Suwayathra Ayurvedic Medical Center

Suwayathra Ayurvedic Medical Center Medical and Health services Dr.U.D.Lakshinie Ishara
B.A.M.S(Hons) (Colombo)

දීර්ඝකාලීන ත්‍රීව්‍ර බෙල්ලේ වේදනාවන් සඳහා ග්‍රීවා වස්ති ප්‍රතිකාර... විමසීම්,0715661556 සුවයාත්‍රා වෙදමැදුරදොඩම්පාවත්තනි...
13/10/2024

දීර්ඝකාලීන ත්‍රීව්‍ර බෙල්ලේ වේදනාවන් සඳහා ග්‍රීවා වස්ති ප්‍රතිකාර...

විමසීම්,
0715661556
සුවයාත්‍රා වෙදමැදුර
දොඩම්පාවත්ත
නිවිතිගල
වෛද්‍ය: යූ. ඩී. එල්. ඉෂාරා
බී. ඒ. එම්. එස්. (ගෞරව)

ගල් තැළුම් වලින් පීඩාවිදින ඔබට නිවරැදි ආයුර්වේද ප්‍රතිකාර...📞විමසීම්,    0715661556    සුවයත්‍රා වෙදමැදුර    දොඩම්පාවත්ත...
10/09/2024

ගල් තැළුම් වලින් පීඩාවිදින ඔබට නිවරැදි ආයුර්වේද ප්‍රතිකාර...

📞විමසීම්,
0715661556
සුවයත්‍රා වෙදමැදුර
දොඩම්පාවත්ත
නිවිතිගල

01/01/2024
අම්ලපිත්ත (ගැස්ට්‍රයිටීස්) රෝගීන් සඳහා විශේෂ ප්‍රතිකාර අම්ලපිත්ත රෝගයෙන් පෙලෙන ඔබට සුලභව ඇතිවිය හැකි රෝග ලක්ෂණ,✔️උදරයේ අ...
11/03/2023

අම්ලපිත්ත (ගැස්ට්‍රයිටීස්) රෝගීන් සඳහා විශේෂ ප්‍රතිකාර
අම්ලපිත්ත රෝගයෙන් පෙලෙන ඔබට සුලභව ඇතිවිය හැකි රෝග ලක්ෂණ,
✔️උදරයේ අධික දැවිල්ල සමග වේදනාව
✔️නිතර ඇඹුල් සහ තිත්ත රසට උගුරට ඒම
✔️කරකැවිල්ල
✔️වමනය
✔️බඩ පුරවා දැමීම
✔️ද්‍රවත්වයෙන් මල පිටවීම
✔️ශාරීරිකව ඇතිවන දුබල බව

නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර මගින් මෙම රෝගී තත්වයන්ගෙන් පූර්ණ සුවය ලබා ගත හැකිය.

ඔබත් අදම ඔබගේ වෙලාව වෙන්කරගන්න අමතන්න.
☎️071-566-15-56

💫සුවයාත්‍රා වෙද මැදුර,
දොඩම්පාවත්ත,
නිවිතිගල,

දෙවසරක් පුරා අප කෙරෙහි විශ්වාසයෙන් ප්‍රතිකාර ලැබූ ඔබට හිතායු, සුඛායු, දීඝායු...!!!     🙏🙏🙏
01/03/2023

දෙවසරක් පුරා අප කෙරෙහි විශ්වාසයෙන් ප්‍රතිකාර ලැබූ ඔබට හිතායු, සුඛායු, දීඝායු...!!! 🙏🙏🙏

වසරක් පුරා අප කෙරෙහි විශ්වාසයෙන් ප්‍රතිකාර ලැබූ ඔබට හිතායු, සුඛායු, දීඝායු...!!!🙏🙏🙏
01/03/2022

වසරක් පුරා අප කෙරෙහි විශ්වාසයෙන් ප්‍රතිකාර ලැබූ ඔබට හිතායු, සුඛායු, දීඝායු...!!!🙏🙏🙏

22/05/2021

කොත්තමල්ලි බිව්වම දරු ගැබ අහිමි වන කතාව ඇත්තක් ද?
=======================
ගැබිණි මව්වරුන්ට කොත්තමල්ලි පානය අහිතකර ද?
***********************************
ආයුර්වේදීය මතය අනුව කොත්තමල්ලි වල ඖෂධීය ගුණ මොනවාද?
+++++++++++++++++++++++++

