DMC Pharmacy

DMC Pharmacy Dispensing Multiplicity of Care

හුඟ දවසකට පස්සේ ඔන්න අද අලුත් පෝස්ට් එකක් අරන් එන්න හිතුවා..අද මම කථා කරන්න යන්නේ හැමෝම භාවිතා කරන විටමින් වර්ගයක් වන වි...
09/06/2025

හුඟ දවසකට පස්සේ ඔන්න අද අලුත් පෝස්ට් එකක් අරන් එන්න හිතුවා..

අද මම කථා කරන්න යන්නේ හැමෝම භාවිතා කරන විටමින් වර්ගයක් වන විටමින් E (Tocopherol) ගැන..

මොනවද මේ විටමින් E කියන්නේ..?
විටමින් E කියන්නේ මේද ද්‍රාව්‍ය විටමින් වලින් එකක්. ප්‍රධාන වශයෙන් ම ප්‍රතිඔක්සිකාරකයක් (Antioxidant) විඳියට ක්‍රියා කරනවා..

ඇයි විටමින් E අපේ ශරීරයට අත්‍යවශ්‍ය..?

1. විටමින් E අත්‍යවශ්‍ය වෙනවා අපේ ශරීරයේ බොහොමයක් අවයව නිරෝගීව පවත්වාගෙන යන්න..

2. විටමින් E කියන්නේ ප්‍රතිඔක්සිකාරකයක් නිසා, අපේ පරිවෘත්තීය ක්‍රියාවලියේදී නිපදවෙන විෂ ද්‍රව්‍ය ඉවත් කරන්න විටමින් E වලට හැකියාවක් තිබෙනවා..

3. මෙන්න මේ ප්‍රතිඔක්සිකාරක ගුණය නිසාම ශරීරයට අහිතකර LDL කියන cholesterol ඇතිවීම අඩු කිරිමේ හැකියාවක් තිබෙනවා..

තව මොන වගේ රෝගී අවස්ථා වලද විටමින් E භාවිතා කරන්න පුළුවන්..?

1. විවිධ හේතු නිසා ඇතිවන විටමින් E ඌනතාවය නැති කිරීමට..

2.Malabsorption in cystic fibrosis කියන ජානමය රෝගී තත්වයට

3. මාංශ පේශි වේදනාව (Muscles cramps) සදහා..

4. Ataxia, Alzimer disease වැනි ස්නායු රෝග සදහා යම් යහපත් බලපෑමක් විටමින් E මගින් ලැබෙන බව සොයාගෙන තිබෙනවා..

5. තැලසීමියා රෝගීන් සදහා ද විටමින් E මගින් යම් ප්‍රතිලාභයක් ලැබෙන බව සොයාගෙන ඇත..

6. කාන්තාවන්ගේ ඔසප් වීම පටන් ගැනීමට පෙර ඇතිවන අපහසුතා (Premenstrual syndrome) සදහා..

විටමින් E පවතින ආකාර මොනවද..?

විටමින් E ස්වභාවික(Natural) සහ කෘත්‍රීම (Synthatic) ලෙස කොටස් දෙකක් තිබෙනවා.. ස්වභාවිකව ලබා ගන්න පුළුවන් විටමින් E වඩාත් සුදුසු වෙනවා..

විටමින් E සාමන්‍ය පුද්ගලයෙක් සදහා දිනකට මොන තරම් ප්‍රමාණයක් අවශ්‍ය ද..?

විටමින් E දෛනික අවශ්‍යතාවය 15mg වගේ කුඩා ප්‍රමාණයක්.. ඉතින් මෙන්න මේ ප්‍රමාණය අපි ගන්න ආහාර මගින් පහසුවෙන් ලබා ගන්න පුළුවන්..

එතකොට ඔබට හිතෙන්න පුළුවන් විටමින් E 200mg, 400mg, 600mg වගේ ප්‍රමාණ වලින් තිබෙනවා නේ.. එහෙම ගන්න එක අහිතකර ඇති නේද කියලා..

කොහොම නමුත් මේද ද්‍රාව්‍ය විටමින් දීර්ඝ කාලයක් ලබා ගැනීම හිතකර දෙයක් නෙවේ.. මොකද ඒවා මේදය තුළ තැම්පත් වෙලා ශරීරය තුළ එකතු වීම නිසා විෂ වෙන්න පුළුවන්. විටමින් E දෛනික අවශ්‍යතාවය 1000mg ට වඩා ගැනීම අහිතකර වෙන්න පුළුවන්...

විටමින් E බහුල ආහාර මොනවාද..?

1. Canola oil, olive oil වැනි තෙල් වර්ග
2. කජු, රටකජු, almond වැනි ඇට වර්ග වල
2. මස්, මාළු, බිත්තර වල
3. නිවිති, brocoli වැනි කොළ පැහැති එළවළු වල,
4. අඹ, kiwifruit වැනි පලතුරු වල..

විටමින් E අපි ලබා ගත් පසු ශරීරයට අවශෝෂණය වන්නේ මේදය තුළ දිය විමෙන් අනතුරුවයි.. එම නිසා ඔබ මේදය සහිත ආහාරයක් සමග විටමින් E ලබා නොගන්නේ නම් විටමින් E අවශෝෂණය අඩු විය හැකිය..

විටමින් E පරෙස්සමෙන් ලබා ගත යුතු අවස්ථා සහ නොගත යුතු අවස්ථා මොනවාද..?

1. විටමින් E වලට හැකියාවක් තිබෙනවා රුධිර නාල විස්තාරණය කිරීමට සහ රුධිරය කැටි ගැසීම අඩු කිරීමට.. එම නිසා Aspirin, warfarin වැනි රුධිර කැටි ඇති වීම අඩු කරන ඖෂධ සමග විටමින් E ලබා ගැනීම අහිතකර වෙන්න පුළුවන්.

2. ඒ වගේම සමහර අවස්ථාවල ශරීරයේ ප්‍රතිශක්තිය අඩු කිරීමට ලබා දෙන(immunosuppression) cyclosporin නම් ඖෂධය සමග විටමින් E ලබාදීම අහිතකර වෙන්න පුළුවන්..

3. පියයුරු පිළිකා සදහා ලබාදෙන ටැමොක්සිෆෙන් නම් ඖෂධය සමග ද විටමින් E ලබාදීම යෝග්‍ය නොවේ..

4. පිළිකා සදහා ලබාදෙන ප්‍රතිකාර (chemotherapy) සමග විටමින් E ලබාදීම මගින් ප්‍රතිකාර වලින් ලැබෙන්න අවශ්‍ය ප්‍රතිපල අඩු වෙන්න පුළුවන්...

මොනවද එන්න පුළුවන් අතුරු ආබාධ විටමින් E ලබා ගැනීම මගින්..?

1. රුධිර වහනය
2. හිසරදය
3. මහන්සිය
4. වමනය, ඔක්කාරය වැනි

මෙන්න මේ වගේ අතුරු ආබාධ එන්න පුළුවන්.. කෙසේ නමුත් දිනකට 1000mg වඩා ලබා ගැනීම අහිතකර වෙන්න පුළුවන්..

ගර්භණී මවුවරුන්ට විටමින් E ලබා ගැනීම සුදුසු ද..?

ගර්භණී අවස්ථාවේ ඔබ විටමින් E ලබා ගන්නේ නම් ලබා ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණි.. වෛද්‍ය උපදේශයකින් තොරව ලබා ගැනීම කිසිසේත්ම නොකළ යුතුය..

සමහර පුද්ගලයින් පහත සදහන් රෝග සදහා ද විටමින් E භාවිතා කරන අතර, විශේෂයෙන් ම කිව යුතු දෙයක් නම් මේ අවස්ථා සදහා විටමින් E බලපාන බවට පර්යේෂණ මගින් ස්ථිරවම තහවරු කර නොමැති බව..

1. අක්මාවේ තෙල් ඉවත් කිරීමට (Non alcoholic fatty liver)
2. හර්ද රෝග අවදානම අඩු කිරීම
3. රූපලාවන්‍ය කටයුතු සදහා..

ඉතින් අදත් වෙනදා වගේම කියන්න තියෙන්නේ සැලුන් එකේ අක්කා කිව්වා නැත්නම් අයියා කිව්වා කියලා විටමින් වගේම අනිත් ඖෂධ නිසි උපදෙස් නොමැතිව ගන්න යන්න එපා.. මොකද ඕනැම බෙහෙත් එකක් අනික් බෙහෙත් සමග අන්තර්ක්‍රියා(Interaction) කරන්න පුළුවන්, ඒ වගේම ඔබ ඉන්න තත්වය අනුව යම් ඖෂධයක් ලබා ගැනීම නුසුදුසු වෙන්න පුළුවන්.. ඉතින් මෙන්න මේ සියලු කාරණා පිලිබදව අවධානය යොමු කරලා තමයි වෛද්‍යවරයෙක් ඔබට ඖෂධයක් නිර්දේශ කරන්නේ.. ඒක නිසා ඒ කිසි දෙයක් නොදන්න අයගෙන් ඖෂධ ගැන උපදෙස් අරගෙන අමාරුවේ වැටෙන්න එපා..

තවත් මෙවැනි ලිපියකින් හමු වෙමු..

Page එක follow කරලා තියා ගන්න දිගටම මේ වගේ වැදගත් තොරතුරු දැන ගන්න..

Post එක වැදගත් කියලා හිතෙනව නම් like කරන්න, Comment කරන්න, share කරන්න..

Rasika Gamage,
SLMC Registered Pharmacist
B.Sc (UOJ), Certificate of efficiency as Pharmacist (CMCC)
-copied -

ඔන්න ඉතින් අදත් වැදගත් මාතෘකාවක් ගැන ලියන්න හිතුවා.. ඔයාල හැමෝම කවදා හෝ දවසක බඩ දැවිල්ලක් ආපු වෙලාවක Digene පෙත්තක් හපලා...
16/05/2025

ඔන්න ඉතින් අදත් වැදගත් මාතෘකාවක් ගැන ලියන්න හිතුවා.. ඔයාල හැමෝම කවදා හෝ දවසක බඩ දැවිල්ලක් ආපු වෙලාවක Digene පෙත්තක් හපලා කාලා, Gaviscon, Belcid වගේ Syrup එකක් බීලා ඇති.. ඒත් ඔබ දැනගෙන හිටියා ද මේ දේවල් හරියට ගත්තෙ නැත්නම් අදාළ ප්‍රථිපල ලැබෙන්නේ නෑ කියලා.. මම අද ඒ ගැන ලියන්න හිතුවා..

Digene, Gaviscon, Belcid වගේ Tablet, Syrup වලට පොදුවේ කියන්නේ antacid කියලා..

මොනවද මේ Antacid කියන්නේ..?
Antacid කියන්නේ acid උදාසීන කරන්න පුළුවන් කියන එක.. මෙන්න මේ antacid නිශ්පාදනය කරලා තියෙන්නේ Aluminum Hydroxide, Magnesium Hydroxide, Magnesium Trisilicate වගේ රසායනික සංයෝග වලින්..

කොහොමද මේ Antacid ක්‍රියා කරන්නේ..?
වැදගත්ම කරුණ නම් antacid වලට ආමාශයේ න් acid ශ්‍රාවය වන එක නතර කරන්න බෑ.. ඒකට පුළුවන් ශ්‍රාවය වෙලා තියෙන acid ටික neutralize කරන්න එහෙමත් නැත්නම් acid ටික උදාසීන කරලා දාන්න.. ඉස්සෙල්ලා මම කියපු digene, belcid, gaviscon වල තියෙන රසායනික සංයෝග භාස්මික රසායනික,. අන්න ඒ භාස්මික රසායනික සමග ආමාශයේ තියෙන acid ප්‍රතික්‍රියා කරලා ආමාශයේ තියෙන acid ටික උදාසීන කරලා දානවා.. ඔන්න ඕක තමයි antacid වල ක්‍රියාකාරීත්වය..

මෙන්න මේ antacid ගන්න වෙලාවට ඔබ කරන වැරදි මොනවද..? කොහොමද නිවැරැදි ව මේ දේවල් භාවිතා කරන්න ඕන..?

1. ගොඩක් අය හිතන් ඉන්නේ මෙන්න මේ antacid ගන්න ඕන කෑමට පෙර කියලා.. මෙන්න මේ දේ නම් වැරදි කතාවක්.. Antacid ගන්න හොඳම වෙලාව කෑම අරගෙන පැයත‍් දෙකත් අතර කාලයක.. ඒකට ප්‍රධාන හේතුව නම් ආමාශයේ වැඩිපුරම acid ශ්‍රාවය වෙලා තියෙන්නේ කෑම අරගෙන පැයක් පමණ ගත උණාට පස්සෙයි. ඒක නිසා සාර්ථක ප්‍රතිඵල ගන්න නම් කෑම අරගෙන පැයක්, පැය දෙකක් අතර ගන්න..
2. ගොඩක් අය කරන තවත් වරදක් තමයි ඔබ වෙනත් රෝගයකට බෙහෙත් ගන්නවා නම් ඒ බෙහෙත් බීපු වෙලාවෙම මෙන්ම මේ antacid භාවිතා කරනවා.. මේ දේ ගොඩක්ම වැරදි දෙයක්.. ඒකට හේතුව තමයි බොහෝ ඖෂධ ශරීරයට උරා ගැනීම සැලකිය යුතු ප්‍රමාණයකි න් අඩු වෙනවා වෙනත් ඖෂධ හා antacid එකම වෙලාවක් තුළ ගැනීම නිසා..ඒ හේතුව නිසා ඔබ වෙනත් ඖෂධ ලබා ගන්නේ නම් ඒ ඖෂධ ලබාගෙන පැයක්, දෙකක් පමණ පරතරයක් තබාගෙන antacid ලබා ගන්න..
3. සමහර ඖෂධ නිශ්පාදනය කරන්නේ භාස්මික මධ්‍යයේ දියවී ශරීරයට උරා ගන්න.. ඒ කියන්නේ ඒවා අන්ත්‍රයේදී තමයි දිය වෙලා ශරීරයට උරා ගන්නේ.. මෙන්න මේ ඖෂධ නිශ්පාදනය කරන්නේ විශේෂිත ආවරණයක් මගින් ඖෂධ ආවරණය කරලා.. අපි අන්න ඒ වගේ පෙති වලට කියනවා enteric coated tablet කියලා.. මෙන්න මේ පෙති ආමාශයේ දි ඒ කියන්නේ ආම්ලික මධ්‍යයේ දි දිය වෙන්නේ නෑ.. හැබැයි මේ වගේ enteric coated පෙති එක්ක digene, gaviscon වගේ දේවල් ගත්තම ආමාශයේ ආම්ලික ගතිය අඩු වෙලා භාස්මික වෙනවා.. එහෙම උනොත් වෙන්නේ entoric coated tablet ආමාශය තුළ දිය වෙනවා.. එහෙම උනොත් ඒ ඖෂධය මගින් අදාළ ප්‍රථිපලය ලැබෙන්නේ නෑ.. මෙන්න මේ නිසා enteric coated විඳිය ට හදපු ඖෂධ සමග digene, gaviscon වගේ ඒවා ගන්න යන්න එපා.. පැයක් දෙකක් පමණ පරතරයක් තබාගෙන antacid භාවිතා කරන්න..

මොනවද එන්න පුළුවන් අතුරු ආබාධ..?
1. එන්න පුළුවන් ප්‍රධාන අතුරු ආබාධයක් තමයි මේ antacid නිෂ්පාදනයට ගන්න aluminum hydroxide වලින් මළ බද්ධය ඇති වීම.. ඒ වගේම magnesium hydroxide වලින් බඩ බුරුල් කර මල පහ පිටවීම.. මෙන්න මේ අතුරු ආබාධ දෙක පාළනය කරන්න හොඳම විසදුම තමයි මේ සංයෝග දෙකම එකතු කරලා antacid නිශ්පාදනය කිරීම.. අන්න ඒ විඳිය ට තමයි ගොඩක් antacid නිශ්පාදනය කරලා තියෙන්නේ..
2. තව ඔක්කාරය, වමනය වැනි රෝග ලක්ෂණ එන්න පුළුවන්..

විශේෂ කරුණු...
1. ගැබිනි සහ කිරි දෙන මව්වරුන්ට මේ antacid ලබාදෙන්න පුළුවන්..
2. දවසට තුන් හතර පාරක් භාවිතා කරන්න පුළුවන්.. (ආහාර වේල් දෙකක් අතරතුර සහ නිදා ගැනීමට පෙර ආකාරයට)
3. පෙති වලට වඩා සිරප් වලින් ලැබෙන ප්‍රථිපලය ඉක්මන් සහ වැඩි යි.
4. වකුගඩු සහ අක්මා රෝග වලදී පරිස්සමින් ලබා දිය යුතුයි..

ඉතින් මම හිතනවා මේ සම්බන්ධව හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියලා.. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනව නම් comment කරන්න, ඒ වගේම like කරන්න, share කරන්න,
Page එකත් follow කරලා තියා ගන්න..
ඒ වගේම මගේ YouTube channel එකත් subscribe කරලා තියා ගන්න..

https://youtube.com/?si=x8U7D9UyaUlPZijy

එහෙනම් තවත් මේ වගේ ලිපියකින් හමු වෙමු..
RASIKA GAMAGE,
SLMC Registered Pharmacist,
B.Sc. (UOJ), Certificate of Efficiency as Pharmacist (CMCC)

Copied

Lifetime Warrenty සමග prodigy Glucometer.ලන්කාවෙ අඩුම මිලටDMC Pharmacy -Malwaththa,Nittabuwa
17/03/2025

Lifetime Warrenty සමග prodigy Glucometer.ලන්කාවෙ අඩුම මිලට

DMC Pharmacy -Malwaththa,Nittabuwa

  Pharmacy
11/01/2025

Pharmacy

14/11/2024
නිට්ටඹුව නගරයේ සිටින ඔබටත් දැන් සිංහ රෝහල් රසායනාගාරය  වෙතින් පිදෙන විශේෂ පොහොය දින පැකේජය ලබාගැනීමේ අවස්තාවක් 😍😍නිට්ටඹු...
15/10/2024

නිට්ටඹුව නගරයේ සිටින ඔබටත් දැන් සිංහ රෝහල් රසායනාගාරය වෙතින් පිදෙන විශේෂ පොහොය දින පැකේජය ලබාගැනීමේ අවස්තාවක් 😍😍

නිට්ටඹුව මල්වත්ත හන්දියේ
DMC Pharmacy (නිට්ටඹුව KFC ඉදිරිපිට )වෙත පැමිණ ඔබගේ සාම්පල ලබාදෙන්න

මේ ලැබුවා වූ නව වසර ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සම්පත ලැබෙන, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, කරන්නා වූ සියලු...
14/04/2024

මේ ලැබුවා වූ නව වසර ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සම්පත ලැබෙන, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, කරන්නා වූ සියලු ම යහපත් කටයුතු සිතන අයුරින්ම සාර්ථක කරගැනීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ සුබපැතුම් DMC Pharmacy වෙතින්....
---DMC Pharmacy නුවර පාර, මල්වත්ත, නිට්ටඹුව---

New beginning - *DMC Pharmacy*@ Malwaththa NittmbuwaWelcome you all for where Dispensing Multiplicity of Care...නුවර පාර...
13/04/2024

New beginning - *DMC Pharmacy*@ Malwaththa Nittmbuwa
Welcome you all for where Dispensing Multiplicity of Care...
නුවර පාර, මල්වත්ත, නිට්ටඹුව ( Colombo Tools එකට යාබදව, KFC එකට මුහුනලා )

2024.04.12 දින සිට
දිනපතා *උදෑසන 7 - රාත්‍රි 11* දක්වා විවෘතව ඇත......... ❤❤💉💉

Address

550/1/9/B, Kandy Road, Malwaththa, Nittmbuwa
Nittambuwa
11880

Website

Alerts

Be the first to know and let us send you an email when DMC Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram