Seth Meditech & Diagnostic . Udammita. Nittambuwa

Seth Meditech & Diagnostic . Udammita. Nittambuwa Specialized Eye Clinic &Medical Centre

19/11/2024

මේක ඔයා කියවන්නම ඕන කතාවක්! කවදා හරි ජීවිතයක් බේරගන්න උදව් වේවි

හෘදයාබාධයක් ද? නැත්තං ගැස්ට්‍රයිටිස් ද? සුමුදු ප්‍රධාන ව්‍යාපාරික ආයතනයක ඉහළ නිලධාරියෙක් . දවස තිස්සෙම ආයතනයේ වෙළඳ කටයුතු පිළිබඳව මහන්සි වෙනවා. ආයතනය වෙනුවෙන් විවිධ මීටින්වලට යන්න සිද්ධ වෙනවා. මේ උත්සව ඉවර වෙන්නේ මත්පැන් සාදයකින්. සුමුදු දුම් බොන කෙනෙක්. සුමුදුගේ කාර්යබහුල ජීවන රටාව නිසා ව්‍යායාමයක් කරන්න යොමු වුනෙත් නැහැ. මේ වෙනකොට සුමුදු අධික ස්තූලතාවෙන් පෙළෙනවා. දවසක් සුමුදුට ව්‍යාපාරික කටයුත්තකට නුවරඑළියට යන්න සිද්ධ වුණා. වාහනය එලවගෙන ගියේ සුමුදු. නමුත් තනියට තව යාළුවෙක් එක්කගෙන ගියා. නුවරඑළියේ මීටින් එක ඉවර වෙලා මත්පැන් සාදයකින් පසුව දවල්ටත් කෑම කාලා නවාතැන්පොළට ගියා. හවස තිස්සෙම සුමුදුට පපුවේ දැවිල්ලක් දැනුනා. ඒ දැවිල්ල හරියට පපුවේ මැද්දෙන් ආවෙ. හරියට ඇඹුල් විනාකිරි වැඩිපුර දාපු කෑමක් කෑවෑයින් පස්සේ බඩේ දැවිල්ලක් එනවා වගේ. සුමුදුට දාඩියත් දැම්මා. මහත වැඩි නිසා සුමුදු ඉඳගත්තහම බඩ තෙරපෙනවා වැඩියි. බොහෝ වෙලාවට කෑමෙන් පස්සේ උගුරට එන ගතියකුත් සුමුදුට තියෙනවා. තෙල් වැඩි කෑම දවල්ට කාපු නිසා සුමුදු හිතුවම ගැස්ට්‍රයිටිස් ගතියක් ඇවිල්ලා උගුරට එනවා වගේ කියලා. වෙනදා ගැස්ට්‍රයිටිස් වැඩි උනහම එනවා වගේ වේදනාවක්/ දැවිල්ලක් නිසා සුමුදු පොඩ්ඩක් විවේක ගන්න ඇඳට ගියා. යන ගමන් යාළුවට මේ වේදනාව ගැනත් කිව්වා. යාලුවා කිව්වා "මචං අපි දැන් කොල්ලො නෙවෙයි , ඒ නිසා පපුවේ අමාරුවක් වේදනාවක් ආවොත් පොඩ්ඩක් හිතන්න ඕනේ හාට් ඇටෑක්ද දන්නෙත් නෑ" හෘදයාබාධයකදී නැත්තං හාට් ඇටෑක් එකකදී එන වේදනාව ගැන සුමුදු අහල තිබුනේ වෙනස් විදිහකට. පපුවේ වම් පැත්තේ හිර කරනවා වගේ වේදනාවක්. වම් අත දිගේ පැතිරීගෙන යන වේදනාවක්. ඔය විදිහට තමයි හෘදයාබාධක් නිසා ඇතිවන පපුවේ වේදනාව ගැන අහල තිබුණේ. සුමුදුගේ වේදනාව එහෙම වේදනාවක් නොවන නිසා සුමුදු හාට් ඇටෑක් එකක් ගැන බයක් ඇතිකර ගත්තේ නැහැ. සුමුදු නිදාගන්න ඇඳට ගියා. ඇඳේ ඒ මේ අත හාන්සිවෙලා බැලුවා. ඒත් නින්ද යන්නෙ නැහැ. පපුවේ දැවිල්ල වැඩිවෙන්නෙත් නැහැ. වේදනාව ඒ වගේමයි. අඩු වෙන්නෙත් නෑ. පැය දෙක තුනකට පමණ පස්සේ ඇඟටත් පණ නැති ගතියක් ආවා. නින්ද යන්නෙත් නැහැ. වෙනදට වැඩිය වෙනස්. සුමුදු යාළුවට කතා කරා. සුමුදුගේ අදහස වුණේ ඇඟට ටිකක් හරි මදි නිසා ඉක්මනින්ම කොළඹ ගෙදරට යන්න. නමුත් යාලුවගෙ පෙරැත්තට සුමුදු ළඟම තියෙන රෝහලට ගියා. රෝග ලක්ෂණ කිව්වයින් පස්සේ වෛද්‍යවරයා සුමුදුගේ හෘදයේ ECG පටියක් ගත්තා. ඒ වගේම රුධිර පරීක්ෂණ වලටත් ලේ ගත්තා. හෘදයාබාධයකදී රුධිරයේ ඇතැම් එන්සයිමවල වැඩිවීමක් සිදුවෙනවා. මේ රුධිර පරීක්ෂණවලින් තහවුරු කරගන්න පුළුවන් මේ වෙලාවේදී ඇතිවෙලා තියෙන්නේ හෘදයාබාධයක් ද ?නැද්ද? කියන එක. ඒත් එක්කම සුමුදුව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් කරා. හදිසි ප්‍රතිකාර ඒකකයේදී සුමුදුගේ රුධිර පීඩනය මැන බැලුවා. හදිසි ප්‍රතිකාරයක් වශයෙන් දිව යට තියන පෙත්තකුත් තිබ්බා. ECG පරීක්ෂණ වාර්තාවයි, රුධිර පරීක්ෂණ වාර්තාවයි ලැබුණායින් පස්සේ වෛද්‍යවරයා තීරණය කළා සුමුදුට හෘදයාබාධයක් ඇතිවී තිබෙන බව. සුමුදුට අදහා ගන්න බැරුව ගියා. යාළුවා කියපු දේ අහන්නැතුව කොළඹ ගියා නම් මගදි ලොකු අනතුරක් සිද්ධ වෙනවා. සමහරවිට ජීවිතෙත් නැති වෙන්න තිබුණා. සුමුදුට හෘදයාබාධය සඳහා මූලික ප්‍රතිකාර ලබාදී ගිලන් රථයකින් වැඩි වෛද්‍ය පහසුකම් සහිත රෝහලකට මාරු කරා. ඒ රෝහලේදී සිදුකළ Angiogram පරීක්ෂණයේදී දැනගන්නට ලැබුණා. සුමුදුගේ හෘදයට රුධිරය ගෙන යන කිරීටක ධමනි වල ශාඛා කීපයක් අවහිරවී ඇති බව. හෘදය තුළ කොතරම්ම රුධිරය තිබුණත් හෘදයේ භාවිතය සඳහා රුධිරය ලබාගන්න බැහැ. හෘදයට රුධිරය සපයන්නේ වෙනමම අතු බෙදී ගිය ලේ නහරයකින්. හෘදයේ බිත්තිවල ඇති මාංශ පේශවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය රුධිරය සපයන කුඩා ලේ නහර කිරිටක දමනි ලෙස හඳුන්වනවා. මෙම කිරීටක දමනි අවහිර වීමක් සිදුවුනොත් හෘදයේ මාංශපේෂියට ලැබෙන රුධිරය අවහිර වී හෘද මාංශ පේශි මිය යනවා. මේ තත්ත්වය තමයි හෘදයාබාධයක් කියන්නේ. එවිට පෙර පරිදි හෘදයේ සංකෝචනය සිදුවන්නේ නැහැ. එවිට දේහය පුරා රුධිරය පොම්ප කිරීම ඇණ හිටිනවා. හෘදයාබාධයකට ඉක්මනින්ම ප්‍රතිකාර කර එම අවහිරතා ඉවත් කරේ නැතිනම් රෝගියා මිය යන්නත් පුළුවන්. මේ අවස්ථාවේදී ඉක්මනින්ම හෘදයාබාධයකින් පෙළෙන සුමුදුව හදිසි ශල්‍යකර්මයකට යොමු කරා. සුමුදුගේ ප්‍රධානවම අවහිර වී ඇති කිරීටක ධමනියට stent එකක් දමා අවහිරතාවය වැළැක්වූවා. සුමුදුගේ ජීවිතය බේරුනා. සුමුදු යාළුවට මුළු හදවතින්ම ස්තුති කළා. යාළුවගේ කීම අහපු නිසයි සුමුදු බේරුනේ. හෘදයාබාධයක් නිසා එන වේදනාවයි ගැස්ට්‍රයිටිස් නිසා එන පපුවේ වේදනාවයි බොහෝ දෙනෙක් පටලව ගන්නවා. හෘදයාබාධයක දී පෙන්නන රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කෙනෙකුට පපුව හිර කරනා වගේ. තව කෙනෙක් කියන්නේ පපුව උඩ ගලක් තිබ්බ වගේ හුස්ම ගන්න බැරි වෙනවා වගේ වේදනාවක් දැනෙනවයි කියල. තව කෙනෙක්ගෙ වේදනාව පපුව දැවිල්ලක් වගේ බොහෝ වෙලාවට මේ වේදනාව ගැස්ට්‍රයිටිස් කියලා පටලව ගන්නවා. හෘදයාබාධයකදී පපුවේ වම් පැත්තෙන් ඇවිත් වම් අත දිගේ පැතිරෙන වේදනාව හැමෝටම එන්නෙ නැහැ. සමහර අය කියන්නේ වේදනාව බෙල්ල දිගේ ගියයි කියලා. තවත් අය කියනවා තද දතක වේදනාවක් දැනුනයි කියලා. සමහර අයගේ වේදනාව පිටුපස කොන්දෙනුත් එනවා. හෘදයාබාධයකදී ඇතිවන වේදනාව පුද්ගලයා අනුව වෙනස් වන නිසා පපුවේ වේදනාව ගැස්ට්‍රයිටිස් කියලා නොසලකා හැරියොත් නරක ප්‍රතිවිපාක ඇතිවෙන්න පුළුවන්. පපුවේ වේදනාවක් ආවොත් වෛද්‍යවරයෙක් හමු වෙලා නිවැරදි රෝග විනිශ්චයකට එන එක වඩා හොඳයි. සුමුදුගේ කතාව මතක තියාගන්න.

අලුත උපන් බිළිදන් සිටින මවුවරුන් බැලිය යුතුම විඩියෝවක්......!
08/10/2024

අලුත උපන් බිළිදන් සිටින මවුවරුන් බැලිය යුතුම විඩියෝවක්......!

ආදරණීය සුබ පැතුම් ❣️❣️❣️❣️ සහෝදරයා
10/01/2024

ආදරණීය සුබ පැතුම් ❣️❣️❣️❣️ සහෝදරයා

TCL Non Inverter 24000BTU A/C දෙකක්       TCL Non Inverter 9000BTU A/C හයක්                      Singer Non inverter 120...
03/09/2023

TCL Non Inverter 24000BTU A/C දෙකක් TCL Non Inverter 9000BTU A/C හයක්
Singer Non inverter 12000BTU A/C එකක්
Panasonic Inverter 12000BTU A/C එකක්
තනි තනිව හෝ එකවර........විකිනීමට.....
දුරකථන 0753604858

31/08/2023
28/06/2023

Seth Medical Centre Nittambuwa

https://m.facebook.com/story.php?story_fbid=643357187832718&id=100064753267334&mibextid=Nif5oz
08/06/2023

https://m.facebook.com/story.php?story_fbid=643357187832718&id=100064753267334&mibextid=Nif5oz

ඔබ ජීවිතයේ එක් වරක්වත් රජයේ සෞඛ්‍ය සේවාවන් භාවිතා කර ඇති. එය කුඩා කල ලබාගත් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණයක සිට රෝගාතුර වී රෝහල්ගත වීමක් දක්වා වූ පුළුල් පරාසයක් තුළ විහිදුණු සේවාවන් රාශියක සේවා ලාභියෙක් ලෙස විය හැකියි. අප අද ඔබ වෙත දැනුම් දීමට සූදානම් වන්නේ, සෞඛ්‍ය සේවා භාවිතා කිරීමේදී ඔබට ඇතිවිය හැකි නොයෙකුත් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ පහසුවෙන් දැනුම් දීමට අලුතෙන්ම හදුන්වා දී ඇති ක්‍රමවේදයක් පිළිබදවයි.

සුවසවන නමින් නම් කර ඇති මෙම සේවාව වෙත,

0707 907 907 අංකයට වට්ස්ඇප් (WhatsApp) හරහාත්,
1907 අංකයට SMS පණිවිඩයක් ලෙසත්,
suwasawana@health.gov.lk ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් ලෙසත්,

දවසේ පැය 24 පුරාම ඔබගේ අදහස් උදහස් යොමුකළ හැකි අතර,
1907 දුරකථන අංකයත් ඔබ වෙනුවෙන් විවෘතව පවතිනවා.

මිලියන 22 කට අධික ජනගහනයකට පුළුල් පරාසයක සෞඛ්‍ය සේවාවන් නොමිලයේ සපයන ඔබගේ සෞඛ්‍ය සේවාව සාපේක්ෂව අඩු පිරිවැයකින් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වා ඇති බවට ලෝක මට්ටමෙන් සම්භාවනාවට පාත්‍ර වී තිබෙන බව බොහෝ දෙනා දන්නා කරුණක්. නවජන්ම, ළදරු, අවුරුදු පහට අඩු, මාතෘ මරණ අනුපාතිකයන් සාර්ථකව පාලනය කරගන්නා අතරතුර උපතේදී ආයු අපේක්ෂාව ක්‍රමිකව ඉහළ නංවා ගැනීමට මෙන්ම, මැලේරියාව, පෝලියෝ, සරම්ප වැනි වසංගත රෝග රැසක් තුරන් කිරීමට/ පාලනයට නතු කර ගැනීමට සමත් වූ අපගේ සෞඛ්‍ය සේවාව ලබාගෙන ඇති ජයග්‍රහණවල ප්‍රතිඵල පුරවැසියන් වන අප සියලු දෙනාට මෙන්ම අනාගත පරපුරටත් උරුමයි.

නොයෙකුත් අර්බුද සහ අභියෝග මධ්‍යයේ වුවත් උපරිම සේවාව මහජනයාට සැලසීමේ අරමුණින් දැඩි කැපවීමකින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවාව, වැඩි දියුණු කරමින් පවත්වාගෙන යාමට එය භාවිත කරන ජනතාවගේ ප්‍රතිචාර ඉතා වැදගත්. සෞඛ්‍ය සේවාවේ ඇති විවිධ ආකාරයේ ගැටලු සම්බන්ධයෙන් මහජන අදහස් - උදහස් යොමු කළ හැකි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුවසවන ඒකකය මේ වන විට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙන්නේ එම අරමුණ පෙරදැරිව යි.

සුවසවන සේවාව භාවිතා කිරීම මගින් සහ මේ පණිවුඩය හිතවතුන් වෙත බෙදා හරිමින්, ජාතික සෞඛ්‍ය සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ වෑයම සාර්ථක කරගැනීමට පුරවැසි ඔබ නොඅඩුව දායකත්වය ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

Address

No 306/1, Negombo Road
Nittambuwa
11880

Telephone

+94773604858

Website

Alerts

Be the first to know and let us send you an email when Seth Meditech & Diagnostic . Udammita. Nittambuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Seth Meditech & Diagnostic . Udammita. Nittambuwa:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category