Divisional Hospital Ranorawa

Divisional Hospital Ranorawa .....

රණෝරාව ප්‍රාදේශීය රෝහල මගින් 4 වන වතාවටත් පැවැත්වූ ලේ දන්දීමේ පින්කම සාර්ථකව නිමා වූ අතර මේ වෙනුවෙන් ආගමික වතාවත් සිදුකල...
18/08/2023

රණෝරාව ප්‍රාදේශීය රෝහල මගින් 4 වන වතාවටත් පැවැත්වූ ලේ දන්දීමේ පින්කම සාර්ථකව නිමා වූ අතර මේ වෙනුවෙන් ආගමික වතාවත් සිදුකල රණෝරාව විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමීන්වහන්සේට නමස්කාර පූර්වක ස්තූතිය පුද කරන අතර මේ සඳහා ලේ පරිත්‍යාග කිරීමෙන් දායකත්වය දැක්වූ සහ ඒ වෙනුවෙන් පැමිණි ඔබ සැමත් අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටත් විශේෂයෙන් කොකුන්නෑව, රණෝරාව ඇතුළු සහයෝගය දැක්වූ අවට ගම්වාසීන් සියළු දෙනාටත්, විශේෂයෙන් රණෝරාව ග්‍රාමයේ සිරිසේන රත්නමලල මහතා තරංග මහතා ඉට්ටිකුලම සරත් මහතා රණෝරාව මරණාධාර සමිතියෙහි සභාපති සුසන්ත මහතා, ජානක මහතා ඇතුළු පිරිසත් රණෝරාව රෝහලේ කාර්‍යමන්ඩලය සියළු දෙනාටත් අනුරාධපුර ලේ බැංකුවේ කාර්‍යමන්ඩලය සියළු දෙනාටත් එලෙසම නන් අයුරින් උපකාර කල සියළු දෙනාටත් නම් සඳහන් කිරීමට අතපසුවූ අයෙක් ඇත්නම් ඒ සියළු දෙනාටත් රණෝරාව ප්‍රාදේශීය රෝහල වෙනුවෙන් ස්තුතිය පුදකරමි.....🙏🙏🙏

රණෝරාව ප්‍රාදේශීය රෝහලේ ලේ දන්දීමේ පින්කම සඳහා පැමිණෙන රුධිර පරිත්‍යාගශීලින් වෙනුවෙන් දියර කිරි ලබාදීමෙන් දායකත්වය දැක්ව...
18/08/2023

රණෝරාව ප්‍රාදේශීය රෝහලේ ලේ දන්දීමේ පින්කම සඳහා පැමිණෙන රුධිර පරිත්‍යාගශීලින් වෙනුවෙන් දියර කිරි ලබාදීමෙන් දායකත්වය දැක්වූ නිමල් මහතා. එම පරිත්‍යාග ලබාදුන් අවස්ථාව.

රණෝරාව ප්‍රාදේශීය රෝහලේ ලේ දන්දීමේ පින්කම සඳහා දිවා ආහාර ලබාදීමෙන් දායකත්වය දැක්වූ නඳුන් චතුරංග මහතා. එම පරිත්‍යාග ලබාදු...
18/08/2023

රණෝරාව ප්‍රාදේශීය රෝහලේ ලේ දන්දීමේ පින්කම සඳහා දිවා ආහාර ලබාදීමෙන් දායකත්වය දැක්වූ නඳුන් චතුරංග මහතා. එම පරිත්‍යාග ලබාදුන් අවස්ථාව.

රණෝරාව ප්‍රාදේශීය රෝහලේ ලේ දන්දීමේ පින්කම සඳහා ලයනල් දිසානායක මහතා වෙනුවට එම පරිත්‍යාගයන් සිදුකල සංජීවනී මහත්මිය. පරිත්‍...
18/08/2023

රණෝරාව ප්‍රාදේශීය රෝහලේ ලේ දන්දීමේ පින්කම සඳහා ලයනල් දිසානායක මහතා වෙනුවට එම පරිත්‍යාගයන් සිදුකල සංජීවනී මහත්මිය. පරිත්‍යාග ලබාදුන් අවස්ථාව

රණෝරාව ප්‍රාදේශීය රෝහලේ ලේ දන්දීමේ පින්කම සඳහා වාර්ශිකව පරිත්‍යාගයන් සිදුකරන රොශාන් කුමාර මහතා සහ ජනිත් සංජය මහතා ඉන්දික...
18/08/2023

රණෝරාව ප්‍රාදේශීය රෝහලේ ලේ දන්දීමේ පින්කම සඳහා වාර්ශිකව පරිත්‍යාගයන් සිදුකරන රොශාන් කුමාර මහතා සහ ජනිත් සංජය මහතා ඉන්දික කුමාර මහතා විසින් මෙවරත් රුධිර පරිත්‍යාගශිලීන් වෙනුවෙන් එම පරිත්‍යාග ලබාදුන් අවස්ථාව

රණෝරාව ප්‍රාදේශීය රෝහල මගින් සිදුකරන වාර්ශික ලේ දන්දීමේ පින්කම සඳහා නොකඩවා තැඹිලි පරිත්‍යාගය සිදුකරන සුජීව ඉන්ද්‍රජිත් ම...
18/08/2023

රණෝරාව ප්‍රාදේශීය රෝහල මගින් සිදුකරන වාර්ශික ලේ දන්දීමේ පින්කම සඳහා නොකඩවා තැඹිලි පරිත්‍යාගය සිදුකරන සුජීව ඉන්ද්‍රජිත් මහතා විසින් මෙවරත් ඒ සඳහා තැඹිලි හා රෝගීන් හා රෝහල වෙනුවෙන් අවශ්‍ය තවත් පාරිභෝගික ද්‍රව්‍ය පරිත්‍යාග කල අවස්ථාව .....

14/08/2023
'මංකිපොක්ස්' හඳුනාගැනීමේ නිර්ණායක නිකුත් කෙරේ…වේගයෙන් ලොව පුරා පැතිරී යන 'මංකි පොක්ස්' වසංගතයට මුහුණ දීමට සූදානම් වන ශ්‍...
14/08/2022

'මංකිපොක්ස්' හඳුනාගැනීමේ නිර්ණායක නිකුත් කෙරේ…

වේගයෙන් ලොව පුරා පැතිරී යන 'මංකි පොක්ස්' වසංගතයට මුහුණ දීමට සූදානම් වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් රෝගය නිශ්චය කිරීමේ පරීක්ෂණ ආරම්භ කිරීමට සමගාමීව සැක සහිත රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

ඔබ, 'මංකිපොක්ස්' බවට සැක කල හැකි රෝගියෙක් ද? 'මංකිපොක්ස්' රෝගියෙකුගේ ආශ්‍රිතයෙක් ද? යන්න දැනගැනීමට අවශ්‍ය මූලික දැනුම මෙන්ම ඒ ඒ අවස්ථා වලදී කල යුත්තේ කුමක් දැයි යන අවබෝධයත් ඔබ වෙත සමීප කිරීම මෙම සටහනේ අරමුණයි.

👉 'මංකිපොක්ස්' ආසාදිතයෙකු බවට සැක කල හැකි පුද්ගලයින් ( Suspected cases - Monkeypox)
වෙනත් නිශ්චිත හේතුවක් හඳුනාගත නොහැකි,

එක් වරම හටගත් සමේ කුෂ්ට තත්වයක්
සමඟ,

හිසරදය
එක්වරම හටගත් උණ
වසාගැටිති ඉදිමුම
මස් පිඩු වේදනාව
කොන්දේ වේදනාව
තදබල තෙහෙට්ටු ස්වභාවය

යන රෝග ලක්ෂණ එකක් හෝ පවතී නම් එම පුද්ගලයා 'මංකි පොක්ස්' ආසාදිතයෙකු බවට සැක කල හැකි අයෙකු ලෙස සැලකෙනවා.

