Psychology Life Centre

Psychology Life Centre We as a personality and skills development centre highly believe that mental well being

02/03/2026

Your mental health matters — and help can come to you. 💙
Psychology Life Centre now provides home visit consultations for your convenience and comfort.
Safe. Private. Professional.
📲 Message or call us today to schedule. 0767605205

ඔබේ මානසික සුවතාවය වෙනුවෙන් වෙන්වූ, විශ්වාසදායක මනෝවිද්‍යාත්මක සේවාව දැන් ඔබේ නිවසටම... 💙
​සමහර වෙලාවට උපදේශනයක් සඳහා මධ්‍යස්ථානයකට පැමිණීමට වඩා, තමන්ගේම නිවසේ පහසුව ඇතිව අදහස් හුවමාරු කරගැනීම ඔබට සහනයක් විය හැකියි. ඒ නිසාම, Psychology Life Centre වෙතින් දැන් නිවසටම පැමිණෙන (Home Visit) උපදේශන සේවාව ආරම්භ කර ඇත.
​✅ පූර්ණ රහස්‍යභාවය සහ ආරක්ෂාව
✅ වෘත්තීයමය මනෝවිද්‍යාත්මක මගපෙන්වීම
✅ ඔබට පහසු වේලාවකදී
​වැඩි විස්තර සඳහා අදම අප අමතන්න: 📲 0767605205

Psychology Life Centre

සුවපත් මනසක 17 වසරක අභිමානය: Psychology Life Centre මිනිස් ජීවිතවලට බලාපොරොත්තුවක් වෙමින්, මානසික සුවතාවය වෙනුවෙන් කැපවූ...
01/03/2026

සුවපත් මනසක 17 වසරක අභිමානය: Psychology Life Centre
මිනිස් ජීවිතවලට බලාපොරොත්තුවක් වෙමින්,
මානසික සුවතාවය වෙනුවෙන් කැපවූ Psychology Life Centre අප ආයතනය අද දින සිය 17 වැනි අභිමානවත් සංවත්සරය සමරනු ලබයි.

පසුගිය වසර 17 පුරාවට ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නොමැකෙන සලකුණක් තැබීමට අපට හැකි වූයේ අප කෙරෙහි ඔබ තැබූ විශ්වාසය නිසාවෙනි.

නායකත්වයේ ශක්තිය:
මෙම දීර්ඝ ගමනේ සාර්ථකත්වයේ නියමුවාණන් වන්නේ අපගේ විධායක අධ්‍යක්ෂ මනෝ වෛද්‍ය එන්. කුමාරනායක (Dr. N. Kumaranake) මහතායි.
එතුමාගේ දූරදර්ශී නායකත්වය සහ මානුෂීය මෙහෙවර නොවන්නට අද අප සිටිනා මෙම ස්ථාවරත්වය ලබාගැනීම අපහසු වනු ඇත.

කණ්ඩායමේ කැපවීම:
එමෙන්ම, වසර 17ක් පුරා අප සමඟ අත්වැල් බැඳගෙන,
දිවා රෑ නොබලා සේවය කරන අපගේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අපගේ ප්‍රණාමය හිමිවේ.
ඔබගේ වෘත්තීය නිපුනත්වය සහ කාරුණික සේවය අප ආයතනයේ හදගැස්මයි.

අපගේ ප්‍රධාන සේවාවන්:

අද වන විට අප ප්‍රධාන ක්ෂේත්‍ර 6ක් ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට නිරන්තරයෙන් අපකැප වි සිටිමු :

පුද්ගලික උපදේශනය හා ප්‍රතිකාර (Individual Therapy)

ළමා හා යොවුන් මනෝවිද්‍යා සේවා (Child & Adolescent Psychology)

විවාහයට ප්‍රථම උපදේශන සේවාව (Pre-marital Counseling Service)

විවාහ හා යුගල උපදේශනය (Couples Counseling)

පවුල් උපදේශනය (Family Therapy)

පෞරුෂ හා කුසලතා සංවර්ධන වැඩසටහන් (Personality Development)

සායනික පුහුණු හා සීමාවාසික වැඩසටහන් (Clinical Internship & Training)

සංගීත / නර්තන / චිත්‍ර චිකිත්සාව (Music / Dance / Art Therapy)

පෞර්ෂය පිළිබඳ තක්සේරු වාර්තා ආයතන වලට සැපයීම (Providing Personality Assessment Reports for Organizations)

දහස් ගණනකගේ ජීවිතවලට ආලෝකයක් වෙමින්, මනසේ සාමය උදාකර දීමට ලැබීම අප ලැබූ විශාලම ජයග්‍රහණයයි.

අප සමඟ අත්වැල් බැඳගත් ඔබ සැමට ස්තූතියි! ඉදිරියටත් වඩාත් ගුණාත්මක සහ විශ්වසනීය සේවාවකින් ඔබව හමුවීමට අප සූදානම්.

Psychology Life Centre - Sri Lanka
Healing Minds, Transforming Lives since 2009.

Psychology Life Centre

01/03/2026

17 Years of Vision. 17 Years of Healing. 17 Years of Impact.

Seventeen years ago, a bold vision was born in Sri Lanka
to create a sanctuary for the mind.
A place where healing is not just treatment, but transformation.
A place where pain is heard, hope is restored, and lives are rebuilt with dignity and strength.

Today, we celebrate 17 remarkable years of Psychology Life Centre — a journey that has touched thousands of hearts and transformed countless lives.

At the helm of this inspiring mission stands Dr. N. Kumaranayake, Executive Director of Psychology Life Centre. With unwavering dedication, compassionate leadership, and a deep understanding of psychological wellness, Dr. Kumaranayake has shaped the Centre into a pillar of mental health support in our nation.

From humble beginnings to becoming a trusted institution -
from therapy rooms to national conferences,
from children’s workshops to family and couples therapy,
from community outreach initiatives to television programmes and professional training platforms

Psychology Life Centre has remained steadfast in one purpose:
To empower minds, strengthen families, and uplift society.

Seventeen years of resilience.
Seventeen years of trust.
Seventeen years of service beyond self.

Every challenge faced became a stepping stone.
Every life touched became a testament.
Every milestone achieved strengthened our commitment to serve.

As we celebrate this legacy, we do so with profound gratitude — to every client, family, partner, colleague, and well-wisher who believed in this vision and became part of this journey.

But this is not just a celebration of the past.
It is a declaration of the future.

The next chapter begins with even greater purpose, innovation, and dedication — to expand access, deepen impact, and continue shaping a mentally healthier nation and world.

Here’s to 17 years of unwavering service.
And to a future filled with hope, healing, and transformation.





27/02/2026

ජීවත්වෙන්න තියෙන අශාව මට නැති වෙලා...
Psychology Life Centre

27/02/2026

As Sri Lanka’s largest psychology institute, our mission has always been to bring healing and education to every corner of the island. 200k followers means 200,000 steps toward a mentally healthier nation ... Psychology Life Centre

Psychology Life Centre
27/02/2026

Psychology Life Centre

26/02/2026

අයිස් කන්දක් වගේ තියෙන ඔයාගේ යටිසිත හඳුනාගනිමු. N. Kumaranayake

විශ්ව ශක්තිය ඔබ ළගට ගෙන්න ගන්නේ කොහොමද? ඔබට රහසක්මෙවර සිත් ඇසක සක්මණින් ඔබ හමුවටහරියටම දැනගන්න.මනෝ විද්‍යා ඇසින්, ජීවිතය...
25/02/2026

විශ්ව ශක්තිය ඔබ ළගට ගෙන්න ගන්නේ කොහොමද? ඔබට රහසක්
මෙවර සිත් ඇසක සක්මණින් ඔබ හමුවට
හරියටම දැනගන්න.මනෝ විද්‍යා ඇසින්,
ජීවිතය විදවන්න නොව විදින්න.
සිත් ඇසක සක්මන ජාතික රූපවාහිනියෙන් අද රාත්‍රී 9.30 ට...
එන්න අප සමග එක්වන්න. මනස සුවපත් සමාජයක් උදෙසා.

ඩිමෙන්ෂියා රෝගියකු රැකබලා ගන්නා හෙදකම1. රෝගය සහ වර්තමාන තත්ත්වයවයස අවුරුදු 60 ඉක්ම වූ පසු මානසික රෝග වැළඳීමේ ප්‍රවණතාව ඉ...
24/02/2026

ඩිමෙන්ෂියා රෝගියකු රැකබලා ගන්නා හෙදකම

1. රෝගය සහ වර්තමාන තත්ත්වය
වයස අවුරුදු 60 ඉක්ම වූ පසු මානසික රෝග වැළඳීමේ ප්‍රවණතාව ඉහළ යන අතර, වයස අවුරුදු 65 ට වැඩි ජනගහනයෙන් 25% කට පමණ යම් මානසික රෝගී තත්ත්වයක් ඇති වීමේ හැකියාව පවතී.

ලංකාවේ අවුරුදු 65 වන විට ජනගහනයෙන් 5% කටත්, 80 වන විට 20-25% කටත් මෙම රෝගය වැළඳීමේ අවදානමක් පවතී.

ඩිමෙන්ෂියා රෝගීන්ගෙන් 70% ක්ම පමණ ඇල්සයිමර් (Alzheimer's) රෝගීන් වේ.

මෙම රෝගය සඳහා තවමත් ස්ථිර ඖෂධ සොයාගෙන නොමැති වුවද, නිසි උපදෙස් සහ ප්‍රතිකාර මගින් තත්ත්වය කළමනාකරණය කළ හැකිය.

2. රෝග ලක්ෂණ සහ හැසිරීම්
මතකය අඩුවීම: වර්තමාන සිදුවීම් අමතක වුවද, පැරණි මතකයන් හොඳින් තිබිය හැකිය.

ප්‍රචණ්ඩත්වය සහ නොසන්සුන්තාව: සුවදායී නින්දක් නොලැබීම, ශාරීරික වේදනාව, අධික ශබ්දය සහ නුහුරු පරිසරය නිසා රෝගීන් ප්‍රචණ්ඩ විය හැකිය.

චෝදනා කිරීම: තමන්ට ආහාර ලබා නොදුන් බවට හෝ වෙනත් අසත්‍ය චෝදනා පවුලේ අයට එල්ල කළ හැකිය.

සංකූලතා: මූත්‍රා සහ මලපහ පාලනය ගිලිහී යාම, එකම දේ නැවත නැවත ඇසීම සහ හිතවතුන් හඳුනා ගැනීමට නොහැකි වීම ප්‍රධාන ලක්ෂණ වේ.

අදියර 3 දී ඇතිවන තත්ත්ව: උග්‍ර අවස්ථාවලදී හැඟීම් පාලනය කරගත නොහැකි වීම නිසා විකෘති ලිංගික ආශාවන් වැනි තත්ත්වයන් මතු විය හැකිය.

3. රැකබලා ගන්නන්ගේ වගකීම සහ මානසික සෞඛ්‍යය
රෝගියා රැකබලා ගන්නා පවුලේ සාමාජිකයන්ට දැඩි ආතතිය, අධික රුධිර පීඩනය සහ මානසික අවපීඩනය ඇති විය හැකි බැවින් ඔවුන්ගේ සෞඛ්‍යය පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.

වගකීම් පවුලේ සාමාජිකයන් අතර බෙදාගත යුතු අතර, විඩාව පත් වූ විට තවකෙකුගේ සහය ලබා ගැනීම වැදගත් වේ.

රෝගියාට කිසිම විටක පහර දීම හෝ කාමරවල සිර කර තැබීම නොකළ යුතු අතර, ඔවුන් සමඟ ඉතා ඉවසීමෙන් සහ ආදරයෙන් කටයුතු කළ යුතුය.

4. ප්‍රායෝගික ආරක්ෂණ උපදෙස්
හඳුනාගැනීමේ ටැග්: රෝගියා මග වැරදී යාමට ඉඩ ඇති බැවින්, ඔවුන්ගේ ඇඳුමේ කොලරය වැනි ස්ථානයක නම, ලිපිනය සහ දුරකථන අංකය සඳහන් ටැග් එකක් පලඳන්න.

පරිසරය සකස් කිරීම: නිදන කාමරය ප්‍රමාණවත් ආලෝකයක් සහිත, ශබ්දයෙන් තොර නිදහස් තැනක් බවට පත් කරන්න.

සන්නිවේදනය: රෝගියාට තේරුම් ගැනීමට පහසු වන පරිදි පින්තූර හෝ සරල වචන සහිත පොත්පත් භාවිතා කරන්න.

ක්‍රියාකාරකම්: නර්තනය, යෝගා, චිත්‍ර ඇඳීම, ගීත ගැයීම සහ මල් පැළ සිටුවීම වැනි ක්‍රියාකාරකම් මගින් රෝගියාගේ මානසික සහනය උදා කළ හැකිය.

24/02/2026

🌺සිත් ඇසක සක්මන - බදාදා රාත්‍රී 9.30ට🕝
ඔබේ ප‍්‍රතිශක්තිකරණය අඩු වුනොත් ලෝකේ අංක 1 ලෙඬේ ඔබට හැදෙන්න පුථවන්
Full Programme : https://youtu.be/1Df6LfirIAc
#සිත්ඇසකසක්මන

Address

Life Centre, No 31, Woodland Avenue, Kohuwala
Nugeoda
10250

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 17:30

Telephone

+94778313991

Alerts

Be the first to know and let us send you an email when Psychology Life Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psychology Life Centre:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram