Wanigarathna Ayurvedic Suwa Asapuwa

Wanigarathna Ayurvedic Suwa Asapuwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wanigarathna Ayurvedic Suwa Asapuwa, Medical and health, Negombo.

15/03/2023

🧚‍♀️

12/03/2023

පිපිඤ්ඤා

පුදුමාකාර හාස්කම් ඇති ✳️
පිපිඤ්ඤා වතුර 💚🥒🍃

ශරීරය ගිනියම් නම්.. ඔබේ ශරීරය ඇත්තේ දැඩි අවධානමකයි. ඔබේ ශරීරයේ ඇති මේ ගිනියම බලපාන්නේ ඔබේ ඇස්වලටත් සමටත් පමණක් නොවෙයි. ඔබ නොසිතන තරම් බලපෑමක් කරන්නේ ඔබේ ශරීරයේ ඇතුලත අවයව වලටයි. විශේෂයෙන් අක්මාවට, හෘදයට, මොලයට හා වකුගුවලටයි.
මේ නිසා අධික ලෙස වියලීයාම නොවේනම් ඩීහයිඩ්ට්‍රේඩ් වීම ඉතාමත් අනතුරැදායක දෙයක්. පසුගිය කාලයේ පැවති අධික වියලි කාලගුණය දැන් පහව ගියත් ඔපේ ශරීරයේ සදාතාලයටම ඇති වියලීමක් තිබෙනවා. එය ඔබ නිසිලෙස පාලනය නොකළොත් ඉතාමත් අහිතකර සෞඛ්‍ය ගැටළු ඔබට ඇතිවිය හැකියි. අතිතයේ සිට ආයුර්වේද වෛද්‍යවරැන් විසින් සිසිලන වත්කම් ඇති හොඳම එළවළුව ලෙස හැඳින්වූයේ පිපිඤ්ඤායි. හීලින් ප්‍රොපටීස් නොවේනම් කූලින් ප්‍රොපටීස් ඇති විශ්මිත එළළුවක් ලෙස හැඳින්වූ මේ පිපිඤ්ඤා සතුව අපේ ශරීරය අසාමාන්‍ය ලෙස සිසිල්කරන හාස්කම් වත්කම් තියෙනවා. ඉතාමත් අධික ලෙස පාරිසරික වියලීම් ඇති පුදේශවල ස්වභාව ධර්මය විසින්ම පිපිඤ්ඤා අස්වැන්න වැඩි කරන්නේ මේ නිසයි. අද රජරට ගොවියන්ගේ ඇති වී ඇති වකුගඩු ප්‍රශ්න සේ තරම් දරැණු වී ඇත්තේ ඔවුන් විසින් වගාකරන පිපිඤ්ඤා ගෙඩියක්වත් ඔවුන් හේනට වී නොකන නිසයි.
කීරා පානි ලෙස ඉන්දියාවේ හඳුන්වන පිපිඤ්ඤා වතුර පානය කිරීම අතිතයේ සිටම ඔවුන් කරගෙන ආ දෙයක්. මේ හේතුව නිසා අපටත් වඩා වියලි කාළගුණයක් ඇතැම් කාලවල ඇති ඉන්දියාවේ අය අධික ලෙස වියලීමෙන් මිදී ජීවත් වෙනවා. මේ කීරා පානි වල සම පැහැපත් කරන සම දිදුලවන රහස් සංඝටකයන් ඇතුලත් වෙනවා.
ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් තරඟය අතරවාරයේ පවා පිපිඤ්ඤා වත=ර බොන බව ඉන්දියාවේ අයට රහසක් නොවෙයි. ක්‍රිකට් පිටියකදී ඔවුන්ට ඇතිවෙන අධික පිපාසය මෙන්ම බටගින්නද මේ මගින් නැතිවෙනවා.
මේ පිපිඤ්ඤා වතුර ශරීරයට තෙතමනය දෙකව‌ෙ පමණක් නොවෙයි. එය අධික රැඡිර පීඩනය අවම කරනවා. ශරීරයේ ‌කොලෙස්ට්‍රෝල් පාලනය කිරීමේ හාස්කම් බලයක් එහි ඇතුලත්. එසේම දිනපතා මේ පිපිඤ්ඤා වතුර පානය කිරීමෙන් පිළිකා ඇතිවීමේ අවධානම සැලකියයුතු මට්ටමකින් අඩුවෙන බව දැන් සොයාගෙන තිබෙනවා. බටහිර රටවල්වල මේ දිනවල රැල්ලක් සේ පැතිරීගෙන යන ඩෙටොක්ස් පානයටද මේ පිපිඤ්ඤා දමනවා.
මේ තරම් ලාබයට පිපිඤ්ඤා ඇති අපි පිපිඤ්ඤා වතුර නොබී අධික ලෙස වියලීගිය ශරීරවලින් ලෙඩදුක් හදාගන්නවා. වරද ඇත්තේ අප තුලම නොවෙයිද...

පිපිඤ්ඤා වතුර සාදාගැනීම සඳහා අවශ්‍ය දේ

* වතුර වීදුරු 6-7ක් දැමිය හැකි වතුර ඩිගැන්ටරයක් හෝ එවැනි වීදුරැ ජග් එකක්.
* සිහින්ව කපාගක් කොළ පිපිඤ්ඤා (ගර්කින්) ගෙඩියක් හෝ සාමාන්‍ය පිපිඤ්ඤා ගෙඩියක් (මදයත් සහිතවම කපන්න)
* දැන් වතුර එකට පිපිඤ්ඤා පෙති දමන්න. ඔබට ගෑස්ට්‍රයිටිස් අමාරුව නැතිනම් මෙයට දෙහි පෙති කිඑිපයක් ද දැමිය හැකියි. නමුත් ගෑස්ට්‍රයිට්ස් තියෙනවනම් එය දමන්න එපා.
* දැන් දව ස පුරාම මේ පිපිඤ්ඤා වතුර පානය කරන්න. හවසට අලුත් පිපිඤ්ඤා වතුර එකක් හදාගන්න.
මෙය දවස් දෙක තුනක් කිරීමෙන් හොඳින් මුත්‍රා පිටවෙනවා.
හොඳින් මළ පිටවෙනව‌ෙ.
ඔරීරයට සැහැල්ලුවක් දැනෙනවා.
සම පැහැපත් වෙනවා. ඇස් දීප්තිමත් වෙනවා.
අධික රැධිර පීඩනය තිබුණානම් එය අඩුවෙනවා.
මේ සියල්ල වීමට දවසක් දෙකක් බී ප්‍රමාණවත් නෑ.එය දෛනික පුරැද්දක් කරගත යුතුයි.

ආයුර්වේද වෛද්‍ය
ශ්‍රී ශ්‍රී මධාරා ගෲප් 💚

12/05/2022

Address

Negombo
SANDALANKAWA

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94710132332

Website

Alerts

Be the first to know and let us send you an email when Wanigarathna Ayurvedic Suwa Asapuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Wanigarathna Ayurvedic Suwa Asapuwa:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram