Energy Healing

Energy Healing Energy healing is a powerful therapy that helps keep your Mind and Body Healthy. It is used to treat

01/12/2022

පිරිත🙏

16/10/2022

CELL DIVISION

Its interesting that the very doubling-sequence of 8 Cell Division,
from the moment of your conception,
when the 1 became 2 became 4 became 8 Original Cells
or a cube or a Star-Tetrahedron,
is the same geometry as our current electronic Technology
which is based on the cubic crystal of quartz.
The Cube of Space is really the Flower Of Life hexagonal pattern,
that which underpins and blueprints all the geometry of Creation.
It appears that we, as an evolving species,
need to integrate, make peace and accept
that there is indeed a tangible connection
between both the Biological and the Mechanical/Electronical
aspects of our Lives.

Jain 108

Have you ever wondered how we evolved from the Seed Of Life to the Flower Of Life? Join me on a Journey from the Moment of Conception, evolving to the Seed Of Life, to the Flower Of Life. Learn more: https://jain108academy.com/flower-of-life-course/


Image: Inphinity Design

මානව විද්‍යාවේ  විෂ සහිත මිනිස්සු (Toxic People) වර්ග ගණනාවකට බෙදනවා ....( 1 ) The Manipulatorඅරයට කතා කරන්න එපා , මේක ක...
30/06/2022

මානව විද්‍යාවේ විෂ සහිත මිනිස්සු (Toxic People) වර්ග ගණනාවකට බෙදනවා ....

( 1 ) The Manipulator
අරයට කතා කරන්න එපා , මේක කරන්න එපා කියමින් ඔයාව ඔවුන්ට ඕන විදිහට මෙහයවීමට උත්සාහ කරන මිනිස්සු

(2) Energy Drainers
ඕක කරන්න බැහැ බන් , උඹට ඕක බැහැ , ඕක උඹට කැතයි , උඹ කොට වැඩියි , උඹ මහත වැඩියි , මේ වගේ කතා කියමින් ඔයාව මානසිකව වට්ටන මිනිස්සු

(3) Spiritual Vampire
මූණට දැක්කම සුදූ , මැණික , වස්තුව කියලා පණ දෙන්න වගේ රඟපාලා ගියාට පස්සෙ ඕකා ට හෙණ ගහපන් කියන , දේව ආත්ම වගේ පෙනී ඉන්න මලපෙරේත මිනිස්සු

(4)Backstabbers
එකට ඉන්න කාලෙ ඔක්කොම රහස් ටික ,ඕපාදුප ටික එකතු කරගෙන , පොඩ්ඩක් හිත හොඳ නැති වෙච්ච ගමන් දෙතුන් ගුණයක් අතිනුත් දාලා , තමන් හොඳවෙලා අනුන්ගේ රහස් ටික වටේටම හල හල යන කුණු කරත්ත වගේ මිනිස්සු

(5) The fake compliments
ඔයා හරි ලස්සනයි , ඔයා හරි හොඳයි කියමින් ඔබව මුරුංගා ගස් වල උඩටම නග්ගවා ''අරයට බැනහන්කෝ , මෙයාට හින්ට් එකක් ගහපන්කෝ ,කියමින් තමන්ගෙ වැඩේ කරගන්න ඔයාව උඩ තියන මිනිස්සු

(6) Opportunists
තමන්ගෙ වැඩේ කරගන්න කම් ළඟටම වෙලා ඉඳලා , ඊට පස්සෙ උන් හිටි තැනක් වත් හොයාගන්න බැරිවෙන විදිහට අතුරුදහන් වෙන අවස්ථාවාදී මිනිස්සු

(7) Family breakers
අනේ ඔයාගේ මහත්තයා වසයි නේද ? ඇයි උඹ ගෑනිට බය , අනේ මිනිහට ඔච්චර සලකන්න එපා , මට උඹේ ගෑණි ගැන සැකයි , ඔයාගෙ boy friend නරකයි ,ඔය වගේ ඔයාගෙ සහකාරයා / සහකාරිය ගැන ඔයාටවත් නොපෙනෙන පදනමක් නැති වැරදි දකින මිනිස්සු.

(8) JJ ( Jealous -Judgmental )
තමන්ට නැති දෙයක් අනිත් අයට ලැබීම දරාගන්න බැරි , රුසියාවටත් වඩා ලොකු ඉරිසියාවකින් විඳවන ජීවිත ගත කරන මිනිස්සු.

Anisha Jayakody මහත්මියගේ සටහනක්.

25/05/2022

ආහාර හිඟය ඇතිවෙන්නේ කොහොමද.?

ආහාර හිඟයක් ඇතිවෙන බව අනතුරු ඇඟෙව්වත් තවමත් ඊට යොමුවෙන්න ඕන අවධානය හරිහැටි යොමු නොවෙන්නේ මිනිස්සුන්ට මෙහෙම හිඟයක අත්දැකීමක් නැති හින්දා සහ අවබෝධය අඩුකම නිසා.

මේ හින්දා ආහාර හිඟයක් ඇතිවන විදිය සහ ඒකෙන් පසුව ඇතිවිය හැකි තත්වය ඔබට කියන්න ඕන. ඔබ කියවන්න යන්නේ ඉතාම කටුක ලියවිල්ලක්, නමුත් මේ දේවල් හෙට ඔබට මට වෙන්න පුලුවන් සම්භාවිතාව 80%කට වැඩියි.

ඒ නිසා දැන්ම තියා හිත හදාගන්න නෙවෙයි, මේ විදියට නොවෙන්නයි මේ ලියුම ලියන්නේ.

ඔබ දන්නවා චීන ජාතිකයන් බල්ලො, බලල්ලු, නයි, පොලොන්ඟු වගේ අපි හීනෙන්වත් කන්න නොහිතන සත්තුන්ව ආහාරයට ගන්නවා. ඔබ නිකමට හිතුවාද මේක වෙන්න හේතුව.??

චීනයට දැන් තියෙනව වගේ කොමියුනිස්ට් සමූහාණ්ඩුවක් ඇතිවුනේ 20වන සියවසේ මුල් භාගයේදීමයි. කොහොම නමුත් මේ පාලකයෝ එක කාලෙකදි ඉතා අමනෝඥ තීරණයක් ගන්නවා, ඒ තමා ජන ජීවිතයට බාධාවක් ලෙස සලකපු ගේ කුරුල්ලන් නම් කුරුළු විශේෂය වඳ කරන්න ඕන කියන තීරණය.

මිනිස්සුත් පාලකයාගේ පදේට නටන පිරිසක් නිසා ඔවුනුත් තරඟෙට ගේ කුරුල්ලන්ව මැරුවා. මිලියන ගණනක් ගේ කුරුල්ලන්ව මරල දාල අවුරුද්දක් වගේ ගියාම තමා චීන්නුන්ට හික් ගෑවුනේ..!

ගේ කුරුල්ලන්ගේ නික්ම යාම එක්ක එයාලා විසින් කරපු පරාගන කටයුතුත් නැවතුනා. ඒ කියන්නේ බෝගවල ඵල දරන්න අවශ්‍ය පරාගන කටයුතු නැවතුනා. ඊලඟ වසර කිහිපය ගත වෙද්දි මුළු චීනයටම අති දරුණු සාගතයකට මුහුණ දෙන්න සිදුවුනා. මේ සාගතය නිසා මිලියන ගණනක මිනිස් ජීවිත ඔවුන්ට අහිමි උනා.

මේ කාලෙදි පණ රැකගන්න ඔවුන්ට නයි පොලොන්ඟුන්ගෙ ඉඳන්, ගෙම්බො, පණුවෝ, හැකරැල්ලෝ දක්වා සියළු සතුන්ව ආහාරයක් කරගන්න උනා. අන්න ඒක කොච්චර දරුණුවට කරන්න උනාද කියනවානම් ඔවුන්ට පරම්පරා ගානක් යනකන් මේ පුරුද්ද අතැරගන්න බැරිවුනා.

නැතිනම් අද චීනය කියන්නේ කෘෂි නිශ්පාදනය අතිනුත් ඉස්සරහින්ම ඉන්න රටක්. එයාලාට වර්තමානෙදී කන්න කෑම ඕනතරම් හදාගන්න පුලුවන්කම තියෙනවා.

ඉතිං ආහාර හිඟයකදී අපිට පණ රැකගන්න අතට අහුවෙන ඕනෑම සතෙක්, ආහාරයට ගන්න සිදුවෙනවා. සත්තු විතරක් නෙවෙයි, හයිටිය වගේ රටවල කිරි මැටිත් ආහාරයට ගන්නවා..!!

අද මේක කියවන රූමත් තරුණියෝ කැමතිද හෙට හැකරැල්ලො මැල්ලුමක් එක්ක පොලඟෙක්ව මරාගෙන කන්න.??

වෙනිසියුලාව කියන්නෙත් අපි වගේම කට්ටක් කන රටක්. එයාලා තාම හැකරැල්ලො කන මට්ටමට ඇවිල්ලා නම් නැතුව ඇති, හැබැයි එයාලා හෝටල්වලින් එලියට දාන ඉඳුල්, කුණු බක්කිවල ඉතුරුවුන නරක් වෙච්චි පළතුරු එහෙම පොරකකා කනවා..!!

එතකොට රුසියාවේත් අනුව දශකය අගදී උන ආර්ථික අර්බුධය එක්ක ආහාර හිඟයක් ඇතිවුනා. එතනදීත් අද වෙනිසියුලාවට වගේම රුසියානුවන්ටත් ඉඳුල් කන්න උනා..!

දැන් ලංකාවටත් මේ තත්වය ටිකෙන් ටික උදා වෙනවා. අපේ රටේ ඔලමොට්ටලයෝ පොහොර තහනම් කරා මීට අවුරුද්දකට කලින්, එතකොට ඉතිං ඒක තොරණ් බැඳල වර්ණනා කරපු අය ගැන කතා කරල වැඩක් නෑ.

නමුත් මේ තීරණයෙන් කෘෂි අස්වැන්න සැලකිය යුතු ලෙස අඩුවුනා විතරක් නෙවෙයි. කෘෂි නිශ්පාදන අපනයනයෙන් ලැබුනු ඩොලර් මිලියන 500කට වැඩි මාසික ආදායමකුත් අහිමි උනා.

පොහොර තහනම් නොකලානම් මෙහෙම වෙන්නේ නැත..!

දැන් උන දේ වෙලා ඉවරයි.

හැබැයි මේ පාර යල කන්නය වගා කරන්න පටන් අරන් තියෙන්නේ 50%කටත් අඩු ගොවීන් ප්‍රමාණයක්. කරන අයත් ඒ අස්වැන්න වෙලඳපොලට නිකුත් කරන්නේ ඉතා අඩුවෙන්.

මේ නිසා සහල් නිශ්පාදනයෙන් 50%ක් පමණ අඩුවේවි කියල උපකල්පනය කරන්න පුළුවන්. ඒ එක්කම මේ වෙද්දී ලෝකය පුරාමත් ආහාර අර්බුධයක් වර්ධනය වෙමින් තියෙනවා. හරියටම අගෝස්තු වෙද්දී ලෝක ආහාර අර්බුධයකුත් ඇතිවෙනවා.

මේ නිසා ඉන්දියාව වගේ රටවල් තමන්ගේ තිරිඟු පිටි සංචිත අපනයනය කරන එක දැනටමත් නවත්තලා..

ඔබ දන්නවාද.? අපි ගන්නා ආහාර වේලෙන් 1/3 ක් ම පාන් පිටි හෙවත් තිරිඟු පිටි..!

මේ නිසා තව මාසෙකින් දෙකකින් පාන් පිටි නැත්තටම නැති වෙනවා..

පරිප්පුත් කන්න ලැබෙන්නේ තව මාසයක් හෝ දෙකක් විතරයි..!

යල අස්වැන්න නෙලන කාලය වෙද්දී සහල් කිලෝවක් රු.1000කට ආසන්න මිලක් දක්වා මිල වැඩිවෙන්න පුලුවන්.

මේ නිසා අපේ ආහාර වේල් තුනෙන් ආහාර වේල් දෙකක් කොහොමටත් අපට අහිමි වෙන්න නියමිතයි..!!

එතකොට.?

ඔව්, එතකොට හැම ගින්නකටම වඩා ලොකු බඩගින්න උග්‍ර වීම නිසා පාරවල්ගානෙ හාල් මල්ලකට මරාගන්න මිනිස්සුන්ව ඔබට දකින්න ලැබෙයි. නැතිනම් අපිත් ඒ තත්වෙට වැටෙයි..

පහල ආදායම් ලබන නාගරික ප්‍රජාවගෙන් බහුතරයකට හාමතේ දිවි අහිමි වෙන්න පවා ඉඩකඩ තියෙනවා..

සහල් පමණක් නෙවෙයි, එළවළු නිශ්පාදනයටත් මේක බලපානවා. අනිවාර්‍යයෙන්ම එලවළු මිලත් වැඩිවෙනවා. ඔබේ හීන, බලාපොරොත්තු වෙනුවෙන් ඔබ මහන්සියෙන් එකතු කරපු මුදල් ඔබට ආහාර සඳහාම වියදම් කරන්න වේවි..!!

පිටරටින් ගෙන්වන සියළු ආහාර වර්ග අපිට අහිමි වෙන නිසා kfc, mac වගේ අවන්හල් වැහිල යනවා විතරක් නෙවෙයි. කොළඹ කුරුඳුවත්තේ ඉන්න අයටත් තම දිවි රැකගැනීමට අල බතල කන්න වෙනවා..

මේ හින්දා අද ඔබ කන බත් ඇටයක් ඇටයක් ගානෙ ඔබට අනාගතයේදී දුක හිතෙයි..!!

ගෙදර උයන කෑමවලින් බත් ඇටයක්වත් අහකට දාන්න එපා. ඉතිරිවෙන බත් වේලලා කුඩුකරල තියාගන්න. අනාගතේ දවසක එක වේලක් පිරිමහගන්න අග්ගලයක් හදාගන්න ඒ හාල් කුඩු ටික ප්‍රයෝජනවත් වේවි.

ඒ වගේම, ලංකාවෙ මේ තත්වය ඇතිවෙලා තියෙන්නේ වෙලඳපොලට ආහාර ද්‍රව්‍ය නොලැබීම නිසා.

නමුත් ඔබට ගෙවත්තේ මොනයම්ම දෙයක් වවාගන්න පුලුවන්නම් ඔබට යම් තරමකට මේ අර්බුධයෙන් ගොඩ එන්න පුලුවන් වෙයි. (ගොඩ එනව කියන්නෙ පණ රැකගන්න එකට.)

නාගරිකව ඉන්න ඔබටත් වගා මළුවල වවන්න පුලුවන් ආහාර තියෙනවා.

රාබු, බණ්ඩක්කා, වම්බටු, මිරිස්, පළා වර්ග (තම්පලා), ගෝවා, මඤ්ඤොක්කා පවා විශාල මළුවල වගා කරන්න පුලුවන්.

මඤ්ඤොක්කාවල කිරිකවඩි කියන ප්‍රභේදයනම් මාස 3කින් වගේ අස්වැන්න ලැබෙනවා.

ඒකට අමතරව ඔබ ගමක ඉන්නවානම් ගෙවත්තට අමතරව කොස් ටිකක්, අලවර්ග ටිකක් හොයගෙන ඒවා කල්තබාගන්න පුලුවන්. ඒ ක්‍රමවේද ගැනත් දැනුවත් කරන්නම්..!!

වර්තමානයේ කිසිම දේශපාලන පක්ෂයකින් මේ ආහාර අර්බුධය ගැන ඔබව දැනුවත් කරන්නේ නෑ.

ඔවුන්ට දේශපාලනය කරන්න පුලුවන් වෙන්නේ අර්බුධය ඔබේ ගෙයි එලිපත්තට ආවාට පස්සෙ..

මේ නිසා මේ අර්බුධය ගැන මුලින්ම දැනුවත් වෙන්න. කිසි ලෙසකින්වත් මේක නොසලකා හරින්න එපා..!!

අදම, මොනවා හෝ වවන්න ගන්න.. අතාරින්න එපා, වවන්න...!!

අපේ ආහාර අපිටම හදාගන්න වෙන තත්වයක් ඉදිරියේදී ඇතිවෙන්නේ..

ඔබ වෛද්‍ය, ගුරු, නීතීඥ්‍ය මොකා උනත් වවන්න වෙන එක වෙනවාමයි...!!

මොකද ඉස්සරහට කඩේට හාල් එන එකත් නවතිනවා..

පරක්කු නොවී ක්‍රියාත්මක වෙන්න..

|සජිත් පුෂ්පකුමාර|(ස්තුතියි ලියුම්කරැට)

පින්බර මේ වෙසක් පුන් පොහෝ දිනතෙරුවන් සරණින් සියලු ලෝ සතුන් හට උතුම් සැනසිල්ලෙන් සැනසීම උදාවේවා"  සාමය සතුට ශාන්තිය ආශිර්...
15/05/2022

පින්බර මේ වෙසක් පුන් පොහෝ දින
තෙරුවන් සරණින් සියලු ලෝ සතුන් හට උතුම් සැනසිල්ලෙන් සැනසීම උදාවේවා" සාමය සතුට ශාන්තිය ආශිර්වාදය දර්ශනය නිර්වාණය පහලවේවා"!

May blissful happy Vesak blessings ! for universal friends "
The down pouring of Wesak blessings🙏🙏🙏
Just as treasures are uncovered from the earth, so virtue appears from good deeds, and wisdom appears from a pure and peaceful mind. To walk safely through the maze of human life, one needs the light of wisdom and the guidance of virtue. – Buddha.

वेसाक आशीर्वादों के नीचे डालना
जैसे ही पृथ्वी से खजाने उजागर होते हैं, इसलिए अच्छे कर्मों से गुण प्रकट होता है, और ज्ञान शुद्ध और शांतिपूर्ण दिमाग से प्रकट होता है। मानव जीवन की भूलभुलैया के माध्यम से सुरक्षित रूप से चलने के लिए, किसी को ज्ञान की रोशनी और पुण्य के मार्गदर्शन की आवश्यकता होती है। बुद्ध

การไหลลงของ Wesak blessings down
เช่นเดียวกับสมบัติที่ถูกค้นพบจากแผ่นดินดังนั้นคุณธรรมจึงเกิดจากการกระทำที่ดีและภูมิปัญญาจะปรากฏขึ้นจากใจที่บริสุทธิ์และสงบ การเดินอย่างปลอดภัยผ่านทางคดเคี้ยวของชีวิตมนุษย์เราต้องใช้สติปัญญาและคำแนะนำในเรื่องคุณธรรม - พระพุทธเจ้า

Das Niedergießen von Wesak Segen
So wie Schätze von der Erde freigelegt werden, so erscheint die Tugend aus guten Taten und die Weisheit erscheint aus einem reinen und friedlichen Geist. Um sicher durch das Labyrinth des menschlichen Lebens zu gehen, braucht man das Licht der Weisheit und die Führung der Tugend. - Buddha.

Излияние благословений Весак🙏🙏🙏
Как из земли открываются сокровища, так из добрых дел рождается добродетель, а из чистого и мирного ума рождается мудрость. Чтобы безопасно пройти через лабиринт человеческой жизни, нужен свет мудрости и руководство добродетели. – Будда.
das Licht der Weisheit und die Führung der Tugend. - Будда.

衛塞節祝福傾盆而下🙏🙏🙏
如同寶藏從大地中發掘出來,美德從善行中顯現,智慧從清淨安寧的心中顯現。 安然走過人生的迷宮,需要智慧之光,德之引導。 ——佛。

Address

Nugegoda

Telephone

+94741461265

Website

Alerts

Be the first to know and let us send you an email when Energy Healing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share