කෙසේ නමුත් , මීට සමාන ලක්ෂණ හටගන්නා පැපොල, සරම්ප, හර්පීස් සොස්ටර් ( අංශ පැපොල), සමෙහි බැක්ටීරියා ආසාදන වැනි රෝග බොහොමයක් පවත්නා නිසා, ඉහත ලක්ෂණ සහිත පුද්ගලයෙක් 'මංකි පොක්ස්' ආසාදිතයෙක් බවට සැක කල යුතු දැයි යන්න වෛද්‍ය උපදෙස් මත තීර්ණය කිරීම වඩාත් සුදුසු වනවා.

👉 'මංකි පොක්ස්' ආසාදිතයෙකු විය හැකි පුද්ගලයින් ( Probable cases - Monkeypox)

පෙර කී රෝග ලක්ෂණ අනුව 'මංකි පොක්ස්' බවට සැක කෙරෙන පුද්ගලයෙක්,

තහවුරු කල 'මංකි පොක්ස්' රෝගියෙකුගේ සමඟ ඉතා සමීප ශාරීරික සබඳතා හෝ ලිංගික සබඳතා පවත්වා ඇත්නම් හෝ
රෝග ලක්ෂණ හටහැනීමට දින 21ක් ඇතුලත, නාඳුනන අයෙකු සමඟ හෝ එක් අයෙකුට වැඩි දෙනෙකු සමඟ ඉතා සමීප ශාරීරික සබඳතා පවත්වා ඇත්නම් හෝ
රුධිර පරීක්ෂණ හෝ PCR පරීක්ෂණ මඟින් මංකිපොක්ස් වෛරසය අයත් වෛරස කාණ්ඩයට අදාල ප්‍රතිඵල ලැබේ නම්

ඔහු හෝ ඇය, 'මංකි පොක්ස්' ආසාදිතයෙකු විය හැකි බවට වර්ගීකරණය කෙරෙනවා.

දැනට යමෙකු 'මංකි පොක්ස් රෝගියෙකු' බවට නිශ්චිතවම තහවුරු කල හැක්කේ සමෙහි ඇති වූ තුවාල වල කබොල්ල, සම් කොටස් හෝ තුවාලයේ ඇති සැරව ආශ්‍රයෙන් සිදු කෙරෙන PCR පරීක්ෂණයක් මඟින් පමණයි.

👉 'මංකි පොක්ස්' ආශ්‍රිතයින් (Contacts - Monkeypox )

මුල්ම රෝග ලක්ෂණය හටගැනීමේ පටන් තුවාල වියලී, කබොලු සියල්ලම හැලී යන තුරු 'මංකිපොක්ස්' රෝගියෙකු වාහකයෙක් විය හැකියි. එම වාහක කාලය තුල ඉහත විස්තරකල ' 'මංකිපොක්ස්' ආසාදිතයෙකු බවට සැක කල හැකි' හෝ ' 'මංකි පොක්ස්' ආසාදිතයෙකු විය හැකි ' කෙනෙකු,

මුහුණට මුහුණලා සමීපව ඇසුරු කලහොත් හෝ
ඉතා සමීප ශාරීරික සබඳතා පැවැත්වුවහොත් හෝ
පරිහරණය කල උපකරණ හෝ ඇඳ ඇතිරිලි යනාදිය භාවිතා කලොත්

එම පිරිස ආශ්‍රිතයින්, ලෙස සැළකෙනවා.

රෝග ලක්ෂණ කිසිවක් නැති ආශ්‍රිතයින්, සෞඛ්‍ය උපදෙස් අනුව දින 21 ගතවන තෙක් පරීක්ෂාවෙන් පසුවිය යුතු අතර රෝග ලක්ෂණ එකක් හෝ හටහතහොත් වහාම අන් අයගෙන් වෙන් වී උපදෙස් අනුව කටයුතු කල යුතු වනවා.

'මන්කි පොක්ස්' වසංගත අවදානමට - දැනුම් සූදානම!!මෑතක් වන තෙක්ම මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපයේ පමණක් දක්නට ලැබුණු, බෝවන ...
07/08/2022

'මන්කි පොක්ස්'

වසංගත අවදානමට - දැනුම් සූදානම!!

මෑතක් වන තෙක්ම මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපයේ පමණක් දක්නට ලැබුණු, බෝවන රෝගයක් වන 'මන්කි පොක්ස්' තත්වය ලොව විවිධ රටවල් ආක්‍රමණය කරමින් පැතිර යන්නට පටන්ගත් අවස්ථාවේ දී ම, ඒ පිළිබඳව මූලික කරුණු ඔබ වෙතගෙන එන්නට අප කටයුතු කලා.

රටවල් 75 කට පමණ ඉතා ඉක්මනින් මෙම රෝගයේ පැතිරීමත්, තහවුරු කල මරණ පහක් සමගින් 16,000කටත් වඩා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය 'ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක්' (Public Health Emergency of International Concern) ලෙස ප්‍රකාශයට පත් කරන්නට කටයුතු කලා. අප රටෙන් තවම රෝගීන් වාර්තා වී නැතත් , ලංකාව අවට රටවල් කිහිපයකටම 'මන්කිපොක්ස්' ඇතුලු වී ඇති අවස්ථාවක නැවත වතාවක් ඔබේ දැනුම මෙලෙස යාවත්කාලීන කිරීම වැදගත් වනු ඇතැයි අප විශ්වාස කරනවා.

'මන්කි පොක්ස්' ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්‍රය හරහා නිරෝගී අයෙකුගේ සිරුරට වෛරසය ඇතුලු විය හැකියි. රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල , අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වැනි දෑ වලත් වෛරසය අඩංගු විය හැකි බව සඳහන්. එනමුත් මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් නොවේ.

උණ, වසාගැටිති ඉදිමීම, මස් පිඩු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත්බව සමග , ඇතිවන බිබිලි මෙහි දී රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබෙනවා. ආසාදිතයෙකුට නිරාවරණය වී දින 5 - 21 කාලයක් රෝග ලක්ෂණ පහළ වීමට ගතවිය හැකියි.

සාමාන්‍යෙයෙන් උණ ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. එමෙන්ම මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්‍රිත ශ්ලේෂ්මල වලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්නා අවස්ථා තිබෙනවා. මුලින්ම පැල්ලම් ලෙස මතුවී, බිබිලි , ගැටිති සහ දිය පට්ටා හෝ සැරව බිබිලි බවට පත්වෙන මෙම කුෂ්ඨ සුව වන විට සම මතුපිට කබොල්ලක් සෑදෙන අතර ඒවා ද සම්පූර්ණයෙන් හැලී යෑමෙන් පසුව ආසාදනය සුව වී ඇති බව නිගමනය කල හැකි වනවා. මෙම රෝග ලක්ෂණ, පැපොල / අත් - පා - මුඛ රෝගය වැනි සුලබ වෛරස ආසාදන වලදීත් දැකිය හැකි නිසා නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීම මෙන්ම , රෝග ලක්ෂණ ඇති වූ වහාම අන් අයගෙන් වෙන් වී සිටීමත් ඉතා වැදගත්.

'මන්කි පොක්ස්' සාමාන්‍යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත්වන (Self limiting) රෝගයක් වුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ අවදානමක් පවතිනවා. මේ වනවිට මෙම වසංගතයේ මරණ අනුපාතය ගණනය කර ඇත්තේ 3 -6 % ලෙසයි. එමෙන්ම මෙම රෝගය බෝවීමේ වේගය, පැපොල / සරම්ප වැනි වෛරස් රෝග බෝවීමේ වේගය හා සැසඳූ කල ඉතා අඩු අගයක් බව දැක්වෙනවා.

පවත්නා අර්බුදකාරී වාතාවරණය හමුවේ මේ වසංගත අභියෝගයත් කෙලෙස හෝ ජයගැනීමට අපට සිදු වෙනවා. ඒ සඳහා අප විසින් ලබා දෙන මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් උපරිම සහයෝගය ලබා දීමට පුරවැසි ඔබ කටයුතු කරනු අතැයි අප බලාපොරොත්තු වෙනවා.

🙏🙏🙏
13/06/2022

🙏🙏🙏

Address

Ranorawa
Nochchiyagama

Telephone

+94253259030

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Hospital Ranorawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Divisional Hospital Ranorawa:

Share

Category