කොත්තමල්ලි වලට ආයුර්වේදයේ බහුලව සඳහන් වන නාමය වන්නේ ධාන්‍යක යන්නයි. කොත්තමල්ලි යනු දෙමළ හා මලයාලම් භාෂාව වල භාවිතා වන වචනයකි. සිංහලෙන් මෙය කොතඹුරු යනුවෙන් ගැනේ. එය කුස්තුම්බුරු යන සංස්කෘත පදයෙන් බිඳී ආ වචනයකි. coriander යන ඉංග්‍රීසි පදය 14 වැනි සියවසේ දී පමණ coriandrum යන ලතින් වචනයෙන් සකස් වූ coriandre යන පැරැණි ප්‍රංශ වචනයෙන් තද්භව වී තිබේ. ලතින් වචනයට මුල් වී ඇත්තේ koriannon යන ග්‍රීක් වචනයෙන් බව භාෂාවේදීන් ගේ මතය වේ. එය මකුණන් හඳුන්වන koriandron යන වචනය හා සම්බන්ධ බව ඔවුන් ගේ මතයයි. ඊට හේතුව කොත්තමල්ලි ඇටයේ හැඩය හෝ එහි ගන්ධය බව කියැවේ. Coriandrum sativum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කොත්තමල්ලි මැදපෙරදිග සිට ව්‍යාප්ත වී චීනය වැනි රටවල පවා වගා කරන ලෝකයේ බහුලව භාවිතා වන ආහාර රසකාරකයක් හා සම්ප්‍රදායික ඔසුවක් වේ.

කොත්තමල්ලි ඊශ්‍රායලයේ නවශිලා යුගයට අයත් ලෙන් වල හා මැසිඩෝනියාවේ මුල් ලෝකඩ යුගයට අයත් පුරාවිද්‍යාත්මක කැනීම් වලින් විශාල වශයෙන් හමු වී තිබේ. බයිබලයේ නික්මයාම ග්‍රන්ථයේ සඳහන් කොත්තමල්ලි ඊජිප්තුවේ තූතන්කාමන් සොහොන් ගැබේ ද හමු වී තිබේ. ක්‍රි.පූ. 15 වැනි සියවසේ දී පැපිරස් පතුරු මත ලියූ ඊජිප්තු වෛද්‍ය ලේඛන වල කොත්තමල්ලි වල ගුණ දක්වා තිබේ. රුසියාව, උතුරු අප්‍රිකාව, ඉන්දියාව, මධ්‍යම ඇමරිකාව, චීනය ආදී රටවල මහා පරිමාණයෙන් වග කරන කොත්තමල්ලි මෙට්‍රික් ටොන් 300000 ක් වාර්ෂිකව ලෝක වෙළඳපොළට නිකුත් වේ. මෙයින් 25% ක් වග සපයන්නේ ඉන්දියාව විසින් ය. විශේෂයෙන් ම ඖෂධ හා ආහාර වලට අමතරව කොත්තමල්ලි වලින් නිස්සාරණය කරන සගන්ධ තෛල සඳහා හොඳ ඉල්ලුමක් තිබේ. ක්‍රි.පූ. දෙවන සහශ්‍රකයේ සිටම ග්‍රීසියේ කොත්තමල්ලි වගා කළ බවට සාක්ෂි හමුවන අතර හිපොක්‍රටීස් හා ඩයෝස්කොරිඩස් යන අයගේ ලේඛන වල ද දක්නට ලැබේ.

ආයුර්වේද මූල ග්‍රන්ථ වන චරක සංහිතා, සුශෘතසංහිතා, අෂ්ටාංගහෘදය සංහිතා වැනි ග්‍රන්ථ වල හා පසු කාලයේ ලියැවුණු ශාරඞ්ගධර සංහිතා, වංගසේන සංහිතා, චක්‍රදත්ත, භාවප්‍රකාශ වැනි ග්‍රන්ථ වල කොත්තමල්ලි වල ඖෂධීය භාවිතයන් බොහොමයක් අන්තර්ගත වේ. ඊට අමතරව ධන්වන්තරී නිඝණ්ටුව, මදනපාල නිඝණ්ටුව, රාජ නිඝණ්ටුව, ශාලිග්‍රාම නිඝණ්ටුව වැනි ද්‍රව්‍යගුණ සංග්‍රහ වල කොත්තමල්ලි වල ඖෂධීය ගුණ ඉතා හොඳින් විස්තර කර තිබේ. රසයෙන් කෂාය, තික්ත, මධුර හා කටුක ලෙසත් ගුණයෙන් ලඝු හා ස්නිග්ධ ලෙසත්, වීර්යෙන් උෂ්ණ ලෙසත් විපාකයෙන් මධුර ලෙසත් සඳහන් වේ. වා, පිත්, සෙම් යන තුන් දොසම සමනය කළ හැකි කොත්තමල්ලි විශේෂයෙන් පිත්තදෝෂ ශාමක වේ. එබඳු ගුණ සහිත කොත්තමල්ලි වල ගර්භනාශක හෝ ගර්භාපාතන ක්‍රියාවක් ඇති බවට ආයුර්වේද ග්‍රන්ථයන් හි සඳහන් නොවේ. එය ගැබිණි සමයේ දී දෙන ඖෂධ වල ද අන්තර්ගතය. එනිසා කිසිම අවස්ථාවක කොත්තමල්ලි නිසි ලෙස පානය කිරීම ගැබිණි සමයේදී අහිතකර නොවේ.

කොත්තමල්ලි වල අන්තර්ගත වාෂ්පශීලී තෛල ප්‍රතිශතය 1% කි. එහි ගන්ධය ඇතිවන්නේ d-linalool නම් මද්‍යසාරය නිසාය. අමතරව d-α-pinene, β-pinene, α-terpinene, geraniol, geranyl acetate, borneol, decylaldehyde, කපුරු සහ ඇසිටික් අම්ලය මෙම තෛලයේ අන්තර්ගත වේ. මෙම තෛලය ලෝකයේ ඉහළින්ම ඇති සගන්ධ තෛල වලින් එකකි. එසේම මෙම බීජ වල linalool නම් තෛලය 60%–80% ක් අඩංගු වේ. ඊට අමතරව petroselenic, caffeic, ferulic, gallic, chlorogenic acids අම්ල, ග්ලයිකොසයිඩ් වර්ග, 2E-decenal, decanal, 2E-decen-1-ol, සහ decanol යන මද්‍යසාර අඩංගුය. සාමන්‍යයෙන් කොත්තමල්ලි තෙල් කිලෝග්රෑම් එකකට මිලිග්‍රෑම් 0.0714 ක් දක්වා පරිභෝජනය කිරීම ආරක්ෂිතය. කොත්තමල්ලි සාමාන්‍යයෙන් ආරක්‍ෂිත ලෙස පිළිගත් (generally recognized as safe) කුළුබඩුවක් ලෙස ඇමරිකානු ඖෂධ හා ආහාර අධිකාරිය GRAS කාණ්ඩය යටතේ පිළිගෙන තිබේ. එහි කිසිදු ආකාරයක විෂ සහිත සංඝටක හෝ පිළිකාකාරක සංයෝග අඩංගු නොවන බවත් පෙන්වා දී තිබේ.

1925 දී පළවූ Sinhalese Materia Medica නම් ග්‍රන්ථය ලියූ දොස්තර ජෝන් ආටිගල මහතා කියන්නේ සමහර ගම්වල දුප්පත් මව්වරුන් සිය බිලිඳුන්ට මව්කිරි හෝ එළකිරි නොදී කොත්තමල්ලි වතුර දී පෝෂණය කරන බවය. බොහෝ දෙනා සැහැල්ලුවෙන් සැලකුවද කොත්තමල්ලී සතුව සුවිශේෂ ගුණාංග අතර ශරිරයට අවශ්‍ය පෝෂණ ගුණය පවා ලබාදීමේ හැකියාවක් කොත්තමල්ලි සතුව ඇත. ඒ අනුව මවගේ මිය යෑම නිසා හෝ වෙනත් හේතුවක් නිසා මව්කිරි නොලැබී යන ළදරුවන්ට අතිතයේ දී ලබාදුන් ආහාර පරිපූරකය වූයේ කොත්තමල්ලී තැම්බූ වතුරයි. සමහරවිට මාස 6-7 ක කාලයක් ම කොත්තමල්ලි තැම්බූ වතුරෙන් පණ ගැටගසාගත් ළදරුවෝ කෘත්‍රිම ළදරු ආහාර පරිපූරක නොවූ ඒ කාලයේ අතීත ගම්වල විසූහ. ඔවුන් ද මව්කිරි හෝ එළකිරි බිව් දරුවන් හා එකට නිරෝගීව වැඩුණු අතර වැඩිහිටියන් ලෙස සමාජය තුළ ශ්‍රම බලකායේ සක්‍රිය දායකත්වය දුන්නෝය.

ආයුර්වේදයට අනුව කොත්තමල්ලි වල මස්තිෂ්ක බලකාරක ගුණය නිසා මොළයේ ක්‍රියාකාරීත්වය ප්‍රශස්තව පවත්වා ගැනීමටද ඊට හැකියාවක් ඇත. අක්මාවේ ක්‍රියාව නිසි පරිදි පවත්වාගැනීමට ද එය පිළිසකර කිරීමට ද කොත්තමල්ලි වලින් සහයක් ලැබේ. විශේෂයෙන් ම පිත් කෝපය හා සිරුරේ උෂ්ණාධික බව නිසා ඇති වන මුත්‍රා දැවිල්ල හා ආසාදන වෙතොත් ඒවා සමනය කිරීමට ද කොත්තමල්ලි තම්බා පානය කිරීම මෙන්ම කොත්තමල්ලි රාත්‍රියට වතුරේ දමා උදෑසන පානය කිරීම සුදුසු ය. කුඩා දරුවන් ගේ සිට මහල්ලන් දක්වා අජිර්ණ, අතීසාර, පාචන අවස්ථා වලදී කොත්තමල්ලි කබලේ බැද තම්බා බීමෙන් සුවය සලසා ගත හැකිය. තේ වෙනුවට හොඳ විකල්පයක් ලෙසද කොත්තමල්ලි තම්බා පාවිච්චි කිරීමෙන් එදිනෙදා වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යා, ශ්වසන අපහසුතා, හිසරදය, ඇඟපත දැවිල්ල, මහන්සිය ආදියට ඔසුවක් ලෙස යෝග්‍ය වේ.

කොත්තමල්ලි වල තිබෙන පිත් සමන ගුණය නිසා ඇඟපතේ දැවිල්ල ඇති අවස්ථා වල කොත්තමල්ලි වතුර හොඳින් නිවෙන්නට හැර සීනි සමඟ පානය සුදුසු අතර අම්ලපිත්ත රෝගය සඳහා කොත්තමල්ලි තම්බා බීමෙන් සහනය සලසා ගත හැකිය. කාන්තාවන්ගේ මාසික වේදනා අවස්ථා වලදී කොත්තමල්ලි කුඩු මේස හැන්දක් පමණ පිරිසිදු වීදුරුවකට දමා පැය අටක් පමණ තබා උදෑසනින් හිස්බඩ පානය කිරීම මඟින් ඇතිවන අධික වේදනාව සමනය කරගත හැකිය. විශේෂයෙන්ම පිපාසය දුරු කරන මහඟු ඔසුවක් වන ලෙස කොත්තමල්ලි හෘදයට හිතකර පානයකි. ඌෂ්ණය නිසා කටේ ඇතිවන තුවාල තත්ත්වයන් සමනය කරන අතර මුවට නැවුම් බවක් ලබා දෙන කොත්තමල්ලි පාචනය වැනි රෝග ඇති කරන විෂබීජ නසයි. අධිරුධිර පීඩනය අඩු කිරීමට මෙන්ම රුධිරයේ විෂ ඉවත් කිරීමට ද කොත්තමල්ලි වලට හැකියාවක් තිබේ.

