Shanthi Mental Helth Care

Shanthi Mental Helth Care Psychotherapist/Senior Psychological Counsellor Nawaloka Hospital Colombo Negombo Gampaha 0774071401

"අනේ මගේ දරුවා ගොඩක් වෙලා බාත්රූම් එකේ ඉන්නවා සමහර වෙලාවට පැය එකහමාරක් දෙකක් විතර , ඒ වගේම නිතර නිතර අත් හෝදනවා. සමහර වෙ...
20/11/2022

"අනේ මගේ දරුවා ගොඩක් වෙලා බාත්රූම් එකේ ඉන්නවා සමහර වෙලාවට පැය එකහමාරක් දෙකක් විතර , ඒ වගේම නිතර නිතර අත් හෝදනවා. සමහර වෙලාවට විනාඩි විස්සක් විතර යනවා. ඉන්නේ නිතරම කේන්තියෙන් . හැම දෙයක්ම පිළිවෙළට පිරිසිදුවට ඕනෑ . මේ පිරිසිදු වැඩිකම හින්දා එයාට කිසිම දෙයක් වෙලාවට කරගන්න බැහැ . "

මේ මගේ සේවය පතා දරුවකු සමග පැමිණි මවකගේ කතාවයි. එම දරුවා පැතුම් ලෙස හදුන්වමි . පැතුම් ඉගෙන ගත්තේ 11 වන පන්තියේ ය. පැතුම් ට මේ තත්ත්වය ඇතිවී බොහෝ කාලයකි. එහෙත් දැන් මේ තත්ත්වය එන්න එන්න ම වැඩිය. පැතුම් ගේ මව හිතුවෙ පැතුම් ට වැලදී ඇත්තේ බඩේ අමාරුවක් බවයි එමනිසා ඔහු වැඩි වේලාවක් නාන කාමරයේ රැදෙන බවත් වැසිකිළි යාම නිසා මෙසේ නිතරම අත පිරිසිදුවට තබන බවත් ය. පැතුම් ගේ මව බඩේ අමාරුව සදහා ලoකාවේ සිටින ඉහළ පෙලේ වෛද්‍යවරුන් සොයා ගියාය. එහෙත් පැතුම් ගේ බඩේ කිසිම ලෙඩක් නොතිබිණි . අවසානයේ ඇය මා සොයා පැමිණියේ මනෝ ප්‍රතිකාර සදහා ය .

පැතුම් ගේ කතාව මෙසේය . පැතුම් උදේ හතරට පමණ අවදි වී නාන කාමරයට යයි ඔහු එයින් එලියට එන්නේ පැය දෙකකට විතර පසුවය. නාන කාමරයේ කරාම අල්ලන්නේ ටිශූ කඩදාසි භාවිතයෙනි. ගෙදර බොහෝ බඩු භාන්ඩ අල්ලන්නේ ටිශූ කඩදාසිවලිනි. ගෙදර සිටින බල්ලාවත් පූසාවත් කිසිවිටෙකත් අල්ලන්නේ නැත . කුමන දෙයක් අත ගෑවුණත් ඒ සැනින්ම ගොස් සබන් යොදා බොහො වේලාවක් අත් සෝදයි. පැතුම් කරන සෑම වැඩේම පිළිවෙළට ම සිදුකරයි. ඒ පිළිවෙළ නිතර නිතර කරයි මේසය පිරිසිදු කිරීම එක්වරක් කලාට මදි එය නැවතත් පිරිසිදු කරයි. නිතරම ඉන්නේ කේන්තියෙන් . පාසල් වැඩ කරනවා ට වඩා පැතුම් කලේ පොත් පත් පිළිවෙළට පිරිසිදුවට තැබීමයි. පැතුම් ගේ කාමරයට කිසිම පිටස්තර කෙනෙක් ඇතුල්වනවාට ඔහු කැමති නැත . එසේ පැමිණියේ නම් කොට්ටා මෙට්ටා අව්වේ දමා ඇද ඇතිරිලි සෝදයි .

ඔබේ දරුවාත් වැඩිහියාත් මෙසේ විය හැකිය . මෙය සාමාන්‍ය තත්ත්වයක නොව OCD නම් මානසික තත්ත්වයයි. මේ සදහා ප්‍රතිකාර නොකර සිටියහොත් මේ තත්ත්වය උග්‍ර අතට පත් වුවහොත් ඔහුගේ කටයුතු අකර්මණ්‍ය වී සියදිවි නසා ගැනීමට පවා සිත් වෙයි. සමාජයේ මෙවැනි මානසික තත්ත්වය ඇති අය සියට පහලොවක් පමන ඇති බව පරීක්ෂණ වලින් හෙලිවේ. මෙම රෝගය පිට අයට පෙනෙන්නේ නැත . මෙම රෝග තත්ත්වය තිබුනද ඔහුට සාමාන්‍ය විදිහට ජීවිත් විය හැකිය .

මානසික රෝග ප්‍රධාන කොටස් දෙකක් වශයෙන් පෙන්වා දීමට පුළුවන. භයානක මානසික රෝග හා භයානක නොවන මානසික රෝග වශයෙනි. OCD භයානක නොවන මානසික රෝග කාන්ඩයට අයත් වෙයි. බොහෝ දේ නිතර නිතර කරන්නේ ඔහුට එන සිතුවිල්ලක් නිසාය. මෙය කරන්නේ කැමැත්තකින් නොවේ .. නැවත නැවත කරන්නේ සිතේ ඇතිවන සිතුවිල්ල නිසාය. එම සිතුවිල පාලනය කරගත නොහැකි සිතුවිල්ලකි. එනිසාම එය නැවත නැවතත් කරයි. එනිසාම එය රෝගයක් බවට පත්වෙයි . මෙය Obsessive Compulsive Disorder හෙවත් ග්‍රස්ථිය ක්ලමථඅක්‍රමිකතාව ලෙස මෙම රෝග තත්ත්වය හදුන්වයි.

පිළිවෙළට පිරිසිදුවට සිටීම ජීවිතයේ අoගයකි. එහෙත් මෙසේ එන වැඩට නැති සිතුවිල්ලක් නිසා රෝග තත්ත්වයක් බවට පත් වෙයි. තමුන් පිරිසිදු නැත යන සිතුවිල්ල සිතට එයි එවිට පිරිසිදු වෙයි. නැවතත් එම සිතුවිල්ලම එයි එවිටද පිරිසිදු වෙයි. මෙය වැඩකට නැති සිතුවිල්ලක් බවට වැටහුනත් , නැවත නැවතත් එන සිතුවිල්ල බලවත් වෙයි. එමනිසා ම ආයෙමත් එසේම කරයි.

එදිනෙදා කරන වැඩ කටයුතුවලටද එසේම ය. කරන ලද කාර්යය පිළිවෙළ මදි කියා නිතර නිතර සිතුවිලි එයි එනිසාම එය නැවත නැවත පිළිවෙළට පිරිසිදුවට කරයි.

මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය නම් නිතරම තරහ යාමයි. ආවේගශීලි වීමත් මෙහි ප්‍රධාන ලක්ෂණයයි.එයට හේතුව වන්නේ සෑමවිටම පිළිවෙළ අවශ්‍ය වීම නිසාය .එය තදින්ම බලපායි. මෙවැනි රෝගය ලක්ෂණ ඇති අය නිදා ගැනිමට යාමේදී දොර වසා ඇත්දැයි කියලා නිතරම බලයි එක්වරක් දොර පරික්ශාකර බලා පැමිණ නැවතත් පරික්ශාකර බැලීමට සිතුවිල්ලක් එයි. එසේ කිහිප වරක් කරනු ලබයි .මෙම රෝගය බරපතල වුවහොත් විශාදය දක්වා බරපතල විය හැකිය .

බොහෝ දෙනෙක් මෙය රෝගයක් බව දන්නේ නැත . මෙනිසා බොහෝ ප්‍රශ්න ඇතිවේ.

* පවුල් ප්‍රශ්න
* රැකියා ප්‍රශ්න

ජානමය සාධක මතද මේ රෝගය ඇතිවේ. මේ රෝගය සදහා ප්‍රතිකාර තිබේ . අධිසoවේදී පුද්ගලයකු නම් ප්‍රතිකාර කිරීමට බොහෝ කාලයක් ගත වෙයි. අඩුම වශයෙන් වසරක් පමණ ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝගය සුව කරගත හැකිය .

මෙය මනෝ උපදේශක වරයෙකු හෝ මනෝ චිකිත්සක වරයෙකු මගින් සුව කරගත හැකිය .

ශාන්ති කුමාරි ජයනෙත්ති
ජේෂ්ඨ මනෝ විද්‍යා උපදේශක හා මනෝ චිකිත්සක

හමුවීම් ..
නවලෝක රෝහල - කොළඹ
නවලෝක රෝහල -ගම්පහ
නවලෝක රෝහල - මීගමුව
නවලෝක ප්‍රිමියර් සෙන්ටර් -කොළඹ07
0774071401

ආදරණීය දෙමාපියනි ,.......ඔබ ට නොදැනීම ඔබේ දරුවා ඔබ අතින් අපයෝජනයට ලක්වෙලා ද ?-------------------------------------------...
20/11/2022

ආදරණීය දෙමාපියනි ,.......ඔබ ට නොදැනීම ඔබේ දරුවා ඔබ අතින් අපයෝජනයට ලක්වෙලා ද ?
-------------------------------------------------------------

කිසියම් ක්‍රියාවක් හේතුවෙන් ඔබේ දරුවා ගේ සoවර්ධනයට හෝ වර්ධනයට බාධාවක් සිදුවන්නේ නම් එය ළමා අපයෝජනයයි.......

ළමා අපයෝජනය කියනා සැනින්ම බොහෝ දෙමාපියන් ගේ සිහියට නැගෙන්නේ ලිoගික අපයෝජනය පමනයි. මේ ලිපියෙන් කතා කරන්නේ ලිoගික අපයෝජනය ගැන නොවෙයි . ඔබ අතින් ඔබේ දරුවා ට සිදුවන කායික , මානසික හා කුසලතා අපයෝජනය පිලිබඳව යි.

මීට වසර දෙකකට පමණ පෙර මා මුහුණ දුන් අපයෝජනයට ලක්වූ දරුවකුගේ සත්‍ය සිදුවීමක් මෙසේ සටහන් තබමි ......

තුන ශ්‍රේණිය ඉගෙනුම ලැබු දැරියකි ඇය ඔමලි ලෙස හදුන්වමි . මට එම පාසලට යාමට ලැබුනේ රාජකාරි කටයුතක් සදහා ය.

අදාල කටයුත්ත පටන්ගන්නා තුරු මා එම පාසලේ තැනින් තැන ඇවිදිමින් සිටියෙමි. තුනේ පන්තියේ දරුවන් යම්කිසි පාඩම් වැඩක් සදහා සහභාගි වී පේලියට පන්තියට එනවා . එක දැරියක් කදුලු පුරවා ගත් දෙනෙතින් සියලුම දරුවන් ට පිටුපසින් වේදානාබරව එනවා . බොහෝ වේලාවක් ඇය පිලිබඳ විමසිල්ලෙන් සිටි මම පන්ති බාර ගුරුතුමියගේ අනුදැනුම මත ඇය මම වෙත කැදවා ගතිමි.

ඔමලි පැහැයෙන් අඩු වුවත් ඉතාමත් හුරුබුහුටි දැරියකි. මගේ ලගට ලන්කර ගැනීමට ඇගේ බදවටා අත යවා ඇය ලන්කර ගැනීමට මම උත්සාහය කලෙමි.

" අනේ ගොඩක් රිදෙනවා මැඩම් ......එපා මගේ පිටේ ලේ එනවා ..."

" කෝ නැහැ නේ ....අපි බලමු මොකෝ උනේ කියලා ..."

" මොකුත් නැහැ . එපා මට ටිකයි රිදෙන්නේ...."

ඔමලි වේදනාවෙන් මිමිනුවාය.මේ දරුවා ට කවුරු හෝ පහර දී ඇතිබව මට වැටහුනා. මගේ බෑගයේ තිබූ උදේ ආහාරය සදහා රැගෙන ආ රෝස් කරනලද පාන් ගෙන මමත් කනගමන් ඇයටද දුන්නා . පාන් කනගමන් ඇගේ දෑසින් කදුලු කැට කඩා වැටුනි.

" ඔමලි ට බඩගිනීද?..."

" නැහැ මට බයයි . "

" ඉතින් අනේ මම ඉන්නේ මොකෝ බය වෙන්නේ "

" එහෙම නෙවෙයි මැඩම් අපිට ගෙයක් හම්බ වෙනඑකක් නැතිවෙයි ද ?..."

ඔමලිගේ කතාව මෙසේය ....ඇය මවත් පියාත් තම එකම සහෝදරයා ත් සමග ජීවිත් වූයේ මුර වත්තකය. ඇගේ පියාගේ රැකියාව වූයේ මුර කිරීමය. දෙමාපියන් කිසිදා පාසල්ගොස් නැත . සහෝදරයා ද පාසල් යන්නේ නැත . පියා සිටින්නේ නිතරම බීමතිනි. ඔවුන්ගේ එකම අනාගත බලාපොරොත්තුව ඔමලිය. ඔමලි ශිෂත්ව විභාගයෙන් ලoකාවෙන් පලමු තැන ලබාගෙන් ටීවී එකට ගොස් ගෙයක් ඉල්ලාගන්න කියලා තමයි ඔමලිගේ පියා ඔමලිට නිතරම කියන්නේ . කුමන හෝ විෂයක් සදහා ඔමලිට ලකුණු අඩුවන්නේ නම් ඔමලිගේ පිට පුපුරා යනතුරු පියා පහර දෙයි. ඔමලිගේ පිටට එදා සිදුවී තිබුණේ ද එවැනිම දෙයකි.
-----------------------------------------

ඔමලි ට කායික මානසික හා ඇගේ කුසතා සියල්ල ද අපයෝජනයට ලක්ව තිබුනි. දරුනු කායික අපයෝජනයට ලක්වීම තුලින් ඇය මානසිකව ද අපයෝජනයට ලක්වී ඇය තුලින් මතුවන කුසලතා ද අපයෝජනයට ලක්වී ඇත්තේ ය.

ඔමලිට පමනක් නොව මෙවැනි අපයෝජනයට ලක්වන දරුවන් කොතෙකුත් ඇත . දෙමාපියන් තම අරමුණු මුදුන්පත් කර ගැනීමට තම දරුවන් මෙවැනි අපයෝජනයට ලක්කරයි.

"තෝව මරනවා "
" හමගහනවා"
"කෝටුමස් කරනවා "
"පල් බූරුවා"
"කාලකන්නියා"
" වල් හරකා"

සමහර දෙමාපියන් ගේ මුවින් පිටවෙන මෙවැනි වදන් කසපහර වලටත් වඩා දරුනුය. හෙම්බත් වී සිටින දරුවා ට අත්වන මානසික පීඩනය අල්ප මාත්‍ර වශයෙන් වත් බොහෝ දෙමාපියන් ට වැටහෙන්නේ නැත . කෙසේ හෝ දරුවා ට ඉගැන්වීමට වෙර දරයි . මෙසේ මානසිකව අපයෝජනයට ලක්වෙන දරුවන් නින්දට යන්නේ ද වයිරයෙනි.

* නිතරම දරුවා ට නිග්‍රහ කිරීම .
* දරුවා නිතරම උපහාසයට හා අපහාසයට ලක් කිරීම .
* දරුවා ගේ අඩුපාඩු පමනක් හුවා දැක්වීම .
* දරුවා ට නිතරම බැන අඩගැසීම.
* දරුවා පිලිකුල් කිරීම .
*දරුවා ට ආදරය සෙනෙහස නොදැක්වීම.
* දරුවා ට හානි වෙන්න ඉඩ හැරීම .

මෙවැනි දේ ඔබ විසින් ඔබේ දරුවා ට කරන්නේ දරුවා හදාගැනීමට නම් එය වැරදි ය. මෙයින් සිදුවන්නේ ඔබේ දරුවා ඔබට නොදැනීම අපයෝජනයට ලක්වීමයි.

......දෙමාපියනි ,...
ඔබ තුළ සිටිය හැකි අපයෝජකයා
හදුනා ගන්න .....

* පාලනය කරගත නොහැකි කෝපය.
* දරුවන් කරදරයක් යැයි දැනීම.
*වැඩ කටයුතු අදිකබව.
* බලාපොරොත්තු අදීක වීම.
* අන් අය අනතුරු අගවා තිබීම.

ඔබ තුලින් ද ඔබේ දරුවන් ට මෙවැනි ම දේ සිදුවන බව නොවනුමානය. කුඩා කල මෙවැනි අපයෝජනයට ලක්වන දරුවන් වැඩිහිටියන් වූ කල තමාගෙ දරුවන් ද අපයෝජනයට ලක්කරයි .

දෙමාපියනි ඔබේ දරුවා ට සුන්දර ළමා ලොව අත්විඳීමට ඉඩ හරින්න. දරුවා ට ආදරය සෙනෙහස ලබා දෙන්න . කිසිවිටෙකත් ඔබේ අරමුණු මුදුන්පත් කර ගැනීමට දරුවා පලිහක් කර නොගන්න. ආදරණීය ව අධ්‍යාපනය ලබා දෙන්න . එවිට යහපත් දරුවෙක් සමාජයට දායාද කළ හැකිය ..

ශාන්ති කුමාරි ජයනෙත්ති .
ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක හා මනෝචිකිත්සක .

නවලෝක රෝහල - කොළඹ නවලෝක රෝහල -ගම්පහ .
නවලෝක රෝහල - මීගමුව
නවලෝක ප්‍රිමියර් සෙන්ටර් -කොළඹ07
0774071401

නින්ද සෑම මනුස්සයෙකුටම අත්‍යවශ්‍යය . ජිවිත කාලයෙන් 25% පමණ ගත වන්නේ නින්දෙන් බවට පරීක්ෂණ වලින් තහවුරු වී ඇත . නින්ද අවශ්...
20/11/2022

නින්ද සෑම මනුස්සයෙකුටම අත්‍යවශ්‍යය . ජිවිත කාලයෙන් 25% පමණ ගත වන්නේ නින්දෙන් බවට පරීක්ෂණ වලින් තහවුරු වී ඇත . නින්ද අවශ්‍ය ප්‍රමාණය එක් එක් පුද්ගලයාට වෙනස් වෙයි . දරුවන් ට නින්ද වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන අතර වැඩිහිටියන්හට අඩු නින්දක් අවශ්‍ය වන්නේ ය .

නින්ද ජීවිතයේ අත්‍යාවශ්‍ය අoගයකි . ලොකු කුඩා ඕනෑම කෙනෙකුට යම් යම් හේතු නිසා නින්ද නොලැබී යා හැකිය . නින්ද නොලැබීමට හේතු වන්නේ පුද්ගලයන් තුළ ඇතිවන කායික හෝ මානසික හේතුවක් නිසාවෙනි. සුව නින්දක් නොලැබුණ හොත් ඔහු කායිකව හා මානසිකව රෝගියෙක් බවට පත් වීමට පුළුවන එවිට ප්‍රතිකාර ලබා ගත යුතුය .

නින්ද නොයෑම හේතුවෙන් පීඩනයට පත් මනෝ ප්‍රතිකාර සදහා මා හමුවට පැමිණි පුද්ගලායකුගේ කතාවක් මෙසේ සටහන් තබමි. ඔහු. අමිත ලෙස හදුන්වමි . අමිත ව්‍යාපරිකයෙකි . ඔහු කෙටි කලකින් ඔහුගේ ව්‍යාපාරය දියුණු කරගත් අයෙකි.මොහුට තව තවත් දියුණුව අපේක්ෂාවෙන් රාත්‍රි නිදි මරමින් ඒ සදහා වෙහෙස මහන්සි විය . මොහු කුඩා කාලයේ අසන ලද එක්තරා කතන්දරයක් නිසා ඒ අනුව යමින් ජීවිතය දින්නට උත්සාහය ගත්තේ ය . කතන්දරයේ ව්‍යාපරිකයා දිනකට පය තුනක් පමනක් නිදාගෙන ඇත . අමිත ද කතන්දරයේ ව්‍යාපරිකයා අනුව යමින් නින්ද අඩුකරමින් ව්‍යාපාරය දියුණු කරගත්තේය .

වසර තුන හතරක සිට අමිත නිදාගන්නේ පැය තුනකි. ටික කලක් ගතවත්ම අමිත ගේ ව්‍යාපාරය දියුණු වනවා සේම අමිත කායිකව හා මානසික පිරිහීමට පටන් ගත්තේ ය . වෙනදා මෙන් නොව, අමිතට නිතරම කේන්ති එයි. පැය තුනක් නිදාගත් අමිතට නින්ද යාම බෙහෙවින් අඩුය . සියලුම වැඩ නිමවා නිදාගැනීමට පැමිනෙන අමිත ඇදේ ඒ මේ අත පෙරලි පෙරලී සිටියි. බොහෝ වේලාවක් ගිය පසු එලිය වැටීගෙන එන මොහොතේ පැයක් හෝ පැය බාගයක කාලයක් පමනක් නින්ද යයි. මෙසේ කල් ගතවත්ම අමිත ශාරීරික හා මානසික තත්ත්වය ඉතා මත් පහලට ඇදවැටීමත් සමග අමාරුවෙන් ගොඩනගා ගත් ව්‍යාපාරය ද කෙමෙන් පහතට වැටෙන්නට පටන් ගත්තේ ය . ව්‍යාපාරය පහල වැටීම නිසාම ඔහුට දැන් නින්ද යන්නේ ම නැත .

" මට අවුරුදු 10 කින් වත හරියට නින්ද ගියේ නැහැ . මට හරිම වෙහෙසක් දැනෙනවා. අමාරුවෙන් ගොඩනගා ගත් මගේ ව්‍යාපාරය දැන් තියෙන්නේ පහලම අඩියේ මේ වා මතක් වෙද්දී මගේ පපුවේ කැක්කුමයි. පාන්දර ට මගේ ඔලුව තදින්ම රත්වීගෙන එනවා . සමහර දවස් වල ඒ වෙලාවෙම නානවා "

මේ අමිත ගේ කතාවයි. ඒ වනවිට අමිත හෘද රෝගියකු බවට පත්වී හමාරයි .අමිත ට නින්ද නොයෑමේ තත්ත්වය ඇතිවූයේ ව්‍යාපාරය පිලිබඳ අධි අපේක්ෂාව නිසා ය .

මිනිසා ස්වභාදහමේ චක්‍රයට අනුගතව ජීවිත් විය යුතුය . ඒ නිසා දිනකට අඩුම ගනනේ පැය 5 ක් වත් නිදාගත යුතුය . එසේ නොවුවහොත් මොලයේ ක්‍රියාකාරිත්වය නිසිලෙස සිදුවන්නේ නැත . එවිට තමා සතු සියලුම දේ රැක ගැනිමට අපහසුය ය. මෙනිසාම ස්වභාදහ විසින් මිනිසාට දී ඇති කාලය තුළ නිදාගන්නේ නම් ජීවිතය ඵලදායි ලෙස ගත කළ හැකිය .

දිනපතා රාත්‍රි කාලයේ පැය පහකට අඩු කාලයක් නිදා ගැනීම තුලින් හෘදයාබාධ , පිලිකා ආදී රෝග තත්ත්වයන් ඇතිවන බවට පරීක්ෂණ වලින් හෙලිදරව් වේ . අඩු නින්ද ආයුෂ අඩුවීමට හේතුවන බවට පරීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

රාත්‍රි නින්ද අඩුවෙන් ගතකර ජීවිතයේ සාර්ථක වුනා කියන ව්‍යාපාරකයින් ලෝක නායකයින් පුරසාරම් දෙඩුවත්, සැබැවින්ම එවැනි කෙටි නින්දකින් මිනිසෙකුට සෑහීමකට පත් විය නොහැකිය . අඩු නින්දක් ලැබීම තුලින් මානසික සෞඛ්‍යය තත්ත්වයද පහල වැටෙනු ඇත .

අද තරුණ තරුණියන්ගේ ප්‍රේමය සබදතා නිසා ස්මාට් දුරකතන සමග රාත්‍රි කාලය ගත කිරීම නිසාද බොහෝ පිරිසකට නින්ද අහිමි වී ඇත . ජoගම දුරකතන, පරිගණක ,වැනි උපාoගවල තිර මගින් නික්මෙන විද්‍යුත් නිල් එළියට මොළය වඩාත් වැඩි වේලාවක් අවදිව තබාගත හැකිය . එනිසාම එම උපකරණ ‍රාත්‍රී කාලේ භාවිත කරන පුද්ගලයන් හට නින්ද අඩුවේ. නින්දට යාමට පැයකට පමණ පෙර මෙම උපකාරක නිවා දැමිය යුතුය .

දෛනික කාලසටහනකට අනුව පැය 7/8 අතර නින්දක් ලැබීමට වග බලාගත යුතුය . එනම් දිනපතා එකම වේලාවකට නින්දට යාම සහ අවදිවීමට උත්සාහ ගත යුතුය . නින්ද නොයෑම නිසා ඔබ බෙහෙවින් ම විඩාබරය. එම විඩාබර නිසාම රාජකාරි ස්ථාන වල ද බොහෝ ගැටලු පැන නැගෙනු ඇත .

නින්ද නොයෑමේ තත්ත්වයට ප්‍රතිකාර තිබේ. මනෝ ප්‍රතිකාර මෙන්න ඖෂධ ප්‍රතිකාරය ද කළ හැකිය . මේ තුලින් ඉක්මනින් ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත .......

ශාන්ති කුමාරි ජයනෙත්ති
ජේෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා හා මනෝ චිකිත්සක

හමුවීම් ...
නවලෝක රෝහල - කොළඹ
නවලෝක රෝහල -ගම්පහ
නවලෝක රෝහල - මීගමුව
නවලෝක ප්‍රිමියර් සෙන්ටර් -කොළඹ07

විමසීම් ...
WhatsAppe 0774071401
0774071401 / 0714827988

20/11/2022

ඔබේ දරුවාගේ ඉගනීම දුර්වල වීමට බලපාන හේතු | ආදරණීය ජීවිතය | 30-06-2022The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ...

20/11/2022

ුවන් සහ ජංගම දුරකථන,ඇබ්බැහි වෙන්න පුලුවන්ද?උපදෙස් සහ ඉදිරිපත් කිරීම,ජේෂ්ට මනෝවිද්‍යා උප...

20/11/2022

" මම ගෙදර එන හැමදාම මම එන වෙලාවට ඔයා ගෙදර නැහැ . කොයි ලෝකේ යනවාද මන්දා . අන්න දහතුන් දාහක ලයිට් බිලක් ඇවිත් ඇයි බිල ගෙව්වෙ නැත්තේ . මම දෙන සල්ලි වලට මොකක්ද කරන්නේ . බයික් එක අරන් දුන්නු දවසේ ඉදලා පුදුම ගමන් ගොඩක් තමුසෙට තියෙන්නේ .පුන්ච් අම්මා නැතිනම් මට වෙලාවට කෑම ටිකවත් නැහැ ."

සමස්ත කාන්තාවන්ගේ යහපත උදෙසාම මෙසේ සටහන් තබමි ....සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නම් ගම් සත්‍ය නොවේ...

මාදවී , සුදත් විවාහ වන්නේ යෝජනාවකිනි. සුදත් යමක් කමක් ඇති පවුලක් එකම පිරිමි දරුවා ය. දෙමාපියන් ගුරුවරුන් නිසා ගමේ කාගේත් ගෞරවයට පාත්‍ර විය. මාදවී දුප්පත් පවුලක අහින්සක ලස්සන නිතරම මේ විවාහය හොදින් සිදුවිය.මේ අයට දරුවෙක් සිටී. ඔහු තුන්වෙනි පන්තියේ ඉගෙනුම ලැබුවේ ය. දරුවා ගේ අධ්‍යාපන කටයුතුවලට පහසුවක් නිතරම මාදවී ට බයික් එකක් ලැබුණි. දරුවා ඉගෙනුම ලැබුවේ ජනප්‍රිය පිරිමි විදුහලක.

මාදවී සෑම දිනකම දරුවා සමග පාසල් යයි. මාදවී ලස්සන නිසාම රූපලාවණ්‍ය ගාරවලට යන්නෙ නැත . බොහෝ අම්මලා සැලුන්වලට යන්නෙ දරුවා පාසල් දමාය. පාසල ළඟ දි මාදවී ට මිතුරියන් බොහොමයක් මුණ ගැහෙනව. ඒ අය අතරින් ෆැන්කිට මාදවී ගොඩක් කැමතියි . ෆැන්කි සෑම දෙනාගෙම සිත් සොරකම් කළේ බොහොම ඉක්මනින් . බොහෝ වටිනා ආයිත්තම් පළදිනා ෆැන්කිට හැමෝම ආසයි. ඇය සෑම විටම පැකිලීමක් නැතුව මුදල් වියදම් කරයි. ෆැන්කි මුදල් පසුම්බිය අරින සෑම විටම දිස් වූයේ පන්දාහේ නෝට්ටු ගොඩකි. කාටත් එකවගේ සලකන ෆැන්කිට හැමෝම කැමතියි . දිනක් ෆැන්කි අම්මලාට තම නිවසේ සාදයක් සදහා ආරාධනා කරනවා. දරුවන් පාසල් ඇරලවා පාසල් අරින වේලාවට ආපසු යන පොරොන්දුව මත මාදවී ඇතුළු කිහිප දෙනෙක් ෆැන්කිලාගේ ගෙදර යයි. රසවත් බෝජාන සන්ග්‍රහයහ් කරයි. මේ අය අතුරින් තමුන් ගේ වැඩේට ගැලපෙන කිහිප දෙනෙක් සොයා ගන්නා ලදී. මේ අය අතර මාදවී ද සිටියාය.

""මාදවී අපි ඔය කොන්ඩෙ ටිකක් වෙනස් කරමි. සල්ලි ප්‍රශ්නයක් නැහැ ඒවා මම බලා ගන්නම්..."

මාදවී ද එක පයින් කැමති විය. දෙදෙනා කතිකා කර ගත් පරිදි සැලුන් යයි. ෆැන්කි සහ සැලුන් කාරි ඉතාම ළඟ යහලුවන්. මාදවී තම කොණ්ඩය කපු ලස්සනට සැකසීය. එයට ස්වාමියා එකඟ විය . මෙසේ ෆැන්කි සහ මාදවී අඹ යහලුවන්‍ය. දරුවා පාසල් දමා ෆැන්කි සහ මාදවී සැලුන් වල සහ අවන්හල් තුළ කාලය ගෙවීය. ෆැන්කි මාදවී ට නොදැනීම අයිස්වලට මාදවී පුරුදු කළාය .

"නිකන් බැහැ මාදවී සල්ලි ඕනෑ මේවා ගොඩක් ගනන්. නැතිනම් කවුරු හරි ඔයාගෙ යාලුවෙක් හදුන්වලා දෙන්න එතකොට නිකන් දෙන්නම්. "

ගෙදර වියදමට ලැබෙන මුදල් වළිනි මාදවී මේ සෙල්ලම කළාය . ඇය සෑම විටම තවත් යාලුවෙක් ෆැන්කිට හදුන්වලා දෙන්න උත්සාහය කළාය . දැන් දරුවා පාසල් දමා මාදවී දුවන්නේ අයිස් සොයා ගැනීමට යි.

මාදවීගේ සැමියා විසින් මාදවී මාගේ ප්‍රතිකාර සඳහා රැගෙන එනවිට මත්ද්‍රව්‍ය ඇබ්බැහියේ උච්චතම අවස්ථාවට පැමිණ සිටියාය . ෆැන්කිගේ දරුවන් එම පාසලේ ඉගෙනුම ලැබුවේ නැත . එහෙත් පාසල් ළඟ දරුවන් ගේ මව්වරුන් සේ වෙස්වලා ගන්නා තවත් කෙනෙක් ෆැන්කි . මෙවැනි වoචාකාර ගැහැනු ඔබ මුලා කරනු ඇත.

අද මාදවීට හෙට ඔබට වන්නට පුලුවන් . ලoකාවේ කාන්තාවන් ද වැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා . ප්‍රවේසම් වන්න. ආදරණීය සොයුරිය සිතන්න බොහෝ දුර මගදි හමුවී ඔබට බොහෝ සේ උදව් කරන්නේ ඔබට ආදරයට නොව, ඔවුන් ගේ අරමුණු සඳහා ය.

මත්ද්‍රව්‍ය ඇබ්බැහි වෙලාද එන්න අපේ සේවාව ලබා ගන්න ..

ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා හා මනෝ චිකිස්සක
ශාන්ති කුමාරි ජයනෙත්ති 0774071401

හමුවීම්
නවලෝක රෝහල - කොළඹ , ගම්පහ , මීගමුව

20/11/2022

කුඩා කළ සිදුවන ඍණාත්මක ආකල්ප විවාහයෙන් පසු ලිoගික ජීවිතය ට බලපෑම් එල්ල කරයි.
=============================

තම දරුවන් සමග කටයුතු කිරීමේදී ඔවුන්ට ඍණාත්මක අනකිරීම් හෝ ප්‍රකාශ නොකරන්නට සෑම දෙමාපියෙකුම වගබලා ගත යුතුය . එවැනි දේ දරුවා වැඩිහිටියකු බවට පත්වෙද්දී ජීවිතයේ බොහෝ පරාජයන් හා පසුබෑමට ලක්වේ. දරුවන් අගය කරමින් දිරිගැන්වීම ආදිය මව්පියන් කළ යුතුය . එයින් ලැබෙන ප්‍රතිඵල ඉතාමත් ඉහලය .

තවත් එක් සිදුවීමක් මෙසේ සටහන් තබමි. මීට මාස කිහිපයකට උඩදී විවාහක යුවලක් පවුල් උපදේශනය සදහා පැමිනෙන්නේ විවාහ ජීවිතය එපා වී දික්කසාද වීමට පෙරය. මේ පිරිමි අය නිසල් ලෙස හදුන්වමි. කාන්තාව තමරා ලෙස හදුන්වමි . මොවුන් විවාහ වී මාස 5 කි. එහෙත් දෙදෙනා අතර කිසිම ලිoගික සබදතාවක් සිදුවී නොමැත . තමරා කොතරම් උත්සාහ කලත් නිසල් එය ප්‍රතික්ෂේප කරයි. තමරා කෙතරම් පිරිසිදු වුනත් නිසල් අගේ සිරුර ට හා අවයව වලට මහත් පිළිකුලක් දැක්වූයේ ය. නිසල් හා තමරා විවාහ වූයේ යෝජනාවකිනි. නිසල් කිසිම දිනක ගැහැනු ළමයකු හා ආදරය සබදතාවක් පවත්වා නොමැත .

නිසල්ට මෙසේ සිදුවීමට හේතුවක් ඇත . මෙය කායික රෝගයක් නොවෙ,මානසික හේතුවකි.

නිසල් ගේ අතීත කතාව මෙසේ ය . නිසල්ගේ පවුලේ සහෝදරියන් තිදෙනෙකි. සහෝදරයන් නිසල් ට නැත . නිසල් පවුලේ දෙවෙනියාය. නිසල් තම අක්කාත් නoගිලා දෙදෙනාත් නිදාගන්නේ එකම තැනය. මේ කාලයේදී නිසල් ගේ වයස අවුරුදු 7කි. නිසල් අම්මාත් අක්කාත් නoගිලා දෙදෙනාත් නාන්න යන්නේ වත්ත පහළ ඇළටය. ඇළේ නෑමට වඩා මේ සිව්දෙනා වතුරේ සෙල්ලම් කරයි බොහෝවිට අක්කා හැර නිසලුත් නoගිලා දෙදෙනාත් සිටින්නේ නිරුවතිනි. සමහර දවස් වල නිසල් නoගිලා දෙදෙනා ගේ ඇගේ සබන් ගායි.

දිනක් නිසල් ගේ පියා ද ඒ අය සමග දිය නෑමට පැමිණියේ ය. එදිනද නිසල් නoගිලා දෙදෙනා ගේ ඇගේ සබන් ගෑවේය. මෙය දුටු පියා නිසල් දැනුවත් කරනු වෙනුවට නිසල් මහා පාපයක යෙදුනු වරදකරුවකු ලෙස හදුන්වමින් දොස්පැවරුවේය. ගැනු ළමයින් ගේ රහස් ප්‍රදේශයේ පණුවන් සිටින බවත් ඒ පනුවන් ඇල්ලීම පිරිමි ළමුන්ට සුදුසු නොවන බවත්, ඒ පනුවන් මහා හිරිකිත ලෙසත්, පියා තරයේ කියා සිටියේ ය . එදා සිට නිසල් තම සහෝදරියන්ගේ අතින් ඇලිලීම පවා ප්‍රතික්ෂේප කලේය .

මේ සිදුවීම නිසා නිසල් වැඩිහිටියකු වන්නේ නෂ්ඨකාමියකු ලෙසිනි. සෑම විටම කාන්තාව ප්‍රතික්ෂේප කලේය .නිසල් විවාහ වන්නේ ද දෙමව්පියන් ගේ දැඩි බලපෑම නිසාය .

බොහෝ විට නෂ්ඨකාමිය හෙවත් පුරුෂ ශක්තිය හීනවීමට මූලික වන්නේ කායික හේතුවක් නොව මානසික හේතුවකි. සමහර විට එය චිත්ත අභ්‍යන්තරයේ ගැඹුරට ම කිදා බැසගත් වරදකාරී හැගීමක් විය හැකිය . යටිසිත සමග සිදුකරන ධනාත්මක තහවුරු කිරීම් හරහා එම තත්ත්වය පහසුවෙන් සුව කරගත හැකිය .

යටි සිතට වර්තමාන ජීවිතය මෙන්ම අතීත ජන්ම පිළිබඳවද මතක තිබෙනබව සනාථ කරන්නට අනන්ත අප්‍රමාණ සාධක හා සාක්ෂි තිබේ . අපේ උඩු සිතට යම් යම් දේ අමතක වී ගියද යටිසිතට සියල්ල මතකයේ තිබේ . බොහෝ ශාරීරික හා මානසික වියවුල් වලට හේතු කාරක වන්නේ යටි සිතේ ගැඹුරට කිදා බැස ඇති එවන් මතකයන්‍ ය.

හැදෙන වැඩෙන වයසේ පසුවන දරුවන් හට වැඩිහිටියන් වචන හා ප්‍රකාශ භාවිත කළ යුත්තේ මහත් කල්පනාකාරීව ය. දරුවන් ගේ අනාගතය උදෙසා ඔවුන්ගේ මනස සවිමත් ව හැඩගැසෙන්නේ ඔවුන් හැදෙන වැඩෙන වයසේ දීය .

මෙවැනි අතීත සිදුවීම් නිසාම කැඩී විසිරී පවුල් ප්‍රමාණය ඉමහත් ය. ඔබටත් කිසියම් පවුල් ගැටලුවක් ඇත්නම් අපගේ සේවාව ලබා ගැනීමට හැකියාව තිබේ .
,
ජේෂ්ඨ මනෝ විද්‍යා උපදේශක හා මනෝචිකිත්සක ,
ශාන්ති කුමාරි ජයනෙත්ති

හමුවීම් ...

නවලෝක රෝහල-කොළඹ
නවලෝක රෝහල -ගම්පහ
නවලෝක රෝහල - මීගමුව
නවලෝක ප්‍රිමියර් සෙන්ටර් -කොළඹ07

0774071401

20/11/2022

මෙවර "අපෙ අම්මා " පුවත්පතෙන් මාගේ ලිපිය කියවන්න ....

20/11/2022

ආදරණීය දෙමාපියනි ,.....

පාසල් යාමට පටන් ගත් දා සිට බොහෝ දෙමාපියන් හට ඇති ගැටලුවක් වන්නේ තමුන්ගෙ දරුවාගේ දරුවා තුළ ඇති වන්නා වූ ඉගෙනුම් ගැටලු ය.

" මගේ දරුවා පාසල් යාමට කැමති නැහැ . කොපමන උත්සාහ කලත් , එයා කැමැතෙන් පාසල් යන්නේ නැහැ . උදේ ට දරුවා ලෑස්ති කරන්නේ පුදුම අමාරුවෙන් , ඒත් පාසල ලගට යනකම් කෑගහලා අඩනවා ."

මේ මා හමුවට දරුවකු රැගෙන ආ මවකගේ කතාවකි. මේ දරුවා සකුන් ලෙස හදුන්වමි . සකුන් පලමු වසරේ ඉගෙනුම ලබයි . සකුන් පාසල් යාමට බෙහෙවින් ම අකමැති ය . පාසලේ ගුරුතුමිය කෙතරම් උත්සාහ ගත්තද සකුන් පාසලේ දී අකුරු ලියන්නේ නැත . පාසලට පැමින බොහෝ වේලාවක් අඩමිනි සිටී. සකුන් පාසල් එන්නේ ගොඩක් බයෙනි. ගුරුතුමිය කිසිම විටෙක සකුන්ට දඩුවම් කරන්නේ නැත . එහෙත් සකුන්ට ගැටලුවක් ඇත .

# කොතරම් කියවීමට පුරුදු කළත්, සකුන් කියවන්නේ නැත .
# කොතරම් පැහැදිලි ව අකුරු හදුවා දුන්නද අකුරු ලියන්නේ නැත .
# ගනන් කිරීමට කොතරම් පුරුදු කළත් ගනන් කරන්නේ නැත .
# ඉලක්කම් කොච්චර පැහැදිලිව හදුන්වා දුන්නද ඒවා ලියන්නේ නැත .

මේ සකුන් ගේ ගුරුතුමිට සකුන් පිලිබඳ වඇති ප්‍රශ්නයයි.

සමහර දරුවන්ට කෙතරම් අකුරු ලිවීමට , කියැවීමට පුරුදු කළත් ඒවා මතක නැත . ලස්සනට ලිවීමට නොහැකිය . පුරුදු කළත් ඒවා මතක නැත . අකුරු පැහැදිලිව හදුනන්නේ නැත .

එහෙත් මෙවැනි දරුවන් බුදිධි හීනයන් නොවේ . දරුවෙකුට කියවීමට , ලිවීමට දෙකම අපහසු නම් එය රෝගී තත්ත්වයකි. ගනන් කිරිමට අපහසු වීම රෝගී තත්ත්වයක් නොවේ . එහෙත් , කියවීම, උච්චාරණය කිරීම , සරල ගණිත ක්‍රම අවබෝධ නොවන්නේ නම් එය නොහැකි නම් එය රෝගයකි.

ඔබේ දරුවාත් මෙවැනි ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඉක්මනින් ප්‍රතිකාර කළ යුතුය . මේ සදහා ප්‍රතිකාර තිබේ .

බොහෝ දෙමාපියන් සිතන්නේ මෙය දරුවා සිතා මතා කරන බවකි. එනිසාම කෙසේ හෝ දරුවා ට ඉගැන්වීම සදහා දරුවා ට දඩුවම් කරමින් ඉගැන්වීමයි . එය එසේ නොවීය යුතුය . කිසිම විටෙක අමතක වීම පිලිබඳ දරුවා ට දොස් පැවරීම සිදු නොකළ යුතුය . එසේම ගුරුවරුන් දෙමාපියන් එවැනි දරුවන් පිළිබඳ විශේෂ අවධානයෙන් කටයුතු කළයුතුය . විශේෂ ආදරණීය ව නිවසේ දී පාසලේ දී ලිවීමට හා කියවීමට හුරු කළයුතුය .

කුඩා වියේ පටන් ඉගෙනුමට දුරුවලතා පෙන්වන දරුවා පිලිබඳ දෙමාපියන් ඉතාමත් අවධානයෙන් කටයුතු කළයුතුය . මේ සදහා නිවැරැදි ප්‍රතිකාර නොලැබීමෙන් දරුවා ගේ අධ්‍යාපනය කඩාකප්පල් වේ. පාසල් යාම ප්‍රතික්ෂේප කිරීමට පුළුවන. එසේම පාසලේ දී කල්ලි ගැසී බොහෝ අකටයුතුකම් කිරීමට පෙළඹෙන්නේ ය.

එසේම මෙවැනි ඉගෙනුම් දුරුවලතා ඇති දරුවන් සදහා ප්‍රතිකාර ලබාදීමෙන් දරුවා ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත . ප්‍රතිකාර සදහා මනෝ උපදේශක වරයෙකුගේ සහය ලබා ගත හැකිය .

ශාන්ති කුමාරි ජයනෙත්ති
ජේෂ්ඨ මනෝ විද්‍යා උපදේශක හා මනෝ චිකිත්සක

හමුවීම් ...
නවලෝක රෝහල - කොළඹ
නවලෝක රෝහල -ගම්පහ
නවලෝක රෝහල -මීගමුව
නවලෝක රෝහල - කොළඹ 07

0774071401 / 0704071401

20/11/2022

පවුල් උපදේශනය ....

" මුන්දාට වයසට ගිහිල්ලා වත් අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉන්න බැහැ නේ ....මේ..මගේ දේවල්වලට විතරක් ඇඟිලි ගහන්නෙ නැතුව ඉන්න්වා ද?...ඇහුනද? ඔහේගෙ පුතා රට...එන්නේ අවුරුදු 3 කින් . මම දෙන දෙයක් කාලා....ඉන්නෙකයි ඇත්තෙ..එනවා මෙතන මම හදන්න.."..

සුජානි උදේම නැන්දාම්මා එක්ක ඔට්ටුවෙන්නෙ මෙහෙමයි . අහල පහල කවුරුත් සුජානිගේ කටේ හැටි දන්නවා. සුජානිගේ මහත්තයා ඩුබායි වල රැකියාවක් කරයි. වසර කිහිපයකට වතාවත් ලoකාවට එයි. සුජානිලාගේ දරුවා පිරිමි දරුවෙකි. ඔහු ඉගෙනුම ලැබුවේ 7 ශ්‍රේණියේය. සුජානි රැකියාවක් නොකලාය. එහෙත් ඇය ලස්සනට ඇඳ පැළඳ ගෙන කොහේ හෝ යයි. විටෙක මැහුම් ඉගෙන ගන්නා බවක් කියයි. තවත් විටක රූපලාවණ්‍ය කරනවා යැයි කියයි. උදේ දරුවා සමග ගෙදරින් පිටවෙන සුජානි නැවත එන්නේ දරුවා සමගිනි. දරුවා පාසල් දමා සුජානි කොහේ හෝ යයි. ගමේ බොහෝ දෙනා සුජානි මේ යන්නේ කොහේදයි කිසිවෙකුට කිසිම තොරතුරුක් දැන ගැනීමට නොහැකි විය සමහරු සුජානි නරක චරිතය ඇති ගැහැනියක් කිව්වත් එහි සත්‍යයක් කිසිවකුට දැන ගැනීමට නොහැකිවිය.

කවුරු කොහොම හිතුවත් ෆ්බී හරහා තමයි සුජානිට තිමිර මුන ගැහෙන්නෙ....පවුලේ අයට වත් අහල පහල අයටවත්වත් මේ සම්බන්ධය රහසක් වන්නට තරම් සුජානි දක්ෂ විය . තිමිර බිස්නස් කාරයෙක් කියලා තමයි සුජානිට කියලා තිබුනේ .

" උඹගේ වැඩේ පෝන් එකේමයි., යකෝ උඹ මහ ගෑනියක් නේද ? බලපන් වෙලාව කීයද කියලා . කොල්ලා තවම ඉස්කෝලේ ඇදුම පිටින් ටීවී බලනවා. කෝල්ලා නෑවද, කෑවද බලන්නෙ නැහැ . පෝන් එක තමයි ලොකු."

" යකෝ මුන්දගේ කටට නිවනක් නැහැ නේ......."

" අම්මේ මට බඩගිනියි....."

දරුවා ගැනවත් සුජානිට හැගීමක් තිබුනේ නැහැ ...ඒ තරම්ම. දරුවා ගේ පාසල් වැඩ, කිසිවක් සොයා බලා කර දුන්නේ නැත . ඇය සිටියේ තිමිර ගේ ආදරයෙන් අන්ද වෙලා.සුජානි තිමිර ට පනටත වඩා ආදරය කළාය . තමන් මවක් බිරිඳක් , ලේලියක් කියාවත් ඇයට දැනුනේ නැත . ඈ හස්බන් එවන මුදල් බොහොමයක් වියදම් කලේ සැලුන්වලට හා ඇදුම් පැලදුම් වලට ....

" සුදු මැණිකේ මට සල්ලි ටිකල් ඕනෑ වෙලා තියනවා පුලුවන්ද මට උදව් කරන්න "

" කියන්න මම ඔයාට නොකරන උදව් තියනවා ද ? "

තිමිර නොයෙකුත් කපටි වදන් කියමින් විටින් විට සුජානිගෙන් මුදල් ඉල්ලා ගත්තේ ය. සුජානියි තිමිරයි සතියකට සැරයක් දෙකක් කොහේ හෝ ලැගුම් හලක කාලය ගත කරයි. ඒ සෑම වියදමක්ම දැරුවේ සුජානි විසිනි. ඒ සෑම දිනකම ඒ සිදුවීම් රහසේ වීඩියෝ කර ගැනීමට තිමිර සමත් විය. හදිස්සියේම ...තිමිර සුජානිගෙන් ලොකු මුදලක් ඉල්ලා සිටියා. සුජානි තිමිරට ආදරය කලත් නිතරම මුදල් ඉල්ලානවාට අකමැතිය.

" මේ ටිකේ සල්ලි නැහැ තිමිර , ඔයාට කලින් දුන්නූ සල්ලි තවම ලැබුනෙත් නැහැ නේ...අනෙක හස්බන් ගේ හදන්න කියලා එවන සල්ලි මේ ..."

" ඔහ්...ඇත්ත ද? දැන්නේ මෙයාට හස්බන්ට ආදරේ දැනිලා තියෙන්නේ ...මේ සුජානි උඹේ ලොකූ සීන් එපා මට දවස් 3 ඇතුලත ලක්ෂ දෙකක් ඕනෑ "..

" මේක හරි වැඩක්නෙ එහෙම කොහොමද බලෙන් ගන්නේ .."

" හරි නoගි එහෙනම් බලාගම්මුකෝ...බලවකො තවටිකකින් whatsAppe ..."

සුජානිට දෙලොව රත් වුනි...ලැගුම් හල් තුළ සිදුවූ සියලුම සිදුවීම් නිරුවත් ලිoගික දර්ශන සියල්ලක්ම සූක්ෂම අයුරින් වීඩියෝ කර සුජානිට එවා තිබුණි.

" මොකෝ කියන්නේ නෝනා ...මට සල්ලි දෙනවාද නැතිනම් හස්බන්ට මේවා යවන්නද?"

මේ සුජානිගේ කතාවයි. සුජානි මා සොයා පැමිණියේ සහනයක් බලාපොරොත්තුවෙනි. මෙවැනි සුජානිලා ලoකාවේ කොතෙකුත් ඇත.

නොනවත්වා මා ඉදිරියේ වැලහින්නක් මෙන් අඬා වැටෙන සුජානිගේ හිතට සවියක් වෙන්න මට වැඩි වෙලාවක් ගියේ නැත . කෙසේ වෙතත් සුජනි මේ කළ දෙය අනුමත කිරීමට බැරිය. එහෙත් ඉදිරියේදි එවැනි දේ නොවෙන ලෙස ජීවත් වෙන්නේ කෙසේද යන්න ඉදිරි
ජීවිතය ගොඩ නගාගනිමින් යහපත් පවුල් ජීවිතයක් ගත කරන අයුරුත් උපදේශනය ලබා දුනි. ඔබට මෙවැනි තර්ජන තිබේනම් ඔබට අනිවාර්යයෙන්ම මෙවැනි වoචාකාරයන්ට නීතිමය පියවර ගැනීමටද පුලුවන.

ටිකක් හිතන්න ඔබ විවාහක බිරිඳක් නම් ඔබ දරුවන් ගේ ආදරණීය මවක් නම් ඔබ ආදරය කළ යුත්තේ ඔබේ සැමියාට පමණක් නොවේද ?...එසේම ඔබ ඔබේ දරුවන් ගැන සිතිය යුතුය නේද ? දරුවන් ගේ අනාගතය තීරණය වන්නේ දෙමාපියන් ගේ ක්‍රියා කලාපය තුළ බව ඔබ තදින්ම සිතට ගත යුතුය . විවාහක මවක් පෙම්වතෙක් ඇසුරු කිරීමත්, පියෙක් පෙම්වතියක් ඇසුරු කිරීමත ගැටලු සහගත වන්නේ ඔබේ දරුවාන්ට ය. දෙමාපියන් ගේ ගැටලු නිසා හෙම්බත් වෙන දරුවා ගේ මානසික සෞඛ්‍යය අයහපත් වන අතර, එය දරුවා ගේ අනාගත පෞරුෂයට විශාල ගැටලුවක් වනු ඇත . විශේෂයෙන් අධ්‍යාපන ගැටලු , චර්‍යාමය ගැටලු , විවිධ ඇබ්බැහි වීම් , සියදිවි නසා ගැනීම් ආදී ගැටලු සදහා දරුවන් මුහුණ දෙනු ලබයි.

විශේෂයෙන් පවුල් ජීවිතයේ ගැටලු සඳහා විසඳුම් තිබේ . ඒ සඳහා ඔබට මනෝ උපදේශන හා මනෝ ප්‍රතිකාර සේවාව ලබා ගැනීමට හැකියාව තිබේ .

, , , දරුවන් සිටිනා දෙමාපියන් බොහෝ දුරදිග බලා කටයුතු කළයුතුය . දරුවන් යහපත් පුරවැසියන් කිරීමට නම් ඔබ වැදගත් චරිතයකින් හා සමාජයේ ගෞරවාන්විතව ජීවත් විය යුතුය .

ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා හා මනෝ චිකිස්සක
ශාන්ති කුමාරි ජයනෙත්ති .

හමුවීම් ...
නවලෝක රෝහල - කොළඹ
නවලෝක රෝහල-මීගමුව
නවලෝක රෝහල -ගම්පහ
නවලෝක ප්‍රිමියර් සෙන්ටර් -කොළඹ07

20/11/2022

මෙවර "අපෙ අම්මා" පුවත්පතෙන් කියවන්න දෙමාපියන් සදහාම ...

20/11/2022
20/11/2022

Address

Negombo

Telephone

+94714071401

Website

Alerts

Be the first to know and let us send you an email when Shanthi Mental Helth Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Shanthi Mental Helth Care:

Share