14/01/2023
විසි පොරොන්දම සහ ඒවායෙහි තේරුම
👉 නක්ෂත්‍ර (නැකත්) පොරොන්දම (Nakath Porondam). - ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ අරමුණු, අවබෝධය, ආකල්ප, ගතිපැවතුම්, ජීවිතය පිලිබද දැක්ම, අධ්‍යාපනික සහ පුද්ගල සම්බන්ධතා.
👉 ගණ පොරොන්දම. (Gana Porondam). - දේව, මනුෂ්‍ය සහ රාක්ෂ යන ගණ වලින් පෞර්ශත්වය, ත්‍යාගශීලී බව, කරුණාව, දැඩි බව සහ පුද්ගලයන්ගේ අභ්‍යන්තර ගති පැවතුම්.
👉 මහේන්ද්‍ර පොරොන්දම. (Mahendra Porondam). - විවාහයෙන් ලබන දරුවන් නිසා යහපතක් හෝ අයහපතක් අත්වේද සහ ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව, බුද්ධිමත් බව හා ප්‍රීතිමත්ව වාසය කිරීම ආදී කරුණු.
👉 ස්ත්‍රී දීර්ඝ පොරොන්දම. (Sthree Deerga Porondam). -විවාහ දිවිය සාමදානයෙන් ගෙවේද, නිතර අඩ දබර ඇතිවේද, විවාහයෙන් පසුව එකිනෙකාගේ අභ්‍යන්තර බැඳීම, සුහදතාවය සහ අවංකභාවය.
👉 යෝනි පොරොන්දම. (Yoni Porondam). - ජන්ම පුරුදු නිසා ඇති වන ගැටුම්, ලිංගික තෘප්තිය සහ විවාහ අපේක්ෂක දෙදෙනාගේ අනෙකුත් කායික ගැලපීමද පිළිබද සමාලෝචනය.
👉 රාශි පොරොන්දම. (Rashi Porondam). - විවාහ යෝජිත දෙදෙනාගේ භවාන්ග සිත් වල ගැලපීම පරීක්ෂා කිරීම, අමතර වශයෙන් බාහිර සහ අභ්‍යන්තර ගති ගුණ පරික්ෂාව.
👉 රාශාධිපති පොරොන්දම. (Rasi Adipathi Porondam). - බාහිර සමාජය සමඟ දෙදෙනා විසින් ගොඩනගා ගන්නා සබඳතා, දෙදෙනාගේ සිත් එකතු වී ක්‍රියා කරන ආකාරය යහපත්ද අයහපත්ද යන්න.
👉 වශ්‍ය පොරොන්දම. (Vashya Porondam). - එකිනෙකා අතර ඇතිවන ගැඹුරු ආලය, ජන්මාන්තරගත ආදරය, ආකර්ෂණය සහ එම තත්ත්ව දිගුකාලීනව පවතීද යන්න.
👉 රජ්ජු පොරොන්දම. (Rajju Porondam). - විවාහ ජීවිතයේ භෞතික ශාරීරික බැදීම, දෙදෙනාගේ ශාරීරික අන්ගයන් එකිනෙක ගැලපෙනවාද යන්න සහ එවා අතර සන්වේදනය කුමන ආකාරයෙන් සිදුවේද යන්න.
👉 වේධ පොරොන්දම. (Vedha Porondam). -මනමාල යුවල අතර අන්‍යොන්‍ය සම්බන්දතාවයේ ශක්තිමත් බව, අඩ දබර ඇති වීමට තව දුරටත් ඉහල යා හැකිද යන්න ගැන විමසීම.
👉 වෘක්ෂ පොරොන්දම. (Vruksha Porondam). - දරු ඵල ඇති කිරීමට හෙතු වන ධාතු ශක්තිය පිලිබද බල දුබලකම් මැනීම සහ එම කරුණු මත පදනම්ව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍යද නැද්ද යන වග.
👉 ආයුෂ පොරොන්දම. (Ayusha Porondam). - යුවතිපතීන්ගේ ආයුෂ සලකා බැලෙන අතර ගණනයයෙන් ප්‍රතිඵල ලෙස ලැබෙන ශේෂයන් මත එකිනෙකා ආදරවන්තයින් ලෙස වැඩි කලක් ජීවත් වේද යන්න.
👉 පක්ෂි පොරොන්දම. (Pakshi Porondam). - විවාහ අපේක්ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ මානසික මට්ටම් වල මිතුරු සතුරු බව මෙන්ම බෙදාහදා ගැනීම් පිළිබඳ තොරතුරු.
👉 භූත පොරොන්දම. (Butha Porondam). - පඨවි (ඝණ), ආපෝ (ද්‍රව), තේජෝ (ශක්ති), වායෝ (වායු) සහ ආකාශ (ආකාශ) යනු පන්ච මහා භූතයන්ට අනුව ශරීර දෙකෙහි සංගටක වල යම් ගුණාත්මක ගැලපීමක් පරීක්ෂා කෙරේ.
👉 ගෝත්‍ර පොරොන්දම. (Gothra Porondam). - පිරිමි ගැහැණු වශයෙන් දෙදෙනාගේ උපන් නැකත් සහ ජෝතිශයට අනුව සිය පරම්පරාවන් එකිනෙකා හා මුහුවේද යන්න මූලික වශයෙන් සාකච්ඡා කෙරේ.
👉 වර්ණ පොරොන්දම. (Varna Porondam). -දෙදෙනාගේ පවුල් පසුබිම් වල ගැලපීම මෙමගින් පරීක්ෂා කෙරෙන අතර ජ්‍යෝතිශ්‍යට අනුව කුලයන් පදනම් කර මූලික ගණිතමය විග්‍රහයක් මෙයින් සිදු කෙරේ.
👉 ලිංග පොරොන්දම. (Linga Porondam). - ලිංගික තෘප්තිය හා සමගිය ආදරය ගැන මෙයින් කියැවෙන අතර මෙය යෝනි පොරොන්දම සමගද සම්බන්ධතාවයක් පවතී.
👉 නාඩි පොරොන්දම. (Nadi Porondam). - මෙමගින් දෙදෙනාගේ නාඩි ශක්තිය පිලිබදව පරීක්ෂා කෙරෙන අතර රුධිර ගැළපූම, නහර ශක්තිය, ජාන සම්බන්ධතාවයන් පිළිබදවද සලකා බලයි.
👉 දින පොරොන්දම. (Dina Porondam). - දෙදෙනා උපන් දිනයන් හා දවස පදනම් කර ගනිමින් එදිනෙදා කරන කියන කටයුතු කාරණා වල දියුණුව සහ පැවැත්ම ආදියෙහි ගැලපීම.
👉 ග්‍රහ පොරොන්දම. (Graha Porondam). - ඉරණමේ හෝ කර්මයන්ගේ බලපෑම, ඔවුනොවුන්ගේ සමස්ථ ක්‍රියාකාරකම් වලින් දෙදෙනාට අන්‍යෝන්‍ය ලෙස ප්‍රථිඵල අත්වේද යන්න පරීක්ෂා කෙරේ.