FAST - First Aid

FAST - First Aid "Learn Safety, Don't leave till you need it."

Monitoring by Professional and Independent First Aid Inspectors of FAST.UK https://firstaidservicesandtraining.com/
and Our certification system Run by a Management Advisory Panel from FAIB in U.K
http://www.faib.co.uk/registrants/

24/10/2025
🩺 TURN YOUR PASSION INTO A CAREER! 🩺Become an Official FAIB (UK) Certified Trainer 🇬🇧✨ withFAST First Aid Services & Tra...
24/10/2025

🩺 TURN YOUR PASSION INTO A CAREER! 🩺
Become an Official FAIB (UK) Certified Trainer 🇬🇧

✨ with
FAST First Aid Services & Training Institute

💰 Course Fee: LKR 15,000
🎯 Reimburse your full cost before the course ends — if you’re smart enough to train!

🚀 Fast-Track Certification
🏅 Globally Recognized Qualification
💼 Start Your Own First Aid Training Business

🔗 Register Now!
https://forms.gle/nvhwmjyR3xBgrMqs7

📞 Call / WhatsApp: 075 290 6906
📍 FAST First Aid Services & Training Institute

fans Following

19/10/2025
ChatGPT said:Starting to learn is always better than never trying. Today’s team is focused on facing challenges and buil...
14/10/2025

ChatGPT said:

Starting to learn is always better than never trying. Today’s team is focused on facing challenges and building a safer workplace.

29/09/2025
රජුගේ මාලිගාව සහ ඔටුන්න ආරක්ෂා කිරීමේ සැබෑ රහස කුමක්ද කියලා ඔබ දන්නවා ද?මේ ලිපිය හෙමින් කියවන්න. අන්න ඒ් අයට අදහස් දක්වන...
22/09/2025