කොත්තමල්ලි ගැබිණි මාතාවන් පළමු තුන්මස තුළ භාවිතයෙන් වැළකිය යුතු යැයි යන මතය වෛද්‍යමය හේතුවක් තිබේ ද යන්න සොයා බලමු. මීයන් යොදාගෙන කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ කොත්තමල්ලි වලින් ගැබ් ගැනීම වළක්වන හෝ ගැබ ස්ථාපනය වීම වළක්වන හැකියාවක් ඇති බවයි. එහෙත් විද්‍යාගාර මීයන් සම්බන්ධයෙන් කරන ලද එක පර්යේෂණයක් නිසා එහි ප්‍රතිඵල මිනිසුන්ට සාධාරණ යැයි කිසිදු තර්කයක් ගොඩනැගිය නොහැකිය. එසේම මිනිසුන් ගේ ජීවන රටාව හා ආහාරපාන සමඟ සිරුර තුළ කොත්තමල්ලි ක්‍රියාකරන ආකාරය සම්පූර්ණයෙන් ම වෙනස් ය. එසේ වුවත් කොත්තමල්ලි තම්බා බීමෙන් ගැබිණි මව්වරුන් ගේ දරු ගැබට හානියක් සිදුවෙතැයි ප්‍රකාශ කිරීම සමාජය බියගැන්වීමක් බඳුය. ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැතිව සමාජයට වැරැදි පණිවුඩයක් දීමෙන් සිදුවන්නේ කොත්තමල්ලි වලට එරෙහි පදනම් විරහිත ප්‍රචාර වලට තටු ලැබීම පමණි.

කොත්තමල්ලි ගැන මෑත කාලයේදී කරනු ලැබූ විද්‍යාත්මක පර්යේෂණ වලින් එහි ඇති සෞඛ්‍යමය හා වෛද්‍යමය ප්‍රතිලාභ වලට ඉතා වටිනා සහයක් ලැබී තිබේ. නවීන පර්යේෂණ අනුව කොත්තමල්ලි නිස්සාරණය අන්ත්‍රයේ ස්වාභාවික ක්ෂුද්‍රජීවින්ට හානි නොකොට Escherichia coli ආසාදන පාලනය කරන බව පෙනී ගොස් තිබේ. එසේම දියවැඩියාව මුල් අවස්ථාවේ දී රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට ද උපකාරී වන අතර අධික තරබාරුව මෙල්ල කිරීමට යම් බලපෑමක් ඇති කරන බව ද සොයාගෙන ඇත. විශේෂයෙන්ම ස්නායු ක්‍රියාකාරීත්වය වඩා ශක්තිමත් කරන කොත්තමල්ලි මතක ශක්තිය වැඩි කරන, සංජානනය දියුණු කරන, කාංසාව නැති කරන, ඇල්සයිමර් රෝග ලක්ෂණ පාලනය කරන මහඟු ඔසුවක් ලෙස විද්‍යාත්මක සාක්ෂි වලින් ඉදිරියට ගොස් තිබේ, එසේම ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරිත්වය දියුණු කරන ඔසුවක් ලෙස අනාදිමත් කාලයක පටන් මහජන විශ්වාසය දිනාගෙන තිබේ.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

මැදින් මස පළමු දිනට යෙදුනු සුභ මොහොතින් " සුවයාත්‍රා ආයුර්වේද වෙද මැදුර" විවෘත වූ වගයි.ස්ථානය - දොඩම්පාවත්ත,            ...
06/03/2021

මැදින් මස පළමු දිනට යෙදුනු සුභ මොහොතින් " සුවයාත්‍රා ආයුර්වේද වෙද මැදුර" විවෘත වූ වගයි.
ස්ථානය - දොඩම්පාවත්ත,
නිවිතිගල .
(U.D.S.Trade Centerඅසළ)
# ප්‍රතිකාර කරන වේලාව - සවස 3.00 සිට 6.30 දක්වා.

16/01/2021

Address

Nivitigala

Opening Hours

Monday 15:00 - 19:00
Tuesday 15:00 - 19:00
Wednesday 15:00 - 19:00
Thursday 15:00 - 19:00
Friday 15:00 - 19:00
Saturday 15:00 - 19:00
Sunday 15:00 - 19:00

Telephone

+94715661556

Website

Alerts

Be the first to know and let us send you an email when Suwayathra Ayurvedic Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Suwayathra Ayurvedic Medical Center:

Share