Bhishag Ayurveda Dispensary & Surgery Hokandara

Bhishag Ayurveda Dispensary & Surgery Hokandara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bhishag Ayurveda Dispensary & Surgery Hokandara, Medical and health, Sripada Footpath, Nallathanniya, Hatton, Nuwara Eliya.

Dr Shehan Rasad De Silva
BAMS (Colombo) MSc (Usjp rd)
Medical Officer- SLADC
SLAMC Reg No- 15746
උපාධිධාරි ආයුර්වේද වෛද්‍යවරුන් විසින් මෙහෙයවනු ලබන ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය

When Ayurveda meats Allopathy medicine  2026- BMICH
07/03/2026

When Ayurveda meats Allopathy medicine
2026- BMICH

02/03/2026
25/01/2026

12 year old boy with an acute ankle sprain due to a sports injury, undergoing Ayurveda treatment.

23/01/2026

Ayurveda Dispensary & Surgery is built on the foundation of effective healthcare, directly impacting patient outcomes, satisfaction, and safety.
It is a fiduciary partnership, built on trust, that enables, rather than just patient managing and caring.

ආයුර්වේද බෙහෙත් ශාලාව සහ ශල්‍යාගාරය, රෝගයන් සුව කිරීම, ‍රෝගීයාගේ තෘප්තිය සහ ආරක්ෂාව කෙරෙහි සෘජුවම වගකියනු ලබන ඵලදායී සෞඛ්‍ය සේවාවක් සැපයීම උදෙසා ගොඩනගා ඇත.

තවද එය හුදෙක් රෝගී කළමනාකරණය සහ රැකවරණය මත පමණක් නොව වෛද්‍යවරයා හ රෝගීයා අතර ඇති විශ්වාසය මත ගොඩනගා ඇති විශ්වාසනීය හවුල්කාරිත්වයකි.

19/01/2026

You must eat healthy 😎

19/01/2026

#අංශභාගය සුව කල හැකිය.
Paralysis can be cured.

ආයුර්වේදීය හා දේශීය වෙදකම අනුව රෝග ඇති වන්නේ ත්‍රිදෝෂ වල වෙනස්වීම(කෝපය) නිසාය. අංශභාගය හෙවත් පක්ෂාඝාතය වැනි වාත ව්‍යාධිද ත්‍රිදෝෂ (වාත පිත කඵ) වාදය ඇසුරින් පැහැදිලි කල හැකිය. ධාතු ක්ෂය වීම(wasting-පෝෂණය හීන වීම), මාර්ගාවරණය (Blocking of channels) ආදී හේතු නිසා ශරීරයේ ඇති වාතය නම් දෝෂය අධිකව කෝප වීමේන් ශරීරයේ ස්නායු, රුධිර වාහීනි වියලා දමමින් සිරුරේ කොටසක් හෝ අර්ධයක් හෝ ඇතැම්විට මුළු ශරීරයම අඩපණ කරමින් අංශභාගය ඇති කරයි. ආයුර්වේදය අනුව අංශභාගය හෙවත් පක්ෂාඝාතය ඉතා අපහසුවෙන් සුව කල හැකි රෝගයකි, නමුත් අති ක්ෂීණ, ගර්භණී, බාල නිසා ඇතිවන අවස්ථා අසාධ්‍ය වේ.

නවීන වෛද්‍ය මතය අනුව අංශභාගය හෙවත් Hemiplegia මොළයේ රුධිර වාහීනියක සිදුවන යම් කිසි සිරවීමක්(අඝාතයක්-stroke) හෝ රුධිර වාහීනියක් පිපිරීම මගින් ඇතිවන රුධිර වහනය(Haemorrhage) නිසා ඇතිවනබව කියයි.

අංශභාගය සදහා බලපාන ආහාර හා විහරණ(හැසිරීම්)..

වාත දෝෂයේ ආවේණික ගුණ වලට සමාන ගුණ ඇති ආහාර වැඩිපුර භාවිතය රෝගයට හේතු වේ. උදාහරණ ලෙස කටු-තික්ත රසැති කුළු බඩු ආහාර අධිකව ගැනීම, ශීත ගුණැති මී කිරි තැඹිලි ආදිය ගෙන සවස් කාලයේ ස්නානය කිරීම, එවැනි ශීත ගුණැති ආහාර රාත්‍රී කාලයේ ගැනීම දැක්විය හැක.
ලඝු(සැහැල්ලු) ආහාර ගැනීම, ප්‍රධාන ආහාර වේල් නොගෙන සිටීම, ප්‍රධාන වේල් මග හැරීම යන අයහපත් ආහාර පුරුදු අයත් වේ.

අධිකව ව්‍යායාමයේ යෙදීම අධිකව වෙහෙස වීම, රාත්‍රී කාලයේ අධිකව නිදි මැරීම- දහවල් කාලයේ නිදා ගැනීම, මල මුත්‍රවේග ඇතුළු නොදැරිය යුතු වේග(urges) දරාගෙන සිටීම, අධිකව ලිංගික කටයුතු වල යෙදීම යනාදීය අයහපත් චර්‍යා රටා වේ.
ඉහලින් දැක්වු ආහාර හා විහරණ දීර්ඝකාලීනව සේවනය නිසා වාත දෝෂය අධිකව කෝප වීමෙන් රෝග ඇති වීමට මුල් වේ.
මෙවැනි අහිතකර ආහාර විහරණ සේවනය නොකිරීම මගින් රෝගය ඇති වීමට පෙරම වළක්වා ගත හැක.
දේශීය වෙදකමට අනුව රෝගයේ බරපතල අවස්ථාවට යාමට පෙර රෝගීන් හිසේ බර ගතිය, කරකැවිල්ල, ඇසක් කුඩා වීම, හිරිය හා ශරීරයේ තන් තන් හි මස් නැටීම වැනි පුර්ව ලක්ෂණ (symptoms) දක්වයි. යම් පුද්ගලයකු මේ ලක්ෂණ කාලයක් තිස්සේ පෙන්වයි නම් එය අංශභාගයේ මූලාරම්භය විය හැකිය.

අංශභාගය සදහා සාර්ථක ප්‍රතිකාර බටහිර ක්‍රමය තුල නොමැති බැවින්, රෝගය වැළදුනහොත් හැකි ඉක්මනින් දින තුනක් හතරක් තුලදී සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත හෝ ළගම රජයේ ආයුර්වේද රෝහලට යොමු වන්න.

#අද්විතීය ප්‍රතිකාර පද්ධතිය.. ආයුර්වේදයෙන් හා දේශීය වෙදකමෙන් පමණයි...

අංශභාගය සදහාම විශේෂිත මෙන්ම අනන්‍ය වූ ප්‍රතිකාර පද්ධතියක් දේශීය වෙදකමේ දක්වා ඇත. මෙම ප්‍රතිකාර විධි ක්‍රම ආයුර්වේදයේ වැදගත් ග්‍රන්ථ ත්‍රිත්ව දෙකක් වන වෘද්ධත්‍රයේ හෝ ලඝුත්‍රයේ පවතින ප්‍රතිකාර ක්‍රම වලට බෙහෙවින්ම වෙනස්වූ ඒවා වේ.
චිකිත්සාව සිදු කිරීමේදි චිකිත්සීමය ලෙස අවස්ථා 3කට බෙදා ඇත.
1. සෙම බහුල හෙවත් කඵානුබන්ධ අවස්ථාව
2. කේවල වාත අවස්ථාව
3. තර්පණ අවස්ථාව
මේ අවස්ථා තුනට වෙන වෙනම ප්‍රතිකාර කරන අතර රෝගීයා රැගෙන ඒමේදී කුමන අවස්ථවේ සිටිද යන්න හදුනා ගැනීම ආයුර්වේද වෛද්‍යවරුන් සතු විශේෂ හැකියාවකි.

ප්‍රතිකාර අරඹන්නේ දළු අනුපාන නම් සුවිශේෂ ඖෂධයකිනි. ඖෂධීය ශාක කීපයක දළු කොටා පොට්ටනි බැද වණ්ඩුවේ තම්බා සකස් කර ගන්නා මෙය ඉහල ප්‍රතිඵල ගෙන දෙන අතර ශරීරයට ඉක්මනින් උරා ගනී. දළු අනුපාන සමග කල්කයන්ද මිශ්‍ර කර ලබා දෙයි. මොළයේ සියුම් රුධිර වාහීනි වල රුධිර කැටි දිය කිරීම හෙවත් සියුම් ස්‍රෝතස් ශෝධක ගුණය, ආම තත්ත්වය පැසවීම, අංශභාග රෝගීනට පවතින උග්‍ර මල බද්ධය පහ කිරීම ආදීය ඒවායෙන් සිදුවේ.
මේ සමග සීතාරාම වැනි ගුලි මිශ්‍රව ලබා දෙන අතර රස ඖෂධ අඩංගු බැවින් සිඝ්‍රව ක්‍රියා කර රෝගය නසා දමයි.
ලබා දෙන සෙම බැහැර කරවන කෂාය ගුලි කල්ක මගින් අනිවාර්‍යයෙන්ම සෙම ගතිය අඩු වී රෝගීයාගේ යම් යම් චලනයන් දැකිය හැකි බව වෛද්‍යවරුන් සාක්ෂි වේ.
ආයුර්වේද ප්‍රතිකාර අරඹන විටත් රෝගියා අධිර රුධිර පීඩනය මධුමේහය වැනි රෝග තත්ව පැවතිය හැකි බැවින් ඒවාට ගන්නා බටහිර ඖෂධ රෝගීයාගේ තත්වය බලා මිස එකවර නැවතීම නොකරයි. ප්‍රතිකාර කරන අතරතුර දේශීය ඖෂධ ඇගට අල්ලනවාත් සමග බටහිර ඖෂධ ක්‍රමයෙන් නවත්වා දමයි(tail off method). එමගින් රෝගීයාගේ සුරක්ෂිත බව සෑම අතින්ම තහවුරු කරයි.

දෙවන අදියර තුලදි, කෂාය විශේෂයෙන් රාස්නා- අරත්ත අල අඩංගු කෂාය,ක්වාථ අභ්‍යන්තරව ලබා දෙයි. සිරුරේ බාහිරව තෛල අභ්‍යංගය හා පොට්ටනි වලින් තැවීම ද ප්‍රතිකාර වල අවසන් අදියරේ රස ඖෂධ ලබා දීම, ශිරෝ වස්ති ශිරෝ ධාරා ඇතුළු පංචකර්ම ප්‍රතිකාර සිදු කරයි.
දළු අනුපාන මෙන්ම කෂාය, ගුලි කල්ක ද 100% ස්වභාවික අමු ද්‍රව්‍ය වලින් සාදන බැවින් මහගු ගුණ ලබා දෙයි. මේවායේ ශරීරයට අහිතකර සීනි හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන නිසා ප්‍රතිකාර අතුරු ආබාධ වලින් තොර වේ.
දේශීය ප්‍රතිකාර අරඹා ටික කලකින් බටහිර ප්‍රතිකාර සම්පුර්ණයෙන් නවතා දැමිය හැකි බැවින් පැමිණෙන අතුරු ආබාධ වලින් පුර්ණව ඇත් වීමට රෝගීන්ට හැකියාව ලැබේ.

වර්තමානයේ අංශභාගය වැනි රෝගයක් වැලදුණු විගස රෝගීයා බටහිර ප්‍රතිකාර වලට යොමු කිරීම සාමාන්‍යයෙන් සිදුවේ. නමුත් විශ්වාසනීය සාර්ථක හා අතුරු ආබාධ වලින් තොර ප්‍රතිඵල ලබා ගැනීමට නම් රෝගියා දේශීය ආයුර්වේද ප්‍රතිකාර ගැනීමටම යොමු කරන්න..

වෛද්‍ය ෂෙහාන් රසාද් ද සිල්වා
BAMS (Colombo) MSc (usjp) reading
SLAMC Reg 15746

06/01/2026

Chronic Cervical Pain Management by Ayurveda Treatment.

Dr Shehan Rasad De SilvaBAMS (Colombo) MSc (Usjp rd)Medical Officer- SLADCSLAMC Reg No- 15746 උපාධිධාරි ආයුර්වේද වෛද්‍යව...
06/12/2025

Dr Shehan Rasad De Silva
BAMS (Colombo) MSc (Usjp rd)
Medical Officer- SLADC
SLAMC Reg No- 15746
උපාධිධාරි ආයුර්වේද වෛද්‍යවරුන් විසින් මෙහෙයවනු ලබන ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
No. 18 Hokandara Road, Kalalgoda, Pannipitiya.

06/12/2025

Treatment on going 😎

31/10/2025

Leech Therapy
A successful method used in treatment for blood letting (Raktha mokshana)
In diseases like Chronic Skin lesions, Arshas, Vericose Vein, Chronic Ulcers and Thyroid diseases etc.
කූඩැල්ලන් මගින් රක්ත හරණය (රක්ත මෝක්ෂණය ) ආයුර්වේදයේ සදහන් පංචකර්ම චිකිත්සා ක්‍රමයකි.
කාලීන සමේ රෝග, අර්ශස්, නහර ගැට ගැසීම, දීර්ඝ කාලින තුවාල/ව්‍රණ හා තයිරොයිඩ් ආබාධ ආදියට සාර්ථක ප්‍රතිඵල ගෙන දිය හැකි ක්‍රමයකි.

24/10/2025

Chronic knee joint pain caused by Osteoarthritis, One of the commonest type of arthritis that can lead any individual of any age group through a misery.
Its very common in Sri Lanka due to sedentary life style and bad behavior habits.
Symptoms - pain, swelling, Difficulty in flexing and extending of the knee joint.
X ray mostly shows degenerative changes.
Can be treated successfully through ayurvedic medicine.

29/12/2021

මාරාන්තික ඩෙංගු රෝගයට ආයුර්වේදය ඇසුරෙන් පිළියම් | Piyum Vila | 28 - 12 - 2021 | SiyathaTVThe First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka -...

Address

Sripada Footpath, Nallathanniya, Hatton
Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when Bhishag Ayurveda Dispensary & Surgery Hokandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share