Dr. Kumari Kumarasekara

Dr. Kumari Kumarasekara Former Director Of Bandaranaike Memorial Ayurvedic Research Institute Sri Lanka. Former Director of National Ayurveda Teaching Hospital .

Former Director of Provincial Ayurveda Hospital at North Central Province. Doctor / Artist/ Poet/ Lyrics writer

"අරමුණකට කැපවීම" සහ "ලද දෙයින් සතුටුවීම" යන අවස්ථා දෙක ගලපා ගන්නේ කෙසේද ?ජීවිතයේ දියුණුව අපේක්ෂා කරන ඕනෑම අයෙකුට ඇතිවන ප...
19/02/2026

"අරමුණකට කැපවීම" සහ "ලද දෙයින් සතුටුවීම" යන අවස්ථා දෙක ගලපා ගන්නේ කෙසේද ?

ජීවිතයේ දියුණුව අපේක්ෂා කරන ඕනෑම අයෙකුට ඇතිවන ප්‍රධාන ගැටලුවක් වන්නේ,
"වැඩි යමක් ලබාගැනීමට වෙහෙසෙන අතරතුර දැනට තිබෙන දෙයින් සතුටු වන්නේ කෙසේද?" යන්නයි.

බැලූ බැල්මට මෙය පරස්පර විරෝධී බවක් පෙනුනත්, සැබෑ සාර්ථකත්වය රැඳී ඇත්තේ මේ දෙක අතර පවතින සියුම් සමබරතාවය මතයි.

1. ප්‍රතිඵලයට නොව ක්‍රියාවලියට ඇලුම් කරන්න (Focus on the Process, Not Just the Result)

අරමුණක් වෙනුවෙන් කැපවීමේදී බොහෝ දෙනෙක් පීඩාවට පත්වන්නේ අවසාන ප්‍රතිඵලය ගැන පමණක් සිතීමෙනුයි.

කැපවීම:
ඔබේ ඉලක්කය කරා යාමට අවශ්‍ය උපරිම ශක්තිය යොදවන්න.

සතුට:
එම ඉලක්කය කරා යන ගමනේදී ඔබ ලබන කුඩා ජයග්‍රහණ, අත්දැකීම් සහ ඉගෙන ගන්නා දේවල් ගැන සතුටු වන්න. ප්‍රතිඵලය කුමක් වුවත්, ඔබ උත්සාහ කළ බව ගැන ආඩම්බර වන්න.

2. 'ලද දෙයින් සතුටුවීම' යනු 'වැඩ නැවැත්වීම' නොවේ.
බොහෝ දෙනෙක් සතුටු වීම යන්න කම්මැලිකම සමඟ පටලවා ගනී.

සතුටු වීම (Contentment) යනු ඔබ සතු සම්පත් සහ වර්තමාන තත්ත්වය අගය කිරීමයි.

එයින් අදහස් වන්නේ ඔබ එතැනම නැවතිය යුතු බව නොවේ.

"මා සතුව ඇති දෙයින් මම සතුටු වෙමි, නමුත් මගේ හැකියාවන් තවදුරටත් වර්ධනය කර ගැනීමට මම කැපවෙමි" යන මානසිකත්වය ඇති කරගන්න.

3. කෘතඥතාව පුරුදු කරන්න (Practice Gratitude)

අරමුණක් වෙනුවෙන් දුවන අතරතුර අපට බොහෝ විට අමතක වන්නේ දැනට අප ලබා ඇති දේවල් දෙස බැලීමටයි.

දිනපතා ඔබ ලැබූ කුඩා හෝ ජයග්‍රහණයක් වෙනුවෙන් ස්තූතිවන්ත වන්න.මෙය ඔබට මානසික සහනයක් ලබා දෙන අතර, ඉලක්කය කරා යාමට අවශ්‍ය ධනාත්මක ශක්තිය සපයයි.

4. සසඳා බැලීම නතර කරන්න (Avoid Unhealthy Comparisons)

අපේ අරමුණු සහ සතුට විනාශ කරන ප්‍රධානතම සාධකය වන්නේ අන් අය සමඟ සසඳා බැලීමයි.තවත් කෙනෙකුට ඇති දෙය දෙස බලා දුක් වීම වෙනුවට, ඔබේ පෙර දිනට වඩා අද ඔබ දියුණු වී ඇති ආකාරය ගැන අවධානය යොමු කරන්න.සැබෑ තෘප්තිය ලැබෙන්නේ තමන් සමඟම කරන තරඟයෙනි.

5. විරාමයක ඇති වැදගත්කම (The Power of Pausing)

අධික ලෙස ඉලක්ක පසුපස හඹා යාම නිසා මානසිකව සහ කායිකව ඔබ විඩාවට පත්විය හැකියි.ඉඳහිට නතර වී, ගැඹුරු හුස්මක් ගෙන, ඔබ පැමිණි ගමන් මග දෙස හැරී බලන්න.එම විරාමය ඔබට නැවතත් ජවයකින් යුතුව කැපවීමට ශක්තිය ලබා දෙනු ඇත.

******

අරමුණකට කැපවීම යනු "අනාගතය" වෙනුවෙන් කරන ආයෝජනයකි. ලද දෙයින් සතුටුවීම යනු "වර්තමානය" ජීවත් කරවීමයි. මේ දෙකම එකවර කළ හැක්කේ, ඔබ කරන කාර්යය ඔබේ ආශාව (Passion) බවට පත් කර ගැනීමෙනි. එවිට වෙහෙසීම පවා ඔබට සතුටක් ගෙන දෙනු ඇත.

මතක තබාගන්න:
"සතුට යනු ගමනාන්තයක් නොව, ගමන් කරන ආකාරයකි."

