Arogya Medi Lab

Arogya Medi Lab For high standard medical reports

21/01/2025

රෑධිර සාම්පල ලබාගැනීමට හැකි පුහුණු සේවිකාවන් සදහා ඇබෑර්තු දෙකක් ඇත..
අමතන්න 0762360452

15/09/2024
Physiotherapy සම්බන්ධයෙන් ඇති සියලු ගැටලු දැන් ඔබට අප අයතනයට පැමිණ විසදා ගත හැක... අදම ඒ සදහා දිනයක් හා වේලාවක් වෙන් කරග...
09/05/2024

Physiotherapy සම්බන්ධයෙන් ඇති සියලු ගැටලු දැන් ඔබට අප අයතනයට පැමිණ විසදා ගත හැක... අදම ඒ සදහා දිනයක් හා වේලාවක් වෙන් කරගන්න..
ආරෝග්‍ය මෙඩි ලැබ් ..බස් නැවතුම්පොළ ඉදිරිපිට, මාතලේ පාර, නාඋල.

20/01/2024
ලියුකේමියාව මතුවන අයුරුලියුකේමියාව (Leukaemia) නමැති පිළිකා රෝගය පිළිබඳව අපි අසා ඇත්තෙමු ඇතැම් දෙනා මෙම පිළිකා රෝගයට පවස...
08/09/2023

ලියුකේමියාව මතුවන අයුරු

ලියුකේමියාව (Leukaemia) නමැති පිළිකා රෝගය පිළිබඳව අපි අසා ඇත්තෙමු ඇතැම් දෙනා මෙම පිළිකා රෝගයට පවසන්නේ ලේ වතුර වන රෝගය යෑයි කියාය.

ලියුකේමියාව යනු කුමක්‌ද?

අපගේ රුධිරය සෑදී තිබෙන්නේ රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්‌ටිකා සහ ප්ලාස්‌මාව යන කොටස්‌වලිනි. රතු රුධිරාණු මඟින් අවශ්‍ය ඉන්ද්‍රියයන් වෙත ඔක්‌සිජන්a සපයනු ලබයි. සුදු රුධිරාණු මඟින් ශරීරය විෂ බීජවලින් ආරක්‌ෂා කරනු ලබයි. රුධිර පට්‌ටිකා මඟින් අනවශ්‍ය ලේ ගැලීම්වලින් ශරීරය ආරක්‌ෂා කරයි.

මෙම රුධිර සෛල සහ රුධිර පට්‌ටිකා නිපදවන්aනේ අස්‌ථිවල මැද කොටසේ ඇති ඇටමිදුළුවලය. මේවා ක්‍රම ක්‍රමයෙන් පරිණත සෛල බවට පත්වේ.

ඇට මිදුලුවල මුලින්ම නිපදවන්නේ නොමේරූ සෛලය. (Blast Cells) මෙම නොමේරූ සෛල ක්‍රම ක්‍රමයෙන් පරිණත සෛල බවට වර්ධනයවේ. සමහර අවස්‌ථාවලදී මෙම නොමේරූ සෛල සාමාන්‍ය පරිණත සෛල බවට වර්ධනය නොවේ. එවිට එම සෛල අසාමාන්‍ය සෛල බවට පත්වේ. මෙම අසාමාන්‍ය සෛල රුධිරයට එක්‌වූ විට ලියුකේමියා රෝගය මතුවේ.

ලියුකේමියා රෝගය ඇති වීමට බලපාන හේතු මොනවාද?

ලියුකේමියා රෝගය ඇති වීම සඳහා නිශ්චිත හේතු කිව නොහැකියි. ඇතැම් ජානගත රෝග ඇති පුද්ගලයිනට ලියුකේමියා රෝගය ඇති වීමට පවතින ඉඩකඩ වැඩිය.

උදාහරණයක්‌ ලෙස ඩවුන් සින්ෙඩ්‍රාම් දරුවන් (Down Syndrome)හැඳින්විය හැකිය. ඊට අමතරව අනවශ්‍ය ලෙස විකිරණවලට නිරාවරණය වීමද පරමාණු අනතුරුවලට ලක්‌වී දිවි බේරාගත් අය පිළිකා සඳහා ප්‍රතිකාර වශයෙන් යොදා ගන්නා ඇතැම් ඖෂධ නිසාද පසුකාලීනව ඉතා කලාතුරකින් ලියුකේමියාව මතු විය හැකිය.

HTLV නමැති වෛරස ආසාදනය නිසා පසු කාලීනව ඉතා කලාතුරකින් ලියුකේමියාව රෝගය මතු වන බව හෙළිවී ඇත.

ලියුකේමියා වර්ග තිබේද?

ප්‍රධාන වශයෙන් ලියුකේමියා වර්ග හතරක්‌ ඇත.

ඉතා ඉක්‌මනින් වර්ධනය වන ලියුකේමියා (Acute Lymphoblastic Leukaemia) සෙමින් වර්ධනය වන ලියුකේමියා (Chronic Lymphoblastic Leukaemia) සහ සුදු රුධිරාණු වර්ගය අනුව ඇති වන ලියුකේමියා වර්ග දෙකක්‌ ඇත. (Acute Myeloid Leukaemia) සහ Chronic Myeloid Leukaemia)

කුඩා දරුවනට වැළඳෙන ලියුකේමියා අතර වැඩි ප්‍රමාණයක්‌ දක්‌නට ලැබෙන්නේ ඉතා ඉක්‌මනින් වර්ධනය වන ලියුකේමියාවය. Acute Leukaemia එයින් Acute Lymphoblastic ලියුකේමියාව බහුලව දැකිය හැකිය.

ලියුකේමියා රෝග ලක්‌ෂණ මොනවාද?

ඉතා ඉක්‌මනින් වර්ධනය වන ලියුකේමියා Acute Leukaemia වර්ග සහිත රෝගීන්ගේ රෝග ලක්‌ෂණ කෙටි කලක්‌ ඇතුළත දක්‌නට ලැබේ. එහිදී දින ගණනක්‌ පවතින උණ, කුද්දෙටි ඉදිමුව, ඇඟේ ලේ පැල්ලම් ඇතිවීම, විදුරු මස්‌, නාසය සහ මුත්‍රා මාර්ගයෙන් ලේ පිටවීම, ඇඟ සුදු මැලිවීම ආදී රෝග ලක්‌ෂණ දැකිය හැකිය.

සමේ ආසාදන, බඩ ඉදිමීම, අසූචි තද කළු පැහැයෙන් පිටවීම, විදුරුමස්‌ ඉදිමීම හා පිරිමින්ගේ වෘෂණ ඉදිමීම වැනි රෝග ලක්‌ෂණද සමහර අවස්‌ථාවලදී දක්‌නට ලැබේ.

සෙමින් වර්ධනය වන ලියුකේමියා රෝගවලදී (Chronic Leukaemia)) එම රෝගීන්ගේ රෝග ලක්‌ෂණ වසර දෙක තුනක්‌ යන තුරු දැකගත නොහැකිය.

මෙවැනි රෝගීන් බොහෝ විට හඳුනා ගන්නේ වෙනත් රෝගාබාධ සඳහා පරීක්‌ෂා කරනු ලබන අවස්‌ථාවලදීය.

නමුත් රෝගය පවතින කාලය තුළ අධික මහන්සිය, කුද්දෙටි ඉදිමීම, බඩ ඉදිමීම, හන්දිපත් අමාරුව ආදී රෝග ලක්‌ෂණ මතුවේ.

ලියුකේමියා රෝගය හඳුනා ගැනීමට ඇති පරීක්‌ෂණ මොනවාද?

පූර්ණ රුධිර පරීක්‌ෂාවකදී (Full Blood Count) ඇටමිදුලු පරීක්‌ෂාව මඟින් (Bone Marrow Biopsy), කුද්දෙටි ඉදිමී ඇති අවස්‌ථාවලදී ලබා ගන්නා කොටස්‌ පරීක්‌ෂා කිරීමෙන් (Fine Needle Aspiration Biopsy) සහ සුෂුම්නා තරලය ලබාගෙන සිදු කරන පරීක්‌ෂණ මඟින් ලියුකේමියා රෝගය හඳුනාගත හැකිය.

ලියුකේමියා සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

ලියුකේමියා සඳහා නිශ්චිත ප්‍රතිකාර සහ ආධාරක ප්‍රතිකාර ලෙස ප්‍රතිකාර ක්‍රම දෙකක්‌ භාවිතා කරයි.

නිශ්චිත ප්‍රතිකාර ලෙස යොදා ගන්නේ පිළිකා නාශක ඖෂධය. කලාතුරකින් විකිරණ ප්‍රතිකාරද යොදා ගනී.

10/06/2022

Address

Naula

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 14:00

Telephone

+94719062112

Website

Alerts

Be the first to know and let us send you an email when Arogya Medi Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Arogya Medi Lab:

Share