Ayurveda and yoga

Ayurveda and yoga Genuine Ayurveda treatment. We are providing medical center with panchakarma treatment and yoga.

04/11/2025
02/06/2020

ඔන්න අපි ආයෙත් අපේ වෙද මැදුර ඔබ සදහා විවෘත කරන්නයි හදන්නේ. දැන් ඔබට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වේලාව වෙන් කර පැමිණෙන්න.

07/04/2020
https://www.facebook.com/446033549096459/posts/1063327024033772/
26/02/2020

https://www.facebook.com/446033549096459/posts/1063327024033772/

යෝගා අභ්‍යාස සදහා සහභාගිවීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද?
1.මනස සන්සුන් කිරීම හා තරුණ බව රැක ගැනීමට හැකිවීම,
2.දියවැඩියාව හා ඇදුම ආදී ස්වසන ආබාධ වලින් පෙලෙන්නන් සදහා රෝග තත්වය පාලනයට උපකාරී වීම
3.රූපාලංකරනය වෙත ඇල්මක් දක්වන්නන්ට සම පැහැපත් කර ගැනීමට හැකියාව ලැබීම.
4.මාංශ පේශී ශක්තිමත් කිරීම.(Increased muscle strength and tone)
5. සිරුරේ නම්‍යශීලී බව ඇති කිරීම.(Increased flexibility)
6.ශ්වසනය පහසු වීම. (Improved respiration)
7.ශරීරයේ වැඩි බර අඩු කර ගැනීමට හා අඩු බර වැඩි කර ගැනීමට ඉවහල් වීම. (Low impact and weight loss)
8. පරිවුර්තීය ක්‍රියා මනාව පාලනය කිරීම.(Maintain Balanced metabolism)
9. කාංසාව අඩු කර ගැනීමට හැකිවීම.(Relieves Anxiety)
10. හර්දයේ නීරෝගී බව වැඩි දියුණු කිරීම. (Could Improve Heart Health)
11.සුවදායක නින්දකට උපකාරී වීම(Could Promote Sleep Quality)
12. ලිංගික ජීවිතය සාර්තකව ගත කිරීමට හැකිවීම. (It Makes S*x So Much Better)
13. හොදින් ආහාර ගැනීමට හැකිවීම.(It Can Help You Eat Better)
14. ඉරුවාරදය, හිසරදය හා මානසික ආතතිය පාලනය. (May Relieve Migraines)

2020 Class Started.
Contact for more details 0718578722

01/12/2019
30/11/2019

ජපානයේ එක්තරා සබන් කර්මාන්ත ශාලාවකි. එහි අමුද්‍රව්‍ය අඹරණ යන්ත්‍රයට දැමු විට ඒවා ඇඹරී, සබන් කැට සෑදී බෙල්ට් එකක් දිගේ පැමිණේ. ඊට පහළින් තවත් බෙල්ට් එකක් දිගේ හිස් සබන් පෙට්ටි පැමිණේ. හිස් සබන් පෙට්ටි වලට සබන් කැටය වැටෙන පරිදි ටයිමින් සකස් කර ඇත. ඉන් පසුව ස්වයංක්‍රීයව සබන් පෙට්ටි සීල් වන අතර ඒවා සබන් කැට 100 ක් වන පරිදි ලොකු පෙට්ටි වලට ඇසිරේ. එම පෙට්ටි අළෙවි අංශයෙන් ජපානය පුරා බෙදා හරිනු ලැබේ.

ටික කලකින් අළෙවි අංශයෙන් පැමිණිල්ලකි. සබන් කැට 100 ලොකු පෙට්ටියක සබන් නොමැති හිස් පෙට්ටි 10% ක් 15 % ක් පවතින බව ඉන් කියැවිණ. ඉන් අදහස් වන්නේ බෙල්ට් එක දිගේ පැමිණෙන හිස් සබන් පෙට්ටියට හරියටම ⁣සබන් කැටය නොවැටීමේ සම්බාවිතාව 10% ක් 15% ක් වන බවය.

මෙම ගැටළුව ඇති වූයේ හිස් සබන් පෙට්ටි පැමිණෙන වේගය හා ඊ⁣ට අනුරූපව සබන් කැටය එම පෙට්ටියට වැටෙන වේගය මිලි තත්ත්පර ගණනකින් වෙනස් වීම නිසාය. තේරෙන්න කීවොත් ටයිමින් අවුලක් නිසාය. කර්මාන්තශාලාවේ තාක්ෂණික අංශයට මෙය විසදිය නොහැකි විය. පිටතින් ගෙන්වාගත් විශේෂඥ කණ්ඩායම් වලටද බැරි විය. විදෙස් රටවලින් ගෙන්වාගත් අයටද බැරි විය. කර්මාන්තශාලා හිමිකරු අසරණ වී සිටියේය. බැරිම තැන ඔහු, කර්මාන්ත ශාලාවේ සියළු සේවකයන්ගේ රැස්වීමක් කැදවා ඔවුන් සියළු දෙනාගේ අදහස් විමසා සිටියේය. ඔවුන් අදහස් ලබා දුන් අතර, ඒවා සියල්ල කලින් කවුරුන් විසින් හෝ ඉදිරිපත් කර අසාර්ථක වූ ඒවා විය. අයිතිකරු තවත් අසරණ විය.

මේ අතර, තේ පැන් පිළියෙළ කර පිළිගැන්වීමේ වාරය උදා විය. ⁣රැස්වීමට සහභාගී නොවූ එකම සේවකයා වූ තේ පැන් පිළිගන්වන සුළු සේවකයා අයිතිකරු අමතා එකී තාක්ෂණික ගැටළුව ඔහුට විසදිය හැකි බව පැවසීය. අයිතිකරු මුලදී කෝපයට පත් විය. ලොව පුරා විශේෂඥයන්ට කෝටි ගණනක් වියදම් කර විසදිය නොහැකි වූ ගැටළුව මෙම සුළු සේවකයා විසදන්නේ කෙසේදැයි අයිතිකරුට සිතෙන්නට ඇත. කෙසේ වෙතත් වෙන කළ හැකි යමක් නොමැති නිසා ඔහුගෙන් අයිතිකරු විමසා සිටියේ "ඔබට මේ ගැටළුව විසදා දීමට මිලියන කීයක් ඕනෑද?" යනුවෙන් පමණි. සේවකයා එය අසා පැවසූයේ "මට මිලියන ගණනක් ඕනෑ නැහැ; මට ඕන හොද ස්ටෑන්ඩ් ෆෑන් එකක් විතරයි" යනුවෙනි.

පුදුමයට පත් වූ අයිතිකරු උපහාසයෙන් සිනා සී හොද ෆෑන් එකක් ලබා දුන්නේය. සුළු සේවකයා එය රැගෙන ගොස් ප්ලග් එකට ගසා සබන් වැටී බෙල්ට් එක දිගේ එන සබන් පෙට්ටි දෙසට දමා ෆෑන් එක ක්‍රියාත්මක කළේය. සබන් කැටය නොවැටී පැමිණෙන හිස් සබන් පෙට්ටි ෆෑන් එකේ සුළගෙන් විසි වී ගිය අතර වසර ගණනාවක් විසදිය නොහැකි ගැටළුව විසදිණ. වැය වූයේ යෙන් තුන්දහසක මුදලක ෆැන් එකක් පමණි !!!

ආදර්ශය :-

ඔබ ව්‍යවසායකයෙකු නම්, හොද ඇහුම්කන් දෙන්නෙකු විය යුතුය. නොසිතෙන පුද්ගලයන්ගෙන් ඔබට මිල කළ නොහැකි ප්‍රයෝජන ගත හැක්කේ එවිටය. කිසි ⁣දිනෙක කිසිවෙකු අවතක්සේරු නොකරන්න. එවිට ඔබ අසමසම ව්‍යවසායකයෙකු වනු ඇත.

උපුටා ගැනීමකි. අයිතිය මුල් රචකයා සතු වේ.

ඉදිරියේදී පළවන පොස්ට් සමග අපේ Page එකට Like එකක් දාල එකතු වෙන්න කියල ඔබ සැමට ආරාධනා කරනවා.පොස්ට් එක හොදයි නම් අනිත් අයටත් බලන්න Share කරන්න. අදහස් Comment කරන්න.

Address

264, Lewis Place, Kudapaduwa
Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Ayurveda and yoga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayurveda and yoga:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram