ගැනීම
⁃ අන් අය සමඟ යහපත් සබඳතා පවත්වාගන යාමට අපහසු වීම
⁃ ආත්මාභිමානය අඩුවීම
⁃ නිතර විවිධ ගැටලු ඇතිවීම
⁃ විවිධ අසනීප තත්ත්වයන් ඇතිවීම
වැනි දේවල් ඇති වෙන්න පුලුවන්.

දැන් මම සඳහන් කරන්නම්, emotional exhaustion තිබෙනවා නම් ඉන් මිදීමට සහ දැනට එය නොමැති අයට මින් ඉදිරියට එය ඇති නොවීමට කරන්න පුලුවන් දේවල් මොනවාද කියලා.

⁃ මූලිකම දෙය තමයි තමන් පීඩා විදින් ගැටලු වලට නිසි විසඳුම් ඉක්මනින් ලබාගන්න. වෙන දෙයක් වෙයිනේ වගේ දේවල් හිතමින් පීඩනයෙන් ඉන්න එපා.
⁃ ජීවිත් වීමට, කැමති දේවල් කරන්න අපිට අනිවාර්යෙන්ම මුදල් ඕන වෙනවා. නමුත් මුළු ජීවිතයම මුදල් නොවෙයි කියන එකත් අපි අවබෝධ කරගන්න ඕන.
⁃ හැකි හැමවිටම පෝෂ්‍යදායි ආහාර සහ ප්‍රමාණවත් ආහාර වේලක් ලබාගන්න
⁃ ප්‍රශ්න වලට විසඳුම් ලෙස හෝ සහනයක් අපේක්ෂාවන් දුම්පානය හෝ මත්පැන් පානය කරන්න එපා
⁃ ව්‍යායාම කිරීමට පුරුදු වෙන්න
⁃ තමන් කැමති විනෝදාංශයක නියලෙන්න
⁃ ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම
⁃ මනසට සැහැල්ලුවක් ලැබෙන ක්‍රියාකාරකම් වල නියලීම. (yoga, meditation)
⁃ හොඳ සමීප සබඳතා පවත්වාගැනීම සහ සබඳතා එක්ක කාලය ගතකිරීම.
⁃ ධනාත්මක ලෙස ජීවිතය දෙස බැලීමට හුරුවීම
⁃ රැකියාව සහ තමන්ගෙ පෞද්ගලික ජීවිතය සමබරව ගෙනයාමට හුරුවීම

තමන්ට තනිවම කරන්න පුලුවන් දේවල් තමයි මම ඒ සඳහන් කළේ.
නමුත් emotional exhaustion තත්ත්වය තමන්ට තනිව කළමනාකරණය කරගැනීමට නොහැකි නම්, කරන්න ඕන දේවල් තේරෙන්නේ නැතිනම්, ඔබට පුලුවන් මනෝ උපදේශන සේවාවක් ලබාගැනීමට යොමුවෙන්න.

Avishka Piyumal

මෙම මස 17 සහ 18 දෙදින ලුනාව විශුද්දාරාම විහාරස්ථානයේ දී නොමිලේ පවත්වන ලද හෝමියෝපති වෛද්‍ය සායනය....
19/09/2022

මෙම මස 17 සහ 18 දෙදින ලුනාව විශුද්දාරාම විහාරස්ථානයේ දී නොමිලේ පවත්වන ලද හෝමියෝපති වෛද්‍ය සායනය....

Address

No 53/4, Samagidam Place, Egodauyana
Moratuwa

Telephone

+94772305149

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Madhuma Perera-Homoeopathic Consultant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr.Madhuma Perera-Homoeopathic Consultant:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram