Badra G Kiringoda - Education Behavior Treatment and Counselling Center

Badra G Kiringoda - Education Behavior Treatment and Counselling Center psychology counseling, education therapy , behavior therapy services

05/06/2025
20/05/2025

A brief introduction of our services

ලෝකය අපට වින්දනීය තත්වයක් ලබා දෙයි. එය ලැබෙන්නේ සුන්දර වු සොබා දහම් නියාමනයන් අවබෝධ කර ගත්තොත්    පමණි. අභ්‍යන්තරයෙන් එන...
27/01/2024

ලෝකය අපට වින්දනීය තත්වයක් ලබා දෙයි. එය ලැබෙන්නේ සුන්දර වු සොබා දහම් නියාමනයන් අවබෝධ කර ගත්තොත් පමණි. අභ්‍යන්තරයෙන් එන සිතුවිලි පින්බර හා පාරිශුද්ධභාවයෙන් යුක්තව මිනිසුන් දෙස බලන්න ඕන. එමගින් යහපත් රටක් අප සඳහා නිර්මාණය වෙනු ඇත.

භද්‍රා ජී. කිරින්ගොඩ mentel health counselor

077 57 36 446 කුරුණෑගල

2024 පළමු වසරට දරුවා ඇතුලත් කිරීමට නියමිත දෙමාපියනි, පෙර පාසල් ගුරු මහත්මීනි, වසර කිහිපයක පෙර පාසල් අධ්‍යාපනයෙන් පසුත් ප...
02/01/2024

2024 පළමු වසරට දරුවා ඇතුලත් කිරීමට නියමිත දෙමාපියනි, පෙර පාසල් ගුරු මහත්මීනි,
වසර කිහිපයක පෙර පාසල් අධ්‍යාපනයෙන් පසුත් පහත ගැටළු සහිත දරුවන් පෙර පාසල තුල සිටී නම් මේ ඔවුන් සදහා අවධානය යොමු කල යුතු කාලයයි
යම් දරුවෙකු තුල සාමාන්ය දරුවෙකු හා සංසන්දනය කිරීමේදී සැලකියයුතු තරම් වෙනසක් පවතින බව ඔබට හැගී යන්නේ නම් ගැටලුව විසදීම කාලයට භාර දී සිටින්න එපා.
❓මානසික ඒකාග්රතාවය නොමැති වීම
❓අන් දරුවන්ට පීඩා කිරීම හා ප්රචණ්ඩ වීම
❓පොත් ඉරීම / පාඩම් කිරීමට අපොහොසත් වීම
❓අධික ලෙස දැගලීම හා කෑගැසීම
❓අකුරු ලිවීමට නොහැකි වීම හෝ ප්රතික්ෂේප කිරීම
❓පාසල් යාම ප්රතික්ෂේප කිරීම
❓ගුරුවරුන්ට දෙමාපියන්ට පරතිචාර දැකවීම අඩු කම.
❓කතාව අඩු වීම /අපහැදිලි බව
❓වයසට සරිලන කියාකාරකම් පමා වීම
❓අත් අකුරු අපහැදිලි කම
❓අකුරු මතක නැති වීම
ආදී හෝ ඔබට ගැටළුකාරී, පීඩාකාරී හැසිරීම් දරුවා තුල ඇත්නම් එවැනි දරුවන් සාමාන්ය පාසල් පන්ති කාමරයට ඇතුලත් කිරීමේදී ගැටළුකාරී තත්ව හෝ ප්රතික්ෂේප කිරීම ඇති වේ.
ඒ නිසා ඔවුන් සාමාන්ය පාසල් පන්ති කාමරයට විශේෂයෙන් පුහුණු කල යුතු වේ.‍‍ ඒ සදහා විශේෂ දැනුමක් හා කුසලතාවයක් සහිත ගුරුවරු යටතට දරුවා පත් කල යුතු ය.
Autism, APD, ADHD,Hyperactive, ADD,Dyslexia, Dysgraphia, Dyscalculia ආදී විවිධාකාර නම්වලින් හදුන්වන මේවයේ රෝග ලක්ෂණ විවිධ ප්රමාණ වලින් දක්වන දරුවන් සිටිය හැක.
මේ සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමුකර සීමිත කාලයකින් දරුවා සංවර්ධන කර ගෙන නැවත ඔබේ පෙර පාසලට හෝ මේ වසරේ 1 ශ්‍රේණියට දරුවා ඇතුල් කර ගන්න.
✅මනෝ වෛද්ය විශේෂ නිරීක්ෂණය/ සේවය
✅පළපුරුදු මනෝ උපදේශන අධීක්ෂණය හා සේවය
✅කථන හා භාෂා චිකිත්සන ප්රතිකාර
✅චර්යා චිකිත්සන සේවය
✅අධ්යාපන චිකිත්සන සේවය
ආදී සේවා එකම ස්ථානයකින් ලබා ගන්න අප වෙත යොමු වන්න
077 57 36 446 / 078 70 29 454

මනෝ වෛද්‍ය විශේෂඥ  සේවය හා මනෝ උපේශනය සේවය සහිත  වෘත්තිමය පළපුරුදු මනෝ චිකිත්සක සේවයප්‍රමාද නොවී අමතන්න 0775736446 / 071...
01/01/2024

මනෝ වෛද්‍ය විශේෂඥ සේවය හා
මනෝ උපේශනය සේවය සහිත වෘත්තිමය පළපුරුදු මනෝ චිකිත්සක සේවය
ප්‍රමාද නොවී අමතන්න 0775736446 / 0712480257

04/11/2023
මේ වදන් හිතට  ගමු . දරුවන් සඳහා යොදා ගනිමු.ජීවත්වීම සඳහා ඉගෙනීම වැදගත්ය.ශරීරයේ පැවැත්ම සහතික කරන්නේ නින්දය.අධි බලාපොරොත්...
16/09/2023

මේ වදන් හිතට ගමු . දරුවන් සඳහා යොදා ගනිමු.

ජීවත්වීම සඳහා ඉගෙනීම වැදගත්ය.

ශරීරයේ පැවැත්ම සහතික කරන්නේ නින්දය.

අධි බලාපොරොත්තු භීතිකාව සදයි.

දවසේ තමන්ට තියෙන තප්පර 86400 රත්තරන්වලට වඩා වටියි.

අධ්‍යාපනය යනු කදිම ආයෝජනයක්.

කාලය හසුරුවා ගැනීම තුලින් අර්ථ සම්පන්න පුද්ගලයෙක් නිර්මාණය වේ.

නැකත යනු නිශ්චිත වෙලාවයි.

අනවශ්‍ය චලනය එනම් ගේ ඇතුලේ එහාට මෙහාට යාම කාලය කා දැමීමකි.

පැය 24 පැය 40 කර ගන්න පුළුවන් තමන්ට උකටලී නොවීමෙන්.

ඊලඟ පැය ගත කරන්නේ කොහොමද කියල දන්නැති අය නොමග යනවා.

අපට වඩා දියුණු අයටත් තියෙන්නෙ පැය 24 තමයි.

පුළුවන් පුමාණයට වඩා වැඩ යොදා ගැනීම ආතතියට අත වැනීමක් විය හැක.

දුරකතනයට විනයක් හදා ගන්න.

සැලැස්මක් සාදා සැලැස්ම තුල ටික කාලයක් සිටින විට එය ඇඟට ජීරණය වේ.

සංයුක්ත බුද්ධිය වැඩි කර ගන්න.( තියන දේවල් ආශුය කරගෙන බුද්ධිය හදා ගැනීම)

අනුකම්පා කරන්න එපා. සහකම්පනය කරන්න.

තමන් ඉන්න තැන තේරුම් ගන්න.

චිත්තං යස්සන කම්පති - සිතෙන් කලබල වෙන්න එපා.

කිරි කෑවත් සිරිත්තමට කන්න. තේරුම සම්මා වාචා එනම් යහපත් වචන කියන්න

ඇඳුමේ චරිතවත් බව ඇති කර ගන්න.ශරීර ආවරණය නිසා ශරීරය අලංකාර වේ.අනන්‍යතාවය හදා ගන්න.

ළමයාගේ පෞරෂයට ගරු කිරීම යහපත්විය හැක.

භද්‍රා ජී. කිරින්ගොඩ 0775736446 කුරුණෑගල

25/07/2023

අද මුනිදාස කුමාරතුංගයන්ගේ 136 වන ගුණ සමරුව.
එතුමාට අනුව
ඉංග්‍රිසි අවශ්‍යය. එහෙත් සිංහල නොදැන හිතන්න බැරිය. සිංහලය වැවිය යුතුය.

අද අනුන්ගේ බස ඉහළට දානවා. තමන්ගෙ බස පහළට දානවා. ඒක තමයි වහල් මානසිකත්වය.අපේ බස සම්පතක්.එතුමා බස, රැස, දෙස නැංවු උත්තංග පුරුෂ රත්නයකි.

පරි පුර්ණ මිනිසෙක් බිහි වීමට මව් බස නිවැරදිව හදාරන්න කුඩා කල සිටම දරුවන් යොමු කරවීම වැදගත්ය.දරුවන්ගේ චින්තනය ,වින්දනය මොට වී හුදෙක් රැකියාව සදහා පමණක් පුද්ගලයෙක් බිහිවීම වලක්වන්න ගුරු දෙගුරුන් උත්සුක විය යුතුමය.

භද්‍ර ජී. කිරින්ගොඩ කුරුණෑගල 077 5736446

10/05/2023

මිනිසුන් අතින් මිනිසුන් මිය යනවාට වඩා මිනිසුන් අතින් මිනිසුන් සුවපත් වනවානම් මිනිස් සමාජය කෙතරම් සුන්දරවෙයි ද?

වර්තමානයට අවශ්‍ය වන්නේ සමාජ උපදේශනයයි.අභිප්‍රේරණය තුලින් සමාජය නැගිටවීම කල යුතුයි.මම හරි සමාජය වැරදියි කියල හිතන් නැතුව අපි අළුත් විදියට හිතන්න ඕන. දේශපාලකයා ,මිනිසුන් ,නිලධාරීන්, ආගමික නායකයන් සියළු දෙනාම මනස සකස් කර ගත යුතු වේ.එතනින් වෙනස ඇති කළ හැකිය යනු මගේ පෞද්ගලික අදහසයි.

මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පර වී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ

භද්‍රා ජී. කිරින්ගොඩ ළමා හා මානසික රෝග පිළිබඳ උපදේශන නිලධාරිනි. 077 57 36 446 කුරුණෑගල.

Address

Nikaweratiya

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94783524962

Website

Alerts

Be the first to know and let us send you an email when Badra G Kiringoda - Education Behavior Treatment and Counselling Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Badra G Kiringoda - Education Behavior Treatment and Counselling Center:

Share

Category

භද්‍රා ජී. කිරින්ගොඩ අධ්‍යාපන උපදේශන හා චර්යා ප්‍රතිකාර මධ්‍යස්ථානය

2007 වර්ෂයේ දී කුරුණෑගල නගර මධ්‍යයේ මනෝ සමාජීය මධ්‍යස්ථානය නමින් දරුවන් 5 දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම ආයතනය මේ වන විට දහස් ගනන් දරුවන්, දෙමාපියන්, වෘද්ධයන්, මානසික ආබාධ ඇති පුද්ගලයන්ට තමන්ගේ ශක්තිය වර්ධනය කර මානසික සුවයක් ලබා දීමේ තෝතැන්නක් බවට පත් වී ඇති බව නිර්භයව ප්‍රකාශ කල හැක.

ගැටළුව කුමක් වුවත් මනෝවිද්‍යාත්මකව පදනමකින් යථාර්තවාදී විසදුම් ලබා දීම මෙම ආයතනයේ සුවිශේෂීභාවයයි. ඖෂධ ප්‍රතිකාර, චර්යා ප්‍රතිකාර, ඉගෙනුමි ප්‍රතිකාර එකම ස්ථානයකින් ලබා ගැනීමට ඇති හැකියාව සේවාලාභීන් ලබන විශේෂ ප්‍රතිලාභය කි මෙම ආයතනයේ නේවාසිකව හා අනේවාසිකව ප්‍රතිකාර ලබාගත හැකිය. නිදන්ගත මානසික ගැටළු, හඳුනා ගැ‍නිමට අපහසු වූ ගැටළු, විසඳුමක් ලබා ගැනීමට නොහැකි වූ ගැටළු භද්‍රා ජී. කිරින්ගොඩට සිය තීක්ෂණ බුද්ධියෙන් විසඳා දීමට හැකිවීම ඇය ලැබූ මහත් භාග්‍යක් ලෙස සලකන්නිය.

එසේම අතිදක්ෂ මනෝ වෛද්‍යවරයෙකු සමග අවුරුදු 11ක පමණ කාලයක් වැඩ කිරීම, ඉගෙනීම, උපදෙස් ලබා ගැනීම ඇයගේ හා ආයතනයේ දියුණුවට උපකාරී වී ඇත. එයද සේවාලාභීන් ලැබූ මහත් වූ වාසනාවකි.

භද්‍රා ජී. කිරින්ගොඩ - අධ්‍යාපන උපදේශන හා චර්යා ප්‍රතිකාර මධ්‍යස්ථානය 📷📞 077 352 4962 / 037 564 0560