
30/01/2025
2007-01-30
අද වගේ දවසක ජීවිතේ ගත්ත ලස්සනම තීරණය උත්සාහයක් වෙලා රශ්මි ඔප්ටිකල් නමින් එලි දැක් උනේ
අපේ තව එක හීනයක ප්‍රතිපලයක් වෙලා...
frame දහයකින් පටන් ගත්ත අපේ මේ පුන්චි ව්‍යාපාරයට අදට වසර දහ අටක්..
මේ තරම් දුර ගමනක් එන්න අපිට විශාල ධෛර්යක් උනේ අප අවට ප්‍රදේශවාසී හැමෝගෙම ආශිර්වාදය නිසයි. විශේශයෙන්ම අපව විශ්වාස කර, අප ආයතනයට පැමිණි සියලුම තරාතිරම් වල පුද්ගලයින් අප ඉතාමත් ගුණපූර්ණව සිහිකරනවා.
ඒ මන්ද කිව යුතුමයි,
" ගමේ කොල්ලෙක් නේ මේ විදියට දියුනු වෙන්නේ,, "
කියන අවංක සිතිවිල්ල සිතේ දරගෙන අප ආයතනයට ගොඩ වැදුනු නිහතමානී මිනිසුන් නිසාවෙනි..
අපව මේ තත්වයට ගෙනා ඒ කරුනාවන්ත මිනිසුන් අදටත් අපව අගයමින්, දිරිමත් කරමින් අප ආයතනයේ සේවය ලබා ගන්නවා..
ඒ උතුම් මිනිසුන් සියලු දෙනා හට හිස නමා ආචාර කරන්නෙමු. ඔවුන් කිසිවෙක්ට අපගේ ගනුදෙනු කරුවන් ලෙස හදුන්වන්නට අකමැත්තෙමු.
ඒ මන්ද,
ඔවුන් සියල්ලෝම අපට දිවි සරු කර ගැනීමට අත හිත දුන් පිරිසක් වීමයි.
ඒ උතුම් හදවත් දරන මිනිසුන් හට නැවත නැවතත් අපගේ ගෞරවය.
ඔබ නිසාමයි මේතරම් දුර ආවේ. තවත් චිරාත් කාලයක් අප ආයතනය පවතින්නේද එවන් උතුම් හදවත් නිසාමයි.
ඉතින්,
පරාර්තකාමී, කරුනාවන්ත, ආදරනීය මිනිසුනි...
ඔබට බෙහෙවින්ම ස්තූතියි.
අදහන ආගමේ පිහිටෙන් ඔබට සුවපත්බාවයම ලැබේවා.
එදා දැක්වූ ගෞරවය, සෙනෙහස, සාදාරන සේවය චිරාත් කාලයක් අප ආයතනයෙන් ඔබ සැමට වර්තමානයේදී මෙන්ම, අනාගතයේ ද ලැබෙන බවට සහතිකයි.
විශ්වාසෙන් නැවත හමු වෙමු.
චිරං ජයතු...!
- රශ්මි ඔප්ටිකල් -