24/06/2024
උපුටා ගැනීමකි. (කතෘ තොරතුරු පහලින්)
පැය ගණනක් පිසින අපේ ආහාර හා දරුවෙකුට පවා සකස් කල හැකි බටහිර ආහාර පිලිබද පෝස්ටු නිතර මුහුණු පොතේ share වන බැවින් මේ අනගි ලිපිය උපුටා ගතිමු. කතුවරියට ස්තූතිය ..
උගත් නූගත් අපේ බත් පත...
මේ දවස් වල හරිහරියට කතාවෙන මාතෘකාවක්. මේ ගැන ලියන්න මුලින්ම හිතුනේ, අපේ ලාංකික ආහාර රටාව ගැන දොස් රාශියක් සහ western style quick easy food ගැන උදම් අනන post ගනනාවක් දැක්කා..
දිගවැඩි ඒත් වෙලාව අරන් කියවන්න, ඔබට අනිවාර්යයෙන් යමක් ජීවිතයට එකතු කරගන්න පුලුවන් වෙයි.
ඔව් කාලය අතින් ගත්තම ලාංකික අපිට ආහාර පිලියෙල කිරීමට ගතවෙන, වැයවෙන කාල ප්‍රමානය වැඩියි කියල කියන්න පුලිවන්, ( ඒත් ඉතින් මන් නම් මේකට එකග නැහැ, මොකද මන් වැයකරන්නේ ඕනම කෑම වේලකට විනාඩි 40, party වගේ නෙවෙයිනම්) වගේම පිටරට ජීවත්වෙන ඔබට කාලය යන්නේම නෑ වෙන්න පුලිවන්, Instant noodles එකත්, sausage කරලටත්, butter තැවරූ පාන් පෙත්ත්ටත් වැයවෙන කාලය විනාඩි 10ක් වත් නෙවෙයි.
ඒත් ඒ වැයවෙන දීර්ඝක කාලය, waste එකක් නොවන බවත් ඔබේ ජීවිතය නිරෝගී කරන බවත්, දීර්ඝ කරන බවත්, කෙටි ආහාර මත යැපෙන ජීවිත කෙටි බවත්, නීරෝගී නොවන බවත් ඔබ දන්නවාද??
ඔව් ඔබට තර්ක කරන්න පුලිවන් කාරනා කිහිපයක් තියනවා,
1. ජපානය, නැත්තම් දියුනු බටහිර රටක් ගත්තොත්, ඒ ගොල්ලන්න්ගේ ආයු අපේක්ශාව අපිට වඩා වැඩියි, ඒත් ඒ අය instant foods, sausages මත අපොට වඩා යැපෙනවා. අපිට වඩා නීරෝගී, අපි බොරුවට කෑම තම්බනවා ලේසී කෑම තියෙද්දී..
2. අපේ කෑම අපි කන්නේ තුන පහ වලින් නාවලා, ඒත් පිට රට අයට ඒ දේ වල් නෑ, ඒගොල්ලන් දන්නවා එලවලුවේ රස, අමුවෙන කන ඒ අයට ලෙඩ නෑ අපිට වැඩි.
3. අපේ රටේ තියන දේ ලෙඩ කරනවා, පිටරට olive oil, broccoli, thymes තමා හොදම , ඒ දේවල් ශරීරය නිරරෝගී කරන්වා..
ඔබත් මෙවන් වූ තර්ක වලින් නැහැවිලා ඉන්න, පිටරට broccoli සහ olive වල්ට ආවඩන, බත් වෙනුවට අල හොදයි කියන, අපේ ගෙදර ලුනු බෝතල් නෑ කියන කෙනෙක් නම් ... මේ අරාදනය ඔබටයි... අවසාන වෙනකන් මේ ලිපිය කියවන්න.
ඇත්ත ගොඩාක දියුනු රටවල ( developed nation) වල ආයු අපේක්ශාව වගේම නිරෝගී බවේ නිර්නායක අපිට වඩා ඉහලින් පිහිටලා තියනවා, දියුනු වෙමින් පවතින රටවල් ඉන්නේ මේ නිර්නාය වල ගොඩක් පහලින්. ඔබ හිතනවන්ම ඒ අයගේ කෑම රටාව හෝ නීරෝගී බව ඒකට හේතුවක් කියලා, ඔබ වැරදියි. අනික ඔබ නොදත් , නොපෙනෙන කරුනු රාසියක් තියනවා
උදාහරණයක් ලෙස ගත්තොත් western countries වල childhood obesity ඉතා ඉහල ප්‍රතිශතයක් ගන්නවා. වයස අවුරුදු 5-19 ලමුන් අතරින් අවමය 10% ක් childhood obesity වලින් පෙලෙනවා, ඒත් මේ ප්‍රතිශතය මේ දශක දෙක තුල ඉහල යාම සීග්‍ර ලෙස පෙන්නුම්
කරන්නේ නැහැ. ඒත් අපේ වගේ developing රටවල ගත්තොත් මේ ප්‍රතිශතය සීස්‍ර ලෙස ඉහල යමින් පවතිනවා, පසුගිය දශක දෙක තුලා 3% වැන අගයක පැවති මෙය 76% දක්වා මේ වෙනකොට ( 2016) ඉහල ගිහින්. පේනවා නේද වෙනස් වීමේ වේගය.
Childhood obesity වලට් ගොඩක් හේතු තිබුනත්, ප්‍රදානම environmental factors වෙන්නේ diet and lifestyle : ආහාර සහ ජීවන රටාව. අපි විශාල වශයෙන් western ාඅහාර රටාවකට ( ක්ශනික ආහාර රටාවකට ) නැබුරුවෙමින් ඉන්නවා. ඉතා ඉක්මනින් පිලියල කර ගතහැකි ආහාර නිසා ඔබට නොපෙනන ලෙස අපි අපේ අනාගත් පරපුර විනාස කරන්නේ මේ ආකාරයට.
ඒවගේම childhood obesity වලින් පෙලුන දරුවන්, පසු කාලීනව නොයෙකුත්, non communicable diseases : cancer, හර්ද රෝග, දියවැඩියාව වලින් පෙලෙන්න තියන අවදානම් වැඩියි. දියුනු වෙමින් පවතින අපි වැනි රටකට මෙවන් දේ පාලනය කිරීමට ඉතා අමාරුයි , මූල්‍යමය , වගේම resources නැතිකම එයට හේතුවක්.
බොහෝ western රට්වල මෙන්ම ආසියාතික දියුනු රටවල, ආහාර රටා නිරෝගි නැති උනත්, ඒ අයගේ technology එක අපට වඩා සෑහෙන්න දියුනුයි වගේම health sector එකේ development එක අපට වඩා සෑහෙන්න දියුනුයි නිසා ඒ අයගේ ආහාර රටාවෙන ආයු අපේක්ශාවට වෙන බලපෑම, සහ නීරෝගී බවට වෙන බලපෑම අවම කරගන්න ඒ අයට පුලුඑඅන් වෙලා තියනවා.
උදාහරනයක් ලෙස ගත්තොත් ඔබ අනේ මේ මිනිස්සු කන්නේ නිරෝගී කැම, ඒය කන්නේ බත් ගුලියයි, කියන ජපානයේ , ජනගහනයෙන් අවමය 10% ප්‍රතිශතයක් ජිවිතයේ එක වතාවක් හෝ colon cancer වල එක stage එක්කට හෝ ගොදුරු වෙනවා. ඔව් මේ ඔබ නොදන්නා ඇත්ත, වගේම මේ ගොදුරු වීම සීග්‍ර ලෙස ඉහල යමින් පවතිනවා. colon cancer කියන්නේ ලෝකයේ දෙවෙනියට ( after lung cancer) , විශාල ලෙස බලපෑම කරන, හැදෙන cancer type එක. ඒත්, මිය යන ප්‍රතිශතය ගත්තොත්, මේ කියන සෑම develop රටකම ඒ අගය සෑම අවුරුද්දකම පහල යමින් පවතිනවා. එහෙම වෙන්න එකම හේතුව ඒඅයගේ , සෞඛ්‍ය ක්ශේත්‍රයේ තියන දියුනුව.
සාමාන්‍යයෙන් who නිර්දේශ c**n cancer සදහා අවදානය සහ පරීක්ශා කල ගතයුතු වයස් සීමාව, අවුරුදු 50. මොකද අවුරුදු 50 ඉක්මවූ කෙනෙකුට colon cancer හැදෙන අවදානම ඉතා වැඩි. ඒත් මේ බොහෝ දියුනු රටවල මේ වයස සීමාව 40 දක්වා අඩු කරලා තියන්වා. ඒ වගේම ඕනෑම වයස් සීමාවක කෙනෙකු අසාමාන්‍ය ලක්ශන ( long term constipation, diarrhoea ) පෙන්නුම කරන විට , colonscopy ( for early detection of colon cancer ) කර colon cancer වලට අවදානමක් නැති බව තහවරු කිරීමට පහසුකම් තියන්වා. මේ නිසා බොහෝ දෙනා polyps ( earliest stage of colon cancer ) ඇති නැති බව නිර්නය කිරීම ඉතා පහසුවෙන් කරගනුලබනවා, වගේම මෙන්න මේ වගේ ඉතා පහසුවෙන් , early stage එකේදී දැනගැනීමේ හැකියාව ඇති නිසා, cancer පැතිරී යැමමේ අවදානම, මිය යන ප්‍රමනය, අඩු වෙලා, ආයු අපේක්ශාව වැඩි වෙලා තියනවා.
දැන් හිතන්න ලංකාව වගේ රටක අපිට කොච්චර පහසුකම් තියනවද , colon cancer ගැන නිර්නය කරන්න. Colonscopy එක කරන්න පහසුකම් රෝහල් කීයක නම් තියනවද? මේ ගෙදර ගාව පොඩි ඉස්පිරිතාලෙ ඕක තියනවද?? නෑ.. වෙන එකක් තියා වයස 50 පැන්න ඔය කී දෙනෙක් colonscopy කරගෙන තියනවද ?? පහසුකම් අවම වීම, නිසා අපි වගේ දියුනු වෙමින් පවතින රටවල ආයු අපේක්ශාව අඩුයි. වගේම මිය යන ප්‍රතිශතය වැඩි. හොදට අවදානයෙන් තේරුම් ගන්න අපි කොහේ හරි දෙයක් සසදද්දී බලපාන අනිත් සාදක constant තියාගෙන සසදන්න එතකොට තමා මේ පිලිබද හරි අවබෝදයක් ලැබෙන්නේ..
මතක තියා ගන්න අපි මේ තරම් හරි බේරිලා, පහසුකම් අවමය යටතේ උනත් නීරෝගීව ඉන්නේ අපේ ලාංකික බත්පතට පින්සිද්ද වෙන්න කියලා.. මගේ දෙමවුපියන්ට මන් පින් දෙනවා, අවුරුදු 30ක් පුරාවට නිරෝගීව ඉන්න තුන පහ, spices, herbs මට දුන්නට.
බත්පත... සහ තුනපහ
ගොඩක් අය කියන්නේ, පිටරට මිනිසුන් තුන පහ කන්නේ නෑ, ඒඅය කන්නේ අමුවෙන් ඒත් නිරෝගී. ඇත්තටම ඒක එහෙමද ?
කලින් කිව්වා වගේ ඒ රටවල් දියුනුයි. පහසුකම් ඉහලයි. මීට අමතරව, තවත් දෙයක් බලපානවා බටහිර රට්වල සහ අපි වගේ උශ්න රටවල පාරසරික සාදක, standards, rules and regulations, ත්ත්ව පාලනය සහ දේශගුනය.
උදාහරනයක් ලෙස, ගොඩක් දියුනු රටවල්වල agriculture sector එකට පුදුම තැනක් තියෙන්නේ. හරිම දියුනුයි. වගේම ඒවට අදාලව rules and regulations තියනවා, ඒ අයට අපි වගේ ගොම පොහොර ගෙනත් හිතුමනාපෙට දාන්න බෑ. වගේම ඔය කුනු යනු කානු හරවලා, පැල වලට වතුර දෙන්න බෑ, වගේම හිතු මනාපෙට බෙහත් විදින්න බෑ. අපේ එහ්මද, වැවෙන්න කියලා පොහොර යොදනවා නෙවෙයි, පොහිර වල පැල හිටවන්නේ පස් වල නෙවෙයි, හොදට හැදෙන්න කියලා කොහිල වලට bathroom එකෙන් එන වතුර පාර හරවනවා, කොහෙවත් යන කුනු කානු වගාවට හරවනවා, ඒවගේම යන එන අතරමග කෙල කැහි හොටු ඔහේ හූරලා දනවා, අතේ තුවාල තියන එලවලු කපන්වා, ඒවා අහුරනවා...
ඕව බලද්දී අපි අමුවෙන් කඩේ ත්ත්කාලි කෑවොත් මොකද වෙන්නේ??? මේකට මන් උත්තර දෙන්නේ නෑ ඔය ගොල්ලන්ම හිතලා බලන්න. අපේ පරිසරය උශ්නත්වය ක්ශුද්‍ර ජීවීනට හිතකරයි, සීතල පරිසරයට වඩා, මේ නිසා රෝග ව්‍යාප්ත වීමේ අවදානම වැඩි, වගේම අපේ ප්‍රමිතිය ඉතා පහලයි, ආහර විශවීම් ප්‍රවනතාව වැඩි මෙන්න මේ නිසා, හොදට තම්බලා කෑම වැදගත්.. කොල උනත් කනවනම් ගෙදර හදලා කෑමට ගැනීම වැදගත්. හොදට කොල පාටට තියන, කොහිලකොලේ වැඩියෙන් තියෙන්නේ kidney failures වලට හේතුවෙන බැරලෝහ මොකද හදන්නේ සබන් වතුර , bathroom එකෙන් එන වතුර වලින්නේ.. මෙහෙම වෙද්දී ඔව් කොහොමද අපි නීරෝගී වෙන්නේ.
ඊලගට බත් පතේ ඇති තුනපහ, ඔය කන spices , herbs වලට පින් දෙන්න ඔබව, දරුවන්ව නීරෝගීව තබනවාට, පහසුකම් අවමය ඇති රටක ජීවත් වෙද්දිත් ඔබ නීරෝගීව ජීවත් වෙනවට.
ඔබ නොදන්නවා උනාට, ඔබ කන තුන පහේ තියන සංඝටක ඔබ වෙනුවෙන් ඔබේ නීරෝගී බව වෙනුවෙන් සටන් වදිනවා. උදාහරණයක් ලෙස ගත්තොත් අපි කොච්චර කියලා සුදුලූනු, කහ කනවද?? කිරට හදන් හොද්දක් නම් කහ නොදා කන්නේ නැහැනේ.. දන්නවාද ඒ කහ , ඒ සුදුලූනු ඔබව , cancer වලින් ආරක්ෂා කරනවා, cancer cell develop වීම වලක්වනවා, ඒවට විරුද්ධව සටන් කරනවා, ඔබේ සෛල නීරෝගී කරනවා, ඔය fancy instant කෑම ගන්න ගොඩක් දියුනු රටවල් , නීරෝගී වෙන්න, ජීවිත කාලය දික්කරගන්න යොදාගන්න බෙහෙත් ; කරල්, පෙති හදන්නේ මෙන්න මේ වගේ ස්වාභාවික herbs වල තියන සංඝටක extract කරලා, පිටරට ආහාරයට ආවඩන බොහෝ දෙනා නොදන්න ඇත්ත තමයි මේ. ඒ අය අපි වගෙ රට වලින් මේ වගේ ස්වාභාවික දේ රැගෙන පර්යේෂණ කර බෙහෙත් නිපදවනවා, patent ගන්නවා, නිරෝගී දිවියකට හිමිකම් කියනවා, අපි ඒ අයගේ පුස් දේට ආවඩනවා.
ඒ වගේම කරපිංචා , රම්පේ, cinnamon, කරාබුනැටි, එනසහල්, cumin seed, මේ වගේ herbs , and spices වල තියන ගුන මෙපමනයි කියන්න බෑ, cholesterol තියනවන්ම්: තෙබු කොල, කරපිංචා , රම්පේ, සුදුලූනු
Diabetes නම්: කරපිංචා, එනසහල්, cinnamon
Obesity තියනවන්ම, හොදට වැඩියෙන් spices කන්න, ඉබේ බර බහිනවා, fat දිය කරනවා, බත් ඉතින් අඩු කරන්න ඕන.
මේ වගේ ගුන අපමනයි. මීට අමතරව , මේ රටවල්වල බොහෝ දෙනා, මේ වගේ දේවල් ආහාරයට එකතු කර ගැනිමට බැරිනිසා, powder, pills ලෙස ගන්නවා, නිරෝගී බවරැකගන්න, අපිට ස්වාභාවිකව ගහෙන් කඩලා කන්න පුලුවන් දේ bioactivity එක වැඩි කියලා මන් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.
පිටරට් තියෙන්නේ proceesed , ඒකියන්නේ ස්වාභාවික දේ වලට වඩා ක්‍රියාකාරීත්‍වය අඩුයු. ඒක නිසා ඔබ මොන රටක හිටියත් පුලිවන් හැම වෙලාවකම spices, herbs ගන්න අමතක කරන්න එපා, මේ කියන මන් pasta වලට පවා කහ දාන කෙනෙක්.
අනිත් දෙය, අපි වෙනස් කරගන්න ඕන අපේ බත්පත්, ඒ තුනපහ හලලා නෙවෙයි, අපි කන බත්පතේ කාබෝහයිඩ්‍රේට් අඩු කරලා, එ වගේම refined කරපු වෙනුවට whole grain වලට මාරු වෙලා. refined flour, white rice වෙනුවට whole grain flour, whole rice: red and brown ( නිවුඩු සහිත්) වලට මාරු වෙන්න, අපේ මුතුන් මිත්තන් කෑවේ ඒවගේ whole grain අපි තමා වැරදි දේට යොමු උනේ ඒ අය නෙවේ. අපිතමා පුටුවේ වඩිවෙලා නිකන් ඉන්න පුරුදුූනේ අපේ මුතුන් මිත්තන් නෙවි. ඒ වරද ඔබේ මිසක් බත් පතේ නෙවෙයි, කන කැම කන්න ඕන වෙහෙසන, වැයකරන, අවශ්‍යය ප්‍රමානයට මිසක් හැමදාම කාපු ගානට නෙවෙයි.
අවසානයයෙන් කියන්න ඕන, අපේ ලේන් හතු, පිටරට තියන button , sh*take mushroom වලට වඩා bioactivity එක අතින් ඉතා ඉහලයි කියලා.. වගේම අපේ පොල් තෙල් olive oil වලට වඩා ගැබුරු තෙලේ බැදීම් සදහා සුදුසුයි කියලා, වගේම අපේ තියන, නාරං, පොලොස්, පලතුරු, ඇපල් දොඩම් වලට වඩා හොදයි කියලා. ඒ අය one apple a day keeps the doctor away කියලා කිව්වේ, ඒ අයට අපේ තියන අබරැල්ලා, පැපොල් නැති නිසා මිසක් apple අපේ දේවල් වලට වඩා හොද නිසා නෙවෙයි.
Broccoli වලට වඩා, පතෝලත්, kale වලට වඩා ගොටුකොලත් , brussels sprout වලට වඩා රාබු අලයත්, අර්තාපල් වලට වඩා local yams හොදබවත් , ඒවගේ ප්‍රයෝජන අති මහත් බවත් මතක තියාගන්න.
ඒ වගේම ඔලුවට ගන්න වැරැද්ද් තියෙන්නේ කෑම පතේ නෙවෙයි, ඔබේ බඩජාරී කමේ, නොදන්නා කමේ සහ විනයක් නොමැතිවීමේ
Page : happy healthy busy family
Renuka kariyawasam
PhD in nutrigenomics ( obesity and colon cancer )