Yoga with Dr. Saranga

Yoga with Dr. Saranga ayu care yoga ashram. mainly doing yoga.

28/01/2026

යෝග අභ්‍යාස පුහුණු වැඩසටහන 2026-01-29 (හෙට) දින පෙ.ව. 9.00ට දංකොටුව ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ පැවැත්වේ. ශාරීරික මානසික සුවය වර්ධනය කර ගැනීමට කැමති සැමට ආරාධනා කරමු.
CMO unit Dankotuwa

22/01/2026

බෝ නොවන රෝග වලින් වැකැක්වීමට හා අවධානම අඩු කරලීමටත් මානසික ආතතිය අවම කරලීමේ අරමුණින් වෙන්නප්පුව ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මගින් මෙහෙයවන යෝග හා ස්ංයම අභ්‍යාස වැඩසටහන වෙන්නප්පුවේදි පැවැත්වේ.

මේ වැඩසටහන සෑම සිකුරාදාවකම වෙන්නප්පුව අවට පැවැත්වේ. උදේ 9 සිට 12 දක්වා
සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා වයස් භේදයකින් තොරව ස්ත්‍රී/පුරුෂ භේදයකින් තොරව ඕනිම කෙනෙක්ට සම්බන්ධ විය හැක.

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය
වෙන්නප්පුව
0718578722

07/01/2026

Yoga is the best way to relax mind and b

නෙත්ති කර්ම (Neti Karma)නාසික පද්ධතිය පිරිසිදු කර ශරීර සෞඛ්‍යය වර්ධනය කරන යෝග ක්‍රියාවලියක්.නෙත්ති කර්ම යනු හඨ යෝග වල සද...
06/01/2026

නෙත්ති කර්ම (Neti Karma)
නාසික පද්ධතිය පිරිසිදු කර ශරීර සෞඛ්‍යය වර්ධනය කරන යෝග ක්‍රියාවලියක්.
නෙත්ති කර්ම යනු හඨ යෝග වල සදහන් නාඩි ශුද්ධ ක්‍රියාවලීන් (Shatkarma) අතර ඉතා වැදගත් ක්‍රියාවකි. මෙය විශේෂයෙන්ම නාසික මාර්ගය, සයිනස් පද්ධතිය සහ මස්තිෂ්කයට සෘජුව සම්බන්ධ වූ ක්‍රියාවලියක් ලෙස හඳුනාගත හැක.

🔹 නෙත්ති කර්ම වර්ග

1️⃣ ජල නෙත්ති (Jala Neti)
උණුසුම් ලුණු දිය (Isotonic saline) භාවිතා කර නාසික මාර්ග පිරිසිදු කිරීම.
2️⃣ සුත්‍ර නෙත්ති (Sutra Neti)
විශේෂ නූලක් (Rubber catheter / cotton thread) නාසික මාර්ගය හරහා ගෙන මාර්ගය ශුද්ධ කිරීම.

🔹 නෙත්ති කර්ම සිදු කරන ආකාරය (සංක්ෂිප්තව)
🫖 ජල නෙත්ති
උණුසුම් ජලයට ලුණු ටිකක් එක් කර
Neti pot එකකින් එක් නාසය හරහා ජලය ඇතුල් කර අනෙක් නාසයෙන් එය පිටවීමට ඉඩ දීම
නාස දෙකම වෙන වෙනම සිදු කර
අවසානයේ Kapalabhati / gentle blowing මගින් වියළි කිරීම.
මෙහිදී වර්තමානයේදී සේලයින් වතුර භාවිතා කෙරේ.

🧵 සුත්‍ර නෙත්ති
හොඳින් පිරිසිදු කළ නූලක් නාසය හරහා ඇතුල් කර මුඛයෙන් පිටතට ගෙන මෘදු ලෙස ඉදිරියට–පසුපසට චලනය කිරීම.

⚠️ මෙය පුහුණු උපදේශකයෙකු යටතේ පමණක් සිදු කළ යුතුය.

🔹 නෙත්ති කර්මයේ ප්‍රයෝජන
✔️ සයිනස් පිරිසිදු වීම
✔️ නාසික අවහිරතාව (Blocked nose) අඩු වීම
✔️ අසාත්මික රයිනයිටිස් (Allergic rhinitis) සුව කිරීම
✔️ හිසරදය, මයිග්‍රේන් අඩුවීම
✔️ ඇස් පිරිසිදු වීම, දෘෂ්ටි ශක්තිය වර්ධනය
✔️ ප්‍රාණ වාහිනී (Ida–Pingala) සමාන වීම
✔️ මනස පැහැදිලි වීම, නින්ද වැඩි වීම

🔹 ප්‍රතිකාරමය වැදගත්කම (Therapeutic Importance)
🔸 සයිනසයිටිස්
🔸 ඇදුම (Asthma)
🔸 ENT ආසාදන නැවත නැවත ඇතිවීම
🔸 මනෝ ආතතිය, Anxiety
🔸 මස්තිෂ්ක ක්‍රියාකාරිත්වය වැඩි කිරීම.

ආයුර්වේදයෙන් බලන විට, නෙත්ති කර්මය උර්ද්ධ ජත්‍රුගත රෝග (ශීර්ෂ, නාස, ඇස්, කණ) සඳහා ඉතාම වැදගත් ප්‍රතිකාර ක්‍රමයකි.

🔬 විද්‍යාත්මක පසුබිම (Scientific Background)
🧠 නාසික මාර්ගය olfactory nerve, trigeminal nerve වැනි ස්නායු පද්ධති සමඟ සෘජුව සම්බන්ධ වේ.

🫁 ජල නෙත්ති මගින්
Mucociliary clearance වැඩි වේ.
බැක්ටීරියා, වයිරස්, ඇලර්ජන් ඉවත් වේ.
Parasympathetic nervous system සක්‍රීය වීමෙන් stress hormones අඩුවේ.

📌 පර්යේෂණ වලින් පෙන්වා දී ඇත්තේ saline nasal irrigation මගින් sinusitis සහ allergic rhinitis රෝගීන්ගේ ලක්ෂණ සැලකිය යුතු ලෙස අඩුවන බවයි.

⚠️ අවධානම් සහ උපදෙස්
❌ උණ, නාසයෙන් රුධිරය ගලා යාම ඇති විට නොකරන්න
❌ සුත්‍ර නෙත්ති උපදේශකයෙක් රහිතව තනියෙන් නොකරන්න

✅ නිවැරදි උපදේශනය යටතේ සිදු කරන්න.

🌼 නෙත්ති කර්මය යනු සරල නමුත් ශරීර–මනස–ප්‍රාණය තුනම සමතුලිත කරන බලවත් යෝග ක්‍රියාවකි.

📍 Ayu Care Center – Ayurveda & Yoga Healing
✍️ Dr. Saranga Weerasinghe

බෝ නොවන රෝග වලින් වැකැක්වීමට හා අවධානම අඩු කරලීමටත් මානසික ආතතිය අවම කරලීමේ අරමුණින් වෙන්නප්පුව ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ව...
02/01/2026

බෝ නොවන රෝග වලින් වැකැක්වීමට හා අවධානම අඩු කරලීමටත් මානසික ආතතිය අවම කරලීමේ අරමුණින් වෙන්නප්පුව ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මගින් මෙහෙයවන යෝග හා ස්ංයම අභ්‍යාස වැඩසටහන වෙන්නප්පුවේදි පැවැත්වේ.

මේ වැඩසටහන සෑම සිකුරාදාවකම වෙන්නප්පුව අවට පැවැත්වේ. උදේ 9 සිට 12 දක්වා
සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා වයස් භේදයකින් තොරව ස්ත්‍රී/පුරුෂ භේදයකින් තොරව ඕනිම කෙනෙක්ට සම්බන්ධ විය හැක.

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය
වෙන්නප්පුව
0718578722

02/01/2026
කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ථාශයේKaruwalagaswewa Divisional Secretariat  වැඩිහිටිබල මණ්ඩලේ සාමාජිකයින් සඳහා පැවැත්ව...
29/11/2025

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ථාශයේ
Karuwalagaswewa Divisional Secretariat වැඩිහිටිබල මණ්ඩලේ සාමාජිකයින් සඳහා පැවැත්වූ යෝග හා සංයම අභ්‍යාස වැඩසටහන. අපේ වැඩිහිටි ප්‍රජාවගේ මානසික සහනය ලඹා ගැනීම හා ඔවුන්ගේ සන්ධි රෝග හා බෝ නොවන රෝග අවම කරලීමේ අරමුණින් මෙය පැවැත්වුණි.

මෙම වැඩසටහ්න සවිධානය කිරීමේදි කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම්, ආයුර්වේද සංවර්ධන නිළධාරි, සමාජ සේවා සංවර්ධන නිලධාරින්ගේ කැපවීම අගය කරමි.

වයඹ පලාත් ආයුර්වේද කොමසාරිස් තුමා, ප්‍රජා සෞඛ්‍ය ධීක්ෂණ වෛද්‍ය තුමිය හා කරුවලගස්වැව ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දැක්වූ සහය ද විශේෂයි.

එහෙනම් කරුවලගස්වැව වැඩිහිටි ප්‍රජාවනි ඉදිරි දිනකදි නැවත්ත ඔබට මෙවැනි වැසසටහනක් රැගෙන එනතෙක් මන් නවතින්නම්.

ඔබ සැමට සුඛායු දීඝායු.

වෛද්‍ය සාරංග වීරසිංහ
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙන්නප්පුව
0718578722

27/11/2025

🌿 අධික බර (Obesity) වැළැක්වීමට විද්‍යාත්මක යෝගා බලය
Ayu Care Center – Ayurveda & Yoga Therapy

Obesity කියන්නෙ පොඩි කරදරයක් නෙවෙයි
metabolism අඩුවීම, stress hormones වැඩිව්ම , පචන( ආහාර දිරවීමේ) දෝෂ, ජානමය පසුබිම්.
යෝගා මේ සියල්ලටම එකවර සහය දෙන විද්‍යාත්මක ක්‍රමයකි.

🔬 යෝගා ගණනාවක් Obesity වැළැක්වීමට උපකාරී වන්නේ විද්‍යාත්මකව මෙහෙමයි

🧠 1. Stress Hormone (Cortisol) අඩුවීම
ගැටලු, ගොඳුරුවීම්, වැඩපීඩනය Cortisol වැඩි කරනවා.
මෙම hormone වැඩි විට:

• බඩේ fat වැඩිවෙයි
• ආහාර කැමැත්ත වැඩි වෙනවා
• පචනය slow වෙනවා
යෝගා, ප්‍රාණා‍යාමය Cortisol පාලනය කරන බව අධ්‍යයන වලින් සනාථයි.

🔥 2. Metabolism (Metabolic rate) වැඩි වෙනවා.
Surya Namaskar වැනි dynamic yoga හරහා metabolism 10–15ත් වැඩි වෙනවා.
මේකෙන් body fat burn වේගවත්.

🫁 3. Oxygen supply වැඩි වීම
Pranayama නිසා:
• cells වල fat oxidation (fat කැලරි දැවීම) වැඩි වෙනවා
• organs වල function වැඩි
• hormonal balance නිවැරදියි

🍽️ 4. Appetite control – Ghrelin & Leptin balance
යෝගා + meditation මඟින්
• Ghrelin (hungry hormone) අඩුවෙයි
• Leptin (fullness hormone) balance
ඒ නිසා අධික කෑම අඩුවෙයි.

🧘‍♂️ 5. Insulin sensitivity වැඩි වීම
Obesity සමඟ insulin resistance තියෙනවා.
කලින් කෑවෙන්නෙ fat වෙන්න හේතුව මේකම.
Yoga → insulin sensitivity වැඩි → fat storage අඩු.

🧘‍♀️ Obesity Prevention සඳහා විද්‍යාත්මකව පරීක්ෂා කළ Yoga Asana

🔥 Surya Namaskar
• Full-body metabolism boost
• 13 muscles groups activate
• Fat burn scientifically proven

💠 Trikonasana
• Side fat reduction
• Diaphragm free → digestion improve

🐍 Bhujangasana
• Liver & pancreas stimulate
• Digestion improve → toxin removal

⛵ Naukasana
• Core strengthen → belly fat burn
• Hormone balance

💨 Kapalabhati / Bhastrika
• High-oxygen fat burn
• Gut heating → increased calorie balance
🌱 ඔබේ ජීවිතය වෙනස් කරන්න අදම

දවසට මිනිත්තු 15–20ක් යෝග කරන්න.
= සිරුර, මනස, පචනය, හෝමෝන් සියල්ල පාලනය.

📍 Ayu Care Center – Ayurveda & Yoga Healing
විද්‍යාත්මක + පාරම්පරික ක්‍රම මඟින් අධික බර, දියවැඩියා, දහනයේ දෝෂ, NCDs වළක්වන්න.

📞 Contact: 0718578722

නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී පැවැත්වූ යෝග හා සංය්ම අභ්‍යාස වැඩසටහන. මෙහිදී රාජ්‍ය සේවකයින්ගේ බෝ නොවන රෝග අවදා...
26/11/2025

නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී පැවැත්වූ යෝග හා සංය්ම අභ්‍යාස වැඩසටහන. මෙහිදී රාජ්‍ය සේවකයින්ගේ බෝ නොවන රෝග අවදානම් හා මානසික ආතතිය පාලනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්වේ. වයඹ පලාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම යටතේ මෙම වැඩසටහන දැන් වයඹ පළාත තුළම ක්‍රියාත්මකයි.

වයඹ පලාත් ආයුර්වේද කොමසාරිස්තුමා, ප්‍රජා සෞඛ්‍ය අධීක්ෂණ වෛද්‍ය තුමිය, නවගත්තේගම ප්‍රාදේශිය ලේකම් තුමිය, ආයුර්වේද සංවර්ධන නිළධාරිතුමා ඇතුළු මේ කර්තව්‍ය සාර්ථක කිරීමට උත්සුක වූ ඔබ සැමට ස්තූතියි.

ඉතින් ඔබත් සම්බන්ධ වෙන්න අපි නිරෝගිමත් රාජ්‍ය සේවයක් ඇති කරමු. යෝග කරමු නිරෝගි වෙමු.

කරුවලගස්වැව ප්‍රාදේශීය් ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුවරුන් සඳහා පැවැත්වූ යෝග වැඩසටහන.
25/11/2025

කරුවලගස්වැව ප්‍රාදේශීය් ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුවරුන් සඳහා පැවැත්වූ යෝග වැඩසටහන.

Address

Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Yoga with Dr. Saranga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram