සිංහල බෙහෙත් නිරෝගි ජීවිතයක්

  • Home
  • Sri Lanka
  • Negombo
  • සිංහල බෙහෙත් නිරෝගි ජීවිතයක්

සිංහල බෙහෙත් නිරෝගි ජීවිතයක් හූනියමක් වු අහු ගෙඩි හා කොළ වලින් හූනිමයක් ලෙස ඔබේ ශරීරය තුල නිදන් ගත රෝග නිවාරණයට

21/06/2025

මයිල ශාකය.🌿🌿🌿🌿
මුත්‍ර පද්ධතිය ආශ්‍රිත රෝගවලදී ඉතා ගුණදායක මයිල ශාකය..!

☘️මයිල කියලා කියන්නෙ වියළි කලාපයේ බහුලව දැකිය හැකි ශාඛ විශේෂයක්. උද්භිද විද්‍යාත්මක නාමය Bauhinia rocemasa කියලා හදුන්වනවා.

☘️ශ්වේත කාංචනාර කියන නමින් සංස්කෘත භාෂාවෙන් හදුන්වන මෙම ශාඛයට නෑකම් කියන තවත් ශාකයක් වන්නේ කොබෝලීල ශාකයයි.
☘️ලංකාවේ වියළි කාලගුණයක් සහිත ප්‍රදේශවල බහුලව දකින්න පුළුවන් වන මේ ශාඛය පාරවල් දෙපස සෙවණ සදහා සිටුවනු ලබනවා.
☘️වියළි කාලගුණයට ඔරොත්තු දෙන මේ ශාකය අලුතින් දළු ලෑමත් ඒ එක්කම සිදුවෙනවා.

☘️මයිල ශාකයේ ළපටි පත්‍ර, ළපටි කරල් වගේම මයිල මලුත් ආහාරයට ගන්න පුළුවන්. ලපටි කරල් කිරි රසයෙන් යුතුයි.
❗❗මීළගට ඔබේ දැනුවත් වීම සදහාත් මේ වටිනා ශාකයේ ආරක්ෂාව පිණිසත් ඖෂධීය වටිනාකම් සදහන් කරනු ලැබුවත් මේ ඖෂධය වෛද්‍ය නිර්දේශයක් නැතිව හිතුමතේ භාවිතා කිරීම හෝ නිර්දේශ කිරීම සිදුකරන්න එපා කියලත් ආදරයෙන් මතක් කරන්න ඕන.❗❗

☘️අතීසාරය, පාචනය වගේ රෝග වලදී මයිල කොළ ‍සහ පොතු තම්බා බීමෙන් යම් සුවයක් ලබන්න පුළුවන්.
☘️ඒ වගෙම අම්ල පිත්ත රෝගයේදී ඇතිවන ආමාශයික තුවාල සුව කර ගැනීමටත් එය උපකාරී වෙනවා.
☘️ ‍ලේ පිටවන අර්ශස් රෝගීන්ට මයිල ‍පොතු තම්බා බීම ගුණදායකයි.
☘️ රුධිර වහනය සමනය කිරීමේ විශේෂ ගුණයක් මයිල කොළ සහ පොතු වල තිබීම තමයි ඊට හේතුව වන්නෙ.

☘️නිරන්තරයෙන් සිදුවන ගබ්සා තත්ව බොහො කාන්තාවන්ට මේ වෙද්දි බහුලව තියන ගැටළුවක්. මේ වගෙ අයට මයිල මල් සහ පොතු වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ආකාරයෙන් අවස්ථාව අනුව යොදාගැනීම සිදුකරනවා.
☘️ කාන්තාවන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව හට ගැනෙන රෝග වලදීත් කොබෝලීල ශාකය වගේම මයිල ශාකයත් යොදාගනු ලබනවා
☘️උගුර ආශ්‍රිතව හටගන්න , අධික ඌෂ්ණ ආහාර ගැනීමෙන් සහ සෙම් ආබාධ හේතුවෙන් ස්වර තන්තුවල ඇති වන වෙනස්කම් ආදියේදී මයිල දලු තවත් ඔසු සමග තැවීම සදහා යොදා ගන්නවා. මේ ප්‍රතිකාරය කරන්නෙත් රෝගියාගෙ අදාල අවස්ථාව සලකලා බලලා.

☘️රත්පිත් වැනි රෝගවටත් මානසික විඩාව අධික අයටත් මයිල මල් තැම්බූ වතුර කියන්නෙ වටිනා ඖෂධයක්.
☘️මස්තිෂ්කයේ ක්‍රියාකාරීත්වය දියුණු කරගනිමින් ගැනීමට එනම් එහි ඇති දුර්වලතා මග හරවා ගැනීමට මයිල මල්, පොතු , ඇට චූර්ණය අවස්ථාව අනුව යොදාගන්නවා.

☘️ රත්පිත් රෝග කියන්නෙ විවිධාකාර රෝග ගණනාවක එකතුවක්. මේ රත්පිත් රෝග නිසා ඇති වන රුධිර පීඩනයේ වෙනස්කම් මගහරවා ගැනීමට මයිල මල් තැම්බූ වතුර යොදාගන්න පුළුවන්.

☘️රුධිරයේ සීනි මට්ටම පහළ හෙළීමට මයිල ශාකයට හැකියාවක් තිබෙනවා. මේ නිසා එය දියවැඩියා රෝගීන් ට ප්‍රයෝජනවත්. කොහොම උනත් දියවැඩියාව වූ වකුගඩු රෝග ආදිය නිතරම එකට පවතින රෝග නිසා මේ වගේ ඖෂධ වෛද්‍ය නිර්දේශයක් නැතිව භාවිතා කරන එක සුදුසු නෑ. රුධිරයේ සීනි මට්ටම අඩු වීමෙන් පමණක්ම දියවැඩියා රෝගය නිසි ලෙස සුවවීමක් වෙන්නෙත් නෑ. මේ කරුණු කීවෙ අමතරව ඔබේ දැනුවත් වීම සදහා.

☘️මයිල මල් සහ ඇට වියළා සිහින්ව කුඩු කර එයට කුරුඳු කුඩු ස්වල්පයක්ද එක් කර නටන වතුරට දමා නිවෙන්න හැර එම ජලය පානය කිරීමෙන් දියවැඩියා රෝගීන්ට යම් සුවයක් අත්කරගන්න පුළුවන්.
☘️ඒ වගේම එදිනෙදා ජීවිතයේ දී භාවිතා කරන්න පුළුවන් ශාකයක් තමයි මයිල කියන්නෙ.

☘️අතීතයේ දී වගේම අදත් කලවම් මැල්ලුමට මයිල දලු කීපයක් එකතු කරගන්න අපිට පුළුවන්.

☘️ඔසප් වීමේදී ඇතිවන වේදනාවත් අධික රුධිර වහනයද අවම කර ගැනීමට මයිල මල් ‍පොතු තැම්බූ වතුර ඉතා ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන් ආර්තවය ඉතා වේදනාකාරී අයට මයිල මල්,පොතු තැම්බූ වතුර මහඟු ඖෂධයක්.
☘️පැරණිවෛද්‍යවරු ගඩු පිළිකා වැනි අවස්ථාවලදී මයිල ගසේ කොටස් ඔසු සදහා යොදාගෙන තිබෙනවා.මීට හේතුව එදා හදුනාගත්තු පිළිකා විනාශ කිරීමේ හැකියාව. . මේ නිසාම මයිල ශාකයේ ඇති සුවිශේෂ ගුණ ගැන පරීක්ෂණ කරලා පිළිකා සෛල වර්ධනය වීම අවම කිරීමේ හැකියාවක් ඇතිබව මේ වෙද්දි සොයාගෙන තිබෙනවා

☘️ශරීරගත රුධිරය නැත්තම් රක්ත ධාතුව දූෂණය වීමෙන් හට ගන්නා චර්ම රෝග වලටත් එය ඉතාමත් යෝග්‍ය වේ.
☘️සුව නොවන තුවාල මයිල මල්, ‍පොතු තැම්බූ වතුරින් සේදීම ගැමි ජනතාව අතර පවතින අත් බෙහෙතකි.

☘️රණවරා මල්, බෙලි මල් වගේ ජනප්‍රිය පානයක් නොවුණත් මයිල මලුත් ඒ වගේම තම්බලා පානය කරන්න පුළුවන්.
☘️ හැමදාමත් මතක් කරනවා වගේ මේ පානයත් දිනපතා පානය සුදුසු නෑ. නමුත් සතියකට වරක් වගේ පානය කිරීමෙන් ශරීරයට සිසිලසත් මනසට විවේකයත් ලැබෙනවා. මේ පානය මගින් අපි ආහාරයට ගත්ත ආහාරවල තියෙන විවිධ විෂ කොටස් නිසා දූෂිත වූ රුධිරයත් පිරිසිදු වෙනවා.ඒ වගේම අම්ල පිත්තය ඇතිවීමේ අවදානමත් අඩුවෙනවා.

❗☘️මේ විදියට විස්තර කරත් මයිල මල් ,මයිල කොළ, ‍පොතු සහ ඇට ඖෂධ විදියට භාවිතා කරද්දි වෛද්‍ය උපදෙස් ගැනීම හරිම වැදගත්. වකුගඩු ආශ්‍රිත රෝග ඇති අයට මයිල මල්, ‍පොතු ඇට ආදිය ඒ තරම් සුදුසු නොවීම ඊට හේතුවයි. ඔවුන්ගෙ වකුගඩු වලට දරාගන්න පුළුවන් මට්ටමේ ඔසුවර්ග නියම කිරීම වෛද්‍යවරයා විසින් තමයි සිදුකළයුත්තෙ. ඒ නිසා පමණ දැන ආහාරයට ගැනීමත් ඖෂධ පිණිස ගැනීමත් ඉතා යෝග්‍යයි.
☘️මයිල මල් තැම්බූ විට ඇතිවෙන්නෙ පැණි රසක් එකතු වුණු සිසිල් රසයක්.ඒ නිසා බීමටත් පහසුයි.

☘️වියලි කලාපයේ වැඩිපුරම දකින්න ලැබෙන මයිල ශාකය තියන ස්ථාන හරිම සිසිල්. ශරීරයට විතරක් නෙවෙයි මයිල ගසක අතු තුර විහිදිලා තියන ආකාරය දැක්කම ඇසට පවා සිසිල් බවක් ඇතිවෙනවා. ඔබ ඒ බව අත්දැකීමෙන් දන්නවා ඇති. ඒ වගේම ගෙවතු අලංකරණයටත් ගන්න මේ ගස උවමනා ආකාරයට හැඩ කරගැනීමත් කරන්න පුළුවන්.

☘️ මයිල ගසක් අවට අකුණු අනතුරු ඇති නොවෙන බවට අපේ පැරැන්නො අතර කතාවක් තියනවා.
🔸මුත්‍රා පිටනොවන අවහිර අවස්ථා වලදි මේ මයිල දළු කීපයක් කටේ දමලා සපා යුෂ ගිලීම මගින් මුත්‍රා අඩස්සි තත්ව පහකරගැනීම ප්‍රසිද්ධ අත්බෙහෙතක් විදියට දක්වන්න පුළුවන්.

🌳 මයිල ගහක් කියන්නෙ ස්වභාවිකව කිසිම කරදරයක් නැතුව වැවෙන සෙවන සදන ශාකයක්. ඕනෑම කර්කශ පරිසරයක හරිම සුන්දරව වැඩෙනවා.මහා මාර්ග දෙපස හරිම පහසුවෙන් වවන්න පුළුවන් විදියෙ ශාකයක්..

🌼මයිල මල් තම්බලා බොන්න පුළුවන් කීවා වගේම මයිල මල් රෑන් ව්‍යංජනය කියන්නෙත් හරිම ගුණදායක එක් වරක් රස බැලුවොත් ආයෙමත් රස බලන්න හිතෙන රසවත් ව්‍යංජනයක්.. මීළග ලිපියෙන් මයිල මල් ව්‍යංජනයක් රසවත් විදියට සකස් කරගන්නෙ කොහොමද කියලා බලමු.

උණුසුම් ජලය පානය කරන්න.✅  වසර 100කට වැඩි කාලයක් නිරෝගීව ජීවත් වන ජපන් ජාතිකයින් හැකිතාක් AHAL විෂ (සීනි, පිටි, මධ්‍යසාර ...
13/06/2025

උණුසුම් ජලය පානය කරන්න.✅
වසර 100කට වැඩි කාලයක් නිරෝගීව ජීවත් වන ජපන් ජාතිකයින් හැකිතාක් AHAL විෂ (සීනි, පිටි, මධ්‍යසාර සහ කිරි) වලින් වැළකී තම සෛල පිරිසිදුව තබා ගනී.
තවද, සෑම උදෑසනකම ඔවුන් තම බඩවැල් හිස් කර බර අඩු කර ගන්නේ ඔවුන්ගේ උණුසුම් ජලයට ලෙමන් එකතු කිරීම සහ අනෙක් සෑම දිනකම බේකින් සෝඩා ස්වල්පයක් එකතු කිරීමෙනි.
මෙය SAYU ලෙස හැඳින්වේ.
උණුසුම් ජලය සමහර සෞඛ්‍ය ගැටලු විසඳීමට 💯% ඵලදායී බව ජපන් වෛද්‍යවරු පිරිසක් තහවුරු කළහ.
එය ඇතුළුව.
* හිසරදය සහ ඉරුවාරදය.
* අධි/අඩු රුධිර පීඩනය.
* සන්ධි වේදනාව.
* හදිසි හෘද ස්පන්දන වැඩි වීම සහ අඩු වීම.
* අපස්මාරය.
* කොලෙස්ටරෝල් මට්ටම.
* ආතතිය, ශරීරයේ අපහසුතා, කැස්ස, අවහිර වූ ශිරා සහ ඇදුම.
* ගර්භාෂය හා මුත්‍රා ආශ්‍රිත රෝග.
* බඩේ ගැටලු සහ ආහාර රුචිය නොමැතිකම
* පෙනීම, ශ්‍රවණය සහ උගුර ආශ්‍රිත සියලුම රෝග.
උණුසුම් ජලය භාවිතා කරන්නේ කෙසේද...?
උදේ පාන්දර, ආසන්න වශයෙන් ගන්න
උණුසුම් ජලය වීදුරු 4 ක්
හිස් බඩක් සමඟ.
ඊළඟ මිනිත්තු 45 තුළ ඔබ කිසිවක් කන්නේ නැත.
මුලදී වීදුරු 4 පානය කිරීම අපහසු විය හැකි නමුත් ක්‍රමයෙන් ඔබ එහි පැමිණේ!
උණුසුම් ජල ප්‍රතිකාරය සාධාරණ කාල සීමාවක් තුළ සෞඛ්‍ය ගැටලු විසඳීමට උපකාරී වේ.
🔴 දින 30 කින් දියවැඩියාව.
🔴 රුධිර පීඩනය
දින 30 යි.
🔴 දින 10න් බඩ සම්බන්ධ ගැටළු.
🔴 සියලුම වර්ගයේ පිළිකා
මාස 9 යි.
🔴 මාස 6කින් ශිරා අවහිර වීම.
🔴 දින 10 කින් ගර්භාෂය හා සම්බන්ධ ගැටළු.
🔴 දින 10 කින් නාසික, ශ්‍රවණ සහ උගුරේ ගැටළු.
🔴 දින 15 කින් කාන්තා ගැටළු
🔴 දින 30කින් හදවත් රෝග.
🔴 දින 3 කින් හිසරදය/ඉරුවාරදය.
🔴 දින 30න් අඩු රුධිර පීඩනය.
🔴 මාස 4න් කොලෙස්ටරෝල්.
🔴 මාස 9 කින් අපස්මාරය සහ අඛණ්ඩ අංශභාගය.
🔴 මාස 4 කින් ඇදුම
පරෙස්සම් වන්න. අයිස් වතුර ඔබේ සෞඛ්‍යයට හොඳ නැත.
ඉස්සර කිව්වෙ. තරුණ කාලෙට අයිස් වතුර බලපාන්නෙ නැත්තං මහලු කාලෙට ඒක බලපානව කියල.
ශීත කළ ජලය නහර 4 ක් වැසී හෘදයාබාධ ඇති කරයි.
හෘදයාබාධ ඇතිවීමට ප්‍රධානතම හේතුව අයිස් සහිත බීමයි.
අයිස් ජලය 💦 ගැටළු ඇති කරයි
අක්මාව, අක්මාව මේදය අවහිර කිරීම.
අක්මා බද්ධ කිරීමක් බලාපොරොත්තුවෙන් සිටින බොහෝ අය ශීත කළ ජලයට ගොදුරු වේ.
අයිස් ජලය ආමාශයේ අභ්‍යන්තර බිත්තිවලට බලපායි.
අයිස් ජලය ආමාශයට සහ මහා අන්ත්‍රයට බලපාන අතර පිළිකා ඇති කරයි.

‘පිරිමි පක්ෂයට අලු කෙසෙල් දෙන්න හොඳ නැහැ’‍බොහෝ වෙලාවට මේ කතාව අපේ සමාජයේ බොහෝ දෙනෙකුගේ සිත්වල පැලපදියම් වුණු කතාවක්. ඒ ක...
08/06/2025

‘පිරිමි පක්ෂයට අලු කෙසෙල් දෙන්න හොඳ නැහැ’‍
බොහෝ වෙලාවට මේ කතාව අපේ සමාජයේ බොහෝ දෙනෙකුගේ සිත්වල පැලපදියම් වුණු කතාවක්.
ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව අතර විශ්වාසයක් තියෙනවා අළු කෙසෙල් කෑවම ලිංගික අවශ්‍යතාව හීන වෙනවා කියලා. ඒත් ඒ කතාව මිත්‍යාවක් බව ඔබ දන්නවද? අද වන විට ඒ කතාව සත්‍යය යැයි කියන්නට විද්‍යාත්මකව සොයාගත් කරුණු කාරණා නැති බවමේ වෙකොට හෙළිවෙලා තියෙනවා.

අලු කෙසෙල් ලංකාවේ වගේම ඉන්දියාවේ, නේපාලයේ, මලයාසියාවේ, දකුණු අප්‍රිකාවේ, දකුණු අමෙරිකාව වගේ රටවල බොහොම සරුවට වැඩෙනවා. smusa sapienpum යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අලු කෙසෙල් රසවත් ව්‍යංජනයක් ලෙස හදා ගන්න ගෘහනියකට හැකියි.

ඒ වගේම අලු කෙසෙල් සිහින්ව පෙති කපා තෙලෙහි බැද සලාදයක් ලෙසත් පිළියෙල කරගන්න හැකියාව තිබෙනවා. අවුරුදු කාලයට සැකැසෙන හත්මාළුව සඳහාත් අලු කෙසෙල් යොදා ගන්නවා. මේ කුමන ආකාරයට සකසා ගත්තත් අලු කෙසෙල් කියන්නේ මනා පෝෂණ ගුණයෙන් යුක්ත එලවළුවක්.

අලු කෙසෙල්වල ගුණ

අලු කෙසෙල්වල අඩංගු තන්තුමය කොටස් නිසා මළ බද්ධයට කදිම ඖෂධයක්. ඒ නිසා මළ බද්ධයෙන් පෙළෙන අයට අලු කෙසෙල් ආහාරයට එකතු කර ගැනීමෙන් එම රෝගයෙන් වැළකීමේ හැකියාව ලැබෙනවා.

අර්ශස් රෝගය සෑදී තිබෙන හා අර්ශස් රෝගයෙන් පීඩා විඳින අයට වගේම එම රෝගයෙන් වැළකී සිටීමට නම් අලු කෙසෙල් ආහාරයට ගන්න එක හොඳයි.

බඩ දැවිල්ල ඇතිවෙන අවස්ථාවලදී ඊට කදිම පිළිතුරක් ලෙස අලු කෙසෙල් එළවළුව හැඳින්විය හැකියි.

බඩ පුරවා දැමූ අවස්ථාවල කෑමට ගුණ දායක ආහාරයකි.මුත්‍රා ගල්වලට වඩාත් සුදුසුය. පිත්තාශයේ ගල් ඇතිවීමද වළක්වයි.අජීර්ණයක් ඇතිවූ අවස්ථාවලදී අලු කෙසෙල් උයා ආහාරයට ගැනීමෙන් අජීර්ණය සුව වෙයි.පහසුවෙන් දිරවන ආහාරයක් නිසා දිරවීමට අපහසුතා ඇතිවීම වළක්වයි.

ඔබත් බඩගිනි නොවන රෝගයෙන් පෙළෙන්නේද? එසේ නම් ඔබත් අලු කෙසෙල් ආහාරයට ගැනීමෙන් බඩගින්න ඇති වෙයි.ශරීරයේ ඇති අනවශ්‍ය මේද කොටස් ඉවත් කරයි.

මේ නිසා කොලෙස්ටරෝල් වලට ගුණදායකයි. එම රෝගයෙන් පෙළෙන රෝගීන්ට අලු කෙසෙල් කෑමට බිය විය යුතු නොවෙයි.දියවැඩියාවට බෙහෙවින් ගුණදායකයි.පිළිකා නාශක ගුණයක් කෙසෙල්වල තිබෙයි.සමේ රෝගවලට කදිම පිළිතුරක් ලෙස අලු කෙසෙල් ආහාරයට එක් කර ගන්න.අසාත්මිකතා නැති කර දමයි.

පණු රෝග වලට යෝග්‍ය බැවින් අලු කෙසෙල් කෑමට ගන්න.ලේ හිඟකමෙන් පෙළෙන (නීරක්තය) අයට අලු කෙසෙල් කෑම වඩාත් යෝග්‍යයි.ස්නායු පද්ධතිය හොඳින් ක්‍රියා කරවීමට අලු කෙසෙල් වලට ඇත්තේ අපූරු ගුණයකි.

හෘදය ක්‍රියාකාරීත්වයට ගුණදායකයි.ශරීරයේ ප්‍රතිශක්තිය වඩවයි.ශරීරයේ ජල සමතුලිතතාවය ආරක්ෂා කරයි.පුංචි ළමයින්ගේ මතක තබා ගැනීමේ ශක්තිය වැඩිකරන නිසා පුංචි ළමයින්ට වඩාත් සුදුසු එළවළුවකි.රෝගයක් සෑදීමෙන් පසුව ශරීරය දුර්වල වූ අවස්ථාවලදී බත් සමග අලු කෙසෙල් දීමෙන් ශරීරය ශක්තිමත් වෙයි.

ඉතින් මේ වගේ ගුණවත් කෑමක් අර එක බොරු කතාවක් හිංදා අත්හරින එක අපරාධයක් නෙවෙයිද? හැබැයි මේ වගේම තමයි අළු කෙසෙල් හදනකොට දිනපතා කන්න හොඳ නෑ කියලා කියනවා ඒ වගේම වකුගඩු රෝගයෙන් පෙළෙන අයටත් අළුකෙසෙල් සුදුසු නෑ කියලා තමයි සඳහන් වෙන්නේ.

පතෝල වැනිය කියමන අහක් කරන්න..වෛරස් රෝග පැතිරෙමින් පවතින මේ කාලයේ ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීමට  තෝරා ගතයුතුම ආහාර..අද බොහ...
19/05/2025

පතෝල වැනිය කියමන අහක් කරන්න..

වෛරස් රෝග පැතිරෙමින් පවතින මේ කාලයේ ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීමට තෝරා ගතයුතුම ආහාර..

අද බොහෝ දෙනා ලෙඩ කෑම යැයි හංවඩු ගසා ආහාරයට නොගන්නා වැටකොළු, පතෝල..

විටමින් B, විටමින් C, සින්ක්, යකඩ, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, පොස්පරස්, මැන්ගනීස් වැනි බොහෝ පෝෂක ගුණයන් අඩංගු මෙමගින් ශරීරයට ලැබෙන වාසි...

*වාතය පිත සමනය කරයි
*පහසුවෙන් දිරවයි
*උදරයේ පණුවන් නසයි
*දුර්වල ශරීරයට ලොකු ශක්තියක් ලබා දේ
*මලබද්ධයට හා මුත්‍රා දැවිල්ලට ගුණයි
*ලේ පිරිසුදු කරයි
*වෛරස් ආසාදන රෝග වලින් බේරෙන්නට හැකි ඉහළ ප්‍රතිශක්තිකරණයක් ලබා දේ
*අම්ලපිත්ත රෝගයට ගුණයි
*හොඳින් බඩගිනි ඇති කරන අතර ආහාර ජීර්ණයට උදව් වේ
*වැඩිපුර ජලය අඩංගු නිසා ශරීරය විජලනය නොවේ
*හෘද රෝගීන්ට ගුණයි,මනා රුධිර ගමනාගමනයක් ඇති කර අධි රුධිර පීඩනය අඩු කරයි.

මෙවැනි වටිනා ගුණ සහිත ආහාර ඉවත නෙදමමු..
ආහාර ඖෂධ ලෙස ගෙන සුවපත්වෙමු,

මූලාශ්‍ර අන්තරජාලය තුලිනි

Fooddy24hHomeA Single Ingredient to Combat Bone Pain, Diabetes, Anxiety, Depression, and Constipation!A Single Ingredien...
16/05/2025

Fooddy24h
HomeA Single Ingredient to Combat Bone Pain, Diabetes, Anxiety, Depression, and Constipation!
A Single Ingredient to Combat Bone Pain, Diabetes, Anxiety, Depression, and Constipation!

Could one simple, natural ingredient truly address such a wide range of health concerns? The answer might surprise you! Magnesium , often referred to as the "miracle mineral," has been gaining attention for its incredible versatility in supporting overall health. From easing bone pain to regulating blood sugar levels, calming anxiety, lifting mood, and even relieving constipation, magnesium is a powerhouse nutrient that many people are deficient in—without even realizing it.

Let’s explore how this single ingredient can help combat multiple health issues and why it might just be the missing piece in your wellness journey.

Why Magnesium is So Powerful
Magnesium is an essential mineral involved in over 300 biochemical reactions in the body. It plays a critical role in:

Building strong bones
Regulating blood sugar and insulin sensitivity
Supporting brain function and mental health
Relaxing muscles and reducing inflammation
Promoting healthy digestion and bowel movements

Despite its importance, studies suggest that up to 75% of adults don’t get enough magnesium from their diet due to modern farming practices, processed foods, and poor absorption.

How Magnesium Helps with Specific Health Issues
1. Bone Pain
Why It Works: Magnesium is crucial for bone health, working alongside calcium and vitamin D to maintain bone density and strength.
Benefits: Supplementing with magnesium can reduce bone pain, prevent osteoporosis, and improve conditions like arthritis or muscle cramps.
2. Diabetes
Why It Works: Magnesium helps regulate insulin activity and improves glucose metabolism.
Benefits: Studies show that adequate magnesium intake lowers the risk of type 2 diabetes and helps manage blood sugar levels in those already diagnosed.
3. Anxiety
Why It Works: Magnesium regulates neurotransmitters and supports the production of serotonin, the "feel-good" hormone.
Benefits: It calms the nervous system, reduces stress hormones, and promotes relaxation, making it a natural remedy for mild to moderate anxiety.
4. Depression
Why It Works: Low magnesium levels have been linked to depressive symptoms because of its role in brain function and mood regulation.
Benefits: Increasing magnesium intake (through diet or supplements) has been shown to alleviate symptoms of depression and improve emotional well-being.
5. Constipation
Why It Works: Magnesium draws water into the intestines, softening stool and promoting regular bowel movements.
Benefits: It’s a gentle, non-habit-forming solution for occasional constipation, especially when taken in higher doses (like magnesium citrate).



Best Recipes
Orange peels, dip them in 1 bottle of water: saved a lot of money
Orange peels, dip them in 1 bottle of water: saved a lot of money
December 15, 2023
Sweet Alabama Pecan Bread – A Southern Classic You Can’t Resist! 🌰🍞
Sweet Alabama Pecan Bread – A Southern Classic You Can’t Resist! 🌰🍞
February 06, 2025
Boston Cream Pie Cupcakes
Boston Cream Pie Cupcakes
March 04, 2025
Salt and bay leaf in the house are worth gold: the many hidden uses
Salt and bay leaf in the house are worth gold: the many hidden uses
December 16, 2023
Shrimp Scampi Pasta Bake
Shrimp Scampi Pasta Bake
March 02, 2025
Beef Lombardi Casserole
Beef Lombardi Casserole
March 02, 2025

My Name is Alice
I’m a 30-year-old American cooking enthusiast, passionate about sharing my kitchen secrets.
Search This Blog
Search this blog
Labels
Benefits of fruits2
Benefits of vegetables3
CHICKEN100
Dessert146
fooddyrecipes366
Healthy6
sandwiches75
Featured Post
A Single Ingredient to Combat Bone Pain, Diabetes, Anxiety, Depression, and Constipation!
A Single Ingredient to Combat Bone Pain, Diabetes, Anxiety, Depression, and Constipation!
May 16, 2025
Most Popular
Pancake Sausage Casserole
Pancake Sausage Casserole
March 30, 2025
A Single Ingredient to Combat Bone Pain, Diabetes, Anxiety, Depression, and Constipation!
A Single Ingredient to Combat Bone Pain, Diabetes, Anxiety, Depression, and Constipation!
May 16, 2025
Sweet Alabama Pecan Bread – A Southern Classic You Can’t Resist! 🌰🍞

Fact and information by internet
Writer ..
Kamal .S. Kamal S Kapukotuwa

ගැහැනු  ලමයෙක් වැඩි වියට පත්වෙනවා සමගම සුද යෑම නැත්තම් ඇග උනුකරවා යෑම යුවතියන්ට ලොකු ගැටලුවක්  .එයින් ඔබ පීඩාවට පත්ව බටහ...
21/03/2025

ගැහැනු ලමයෙක් වැඩි වියට පත්වෙනවා සමගම සුද යෑම නැත්තම් ඇග උනුකරවා යෑම යුවතියන්ට ලොකු ගැටලුවක් .එයින් ඔබ පීඩාවට පත්ව බටහිර වෙදකමේ ඇති පෙතිගිල දමා පීඩාවට පත්වෙන්නේද ???? එනම් අද සිට ඔබගේ ගෙවත්තේ ඇති වැලකින් සහනය ලබාගන්න .ඒ තමයි වටිනා ඉරමුසු වැල .ගුනයෙන් පිරී ඉරමුසු ඔබව නිරෝගී ව තමයි.ඉරමුසු නැටි හොදින් පිරිසිදු කර තලලා ඒකට උලුහාල සහ සූදුරු එක්ක තම්බාගෙන උක් හකුරු කෑල්ලක් එක්ක බොන්න.ඔබගේ ඇගේ ඇති උෂ්ණත්වය අඩුකරයි . ඒවගේම මුත්‍රා දැවිල්ලට ත් හරිම ගුනයි.
ඒවගේම තමයි පොඩි දරුවෙක් ගේ ඇග කසනවානම් ලේ ගෙඩිවලට වගේම ආමාශයේ තුවාල හා බඩවැල්වල තුවාල ඇති කෙනෙක්නම් ඉරමුසු කසායක් සදා බොන්න .
ඒවගේම හොද නොවන තුවාල වලට ඉරමුසු තැම්බා හෝදන්න සහනයක් ලැබෙයි.
වද බාවයෙන් පෙනෙන්නේනම් ඉරමුසු කසාය දවස් හතක් නොකඩවා බොන්න වද බව නැතිවෙයි මෙය කාන්තා පිරිමි දෙගොල්ලොම බොන්න වද බාවය නැතිවෙයි.
ඒවගේම විදුරුමස් දියවීම සහ සෙමගෙඩි වලට උල්ලෝගම් වගේ මුකරෝගවලට ඉරමුසු තැබ්බූ වතුරින් සෝදන්න .
ඇගට සර්ප විසක් වගේම ගෝනුස්සෙක් දශ්ට කර විට මී මැසි විසට වගේ ශරීරයට විශක් ඇතුල් වූ විට ඉරමුසු මුල් තම්බාගෙන ඒ කසායට එලගිතෙල් සමග නැවතත් රත්කර බොන්න .ගුනයෙන් ඉහලයි.
උදරයේ අමාරුවට වගේ පනු අමාරුවෙන් ඉන්නා ඔබට පුලුවන් ඉරමුසු මුල් අබරා එයට ගම්මිරිස් ඇට කීපයක් එකතුකර නැවතත් අබරා ගුලියක් සේ හදාගන්න.පසුව එම තලිය පොඩිගුලිසේ කඩාගෙන බෝතලයකට දමා හුලං නොවදින සේ තියාගන්න .උදරයේ වේදනාව ඇති ඌවිට හෝ පනුරෝගවලට එක ගුලියක් උනුවතුර සම බොන්න. ඉක්මන්සුවය ලැබේ .
අර්ශස් ඇති ඔබට පුලුවන් ඉරමුසු ගහක් ගෙන එයට කටුරොඩු මුල් එක්ක අබරන්න. ඊට පස්සේ මැටි බදුනකට දමා රත්කර වේලාගන්න පසුව මුදවපු කිරි ටිකක් ගෙන එයට අර කල්කය එකතුකර වතුර ටිකක්ද එකතුකර පානයක් සේ සදා බොන්න .අර්ශස් අමාරුවට කදිම ඔසුවක් වේ.
ඉරමුසු සියලු රෝගවලට වඩා යෝග්‍ය බෙහෙත් ගසක් වන අතර කැද සේ පානය කිරිමෙන් ඔබව නිතරම නිරෝගී ව තබයි.බටහිර වෙදකමේ වගේ නොව හෙලබෙහෙත් ගසක් නිසා අතුරු ආබාධ නැත .

රසම රස පොලොස්  කැද......ඔන්න කට්ටිය  බොමුද  පොලොස්  කැද..... දන්නවාද  මේ කැද  එකේ   තියෙන  ගුන....විශේශයෙන්ම  මේ  කැද එක...
14/03/2025

රසම රස පොලොස් කැද......

ඔන්න කට්ටිය බොමුද
පොලොස් කැද.....

දන්නවාද මේ කැද එකේ තියෙන ගුන....

විශේශයෙන්ම මේ කැද එක ගොඩාක්
ගුනදායකයි ...

🐳පිලිකා රෝගීන් සදහා..

🐳ඒ වගේම අපේ ශරීරයේ
ප්‍රතිශක්තී කරනය වැඩි කරනවා...

🐳විශේශයෙන්ම දරුවන් සදහා
ඉතාමත් වටිනා කැදක්..
මම නම් පාන්දරම දරුවන්ට
හදලා දුන්නා....

🐳මේ දවස් වල ප්‍රත්ශක්තිකරනය
ඉහල මට්ටමක තියා ගන්න ඕනෑනේ..

ඔන්න හදන හැටි අහලා තියෙන අයට....

🔳පොලොස් කටු ඇරලා හීනීයට කපා ගන්න.....
🔳හොදට සෝදා ගන්න...
🔳ඒකට රතු හාල්...
🔳සුදු ලූනූ......
🔳රතු ලූනූ...
🔳වතුර එකතුකරලා....
හොදට තම්බා ගන්න......

➡️ ඒක තැම්බෙන්න අතරේ වේලීච්ච පොල්
බෑයක් ගාලා කිරි ටික ගන්නකෝ...
හරි දැන් අර ටික හොදට තැම්බිලා
නම් පොඩ්ඩක් නිවුනාම.... නෑබිලියේ හරි....
බ්ලෙන්ඩර් එකේ හරි හොදට පොඩි
කරගන්න...
ඒක හුගාක් තැම්බුනාම දරුවන්ට දෙන්න ලේසියි...
ඒ වගේම රෝගීන්ටත්...
දැන් ඒකට පොල් කිරි එකතු
කරන්න...
යාන්තම් මද ගින්දරේ පොඩ්ඩක් පිස
ගන්නකෝ....

දැන් ඉතින්
බොන්න...

මම නම් පාන්දරම ඔය පොටෝ
එකේ තියෙන දෙකම බිව්වා.....

තවත් බොන්න හිතෙනවා....
ඇත්තටම රසයි...
ගුනය අතිනුත් ඉතින්
කොස්.. පොලොස් ගැන
හැමෝම දන්නවානේ....

🧠මොළය වර්ධනය( Brain development)අවුරුදු 1 සිට අවුරුදු 3 දක්වාදිය යුතු ආහාර සහ කලයුතු කළ යුතු ක්‍රියාකාරකම්🔘දරුවෙකුට වයස ...
31/01/2025

🧠මොළය වර්ධනය( Brain development)
අවුරුදු 1 සිට අවුරුදු 3 දක්වා
දිය යුතු ආහාර සහ කලයුතු කළ යුතු ක්‍රියාකාරකම්

🔘දරුවෙකුට වයස අවුරුදු 3 ක් වන විට ඔවුන්ගේ මොළය 80% ක් වර්ධනය වේ. අවුරුදු 5 ක් වන විට මොළය 90% ක් වර්ධනය වේ. මුල් ළමාවියේ මොළයේ වර්ධනය දරුවාගේ හැසිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

🥗 දිය යුතු ආහාර සම්බන්ධයෙන්

පළමුව කිව යුතුයි අවුරුද්ද ඉක්ම වූ පසු අපි මුලින් ම දරුවාව පවුලේ ආහාර රටාවට හුරු කරගත යුතුයි.දරුවා වෙනුවෙන් සකස් කරපු ආහාර ලබා දෙන අතරම ඒ අතරට අපි ගන්නා ආහාරත් ටිකෙන් ටික දරුවාට ලබා දෙන්න.
🔹අපිට ඕනේ බොල බබෙක් නෙවෙයි නීරෝගීමත් බුද්ධිමත් ක්‍රියාශීලී දරුවෙක් ඒ සඳහා දිය යුතු ආහාර වර්ග කීපයක් මං සඳහන් කරන්නම්

🔹අවුරුද්ද ඉක්මවූ පසු දරුවන්ට ලුණු සහ සීනි සහිත ආහාර ලබාදිය හැකි නමුත් ප්‍රමාණය ඉක්මවා ලබා දීම මොලය වර්ධනය අඩාල කරනවා.

🔹මොළය වර්ධනය සඳහා දරුවන්ට ලබා දිය යුතු වන්නේ ගුණාත්මක ආහාරයි. ඒ අතරට විශේෂයෙන්ම බිත්තර. වටු බිත්තර හා මාළු (සාලයෝ, හාල් මැස්සෝ, පරා පැටව්,සැමන් පරා, ලින්නෝ,වැව් මාළු, හැදැල්ලො, අමු හාල්මැස්සන් වැනි කුඩා මාළු ලබා දිය යුතුයි. කූනිස්සන් හා ඉස්සන් ද දිය හැක. දරුවාට මේවා කෑමට අපහසු යැයි හැඟේ නම් බැදලා කුඩු කරලා කෑම වලට එකතු කරන්න පුළුවන්.තලපත් තෝර මෝර මාලු අවමයෙන් ලබාදෙනවා නම් හොඳයි මොකද ඒවගේ රසදිය අඩංගුයි. )

🔹පලා වර්ග විශේෂයෙන්ම ගොටුකොළ සහ මුරුංගා කොළ (මතක ශක්තිය වර්ධනය කරන පලා වර්ග දෙකකි.)අනිවාර්යයෙන්ම දිය යුතුයි. ඒ අතරට මුකුණුවැන්න ,සාරන,තම්පලා, කතුරු මුරුන්ගා නිවිති සහ අපි කන ඕනෑම පලා වර්ගයක් ලබා දිය හැකියි.

🔹එළවළු වර්ග වලින් බටු, තලන බටු,බණ්ඩක්කා,දඹල, රාබු, බීට් රූට්,පතෝල,වට්ටක්කා,කැරට්,අර්තාපල් ,බෝංචි, පිපිඤ්ඤා, කැකිරි ,බ්‍රොකොලි වැනි එළවළු පෝෂණ ගුණයෙන් ඉහළයි. සතියේ දවස් 5 ට මේ එළවළු බෙදාගෙන වේල් තුනක් සමබර ව ආහාර ලබා දෙන්න.

🔹ඒ අතර ට ඔලිව් ඔයිල් ,බටර්(ඇස්ට්‍රා මාගරින් නෙමෙයි),එලගි තෙල්,තල තෙල් සහ සුදු පොල් තෙල් ඒවායින් දෙකක් වේල් තුනෙන් දෙකකට එකතු කරන්න.(ලොකු ප්‍රමානයක් නොව කුඩා ප්‍රමනයක් දෙන්න. දවසට මේස හැදි දෙකකට වඩා ඉක්මවා යන්න එපා.)

🔹අනිවාර්යෙන්ම සීරියල් කුඩු,රටකජු, කජු කුඩු, තල කුඩු කරලා තියාගෙන ඒවායෙන් යෝගට් හැඳි දෙකක් කෑමට එකතු කරන්න. හැකිනම් ආමන්ඩ් ඇට කුඩු කරලා තියාගෙන එකතු කරන්න සතියේ දවස් 5 ට වෙන්වෙන් වශයෙන් මේ කුඩු වලින් එක් වර්ගයක් දවසට එකතු කරන්න .

🔹රට කජු හා කජු යනු බුද්ධිය වර්ධනයට මහත් දායකත්වයක් ලබාදෙන ඇති වර්ගයකි .

🔹කඩල,කව්පි, මුං ඇට,බෝංචි ඇට, බඩ ඉරිඟු ඇට හා ග්‍රීන් පීස් වලින් සකස් කරගත් ආහාරයක් සතියේ දවස් පහට උදේ ආහාරය සඳහා පිළියෙල කර දෙන්න.සෑම විටම ඇට වර්ග ලබාදිය යුත්තේ උදෑසන ආහාරය සඳහා යි.

🔹මීට අමතරව රුලං,හබල පෙති, සහ කුරක්කන් පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වර්ග තුනකි.ඕට්ස් ලබා දීමට හැකි නම් එයත් ගුණදායකයි.මේවායින් විවිධ කෑම වර්ග හදලා දරුවාට දෙන්න.

🔹පළතුරු වර්ග වලින් දරුවාට අනිවාර්යයෙන්ම දෙළුම් යුෂ,බෙහෙත් නෙල්ලි යුෂ,නාරං යුෂ අනිවාර්යෙන්ම ලබා දිය යුතුයි.ඊට අමතර ව අලිගැටපේර, පේර, බෙලි, දිවුල්,කොමඩු ,ඕනෑ ම කෙසෙල් වර්ගයක්,අඹ, ගස් ලබු ඒවායින් එක පලතුරු වර්ගයක් දිනක අමතර වේල් අතරට ලබා දීම අනිවාර්යයි.ඇපල් දොඩම්, මිදි ලබා දීම අවම කරන්න.( කල් තබා ගැනීම සදහා බෙහෙත් යොදන බැවින් දරුවන්ට එතරම් සුදුසු නොවේ ).

🔹හැකි සෑම සැමවිටම නැවුම් එළවළු සහ පලතුරු සොයාගන්න උත්සාහ කරන්න .

🔹 දරුවාට දිනපතා එක යෝගට් එකක්(යෝගට් ගෙදරම් හදාගෙන දෙන්න පුලුවන්නම් ගුණදායකයි.) ඒ වගේම කුඩා ප්‍රමාණයේ චොක්ලට් එක කැබැල්ලක් දිනකට ලබා දෙන්න. සතියකට දවස් දෙකක් චීස් කෑලල බැගින් දෙන්න.(දරුවාට කිරි සහිත ආහාර ලබා දෙනකොට කිසිවිටෙකත් එක දිනක වර්ග කීපයක් ලබා දෙන්න එපා. උදෑසන අතිරේක ආහාර වේලට චීස් කෑල්ලක් ලබා දුන්නා නම් සවස අතිරේක වේලට පළතුරු ලබා දෙන්න.උදෑසන අතිරේක වේලට යෝගට් එකක් දුන්නා නම් සවස අතිරේක වේලට ත්‍රිපෝෂ ගුලියක් දෙන්න.ඒ වගේමේ වගේ ආහාර වේල් සමබර කර ගන්න.)

🔹දරුවා අවුරුද්ද ඉක්ම වූ පසු ඔහුට දියර කිරි (freshmilk ) ලබා දිය හැකියි.

🔹දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය සඳහා සතියකට දවස් දෙකක් ඉඟුරු කොත්තමල්ලි ,පස් පංගුවක,බෙලිමල්, රනවරා,ඉරමුසු මේවායින් එකක් තම්බා ලබාදිය යුතුයි(අවුරුද්ද ඉක්ම වූ දරුවකුට 100ml හෝ 150ml ක් හොඳටම ප්‍රමාණවත් වෙයි.)

🔹 බිස්කට්, ක්ෂණිකනුඩ්ලස්, විවිධ රසකාරක අඩංගු ආහාර හා විශේෂයෙන් පැනි බීම වර්ග කිසිසේත්ම දරුවාට සුදුසු නොවේ.ඒවා දරුවාගේ බර අඩාල කරන අතර මොලේ වර්ධනය ද අඩාල කරයි.දරුවාගේ බර වැඩ වීම පිනිස කියා චීස් හා පිටිවර්ග වලින් සෑදු ආහාර අධික ලෙස නිතර දරුවාට ලබා නොදෙන්න.අධික ලෙස පැණි රස ආහාර දරුවන්ට ලබා දීම දරුවන්ගේ අධි ක්‍රියාකාරීත්වයට හේතු වේ.

🔹තනිවම ආහාර ගන්න ඉඩ සලසා දෙන්න. හැන්දෙන හා අතින් යන දෙකෙන්ම.ඇට වර්ග දෙන්නෙ නම් ඉතා හොදින් පොඩි වෙන ආකරයට තම්බා ලබා දෙන්න. ඒ අතර එයා ගන්නා ආහාර ප්‍රමාණය ප්‍රරමානවත් නොවෙන්නම් එ අතරම කවන්න.(යෝගට් චීස් වැනි දෙවල් තනිවම කන්න ඉඩ දෙන්න) කා බී අවසන් වූ පසු බාජනය සින්ක් එක තුලට දමන්න දරුවාට හුරු කරන්න. කෑම ගැනීමට පෙර සහ පසු දරුවාට තනිවම දෑත් සෝදා ගන්න අවස්ථාවල සලසා දෙන්න.සෑම අවස්තාවදීම එය සිදු කිරීමට ඉඩ දීමෙන් පසු කාලීන්ව එය පුරුද්දක් බවට පත් වේ.

🔹වයස අවුරුද්ද පසු වු විගස ඔබ දරුවාට යම් දෙයක ලබා දෙන්නෙද අනිවාර්යයෙන් එයින් යම් කොටසක් (විශෙශ්ෂයෙන් කෑමක් වගේ දෙයක්) පවුලෙ අන් අයට දීමට හුරු කරන්න. පලමුව ඔබට කෑල්ලක් ඉල්ලා ගන්න දෙවනුව සහොදර සහොදරියන් සිටීමන් එ අයට දෙන්න හුරු කරන්න.කුඩා කල සිටම දරුවාට එවැනි පුරුදු මොලයට කා වැද්දීම තුලින් පසු කාලීන්ව ඇති වන්නා වු ආත්මාර්ථකාමී අදහස් පහව යයි.

🤾️කළ යුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්

♦️වයස අවුරුදු 1 ත් 3 ත් අතර දරුවෙකු දවසට එකපාරක් අවම පැයක හෝ 2 ක නින්දක් අත්‍යවශ්‍යයයි. රාත්‍රියේදී පැය 10 ත් 12ත් අතර නින්දක් අවශ්‍යයි. දරුවා නිදා ගත යුතු සම්පූර්ණ පැය ගනන වෙන්නෙ අවම පැය 11 ක් හෝ උපරිම පැය14 කි. නින්ද තුලින් මොලයේ ස්නායු වර්ධනය වේ.

♦️පළමු ලිපියේ සඳහන් කළ ආකාරයටම ජංගම දුරකථන සහ wifi දරුවා නිදන අවස්ථාවේදී කාමරයෙන් ඉවත් කළ යුතුමයි.

♦️අවුරුදු තුනට අඩු දරුවන්ට කිසිවිටකත් දුරකථන භාවිතයට ඉඩ නොදිය යුතුයි.අවුරුද්දක් ඉක්ම වූ සහ අවුරුදු 3ට අඩු දරුවන්ගේ එක දිගට බලා සිටීම (screen time) දවසටම උපරිම පැයක් පමණයි. ඒ කියන්නෙ රූපවාහිනිය බලන්න දෙනවනම් උදයේ පැය බාගයක් පමන සහ සවසට පැය බාගයක් ලෙස නැරඹීමට ලබා දිය හැකියි.මවගේ පහසුව තකා දරුවාට එක දිගට රූපවාහිනිය හෝ ජංගම දුරකතනය ලබා දීමේදී දරුවා කිසිදු තේරුමක් නොමැතිව එහි එල්බ සිටි. එවාගෙ යන දේවල් හා පෙන්නවන දේවල් වල දැනුමක් ලබා ගැනීමට දරුවාට හැකියාවක් නොමැති බැවින් මෙය දිගින් දිගටම සිදුවීමේ දී දරුවා එයට ඇබ්බැහි වන අතර බොහෝ දරුවන් අධි ක්‍රියාකාරීත්වයට වගේම දරුවා කිසිදු කතාබහකින් තොරව දිගු වේලාවක් තිරය දෙස බලා සිටීම තුලින් කථන ප්‍රමාදය ඇතිවිය හැකියි ,දරුවාගේ හිතුවක්කාරී හැසිරීමටද මෙය මහත් බලපෑමක් ඇති කරයි වගේම දරුවාගේ නිර්මාණශීලී හැකියාව බොහෝ ලෙස යටපත් වේ .එබැවින් මෙය අපි නොදැනුවත්වම දරුවාව වලට ඇද දැමීමක් වැනි ය.සෑම විටම මවගේ අධීක්ෂණය යටතේ දරුවාට රූපවාහිනිය නැරැඹීමටත් සහ ජංගම දුරකතනය ලබා දීමට වගබලා ගන්න .(ලමා ගීත, සින්දු, rymes, කතන්දර වැනි දේ පමනක් නැරඹීමට දරුවාට ඉඩ සලසා දෙන්න ඒවා නරඹන අවස්ථාවේ දී ද මව ළඟ සිටීම අවශ්‍යයි අනිවාර්යයෙන්ම ඒවායේ යන දේවල් දරුවාට විස්තර කරමින් කියලා දීම අත්‍යවශ්‍යයි එවිට දරුවාගේ මොලේ වර්ධනය භාෂාමය හැකියාව වර්ධනය වේ එසේම එය කථන හැකියාව වර්ධනය කිරීමට මහත් රුකුලක් වේ.(ඒවා වුවත් පෙන්නවා නම් දවසටම පැය 2 ඉකමවා යන්න එපා.)

♦️මවක් වශයෙන් අපගේ ප්‍රදාන කාර්යය වන්නේ දරුවාගෙ හැඟීම් පාලනය කිරීමට, තීරණ ගැනීමේ හැකියාව, අවධානය යොමු කිරීම, අනුවර්තනය වීමේ හැකියාව සහ දරුවා දිනපතා කරන බොහෝ දේවල් පාලනයක් ඇතුව කිරීමට ඉඩ සලසන මානසික ක්‍රියාවලීන් හරියාකාරව සම්බන්දීකරනය කර ගැනීමට ඉඩ දරුවාට සලසා දීමයි.

♦️දරුවාට අවුරුදු 2 ක ඉක්මවූ පසු ස්වාධීන වීමට කියල දිය යුතුයි.එසේ දරුවාව හුරු කර ගත් කල මවට පසුවට දරුවා සම්බන්ධව ගැටලු ඇතිවනවා අවමයි.(දරුවකුට ස්වාධීනත්වය හුරු කළ යුත්තේ කුඩා කල මිස ලොකුවුනාම නොවේ.)

♦️අවුරුදු එකහමාර ඉක්මවූ පසු අනිවාර්යෙන්ම දරුවාට නිසි ලෙස වැසිකිළි භාවිතය (potty train) පුරුදු කළ යුතුයි. දරුවාට මුත්‍රා කිරීමට අවශ්‍ය දැයි විමසිල්ලෙන් බලන්න.ඒ අවස්ථාවලදී දරුවාව වැසිකිළියෙන් හෝ බාත්රූම් එකෙන් තබන්න දරුවා නිවස තුළ මලමුත්‍රා කරන්නේ නම් එය කිරීම හොඳ නැති බව නිතර ම දරුවාට පවසන්න. (අනේ දරුවා චූ කලානේ කියලා රෙදි කෑල්ලක් දාලා පැත්තකට වෙන්න එපා). උදෑසන අවදි පසු දරුවාව potty එකෙන් තියෙන්න. දරුවා බිම මළ මුත්‍රා කරන වාරයක් පාසාම එසේ කිරීම සුදුසු නැති බව එයාට ආදරණීය වචන වචනවලින් පවසන්න. එවිට බිම මලමුත්‍රා කිරීම සුදුසු නොවන බව දරුවාගේ මොළයට යනවා.අවුරුදු එකා මාර ඉක්මවූ පසු ඩයිපර්ස් භාවිතයෙන් ඉවත් වෙනවා නම් ගොඩක් හොඳයි. එවිට අදාළ කෘත්‍ය කිරීමට දරුවාට සංයමයක් ඇති වෙයි.

♦️ඔබේ දරුවාගේ මොළයේ වර්ධනය ගැන සිතීම කිසි විටෙකත් ඉක්මන් නොවේ. දරුවන් එකවර යමක් ඉගෙන ගන්නා අතරතුර ඔවුන්ට ඔවුන්ගේ සෙල්ලම් බඩු සමඟ විනෝද විය හැකිය. මොළය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම් සඳහා අවසාන ඉලක්කය වන්නේ ක්‍රීඩාව තුළින් ඉගෙනීමයි. දරුවන් සඳහා මොළය උත්තේජනය කරන සෙල්ලම් බඩු සිට ඔබේ දරුවා සඳහා ගැටළු විසඳීමේ ක්‍රියාකාරකම් දක්වා විනෝදය සහ ඉගෙනීමේ හැකියාව නිමක් නැති බැවින් දරුවාට ඒ සදහා වාතාවරණය සකසා දීම අපේ වගකීමයි. එය ඔබේ දරුවා දක්ශ බුද්ධිමත් දරුවෙකු බවට පත් කරනවා.

♦️වයස අවුරුදු 2 හෝ 2 මාරක් වන විට නිසැකවම දරුවාට සෙරප්පු සහ සපතතු නිවැරදිව දැමීමට හැකි විය යුතුය. එසෙ නොමැති නම් දරුවාට එය නිවැරදිව දැමීමට කියා දිය යුතුය. බොහෝ ලමුන් කෙතරම් කියා දුන්නත් වැරදියටම දමයි. ඒ ඔවුන් නිවැරදිව පැති හදුනා ගැනිමට අපහසු අයයි. නිතර නිතර තනිවම පැති හදුනා ගැනීමට උනන්දු කිරීම තුලින් එය නිවැරැදි වේ. (සෑම විටම පාවහන් පැලදීමේදී නිවැරදිව පාවහන් යුගල තබා දෙන්න දරුවා විසින්ම පැලද ගැනීම සිදු කල යුතුය).

♦️අවුරුදු 2 ට වැඩි සෑම දරුවකුම අනිවාර්යයෙන් ඔබ ආහාර සකස් කරන සෑම අවස්තාවකදීම සහයට ගන්න ආහාර වර්ග හදුන්වා දෙන්න. කපන හැටි,හැදි ගාන හැටි අනන හැටි මිරිකන හැටි ඔවුන්ට පෙන්වන්න කියාදෙන්න.(බිත්තර වැනි දේ තම්බා තනිවම එය සුද්ද කිරීමට ඉඩ සලසා දෙන්න දිනපතා එය සිදු කලත් ගැටලුවක් නෑ.එය ඇගිලිතුඩු වල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරයි.එය මොලය වර්ධනය කරයි.) දරුවාටත් ඔබ කරන දෙය කිරීමට ඉඩ සලසා දෙන්න.ඒ තුලින් අප හා දරුවා අතර හොද අනතර් සම්බන්ධතාවයක් ගොඩ නැගෙන අතර ඔවුන්ව යම් කිසි කාල පාරසයක් තුල එක තැන රදවා තබා ගැනීමට හුරු කර ගන්නා එක ක්‍රමයක් වේ. දරුවන් අප අනුකරණය කිරීමට කැමතියි! මේවා පසු කාලීන හැසීරීම පාලනය කිරීමට රුකුලක් වේ.

♦️උනු සහ සීතල යනු කුමද්ද යන්න දරුවාට හදුන්වා දෙන්න. තරමක් දුම් එන උනු වතුර ගන්න. අයිස් කැට දැමූ සීතල වතුර ප්‍රමාණයකුත් ගන්න. එ දෙකෙ වෙනස හදුනා ගන්න එයාට ඉඩ දෙන්න. දුම් දමන්නේ උනුවතුර බවත් එවට පිච්චෙන බවත් කියල දෙන්න. මේ සියල්ල දරුවාගෙ මොලය වර්ධනය සදහා අවශ්‍යය.ඔවුන් මේ තුලින් අන්තුරු වෙන්නෙ මොනාගෙන්ද යන්න අවබෝධයක් ලබනවා. එවිට දැරුවා අනතුරින් ඈත් වෙන්න ඉගෙන ගන්නවා.

♦️අවුරුද්දක් වයස ඇති දරුවන් බොහෝ විට ඔවුන්ගේ සෙල්ලම් බඩු විසි කිරීමට, අතහැර දැමීමට හා සොලවන්නට පටන් ගනී. ඒවා තේරුම් ගැනීම සඳහා ඔවුන් විවිධ ක්‍රියා නැවත කිරීමට උත්සාහ කරයි. ඒ ඔවුන්ගේ මොලය ක්‍රියාකාරී වීම විවිධාකාර වේ.දරුවා දන ගැනීමට පටන් ගත් අවධියේ පටන් අවට ඇති බඩු මුට්ටු කිසිවිටකත් ඉවත් කර තබන්න එපා.ගෙදර තියෙන බඩු ඒ විදිහටම එයාලට ගන්න ඉඩ සලසා දෙන්න.එයින් ඔවුන් තුළ තුල කුතුහලය සහ උනන්දුව වර්ධනය වේ.(ගොඩක් අම්මලා කරන දේ තමයි දරුවා දණ ගාන්න පටන් ගත් විගස හා ඇවිදීමට උත්සහ කරන කාලේයදීම ගේ තුල ඇති බඩු මුට්ටු ඔක්කොම අයින් කරනවා. ඉතින් දරුවා උනන්දු වෙන්නෙ මොනා ගන්න යන්නද මොනා බලන්නද එසේ කිරීම තුලින් ඔවුන්ගෙ අවදානම් වලට මූන දීමෙ ශක්තිය හීන වෙනවා.සෑම විටම දරුවා කිරීමට උත්සාහ කරන දෙයට දිරිය වෙන්න.එයා උඩ නගින්න හදනවා නම් එයාට උඩ නගින්න දෙන්න හැබැයි එයාට වැටෙන්න නොදෙන්න ඔබ වග බලා ගන්න. එයාට උඩ තියෙන යමක් ගන්නට අවශ්‍යයි නම් නැගිට ඇවිත් එය ගන්නට අවස්ථාව සලසා දෙන්න එය ගන්නට එපා කියා එය ඉවත් කිරීම සිදු නොකරන්න.( එය ගැනීම තුළින් දරුවාට අනතුරක් සිදු වෙන්නේ නම් එය හිතකර දෙයක් නොවේ නම් පමනක් ඉවත් කලට ගැටලුවක් නෑ නමුත් එහි අනතුරුදායක බව දරුවාට කියා දෙන්න). දරුවාට එය අත්හදා බැලීමට ඉඩ ලබා දෙන්න.ඒ තුළින් දරුවාගේ මොළය සියලු කොටස් වර්ධනය වීමක් සිද්ධ වෙනවා.

♦️දරුවාට අවුරුදු එකාමාර වූ පසු වූ පසු අනිවාර්යයෙන්ම පාට හා විවිධ හැඩතල හදුන්වා දීමට පටන් ගන්න .එසේම එකම වර්ගයේ රූප ගැලපීමට කියල දෙන්න.(එකම රූපය ඇති කාඩපත් දෙක බැගින් ගන්න. bristle board එකක් ගෙන කාඩ්පත් දෙකෙන් එකක් බෝඩ් එකේ අලවන්න එවැනි රූප පහක් දහයක් පමණ අලවන්න.ඉන්පසු බෝඩ් එක මත ඇති රූපය හා සමාන අනිත් කාඩ්පත් ගලපා ඒ රූපය මතින් තියන්න කියලා දෙන්න.)

♦️කුඩා කල සිටම ළමයින් බෝල කෙරෙහි වැඩි ඇල්මක් දක්වයි. බෝල මගින් සෙලලම් කිරීම තුලින් ඔවුන්ගේ දෑස් පන්දුව අනුගමනය කරයි.
ඔබත් දරුවා සමඟ පන්දුව පෙරළා පෙරළා සෙල්ලම් කරන්න. පන්දුව චලනය වන විට, ඔවුන් දුරින් ගවේෂණය කරන්නේ ඔවුන්ගෙන් පන්දුව කොතරම් දුරද යන්න තීරණය කිරීමෙනි. ඔවුන් අත් සහ අක්ෂි සම්බන්ධීකරණය ද පුහුණු කරයි. මෙය දරුවා වැඩෙත්ම ඔවුන් දිගටම ආදරය කරන එක් ක්‍රියාකාරකමක් වේ.

♦️අවුරුදු දෙකාමාර පසු වූ පසු දරුවාට විවිධාකාරයේ puzzles (ස්ංකීරන ඒවා නොවේ). ලබාදෙන්න. puzzles අපිට ගෙදරදීම හදා ගන්න පුළුවන්. නැති නම් රූප කාඩ්පත් කීහිපයක් ගෙන ඒවා දෙකට කපන්න පසුව දරුවාට එම රූපය ගොඩනැගීමට ඉඩ සලසා දෙන්න.(පින්තූරය කැපීමේදී එ දී එය විවිධ හැඩයට කැපිය යුතුය එනම් කෙළින් අතට දික් අතට කවාකාරව වගේ ඒ සම්බන්ධව පින්තූරයක් පහළින් පළකරන්නම්) එය දරුවා ගේ සිතීමේ හැකියාව වර්ධනය කරයි. (වයස අවුරුදු 3 න් පසු දරුවා වැඩෙත් ම එය තුනට වුවත් කපා රූපය නැවත ගොඩනැගීමට ඉඩ සලසා දිය හැකිය).

♦️දරුවාට අවුරුද්ද පසු වූ විගස විවිධ වර්ගයේ පෘෂ්ඨ හඳුන්වා දෙන්න(texturs). එනම් මෘදු, රලු, ලොම් සහිත, වැනි දරුවාට අතින් අල්ලා ඒවා අධ්‍යනය කිරීමට අවස්තාව සලසා දෙන්න.

♦️බේසම්ක් ගෙන එයට ජලය දමන්න ඉන්පසු එයට විවිධ වර්ණ වලින් යුත් කුඩා බෝල හෝ තරමක් ලොකු හැන්දකින් ගත හැකි පාවෙන ඕනම දෙයක් එයට දමන්න දැන් දරුවාට හැන්ද ලබාදී එහි ඇති දේවල් හැන්දෙන් අරගෙන වෙනත් භාජනයකට දමන්න කියලා දෙන්න.

♦️තරමක ලොකු අල ගෙඩියක් ගෙන එය වටේට tooth picks ගහන්න කියල දෙන්න.

♦️ඔබේ දරුවාට විශාල හා මෘදු විවිධ වර්ණ වලින් යුතු blocks ලබා දෙන්න.(building blocks) එවා එකිනෙක සම්බන්ධ කරන්නට කියල දෙන්න.එවා මගින් වර්ණ වුවත් කියා දීය හැකිය.

♦️දරුවාට වයස අවුරුදු තුන වන විට, ප්‍රහේලිකා( puzzles) සහ ඉලෙක්ට්‍රොනික උපකරණ සමඟ වඩාත් විනෝද වනු ඇත.එම නිසා දරුවාට එවැනි උපකරන සෙල්ලම් බඩු ලබා දෙන්න. කිමද දරුවා සෙල්ලම් බඩු මත ඔවුන් ඉගෙන ගත් දේ ප්‍රගුණ කිරීමෙන් ඔවුන් සතුටට පත් වනු ඇත.

♦️සාමාන්‍යන් දරුවාට සිදුවීම්වල අනුපිළිවෙල සහ ඒ වගේම සෙල්ලම් බඩු එකට දමා ඒවා වෙන්කර ගැනීමට තේරුම් ගැනීමට පටන් ගනන අවදියයි. එම නිසා විවිධාකාර සෙල්ලම් බඩු එක්ට දාල ඒව වෙන් කිරීමට ඔවුනට ඉඩ සලසා දෙන්න. බෝල, blocks,puzzles , වැනි දේවල් එකට කූඩයක්ට දමා එවා නැවත වෙන් කරමින් කූඩ වලට දමන්න කියල දෙන්න.

♦️පොම්පම් බෝල මේසයක් මත තබා එවා මේසයෙන පිටතට යන සේ පිඹින්න කියල දෙන්න.එසේම ඉටිපන්දමක් පිඹීම. බුබුලු පිඹීම. පිහාටු වලට පිඹින්න. කුඩා පිං වීල් පිඹීම. නූලකට සවි කර ඇති කඩදාසි සමනලයෙකුට් පියාසර කරනවා මෙන් පේන්න පිබින්න කියල දෙන්න.කුඩා පිහාටු (කුකුල පිහාටු) වලට පිබින්න වගේ එවා දෙන්න.

♦️කුඩා සෙල්ලම් බඩුවක් ගෙන ඔබේ හස්තයේ සඟවන්න. ඔබේ දරුවාට ඇඟිලි 2 ක් පෙන්වන්න සහ සෙල්ලම් බඩුවක් සැඟවී ඇත්තේ කුමන අතකින්දැයි අනුමාන කරන්න.පෙට්ටි 3 න් එකක සෙල්ලම් බඩුවක් සඟවා සෙල්ලම් බඩුවක් කොහේදැයි අනුමාන කිරීමට දරුවෙකුගෙන් ඉල්ලා සිටින්න.

♦️කතාවක් ගොඩ නැගිය හැකි රූප කාඩ්පත් කීපයක් දරුවා ඉදිරිපිට තබන්න, මෙම කාඩ්පත් එකිනෙකට සම්බන්ධ වන අයුරින් විකාර කතාවක් කියන්න. කතාව වඩාත් විකාරයකි,නමුත් වඩා හොඳ - එය දරුවාට මතක තබා ගැනීම පහසුය.එසේම පින්තූර කතා පමණක් අඩංගු පොත් පෙන්වමින් නිතරම දරුවාට කතන්දර කියල දෙන්න(මේ කතා කියලා දෙන විට දරුවාට සිත් ගන්නා සුළු ආකාරයට හැඟීම් ප්‍රකාශ කරමින් කියලා දෙන්න).මේවා තුළින් දරුවාගේ භාෂාමය කුසලතාවය කථන හැකියාව වැඩි දියුණු කළ හැකි ය.

♦️දරුවාට අවුරුදු දෙක පසුවු පසු -විවිධ රූප සහිත කාඩ්පත් 3 ක් හෝ 4 ක් ගෙන දරුවා ඉදිරි පසින් තබන්න.පසුව එවා නම් කරන්න. ඊට පස්සේ කාඩ්පත් ටික අනෙක් පිටපෙරළා ඔබ එ රූප කාඩ් පතක නමක් කියා ඒ කාඩ් එකක් කොහේදැයි දරුවා ගෙන් විමසන්න.( ඒ කියන්නෙ මම බැලූන්, මෝටර් රථයක්, මලක් සහ බළලෙකු .සහිත කාඩ්පත් 4 ක් තබම්.එවා දරුවාට හදුන්වා දුන් පසු මම ඒවා මිශ්‍ර නොකර, පෝලිමට අනෙක් පිට පෙරළා තබමි, පසුව මම දරුවාට කියනවා “මල කොහේදැයි මට පෙන්වන්න”.එවිට දරුවා කාඩ්පතක් පෙරළන අතර ඇය එය නිවැරදිව ඇත්දැයි පරීක්ෂා කරයි. වැරදී නම් අනේක් කාඩ්පත පරීක්ෂා කරයි එසෙ දරුවා එය නිවැරදි ලෙස ලබා ගත් පසු අත්පුඩියක් ගසා දිරිමත් කර එම කාඩ්පත පැත්තක තබා වෙනත් පින්තුරයක් එනම් බළලෙකු සොයා ගන්නා ලෙස ඉල්ලා සිටින්න.) මෙය සිතීමෙ හැකියාව සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ක්‍රියාකාරකමකි.

♦️දරුවාට ලොකු කුඩා රූප හඳුනාගැනීමට අවස්ථාව දෙන්න. කාඩ් බෝඩ් වල ලොකු සහ කුඩා පින්තුර ඇද කපන්න නැතිනම් අලවන්න. එවා එකිනෙක හදුන්වා දී ලොකු එවා හා පොඩි එවා පෙන්නන යයි දරුවාගන් ඉල්ලා සිටින්න.

♦️වයස අවුරුද්ද ඉක්මවූ පසු දරුවාට වර්ණ හඳුන්වා දිය යුතුය. විවිධ වර්ණ සහිත බෝල මගින් විවිධ වර්ණ සහිත blocks හා කාඩ්පත් මගින් දරුවාට හෝ දරුවා ප්‍රිය කරන ඕනෑම දෙයක් මගින් වර්ණ පහසුවෙන් ඉගැන්විය හැකිය.

♦️දරුවාට විවිධ වර්ගයේ කඩදාසි ලබාදෙමින් ඉරන්නට පුරුදු කරන්නමුලින් ටිෂූ කඩදාසි සව්කොළ වැනි ඝනකමින් අඩු කඩදාසි භාවිතා කරන්න.ඉන් පසු A4 කඩදාසි, පත්තර, සඟරා කොල වැනි දේ ලබා දෙන්න.මුලින් දරුවා විශාල කැබලි වලට ඉරයි.පසුව ඉරූ කැබලි නැවත දරුවාට ලබා දෙන්න එමගින් දරුවා කුඩා කෑලි ඉරන්නට පුරුදු වෙයි. ඒ අතරම ඔබට පුළුවන් ඔය කඩදාසි ගුලි කරන්නට කියල දෙන්න ගුලි කිරීමේදී ශබ්දයක් ඇහෙන පේපර්ස් දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි උදාහරණයක් විදිහට ග්ලාස් පේපර්ස් ගන්න පුළුවන්.(ඒවා ගුලි කරනකොට සද්දයක් ඇහෙනවා.)

♦️දරුවා අවුරුද්ද ඉක්මවූ පසු විවිධ කලා මාධ්‍යයන් ගවේෂණය කිරීමට කැමතියි. විනෝදජනක ලෙස චිත්‍ර ඇඳීම, පින්තාරු කිරීම වැනි කලාව ගවේෂණය කිරීමට ඔවුන්ට අවස්ථාවක් ලබා දීම ඔවුන්ගේ නිර්මාණශීලිත්වය වර්ධනය කිරීමට උපකාරී වේ.මොලයේ වර්ධනයේ ප්‍රධාන අංගයක් වන painting activities සදහා අපි යොදා ගත් යුත්තෙ food colours හෝ water colours ය. ඔබට පුලුවන් cotten buds කීපයක් ගෙන එය ගැට ගසන්න රබර් බෑන්ඩ් එක්ක් දාන්නත් පුලුවන් දැන් පීරිසියකට පාට දමා එය තුලට cotten buds මිටිය ඔබා කොලය තුල පින්තාරු කරන්න කියල දෙන්න. එ වගෙම බන්ඩක්ක, පොඩි ස්පොන්ච් කෑල්ලක්, අලපිති, මඤ්ඤොක්කා බඩ කෑලි, ගෑරුප්පුව, වැනි දෙවල් කීපයක් ගෙන ඒවා තුලින් පින්තාරු කිරීමට ඉඩ සලසා දෙන්න.

♦️කඩා ඉවත් කල බිත්තර කටු( කුඩා හිලක් සාදා බිත්තරය ඉවත් කරන්න එවිට අපිට සම්පූර්ණ හිස් කට්ට ගන්න පුලුවන්) එය හොදින් සෝදා වේලා එවායේ මිනිස් රූප අදින්න(අම්මා තාත්තා බබා අය්ය අක්ක වගෙ). දැන් එවා ඇගිලි වලට දමා ඒ මගින් සින්දුවක් කියන්න. ( eg: daddy finger daddy finger where are you here i am here i am how do you do). මීට අමතරව අපිට මේ කටු එයාට පොඩි කරන්න දෙන්නත් පුලුවන්. බිත්තර කටු පාට කරල රෝල් කරමින් විවිධාකාරයේ සෙල්ලම් ගොඩ නැගිය හැකියි.

♦️අවුරුද්ද ඉක්ම වූ පසු දරුවා සමඟ අනිවාර්යයෙන් වැලි සෙල්ලම් කරන්න.විවිධ භාජන ගෙන හැඳි ගෙන වැලි පුරවන්න විවිධ දෑ ගොඩනඟන්න කියල දෙන්න.

♦️දරුවාට ගඳ හා සුවඳ අතර වෙනස කුමක් දැයි හඳුනා ගැනීමට ඉඩ සලසා දෙන්න

මේ ආකාරයේ විවිධ දේවල් තුලින් අපිට අපේ දරුවා ගේ මොලය වර්ධනය විධිමත් කළ හැකි ක්‍රියාකාරී කළ හැකියි .එය ඔහුගේ කායික සහ මානසික වර්ධනයට බොහෝ රුකුලක් වනු ඇත.

Address

Negombo

Telephone

+94715861838

Website

Alerts

Be the first to know and let us send you an email when සිංහල බෙහෙත් නිරෝගි ජීවිතයක් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to සිංහල බෙහෙත් නිරෝගි ජීවිතයක්:

Share