වෛද්‍ය කුමාරි කුමාරසේකර

සෘණාත්මක සිතුවිලි පාලනය කරගන්නේ කෙසේද? (1)අපි පෙර ලිපියෙන් කතා කළේ සෘණාත්මක සිතුවිලි සහ එයින් ඇතිවන  වෛද්‍යමය ගැටළු පිළි...
23/01/2026

සෘණාත්මක සිතුවිලි පාලනය කරගන්නේ කෙසේද? (1)

අපි පෙර ලිපියෙන් කතා කළේ සෘණාත්මක සිතුවිලි සහ එයින් ඇතිවන වෛද්‍යමය ගැටළු පිළිබඳව . අද අපි බලමු මේ තත්වය වළක්වාගන්නේ කෙසේද යන්න.
ඒ සඳහා ක්‍රම කිහිපයක් අනුගමනය කළ හැකියි.

1. සෘණාත්මක සිතුවිලි හඳුනාගෙන ඒවාට අභියෝග කිරීම (Catch & Challenge Negative Thoughts):

අපි බොහෝ දෙනෙක් කරන්නෙ තමන් ගැනම සෘණාත්මක සිතුවිලි ඇතිකරගැනීම. එහෙම නැති නම් සමාජය තුල තමන්ගේ ආකල්ප වලට එකඟ නැති සෑම පුද්ගලයෙක් දිහාම අප්‍රසාදයෙන් බලමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව සෘණාත්මක සිතුවිළි ඇතිකරගැනීම . එය තව දුරටත් ඉදිරියට ගොස් සමාජයට වෛරී ද්වේශ සහගත සිතුවිළි මුදාහැරීම/ ආවේගශීලී කායික ප්‍රතිචාර දැක්වීම හෝ සමාජයෙන් අනවශ්‍ය තරම් හුදකලාවීම යන තත්වයන්ට පත්වෙන්න පුළුවන් . සමාජයට අයහපත් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් සමාජයෙන් පෙරලා ප්‍රතිප්‍රහාර එල්ලවීම නිසා තව තවත් පීඩාවට පත්වීමටත් හැකියි.
ඒ නිසා මෙය දිගින් දිගටම සිදුවීම තමන්ටම මුහුණ දීමට සිදුවන ඉතාම අහිතකර තත්වයක්.

එබැවින් මෙවැනි සිතුවිල්ලක් හෝ සිතුවිළි පහළවන විටම අපි මුලින්ම කළයුත්තේ ඒ සිතුවිල්ල පිළිබඳව තමාගෙන්ම ප්‍රශ්ණ කර බැලීමයි.

අපි බොහෝවිට යම් පුද්ගලයෙකු හෝ යම් ක්‍රියාකාරකමක් දෙස බලන්නෙ තමන්ගෙම කෝණයෙන් පමණයි. මෙතනදී මුලින්ම නිදහස්වෙන්න ඕනෙ තමන්ගෙ කෝණයෙන් පමණක් බැලීම කියන කාරණයෙන්. යමක් දිහා සමබරව තර්කානුකූලව බැලීමේ පුරුද්ද ඇතිකරගන්න පුළුවන් නම් මේ ප්‍රශ්ණය ගොඩක් දුරට විසඳෙනවා.

අදාළ පුද්ගලයාගේ කෝණයෙන්,එහෙම නැති මැදිහත් සිතින් යම් දෙයක් දිහා බලන්න පුළුවන් නම් ඒ පුද්ගලයා හෝ ක්‍රියාකාරකම අපට වෙනස් ආකාරයකට පේන්න ගන්නවා.

එවිට ඔබ ඒ පිළිබඳව සිතූ ආකාරය නිවැරදි දැයි ඔබෙන්ම ප්‍රශ්ණ කරගත හැකියි.

පළමු කී සිතුවිල්ල සනාථ කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඇති සාක්ෂි මොනවාද යන්න තර්ක කර බැලීමට පුළුවන් .

මෙසේ සිදුකරන විට අපට අපේ මුල් සිතුවිල්ලේ ඇති අඩුපාඩු පෙනීමට පටන්ගන්නවා පමණක් නොවෙයි මධ්‍යස්ථ ආකාරයට පුද්ගලයින් හෝ ක්‍රියාකාරකම් දිහා බලන්නටත් හැකිවෙනවා.

එය මනසට සැනසීමක්.. ඔබට සැනසීමක්. තව දුරටත් සමාජය හෝ පුද්ගලයින් වරදකරුවන්, ද්වේශ කළයුතු පුද්ගලයින් ලෙස පෙනෙන්නෙ නෑ. ඔවුන් පිළිබඳව අනුකම්පාවක් මිසක් ක්‍රෝධයක් වෛරයක් ඇතිවෙන්නෙත් නෑ. ලෝකයේ සුන්දරත්වය විවිධත්වය වෙනදාට වඩා ලස්සනට පෙනෙන්න පටන් ගන්නවා.

ඒ වගේමයි තමන් පිළිබඳව ඇතිවන සෘණාත්මක සිතුවිල්ල මැඩපවත්වාගැනීම.

අපි කුඩාකාලයේ නිතර ගායනා කළ ගීතයක් තිබුණා. මම එහි කොටසක් මෙහි සඳහන් කරන්නම්

"When upon life's billows you are tempest tossed....
When you are discouraged, thinking all is lost...
Count your many blessings, name them one by one...
And it will surprise you what the Lord hath done....

Count your blessings, name them one by one....
Count your blessings, see what God hath done...."
මෙහි සිංහල තේරුමත් මම සඳහන් කරන්නම්:

"ජීවන මහා සයුරේ රළ පහරින් ඔබ පීඩා විඳින කල,සියල්ල අහිමි යැයි සිතා ඔබ අධෛර්යයට පත් වූ කල,ඔබ ලැබූ සියලු ආශිර්වාදයන් එකින් එක ගණන් කර බලන්න,දෙවිඳුන් ඔබ වෙනුවෙන් කළ දේ දැක ඔබ මවිතයට පත් වනු ඇත.

ඔබේ ආශිර්වාද ගණන් කරන්න, ඒවා එකින් එක නම් කරන්න;ඔබේ ආශිර්වාද ගණන් කර, දෙවිඳුන් කළ දේ දෙස බලන්න."

බලන්න මෙය මොනතරම් අරුත්බර ගීතයක්ද කියා..අපි හැමවිටම තැවෙන්නෙ අපට නැති දේ ගැන... ඇයි අපට තිබෙන දේ ගැන සතුටු නොවෙන්නෙ..හිතන්න මේ ලිපිය කියවන්න ඔබට දෑසක් තිබීම ගැන..ලෝකය දකින්න ඔබට දෑසක් තිබීම ගැන. තමන් අවට සෑම දෙයක් ගැනම සිතන්න පුළුවන් මනසක් තිබීම ගැන, අත පය සහිත අංග සම්පූර්ණ මිනිස් ශරීරයක් ලැබීම ගැන,තිරිසන් ආත්මයක් නොලබා මනුෂ්‍ය ආත්මයක් ලැබීම ගැන.. ..ඉතින් තවත් මොනවද..

තමන්ට මේ ලැබුණු දේවල් ගැන සතුටුවෙනකොට ඉබේම අර අහිතකර සිතුවිළි ඉවත්වෙන්න පටන් ගන්නවා. තමන් ආශිර්වාදාත්මක කෙනෙකු බවට දැනෙනවා..තමන්ගේම අභ්‍යන්තරය ගැන විමසමින් තමන්ට පුළුවන් දේවල් ගැන හිතෙන්න පටන් ගන්නවා. ලෝකයේ සර්ව සම්පූර්ණ මිනිස්සු කොහේවත් නෑ. හැම කෙනෙකුටම යම් සුන්දරත්වයක්, යම් හැකියාවක් තිබෙනවා. ඒක තමන් උත්සාහයෙන් හඳුනාගතයුතු දෙයක්.. ඒක හඳුනාගත් මිනිස්සු තමයි ජීවිතේ සාර්ථක කරගෙන ඉදිරියට යන්නෙ.

ඉතින් ඔබට ඇතිවුණු සෘණාත්මක සිතුවිල්ල ප්‍රතිනිර්මාණය කරගන්න (Reframe) .එම සිතුවිල්ල වඩාත් සමබර, ධනාත්මක හෝ යථාර්ථවාදී සිතුවිල්ලකින් ආදේශ කරන්න (උදා: "මම අසමත් වෙයි" යන්න වෙනුවට "මම මේ සඳහා සූදානම්" ලෙස සිතන්න).

එවිට ඔබටම වැටහේවි ඔබ ඔබදෙස බලන ආකාරය සහ ඔබ ලෝකය දෙස බලන ආකාරය මොන තරම් වෙනස්ද යන්නත්, ඔබ මෙතෙක් සිරවී සිටි උගුලෙන් එළියට ආව බවත්..

ඉතින් ලිපිය දීර්ඝ වැඩි නිසා ඊළඟ කරුණු අපි තවත් ලිපියකින් සාකච්ඡා කරමු.

© වෛද්‍ය කුමාරි කුමාරසේකර

මේ තියෙන්නෙ  මීට අවුරුදු 36කට කලින් ගත් ඡායාරූප දෙකක්. චීනයේ නැංජින් නගරයේ චීන දේශීය වෛද්‍ය ක්‍රම (TCM) පිළිබඳව ජාත්‍යන්...
20/01/2026

මේ තියෙන්නෙ මීට අවුරුදු 36කට කලින් ගත් ඡායාරූප දෙකක්. චීනයේ නැංජින් නගරයේ චීන දේශීය වෛද්‍ය ක්‍රම (TCM) පිළිබඳව ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබන කාලයේදී ....

මේ ලස්සන උද්‍යානය පිහිටා තිබුණේ අපේ ශිෂ්‍ය නේවාසිකාගාරය අසලමයි. මාස කිහිපයක්ම හිම සහිත අඳුරු කාලයක් ගත කරල හොඳින් හිරු එළිය වැටෙන්න පටන්ගත්ත අප්‍රේල් මාසයේ මෙවැනි උද්‍යාන හරිම ලස්සනට පෙනෙන්න පටන් ගන්නවා. ඇඟ පුරා දවටාගෙන හිටිය උණුසුම් කබා අයින් කරලා අපට හුරු පුරුදු වර්ණවත් සාරියක් දවටාගෙන මෙවැනි උද්‍යානයක පින්තූර ගන්නකොට දැනෙන්නෙ වෙනම feeling එකක්..

චීන උද්‍යාන තුල තිබෙන අපූරු කලාත්මක බව, එහි ගෘහ නිර්මාණ ශිල්පය වගේම හරිම අගෙයි. හැමතැනම ගිම්හාන මණ්ඩප, ආරුක්කු පාලම්, කැටයම් මූර්ති, අපූරුවට නඩත්තු කළ උද්‍යාන සහ පොකුණු. මෙවැනි උද්‍යාන විශාල ප්‍රමාණයක් රටේ හැමතැනම තියෙනවා.

අපි හිටියේ චීන මහජන සමූහාණ්ඩුව සංවෘත ආර්ථිකයක් සහිත සමාජවාදයෙන් විවෘත ආර්ථිකයට යොමුවූ මුල් යුගයේ. අද වනවිට චීනය අත්පත්කරගෙන තිබෙන දේශපාලන , ආර්ථික , සමාජ සංස්කෘතික සහ තාක්ෂණික ජයග්‍රහණ විස්මිතයි. ලෝක බලවතෙක් බවට පත්වූ චීනය එයට පයගහපු ආකාරය දැක්ක මුල්ම විදේශිකයොත් අපිම වෙන්න ඇති.
කොහොම නමුත් ඒ යුගය හරිම සුන්දරයි .

අපි හැමවිටම  ධනාත්මක චින්තනය හෙවත් positive thinking ගැන කතා කරනවා. ඒ ගැන උනන්දු වෙනවා. ඒත් ඇයි අපි negative thinking හෙ...
19/01/2026

අපි හැමවිටම ධනාත්මක චින්තනය හෙවත් positive thinking ගැන කතා කරනවා. ඒ ගැන උනන්දු වෙනවා. ඒත් ඇයි අපි negative thinking හෙවත් සෘණාත්මක චින්තනය ගැන කතා නොකරන්නෙ..???

ඉතින් අද අපි කතා කරන්නෙ සමාජය තුල බෙහෙවින්ම දක්නට ලැබෙන එම ගැටළුව පිළිබඳවයි.

මේ තත්වය කෙනෙකු තුල පවතිනවිට එය ඒ පුද්ගලයාට පමණක් නොවෙයි ඔහු හෝ ඇයගේ පවුලේ අයට, රාජකාරි ස්ථානයට මෙන්ම සමාජයටම බලපාන කරුණක් බවට පත්වෙනවා.

බොහෝවිට මෙය බරපතල වෛද්‍ය ගැටළුවක් බවටද පත්වෙන බැවින් අද අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු.

සෘණාත්මක චින්තනය හෙවත් negative thinking කියන්නෙ අපි නොදැනුවත්වම අපේ ජීවිතයට නොසිතන තරම් බරපතල අවදානමක් ඇතිකරන තත්වයක්.

මොකද්ද මේ "සෘණාත්මක චින්තනය" කියන්නෙ.

කෙටියෙන් කීවොත් මේකට සරලව කියන්නෙ "හැම දෙයක් දෙසම අසුබවාදීව බැලීම " කියල. අපි යම් පුද්ගලයෙක්, පිරිසක්, සමාජයක් හෝ එයට අදාළ යම් ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් පිළිබඳව ඇතිකරගන්නා අකමැත්ත, භය , විරෝධය, පිලිකුළ වගේ හැඟීමක් . මෙය සමහර අවස්ථා වල තමන් පිළිබඳවමත් ඇතිවෙනවා. "මට කිසි දෙයක් බෑ, මම ලස්සන නෑ, මම වැඩකට නැති කෙනෙක්" වගේ හැඟීම් ඇතිවෙන්නත් පුළුවන් . එයට පුද්ගලයින් පිළිබඳව පමණක් නොවේ ඕනෑම කාරණයක් පිළිබඳව අසුබවාදීව සිතීමත්, කිසිම දෙයක හොඳක් දකින කෙනෙක් නොවීමත් කියන කාරණාත් අයිති වෙනවා.

පෞද්ගලික වශයෙන් වේවා, සමාජීය වශයෙන් වේවා මෙම තත්වය ඔබ නොදැනුවත්වම ඔබව පීඩනයට පත්කරන,ඒ වගේම ඔබේ අනාගතයට අහිතකර ප්‍රතිඵල ලබාදෙන ඉතාම බරපතල කරුණක්. මෙය හුදෙක් සිතුවිල්ලකට පමණක් ල‍ඝු කළ නොහැක්කේ එහි පවතින අවදානම් සහගත සෞඛ්‍ය ගැටළු හේතුවෙන්.
මොනවද මේ සෞඛ්‍ය ගැටළු...??

ඍණාත්මක චින්තනය සහ එහි බලපෑම (Negative Thinking and it's adverse effects)

කෙනෙකු තුල ඍණාත්මක සිතුවිල්ලක් හටගත් විගස ඒ පුද්ගලයාගේ ශරීරය තුළ එයට විරුද්ධව "සටන් කිරීම හෝ පලායාම" (fight-or-flight) වැනි ආතතිමය ප්‍රතිචාරයක් ඇති කරන්න පටන් ගන්නවා..එතනින් තමයි මේ අවදානම් ක්‍රියාවලිය ආරම්භ වෙන්නෙ.

මෙහිදී මොළය මගින් කෝටිසෝල් (cortisol) සහ ඇඩ්‍රිනලින් (adrenaline) වැනි රසායනික ද්‍රව්‍ය මුදාහරින්න පටන්ගන්නවා, දිගින් දිගටම අපි මෙම සිතුවිල්ලේ එල්බගෙන සිටියවිට එය දිගුකාලීන හැඟිමක් බවට පත්වෙන්න ට හැකියි. කාලයත් සමඟ මේවා කෙනෙකුගේ කායික සෞඛ්‍යයට හානි කිරීමටත්, බුද්ධිමය ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමටත්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කිරීමටත් හේතු වෙනවා.

මෙම නිදන්ගත රසායනික තත්ත්වය නිසා මොළය ඍණාත්මක දේට වඩාත් නැඹුරු වන පරිදි හැඩගැසෙන අතර, එය කාංසාව (anxiety), විශාදය (depression) සහ හෘද වාහිනී ආබාධ ඇතිවීමේ අවදානම වැඩි කරන අඛණ්ඩ චක්‍රයක් බවට පත් වෙන්නට හැකියි

සෘණාත්මක චින්තනයේ රසායනික හා කායික බලපෑම් (Chemical and Physiological Effects):

1) ආතති හෝමෝන අධික වීම:

ඍණාත්මක සහ නැවත නැවතත් සිතන සිතුවිලි නිසා කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් මට්ටම තව තවත් ඉහළ යන්නට පටන්ගන්නවා. මේවා තාවකාලික අනතුරකදී ප්‍රයෝජනවත් වුවද, දිගින් දිගටම පැවතීම නිසා අධික තෙහෙට්ටුව, කේන්ති යාම සහ කාංසාව ඇති වෙන්න පුළුවන් .

2) ස්නායු සම්ප්‍රේෂක ක්ෂය වීම:

නිදන්ගත ඍණාත්මක බව නිසා සතුට ඇති කරන හෝමෝනයක් වන සෙරොටොනින් (serotonin) අඩුවිය හැකි අතර, එය විශාදය ඇති වීමට සහ කෙනෙකුගේ සමස්ත යහපැවැත්ම පිරිහීමට දායක වෙනවා..

3) ප්‍රදාහය (Inflammation):

නිරන්තර ඍණාත්මක චින්තනය නිසා ඇතිවන නිදන්ගත ආතතිය හේතුවෙන් මොළය තුළ ප්‍රදාහයක් (ඉදිමීමක් වැනි තත්ත්වයක්) ඇති වෙන්න පුළුවන් .

4) මොළයේ ව්‍යුහය වෙනස් වීම:

අධික කෝටිසෝල් මට්ටම නිසා මතකය තබා ගන්නා 'හිපොකැම්පස්' (hippocampus) හි ස්නායු සෛල විනාශ විය හැකි අතර තීරණ ගැනීම සහ හැඟීම් පාලනය කරන 'ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස්' (prefrontal cortex) කොටස හැකිලීමට ලක්වීම තවත් භයානක තත්වයක්.

5) ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වීම:

ඍණාත්මක සිතුවිළි නිසා ශරීරය නිරන්තරයෙන් අවදියෙන් (high-alert) පවතින බැවින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වී ලෙඩ රෝගවලට ගොදුරු වීම තවත් භයානක තත්වයක්.

මෙවැනි කෙනෙකුට ඇතිවන කායික රෝග ලක්ෂණ:

මෙම රසායනික වෙනස්කම් නිසා නිරන්තර හිසරදය, සිරුරේ මාංශ පේශි තද වීම, පපුවේ වේදනාව, වේගවත් හෘද ස්පන්දනය සහ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු වගේ දේවල් වලින් රෝග ලක්ෂණ පිටතට පෙනෙන්නට පටන්ගන්නවා. ඔවුන් හැම නිතරම ඉන්නෙ යම් ආකාරයක නොසන්සුන් සහ නොරුස්සන ස්වභාවයකින්.
මෙහි බරපතලම තත්වය තමයි දිගින්දිගටම ඔවුන් තුල සෘණාත්මක සිතුවිලි හටගැනීමට ඇති හැකියාව. එයට කියන්නෙ "ඍණාත්මක ප්‍රතිපෝෂණ චක්‍රය" (The Negative Feedback Loop) කියල

යම් දුරකට, ධනාත්මක සිතුවිලි වලට වඩා ඍණාත්මක සිතුවිලි බලවත් වගේම එහි බලපෑමත් වැඩියි.. මන්දයත් ඒවා මුල කී ආකාරයට පැවැත්ම සඳහා වන "සටන් කිරීම හෝ පලායාම" වැනි පරිණාමීය ප්‍රතිචාරයක් ඇති කරන බැවින්. මෙම සිතුවිලි නැවත නැවත ඇති වූ විට, මොළය තුළ ඒවාටම වෙන් වූ ස්ථාවර මාර්ග (pathways) සැකසෙන අතර, එමඟින් පුද්ගලයෙකු ඉතා පහසුවෙන් සහ වේගයෙන් ඍණාත්මක සිතුවිලි රටාවකට ඇද වැටීමට හැකියි.
එය චක්‍රයක් ලෙස සිදුවීමට පටන් ගත්විට එයින් මිදීමට ඉතා අපහසුයි. ඒ නිසා අපට එවැනි සිතුවිළි ඇතිවන මුල් අවස්ථාවේදීම එය හඳුනාගෙන එයින් මිඳීමට කටයුතු කරන්න සිදු වෙනවා.

එසේ නොකළහොත් එයින් ඔබට මෙන්ම සමාජයටද වන හානිය වැඩියි.

කොහොමද අපි එයින් මිදෙන්නෙ??
සෘණාත්මක සිතුවිළි හඳුනාගෙන එයට අභියෝග කිරීම, සිහිකල්පනාවෙන් සිටීම සහ තමාට ආදරය කිරීම, අවධානය වෙනත් දෙයකට යොමුකිරීම, සෞඛ්‍යමත් ජීවනරටාවක් සහ සෞඛ්‍යමත් ආහාර , ව්‍යායාම, පරිසරය, භාවනාකිරීම, විනෝදාංශ වලට යොමුවීම, නිවැරදි උපදේශනය වැනි දේවල් කරා යොමුවීම තුලින් මෙම තත්වය සහමුලින්ම මඟහරවා ගන්න පුළුවන් .

( මීලඟ ලිපියෙන් අපි ඒ පිළිබඳව සවිස්තරාත්මකව කතා කරමු)

වෛද්‍ය කුමාරි කුමාරසේකර

මගේ ලිපි කියවා අගය කරන ,ඒ ලිපි share කරන සියළුම දෙනාට හරිම ආදරෙන් ස්තුති කරනවා මම.. වෙන වෙනම පිළිතුරු ලියන්නට හෝ messeng...
17/01/2026

මගේ ලිපි කියවා අගය කරන ,ඒ ලිපි share කරන සියළුම දෙනාට හරිම ආදරෙන් ස්තුති කරනවා මම.. වෙන වෙනම පිළිතුරු ලියන්නට හෝ messenger හරහා සම්බන්ධ වෙන්න අමාරු ගොඩක් ම කාර්‍ය බහුල නිසා. ඒත් ඔයාලා හැමෝම හරිම ආදරණීයයි. මමත් ඔයාලා හැමෝටම ආදරෙයි .
ඒ වගේ ලිපි වලින් අපි ඉදිරියටත් හමුවෙමු. ඔයාලා හැමෝටම සතුට පිරුණු , බලාපොරොත්තු ඉටුවන,ජීවිතයට දිරියෙන් මුහුණ දී සියළුම අභියෝග ජයගන්නට හැකිවේවා!
අද 17.01.2026

ඕනෑම කෙනෙක් සාර්ථක වෙනකොට වැඩිපුරම රිදෙන්නෙ ඔහු හෝ ඇය අවට ඉන්න සමීපතම පිරිසට. සමීපතම කීවට ඔවුන් අවංකව හදවතින්ම සමීප අය න...
15/01/2026

ඕනෑම කෙනෙක් සාර්ථක වෙනකොට වැඩිපුරම රිදෙන්නෙ ඔහු හෝ ඇය අවට ඉන්න සමීපතම පිරිසට.