රජුගේ මාලිගාව සහ ඔටුන්න ආරක්ෂා කිරීමේ සැබෑ රහස කුමක්ද කියලා ඔබ දන්නවා ද?
මේ ලිපිය හෙමින් කියවන්න. අන්න ඒ් අයට අදහස් දක්වන්න ආරාධනයයි! විවෘතයි! ඇපයි!
මින් පෙර ලිපියෙන් අපි කතා කළේ, අපට වගේම අනිත් අයටත් හානි කරන "අන්තරාය (Hazard)"කලින් හඳුනාගැනීම ගැනයි. උදාහරණයක් විදිහට අපි ගත්තේ, වියළි තණබිමකට සිගරට් කොටයක් විසි කලොත් මහා ගින්නක් ඇති විය හැකි උදාහරණයක්.
අද, අපි ඒ කතාවම තවත් ටිකක් ඉදිරියට ගෙන යමු. අපි, ඒ කියන්නේ "අන්තරාය (Hazard)" ගැන තව ටිකක් ගැඹුරින් හිතන්නේ කොහොමද කියලා බලමු. එනම්, අවදානම (Risk) හා අව‍දානම් ගණනය කිරීම (Risk Calculation) ගැන යම් ප්‍රමාණයක අදහසක් ඇති කරගමු.
අන්තරාය (Hazard) තමා අපි වියලි තෘණ යායේ ඇති වන ගින්න විදිහට හඳුනාගත්තේ හා අනාරක්ෂිත තත්වයන් හා ක්‍රියාවන් විදිහට අත් විඳින්නේත්. එහෙනම් අවදානම (Risk) කියලා කියන්නේ මොකක් ද?
සරලව කෙටියෙන් කියනවා නම්,
අන්තරාය (Hazard) = හානි කරන්න සමත් දෙය. (උදා- ගින්න, විදුලිය, තියුණු ආයුධ)
අවදානම (Risk) = ඒ හානිය සිදු වෙන්න තියෙන ඉඩකඩ (Chance) සහ එයින් වියහැකි හානියේ තියුණු බව යන සාදක දෙකම එකට ගත්තාම එන අගය.
හිතන්න... වියළි තණබිම යනු අන්තරායක්. එහෙත් ඒ් අන්තරායෙන් අන්තරාවක් (Harm) වෙන්න බලපාන සාධක තව ගොඩාක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි සාධක දෙකක් සලකමු.
තණබිමේ පිහිටීම - ඒ කියන්නේ තනබිම බොහොම හුදකලා වුන වනාන්තරයක තිබෙනවද, නැත්නම් ඔබේ ගෙයි අසලම තිබෙනවද?
සිදුවීම සිදුවන ඍතුව - ගිම්හාන කාලයේදී ද, නැත්නම් වැසි කාලයේදී ද? මේ සෑම කරුණුවලින්ම අවදානම වෙනස් වෙනවා.
අවදානම මැන බැලීම - සිදුවීමේ සම්භාවිතාව (Likelihood) හා බරපතල බව (Severity)
***අවදානම ගණනය කරන්නේ කොහොමද?
ඒ් සඳහා ප්‍රධාන සාධක දෙකක් සලකා බලනවා.
1. සිදුවීමේ සම්භාවිතාව (Likelihood) - මේ හානිය සිදු වෙන්න කොච්චර ඉඩකඩ තියෙනවද?
උදාහරණය - ඉඩෝර කාලයේ, සුලං තියන දවසක, මිනිසුන් ගමන් ගන්න පාරක අයිනේ, දැල්වෙමින් පවතින සිගරට් කොටය විසිකර දැමීමේ සම්භාවිතාව ඉහළයි. හද්ද කැලෑවක තෙත් බිමක, වැසි කාලයේ, එහෙම කිරීමේ සම්භාවිතාව හරීම අඩුයි.
2. බරපතල බව (Severity) - මේ හානිය සිදු වුණොත්, එයින් වන හානිය කොච්චර බරපතලද?
උදාහරණය - කුඩා ගස් පැළෑටි දැල්වීමෙන් සිදුවන හානිය සාපේක්ෂව බරපතල බවෙන් අඩුයි. නමුත් ගෙවල් පිටින් ගමක් මුළුමනින්ම දැවී යාම, ජීවිත නැති වීමේ හානිය, බරපතල බවෙන් ඉතා ඉහළයි.
*** අවදානම් Matrix එක (Risk Matrix)
‍අවදානම් ගණනයේදි සංඛ්‍යාත්මක අගයක් ලබා ගැනීමට භාවිතා කරන්නේ "අවදානම් matrix" එකක්. මෙහිදි සිදුවීමේ සම්භාවිතාව (Likelihood) හා බරපතල බව (Severity) යන සාධක දෙක ගුණනය කලාම, අපිට අවදානමේ මට්ටම ගණනය කරගත හැකියි.
අඩු සම්භාවිතාව x අඩු බරපතල බව = අඩු අවදානම (Green)
ඉහළ සම්භාවිතාව x අඩු බරපතල බව = මධ්‍යම අවදානම (Yellow)
ඉහළ සම්භාවිතාව x ඉහළ බරපතල බව = ඉහළ අවදානම (Red)
අපේ සිගරට් කොටයේ උදාහරණයම පමණක් නොවේ පොදුවේ පැහැදිලි කරගත්තොත් රතු පැහැයෙන් සංඛේතවත් වන්නේ ඉහළ අවදානමක් සහිත හා සිදුවීමේ සම්භාවිතාව ද ඉහළ, බරපතල සිද්ධින්ය. මේ සිදුවීම් වැළැක්වීම වෙනුවෙන් ඉහළම ප්‍රමුඛතාව දිය යුතු ය.
තමන්ට වගේම අන් අයගේත් සුරක්ෂිත බව තහවුරු කිරීම ජීවිතයේ අත් නොහල හැකි වගකීමක්
ඔබ මම, අපි හැමෝම, අපේ දරුවෙක් ව අනතුරකට ලක් වීමේ ඉහළ අවදානම ක් තියෙනවා නම්, අපි එයාව රකින්න ගන්න උත්සහය කොයි වගේ ද?
අන්න ඒ වුවමනාව මුලින්ම ඔයාට දැනෙන්න අවශ්‍යයයි. බරපතල බව ගණනය කරලා, ඉන්පසු අවදානම අඩු කිරීමට පියවර අරගෙන දරුවව අතින් අල්ලාගෙන හරි යාම, ඔහුට අනතුරු ගැන උගන්වා දීම, වගේ විවිධාකාර දේ ඔයා කරයි. ඒකම තමා ආරක්ෂාව සඳහා හැම ක්ෂේත්රයකදීම අප කළ යුතු දේ.
අන්තරාය හඳුනා ගන්න
අවදානම ගණනය කරන්න – එය සිදු වීමට ඉඩක් කොච්චරද? සිදු වුණොත් හානිය කොච්චරද?
ඉහළ අවදානම (රතු පැහැය) සෑම විටම අඩු කරන්න.
එක් සිගරට් කොටයක් නිසා ගමක් දැවිලා යන්න, ජීවිත ගණනක් අහිමි වෙන්න සිදුවීම් සිදුවන්නේ අපගේ සුළු ප්‍රමාදයකිිින් වෙන්න පුළුවන්.
රජුගේ මාලිගාව සහ ඔටුන්න ආරක්ෂා කිරීමේ සැබෑ රහස කුමක්ද?. What is the king’s true secret to protecting his castle and crown? Knowing the hazards and risks in advance.” අවදානම් සහ අනතුරු කල්තියා දැන ගැනීම.
මාගේ මිත්‍රවරුනි!
ආරක්ෂාව කියන්නේ නීතියෙන්වත් ප්‍රතිපත්ති වලින් වත් ආරක්ෂා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආරක්ෂාව කියන්නේ මනුස්සකමටමයි. මනුෂ්‍යත්වයට ගරු කිරීමයි. සුරක්ෂිත සංස්කෘතියක් උදෙසා අපි එක් වෙමු, අවදි වෙමු,
සුභ උදෑසනක්!

19/09/2025
👏 A big shoutout to our Emergency First Responder Team!Unlike compliance-only training, this dedicated team goes the ext...
14/09/2025

👏 A big shoutout to our Emergency First Responder Team!
Unlike compliance-only training, this dedicated team goes the extra mile — enhancing knowledge, sharpening skills, and boosting preparedness to protect staff in any emergency situation. 💪🚑🔥

Well done team! 🌟 Keep leading the way with your best practices and commitment to safety. 🙌

සුභ උදෑසනක්!මේ ලිපිය සමහරවිට ඔබ කියවන්නේ හැන්දෑවක එහෙම නැත්නම් රාත්‍රියක වෙන්න පුළුවන්. ඒත් පොදුවේ සුභ උදෑසනක් කියලා කිව...
12/09/2025

සුභ උදෑසනක්!
මේ ලිපිය සමහරවිට ඔබ කියවන්නේ හැන්දෑවක එහෙම නැත්නම් රාත්‍රියක වෙන්න පුළුවන්. ඒත් පොදුවේ සුභ උදෑසනක් කියලා කිව්වේ කියවපු දේවල් ඇතුලේ අවබෝධය උදා වේවා කියල ප්‍රාර්ථනාවෙන්. සැබැවින්ම එය එසේම වේවා!
බර වචන, සාර නිය්‍යායන් එක්ක වෘත්තිය සෞඛ්‍යා ආරක්ෂණ (Occupational Health & Safety) විෂය පිළිබඳව ගැඹුරින් කතා කරනවාට වඩා අනාරක්ෂිත බව උඩු ගියපු සමාජයක ආරක්ෂාව තහවුරු කරන්න දැනුම බෙදන්න කැමති ඔයාට අනිත් අයත් එක්ක Share කරන්න පුළුවන් ලිපි පෙළක් ඔයාට ලං කරන එකයි බලාපොරොත්තුව.
ඇත්තටම මේක ලියන්නේ අපි අවට සිදුවන සිද්ධි දැකලා හෝ අඩුම තරමින් අහලා හරි අත් වින්දහම ඒ ගැන අනේ අපොයි! කියලා හිත හෝස් ගාලා ඇවිලෙන, ජීවිත බලාපොරොත්තු ගැන වටිනාකම් තියෙන, තමන් එනකම් ගෙදර උන් බලාගෙන ඉන්නවා කියල සිතුවිලි පුරවගත්තු, ඔයා වගේ අයටයි.
කෙටියෙන්ම මේ කියන්න උත්සාහ කරන්නේ ඔබටත් අනිත් අයටත් හානියක් වෙන්ඩ ඉඩකඩ තියෙන, අනාරක්ෂිත අන්තරාවන් කලින් හඳුනාගන්න කියන පණිවිඩය ඔබේ හිත තුළින් ඔබටම සනාථ කරවන්න.
ඇත්තටම අන්තරාවක් කියලා කියන්නෙ මොකක්ද?
පලුදු වුණු විදුලි වයරයක්, රසායණික ද්‍රව්‍ය ඇති බූලියක්, තෙත පොලවක්, විතරක් නෙමෙයි අන්තරාවක් කියලා කියන්නේ. බොහොම නිස්කලංක, කිසිවක් නැති හිස් තැනකින් පවා එක් මොහොතකින් ඔබේ සෞඛ්‍ය, ඔබේ දේපළ, සමහර විට මුළු ජීවිතයම උදුරා ගන්නා අවස්ථාවන් වලට ඉඩකඩ තියෙනවා.
ඒක අපි මෙහෙම තේරුම් ගමුු.....
හිතන්නල... අන්තරාවක් කියන්නේ වියළිම වියළි තණ බිමක ඇතිවෙන කුඩා ගිනි පිළිගුවක් කියලා. බීලා අහවර කරපු සිගරට් කොටයක් මේ වියලි බිමට විසි කලෝත් මහා අන්තරාවක් සිද්ධ වෙන්න පුළුවන්. ඔබ මේ අන්තරාව හා ඒහි අවධානම කලින් දැක්ක නම්, ඊටම සුදුසු සුරක්ෂිත පියවර කලින්ම ගත්තනම්, ඔබට පුළුවන් වෙනවා මහා ගින්නක් වළක්වා ගන්න. එකට ඔළුව හැදිලා තිබුණෙ නැත්තං, එහෙම නැත්නම් එහෙම ගැටලුවක් අවධානයට ආවේ නැත්තම්, ගණන් ගත්තේ නැත්තං, අර කුඩා පුලිඟුවට පුළුවන් මහා තණ බිමක් පුළුස්සලා දමන්න.
ඇයි අපි ආරක්ෂාව ගැන මේ තරම් සැලකිලිමත් වෙන්න ඕනෙ?
අපි හැමෝටම ඉන්නවා අපිට ආදරේ කරන වගේම අපිත් ආදරේ කරන අන් අය.
වැඩ ඇරිලා ගෙදරට එන අම්මා තාත්තා වෙනුවෙන් දරුවෝ බලාගෙන ඉන්නවා.
අන්තරාවක් නැතුව ගෙදරට එන දරුවගේ මූණ බලාගන්නකම් ඉවසිල්ලක් නැති අම්මලා තාත්තලා ඉන්නවා.
සිය සැමියා සිය බිරිඳ ගෙදරට එනකම් බලාගෙන ඉන්න අඹු සැමියෝ ඉන්නවා.
අපි ඇත්තටම අන්තරාව නොසලකනවානම් නොසැලකුවේ අන්තරාව ගැන නෙමෙයි, ආදරය කරන ඔයා එනකම් බලන් ඉන්න අය ගැනයි අපි නොසැලකිලිමත් උනේ.
ඇත්තටම අවසානයේ විඳවන්නේ ඔයා විතරක් නෙමෙයි පවුලේ හැමෝමයි, සියලූම සමාජයයි! පෞද්ගලිකවම ඔබ කිසිදු දිනක අන්අතරාවක වග උත්රාතරකාරයෙක් වීමෙන් වැළක්ළවෙන්න සැළකිළිමත් වන්න. ඔබට පෞද්ගලිකව තිබුණු කලබලය. හදීසිය, පරක්කුව, job targets, වැටුප්,... මේ කිසිම දෙයක් එදාට ඔබේ පවුලේ කඳුළුවලට හිලව් කරන්න බැරිවෙනවා. ආරක්ෂාව ගැන සදාචාරාත්මක වගකීමක් අපි හැමෝටම තියෙනවා.
ආර්ථික කෝණයෙන් අනතුරු ගැන සැලකුවහොත් අනතුරු අපිට පාඩු කරන්නේ වේදනාවෙනුත්, ජීවිතෙනුත් විතරක් නෙමෙයි. ඒ සඳහා ආර්ථික වැයකුත් තියෙනවා ඒ වැය ඔබට, ඔබගේ පවුලට, ආයතනයට වගේම අවසානයේ මුළු රටටම බලපාන වැය බරක්.
රෝහල් වියදම්, පාඩුවන මිනිස් පැය ගණන්, හනි වුන ද්‍රව්‍ය, කැඩුන යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැගිලි, වන්දි, මේ හැම දෙයක්ම සලකුහොත් සිදුවන එක අනතුරකට පුළුවන් වසර ගණනක් කළ ඉතුරුම් විනාශ කරලා දමන්න, හැබැයි ඔබ කලින් හදුනාගන්නා හැම හානි කාරකයක්ම හැමටම ආර්ථික වාසියක්, රැකියා සුරක්ෂිත භාවයක්, හා අනාගත ආරක්ෂාවක්.
ඒ නිසාමයි නීතිය අපිට බල කරන්නේ ආරක්‍ෂාව තහවුරු කරන්න. හැබැයි නීතිය තියෙන්නේ හා ඉන් බලාපොරොත්තු වෙන්නෙ දඬුවම් කිරවීම හෝ කිරීම නෙමෙයි. නීතිය ක්‍රියාත්මක කිරීම යනු සුරක්ෂිත භාවය තහවුරු කිරීමක්. නීතියෙන් දැක්වෙන්නේ “හැම වැඩ කරන අයෙකුටම ගෞරවය හා ආරක්ෂාව ලැබීම යුතුකමක් වගේම වගකීමක්” කියලයි.
එනිසාම අනතුරු කලින් හඳුනාගන්නවා කියලා කියන්නේ ඔබ නීතිය රකිනවා කියන අර්ථයෙන් සැළකූ විට “සියළු දෙනාටම සුරක්ෂිතව වැඩ කරන අයිතිය ආරක්ෂා කරනවා” කියන එකයි
සුරක්ෂිතතාව ප්‍රමුඛ සමාජයක් උදෙසා අපිට මොනවද කරන්න පුළුවන් ?
ඔබ අනාරශිත දේ පිළිබඳ සැලකිලිමත්ව අවදියෙන් සිටින්න.
අණාරක්ෂිත බව ගැන කතා කරන්න, අන් අයව දැනුවත් කරන්න, නිහඬව නොසිටින්න.
ඔබ අනාරක්ෂිත හැමවිටම සුදුසු පියවර මගින් ආරක්ෂාව තහවුරු කරගන්න PPE පළඳින්න ( අපි PPE ගැන වෙනමම වෙනත් ලිපියකින් කථා කරමු)
මේ සමාජයේ අපෙන් විය යුතු වගකීම අවබෝධ කරගනිමින්, ඔබට හානි නොවුනත් අන් අයට හානි විය හැකි අවස්ථාවලදීත් ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වන්න. “ආරක්‍ෂාව පෞද්ගලික දෙයක් නෙවෙයි. ඒක පොදු වටිනාකමක්”
එනිසාම අනාරක්ෂිත දේ ගැන ඔබ සමාජයේ දුටුවොත් ඒ පිළිබඳව මේ ලිපියේ කමෙන්ට් කරන්න. අපි කරන්න පුළුවන් සියල්ල කරමු.
මිත්‍රවරුනි!
අපිට මේ පිටත අනිත් අයගෙන් සිදුවන දේවල් වලදී කරන්න පුළුවන් බලපෑමට වඩා අපෙන් මුළු මහත් සමාජයටම අනාරක්ෂිතතාව සඳහා වෙන දේවල් වලට බොහෝ බලපෑම් කරන්න පුළුවන්. අපි ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිමු. ඒ අපේ වැඩබිම, මහාමාර්ගය, අපේ නිවස, වගේ ඕනෑම තැනක් වෙන්න පුළුවන්. අන්තරාව කලින් හඳුනාගන්න අවශ්‍ය වන ඉව, ඥානය අපි, අපි තුල වඩා වැඩිදියුණු කරගමු. අද ඔබ කලේ අනතුරක් කලින් හඳුනාගත්තා, වාර්තා කළා, නිවැරදි කළා,... එච්චරයි. හැබැයි මේ පියවර කුඩා දෙයක් කියල ඔයාට හිතෙන්නත් පුළුවන්. නමුත් ඒ් අනාරක්ෂිත පරිසරයේ අනතුරක් සිදු වුනානම් කෙනෙකුගේ ඇස් දෙකක්, අතක් පයක් වගේ ශරීර කොටස් හානියක් විතරක් නෙමේ සමහරවිට මුළු ජීවිතයම අහිමිවෙන්නත් ඉඩ තිබුනා. ඒ සිදුවුන පාඩුවට දැන් ඔයාට මොනවද කරන්න පුළුවන්? ආයේ නිවැරදි කරගන්න පුළුවන් ද? මුලින්ම කරපු සුළු ක්‍රියාව ජීවිත ගොඩකගේ සෝ සුසුම් වැළැක්වූවා. සෝචනීය ජීවිත වෙනසක මාර්ගය වැළැක්වා.
ඒ නිසා අපි අපිටම පොරොන්දුවක් වෙමු...
අපි අනතුරු දුටුවිට ඉවත නොබලන බව
අපි නිහඬව නොසිටින බව
අපි ගැන වගේම අනෙකා ගැන හිතන බව
මාගේ මිත්‍රවරුනි!
ආරක්ෂාව කියන්නේ නීතියෙන්වත් ප්‍රතිපත්ති වලින් වත් ආරක්ෂා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආරක්ෂාව කියන්නේ මනුස්සකමටමයි. මනුෂ්‍යත්වයට ගරු කිරීමයි. සුරක්ෂිත සංස්කෘතියක් උදෙසා අපි එක් වෙමු, අවදි වෙමු,
සුභ උදෑසනක්!

Address

Old Kottawa Road
Nugegoda
10250

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94752906906

Alerts

Be the first to know and let us send you an email when FAST - First Aid posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to FAST - First Aid:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram