ActiLife Physio

ActiLife Physio Welcome to ActiLife physio, where healing meet empowerment! Relieve pain , Re-live life!

04/03/2026

🔷 Knee Osteoarthritis – Early Treatment Makes the Difference
Are you experiencing knee pain, stiffness, difficulty walking, or discomfort while climbing stairs?
These are common symptoms of knee osteoarthritis, a degenerative joint condition caused by gradual wear of the cartilage over time. If left untreated, pain and functional limitations can progressively worsen.
At ActiLife Physio, we provide:
✅ Evidence-based physiotherapy management
✅ Individualized rehabilitation programs
✅ Manual therapy and electrotherapy for pain relief
✅ Targeted muscle strengthening and joint stability training
With proper physiotherapy intervention:
• Pain levels can be significantly reduced
• Mobility and functional independence can be improved
• The need for surgical intervention may be delayed in early stages
In this video, our patient shares their genuine recovery experience after consistent treatment and adherence to a structured rehabilitation program.
Early diagnosis and early rehabilitation lead to better long-term outcomes.
If you are experiencing persistent knee pain, book a professional assessment today.
📍 ActiLife Physio – Gampaha
📞 071 986 5153

31/12/2025
🌟 ActiLife Back Care Pack – Your Back’s Best Friend! 🌟🛋️ Sitting long hours?💪 Feeling back stiffness or pain?It’s time t...
27/10/2025

🌟 ActiLife Back Care Pack – Your Back’s Best Friend! 🌟

🛋️ Sitting long hours?
💪 Feeling back stiffness or pain?
It’s time to give your back the care it deserves!

✅ What’s inside the pack:

Lumbar Support Cushion – Perfect for sitting comfortably

Back Stretching Strap – Gentle stretches for flexibility

Massage Ball – Relieves knots & tension

Heat Pack – Soothes sore muscles

Resistance Bands – Strengthens your back & core

Foam Roller & Posture Corrector

🎯 Benefits:

Improve posture

Reduce back pain

Enhance flexibility & strength

Price: Rs. 5499/=

🛒 Get yours today!
WhatsApp: 0719865153
📍 Visit us: 2/A/2, Gampaha Road, Miriswattha

✨ ActiLife – Because a healthy back is a happy back!

29/09/2025
13/02/2025

සියලුම අස්ථි , මාංශපේෂි ,ස්නායු වේදනා නිසි ප්‍රතිකාර මගින් නිට්ටාවටම සුව කර ගත හැකිය...

Call-0719865153
ActiLife Physio


ඔබත් කාලයක් තිස්සේ පවතින
*දණහිස් වේදනාවන්
*කොන්දේ වේදනාවන්
*බෙල්ලේ වේදනාවන්
*උරහිස් වේදනාවන්
*විලුඹ වේදනාවන්

ඇතුලූ මාංශපේෂී වේදනාවන්ගෙන් පෙලෙනවාද?

නැතහොත්
*අංශභාග රෝගයෙන්
*ආතරයිටිස් රෝගයෙන
*පාර්කින්සන්(parkinson disease)
*සයටිකා
*අත්ලෙහි මැණික් කටුව ආශ්‍රිත හිරිය (Carpal Tunnel Syndrome)

හෝ

අනෙකුත් ස්නායූ රෝග වලින්
පෙලෙන්නේද?

නැතහොත් ක්‍රීඩාවල නිරත ඔබගේ දුව/පුතා ක්‍රිඩා අනතුරු නිසා (sports injuries) පීඩාවට පත්ව සිටින්නේද?

එසේම ඔබගේ කුඩා දරුවාගේ
*බෙල්ලේ ඇදවීම්(Torticollis)
*කොන්දේ ඇදවීම් (scoliosis)
*උපතේදී ඇතිවන ආභාදයන්ගෙන් පෙලෙන්නේද?
(Cerebral palsy,spinabifida,development delay)

මේ සියලුම රෝගී තත්වයක් සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ලබා ගැනීමට හැකිය.

අමතන්න- 0719865153

Melani Dayarathna
Bsc. (Hons) physiotherapy
Dip.in sport & exercise science
Dry needling specialist

17/01/2025

Sciatica (සයටිකා)

සයටික් ස්නයුව කියන්නේ , කොදුඇට පෙලේ පහලම ප්‍රදේශයේ සුෂුම්නාවෙන් පටන්ගන්නා ස්නායුමූල පහක් එක්වීමෙන් සෑදෙන, මිනිස් සිරුරේ විශාලතම ස්නායුවයි.

එය තට්ටම, කලවා පිටුපසින් පහලට පාද දක්වා ගමන් කරන අතර පාදවලට ස්නායු සැපයුම සිදුකරන්නේ මෙම ස්නායුව මගිනි.

මෙම ස්නායුවට සිදුවන ආභාධයක් (තදවීමක්/ ඇදීමක්) හෝ තෙරපීමක් Sciatica රෝගී තත්වයට හේතුවක් විය හැක.

දැන් අපි බලමු සයටිකා රෝග ලක්ෂණ මොනවද කියලා,
____________________________

1. වේදනාව
*කකුලේ පිටුපස දිගේ විදුලියක් සේ පහලට දුවන වේදනාව
*කෙන්ඩා ප්‍රදේශයේ පවතින වේදනාව
*සමහර අවස්ථාවල කකුල් පනනැතිව යන ආකාරයේ වේදනාව

2. කකුලේ කෙන්ඩා වල, ඇගිලි වල, යටිපතුල් වල හිරිවැටීමක්, නලියෑමක් හෝ ඉදිකටුවලින් ඇනීමක් සේ දැනීම

3. සමහර විට දැනීමේ වෙනසක් ඇතිවිය හැක

සයටිකා ඇතිවීමට හේතු මොනවද?

1. ස්නායුව ආරම්භ වන ප්‍රදේශයේ අන්තර් කෂේරුක මඩල ලිස්සා යාම ( hurniated disc) නිසා ස්නායු මූලමත තෙරපීමක් ඇතිවීම මගින්

2. අන්තර් කෂේරුක මඩල පිපිරීමෙන් ඒ තුල ඇති ද්‍රව්‍ය නිසා ස්නායු මූලමත තෙරපුම ඇතිවීම මගින්

3. කොදුඇට පෙල දිරීමකට ලක්වීම මගින් කොදුඇට අතර ඉඩ අඩුවීම නිසා ස්නායුව තදවීම මගින්

4. සුෂුම්නාව පහලට ගමන්කරන මාර්ගය අවහිර වීම නිසා සුෂුම්නාව හා ඉන් ආරම්භ වන ස්නායු මූල තදවීම මගින්

5. එක් කොදු ඇටයක් මත අනෙක් කොදුඇටය ඉදිරියට ලිස්සා යාමනිසා ස්නායුව තදවීම මගින්

6. විවිධ හේතු නිසා කොදුඇට බිදීයාම හෝ පුපුරායාම නිසා එමගින් සිදුවන ස්නායු තදවීම මගින්

7. Piriformis Syndrome

පිරිෆෝමිස් මාංශපේෂිය තට්ටම ප්‍රදේශයේ පිහිටා ඇත. සයටික් ස්නායුවේ ගමන්මාර්ගය ඇත්තේ මෙම මාංශපේෂියට යටින් වන අතර මෙම මාංශපේෂියේ තදවීමක් නිසා සයටික් ස්නායුව තදවීමකට ලක්විය හැකියි. එමගින් කකුල දිගේ පහලට වේදනාව ගමන්කල හැක.

සයටිකා තත්වයට විවිධ වූ හේතු බලපාන බැවින් නිවැරදි රෝග විනිශ්චයකින් නිශ්චිත වූ ප්‍රතිකාර මගින් රෝග තත්වය මගහරවා ගත හැකියි.

එනිසා නියමිත රෝග විනිශ්චයක් සදහා යොමුවීම වැදගත් වේ. මේ සදහා විශේෂිත වූ භෞත චිකිත්සක ප්‍රතිකාර ඇති නිසා ඒ සදහා පිලිගත් භෞත චිකිත්සක වරයෙකු කරා යොමුවී ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත්ය.

Call for Appointment: 0719865153

Melani Dayarathna
Physiotherapist
SLMC Reg; 1220

28/10/2024

Cupping Therapy

අප සායනය තුළ cupping therapy නමින් හදුන්වන නිල ප්‍රතිකාරය සිදු කරනු ලබයි.

මෙහිදී ඖෂධ භාවිතාවකින් තොරව අතුරු ආබාධ වලින් තොරව රෝග සෑහෙන ප්‍රමානයකට ඉතාම සාර්තකව ප්‍රතීකාර කල හැක.

මෙමගින් ප්‍රතිකාර කරනු ලබන රෝග වන්නේ.

*හිසරදය, ඉරුවාරදය, දත් කැක්කුම, මාංශ පේශි වේදනාව, sciatica සහ වෙනත් විවිධ වේදනාවන්ට ප්‍රතිකාර කිරීමට එය භාවිතා කළ හැකිය.
*බඩේ රුදාව
*නින්ද නොයෑම
*අන්ශභාගය
*ආතරයිටිස්
*බෙල්ලේ කැක්කුම
*උරහිසේ කැක්කුම හා සිර වීම
*කොන්දේ කැක්කුම
*ක්‍රීඩා අනතුරු
*යටිපතුල් කැක්කුම
*ඔසප් චක්‍රයේ අස්ථාවර ස්වභාවය
*ළදරු රෝග
*කුරුලෑ
*සමේ රෝග
*දත් කැක්කුම

Melani Dayarathna
ActiLife physio
071-9865153

14/10/2024

මැද කොන්දේ වේදනාව....

වර්තමානයේ කොන්දේ වේදනාවෙන් පෙළෙන තරුණ තර්ණියන්ගේ ප්‍රමානය ඉහල ගොස් තිබෙනවා..මේ අතරින් මැද කොන්දේ වේදනාව සදාහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන අය විශාල වශයෙන් දැකිය හැකියි...මේ තත්වය සමග හුස්මගැනීමේ අපහසුතාව මෙන්ම කහින හා කිවිසුම් යන විට උදරය පපුව හා කොන්ද ආශිතව වේදනාවක් හට ගැනීමද දකින්නට පුලුවන්.

බොහෝවිට මේ තත්වය ඇතිවී තිබෙන්නේ කාර්‍යාල වල පුටුමත වාඩී වී එකම ඉරියව් වලින් බොහෝ වේලා සේවය කරන මෘදුකාන්ග ඉන්ජිනේරුවන් , බැන්කූ නිළදාරීන් , ලිපිකරුවන් පරිඝණක ක්‍රියාකරුවන්, ආදී රැකියා කරන අය අතර වීම සුවිශේශී කරුණක්...

දිනකට වැඩි වෙලාවක් ඉදගෙන සිටීමේදී උරස් කශේරුකා ( Thorasic Vertebra) එනම්
මැද කොදු නාරටිය සාදන අස්තී තද වීමට ලක්වෙනවා..මෙයට මූලික හේතුව වන්නේ මැද කොන්ද ආශ්‍රිත මාන්ශ පේශී අකර්මණ්‍ය වීමයි.

මෙම රෝගී තත්වය නිසා බොහෝ දෙනෙක් දැඩි කායික පීඩාවකට මෙන්ම දැඩි මානසික පීඩාවකට ලක්වෙන බව අපට පසක් වෙන කරුණක්.ඉතා තරුණ වියේදීම තමන්ට කොන්දේ ආබාධයක් ඇතිවීම ගැන බොහෝ දෙනෙක් පසුවන්නේ බොහෝ කනස්සල්ලෙන්...

ප්‍රථම කොට පැවසිය යුතු කාරණය වන්නේ මෙම රෝගී තත්වය ඉතා සරළ , සුවකිරීමට පහසු දරුණු නොවන රෝගාබාධයක් බවයි.මෙය ඇති වන්නේ වැරදී ඉරියව් වල වාඩී වී රැකියාව කරන විටයි..ඉරියව් නිවරැදි කරගැනීමෙන් මෙන්ම කොන්දේ ඒ අශ්‍රිත මාන්ශපේශී වල ක්‍රියාකාරිත්වය ඇති කිරීමෙන් මෙම රෝගී තත්වය සුව කල හැකියි.

ඔබටත් මෙම රෝගී තත්වය වැලදී ඇතැයි ඔබට පොඩි හෝ සැකයක් ඇත්නම් ඔබ කලයුත්තේ සන්ධී හා ඒ අශ්‍රිත රෝග සම්බන්ද භෞතචිකිත්සක ( Physiotherapist) වරයෙක් මුණගැසීමයි.ප්‍රදාන රජයේ රෝහල් වල හෝ බොහෝ ප්‍රදාන පෞද්ගලික රෝහල් වලදී ඔබට භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාගැනීමට පුලුවන්.

දීරගකාලීනව වේදනා නාශක පෙති භාවිතා කිරීම කොන්දේ ආබාද වලට විසදුම නොවෙයි.එමගින් තාවකාලිකව ඔබගේ වේදනාව සගවන අතර රෝගය සුවවීමට ලක් වන්නේ නෑ.ඒ වගේම වේදනා නාශක අවභාවිතාව මගින් අක්මාව , වකුගඩු වැනි වැදගත් අභ්‍යන්තර ඉන්ද්‍රීන් වලට හානී පමුණනවා..

ඉක්මනින් භෞතචිකිත්සක ප්‍රතිකාර වලට යොමු වීමෙන් රෝග රැසක් සුව කර ගැනීමට හැකියි..
ActiLife Physio

Melani Dayarathna
Bsc(Hons in Physiotheray)
Dip. in Sport & Exercise Science
0719865153

Address

2/A/2, Gampaha Road, Miriswattha
Mudungoda

Alerts

Be the first to know and let us send you an email when ActiLife Physio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share