29/11/2025
🛑 ගංවතුරත් එක්ක එන "මී උණ" (Leptospirosis) ගැන දැනුවත් වෙමු! 🌧️🐀
මේ දිනවල දිවයිනට බළපා ඇති අධික වැසි සහ ගංවතුර තත්ත්වයත් එක්ක අපි විශේෂයෙන්ම පරිස්සම් වෙන්න ඕන රෝගයක් ගැන ඔයාලව දැනුවත් කරන්න හිතුණා.
මෙවැනි ගංවතුර අවස්ථාවලදී අප හට වැළඳීමට හැකියාව ඇති රෝගයක් තමයි මී උණ (Rat Fever) කියන්නේ.
💧 කොහොමද මේක බෝ වෙන්නේ?
ගංවතුර නිසා සත්තුන්ගේ (විශේෂයෙන් මීයන්ගේ) මුත්‍රා ජලයට එකතු වෙනවා. මී උණ බැක්ටීරියාව තියෙන්නේ මේ සත්තුන්ගේ මුත්‍රාවල. අපි ගංවතුරේ බැස යනකොට, අපේ කකුල්වල තියෙන පොඩි තුවාලයක්, සීරීමක් හරහා හරි, ඇස්/කට/නාසය වගේ සියුම් තැන් හරහා හරි මේ විෂබීජය අපේ ඇඟට ඇතුළු වෙන්න පුළුවන්. කුඹුරු වැඩ කරන, ඇල මාර්ග සුද්ද කරන අයට වගේම ගංවතුරෙන් පීඩාවට පත් වුණු හැමෝටම මේ අවදානම තියෙනවා.
🤒 රෝග ලක්ෂණ මොනවාද?
මේ රෝගය මුලින්ම එන්නේ සාමාන්‍ය උණක් වගේ. ඒ නිසා ගොඩක් අය රැවටෙනවා.
පහත ලක්ෂණ ගැන හොඳට බලන්න:
📌තද උණ (Fever) සහ වෙව්ලීම.
📌හිසරදය (Headache).
📌මස්පිඩු වල අධික වේදනාව (විශේෂයෙන්ම කෙණ්ඩා ප්‍රදේශයේ - Calf muscle pain). 🦵
📌ඇස් රතු වීම (Red eyes). 👀
📌මුත්‍රා යාම අඩු වීම හෝ මුත්‍රා තද පාට වීම.
💊 Doxycycline (ඩොක්සිසයික්ලින්) මගින් මෙය වළක්වා ගන්නේ කෙසේද?
ඔබ ගංවතුරට බහිනවා නම් හෝ අවදානම් රැකියාවක (කුඹුරු වැඩ/පතල් වැඩ) යෙදෙනවා නම්, රෝගය වැළඳීමට පෙර ආරක්ෂා වෙන්න පුළුවන් හොඳම විදිය තමයි Doxycycline ප්‍රතිජීවක ඖෂධය.
✅ නිවැරදි මාත්‍රාව සහ භාවිතය:
මාත්‍රාව: සතියකට වරක්, Doxycycline 200mg (බොහෝ විට 100mg කරල් 2ක්) ලබා ගන්න.
ඖෂධය ගතයුතු වන්නේ
අවදානම් වැඩේට (ගංවතුරට බහින්න) පැය කිහිපයකට කලින් හරි, බැස්සට පස්සේ හැකි ඉක්මනින් හරි ගන්න. දිගටම අවදානම තියෙනවා නම් සතියකට වරක් මේ මාත්‍රාව ගන්න ඕන.
🛑විශේෂ උපදෙස්:
මේ බෙහෙත ගත්තම බඩේ දැවිල්ල එන්න පුළුවන්. ඒක නිසා කෑම වේලකට පස්සේ, වතුර වීදුරුවක් එක්ක බොන්න. බීලා පැයක් යනකම් නිදාගන්න එපා (හිටගෙන හෝ ඉඳගෙන ඉන්න).
⚠️ පරිස්සම් වන්න (Contraindications): මෙම ඖෂධය පහත අයට සුදුසු නැත:
📍ගැබිණි මව්වරුන්ට 🤰
📍කිරි දෙන මව්වරුන්ට 🤱
📍වයස අවුරුදු 8ට අඩු කුඩා දරුවන්ට 👶
(ඔබ මේ ගොඩට අයිති නම්, වෛද්‍ය උපදෙස් නැතුව බෙහෙත් ගන්න එපා.)
🏥 වැදගත්ම දේ:
ඔබට උණක් තියෙනවා නම්, ගෙදර වෙදකම් කර කර ඉන්න එපා.
ළඟම රජයේ රෝහලට යන්න. ඔබට Doxycycline නොමිලේම රජයේ රෝහල්වලින් සහ PHI මහත්වරුන්ගෙන් ලබාගන්න පුළුවන්.
මේ පණිවිඩය හැමෝම අතරේ Share කරන්න. එක ජීවිතයක් හරි බේරගන්න අපිට පුළුවන් වෙයි. ❤️
#මී_උණ
Sources (මූලාශ්‍ර):
Epidemiology Unit, Ministry of Health Sri Lanka (වසංගත රෝග විද්‍යා අංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය).
Guidelines on Management of Leptospirosis - Sri Lanka Medical Association.
-copide -