සමීපතම කීවට ඔවුන් අවංකව හදවතින්ම සමීප අය නෙවෙයි. ඔවුන් කැමති නෑ තමන්ගෙ කුලකයේ වුණත්, තමන්ට සමීපව සම්බන්ධ වුණත් තමන් අභිබවා තව කෙනෙක් ඉහළට යනවට.

සමහර වෙලාවට මේක අඹුසැමියන් අතර පවා, සහෝදර සහෝදරියන්, ඥාතිමිත්‍රාදීන් අතර පවා තියෙනවා. ඊළඟට අසල්වැසියන්, එකම ක්ෂේත්‍රයේ අය ..

හැමෝම නෙවෙයි. සමහරු හදවතින්ම සතුටු වෙනවා තමන්ගෙ අය , තමන්ට සමීපතම අය සාර්ථක වෙනකොට.
හැබැයි එවැනි බොහෝ දෙනෙක් චාටුකතා කියන්නෙ වත්, හිත රිදෙන කතා කියන්නෙවත්, විවේචනය කරන්නෙවත් නෑ .

ඔවුන් නිහඬවම , වචනයකින් හරි අනෙකා දිරිගන්වන අය. හැකි හැමවිටම පිහිටවෙන අය, හදවතින්ම අනෙකාගේ දියුණුව ප්‍රාර්ථනා කරන අය. එවැනි අය අපට වගේම සමාජයටත් සම්පතක්. කල්‍යාණ මිත්‍රත්වය කියන්නෙ ඒ දෙයට.

ඒ නිසා අපි විශේෂයෙන්ම බුද්ධිමත් වෙන්න ඕනෙ එවැනි අයව හොඳින් හඳුනාගන්න.

ඒ වගේම කවුරු කොහොම කීවත් තමන්ගේ යහපත් අරමුණු කරා ස්ථිර අධිෂ්ඨානයකින් ගමන් කරන්න.

තවත් වැදගත්ම කාරණයක් තමයි තමාව විවේචනය කරන , තමාගේ සාර්ථකත්වයට අකුල් හෙලන අයට වචන වලින් උත්තර දෙන්න යන්න හෝ ඔවුන් සමඟ සටන් කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ අපේම මනස අවුල්වීම හෝ අනවශ්‍ය ප්‍රශ්ණ වල පැටලීම නිසා අපේ අවධානය වෙනතකට යොමුවීමෙන් අපේ මූලික අරමුණ අසාර්ථක වීම විතරයි.

බොහෝ සාර්ථක පුද්ගලයින් දිහා හොඳින් බලන්න . ඔවුන් අනුන්ගේ විවේචන පිළිබඳව වදවෙන්නෙ නෑ. ඔවුන් කරන්නෙ ඔවුන්ගේ ගමන නිවීසැනසිල්ලේ යෑම. අනුන්ගේ විවේචන , අකුල්හෙලීම් වලට මුහුණදීමේ සුවිශේෂී පෞරුෂත්වයක් ඔවුන්ට තියෙනවා.

ඔවුන් දන්නවා අනුන්ට අපහාස කරන්නෙ , අනුන්ව නිර්දය ලෙස විවේචනය කරන්නෙ, ක්‍රෝධය වෛරය වචන වලින් පිට කරන්නෙ ඒ පුද්ගලයින් තුල තිබෙන හීනමානය නිසා බව.

ඒ නිසා තමන්ගෙ යහපත් අරමුණු කෙරෙහි විතරක් අවධානය යොමුකරන්න. ආදරණීය මිනිසුන් සහ විෂ සහිත මිනිසුන් හඳුනාගන්න පුරුදු වෙන්න.

සාර්ථකත්වය බොහෝ දුරට රැඳීපවතින්නෙ හිතේ සාමය පවත්වාගනිමින්, අභියෝග ජයගැනීමට අවශ්‍ය උපායමාර්ගික ඥාණය සහිතව අරමුණ කෙරෙහි සිතිවිළි නාභිගත කිරීම මතමයි.
වෛද්‍ය කුමාරි කුමාරසේකර

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 Jayantha Anura, Padma Adikari, Aman Anan...
13/01/2026

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 Jayantha Anura, Padma Adikari, Aman Anand

සමාජ මාධ්‍ය භාවිතය කියන්නෙ දෙපැත්ත කැපෙන ආයුධයක් . එය භාවිතා කිරීමේදී අපි බෙහෙවින්ම පරිස්සම් වියයුතුයි. මුලින්ම කිවයුත්ත...
11/01/2026

සමාජ මාධ්‍ය භාවිතය කියන්නෙ දෙපැත්ත කැපෙන ආයුධයක් . එය භාවිතා කිරීමේදී අපි බෙහෙවින්ම පරිස්සම් වියයුතුයි.

මුලින්ම කිවයුත්තේ භෞතික සමාජය තුල අප හඳුනන, අපට මුණගැහෙන අය සමඟ කටයුතු කරනවාටත් වඩා ඉතාම සැලකිලිමත් විය යුතු සමාජයක් සමඟයි අපි සමාජ මාධ්‍ය තුළ ගණුදෙනු කරන්නේ.

ඔබ ලියන, ඔබ කියන එකම එක වචනයක් ඇති සමාජ මාධ්‍ය තුල ලොකු කළබැගෑණියක් ඇති කරන්න. ඔබට ඇළුම් කරන , ඔබව අගය කරන කෙනෙක් ඔබ පිළිබඳව අප්‍රසාදයට පත්වෙන්න.

සමාජ මාධ්‍ය තුල අපි යම් යම් අදහස් ප්‍රකාශ කරනවිට බෙහෙවින්ම අපක්ෂපාතී සමබර අදහස් ප්‍රකාශ කිරීම වැදගත්. විශේෂයෙන්ම සමාජයේ යම් යම් සංවේදී මාතෘකා පිළිබඳව .
උදාහරණයක් විදියට සමාජ මාධ්‍ය තුළ අන්තගාමී ආකාරයට දේශපාලන අදහස්, ආගම් විරෝධී අදහස් , පුද්ගල විරෝධී අදහස් ප්‍රකාශ නොකළයුතුයි.

සමාජ මාධ්‍ය තියෙන්නෙ අන් අය සමඟ ගැටෙන්න නෙවෙයි. එයින් සිදුවෙන්නෙ ඔබේ මතය පිළිගැනීමට වඩා ඔබව අගය කරන දහසක් දෙනා ඔබ පිළිබඳව අප්‍රසාදයක් ඇතිකරගැනීම.

සන්සුන්ව, සමබරව, අන් අයට අගතියක් නොවෙන ආකාරයට,තර්කානුකූලව අදහස් දැක්වීමයි වැදගත්වෙන්නේ. එයයි ශිෂ්ඨ බුද්ධිමතුන්ගේ ක්‍රමය.

එහෙම නොකර ද්වේශයෙන් වෛරයෙන් අගතිගාමී ආකාරයට අදහස් ප්‍රකාශ කිරීමෙන් ඔබටම හානියක් සිදුවෙනවා හැරුණුකොට වෙනත් කිසිම ප්‍රතිලාභයක් නම් සමාජගතවෙන්නෙ නෑ. ඔබට ලැබෙන්නෙත් නෑ.

හැම කෙනෙක්ම ඔබේ මතයම දැරියයුතුයි කියල නියමයක් නැහැනෙ. අපේ සමීපතමයන්ට පවා වෙනස් මත, වෙනස් අදහස් තියෙන්න පුළුවන් . මේ ලෝකයම පිරී තිබෙන්නෙ විවිධ පුද්ගලයින් සහ විවිධ අදහස් වලින්. මම හැමදාම කියනව වගේ එයින් අන් අයට හානියක් සිදු නොවෙනවා නම් එපමණයි අවශ්‍ය.

අන් අයගේ පෞද්ගලික ජීවිත පිළිබඳවත් එයමයි කිවයුත්තේ. අනුන්ගේ පෞද්ගලිකත්වයට අතපෙවීම නුසුදුසු දෙයක්. ශිෂ්ඨ ලෝකයේ වැදගත්ම දේ තමයි අන් අයගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම. ඒ සඳහා භෞතිකව හෝ වාචිකව හෝ කුමන ආකාරයක මැදිහත්වීමක් කරන්න අපට අයිතියක් නෑ .

සමාජ විරෝධී දෙයක් නම් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග තිබෙනවා. පෞද්ගලික හෝ පොදු වින්දිතයින්ට පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹෙන්න .

ඉතින් මේ කරුණු සමාජමාධ්‍ය භාවිතයේදී බෙහෙවින්ම වැදගත් නිසයි බොහොම ආදරයෙන් කරුණාවෙන් මේ සටහන තිබ්බෙ.ඔබට ජයම වේවා!

වෛද්‍ය කුමාරි කුමාරසේකර

තමන්ට ගෞරවය ලබන්න නම් අන් අයට ගෞරවය ලබා දෙන්න. කෙනෙකුගේ ජාතිය, ආගම, ඇදහීම, පවුලේ සමාජීය තත්වය, කුලගෝත්‍ර නාමකරණය , රැකිය...
09/01/2026

තමන්ට ගෞරවය ලබන්න නම් අන් අයට ගෞරවය ලබා දෙන්න.

කෙනෙකුගේ ජාතිය, ආගම, ඇදහීම, පවුලේ සමාජීය තත්වය, කුලගෝත්‍ර නාමකරණය , රැකියාව, බාහිර ස්වරූපය , මේ කිසිවක් තවත් කෙනෙකුගේ අවඥාවට , නින්දාවට භාජනය වියයුතු නෑ.

කෙනෙක් උස් පහත් වෙන්නෙ ක්‍රියාවෙන්ම මිසක් ඔවුන්ගේ ඉහත කී කාරණා නිසා නෙවෙයි.සමාජයට හෝ අන් අයට හිරිහැරයක් නොවනතාක් කල් හැම පුද්ගලයෙක්ම ගෞරවණීය කෙනෙක්. අපි ගෞරව කරන්න ඕනෙ අන්න ඒ මනුෂ්‍යත්වයට.

නිරතුරුව මාන්නයෙන් ,වෛරයෙන් ක්‍රෝධයෙන් අනුන්ට අපහාස කර කර ඉන්න මිනිසුන් ට සමාජයෙන් ලැබෙන්නෙත් එවැනිම ප්‍රතිචාර, තමන්ට අස්වැන්න ලැබෙන්නෙ තමන් වපුරන ආකාරයට බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ.

තමන්ගේ වර්ගයාට වගේම සතුන්ට , ගහකොළ සහිත පරිසරයට ආදරය කරුණාව මෛත්‍රිය දක්වන මිනිසුන් ට සොබාදහම තුලින්ම සෙනෙහස සහ රැකවරණය ලැබෙනවා.

අන් අයගේ සාර්ථකත්වය පිළිබඳව හදවතින්ම සතුටුවෙන අයට සාර්ථකත්වය පහසුවෙන් ලඟාවෙන බවත් සත්‍යයක්.

අන් අයට ආදරය , කරුණාව , මෛත්‍රිය පැතිරවීම තුලින් තමන්ට ලැබෙන ආශිර්වාදය තරම් ප්‍රබල ආශිර්වාදයක් විශ්වයේ තවත් නොමැතිබව නම් සදාකාලික සත්‍යයක්.

වෛද්‍ය කුමාරි කුමාරසේකර

සතුට කියන දේ හඹා යන අයට කවදාවත් සතුට ලැබෙන්නෙ නෑ. මොකද සතුට කියන්නෙම සාපේක්ෂ දෙයක් පමණක් නිසා..උදාහරණයක් විදියට භෞතිකව ග...
07/01/2026

සතුට කියන දේ හඹා යන අයට කවදාවත් සතුට ලැබෙන්නෙ නෑ. මොකද සතුට කියන්නෙම සාපේක්ෂ දෙයක් පමණක් නිසා..

උදාහරණයක් විදියට භෞතිකව ගෙයක් දොරක්, ලස්සන වාහනයක්, හොඳ ඇඳුම්පැළඳුම්, හොඳ රැකියාවක් නැති කෙනෙක් හිතන්නෙ "ඒ දේවල් ලැබුණොත් අපට සතුට ලැබෙනවාමයි" කියල. නමුත් අමාරුවෙන් හෝ ඒ දේවල් ලබාගත්තම හිතන්න පටන්ගන්නවා "මේ දේවල් මදි සතුට ලබන්න. මීට වඩා ලොකු ගෙයක් දොරක් වාහනයක් , ඉහළ තත්වයක් ලැබුණාමයි සතුටින් ඉන්න පුළුවන් "කියන එක.

ඒ දේවල් අමාරුවෙන් හෝ ලඟාකරගත්තාම හිතෙන්නෙ "මේක නම් මඳි වගේ අනිත් හැමදෙනාටම වඩා ඉහළින් මේ හැම දෙයක්ම තිබුණොත් තමයි සතුටුවෙන්න පුළුවන්" කියල. ඊලඟට කොහොමින් හරි ඒ ආසාවත් ඉටුවුණාම "මේ දේවල් මඳි සතුට ලැබෙන්න නම් බලයත්, පිලිගැනීමත් තියෙන්න ඕනෙ " කියල හිතන්න පටන් ගන්නවා.

මේ විදියට කෙළවරක් නැති බලාපොරොත්තු හා ආශාවන් තුල සතුට හොයාගෙන ගිහින් අතරමං වීම හැරුණුකොට මියයනතුරුම ලැබෙන සතුටක් නෑ..

ඒ නිසා මේ මොහොතේ තමන්ට ලැබෙන සුළු දෙයින් හෝ සතුට විඳින්න පටන් ගන්න. දුක්වෙන්න දහසක් කරුණු තියෙද්දිත් සතුටු වෙන්න පුළුවන් එක කරුණක් හොයාගන්න. තමන් වටේ තියෙන පරිසරය, ගස්වැල්, කුරුල්ලන්, සිව්පාවන් ට පවා සෙනෙහස ලබාදෙමින් සතුටුවෙන්න...

තමන් ලඟාකරගන්න බලාපොරොත්තු වෙන ඉලක්ක වෙනුවෙන් වෙහෙසුනාට කමක් නෑ. නමුත් ඒ තුල සදාකාලික මමත්වයේ සතුට හොයන්න එපා. සතුට කියන දේ බොහෝවිට රැඳෙන්නෙ "දීම" තුල මිසක් "ලබාගැනීම" තුල නෙවෙයි.

එහෙම පුරුදු වෙනකොට සතුට හැමදාම ඔබ ලඟම රැඳේවි.
මතක තියාගන්න සතුට "සාපේක්ෂයි"

වෛද්‍ය කුමාරි කුමාරසේකර

"අචින්ති තම්පි භවති".. නොසිතූ දෙය සිදුවිය හැක. කළ යුත්තේ සිදුවූ දෙය  දරාගෙන සිතූ  දෙය ඉටුකරගැනීමය.නොසිතූ දේ සිදුවුණා යයි...
05/01/2026

"අචින්ති තම්පි භවති"..

නොසිතූ දෙය සිදුවිය හැක. කළ යුත්තේ සිදුවූ දෙය දරාගෙන සිතූ දෙය ඉටුකරගැනීමය.

නොසිතූ දේ සිදුවුණා යයි හඬා වැලපීම තව තවත් නොසිතූ දෙය සිදුවන්නට උත්තේජනය සපයන අතර සිතූ දෙය ඉටුකරගැනීම වෙනුවෙන් වෙන්කළ යුතු කාලය ඉන් අපතේ යාහැක.

වෛද්‍ය කුමාරි කුමාරසේකර

Address

Pathiragoda Road
Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Kumari Kumarasekara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Kumari Kumarasekara:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

වෛද්‍ය කුමාරි කුමාරසේකර

වෛද්‍ය කුමාරි කුමාරසේකර (Dr Kumari Kumarasekara) රාජ්‍ය සේවයේ ආයුර්වේද (Ayurvedic/Ayurveda) වෛද්‍යවරියක ලෙස වසර තිස් දෙකක සේවාකාලයක් සපුරා ඇති අතර පරිපාලන සේවය තුල වසර 25 ක අත්දැකීමක් ඇත.

අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂ , ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ලෙසත් තනතුරු දරා ඇති අතර වර්තමානයේ බණ්ඩාරණායක අනුස්මරණ ආයුර්වේද පර්‍යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ලෙස සේවය කරයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ උපාධිධාරිනියක් වන අතර මහජන චීන සමූහාණ්ඩුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබද ජාත්‍යන්තර “නැංජින්” විශ්ව විද්‍යාලයෙන් චීන කටුචිකිත්සාව හා පිළිස්සුම් ක්‍රමය පිළිබදව පශ්චාත් උපාධියක් ලබා වසර 25ක සායනික අත්දැකීමක් සහිත වෛද්‍යවරියකි.

ඊට අමතරව ව්‍යාපාර කළමණාකරණය පිළිබද පශ්චාත් උපාධියක් හා රෝහල් කළමනාකරණය පිළිබද විද්‍යාපති උපාධියක් ලබා ඇත. ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසද කටයුතු කල අතර දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකාර මණ්ඩලයේ සාමාජිකාවක් වන අතර පශ්චාත් උපාධි ආයතනයේ කළමණාකරණ මණ්ඩලයේ සාමාජිකාවකි.