
28/08/2025
⭕ නාරම්මල සුවපියස වෛද්‍ය මධ්‍යස්ථානයේදී මා වෙත රෝගියෙකු පැමිණියේ ඔහුගේ සිරුර කෙට්ටු වන බව පවසමින්
⭕වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහුට ගිලීමේ අපහසුතාවයක් ඇති බව මාවත පැවසුවේය
⭕ඉතා ඉක්මනින් කුලියාපිටිය රෝහලේදී මා විසින් කැමරා පරීක්ෂණය සිදු කළේය
⭕එහිදී දක්නට ලැබුණේ ගලනාලයේ පිළිකාවකි
⭕රෝගියාට මෙම අපහසුතාවය කලක සිට තිබුණු අතර අතර ගැස්ට්‍රයිටිස් සදහා ප්‍රතිකාර ගෙන ඇත
⭕පහත රුපයේ දක්වා ඇති පරිදි ගල නාලයේ පිළිකාව ඉතාමත් දරුණු තත්ත්වයේ පැවතුනා
⭕වැඩිදුර ප්‍රතිකාර සඳහා ආහාර මාර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුපුන් කුලතුංග මහතාට මා රෝගියා යොමු කළා
⭕ඔබටත් අපහසුතාවයක් ඇත්නම් නොසලකා හරින්න එපා
⭕මොකද මෙය කල් තියා අඳුනා ගැනීමෙන් ඔපරේෂන් එකක් මගින් නිට්ටාවට සුවකර ගත හැක
⭕නමුත් පිළිකාව පැතිරි තිබුණහොත් ජීවත්වන කාලය ඉතා අඩුය
⭕ ඔබට සුලු හෝ ගිලීමේ අපහසුතාවයක් ඇත්නම් මුලික අවස්ථාවේදීම විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුට හෝ විශේෂඥ ආහාර මාර්ගය පිළිබඳ වෛද්‍යවරයෙකුට නොපමාව පෙන්වා ගන්න
🔰කායික රොග පිලිබද විශේෂඥ වෛද්ය
බන්දුල සත්කුමාර