27/07/2025
උපුටා ගැනීමක්..සත්‍ය කතාවක්...
මේ... මෑතකදි වාර්තා වූ ප්‍රවෘත්තියක්
තනිකම එච්චරම දරුණු ද ?
ඔව් ඇත්තටම... උපදේශනය සදහා එන බොහෝ දෙනෙක් ජීවිතේ තනි උන, තනිකම නිසාම ජීවිතේ දාල යන්න උත්සාහ කරන මිනිස්සු ...ඉතිං කාටවත්ම තමන් තනිවෙලා කියන හැගීම දැනෙන්න හොද නෑ 😥
ගිට සතියෙ දවසක රෑ 12.30 ට විතර මගෙ දුරකතනය කීප සැරයක් නාද වුණා , මට හීනෙන් වගේ ඇහුනෙ, ඉවරයක් නැතුව දුරකතනය නාද වෙන නිසා මං නැගිටල කතා කලා...
එහා පැත්තෙන් ඇහුනෙ සිහින් ඉකිබිදුමක්, පොඩි ළමයෙක්..මං කතා කලත් එයා සද්ද නෑ, මං බය වුණා ..
ටිකකින් එයා කතා කලා..
" මිස් නිදා ගෙනද හිටියෙ"
"කමක් නෑ පුතේ..ඇයි මේ" කවුද කියල දන්නෙ නැති වුණාට මං ආදරෙන් ඇහුවා
"අනේ මිස් මට මැරෙන්න ඕන"
" පුතා දැන් කොහෙද ඉන්නෙ"
"ගෙදර ඉන්නෙ මිස්"
"කවුද ගෙදර දැන් ඉන්නෙ"
" මල්ලි ඉන්නව, එයා නිදි, තාත්තා නෑ, අම්ම වැඩට ගිහින්"
" ඔයා කෑවද"
"නෑ මිස්, බඩගිනි නෑ"
" පුතේ අපි දැන් නිදාගෙන උදේ කතා කරමුද, ඔයාට නින්ද යනකන් මං ඉන්නම්"
"අනේ මිස් මට පාලුයි, තනියි මිස්, මට කවුරුත් නෑ, අම්ම එක්ක කතා කරන්න වෙලාවක් නෑ, මං මේ සැරේ විභාගෙ ලියන්න ඕන, පාඩම් කලාට මතක නෑ, කන්න බෑ, මට නින්ද යන්නෙත් නෑ මිස්"
එයා තව ගොඩක් දේවල් කිව්වා , මං අඩනව කියල එයාට දැනෙන්න දුන්නෙ නෑ, මං එයාව සැනසුවා, නිදා ගත්තෙ කීයටද කියල මතක නෑ, උදේම ආයෙ කතා කලා, මං එයාව බලන්නත් ගියා පහුවදා, රෝසමලක් වගේ ලස්සන දෝණියෙක්,
බලන්න ඔයාල හැමෝම ගෙදර ඉදල උනත් ඔබේ දරුවා තනිවෙලා වෙන්න පුලුවන් සමහර වෙලාවට, පුංචි හිත්වලට ගොඩක් ලං වෙන්න, දැනෙන්න ආදරේ කරන්න ...වැඩිහිටියො කියලත් වෙනසක් නෑ, හැමෝටම ආදරේ ඕන, හැමෝම එක්ක එකට ඉන්න ඕන, අගය කිරීමක් ඕන...මේ ලෝකෙ කාටවත්ම තනි වෙන්න දෙන්න එපා...😥
- රෝෂණී